3. 3. 3. 1
3. 3. 3. 1.
3. 3. 3. 1.
[කුසිනාරානිදානං]
[කුසිනාරානිදාන යි]
21. එකං සමයං භගවා කුසිනාරායං විහරති බලිහරණෙ වනසණ්ඩෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ-
21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ නම් වනලැහැබෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක ...
ඉධ භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානො භික්ඛවෙ, භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙති සම්පවාරෙති. තස්ස එවං හොති : සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙති සම්පවාරෙතීති. එවම්පිස්ස හොති : අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙය්ය සම්පවාරෙය්යාති. සො තං පිණ්ඩපාතං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. සො තත්ථ කාමවිතක්කම්පි විතක්කෙති, ව්යාපාදවිතක්කම්පි විතක්කෙති, විහිංසාවිතක්කම්පි විතක්කෙති. එවරූපස්සාහං භික්ඛවෙ, භික්ඛුනො දින්නං න මහප්ඵලන්ති වදාමි. තං කිස්ස හෙතු : පමත්තො හි භික්ඛවෙ, භික්ඛු විහරති.
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට ගෙණ වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එළඹ සෙටදවස වියයුතු බොජ සඳහා බතින් නිමන්ත්‍රණය කෙරෙයි. මහණෙනි, කැමැති වන මහණ ඉවසයි. හේ එරැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපතිපුත්‍රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපයි. මොනොවට පවරයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා මොනොවට සතපනේය. මොනොවට පවරවනේය” කියා යි මෙසේ ද ඔහුට සිතෙක් වෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මතුයෙහිදු මෙබඳු ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරවා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය තෘෂ්ණායෙන් ග්‍රථිත වූයේ මූර්ඡිතවූයේ තෘෂ්ණා විසින් ගිලගත්තේ ආදීනව නො දක්නා සුල්ලේ නිස්සරණප්‍රඥා නැත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි කාමවිතර්කය ද විතර්කණ කෙරෙයි. ව්‍යාපාදවිතර්‍කය ද විතර්කණ කෙරෙයි. විහිංසාවිතර්කය ද විතර්කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵලය යි නො කියමි. ඒ කවරහෙයින යත්: මහණෙනි, ඒ මහණ පමාවූයේ වෙසේ. එහෙයිනි.
ඉධ පන භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානො භික්ඛවෙ, භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙති සම්පවාරෙති. තස්ස න එවං හොති : සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙති සම්පවාරෙතීති. එවම්පිස්ස න හොති : අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙය්ය සම්පවාරෙය්යාති. සො තං පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. සො තත්ථ නෙක්ඛම්මවිතක්කම්පි විතක්කෙති, අව්යාපාදවිතක්කම්පි විතක්කෙති, අවිහිංසාවිතක්කම්පි විතක්කෙති. එවරූපස්සාහං භික්ඛවෙ, භික්ඛුනො දින්නං මහප්ඵලන්ති වදාමි. තං කිස්ස හෙතු : අප්පමත්තො හි භික්ඛවෙ, භික්ඛු විහරතීති.
මහණෙනි, මෙසස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වෙසෙයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එළඹ සෙටදවසට බතින් නිමන්ත්‍රණය කෙරෙයි. මහණෙනි, කැමති වන මහණ ඉවසයි. ඒ මහණ ඒ රැය ගෙවීයෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙණ ඒ ගෘහපතියාගේ ගෘහපතිපුත්‍රයාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැණ වූ අස්නෙහි හිඳුනේය. ඒ මහණ ඒ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපයි. මොනොවට පවරවයි. ඔහුට මෙබඳු සිතෙක් නොවෙයි: “මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපනේය. මොනොවට පවරවනේය” කියා යි. ඔහුට මෙබඳු සිතෙක් ද නොවෙයි. “යහහ, මේ ගෘහපතියා හෝ ගෘහපතිපුත්‍රයා හෝ මතුයෙහි දු මෙබඳු ප්‍රණීත වූ ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් මා සතපා නම් මොනොවට පවරා නම් මැනව” කියා යි. ඒ මහණ ඒ පිණ්ඩපාතය ග්‍රථිත නොවූයේ මූර්ඡිත නොවූයේ නොගිලගත්තේ ආදීනව දක්නා සුලු වූයේ නිස්සරණප්‍රඥා ඇත්තේ වළඳ කෙරෙයි. ඒ මහණ එහි නිෂ්කාමවිතර්‍කය ද විතර්කණ කෙරෙයි. අව්‍යාපාදවිතර්‍කය ද විතර්කණ කෙරෙයි. අවිහිංසාවිතර්‍කය ද විතර්කණ කෙරෙයි. මහණෙනි, මම මෙබඳු මහණහට දෙන ලද්ද මහත්ඵල ය යි කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ මහණ අප්‍රමාද විහරණ ඇතියේ වෙසෙයි.