3. 3. 2. 10
3. 3. 2. 10.
3. 3. 2. 10.
20. තීණිමානි භික‍්ඛවෙ, මොනෙය්‍යානි. කතමානි තීණි : කායමොනෙය්‍යං, වචීමොනෙය්‍යං, මනොමොනෙය්‍යං.
20. මහණෙනි, මේ මුනිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි මුනිභාවය, වාග්ද්වාරයෙහි මුනිභාවය, මනෝද්වාරයෙහි මුනිභාව යි.
කතමඤ‍්ච භික‍්ඛවෙ, කායමොනෙය්‍යං?
මහණෙනි, කායද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු පාණාතිපාතා පටිවිරතො හොති. අදින‍්නාදානා පටිවිරතො හොති. අබ්‍රහ‍්මචරියා පටිවිරතො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, කායමොනෙය්‍යං.
මහණෙනි, මෙසස්නෙහි මහණ පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්‍රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ, වචීමොනෙය්‍යං?
මහණෙනි, වාග්ද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු මුසාවාදා පටිවිරතො හොති. පිසුණාවාචා පටිවිරතො හොති. ඵරුසාවාචා පටිවිරතො හොති. සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, වචීමොනෙය්‍යං.
මහණෙනි, මෙසස්නෙහි මහණ මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි මුනිභාවය යි කියනු ලැබේ.
කතමඤ‍්ච භික‍්ඛවෙ, මනොමොනෙය්‍යං?
මහණෙනි, මනෝද්වාරයෙහි මුනිභාවය කවරේ ය යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, මනොමොනෙය්‍යං.
මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන වෙසෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි මුනිභාව යි කියනු ලැබේ.
ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි මොනෙය්‍යානීති.
මහණෙනි, මොහු තුන් මුනිභාවයෝ යි.
2. කායමුනිං වචීමුනිං චෙතොමුනිමනාසවං, මුනිං මොනෙය්‍යසම‍්පන‍්නං ආහු සබ‍්බප‍්පහායිනන‍්ති.
2. කායද්වාරයෙන් පවිත්‍ර වූ වාග්ද්වාරයෙන් පවිත්‍ර වූ මනෝද්වාරයෙන් පවිත්‍ර වූ එයින් ම අනාස්‍රව වූ එයින් ම මුනිභාවයෙන් යුක්ත වූ රහත් මුනිහු සියලු පව් පැහුවකු කොට කියත්.
ආපායික වග‍්ගො දුතියො.
දෙවන ආපායික වර්‍ගය යි.