යෙදුමෙන් කියවන්න

2. ආපායික වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. ආපායික වර්ගය

1. ආපායිකසුත‍්තවණ‍්ණනා

3. 2. 2. 1

දුතියස‍්ස පඨමෙ අපායං ගච‍්ඡිස‍්සන‍්තීති ආපායිකා. නිරයං ගච‍්ඡිස‍්සන‍්තීති නෙරයිකා. ඉදමප‍්පහායාති ඉදං බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤතාදිං පාපධම‍්මත‍්තයං අවිජහිත්‍වා. බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤොති බ්‍රහ‍්මචාරිපටිරූපකො, තෙසං වා ආකප‍්පං අවිජහනෙන “අහම‍්පි බ්‍රහ‍්මචාරී”ති එවංපටිඤ‍්ඤො. අනුද‍්ධංසෙතීති අක‍්කොසති පරිභාසති චොදෙති. නත්‍ථි කාමෙසු දොසොති කිලෙසකාමෙන වත්‍ථුකාමෙ සෙවන‍්තස‍්ස නත්‍ථි දොසො. පාතබ්‍යතන‍්ති පිවිතබ‍්බතං පරිභුඤ‍්ජිතබ‍්බතං නිරාසඞ‍්කෙන චිත‍්තෙන පිපාසිතස‍්ස පානීයපිවනසදිසං පරිභුඤ‍්ජිතබ‍්බතං. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටමෙව කථිතං.

දෙවෙනිවර්ගයෙහි පළමුසූත්‍රයෙහි අපායට යන්නෝනුයි ආපායිකා නමි. නිරයට යන්නෝනුයි නෙරයිකා නමි. ඉදම්ප්පහාය යනු මේ බ්‍රහ්මචාරිපටිඤ්ඤතා ආදී පාපධර්ම තුන අත්නොහැරයි. බ්‍රහ්මචාරිපටිඤේඤා යනු බ්‍රහ්මචාරි ප්‍රතිරූපකයායි (බ්‍රහ්මචාරියෙකු මෙන් පෙනී සිටින්නායි). ඔවුන්ගේ ආකල්පය අත්නොහැරීමෙන් හෝ මමද බ්‍රහ්මචාරියෙක්මියි මෙසේ ප්‍රතිඥා දෙන්නේයි. අනුද්ධංසෙති යනු ආක්‍රොශ කරයි. පරිභව කරයි. චෝදනා කරයි. නත්‍ථි කාමෙසු දොසො යනු කේලශ කාමයෙන් වස්තුකාමයෙහි හැසිරෙන්නාට දොසක් නැත. පාතව්‍යතං යනු පානය කළයුතුබවට, පරිභෝග කළයුතුබවටයි. සැක නැති සිතින් පිපාසිතයාට දියබීම සමානවූ, පරිභොග කළයුතුබවටයි. මෙම සූත්‍රයෙහි වට්ටය (සසර)ම කියනලදී.

2. දුල‍්ලභසුත‍්තවණ‍්ණනා

3. 3. 2. 2

දුතියෙ කතඤ‍්ඤූ කතවෙදීති “ඉමිනා මය‍්හං කත”න‍්ති තෙන කතකම‍්මං ඤත්‍වා විදිතං පාකටං කත්‍වා පටිකරණකපුග‍්ගලො.

දෙවැන්නෙහි කතඤඤූ කතවෙදී යනු මොහුවිසින් මට (උපකාර) කරනලදැයි ඔහු විසින් කරනලද කර්මය දැන, දැනගැනීමට සලස්වා පැහැදිලි කොට ප්‍රතිඋපකාර කරන පුද්ගලයායි.

3. අප‍්පමෙය්‍යසුත‍්තවණ‍්ණනා

3. 3. 2. 3

තතියෙ සුඛෙන මෙතබ‍්බොති සුප‍්පමෙය්‍යො. දුක‍්ඛෙන මෙතබ‍්බොති දුප‍්පමෙය්‍යො. පමෙතුං න සක‍්කොතීති අප‍්පමෙය්‍යො. උන‍්නළොති උග‍්ගතනළො, තුච‍්ඡමානං උක‍්ඛිපිත්‍වා ඨිතොති අත්‍ථො. චපලොති පත‍්තමණ‍්ඩනාදිනා චාපල‍්ලෙන සමන‍්නාගතො. මුඛරොති මුඛඛරො. විකිණ‍්ණවාචොති අසඤ‍්ඤතවචනො. අසමාහිතොති චිත‍්තෙකග‍්ගතාරහිතො. විබ‍්භන‍්තචිත‍්තොති භන‍්තචිත‍්තො භන‍්තගාවිභන‍්තමිගසප‍්පටිභාගො. පාකතින්‍ද්‍රියොති විවටින්‍ද්‍රියො. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

තෙවැන්නෙහි සුවසේ පමණ කළයුත්තෙකිසි සුප්පමෙය්‍යො නමි. දුකසේ පමණ කළයුත්තෙකිසි දුප්පමෙය්‍යො නමි. පමණ කළ නොහැකැයි අප්පමෙය්‍යො නමි. උන්නලො යනු උඩඟුවුයේයි. හිස්මානය ඔසවා සිටියේයි අර්ථයි. චපලො යනු පාත්‍ර සැරසීම් ආදී චපලබවින් යුක්තවූයේයි. මුඛරො යනු කටහැකර වූයේයි. විකිණ්ණවාචො යනු නොහික්මුණු වචන ඇත්තේයි. අසමාභිතො යනු සිතේ එකඟතාවෙන් තොරවූයි. විබ්භන්තචිතේතා යනු සැලෙන සිතැත්තේයි. කම්පිතවූ දෙනකට, කම්පිතවූ මෘගයකට සමනාවූයේයි. පාකතින්‍ද්‍රයො යනු විවෘතවූ ඉන්‍ද්‍රිය ඇත්තේයි. මෙහි සෙස්ස පැහැදිලිමය.

4. ආනෙඤ‍්ජසුත‍්තවණ‍්ණනා

3. 3. 2. 4

චතුත්‍ථෙ තදස‍්සාදෙතීති තං ඣානං අස‍්සාදෙති. තං නිකාමෙතීති තදෙව පත්‍ථෙති. තෙන ච විත‍්තිං ආපජ‍්ජතීති තෙන ඣානෙන තුට‍්ඨිං ආපජ‍්ජති. තත්‍ර ඨිතොති තස‍්මිං ඣානෙ ඨිතො. තදධිමුත‍්තොති තත්‍ථෙව අධිමුත‍්තො. තබ‍්බහුලවිහාරීති තෙන බහුලං විහරන‍්තො. සහබ්‍යතං උපපජ‍්ජතීති සහභාවං උපපජ‍්ජති, තස‍්මිං දෙවලොකෙ නිබ‍්බත‍්තතීති අත්‍ථො. නිරයම‍්පි ගච‍්ඡතීතිආදි නිරයාදීහි අවිප‍්පමුත‍්තත‍්තා අපරපරියායවසෙන තත්‍ථ ගමනං සන්‍ධාය වුත‍්තං. න හි තස‍්ස උපචාරජ‍්ඣානතො බලවතරං අකුසලං අත්‍ථි, යෙන අනන‍්තරං අපායෙ නිබ‍්බත‍්තෙය්‍ය. භගවතො පන සාවකොති සොතාපන‍්නසකදාගාමිඅනාගාමීනං අඤ‍්ඤතරො. තස‍්මිංයෙව භවෙති තත්‍ථෙව අරූපභවෙ. පරිනිබ‍්බායතීති අප‍්පච‍්චයපරිනිබ‍්බානෙන පරිනිබ‍්බායති. අධිප‍්පයාසොති අධිකප‍්පයොගො. සෙසමෙත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉමස‍්මිං පන සුත‍්තෙ පුථුජ‍්ජනස‍්ස උපපත‍්තිජ‍්ඣානං කථිතං, අරියසාවකස‍්ස තදෙව උපපත‍්තිජ‍්ඣානඤ‍්ච විපස‍්සනාපාදකජ‍්ඣානඤ‍්ච කථිතං.

සිවුවැන්නෙහි, තදස්සාදෙති යනු ඒ ධ්‍යානය ආස්වාද කරයි. තං නිකාමෙති යනු එයම පතයි. තෙන ච විත්තං ආපජ්ජති යනු ඒ ධ්‍යානයෙන් සතුටට පැමිණෙයි. තත්‍රට්ඨිතො යනු එම ධ්‍යානයෙහි සිටියේයි. තදධිමුතේතා යනු එහිම ඇලුනේයි. තබ්බහුලවිහාරී යනු එයින් බහුලව වසන්නේයි. සභව්‍යතං උප්පජ්ජති යනු සමානභාවයෙහි උපදියි. ඒ දෙව්ලොව උපදියි යන අර්ථයි. නිරයම්පි ගච්චති යනාදිය නිරයාදියෙන් නොමිඳුණු හෙයින් වෙනත් පරියායයක් වශයෙන් එහි (නිරයට) යාම සඳහා කියනලදී. යම්හෙයකින් අනතුරුව අපායෙහි උපදින්නේ නම් ඔහුට උපචාරධ්‍යානයට වඩා බලවත් අකුශලයක් නැත. භගවතො පන සාවකො යනු සෝවාන් සකෘදාගමී අනාගාමී යනු මොවුන් අතුරෙන් කෙනෙකි. තස්මිංයෙව භවෙ යනු ඒ අරූපභවයෙහිමය. පරිනිබ්බායති යනු අප්‍රත්‍යය පරිනිර්වාණයෙන් පිරිනිවන්පායි. අධිප්පායසො යනු අධික ප්‍රයෝගයයි. මෙහි සෙස්ස කියනලද ක්‍රමයෙනම් දතයුතුය. මේ සූත්‍රයෙහි පෘතග්ජනයාගේ උත්පත්ති ධ්‍යානය කියනලදී. ආර්යශ්‍රාවකයාගේ එම උත්පත්තිධ්‍යානයද විදර්‍ශනාපාදක ධ්‍යානයද කියනලදී.

5. විපත‍්තිසම‍්පදාසුත‍්තවණ‍්ණනා

3. 3. 2. 5

පඤ‍්චමෙ සීලවිපත‍්තීති සීලස‍්ස විපන‍්නාකාරො. සෙසද‍්වයෙපි එසෙව නයො. නත්‍ථි දින‍්නන‍්ති දින‍්නස‍්ස ඵලාභාවං සන්‍ධාය වදති. යිට‍්ඨං වුච‍්චති මහායොගො. හුතන‍්ති පහෙණකසක‍්කාරො අධිප‍්පෙතො. තම‍්පි උභයං ඵලාභාවමෙව සන්‍ධාය පටික‍්ඛිපති. සුකතදුක‍්කටානන‍්ති සුකතදුක‍්කතානං, කුසලාකුසලානන‍්ති අත්‍ථො. ඵලං විපාකොති යං ඵලන‍්ති වා විපාකොති වා වුච‍්චති, තං නත්‍ථීති වදති. නත්‍ථි අයං ලොකොති පරලොකෙ ඨිතස‍්ස අයං ලොකො නත්‍ථි, නත්‍ථි පරො ලොකොති ඉධ ලොකෙ ඨිතස‍්සාපි පරලොකො නත්‍ථි, සබ‍්බෙ තත්‍ථ තත්‍ථෙව උච‍්ඡිජ‍්ජන‍්තීති දස‍්සෙති. නත්‍ථි මාතා නත්‍ථි පිතාති තෙසු සම‍්මාපටිපත‍්තිමිච‍්ඡාපටිපත‍්තීනං ඵලාභාවවසෙන වදති. නත්‍ථි සත‍්තා ඔපපාතිකාති චවිත්‍වා උප‍්පජ‍්ජනකසත‍්තා නාම නත්‍ථීති වදති. සම‍්පදාති පාරිපූරියො. සීලසම‍්පදාති සීලස‍්ස පරිපුණ‍්ණඅවෙකල‍්ලභාවො. සෙසද‍්වයෙපි එසෙව නයො. අත්‍ථි දින‍්නන‍්තිආදි වුත‍්තපටිපක‍්ඛනයෙන ගහෙතබ‍්බං.

පස්වැන්නෙහි සීලවිපත්ති යනු ශීලය විපතටපත් (බිඳුණු) ආකාරයයි. සෙසු පද දෙකෙහිද එම ක්‍රමයමය. නත්‍ථි දිනනං යනු දෙනලද දෙයෙහි පලයක් නොමැති බව සඳහා කියයි. මහායාගය යිට්ඨං යි කියලුලැබේ. හුතං යන්නෙන් තුටුපඬුර අදහස්කරනලදී. ඒ දෙකද පලනැතිබවම නිසා ප්‍රතික්‍ෂෙප කරයි. සුකටදුක්කටානං යනු සුකාතදුෂ්කෘතයන්ගේයි. කුශලාකුශලයන්ගේ යනාර්ථයි. ඵලංවිපාකො යනු යමක් ඵලයයි හෝ විපාකයයි හෝ කියනුලැබේද එය නැතැයි කියයි. නත්‍ථි අවං ලොකො යනු පරලොව සිටියහුට මෙලොව නැත. නත්‍ථි පරො ලොකො යනු මෙලොව සිටියහුටද පරලොව නැත. සියල්ල ඒ ඒ තන්හිම විනාශවේයයි දක්වයි. නත්‍ථි මාතා නත්‍ථි පිතා යනු ඔවුන් කෙරෙහි (පවත්වන) මනාපිළිවෙත් හා නොමනා පිළිවෙත්වල පලයක් නැතිවීම වශයෙන් කියයි. නතථි සත්තා ඔපපාතිකා යනු චුතවී උපදින සත්වයෝ නැතැයි කියයි. සම්පදා යනු සපිරීමයි. සීලසම්පදා යනු සීලයේ පිරිපුන් අවිකලබවයි. සෙසුපද දෙකෙහිද මේ ක්‍රමයමයි. අත්‍ථිදින්නං යනාදිය කියනලද්දට විරුද්ධ ක්‍රමයෙන් දතයුතුය.

6. අපණ‍්ණකසුත‍්තවණ‍්ණනා

3. 3. 2. 6

ඡට‍්ඨෙ අපණ‍්ණකො මණීති ඡහි තලෙහි සමන‍්නාගතො පාසකො. සුගතිං සග‍්ගන‍්ති චාතුමහාරාජිකාදීසු අඤ‍්ඤතරං සග‍්ගං ලොකං. ඉමස‍්මිං සුත‍්තෙ සීලඤ‍්ච සම‍්මාදිට‍්ඨි චාති උභයම‍්පි මිස‍්සකං කථිතං. සත‍්තමං උත‍්තානමෙව.

සයවැන්නෙහි, අපණ්ණකො මණි යනු පැති සයකින් යුත් දාදු කැටයයි. සුගතිං සග්ගං යනු චාතුම්මහාරාජිකාදීන් අතුරෙන් එක්තරා දෙව්ලොවකි. මේ සූත්‍රයෙහි සීලයද සම්‍යක්දෘෂ්ටියද යන දෙකම මිශ්‍රකව කියනලදී. සත්වැන්න පැහැදිලිමය.

8. පඨමසොචෙය්‍යසුත‍්තවණ‍්ණනා

3. 3. 2. 8

අට‍්ඨමෙ සොචෙය්‍යානීති සුචිභාවා. කායසොචෙය්‍යන‍්ති කායද‍්වාරෙ සුචිභාවො. සෙසද‍්වයෙපි එසෙව නයො. ඉමෙසු පන පටිපාටියා චතූසු සුත‍්තෙසු අගාරිකපටිපදා කථිතා. සොතාපන‍්නසකදාගාමීනම‍්පි වට‍්ටති.

අටවැන්නෙහි සොචෙය්‍යානි යනු පිරිසුදුබවයි. කායසොචෙය්‍යං යනු කායද්වාරයෙහි පිරිසුදු බවයි. සෙසු පද දෙකෙහිද මේ ක්‍රමයමයි. පිළිවෙළින් මෙම සූත්‍ර සතරෙහි ආගාරික ප්‍රතිපදාව කියනලදී. සෝවානි සකෘදාගාමීන්ටද වටීයි.

9. දුතියසොචෙය්‍යසුත‍්තවණ‍්ණනා

3. 3. 2. 9

නවමෙ අජ‍්ඣත‍්තන‍්ති නියකජ‍්ඣත‍්තං. කාමච‍්ඡන්‍දන‍්ති කාමච‍්ඡන්‍දනීවරණං. බ්‍යාපාදාදීසුපි එසෙව නයො. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයමෙව. ගාථාය පන කායසුචින‍්ති කායද‍්වාරෙ සුචිං, කායෙන වා සුචිං. සෙසද‍්වයෙපි එසෙව නයො. නින‍්හාතපාපකන‍්ති සබ‍්බෙ පාපෙ නින‍්හාපෙත්‍වා ධොවිත්‍වා ඨිතං. ඉමිනා සුත‍්තෙනපි ගාථායපි ඛීණාසවොව කථිතොති.

නවවැන්නෙහි අජක්‍ධත්තං යනු තමන්ගේ අධ්‍යාත්මයයි. කාමච්ඡන්‍දං යන කාමච්ඡන්‍ද නීවරණයයි. ව්‍යාපාද ආදියෙහිද මෙම ක්‍රමයමයි. මෙහි සෙස්ස යට කියනලද ක්‍රමයෙන්මය. ගාථාවෙහි වනාහි කායසුචිං යනු කායද්වාරයෙහි පිරිසුදුබවයි. කයින් හෝ පිරිසුදුබවයි. සෙසු දෙකෙහිද මේ ක්‍රමයමයි. නින්හාතපාපකං යනු සියලු පව් නහා සෝදා සිටියේයි. මෙසේ සූත්‍රයෙන්ද ගාථාවෙන්ද ක්‍ෂීණාශ්‍රවයාම කියනලදී.

10. මොනෙය්‍යසුත‍්තවණ‍්ණනා

3. 3. 2. 10

දසමෙ මොනෙය්‍යානීති මුනිභාවා. කායමොනෙය්‍යන‍්ති කායද‍්වාරෙ මුනිභාවො සාධුභාවො පණ‍්ඩිතභාවො. සෙසද‍්වයෙපි එසෙව නයො. ඉදං වුච‍්චති, භික‍්ඛවෙ, කායමොනෙය්‍යන‍්ති ඉදං තිවිධකායදුච‍්චරිතප‍්පහානං කායමොනෙය්‍යං නාම. අපිච තිවිධං කායසුචරිතම‍්පි කායමොනෙය්‍යං, තථා කායාරම‍්මණං ඤාණං කායමොනෙය්‍යං, කායපරිඤ‍්ඤා කායමොනෙය්‍යං, පරිඤ‍්ඤාසහගතො මග‍්ගො කායමොනෙය්‍යං, කායෙ ඡන්‍දරාගස‍්ස පහානං කායමොනෙය්‍යං, කායසඞ‍්ඛාරනිරොධො චතුත්‍ථජ‍්ඣානසමාපත‍්ති කායමොනෙය්‍යං. වචීමොනෙය්‍යෙපි එසෙව නයො.

දසවැන්නෙහි මොනෙය්‍යානි යනු මුනීන්ගේ පැවතුම්ය. කායමොනෙය්‍යං යනු කායද්වාරයෙහි මුනිභාවයයි. යහපත්බවයි. පණිඩිතබවයි. සෙසුදෙකෙහිද මේ ක්‍රමයමයි. ඉදං වුච්චති භික්‍ඛවෙ කායමොනෙය්‍යං යනු මේ ත්‍රිවිධ කාය දුශ්චරිත ප්‍රහානය කායමොනෙය්‍ය නමි. තවද ත්‍රිවිධ කාය සුචරිතයද කායමොනෙය්‍ය නමි. එසේ කය අරමුණු කොට ඇති ඤාණය කායමොනෙය්‍යයි. කයපිළිබඳ විශේෂ දැනුම කායමොනෙය්‍යයි. විශේෂ දැනීම් සහගත මාර්ගය කායමොනෙය්‍යයි. කයෙහි ඡන්‍දරාගයාගේ දුරලීම කායමොනෙය්‍යයි. කාය සංස්කාර නිරොධයි. වචීමොනෙය්‍ය යන්නෙහිද මෙම ක්‍රමයමයි.

අයං පනෙත්‍ථ විසෙසො – යථා ඉධ චතුත්‍ථජ‍්ඣානසමාපත‍්ති, එවං තත්‍ථ වචීසඞ‍්ඛාරනිරොධො දුතියජ‍්ඣානසමාපත‍්ති වචීමොනෙය්‍යන‍්ති වෙදිතබ‍්බා. මනොමොනෙය්‍යම‍්පි ඉමිනාව නයෙන අත්‍ථං ඤත්‍වා චිත‍්තසඞ‍්ඛාරනිරොධො සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති මනොමොනෙය්‍යන‍්ති වෙදිතබ‍්බා. කායමුනින‍්ති කායද‍්වාරෙ මුනිං උත‍්තමං පරිසුද‍්ධං, කායෙන වා මුනිං. සෙසද‍්වයෙපි එසෙව නයො. සබ‍්බප‍්පහායිනන‍්ති ඛීණාසවං. ඛීණාසවො හි සබ‍්බප‍්පහායී නාමාති.

මෙය එහි විශේෂයයි - යම්සේ මෙහි චුතර්ථධ්‍යාන සමාපත්තියවේද, එසේ එහිද සංස්කාර නිරොධයවූ ද්විතියධ්‍යාන සමාපත්තිය වචීමොනෙය්‍යංයි දතයුතුයි. මනොමොන්‍යෙය යන්නෙහිද මේ ක්‍රමයෙන් අර්ථය දැන චිත්තසංස්කාර නිරොධයවූ සංඥාවෙදයිත නිරොධ සමාපත්තිය මනොමොනෙය්‍යංසි දතයුතුය. කායමුනිං යනු කාය ද්වාරයෙහි මුනිය, උතුම්ය, පිරිසුදුය, කයෙන් හෝ මුනිය. සෙසු දෙකෙහිද එම ක්‍රමයමයි. සබ්බප්පහායිනං යනු ක්‍ෂීණාශ්‍රවයායි. ක්‍ෂීණාශ්‍රවයා කෙරෙහි සබ්බප්පහායී නම යෙදෙයි.

ආපායිකවග‍්ගො දුතියො.

දෙවෙනි වූ ආපායික වර්ගයයි.