3. 3. 2. 6
3. 3. 2. 6.
3. 3. 2. 6.
16. තිස්සො ඉමා භික්ඛවෙ, විපත්තියො. කතමා තිස්සො : සීලවිපත්ති, චිත්තවිපත්ති, දිට්ඨිවිපත්ති.
16. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
කතමා ච භික්ඛවෙ, සීලවිපත්ති?
මහණෙනි, ශීලවිපත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති -පෙ- සම්ඵප්පලාපී හොති. අයං වුච්චති භික්ඛවෙ, සීලවිපත්ති.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. ... සම්ඵප්පලාප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, චිත්තවිපත්ති?
මහණෙනි, චිත්තවිපත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො අභිජ්ඣාලු හොති ව්යාපන්නචිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, චිත්තවිපත්ති.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිජ්ඣාබහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, දිට්ඨිවිපත්ති?
මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො : නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිවිපත්ති.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දාන විපාක නැත, යාගවිපාක නැත, ... මෙ ලොවත් පරලොවත් තමන් දැන විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට දෙසන මනා ගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව නැත”, යන විපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්තිය යි කියනු ලැබේ.
සීලවිපත්තිහෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. චිත්තවිපත්තිහෙතු වා භික්ඛවෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. දිට්ඨිවිපත්තිහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
මහණෙනි, ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
සෙය්යථාපි භික්ඛවෙ, අපණ්ණකො මණි උද්ධං ඛිත්තො යෙන යෙනෙව පතිට්ඨාති, සුප්පතිට්ඨිතඤ්ඤෙව පතිට්ඨාති. එවමෙව ඛො භික්ඛවෙ, සීලවිපත්තිහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. චිත්තවිපත්තිහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. දිට්ඨිවිපත්තිහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
මහණෙනි, යම් පරිදි ෂඩංශ ඇති පසැට උඩ ලූයේ යම් යම් ලෙසෙකින් සිටුනේ ද, මොනොවට සිටුනේ ම සිටී. මහණෙනි, එපරිදි ම ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මත්තෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
ඉමා ඛො භික්ඛවෙ, තිස්සො විපත්තියොති.
මහණෙනි, මේ තුන් විපත්තීහු යි.
තිස්සො ඉමා භික්ඛවෙ, සම්පදා. කතමා තිස්සො : සීලසම්පදා, චිත්තසම්පදා, දිට්ඨිසම්පදා.
මහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලසම්පත්තිය, චිත්තසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
කතමා ච භික්ඛවෙ, සීලසම්පදා?
මහණෙනි, ශීලසම්පත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්ඵප්පලාපා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ, සීලසම්පදා.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ ශීලසම්පත්තියි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, චිත්තසම්පදා?
මහණෙනි, චිත්තසම්පත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො අනභිජ්ඣාලු හොති, අව්යාපන්නචිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, චිත්තසම්පදා.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල වූයේ නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නො වෙයි. මහණෙනි, මේ චිත්තසම්පත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, දිට්ඨිසම්පදා?
මහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො : අත්ථි දින්නං, අත්ථි යිට්ඨං -පෙ- අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිසම්පදා.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැතියේ වෙයි. “දානවිපාක ඇත, යාගවිපාක ඇත, මෙලෝ පරලෝ තමන් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කරණ මනාගති ඇති මොනවට පිළිපන් මහණබමුණෝ ලොව ඇත” ය අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ.
සීලසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. චිත්තසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. දිට්ඨිසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
මහණෙනි, ශීලසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්ගලෝකයට එළඹෙත්. මහණෙනි, චිත්තසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්ගලෝකයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්ගලෝකයට එළඹෙත්.
සෙය්යථාපි භික්ඛවෙ, අපණ්ණකො මණි උද්ධං ඛිත්තො යෙන යෙනෙව පතිට්ඨාති, සුප්පතිට්ඨිතඤ්ඤෙව පතිට්ඨාති. එවමෙව ඛො භික්ඛවෙ, සීලසම්පදාහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. චිත්තසම්පදාහෙතු වා -පෙ- දිට්ඨිසම්පදාහෙතු වා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
මහණෙනි, යම් පරිදි ෂඩංශ ඇති පසැට උඩ ලූයේ යම් යම් තෙලෙකින් පිහිටා සිටුනේ ද, සුප්රතිෂ්ඨිත කොටමැ සිටුනේය. මහණෙනි, එපරිදි ම ශීලසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්ගලෝකයට එළඹෙත්. චිත්තසම්පත්තිහේතුයෙන් හෝ ... දෘෂ්ටි සම්පත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්ගලෝකයට එළඹෙත්.
ඉමා ඛො භික්ඛවෙ, තිස්සො සම්පදාති.
මහණෙනි, මොහු තුන් සම්පත්තීහු යි.