3. 3. 2. 7
3. 3. 2. 7.
3. 3. 2. 7.
17. තිස්සො ඉමා භික්ඛවෙ, විපත්තියො. කතමා තිස්සො : කම්මන්තවිපත්ති, ආජීවවිපත්ති, දිට්ඨිවිපත්ති.
17. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කර්මාන්තවිපත්තිය, ආජීවවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
කතමා ච භික්ඛවෙ, කම්මන්තවිපත්ති?
මහණෙනි, කර්‍මාන්තවිපත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති -පෙ- සම්ඵප්පලාපී හොති. අයං වුච්චති භික්ඛවෙ, කම්මන්තවිපත්ති.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි ... සම්ඵලාප්ප ඇතියේ වෙයි. මහණෙනි, මේ කර්‍මාන්තවිපත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, ආජීවවිපත්ති?
මහණෙනි, ආජීවවිපත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාආජීවො හොති. මිච්ඡාආජීවෙන ජීවිකං කප්පෙති. අයං වුච්චති භික්ඛවෙ, ආජීවවිපත්ති.
මහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්‍යාආජීව ඇතියේ වෙයි. මිථ්‍යාආජීවයෙන් ජීවිකා කෙරෙයි. මහණෙනි, මේ ආජීවවිපත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, දිට්ඨිවිපත්ති?
මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො : නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිවිපත්ති.
මහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, (මඞ්ගල විසින් යුතුකළ) ඉෂ්ටදානයෙහි විපාක නැත, ... මෙලොවත් පරලොවත් තමන් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට දෙසන මනාගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව නැත”, යන විපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්ති යි කියනු ලැබේ.
ඉමා ඛො භික්ඛවෙ, තිස්සො විපත්තියොති.
මහණෙනි මොහු තුන් විපත්තීහු යි.
තිස්සො ඉමා භික්ඛවෙ, සම්පදා. කතමා තිස්සො : කම්මන්තසම්පදා, ආජීවසම්පදා, දිට්ඨිසම්පදා.
මහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කර්මාන්තසම්පත්තිය, ආජීවසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
කතමා ච භික්ඛවෙ, කම්මන්තසම්පදා?
මහණෙනි, කර්‍මාන්තසම්පත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සම්ඵප්පලාපා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ, කම්මන්තසම්පදා.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි ... සම්ඵප්පලපින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ කර්‍මාන්තසම්පත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, ආජීවසම්පදා?
මහණෙනි, ආජීවසම්පත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො සම්මාආජීවො හොති, සම්මාආජීවෙන ජීවිකං කප්පෙති. අයං වුච්චති භික්ඛවෙ, ආජීවසම්පදා.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග් ආජීවයෙන් ජීවිකා කෙරෙයි. මහණෙනි, මේ ආජීවසම්පත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, දිට්ඨිසම්පදා?
මහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො : අත්ථි දින්නං, අත්ථි යිට්ඨං -පෙ- අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිසම්පදා.
මහණෙනි, මෙලොව ඇතැමෙක් සම්‍යග් දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැතියේ වෙයි. “දානවිපාක ඇත, ඉෂ්ටවිපාක ඇත, ... මෙ ලොවත් පරලොවත් තමන් විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කරණ මනාගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව ඇත”, යන අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි.
ඉමා ඛො භික්ඛවෙ, තිස්සො සම්පදාති.
මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ. මහණෙනි මේ ත්‍රිවිධ සම්පත්තීහු යි.