යෙදුමෙන් කියවන්න

3. 3. 2. 8

3. 3. 2. 8.

3. 3. 2. 8.

18. තීණිමානි භික‍්ඛවෙ, සොචෙය්‍යානි. කතමානි තීණි : කායසොචෙය්‍යං, වචීසොචෙය්‍යං, මනොසොචෙය්‍යං.

18. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.

කතමඤ‍්ච භික‍්ඛවෙ, කායසොචෙය්‍යං?

මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච‍්ඡාචාරා පටිවිරතො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, කායසොචෙය්‍යං :

මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, වචීසොචෙය්‍යං?

මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො මුසාවාදා පටිවිරතො හොති, පිසුණාවාචාය පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, වචීසොචෙය්‍යං.

මහණෙනි, මෙලොව ඇතැමෙක් මුසවායෙන් දුරු වූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, මනොසොචෙය්‍යං?

මහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො අනභිජ‍්ඣාලු හොති, අව්‍යාපන‍්නචිත‍්තො හොති. සම‍්මාදිට‍්ඨිකො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, මනොසොචෙය්‍යං.

මහණෙනි, මෙලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි සොචෙය්‍යානීති.

මහණෙනි මොහු තුන් වැදෑරුම් ශුචිභාවයෝ යි.