යෙදුමෙන් කියවන්න

3. 3. 2. 9

3. 3. 2. 9.

3. 3. 2. 9.

19. තීණිමානි භික‍්ඛවෙ, සොචෙය්‍යානි. කතමානි තීණි : කායසොචෙය්‍යං, වචීසොචෙය්‍යං, මනොසොචෙය්‍යං.

19. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.

කතමඤ‍්ච භික‍්ඛවෙ, කායසොචෙය්‍යං?

මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, අබ්‍රහ‍්මචරියා පටිවිරතො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, කායසොචෙය්‍යං.

මහණෙනි, මෙසස්නෙහි මහණ, පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. අබ්‍රම්සරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, වචීසොචෙය්‍යං?

මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු මුසාවාදා පටිවිරතො හොති, පිසුණාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, වචීසොචෙය්‍යං.

මහණෙනි, මෙසස්නෙහි මහණ, මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, මනොසොචෙය්‍යං?

මහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සන‍්තං වා අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍දං අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍දොති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍දං නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍දොති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදො හොති, තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස පහාණං හොති. තඤ‍්ච පජානාති. යථා ච පහීණස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස ආයතිං අනුප‍්පාදො හොති. තඤ‍්ච පජානාති.

මහණෙනි, මෙසස්නෙහි මහණ, අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමානවූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය නැතැ’යි දනී. යම් පරිදි නූපන් කාමච්ඡන්‍දයාගේ උත්පාදයෙක් වේ ද, එ ද දනී. යම් සෙයෙකින් උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත කාමච්ඡන්‍දයාගේ මතුයෙහි නූපැත්මෙක් වේ ද, එ ද දනී.

සන‍්තං වා අජ‍්ඣත‍්තං ව්‍යාපාදං අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ව්‍යාපාදොති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං ව්‍යාපාදං නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ව්‍යාපාදොති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස ව්‍යාපාදස‍්ස උප‍්පාදො හොති, තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස ව්‍යාපාදස‍්ස පහාණං හොති, තඤ‍්ච පජානාති. යථා ච පහීණස‍්ස ව්‍යාපාදස‍්ස ආයතිං අනුප‍්පාදො හොති, තඤ‍්ච පජානාති.

අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ‘මාගේ අධ්‍යාත්මයෙහි ව්‍යාපාදය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ‘මාගේ අධ්‍යාත්මයෙහි ව්‍යාපාදය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ව්‍යාපාදයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත ව්‍යාපාදයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.

සන‍්තං වා අජ‍්ඣත‍්තං ථිනමිද‍්ධං අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ථිනමිද‍්ධන‍්ති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං ථිනමිද‍්ධං නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං ථීනමිද‍්ධන‍්ති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස ථීනමිද‍්ධස‍්ස උප‍්පාදො හොති, තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස ථීනමිද‍්ධස‍්ස පහාණං හොති, තඤ‍්ච පජානාති. යථා ච පහීණස‍්ස ථීනමිද‍්ධස‍්ස ආයතිං අනුප‍්පාදො හොති, තඤ‍්ච පජානාති.

අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්‍යාත්මයෙහි ථීනමිද්ධය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ‘මාගේ අධ්‍යාත්මයෙහි ථීනමිද්ධය නැතැ’යි දනී. යම් පරිදි නූපන් ථීනමිද්ධයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් ථීනමිද්ධයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත ථීනමිද්ධයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.

සන‍්තං වා අජ‍්ඣත‍්තං උද‍්ධච‍්චකුක‍්කුච‍්චං අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං උද‍්ධච‍්චකුක‍්කුච‍්චන‍්ති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං උද‍්ධච‍්චකුක‍්කුච‍්චං නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං උද‍්ධච‍්චකුක‍්කුච‍්චන‍්ති පජානාති. යථා ච අනුප‍්පන‍්නස‍්ස උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදො හොති, තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නස‍්ස උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහාණං හොති, තඤ‍්ච පජානාති. යථා ච පහීණස‍්ස උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස ආයතිං අනුප‍්පාදො හොති, තඤ‍්ච පජානාති.

අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය’මාගේ අධ්‍යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය ‘මාගේ අධ්‍යාත්මයෙහි උද්ධච්චකුක්කුච්චය නැතැ’යි දනී. යම් පරිදි නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත උද්ධච්චකුක්කුච්චයාගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.

සන‍්තං වා අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡං අත්‍ථි මෙ අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡාති පජානාති. අසන‍්තං වා අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡං නත්‍ථි මෙ අජ‍්ඣත‍්තං විචිකිච‍්ඡාති පජානාති. යථා ච අනුප‍්පන‍්නාය විචිකිච‍්ඡාය උප‍්පාදො හොති, තඤ‍්ච පජානාති. යථා ච උප‍්පන‍්නාය විචිකිච‍්ඡාය පහාණං හොති, තඤ‍්ච පජානාති. යථා ච පහීණාය විචිකිච‍්ඡාය ආයතිං අනුප‍්පාදො හොති, තඤ‍්ච පජානාති.

අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව ඇතැ’යි දනී. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ විචිකිච්ඡාව ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡාව නැතැ’යි දනී. යම් පරිදි නූපන් විචිකිච්ඡාවගේ ඉපැත්මෙක් වේ ද, එ ද දනී. යම් පරිදි උපන් විචිකිච්ඡාවගේ ප්‍රහාණයෙක් වේ ද, එ ද දනී. යම් පරිදි ප්‍රහත විචිකිච්ඡාවගේ මතුයෙහි නොඉපැත්මෙක් වේ ද, එ ද දනී.

ඉදං වුච‍්චති භික‍්ඛවෙ, මනොසොචෙය්‍යං.

මහණෙනි, මේ මනෝද්වාරයෙහි ශුචිභාවය යි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි සොචෙය්‍යානීති.

මහණෙනි මොහු ශුචිභාවයෝ තුන් දෙනයහ.

1. කායසුචිං වචීසුචිං චෙතොසුචිමනාසවං, සුචිං සොචෙය්‍යසම‍්පන‍්නං ආහු නින‍්හාතපාපකන‍්ති.

1. කායද්වාරයෙහි පවිත්‍ර වූ වාග්ද්වාරයෙහි පවිත්‍ර වූ මනෝද්වාරයෙහි පවිත්‍ර වූ එයින් ම අනාස්‍රව වූ මෙසේ ත්‍රිවිධශෞචයෙන් යුක්ත වූ ක්ලේශාභාවයෙන් පවිත්‍ර වූ මහණ ධෞතපාපය යි කියත්.