3. 3. 2. 5
3. 3. 2. 5.
3. 3. 2. 5.
15. තිස්සො ඉමා භික්ඛවෙ, විපත්තියො. කතමා තිස්සො : සීලවිපත්ති, චිත්තවිපත්ති, දිට්ඨිවිපත්ති.
15. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
කතමා ච භික්ඛවෙ, සීලවිපත්ති?
මහණෙනි, ශීලවිපත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති. අයං වුච්චති භික්ඛවෙ, සීලවිපත්ති.
මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. පරුස්බස් ඇතියේ වෙයි. සමඵප්පලප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, චිත්තවිපත්ති?
මහණෙනි, චිත්තවිපත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො අභිජ්ඣාලු හොති : ව්යාපන්නචිත්තො හොති, අයං වුච්චති භික්ඛවෙ, චිත්තවිපත්ති.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පත් සිතැත්තේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, දිට්ඨිවිපත්ති?
මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති. විපරීතදස්සනො නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිවිපත්ති.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, යාගවිපාක නැත, ප්‍රාඝුණසත්කාරවිපාක නැත, සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මාතෘඋපස්ථාන විපාක නැත, පිතෘඋපස්ථාන විපාක නැත, ඕපපාතික සත්ත්වයෝ නැත. මෙලෝ පරලෝ තමන් දැන ප්රත්යක්ෂ කොට පවසත් ද එබඳු සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලොව නැතැ”යි මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්ති යි කියනු ලැබේ.
සීලවිපත්තිහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. චිත්තවිපත්තිහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. දිට්ඨිවිපත්තිහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
මහණෙනි, ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
ඉමා ඛො භික්ඛවෙ, තිස්සො විපත්තියොති.
මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනය හ.
තිස්සො ඉමා භික්ඛවෙ, සම්පදා. කතමා තිස්සො : සීලසම්පදා, චිත්තසම්පදා, දිට්ඨිසම්පදා.
මහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලසම්පත්තිය, චිත්තසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
කතමා ච භික්ඛවෙ, සීලසම්පදා?
මහණෙනි, ශීලසම්පත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුණාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ, සීලසම්පදා.
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණුබසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ ශීලසම්පත්තියි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, චිත්තසම්පදා?
මහණෙනි, චිත්තසම්පත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො අනභිජාලු හොති, අව්යාපන්නචිත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, චිත්තසම්පදා.
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල වූයේ නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නො වෙයි. මහණෙනි, මේ චිත්තසම්පත්ති යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, දිට්ඨිසම්පදා?
මහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
ඉධ භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො : අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. අයං වුච්චති භික්ඛවෙ, දිට්ඨිසම්පදා.
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැත්තේ වේ. “දානවිපාක ඇත, යාගවිපාක ඇත, ප්‍රාඝුණ සත්කාරවිපාක ඇත, සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵලවිපාක ඇත, මෙ ලොව ඇත, පරලොව ඇත, මවුවටනෙහි විපාක ඇත, පියවටනෙහි විපාක ඇත, ච්‍යුත වැ පහළවන සත්ත්වයෝ ඇත. මෙලෝ පරලෝ තමන් දැන පසක් කොට දෙසන සම්‍යග්ගත වූ (මනාගති ඇති) මොනවට පිළිපන් මහණබමුණෝ ලොව ඇතැ”යි අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ.
සීලසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. චිත්තසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. දිට්ඨිසම්පදාහෙතු වා භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
මහණෙනි, ශීලසම්පත් හේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි මනා ගති ඇති ස්වර්ගලෝකයට එළඹෙත්. මහණෙනි, චිත්තසම්පත්ති හේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්ගලෝකයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිසම්පත්ති හේතුයෙන් හෝ සත්ත්වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්ගලෝකයට එළඹෙත්.
ඉමා ඛො භික්ඛවෙ, තිස්සො සම්පදාති.
මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනයහ.