3. 3. 2. 4
3. 3. 2. 4.
3. 3. 2. 4.
14. තයොමෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො :
14. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති. තන්නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්රට්ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො ආකාසානඤ්චායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්වප්රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කිරීමෙන් ප්‍රතිඝසංඥාවන් අස්තඞ්ගම කිරීමෙන් නානාත්වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් “ආකාශය අනන්තය” යි ගෙණ ආකාශානාන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණෙයි. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
ආකාසානඤ්චායතනූපගානං භික්ඛවෙ, දෙවානං වීසතිකප්පසහස්සානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති. තිරච්ඡානයොනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති.
මහණෙනි, ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් විසිදහසෙකි. එහි පෘථග්ජන තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා තස්මිංයෙව භවෙ පරිනිබ්බායති.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
අයං ඛො භික්ඛවෙ, විසෙසො, අයං අධිප්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘථග්ජනයා හා සමග මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණ යි.
පුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති, තන්නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්රට්ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො විඤ්ඤාණඤ්චායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආකාශානාන්ත්‍යායතනය ඉක්ම ගෙණ “විඥානය අනන්තය” යි කොට විඥානන්ත්‍යායතනයට එළඹ වෙසේ. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරේ. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
විඤ්ඤාණඤ්චායතනූපගානං භික්ඛවෙ, දෙවානං චත්තාරීසං කප්පසහස්සානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති, තිරච්ඡානයොනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති.
මහණෙනි, විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සතළිස්දහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භගවතො පන සාවකො තත්ථයාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා තස්මිඤ්ඤෙව භවෙ පරිනිබ්බායති.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
අයං ඛො භික්ඛවෙ, විසෙසො අයං අධිප්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා සති.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණය යි.
පුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති, තන්නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්රට්ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො ආකිඤ්චඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්වප්රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්ම “කිසිත් නැතැ” යි ගෙණ ආකිඤ්චන්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් ම තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ සහභාවයට යෙයි.
ආකිඤ්චඤ්ඤායතනූපගානං භික්ඛවෙ, දෙවානං සට්ඨිං කප්පසහස්සානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනො යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති, තිරච්ඡානයොනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති.
මහණෙනි, ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සැටදහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භගවතො පන සාවකො තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තෙසං දෙවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිඤ්ඤෙව භවෙ පරිනිබ්බායති.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
අයං ඛො භික්ඛවෙ, විසෙසො , අයං අධිප්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙන යදිදං ගතියා උපපත්තියා. ඉමෙ ඛො භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘථග්ජනයා හා මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ කරණ නානාත්ව යි. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනා ලෝකයෙහි විද්‍යමානය හ.