3. 3. 2. 3
3. 3. 2. 3.
3. 3. 2. 3.
13. තයොමෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො : සුප්පමෙය්යො, දුප්පමෙය්යො, අප්පමෙය්යො.
13. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත්: සුවසේ මිනිය හැකි පුද්ගලය, දුකසේ මිනිය හැකි පුද්ගලය, නොමිනිය හැකි පුද්ගලයි.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො සුප්පමෙය්යො?
මහණෙනි, සුවසේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො උද්ධතො හොති උන්නලො චපලො මුඛරො විකිණ්ණවාචො මුට්ඨස්සතී අසම්පජානො අසමාහිතො විබ්භන්තචිත්තො පාකතින්ද්රියො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො සුප්පමෙය්යො.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් උද්ධත වේ. ඔසොවා ලූ මානනල ඇතියේ වේ. පාත්‍රමණ්ඩනාදි චාපල්‍යය ඇතියේ වෙයි. දොඩමලු වෙයි. අසංයත වචන ඇතියේ වෙයි. මුළා සිහි ඇතියේ වෙයි. සමප්‍රඥාන නැත්තේ වෙයි. චිතෛතකාග්‍රතා නැතියේ වෙයි. භ්‍රාන්ත සිත් ඇතියේ වෙයි. විවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල සුප්‍රමේය (=සුවසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො දුප්පමෙය්යො?
මහණෙනි, දුක සේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො අනුද්ධතො හොති අනුන්නලො අචපලො අමුඛරො අවිකිණ්ණවාචො උපට්ඨිතසති සම්පජානො සමාහිතො එකග්ගචිත්තො සංවුතින්ද්රියො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො දුප්පමෙය්යො.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලක් අනුද්ධත වෙයි. ඔසොවා ලූ මානනල නැතියේ වේ. පාත්‍රමණ්ඩනාදි චාපල්‍යය නැතියේ වෙයි. දොඩමලු නො වූයේ වෙයි. අසංයත වචන නැතියේ වෙයි. එළඹ සිටි සිහි ඇතියේ වෙයි. සමප්‍රඥාන ඇතියේ වෙයි. සමාධිගත වූයේ වෙයි. ඒකාග්ර සිත් ඇතියේ වෙයි. සංවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල දුෂ්ප්‍රමේය (=දුකසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො අප්පමෙය්යො :
මහණෙනි, අප්‍රමේය පුද්ගල කවරේ ය?
ඉධ භික්ඛවෙ, භික්ඛු අරහං හොති ඛීණාසවො. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො අප්පමෙය්යො.
මහණෙනි, මෙසස්නෙහි අර්‍හත්ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ. මහණෙනි, මේ පුද්ගල අප්‍රමේය (නොමිනිය හැකි) පුද්ගලය යි කියනු ලැබේ.
ඉමෙ ඛො භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමානය හ.