යෙදුමෙන් කියවන්න

3. 2. 2. 1

සම්පූර්ණ පරිච්ඡේදය

3. 2. 2. 1.

3. 2. 2. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

11. තයොමෙ භික‍්ඛවෙ, ආපායිකා නෙරයිකා ඉදමප‍්පහාය. කතමෙ තයො :

11. මහණෙනි, (බ්‍රහ්මචාරීප්‍රතිඥාභාවාදි) මේ පාපධර්‍ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන අපායගාමීහු වෙත්. නිරයගාමීහු වෙත්. කවර තුන් දෙනක යත්:

යො ච අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරි පටිඤ‍්ඤො. යො ච සුද‍්ධං බ්‍රහ‍්මචරියං චරන‍්තං අමූලකෙන අබ්‍රහ‍්මචරියෙන අනුද‍්ධංසෙති. යො චායං එවංවාදී එවංදිට‍්ඨි නත්‍ථි කාමෙසු දොසොති, සො කාමෙසු පාතව්‍යතං ආපජ‍්ජති.

යමෙක් අබ්‍රහ්මචාරී වූයේ බ්‍රහ්මචාරීප්‍රතිඥා ඇතියේ වේ ද, යමෙක් ශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නහු අමූලක අබ්‍රහ්මචර්‍ය්‍යවාදයෙන් නිගන්නේ ද, යමෙක් කාමයෙහි දෝෂයෙක් නැතැයි හේ කාමයෙහි පරිභෝග කටයුතු බවට පැමිණේ ද, මෙබඳු වාද ඇති’ මෙබඳු දෘෂ්ටි ඇති, මෙ තෙමේ ය යන තුන් දෙනයහ.

ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො ආපායිකා නෙරයිකා ඉදමප‍්පහායාති.

මහණෙනි, මේ පාපධර්‍ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන ආපායික් වෙත්. නේරයික් වෙත්.

3. 3. 2. 2.

3. 3. 2. 2.

12. තිණ‍්ණං භික‍්ඛවෙ, පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං. කතමෙසං තිණ‍්ණං :

12. මහණෙනි, තුන් දෙනෙකුන්ගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභය. කවර තුන් දෙනකුගේය යත්:

තථාගතස‍්ස භික‍්ඛවෙ, අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මිං. තථාගතප‍්පවෙදිතස‍්ස ධම‍්මවිනයස‍්ස දෙසෙතා පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං. කතඤ‍්ඤූ කතවෙදී පුග‍්ගලො දුල‍්ලභො ලොකස‍්මිං.

මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ ය. තථාගතයන් වහන්සේ වදාළ ධර්‍මවිනය දෙසන පුද්ගල ලෝකයෙහි දුර්‍ලභය. කෘතඥ - කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්‍ලභයි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණං පාතුභාවො දුල‍්ලභො ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ වෙයි.