යෙදුමෙන් කියවන්න

3. 3. 1. 10

3. 3. 1. 10.

3. 3. 1. 10.

10. තීණිමානි භික‍්ඛවෙ, නිදානානි කම‍්මානං සමුදයාය. කතමානි තීණි : අතීතෙ භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො ජායති. අනාගතෙ භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො ජායති. පච‍්චුප‍්පන‍්නෙ භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො ජායති.

10. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි: කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී. මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී.

කථඤ‍්ච භික‍්ඛවෙ, අතීතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො ජායති : අතීතෙ භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ චෙතසා අනුවිතක‍්කෙති අනුවිචාරෙති. තස‍්ස අතීතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ චෙතසා අනුවිතක‍්කයතො අනුවිචාරයතො ඡන්‍දො ජායති. ඡන්‍දජාතො තෙහි ධම‍්මෙහි සඤ‍්ඤුත‍්තො හොති. එතමහං භික‍්ඛවෙ, සඤ‍්ඤොජනං වදාමි යො චෙතසො සාරාගො. එවං ඛො භික‍්ඛවෙ, අතීතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො ජායති.

මහණෙනි, කෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරෙයි, නුකොට විචාරණය කෙරෙයි. අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කරණ නුකොට විචාරණයකරණ ඔහට තෘෂ්ණාච්ඡන්‍දය උපදී. හටගත් තෘෂ්ණාච්ඡන්‍ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් වේ ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරබයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී.

කථඤ‍්ච භික‍්ඛවෙ, අනාගතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො ජායති : අනාගතෙ භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ චෙතසා අනුවිතක‍්කෙති අනුවිචාරෙති. තස‍්ස අනාගතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ චෙතසා අනුවිතක‍්කයතො අනුවිචාරයතො ඡන්‍දො ජායති. ඡන්‍දජාතො තෙහි ධම‍්මෙහි සඤ‍්ඤුත‍්තො හොති. එතමහං භික‍්ඛවෙ, සඤ‍්ඤොජනං වදාමි යො චෙතසො සාරාගො. එවං ඛො භික‍්ඛවෙ, අනාගතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො ජායති.

මහණෙනි, කෙසේ අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරේ ද, නුකොට විචාරණය කෙරේ ද, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කරණ, නුකොට විචාරණය කරණ ඔහට තෘෂ්ණාච්ඡන්‍දයෙක් උපදි. හටගත් ඡන්‍ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් වේ ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදී.

කථඤ‍්ච භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො ජායති : පච‍්චුප‍්පන‍්නෙ භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ චෙතසා අනුවිතක‍්කෙති අනුවිචාරෙති. තස‍්ස පච‍්චුප‍්පන‍්නෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ චෙතසා අනුවිතක‍්කයතො අනුවිචාරයතො ඡන්‍දො ජායති. ඡන්‍දජාතො තෙහි ධම‍්මෙහි සඤ‍්ඤුත‍්තො හොති. එතමහං භික‍්ඛවෙ, සඤ‍්ඤොජනං වදාමි. යො චෙතසො සාරාගො. එවං ඛො භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො ජායති. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි නිදානානි කම‍්මානං සමුදයායාති.

මහණෙනි, කෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය උපදනේ ය යත්: මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නුකොට විතර්‍කණය කෙරෙයි. නුකොට විචාරණය කෙරෙයි. ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා සිතින් නැවත විතර්‍ක කරණ නුකොට විචාරණ කරණ ඔහට තෘෂ්ණාච්ඡන්‍දයෙක් උපදී. හටගත් ඡන්‍ද ඇතියේ ඒ දහමින් සංයුක්ත වෙයි. මහණෙනි, සිත පිළිබඳ යම් සංරාගයෙක් ඇද් ද, මම තෙල සංරාගය සංයෝජනය යි කියමි. මහණෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දයෙක් උපදනේ ය. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මොහු නිදානයෝ තුන් දෙනයහ.

තීණිමානි භික‍්ඛවෙ, නිදානානි කම‍්මානං සමුදයාය. කතමානි තීණි : අතීතෙ භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො න ජායති. අනාගතෙ භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො න ජායති. පච‍්චුප‍්පන‍්නෙ භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො න ජායති.

මහණෙනි, විවට්ටගාමී කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මේ නිදානයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී. මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී.

කථඤ‍්ච භික‍්ඛවෙ, අතීතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො න ජායති : අතීතානං භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයානං ධම‍්මානං ආයතිං විපාකං පජානාති. ආයතිං විපාකං විදිත්‍වා තදභිනිවජ‍්ජෙති. තදභිනිවජ‍්ජෙත්‍වා චෙතසා අභිවිරාජෙත්‍වා පඤ‍්ඤාය අතිවිජ‍්ඣ පස‍්සති. එවං ඛො භික‍්ඛවෙ, අතීතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො න ජායති.

මහණෙනි, කෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදනේය යත්: මහණෙනි, අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහමුන්ගේ මතුයෙහි විපාකය දනී. මතුයෙහි විපාක දැන, එය වළහයි. එය වළහා සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ අතීත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා ඡන්‍දය නූපදනේ ය.

කථඤ‍්ච භික‍්ඛවෙ, අනාගතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො න ජායති : අනාගතානං භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයානං ධම‍්මානං ආයතිං විපාකං පජානාති. ආයතිං විපාකං විදිත්‍වා තදභිනිවජ‍්ජෙති. තදභිනිවජ‍්ජෙත්‍වා චෙතසා අභිවිරාජෙත්‍වා පඤ‍්ඤාය අතිවිජ‍්ඣ පස‍්සති. එවං ඛො භික‍්ඛවෙ, අනාගතෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො න ජායති.

මහණෙනි, කෙසේ නම් අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍ද නූපදනේය යත්: මහණෙනි, අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ ධර්‍මයන්ගේ විපාකය මතුයෙහි දන්නේ ය. මතුයෙහි විපාක දැන, එය වළහයි. එය වළහා සිතින් පහ කරයි සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ අනාගත වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා තෘෂ්ණාච්ඡන්‍දය නූපදී.

කථඤ‍්ච භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො න ජායති : පච‍්චුප‍්පන‍්නානං භික‍්ඛවෙ, ඡන්‍දරාගට‍්ඨානීයානං ධම‍්මානං ආයතිං විපාකං පජානාති. ආයතිං විපාකං විදිත්‍වා තදභිනිවජ‍්ජෙති. තදභිනිවජ‍්ජෙත්‍වා චෙතසා අභිවිරාජෙත්‍වා පඤ‍්ඤාය අතිවිජ‍්ඣ පස‍්සති. එවං ඛො භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නෙ ඡන්‍දරාගට‍්ඨානීයෙ ධම‍්මෙ ආරබ‍්භ ඡන්‍දො න ජායති.

මහණෙනි, කෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් අරභයා ඡන්‍දය නො උපදනේ ය යත්: මහණෙනි, ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහමුන්ගේ මතුයෙහි විපාකය දනී. මතුයෙහි විපාක දැන, ඒ වළහයි. ඒ වළහා සිතින් පහ කොට නුවණින් විනිවිද දක්නේ ය. මහණෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න වූ ඡන්‍දරාගයට කරුණු වූ දහම් ඇරබ තෘෂ්ණාච්ඡන්‍දය නූපදනේ ය.

ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි නිදානානි කම‍්මානං සමුදයායාති.

මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මොහු නිදානයෝ තිදෙනය හ.

සම‍්බොධිවග‍්ගො පඨමො.

පළමුවන සම්බෝධි වර්‍ගය යි.