යෙදුමෙන් කියවන්න

3. 3. 1. 9

3. 3. 1. 9.

3. 3. 1. 9.

9. තීණිමානි භික‍්ඛවෙ, නිදානානි කම‍්මානං සමුදයාය. කතමානි තීණි : ලොභො නිදානං කම‍්මානං සමුදයාය, දොසො නිදානං කම‍්මානං සමුදයාය, මොහො නිදානං කම‍්මානං සමුදයාය.

9. මහණෙනි, වට්ටගාමීකර්‍මයන්ගේ පිඬුකිරීම පිණිස මේ කාරණයෝ තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස ලෝභය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස ද්වේෂය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මෝහය කාරණයෙකි.

යං භික‍්ඛවෙ, ලොභපකතං කම‍්මං ලොභජං ලොභනිදානං ලොභසමුදයං, තං කම‍්මං අකුසලං, තං කම‍්මං සාවජ‍්ජං, තං කම‍්මං දුක‍්ඛවිපාකං, තං කම‍්මං කම‍්මසමුදයාය සංවත‍්තති. න තං කම‍්මං කම‍්මනිරොධාය සංවත‍්තති.

මහණෙනි, ලෝභයෙන් කළ, ලෝභයෙන් උපන්, ලෝභය නිදන් කොට ඇති, ලෝභය කරුණු කොට ඇති, යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය අකුශලය, ඒ කර්‍මය සදෝෂය, ඒ කර්‍මය දුඃඛවිපාකය, ඒ කර්‍මය අන්‍යකර්‍මයන් රැස්කිරීම පිණිස ද පවතී. ඒ කර්‍මය වට්ටගාමීකර්‍මයන්ගේ නිරෝධය පිණිස නො වැටෙයි.

යං භික‍්ඛවෙ, දොසපකතං කම‍්මං -පෙ- යං භික‍්ඛවෙ, මොහපකතං කම‍්මං මොහජං මොහනිදානං මොහසමුදයං, තං කම‍්මං අකුසලං, තං කම‍්මං සාවජ‍්ජං, තං කම‍්මං දුක‍්ඛවිපාකං, තං කම‍්මං කම‍්මසමුදයාය සංවත‍්තති, න තං කම‍්මං කම‍්මනිරොධාය සංවත‍්තති. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි නිදානානි කම‍්මානං සමුදයාය.

මහණෙනි, ද්වේෂයෙන් කළ ... යම් කර්‍මයෙක් ඇද්ද ... මහණෙනි, මෝහයෙන් කළ, මෝහයෙන් උපන්, මෝහය නිදන් කොට ඇති, මෝහය හේතු කොට ඇති යම් කර්‍මයෙක් ඇද් ද ඒ කර්‍මය අකුශලය. ඒ කර්‍මය සදෝෂය. ඒ කර්‍මය දුඃඛවිපාක ය. ඒ කර්‍මය අන්‍යකර්‍මයන්ගේ රැස්කිරීම පිණිස ද වැටේ. ඒ කර්‍මය වට්ටගාමී කර්‍මයන්ගේ නිරෝධය පිණිස නො වැටේ. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මොහු කාරණයෝ තුන් දෙනයහ.

තීණිමානි භික‍්ඛවෙ, නිදානානි කම‍්මානං සමුදයාය. කතමානි තීණි : අලොභො නිදානං කම‍්මානං සමුදයාය. අදොසො නිදානං කම‍්මානං සමුදයාය. අමොහො නිදානං කම‍්මානං සමුදයාය.

මහණෙනි, කර්‍මයන් රැස්කිරීම පිණිස මේ කාරණයෝ තුන්දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස අලෝභය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස අදෝෂය කාරණයෙකි. කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස අමෝහය කාරණයෙකි.

යං භික‍්ඛවෙ, අලොභපකතං කම‍්මං අලොභජං අලොභනිදානං අලොභසමුදයං, තං කම‍්මං කුසලං, තං කම‍්මං අනවජ‍්ජං, තං කම‍්මං සුඛවිපාකං, තං කම‍්මං කම‍්මනිරොධාය සංවත‍්තති, න තං කම‍්මං කම‍්මසමුදයාය සංවත‍්තති.

මහණෙනි, අලෝභයෙන් කළ, අලෝභයෙන් උපන්, අලෝභය නිදන් කොට ඇති, අලෝභය කරුණු කොට ඇති යම් කර්‍මයෙක් ඇද් ද, ඒ කර්‍මය කුශල ය. ඒ කර්‍මය අදෝෂ ය. ඒ කර්‍මය සුඛවිපාක ය. ඒ කර්‍මය කර්‍මනිරෝධය පිණිස වැටේ. ඒ කර්‍මය වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස නො වැටේ.

යං භික‍්ඛවෙ, අදොසපකතං කම‍්මං -පෙ- යං භික‍්ඛවෙ, අමොහපකතං කම‍්මං අමොහජං අමොහනිදානං අමොහසමුදයං, තං කම‍්මං කුසලං, තං කම‍්මං අනවජ‍්ජං, තං කම‍්මං සුඛවිපාකං, තං කම‍්මං කම‍්මනිරොධාය සංවත‍්තති. න තං කම‍්මං කම‍්මසමුදයාය සංවත‍්තති. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි නිදානානි කම‍්මානං සමුදයායාති.

මහණෙනි, අද්වෙෂයෙන් කළ යම් කර්‍මයෙක් ඇද් ද ... මහණෙනි, අමෝහයෙන් කළ, අමෝහයෙන් හටගත්, අමෝහය නිදන් කොට ඇති, අමෝහය හේතු කොට ඇති යම් කර්‍මයෙක් ඇද් ද ඒ කර්‍මය කුශලය. ඒ කර්‍මය අදෝෂ ය. ඒ කර්‍මය සුඛවිපාක ය. ඒ කර්‍මය කර්‍මයන්ගේ නිරෝධය පිණිස වැටේ. ඒ කර්‍මය කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස නො වැටේ. මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස්කිරීම පිණිස මොහු කාරණයෝ තුන් දෙනයහ.