3. 3. 1. 8
3. 3. 1. 8.
3. 3. 1. 8.
8. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං භගවා එතදවොච : චිත‍්තෙ ගහපති, ව්‍යාපන‍්නෙ කායකම‍්මම‍්පි ව්‍යාපන‍්නං හොති. වචීකම‍්මම‍්පි ව්‍යාපන‍්නං හොති. මනොකම‍්මම‍්පි ව්‍යාපන‍්නං හොති. තස‍්ස ව්‍යාපන‍්නකායකම‍්මන‍්තස‍්ස ව්‍යාපන‍්නවචීකම‍්මන‍්තස‍්ස ව්‍යාපන‍්නමනොකම‍්මන‍්තස‍්ස න භද‍්දකං මරණං හොති. න භද‍්දිකා කාලකිරියා.
8. එකත්පස්ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ හ: ගෙහෙවිය, සිත පෙරළියාව සිටි කල්හි කායකර්‍මය ද පෙරළියා වෙයි. වාක්කර්‍මය ද පෙරළියා වෙයි. මනඃකර්‍මය ද පෙරළියා වෙයි. පෙරළියා වූ කායකර්‍මාන්ත ඇති, පෙරළියාවූ වාක්කර්‍මාන්ත ඇති, පෙරළියා වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවෙයි. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි.
සෙය්‍යථාපි ගහපති, කූටාගාරෙ දුච‍්ඡන‍්නෙ කූටම‍්පි ව්‍යාපන‍්නං හොති. ගොපානසියොපි ව්‍යාපන‍්නා හොන‍්ති. භිත‍්තීපි ව්‍යාපන‍්නා හොති. එවමෙව ඛො ගහපති, චිත‍්තෙ ව්‍යාපන‍්නෙ කායකම‍්මම‍්පි ව්‍යාපන‍්නං හොති. වචීකම‍්මම‍්පි ව්‍යාපන‍්නං හොති. මනොකම‍්මම‍්පි ව්‍යාපන‍්නං හොති. තස‍්ස ව්‍යාපන‍්නකායකම‍්මන‍්තස‍්ස ව්‍යාපන‍්නවචීකම‍්මන‍්තස‍්ස ව්‍යාපන‍්නමනොකම‍්මන‍්තස‍්ස න භද‍්දකං මරණං හොති. න භද‍්දිකා කාලකිරියා.
ගෙහෙවිය, යම් පරිදි කුළුගෙය නපුරු කොට සෙවෙනි කළ කල කූටයත් විපන්නේ වෙයි. ගොනැස්හුත් විපන්හු වෙති. බිතත් විපන් වෙයි. ගෙහෙවිය, එපරිදි ම සිත පෙරළි කල්හි කායකර්‍මය ද පෙරළියා වෙයි. වාක්කර්‍මය ද පෙරළියා වෙයි. මනඃකර්‍මය ද පෙරළියා වෙයි. පෙරළියා වූ කායකර්‍මාන්ත ඇති, පෙරළියා වූ වාක්කර්‍මාන්ත ඇති, පෙරළියා වූ මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර නොවේ. කාලක්‍රියාව භද්‍රිකා නොවෙයි.
චිත‍්තෙ ගහපති, අව්‍යාපන‍්නෙ කායකම‍්මම‍්පි අව්‍යාපන‍්නං හොති. වචීකම‍්මම‍්පි අව්‍යාපන‍්නං හොති. මනොකම‍්මම‍්පි අව්‍යාපන‍්නං හොති. තස‍්ස අව්‍යාපන‍්නකායකම‍්මන‍්තස‍්ස අව්‍යාපන‍්නවචීකම‍්මන‍්තස‍්ස අව්‍යාපන‍්නමනොකම‍්මන‍්තස‍්ස භද‍්දකං මරණං හොති. භද‍්දිකා කාලකිරියා.
ගෙහෙවිය සිත නොපෙරළියා ව සිටි කල කායකර්‍මය ද නො පෙරළියා වෙයි. වාක්කර්‍මය ද නො පෙරළියා වෙයි. මනඃකර්‍මය ද නො පෙරළියා වෙයි. නො පෙරළුනු කායකර්‍මාන්ත ඇති, නො පෙරළුනු වාක්කර්‍මාන්ත ඇති නො පෙරළුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වෙයි. කාලක්‍රියාව භද්‍රිකා වෙයි.
සෙය්‍යථාපි ගහපති, කූටාගාරෙ සුච‍්ඡන‍්නෙ කූටම‍්පි අව්‍යාපන‍්නං හොති. ගොපානසියොපි අව්‍යාපන‍්නා හොන‍්ති. භිත‍්තීපි අව්‍යාපන‍්නා හොති. එවමෙව ඛො ගහපති, චිත‍්තෙ අව්‍යාපන‍්නෙ කායකම‍්මම‍්පි අව්‍යාපන‍්නං හොති. වචීකම‍්මම‍්පි අව්‍යාපන‍්නං හොති. මනොකම‍්මම‍්පි අව්‍යාපන‍්නං හොති. තස‍්ස අව්‍යාපන‍්නකායකම‍්මන‍්තස‍්ස අව්‍යාපන‍්නවචීකම‍්මන‍්තස‍්ස අව්‍යාපන‍්නමනොකම‍්මන‍්තස‍්ස භද‍්දකං මරණං හොති. භද‍්දිකා කාලකිරියාති.
ගෙහෙවිය, යම් පරිදි කුළුගෙය මොනොවට සෙවෙනි කළ කල කූටයත් විපන්නේ නො වෙයි. ගොනැස්හුත් විපන්නාහු නො වෙති. බිතත් විපන්නේ නො වෙයි. ගෙහෙවිය, එපරිදි ම සිත නො පෙරළි කළ කායකර්‍මය ද නො පෙරළියා වෙයි. වාක්කර්‍මය ද නො පෙරළියා වෙයි. මනඃකර්‍මය ද නො පෙරළියා වෙයි. නො පෙරළුනු කායකර්‍මාන්ත ඇති, නො පෙරළුනු වාක්කර්‍මාන්ත ඇති, නො පෙරළුනු මනඃකර්‍මාන්ත ඇති ඔහුගේ මරණය භද්‍ර වේ. කාලක්‍රියාව භද්‍රිකා වේ.