යෙදුමෙන් කියවන්න

1. සම‍්බොධිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සම්බොධි වර්ගය

1. පුබ‍්බෙවසම‍්බොධසුත‍්තවණ‍්ණනා

3.3.1.1

තතියස‍්ස පඨමෙ පුබ‍්බෙව සම‍්බොධාති සම‍්බොධිතො පුබ‍්බෙව, අරියමග‍්ගප‍්පත‍්තිතො අපරභාගෙයෙවාති වුත‍්තං හොති. අනභිසම‍්බුද‍්ධස‍්සාති අප‍්පටිවිද‍්ධචතුසච‍්චස‍්ස. බොධිසත‍්තස‍්සෙව සතොති බුජ‍්ඣනකසත‍්තස‍්සෙව සතො, සම‍්මාසම‍්බොධිං අධිගන‍්තුං ආරභන‍්තස‍්සෙව සතො, සම‍්බොධියා වා සත‍්තස‍්සෙව ලග‍්ගස‍්සෙව සතො. දීපඞ‍්කරස‍්ස හි භගවතො පාදමූලෙ අට‍්ඨධම‍්මසමොධානෙන අභිනීහාරසමිද‍්ධිතො පභුති තථාගතො සම‍්මාසම‍්බොධිං සත‍්තො ලග‍්ගො “පත‍්තබ‍්බා මයා එසා”ති තදධිගමාය පරක‍්කමං අමුඤ‍්චන‍්තොයෙව ආගතො, තස‍්මා බොධිසත‍්තොති වුච‍්චති. කො නු ඛොති කතමො නු ඛො. ලොකොති සඞ‍්ඛාරලොකො. අස‍්සාදොති මධුරාකාරො. ආදීනවොති අනභිනන්‍දිතබ‍්බාකාරො. තස‍්ස මය‍්හන‍්ති තස‍්ස එවං බොධිසත‍්තස‍්සෙව සතො මය‍්හං. ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානන‍්ති නිබ‍්බානං ආගම‍්ම ආරබ‍්භ පටිච‍්ච ඡන්‍දරාගො විනයං ගච‍්ඡති පහීයති, තස‍්මා නිබ‍්බානං “ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහාන”න‍්ති වුච‍්චති. ඉදං ලොකනිස‍්සරණන‍්ති ඉදං නිබ‍්බානං ලොකතො නිස‍්සටත‍්තා ලොකනිස‍්සරණන‍්ති වුච‍්චති. යාවකීවන‍්ති යත‍්තකං පමාණං කාලං. අබ‍්භඤ‍්ඤාසින‍්ති අභිවිසිට‍්ඨෙන අරියමග‍්ගඤාණෙන අඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනන‍්ති ද‍්වීහිපි පදෙහි පච‍්චවෙක‍්ඛණඤාණං වුත‍්තං. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

තෙවෙනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි පුබේබව සමේබාධා යනු සම්බෝධියෙන් පූර්‍වයෙහිමය. ආර්යමාර්ගයට පැමිණීමෙන් අපරභාගයෙහිමයි කියන ලද්දේවෙයි. අනභිසම්බුද්ධස්ස යනු අවබෝධ නොකළ චතුරාර්යසත්‍යය ඇතත්තාවූයි. බොධිසත්තසේසව සතො යනු අවබෝධකරන්නාවූ පුද්ගලයාටමය. සම්මා සම්බෝධියට පැමිණීමට උත්සාහකරන්නාවූ සිහිනුවණ ඇත්තාටය. බෝධීයෙහි හෝ ඇලුණු තැනැත්තාට, ලැගුණු තැනැත්තාට යන්නෙන් සතො නම්වෙයි. දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාමුල අෂ්ටධර්ම සමොධානයෙන් අභිනීහාර සමෘද්ධියෙහි පටන් තථාගත තෙමේ බෝධියෙහි ඇලුනේ, ලැගුනේ, මාවිසින් මේ බෝධිය ලැබිය යුතුයයි එය අවබෝධ කිරීම සඳහා උත්සාහ අත්නොහරිමින්ම ආයේය. එහෙයින් බෝධිසත්වයයි කියනුලැබේ. කො නු ඛො යනු කවරෙක් නම්වේද? ලොකො යනු සංස්කාර ලෝකයයි. අස්සාදො යනු මිහිරි ආකාරයයි. ආදීනවො යනු සතුටු නොවියයුතු ආකාරයයි. තස්ස මයහං යනු මෙසේ බෝසත් වන්නාවූ ඒ මගේ යනුයි. ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප්පහාණං යනු නිවනට පැමිණ, අරභයා, නිසා ඡන්‍දරාගය දුරුවෙයි පහවෙයි. එහෙයින් නිවන ඡන්‍දරාගවිනය, ඡන්‍දරාගප්පහාණයයි කියනුලැබේ. ඉදං ලොකනිස්සරණං යනු මේ නිවන ලොවින් ඉවත්වූ හෙයින් ලොකනිස්සරණයයි කියනුලැබේ. යාවකීචං යනු යම් පමණවූ කාලයක්ය. අබ්භඤ්ඤාසිං යනු ඉතා විශිෂ්ටවූ ආර්යමාර්ග ඥානයෙන් දැනගතිමි. ඤාණඤ්ච පන මෙ දස්සනං යන පද දෙකින්ම ප්‍රත්‍යවෙක්‍ෂණඥානය කියනලදී. මෙහි සෙස්ස පැහැදිලිමය.

2. පඨමඅස‍්සාදසුත‍්තවණ‍්ණනා

3.3.1.2

දුතියෙ අස‍්සාදපරියෙසනං අචරින‍්ති අස‍්සාදපරියෙසනත්‍ථාය අචරිං. කුතො පට‍්ඨායාති? සුමෙධකාලතො පට‍්ඨාය. පඤ‍්ඤායාති සහවිපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය. සුදිට‍්ඨොති සුප‍්පටිවිද‍්ධො. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. තතියං සබ‍්බත්‍ථ උත‍්තානමෙව.

දෙවෙනි සූත්‍රයෙහි අස්සාදපරියෙසනං අචරිං යනු ආසවාදය සෙවීම සඳහා හැසුරුණෙමි. කවරකාලයක් සිටද යත්? සුමෙධ කාලයෙහි සිටය. පඤ්ඤාය යනු විදර්‍ශනා සහිත මාර්ග ප්‍රඥාවෙනි. සුද්දිටේඨා යනු මනාව අවබෝධ කරනලද්දේයි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්ථය දතයුතුය. තෙවැන්නෙහි සියල්ල පැහැදිලිමය.

4. සමණබ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

3.3.1.4

චතුත්‍ථෙ සාමඤ‍්ඤත්‍ථන‍්ති චතුබ‍්බිධං අරියඵලං. ඉතරං තස‍්සෙව වෙවචනං. සාමඤ‍්ඤත්‍ථෙන වා චත‍්තාරො මග‍්ගා, බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථෙන චත‍්තාරි ඵලානි. ඉමෙසු පන චතූසුපි සුත‍්තෙසු ඛන්‍ධලොකොව කථිතො.

සිවුවැන්නෙහි සාමාඤ්ඤත්‍ථං යනු චතුර්විධ ආර්යඵලයයි. සෙස්ස ඊටම පර්යාය වචනයි. ශ්‍රමණත්ව යන අර්ථයෙන් සතර මග හෝ බ්‍රහ්මණ්‍ය යන අර්ථයෙන් සතරපලය හෝ වේ. මේ සූත්‍ර සතරෙහිම ස්කන්‍ධලෝකය කියනලදී.

5. රුණ‍්ණසුත‍්තවණ‍්ණනා

3.3.1.5

පඤ‍්චමං අත්‍ථුප‍්පත‍්තියා නික‍්ඛිත‍්තං. කතරාය අත්‍ථුප‍්පත‍්තියා? ඡබ‍්බග‍්ගියානං අනාචාරෙ. තෙ කිර ගායන‍්තා නච‍්චන‍්තා හසන‍්තා විචරිංසු. භික‍්ඛූ දසබලස‍්ස ආරොචයිංසු. සත්‍ථා තෙ පක‍්කොසාපෙත්‍වා තෙසං ඔවාදත්‍ථාය ඉදං සුත‍්තං ආරභි. තත්‍ථ රුණ‍්ණන‍්ති රොදිතං. උම‍්මත‍්තකන‍්ති උම‍්මත‍්තකකිරියා. කොමාරකන‍්ති කුමාරකෙහි කත‍්තබ‍්බකිච‍්චං. දන‍්තවිදංසකහසිතන‍්ති දන‍්තෙ දස‍්සෙත්‍වා පාණිං පහරන‍්තානං මහාසද‍්දෙන හසිතං. සෙතුඝාතො ගීතෙති ගීතෙ වො පච‍්චයඝාතො හොතු, සහෙතුකං ගීතං පජහථාති දීපෙති. නච‍්චෙපි එසෙව නයො. අලන‍්ති යුත‍්තං. ධම‍්මප‍්පමොදිතානං සතන‍්ති එත්‍ථ ධම‍්මො වුච‍්චති කාරණං, කෙනචිදෙව කාරණෙන පමුදිතානං සන‍්තානං. සිතං සිතමත‍්තායාති තස‍්මිං සිතකාරණෙ සති යං සිතං කරොථ, තං වො සිතමත‍්තාය අග‍්ගදන‍්තෙ දස‍්සෙත්‍වා පහට‍්ඨාකාරමත‍්තදස‍්සනායයෙව යුත‍්තන‍්ති වුත‍්තං හොති.

පස්වෙනි සූත්‍රය අර්ථොත්පත්තියක ඉදිරිපත් කරනලදී. කවර අර්ථොත්පත්තියකදයත්? ඡබ්බග්ගිය භික්‍ෂූන්ගේ නොමනා හැසිරීමෙහිය. ඔවුහු ගයමින් නටමින් සිනහසෙමින් හැසිරුණාහුය. භික්‍ෂූහු (එය) තථාගතයන්වහන්සේට දැන්වූවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන් කැඳවා ඔවුන්ට අවවාද සඳහා මේ සූත්‍රය ඇරඹුසේක. එහි රුණ්ණං යනු හැඬීමයි. උම්මත්තකං යනු උමතුවූවන්ගේ ක්‍රියාවයි. කොමාරකං යනු ළාබාලයන් විසින් කළයුතු ක්‍රියාවකි. දන්තවිදංසකං හසිතං යනු දත් දක්වා අත් පොළන්නවුන්ගේ මහ හඬින් යුත් සිනහවයි. සෙතුඝාතො ගීතෙ යනු තොපගේ ගීතයෙහි ප්‍රත්‍යය විනාශය වේවා? හේතුසහිත ගීතය දුරුකරවූයයි දැක්වෙයි. නාත්‍යයෙහිද මේ ක්‍රමයමයි. අලං යනු යුතුදෙයයි. පමොදිතානං සතං යන මෙහි හේතුව ධර්මයයි කියනුලැබේ. කිසියම් කරුණකින් ප්‍රමුදිතවූ සත්වයන්ගේයි. සිතං සිතමත්තාය යනු ඒ සිනහවට කරුණක් ඇති විට යම් සිනහවක් කරවූද එය තොපගේ සිනහව පමණට ඉදිරිදත් පෙන්වා සතුටුවූ ආකාරයක් දැක්වීම පමණක්ම සුදුසුයයි කියනලද්දේ වෙයි.

6. අතිත‍්තිසුත‍්තවණ‍්ණනා

3.3.1.6

ඡට‍්ඨෙ සොප‍්පස‍්සාති නිද‍්දාය. පටිසෙවනාය නත්‍ථි තිත‍්තීති යථා යථා පටිසෙවති, තථා තථා රුච‍්චතියෙවාති තිත‍්ති නාම නත්‍ථි. සෙසපදද‍්වයෙපි එසෙව නයො. සචෙ හි මහාසමුද‍්දෙ උදකං සුරා භවෙය්‍ය, සුරාසොණ‍්ඩො ච මච‍්ඡො හුත්‍වා නිබ‍්බත‍්තෙය්‍ය, තස‍්ස තත්‍ථ චරන‍්තස‍්සපි සයන‍්තස‍්සපි තිත‍්ති නාම න භවෙය්‍ය. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටමෙව කථිතං.

සයවැන්නෙහි සොප්පස්ස යනු නිදීමටය. පටිසෙවනාය නත්‍ථිතිත්ති යනු යම් යම්සේ ඇසුරු කෙරෙයිද ඒ ඒ අයුරින් කැමති වේමයයි තෘප්තියක් නම්නැත. සෙසු (පද) දෙකෙහිද එම ක්‍රමයමයි. ඉදින් මහසමුදුරෙහි ජලය සුරාව වන්නේ නම් සුරාසොඬාද මත්ස්‍යයෙක්වී උපදින්නේ නම් එහි හැසිරෙන්නාවූද නිදන්නාවූද ඔහුගේ තෘප්තියක් නම් නොවන්නේය. මේ සූත්‍රයෙහි සසරම කියනලදී.

7. අරක‍්ඛිතසුත‍්තවණ‍්ණනා

3.3.1.7

සත‍්තමෙ අවස‍්සුතං හොතීති තින‍්තං හොති. න භද‍්දකං මරණං හොතීති අපායෙ පටිසන්‍ධිපච‍්චයතාය න ලද‍්ධකං හොති. කාලකිරියාති තස‍්සෙව වෙවචනං. සුක‍්කපක‍්ඛෙ සග‍්ගෙ පටිසන්‍ධිපච‍්චයතාය භද‍්දකං හොති ලද‍්ධකං. තං පන එකන‍්තෙන සොතාපන‍්නාදීනං තිණ‍්ණං අරියසාවකානංයෙව වට‍්ටති. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

සත්වැන්නෙහි අවස්සුතං හොති යනු තෙත්වූයේ වෙයි. න භද්දකං මරණං හොති යනු අපායෙහි ප්‍රතිසන්‍ධි ප්‍රත්‍යය හේතුකොටගෙන ලබන ලද්දක් නොවෙයි. කාලකිරියාය යනු ඊටම පර්යාය වචනයකි. පුණ්‍යපක්‍ෂයෙහි ස්වර්ගයෙහි ප්‍රතිසන්‍ධිප්‍රත්‍යය හේතුකොටගෙන ලබනලද දෙය සොඳුරුවූවක් වෙයි. එය වනාහි ඒකාන්තයෙන්ම සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකයන් තිදෙනාටම වටියි. මෙහි සෙස්ස පැහැදිලිය.

8. බ්‍යාපන‍්නසුත‍්තවණ‍්ණනා

3.3.1.8

අට‍්ඨමෙ බ්‍යාපන‍්නන‍්ති පකතිභාවං ජහිත්‍වා ඨිතං. සෙසං පුරිමසුත‍්තෙ වුත‍්තනයමෙව.

අටවැන්නෙහි ව්‍යාපන්නං යනු ප්‍රකෘතිභාවය අත්හැර සිටියේයි. සෙස්ස මුල් සූත්‍රයෙහි කියනලද ක්‍රමය ඇත්තේමය.

9. පඨමනිදානසුත‍්තවණ‍්ණනා

3.3.1.9

නවමෙ නිදානානීති කාරණානි. කම‍්මානං සමුදයායාති වට‍්ටගාමිකම‍්මානං පිණ‍්ඩකරණත්‍ථාය. ලොභපකතන‍්ති ලොභෙන පකතං. සාවජ‍්ජන‍්ති සදොසං. තං කම‍්මං කම‍්මසමුදයාය සංවත‍්තතීති තං කම‍්මං අඤ‍්ඤෙසම‍්පි වට‍්ටගාමිකම‍්මානං සමුදයාය පිණ‍්ඩකරණත්‍ථාය සංවත‍්තති. න තං කම‍්මං කම‍්මනිරොධායාති තං පන කම‍්මං වට‍්ටගාමිකම‍්මානං නිරොධත්‍ථාය න සංවත‍්තති. සුක‍්කපක‍්ඛෙ කම‍්මානං සමුදයායාති විවට‍්ටගාමිකම‍්මානං සමුදයත්‍ථාය. ඉමිනා නයෙන සබ‍්බං අත්‍ථතො වෙදිතබ‍්බං.

නවවැන්නෙහි නිදානානි යනු කරුණුය. කම්මානං සමුදයාය යනු සංසාරගාමී කර්මයන් පිඬුකිරීම (රැස්කිරීම) සඳහාය. ලොහපකතං යනු ලෝභයෙන් කරනලදයි. සාවජ්ජං යනු සදොස්ය. තං කම්මං කම්මසමුදයාය සංවත්තති යනු ඒ කර්මය වෙනත් සංසාරගාමී කර්මයන් රැස්කිරීම සඳහා පවතියි. නතං කම්මං කම්මනිරොධාය යනු ඒ කර්මය සංසාරගාමී කර්මයන් නැතිකිරීම සඳහා නොපවතියි. යහපත් අංශයෙහි කම්මානං සමුදයාය යනු විවර්තගාමී කර්මයන් හටගැනීම සඳහාය. මේ ක්‍රමයෙන් සියල්ල අර්ථ වශයෙන් දතයුතුය.

10. දුතියනිදානසුත‍්තවණ‍්ණනා

3.3.1.10

දසමෙ කම‍්මානන‍්ති වට‍්ටගාමිකම‍්මානමෙව. ඡන්‍දරාගට‍්ඨානියෙති ඡන්‍දරාගස‍්ස කාරණභූතෙ. ආරබ‍්භාති ආගම‍්ම සන්‍ධාය පටිච‍්ච. ඡන්‍දොති තණ‍්හාඡන්‍දො. යො චෙතසො සාරාගොති යො චිත‍්තස‍්ස රාගො රජ‍්ජනා රජ‍්ජිතත‍්තං, එතමහං සංයොජනං වදාමි, බන්‍ධනං වදාමීති අත්‍ථො. සුක‍්කපක‍්ඛෙ කම‍්මානන‍්ති විවට‍්ටගාමිකම‍්මානං. තදභිනිවත‍්තෙතීති තං අභිනිවත‍්තෙති. යදා වා තෙන විපාකො ඤාතො හොති විදිතො, තදා තෙ චෙව ධම‍්මෙ තඤ‍්ච විපාකං අභිනිවත‍්තෙති. ඉමිනා ච පදෙන විපස‍්සනා කථිතා, තදභිනිවත‍්තෙත්‍වාති ඉමිනා මග‍්ගො. චෙතසා අභිනිවිජ‍්ඣිත්‍වාති ඉමිනා ච මග‍්ගොව. පඤ‍්ඤාය අතිවිජ‍්ඣ පස‍්සතීති සහ විපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය නිබ‍්බිජ‍්ඣිත්‍වා පස‍්සති. එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. ඉමස‍්මිං පන සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති.

දසවැන්නෙහි කම්මානං යනු සංසාරගාමී කර්මයන්ගේමය. ඡන්‍දරාගට්ඨානීයෙ යනු ඡන්‍දරාගයට කරුණුවූයි. ආරබ්භ යනු අවුත්, සඳහා, නිසායි. ඡන්‍දො යනු තෘෂ්ණා ඡන්‍දයයි. යො චෙතසො සාරාගො යනු සිතේ යම් රාගයක් රැදීමක්, රැඳුණුබවක් වේද යනුයි. එතමහං සංයොජනං වදාමි යනු බන්‍ධනයකිසි කියමියි අර්ථයයි. හොඳ පැත්තෙහි, කම්මානං යනු විවර්තගාමී කර්මයන්ගේයි. තදහිනිවටේටති යනු එය ආපසු හැරෙයි. යම්දිනක හෝ ඔහු විසින් විපාකය දන්නාලද්දේ වෙයිද විඳිනාලද්දේ වේද එවිට ඒ ධර්මයන් මෙන්ම ඒ විපාකයද ආපසු හරවයි. මේ පදයෙන්ද විදර්ශනාව කියනලදී. තදහිනිවටේටත්‍වා යන මෙයින් මාර්ගය (කියනලදී.) චෙතසො අභිවිරාජෙත්‍වො යන මෙයින්ද මාර්ගයම කියනලදී. පඤ්ඤාය අතිවිජක්‍ධ පස්සති යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් විනිවිද බලයි. මෙසේ සියලුතන්හි අර්ථය දතයුතුය. මේ සූත්‍රයෙහි වර්තවිවර්ත දෙක කියනලදී.

සම‍්බොධවග‍්ගො පඨමො.

පළමුවෙනිවූ සම්බොධිවර්ගයයි.