යෙදුමෙන් කියවන්න

5. ලොණඵල වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. ලොණඵල වර්ගය

1. අච‍්චායිකසුත‍්තවණ‍්ණනා

3. 2. 5. 1

පඤ‍්චමස‍්ස පඨමෙ අච‍්චායිකානීති අතිපාතිකානි. කරණීයානීති අවස‍්සකිච‍්චානි. යඤ‍්හි න අවස‍්සං කාතබ‍්බං, තං කිච‍්චන‍්ති වුච‍්චති. අවස‍්සං කාතබ‍්බං කරණීයං නාම. සීඝං සීඝන‍්ති වෙගෙන වෙගෙන. තස‍්ස ඛො තන‍්ති එත්‍ථ තන‍්ති නිපාතමත‍්තං. නත්‍ථි සා ඉද‍්ධි වා ආනුභාවො වාති සා වා ඉද‍්ධි සො වා ආනුභාවො නත්‍ථි. උත‍්තරස‍්වෙති තතියදිවසෙ. උතුපරිණාමිනීති ලද‍්ධඋතුපරිණාමානි හුත්‍වා. ජායන‍්තිපීති තතියදිවසෙ නික‍්ඛන‍්තසෙතඞ‍්කුරානි හොන‍්ති, සත‍්තාහෙ පත‍්තෙ නීලඞ‍්කුරානි හොන‍්ති. ගබ‍්භීනිපි හොන‍්තීති දියඩ‍්ඪමාසං පත්‍වා ගහිතගබ‍්භානි හොන‍්ති. පච‍්චන‍්තිපීති තයො මාසෙ පත්‍වා පච‍්චන‍්ති. ඉදානි යස‍්මා බුද‍්ධානං ගහපතිකෙන වා සස‍්සෙහි වා අත්‍ථො නත්‍ථි, සාසනෙ පන තප‍්පටිරූපකං පුග‍්ගලං වා අත්‍ථං වා දස‍්සෙතුං තං තං ඔපම‍්මං ආහරන‍්ති. තස‍්මා යමත්‍ථං දස‍්සෙතුකාමෙන එතං ආභතං, තං දස‍්සෙන‍්තො එවමෙව ඛොතිආදිමාහ. තං අත්‍ථතො උත‍්තානමෙව. සික‍්ඛා පන ඉධාපි මිස‍්සිකා එව කථිතා.

පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි අච්චායිකානි යනු ඉක්මන් කටයුත්තයි. කරණීයානි යනු අවශ්‍යයෙන් කළයුතු දෙයයි. යමක් අවශ්‍යයෙන් කළයුතු නොවේනම් එය කිච්චයයි කියනුලැබේ. අවශ්‍යයෙන් කළයුතුදෙය කරණීය නමි. සීඝසීඝං යනු වේගයෙනි. තස්ස ඛො තං යන මෙහි තං යනු නිපාත මාත්‍රයකි. නත්‍ථි සා ඉද්ධි වා ආනුභාවො වා යනු ඒ සෘද්ධිය හෝ ඒ ආනුභාවය හෝ නැත. උත්තරසේච යනු තෙවැනි දිනයෙහිය. උතුපරිණාමිනි යනු ලබනලද සෘතුපරිනාමයන් වී ජායන්තිපි යනු තෙවැනි දිනයෙහි නික්මුණු සුදු අංකුර වෙයි. දින හත පැමිණිවිට නිල් අංකුරවෙයි. ගබ්හිනීපි හොන්ති යනු මාස එක හමාරට පැමිණ ගන්නාලද ගැබ් ඇත්තේ වෙයි. පච්චන්තිපි යනු තුන් මසට පැමිණ පැසෙයි. දැන් බුදුවරුන්ට ගෘහපතියකුගෙන් හෝ ධාන්‍යයන්ගෙන් හෝ වැඩක් නැත්ද සසුනෙහි එබඳු පුද්ගලයකු හෝ අර්ථයක් හෝ දැක්වීමට ඒ ඒ උපමාව ගෙනහැර දක්වන්නේ යම්සේද එසෙයින් යම් අදහසක් දක්වනු කැමැත්තහු විසින් මෙය ගෙනඑන ලද්දේද එය දක්වමින් එවමෙවඛො යනාදිය පැවසූහ. එය අර්‍ත්‍ථවශයෙන් පැහැදිලිය. මෙහිද ශික්‍ෂාව මිශ්‍රකවම කියනලදී.

2. පවිවෙකසුත‍්තවණ‍්ණනා

3. 2. 5. 2

දුතියෙ චීවරපවිවෙකන‍්ති චීවරං නිස‍්සාය උප‍්පජ‍්ජනකකිලෙසෙහි විවිත‍්තභාවං. සෙසද‍්වයෙපි එසෙව නයො. සාණානීති සාණවාකචෙලානි. මසාණානීති මිස‍්සකචෙලානි. ඡවදුස‍්සානීති මතසරීරතො ඡඩ‍්ඩිතවත්‍ථානි, එරකතිණාදීනි වා ගන්‍ථෙත්‍වා කතනිවාසනානි. පංසුකූලානීති පථවියං ඡඩ‍්ඩිතනන‍්තකානි. තිරීටානීති රුක‍්ඛතචවත්‍ථානි. අජිනානීති අජිනමිගචම‍්මානි. අජිනක‍්ඛිපන‍්ති තදෙව මජ‍්ඣෙ ඵාලිතං, සහඛුරකන‍්තිපි වදන‍්ති. කුසචීරන‍්ති කුසතිණානි ගන්‍ථෙත්‍වා කතචීරං. වාකචීරඵලකචීරෙසුපි එසෙව නයො. කෙසකම‍්බලන‍්ති මනුස‍්සකෙසෙහි කතකම‍්බලං. වාලකම‍්බලන‍්ති අස‍්සවාලාදීහි කතකම‍්බලං. උලූකපක‍්ඛිකන‍්ති උලූකපත‍්තානි ගන්‍ථෙත්‍වා කතනිවාසනං.

දෙවෙනි සූත්‍රයෙහි චීවරපවිචෙකං යනු සිවුර නිසා උපදින කෙලෙසුන්ගෙන් වෙන්වූ බවයි. සෙසු දෙකෙහිද එම ක්‍රමයමයි. සාණානි යනු හණවැහැරී රෙදිය. මසාණානි යනු මිශ්‍රකවස්ත්‍රය. ඡවදුස්සානි යනු මළ සිරුරෙන් ඉවත් කළ වස්ත්‍රය. ඒරක තණ ආදිය ගෙන එකට ගැටගසා කළ වස්ත්‍ර හෝ වේ. පංසුකූලානි යනු පොළොවෙහි ඉවතලූ රෙදිකඩය. තිරීටකානි යනු ගස් සිවියෙන් තැනූ වස්ත්‍රය. අජිනානි යනු අජිනමුව සම්ය. අජිනක්‍ඛිපං යනු මැදින් පලන ලද ඒ අජිනමුවසම්මය. සහඛුරකයයිද කියත්, කුසවීරං යනු කුසතණින් ගොතා කළ වැහැරිය. වාකචීරඵලකචීරයන්හිද එම ක්‍රමයමැයි. කෙසකම්බලං යනු මිනිස් කෙසින් කළ කම්බිලියයි. වාළකම්බලං යනු අස්ලොම් ආදියෙන් කළ කම්බිලියයි. උලුකපක්‍ඛිකං යනු බකමූණු පිහාටු ගොතා කළ වස්ත්‍රයයි.

සාකභක‍්ඛාති අල‍්ලසාකභක‍්ඛා. සාමාකභක‍්ඛාති සාමාකතණ‍්ඩුලභක‍්ඛා. නීවාරාදීසු නීවාරා නාම අරඤ‍්ඤෙ සයං ජාතවීහිජාති. දද‍්දුලන‍්ති චම‍්මකාරෙහි චම‍්මං ලිඛිත්‍වා ඡඩ‍්ඩිතකසටං. හටං වුච‍්චති සිලෙසොපි සෙවාලොපි කණිකාරාදිරුක‍්ඛනිය්‍යාසොපි. කණන‍්ති කුණ‍්ඩකං. ආචාමොති භත‍්තඋක‍්ඛලිකාය ලග‍්ගො ඣාමඔදනො. තං ඡඩ‍්ඩිතට‍්ඨානෙ ගහෙත්‍වා ඛාදන‍්ති, ඔදනකඤ‍්ජියන‍්තිපි වදන‍්ති. පිඤ‍්ඤාකාදයො පාකටාව. පවත‍්තඵලභොජීති පතිතඵලභොජී. භුසාගාරන‍්ති ඛලසාලං.

සාකභක්‍ඛා යනු නොවියළි ශාක අනුභව කරන්නෝයි. සාමාකභක්‍ඛා යනු සාමාක නම් ධාන්‍ය අනුභවකරන්නෝයි. නීවාරයනාදියෙහි නීවාර නම් කැලේ ඉබේ හටගත් වීජාතියකි. දද්දුලං යනු සම්කරුවන් විසින් සූරා විසිකළ කසටයි. ලහටුද සෙවලද කිණිහිරි ආදී ගස්වල කිරිද හටං යි කියනුලැබේ. කණං යනු (හාල්) නිවුඩුය. ආචාමො යනු බත් හැලියෙහි ඇලුණු පිළිස්සුණු බත්ය. ඒවා විසිකළ තැනින් ගෙන කති. බත් කැඳයයිද කියත්. පිඤ්ඤාකාදයො යන්නෙහි පිඤ්ඤාක (පුන්නක්කු) ආදිය ප්‍රකටමය. පවත්තඵලභොජි යනු වැටුණුපල අනුභව කරන්නෝයි. භූසාගාරං යනු ගොයම් මඬින ශාලාවයි.

සීලවාති චතුපාරිසුද‍්ධිසීලෙන සමන‍්නාගතො. දුස‍්සීල්‍යඤ‍්චස‍්ස පහීනං හොතීති පඤ‍්ච දුස‍්සීල්‍යානි පහීනානි හොන‍්ති. සම‍්මාදිට‍්ඨිකොති යාථාවදිට‍්ඨිකො. මිච‍්ඡාදිට‍්ඨීති අයාථාවදිට‍්ඨි. ආසවාති චත‍්තාරො ආසවා. අග‍්ගප‍්පත‍්තොති සීලග‍්ගප‍්පත‍්තො. සාරප‍්පත‍්තොති සීලසාරං පත‍්තො. සුද‍්ධොති පරිසුද‍්ධො. සාරෙ පතිට‍්ඨිතොති සීලසමාධිපඤ‍්ඤාසාරෙ පතිට‍්ඨිතො.

සීලවා යනු සිවුපිරිසුදු ශීලයෙන් යුක්තවූයේයි. දුස්සීල්‍යඤ්චස්ස පහීනං හොති යනු පස් දුසිල් ආදිය ප්‍රහීනවූයේ වෙයි. සම්මාදිට්ඨිකො යනු තත්වූ පරිද්දෙන් දකින්නායි. මිච්ඡාදිට්ඨි යනු අයථා දෘෂ්ටි ඇත්තේයි. ආසවා යන ආශ ව සතරයි. අග්ගප්පතේතා යනු සිල් කෙළවරට පැමිණියේය. සාරප්පතේතා සිල්හරයට පැමිණියේයි. සුද්ධො යනු පිරිසුදුවූයේයි. සාරෙ පතිට්ඨතො යනු සීලසමාධි පඤ්ඤාසාරයෙහි පිහිටියේයි.

සෙය්‍යථාපීති යථා නාම. සම‍්පන‍්නන‍්ති පරිපුණ‍්ණං පරිපක‍්කසාලිභරිතං. සඞ‍්ඝරාපෙය්‍යාති සඞ‍්කඩ‍්ඪාපෙය්‍ය. උබ‍්බහාපෙය්‍යාති ඛලට‍්ඨානං ආහරාපෙය්‍ය. භුසිකන‍්ති භුසං. කොට‍්ටාපෙය්‍යාති උදුක‍්ඛලෙ පක‍්ඛිපාපෙත්‍වා මුසලෙහි පහරාපෙය්‍ය. අග‍්ගප‍්පත‍්තානීති තණ‍්ඩුලග‍්ගං පත‍්තානි. සාරප‍්පත‍්තාදීසුපි එසෙව නයො. සෙසං උත‍්තානමෙව. යං පනෙත්‍ථ “දුස‍්සීල්‍යඤ‍්චස‍්ස පහීනං මිච‍්ඡාදිට‍්ඨි චස‍්ස පහීනා”ති වුත‍්තං, තං සොතාපත‍්තිමග‍්ගෙන පහීනභාවං සන්‍ධාය වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

සෙය්‍යථාපි යනු යම්සේ නම්ය. සම්පන්නං යනු පිරිපුන්, පැසුණුහැල් වියෙන් බරවූයි. සඞ්ඝරාපෙය්‍ය යනු එකතුකරවන්නේය, උබ්බභාපෙය්‍ය යනු ගොයම් මඬින තැනට ගෙන්වන්නේය. භූසිකං යනු බොල්ය. කොට්ටාපෙය්‍ය යනු වංගෙඩියෙහි හෙලා මොහොල්වලින් පහර දෙවන්නේය. අග්ගප්පත්තානි යනු සහලේ (සහල් සැදීමේ) කෙළවරට පැමිණියාවූයි. සාරප්පත්ත යනාදියෙහිද මේ ක්‍රමයමයි. සෙස්ස පැහැදිලිමය. මෙහි ‘දුස්සීල්‍යකඤ්චස්ස පහීනං මිච්ඡාදිට්ඨිචස්ස පහීනා’ යන යමක් කියනලද්දේ එය සෝවාන් මගින් දුරුවූ බව සඳහා කියනලදැයි දතයුතුය.

3. සරදසුත‍්තවණ‍්ණනා

3. 2. 5. 3

තතියෙ විද‍්ධෙති වලාහකවිගමෙන දූරීභූතෙ. දෙවෙති ආකාසෙ. අභිවිහච‍්චාති අභිවිහනිත්‍වා. යතොති යස‍්මිං කාලෙ. විරජන‍්ති රාගරජාදිරහිතං. තෙසංයෙව මලානං විගතත‍්තා වීතමලං. ධම‍්මචක‍්ඛුන‍්ති චතුසච‍්චධම‍්මපරිග‍්ගාහකං සොතාපත‍්තිමග‍්ගචක‍්ඛුං. නත්‍ථි තං සංයොජනන‍්ති දුවිධමෙවස‍්ස සංයොජනං නත්‍ථි, ඉතරම‍්පි පන පුන ඉමං ලොකං ආනෙතුං අසමත්‍ථතාය නත්‍ථීති වුත‍්තං. ඉමස‍්මිං සුත‍්තෙ ඣානානාගාමී නාම කථිතොති.

තුන්වැන්නෙහි විදේධ යනු වළා ඉවත්වීමෙන් දුරුවූයි. දෙවෙ යනු අහසෙහිය. අභිවිහච්ච යනු නසා (විනාශ කොට) යි. යතො යනු යම් කලෙකයි. විරජං යනු රාගාදිය රහිතයි. ඒ කිලිටි දුරුවූ බැවින් විතමලං නමි. ධම්මචක්‍ඛුං යනු චතුරාර්ය සත්‍ය ධර්මයන් විමර්‍ශනය කරන්නාවූ සොතාපත්තිමාර්ග චක්‍ෂුසයි. නත්‍ථි තං සංයොජනං යනු මොහොටු දෙයාකාරවූ සංයෝජනයම නැත. සෙස්සද නැවත මොලොවට ගෙන ඒමට අසමත් බැවින් නැතැයි කියනලදී. මේ සූත්‍රයෙහි ධ්‍යාන (වැඩූ) අනාගාමී පුද්ගලයා කියනලදී.

4. පරිසාසුත‍්තවණ‍්ණනා

3. 2. 5. 4

චතුත්‍ථෙ න බාහුලිකා හොන‍්තීති පච‍්චයබාහුල‍්ලිකා න හොන‍්ති. න සාථලිකාති තිස‍්සො සික‍්ඛා සිථිලං කත්‍වා න ගණ‍්හන‍්ති. ඔක‍්කමනෙ නික‍්ඛිත‍්තධුරාති ඔක‍්කමනං වුච‍්චති අවගමනට‍්ඨෙන පඤ‍්ච නීවරණානි, තෙසු නික‍්ඛිත‍්තධුරා. පවිවෙකෙ පුබ‍්බඞ‍්ගමාති කායචිත‍්තඋපධිවිවෙකසඞ‍්ඛාතෙ තිවිධෙපි විවෙකෙ පුබ‍්බඞ‍්ගමා. වීරියං ආරභන‍්තීති දුවිධම‍්පි වීරියං පග‍්ගණ‍්හන‍්ති. අප‍්පත‍්තස‍්සාති ඣානවිපස‍්සනාමග‍්ගඵලසඞ‍්ඛාතස‍්ස අප‍්පත‍්තවිසෙසස‍්ස. සෙසපදද‍්වයෙපි එසෙව නයො. පච‍්ඡිමා ජනතාති සද‍්ධිවිහාරිකඅන‍්තෙවාසිකාදයො. දිට‍්ඨානුගතිං ආපජ‍්ජතීති ආචරියුපජ‍්ඣායෙහි කතං අනුකරොති. යං තාය ජනතාය ආචරියුපජ‍්ඣායෙසු දිට‍්ඨං, තස‍්ස අනුගතිං ආපජ‍්ජති නාම. අයං වුච‍්චති, භික‍්ඛවෙ, අග‍්ගවතී පරිසාති, භික‍්ඛවෙ, අයං පරිසා අග‍්ගපුග‍්ගලවතී නාම වුච‍්චති.

සිවුවැන්නෙහි නා බාහුලිකා හොන්ති යනු ප්‍රත්‍යය බහුලකොට ඇත්තෝ නොවෙත්. න සාථලිකා යනු ත්‍රිශක්‍ෂා ලිහිල්කොට නොගනිති. ඔක්කමනෙ නික්‍ඛිත්තධුරා යනු නොමග යන අරුතින් පංචනීවරණ ඔත්කමනයි කියනුලැබේ. ඒ නීවරණයන්හි බහාතැබූ වගකීම් ඇත්තෝයි. පවිවෙකෙ පුබ්බඞ්ගමා යනු කායචිත්ත උපාධි සංඛ්‍යාත ත්‍රිවිධ විවෙකයෙහිම පෙරටුවූවෝයි. විරියං ආරභන්ති යනු දෙයාකාර වීර්යයම දැඩිව ගනිත්. අප්පත්තස්ස යනු ධ්‍යානවිදර්‍ශනාමාර්‍ගඵල සංඛ්‍යාතවූ විශේෂයකට නොපැමිණියහුගේයි. සෙසුපද දෙකෙහිද මේ ක්‍රමයමයි. පච්ඡිමා ජනතා යනු සද්ධිවිහාරික අනේතවාසිකාදීහුයි. දිට්ඨානුගතිං ආපජ්ජති යනු ආචාර්ය උපාධ්‍යායයන් විසින් කරනලද දෙය අනුකරණය කරයි. ඒ ජනතාව විසින් ආචාර්ය උපාධ්‍යයයන් කෙරෙහි යමක් දක්නාලද්දේද එය අනුගමනයට පැමිණෙයි. අයං වුච්චති භික්‍ඛවෙ අග්ගවතී පරිසා යනු මහණෙනි, මේ පිරිස අග්ගපුග්ගලවතීයයි කියනුලැබෙයි.

භණ‍්ඩනජාතාති ජාතභණ‍්ඩනා. කලහජාතාති ජාතකලහා. භණ‍්ඩනන‍්ති චෙත්‍ථ කලහස‍්ස පුබ‍්බභාගො, හත්‍ථපරාමාසාදිවසෙන වීතික‍්කමො කලහො නාම. විවාදාපන‍්නාති විරුද‍්ධවාදං ආපන‍්නා. මුඛසත‍්තීහීති ගුණවිජ‍්ඣනට‍්ඨෙන ඵරුසා වාචා “මුඛසත‍්තියො”ති වුච‍්චන‍්ති, තාහි මුඛසත‍්තීහි. විතුදන‍්තා විහරන‍්තීති විජ‍්ඣන‍්තා විචරන‍්ති.

භණ්ඩනජාතා යනු හටගත් ආරාවුල් ඇත්තෝයි. කලහජාතා යනු හටගත් කෝලාහල ඇත්තෝයි. මෙහි භණ්ඩන යනු කෝලාහලයේ පූර්වභාගය (මුල් අදියර) යි. අත්අල්ලා ගැනීම් වශයෙන් මැඩීම කලහනම්. විවාදාපන්නා යනු විරුද්ධවාදයට පැමිණියෝයි. මුඛසත්තීහි යනු ගුණ දැදුරුකිරීම් අරුතින් පරුෂවචනය මුඛසත්තියයි කියනුලැබේ. ඒ මුඛසත්තිවලිනි. චිතුදන්තා විහරන්ති යනු විදිමින් (දැදුරුකරමින්) හැසිරෙත්.

සමග‍්ගාති සහිතා. සම‍්මොදමානාති සමප‍්පවත‍්තමොදා. ඛීරොදකීභූතාති ඛීරොදකං විය භූතා. පියචක‍්ඛූහීති උපසන‍්තෙහි මෙත‍්තචක‍්ඛූහි. පීති ජායතීති පඤ‍්චවණ‍්ණා පීති උප‍්පජ‍්ජති. කායො පස‍්සම‍්භතීති නාමකායොපි රූපකායොපි විගතදරථො හොති. පස‍්සද‍්ධකායොති අසාරද‍්ධකායො. සුඛං වෙදියතීති කායිකචෙතසිකසුඛං වෙදියති. සමාධියතීති ආරම‍්මණෙ සම‍්මා ඨපීයති.

සමග්ගා යනු එක්වූවෝ (සමගිවූවෝ)යි. සම්මොදමානා යනු සපැමිණි සතුට ඇත්තෝයි. ඛීරොදකීභූතා යනු කිරි හා දිය මෙන් වූවෝයි. පියචක්‍ඛූහි යනු සන්හුන් මෙත් ඇසිනි. පීතිජායති යනු පස්වණක් ප්‍රීතිය උපදවයි. කායො පස්සමහති යනු නාමකායද රූපකායද පහවූ විඩාව ඇත්තේ වෙයි. පස්සද්ධකායො යනු සන්හුන් කය ඇත්තේයි. සුඛං වෙදියති යනු කායික චෛතසික සුවය විඳිනුලැබේ. සමාධියති යනු අරමුණෙහි මැනවින් තබනුලැබේ.

ථුල‍්ලඵුසිතකෙති මහාඵුසිතකෙ. පබ‍්බතකන්‍දරපදරසාඛාති එත්‍ථ කන්‍දරො නාම “ක”න‍්ති ලද‍්ධනාමෙන උදකෙන දාරිතො උදකභින‍්නො පබ‍්බතප‍්පදෙසො, යො “නිතම‍්භො”තිපි “නදිකුඤ‍්ජො”තිපි වුච‍්චති. පදරං නාම අට‍්ඨ මාසෙ දෙවෙ අවස‍්සන‍්තෙ ඵලිතො භූමිප‍්පදෙසො. සාඛාති කුසොබ‍්භගාමිනියො ඛුද‍්දකමාතිකායො. කුසොබ‍්භාති ඛුද‍්දකආවාටා. මහාසොබ‍්භාති මහාආවාටා. කුන‍්නදියොති ඛුද‍්දකනදියො. මහානදියොති ගඞ‍්ගායමුනාදිකා මහාසරිතා.

ථුල්ලඵුසිතෙකෙ යනු මහාබිංදු ඇත්තාවූයි. පබ්බතකන්‍දරපදරසාබා යන මෙහි කන්‍දරං යනු කංයි ලබනලද නම් ඇති දියෙන් පැළුණු දියෙන්බිඳුණු පර්‍වත ප්‍රදේශයයි. එය නිතමබයයිද නදීනිකුඤඤ්ජයයිද කියනුලැබේ. පදරං යනු අඩමසක වැසි නොවටන කල්හි පැළුණු බිම් පෙදෙසයි. සාබා යනු කුඩා ආවාටයන්ට යන්නාවූ කුඩා ජලමාර්ගයයි. කුසසුබ්භා යනු කුඩා ආවාටයයි. මහාසොබහා යනු මහ ආවාටයි කුනනදියො යනු කුඩා නදීහුයි. මහානදියො යනු ගඞ්ගායමුනා ආදී මහාගංගාවෝයි.

5-7. පඨමආජානීයසුත‍්තාදිවණ‍්ණනා

3. 2. 5. 5

පඤ‍්චමෙ අඞ‍්ගෙහීති ගුණඞ‍්ගෙහි. රාජාරහොති රඤ‍්ඤො අරහො අනුච‍්ඡවිකො. රාජභොග‍්ගොති රඤ‍්ඤො උපභොගභූතො. රඤ‍්ඤො අඞ‍්ගන‍්ති රඤ‍්ඤො හත්‍ථපාදාදිඅඞ‍්ගසමතාය අඞ‍්ගන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. වණ‍්ණසම‍්පන‍්නොති සරීරවණ‍්ණෙන සම‍්පන‍්නො. බලසම‍්පන‍්නොති කායබලෙන සම‍්පන‍්නො. ආහුනෙය්‍යොති ආහුතිසඞ‍්ඛාතං පිණ‍්ඩපාතං පටිග‍්ගහෙතුං යුත‍්තො. පාහුනෙය්‍යොති පාහුනකභත‍්තස‍්ස අනුච‍්ඡවිකො. දක‍්ඛිණෙය්‍යොති දසවිධදානවත්‍ථුපරිච‍්චාගවසෙන සද‍්ධාදානසඞ‍්ඛාතාය දක‍්ඛිණාය අනුච‍්ඡවිකො. අඤ‍්ජලිකරණීයොති අඤ‍්ජලිපග‍්ගහණස‍්ස අනුච‍්ඡවිකො. අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති සබ‍්බලොකස‍්ස අසදිසං පුඤ‍්ඤවිරුහනට‍්ඨානං.

පස්වැන්නෙහි අඩේගහි යනු ගුණාංගයන්ගෙනි. රාජරහො යනු රජුට යෝග්‍යවූ ගැලපෙන්නාවූයි. රාජභොගේගා යනු රජුගේ උපභොගයක්වූයි. රඤේඤා අඞ්ගං යනු රජුගේ අත්පාආදී අංග සමතාවෙන් අඞ්ගයි ප්‍රසිද්ධියට යයි. වණ්ණසම්පනේනා යනු ශරීරවර්‍ණයෙන් යුක්තවූයේය. ආහුනෙය්‍යො යනු ආහුති සංඛ්‍යාත පිණ්ඩපාතය පිළිගැනීමට සුදුස්සෙයි. පාහුනෙය්‍යා යනු ආගන්තුක බතට සුදුසුවූයේයි. දක්‍ඛිණෙය්‍යො යනු දශවිධදානවස්තු පරිතයාගවශයෙන් සැදැහුයෙන් දීම් සංඛ්‍යාත දක්‍ෂණාව සුදුසුවූයේයි. අඤ්ජලිකරණීයො යනු ඇඳිලි බැඳීමට සුදුසුවූයේයි. අනුත්තරං පුඤ්ඤකෙඛත්තං ලොකස්ස යනු සියලු ලෝකයාට අසමානවූ පින්වැඩෙන තැනයි.

වණ‍්ණසම‍්පන‍්නොති ගුණවණ‍්ණෙන සම‍්පන‍්නො. බලසම‍්පන‍්නොති වීරියබලෙන සම‍්පන‍්නො. ජවසම‍්පන‍්නොති ඤාණජවෙන සම‍්පන‍්නො. ථාමවාති ඤාණථාමෙන සමන‍්නාගතො. දළ‍්හපරක‍්කමොති ථිරපරක‍්කමො. අනික‍්ඛිත‍්තධුරොති අට‍්ඨපිතධුරො පග‍්ගහිතධුරො, අග‍්ගඵලං අරහත‍්තං අප‍්පත්‍වා වීරියධුරං න නික‍්ඛිපිස‍්සාමීති එවං පටිපන‍්නො. ඉමස‍්මිං සුත‍්තෙ චතුසච‍්චවසෙන සොතාපත‍්තිමග‍්ගො, සොතාපත‍්තිමග‍්ගෙන ච ඤාණජවසම‍්පන‍්නතා කථිතාති.

වණ්ණසම්පනේනා යනු ගුණපැහැයෙන් යුක්තවූයි. බලසම්පන්නො යනු වීර්යබලයෙන් යුක්තවූයි. ජවසම්පන්නෝ යනු ඥානජවයෙන් යුක්තවූයි. ථාමවා යනු ඥානවීර්යයෙන් යුක්තවුයි. දළභපරක්කමො යනු ස්ථිරපරාක්‍රමය ඇත්තේයි. අනික්‍ඛිත්තධුරො යනු ඉවත් නොකළ වගකීම් ඇත්තේ, දැඩිව ගත් වගකීම් ඇත්තේයි. අග්‍රඵලයවූ රහත්බවට නොපැමිණ වීර්යධුරය බහානොතබමැයි මෙසේ පිළිපන්නේයි. මේ සූත්‍රයෙහි චතුරාර්‍ය්‍යසත්‍ය වශයෙන් සොතාපත්ති මාර්‍ගයද සෝවාන් මාර්‍ගයෙන් ඥානජවයෙන් යුක්තබවද කියනලදී.

ඡට‍්ඨෙ තීණි ච මග‍්ගානි තීණි ච ඵලානි, තීහි මග‍්ගඵලෙහි ච ඤාණජවසම‍්පන‍්නතා කථිතා.

සයවැන්නෙහි මාර්‍ගතුනද මාර්‍ගතුනෙන් ඤාණජවසම්පන්න බවද කියනලදී.

සත‍්තමෙ අරහත‍්තඵලං, අරහත‍්තඵලෙනෙව ච මග‍්ගකිච‍්චං කථිතං. ඵලං පන ජවිතජවෙන උප‍්පජ‍්ජනතො ජවොති ච වත‍්තුං වට‍්ටති.

සත්වැන්නෙහි අරහත්ඵලයද අරහත් ඵලයෙන් මාර්ගකෘත්‍යයද කියනලදී. ඵලය වනාහි දිවූ වේගයෙන් උපදින බැවින් ජවයයි කීමට ද නොවටියි.

8. පොත්‍ථකසුත‍්තවණ‍්ණනා

3. 2. 5. 8

අට‍්ඨමෙ නවොති කරණං උපාදාය වුච‍්චති. පොත්‍ථකොති වාකමයවත්‍ථං. මජ‍්ඣිමොති පරිභොගමජ‍්ඣිමො. ජිණ‍්ණොති පරිභොගජිණ‍්ණො. උක‍්ඛලිපරිමජ‍්ජනන‍්ති උක‍්ඛලිපරිපුඤ‍්ඡනං දුස‍්සීලොති නිස‍්සීලො. දුබ‍්බණ‍්ණතායාති ගුණවණ‍්ණාභාවෙන දුබ‍්බණ‍්ණතාය. දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්තීති තෙන කතං අනුකරොන‍්ති. න මහප‍්ඵලං හොතීති විපාකඵලෙන මහප‍්ඵලං න හොති. න මහානිසංසන‍්ති විපාකානිසංසෙනෙව න මහානිසංසං. අප‍්පග‍්ඝතායාති විපාකග‍්ඝෙන අප‍්පග‍්ඝතාය. කාසිකං වත්‍ථන‍්ති තීහි කප‍්පාසඅංසූහි සුත‍්තං කන‍්තිත්‍වා කතවත්‍ථං, තඤ‍්ච ඛො කාසිරට‍්ඨෙයෙව උට‍්ඨිතං. සෙසං උත‍්තානමෙව. සීලං පනෙත්‍ථ මිස‍්සකං කථිතන‍්ති.

අටවැන්නෙහි නවො යනු හේතුව ඇසුරු කොට කියයි. පොත්‍ථෙකො යනු කෙඳිවලින් තැනූ වස්ත්‍රයයි. මජ්ක්‍ධිමො යනු පරිභොගයෙන් මධ්‍යමවූයේයි. ජිණ්ණො යනු පරිභොගයෙන් දිරාගියේයි. උක්‍ඛලිපරිමජ්ජනං යනු සැළිය පිසදැමීමයි. දුස්සීලො යනු සිල් නැත්තේයි. දුබ්බ්ණ්ණතාය යනු ගුණවර්‍ණය නොමැති බැවින්වූ දුර්වර්‍ණතාවෙනි. දිට්ඨානුගතිං ආපජ්ජන්ති යනු ඔහුවිසින් කරනලද දෙය අනුකරණය කරයි. න මහප්ඵලං හොති යනු විපාකඵලයෙන් මහත්පල නොවෙයි. න මභානිසංසං යනු විපාකානිසංසයෙන්ම මහානිසංස නොවෙයි. අප්පග්ඝතාය යනු විපාක අගයෙන් අඩුඅගය ඇති බැවින්ය. කාසිකං වත්‍ථං යනු කපු අංශුන්ගෙන් නූල් කැට කරන ලද වස්ත්‍රයයි. එයද කාශි රටෙහිම හටගත්තේයි. සෙස්ස පැහැදිලිමය. මෙහි ශීලය මිශ්‍රකව කියනලදී.

9. ලොණකපල‍්ලසුත‍්තවණ‍්ණනා

3. 2. 5. 9

නවමෙ යථා යථායන‍්ති යථා යථා අයං. තථා තථා තන‍්ති තථා තථා තං කම‍්මං. ඉදං වුත‍්තං හොති – යො එවං වදෙය්‍ය – “යථා යථා කම‍්මං කරොති, තථා තථාස‍්ස විපාකං පටිසංවෙදියතෙව. න හි සක‍්කා කතස‍්ස කම‍්මස‍්ස විපාකං පටිසෙධෙතුං. තස‍්මා යත‍්තකං කම‍්මං කරොති, තත‍්තකස‍්ස විපාකං පටිසංවෙදියතෙවා”ති. එවං සන‍්තන‍්ති එවං සන‍්තෙ. බ්‍රහ‍්මචරියවාසො න හොතීති යං මග‍්ගභාවනතො පුබ‍්බෙ උපපජ‍්ජවෙදනීයං කම‍්මං කතං, තස‍්ස අවස‍්සං පටිසංවෙදනීයත‍්තා බ්‍රහ‍්මචරියං වුත්‍ථම‍්පි අවුත්‍ථමෙව හොති. ඔකාසො න පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායාති යස‍්මා ච එවං සන‍්තෙ තෙන කම‍්මායූහනඤ‍්චෙව විපාකානුභවනා ච හොති, තස‍්මා හෙතුනා නයෙන වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තකිරියාය ඔකාසො න පඤ‍්ඤායති නාම.

නවවැන්නෙහි, යථා යථායං යනු මෙය යම්යම් සෝද තථා තථා නං යනු ඒ කර්මය ඒ ඒ ආකාරය. මෙය කියනලද්දේ වෙයි: ‘යම් යම්සේ කර්මයක් කරයිද ඒ ඒ අයුරින් එහි විපාකය විඳින්නේමයයි යමෙක් කියන්නේද ඒ කර්‍මයාගේ විපාකය නොවිඳ සිටීමට නොහැක්කේය. එබැවින් යම්පමණ කර්මයක් කරයිද එපමණ විපාකයක් විඳිනුලැබේමයි. එවං සනතං යනු මෙසේ ඇති කල්හියි. බ්‍රහ්මචරියවාසො න හොති යනු මාර්ගයවැඩීමට පෙර යම් උපපජ්ජවෙදිනීය කර්මයක් කරනලද්දේද එය අවශ්‍යයෙන් විඳියයුතු බැවින් බඹසර වසනලද්දේ වුවඳ නොවසනලද්දේම වෙයි. ඔකාසො යන පඤ්ඤායති සම්මාදුක්‍ඛස්ස අන්තකිරියාය යනු යම් හෙයකින් මෙසේ ඇති කල්හි කර්මරැස්කිරීමද විපාක අවිඳීමද වෙයි. ඒ හේතුවෙන් සසරදුක කෙළවර කිරීමට ඉඩක් නොපැනෙයි නමි.

යථා යථා වෙදනීයන‍්ති යෙන යෙනාකාරෙන වෙදිතබ‍්බං. තථා තථාස‍්ස විපාකං පටිසංවෙදියතීති තෙන තෙනාකාරෙන අස‍්ස විපාකං පච‍්චනුභොති. ඉදං වුත‍්තං හොති – යදෙතං සත‍්තසු ජවනෙසු පඨමජවනකම‍්මං සති පච‍්චයෙ විපාකවාරං ලභන‍්තමෙව දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, අසති අහොසිකම‍්මං නාම. යඤ‍්ච සත‍්තමජවනකම‍්මං සති පච‍්චයෙ උපපජ‍්ජවෙදනීයං හොති, අසති අහොසිකම‍්මං නාම. යඤ‍්ච මජ‍්ඣෙ පඤ‍්චජවනකම‍්මං යාව සංසාරප‍්පවත‍්ති, තාව අපරපරියායවෙදනීයං නාම හොති. එතෙසු ආකාරෙසු යෙන යෙනාකාරෙන වෙදිතබ‍්බං කම‍්මං අයං පුරිසො කරොති, තෙන තෙනෙවස‍්ස විපාකං පටිසංවෙදියති නාම. අට‍්ඨකථායඤ‍්හි ලද‍්ධවිපාකවාරමෙව කම‍්මං යථාවෙදනීයං කම‍්මං නාමාති වුත‍්තං. එවං සන‍්තං, භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියවාසො හොතීති කම‍්මක‍්ඛයකරස‍්ස බ්‍රහ‍්මචරියස‍්ස ඛෙපෙතබ‍්බකම‍්මසම‍්භවතො වාසො නාම හොති, වුත්‍ථං සුවුත්‍ථමෙව හොතීති අත්‍ථො. ඔකාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායාති යස‍්මා එවං සන‍්තෙ තෙන තෙන මග‍්ගෙන අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස නිරොධෙන තෙසු තෙසු භවෙසු ආයතිං වට‍්ටදුක‍්ඛං න උප‍්පජ‍්ජති, තස‍්මා ඔකාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියාය.

යථා යථා වෙදනියං යනු යම් යම් අයුරින් විඳියයුතුය. තථා තථාස්ස විපාකං පටිසංවෙදියති යනු ඒ ඒ අයුරින් එයි විපාකය විඳියි. මෙය කියනලද්දේ වෙයි: ජවනසත අතුරින් යම් මේ පළමු ජවන කර්මයක් වේද ප්‍රත්‍යය ඇති කල්හි විපාකවාරය ලබන්නේම දිට්ටධම්මවෙදනීය වෙයි. ප්‍රත්‍යය ඇති කල්හි විපාකවාරය ලබන්නේම දිට්ඨධම්මවෙදනීය වෙයි. ප්‍රත්‍යය නොමැති කල්හි අහොසි කර්මය නමි. යම් සත්වැනි ජවන කර්මයක් වේද ප්‍රත්‍යය ඇති කල්හි උපපජ්ජවෙදනීය වෙයි. ප්‍රත්‍යය නොමැති කල්හි අහෝසි කර්මය නමි. මැද යම් ජවන කර්ම පසක් එය යම්තාක් සසර පැවැත්ම ඇත්නම් එතෙක් අපරාපරියවෙදනීය නම් වෙයි. මේ ආකාරයන් අතුරෙන් යම් යම් ආකාරයෙන් විඳියයුතු කර්මය මේ පුද්ගලයා කරයිද ඒ ඒ ආකාරයෙන්ම ඊට විපාකය විඳියිනමි. අර්ථකථාවෙහි වනාහි ලබනලද විපාකවාරය ඇති කර්මයට යථාවෙදනීය කර්මය නමැයි කියනලදී. එවං සන්තං භික්‍ඛවෙ බ්‍රහ්මචරියවාසො හොති යනු කර්මක්‍ෂය කරන්නාවූ බ්‍රහ්මචර්යයට ක්‍ෂය කළයුතු කර්ම සම්භවය හේතු කොටගෙන වාසය නම් වේයයි කියනලදී. (එසේ) වසනද බඹසර මනාව වසනලද්දේ වෙයි යන අර්ථයි. ඔකාසො පඤ්ඤායති සම්මා දුක්‍ඛස්ස අන්තකිරියාය යනු යම්හෙයකින් මෙසේ ඇති කල්හි ඒ ඒ මාර්ගයෙන් අහිසංස්කාර විඥානයාගේ නිරොධයෙන් ඒ ඒ භවයන්හි අනාගතයෙහි සසර දුක නොඋපදනේද එහෙයින් මනාව දුක අවසන් කිරීමට අවකාශය පැනෙයි,

ඉදානි තං යථාවෙදනීයකම‍්මසභාවං දස‍්සෙන‍්තො ඉධ, භික‍්ඛවෙ, එකච‍්චස‍්සාතිආදිමාහ. තත්‍ථ අප‍්පමත‍්තකන‍්ති පරිත‍්තං ථොකං මන්‍දං ලාමකං. තාදිසංයෙවාති තංසරික‍්ඛකමෙව. දිට‍්ඨධම‍්මවෙදනීයන‍්ති තස‍්මිං කම‍්මෙයෙව දිට‍්ඨධම‍්මෙ විපච‍්චිතබ‍්බං විපාකවාරං ලභන‍්තං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති. නාණුපි ඛායතීති දුතියෙ අත‍්තභාවෙ අණුපි න ඛායති, අණුමත‍්තම‍්පි දුතියෙ අත‍්තභාවෙ විපාකං න දෙතීති අත්‍ථො. බහුදෙවාති බහුකං පන විපාකං කිමෙව දස‍්සතීති අධිප‍්පායො. අභාවිතකායොතිආදීහි කායභාවනාරහිතො වට‍්ටගාමී පුථුජ‍්ජනො දස‍්සිතො. පරිත‍්තොති පරිත‍්තගුණො. අප‍්පාතුමොති ආතුමා වුච‍්චති අත‍්තභාවො, තස‍්මිං මහන‍්තෙපි ගුණපරිත‍්තතාය අප‍්පාතුමොයෙව. අප‍්පදුක‍්ඛවිහාරීති අප‍්පකෙනපි පාපෙන දුක‍්ඛවිහාරී. භාවිතකායොතිආදීහි ඛීණාසවො දස‍්සිතො. සො හි කායානුපස‍්සනාසඞ‍්ඛාතාය කායභාවනාය භාවිතකායො නාම. කායස‍්ස වා වඩ‍්ඪිතත‍්තා භාවිතකායො. භාවිතසීලොති වඩ‍්ඪිතසීලො. සෙසපදද‍්වයෙපි එසෙව නයො. පඤ‍්චද‍්වාරභාවනාය වා භාවිතකායො. එතෙන ඉන්‍ද්‍රියසංවරසීලං වුත‍්තං, භාවිතසීලොති ඉමිනා සෙසානි තීණි සීලානි. අපරිත‍්තොති න පරිත‍්තගුණො. මහත‍්තොති අත‍්තභාවෙ පරිත‍්තෙපි ගුණමහන‍්තතාය මහත‍්තො. අප‍්පමාණවිහාරීති ඛීණාසවස‍්සෙතං නාමමෙව. සො හි පමාණකරානං රාගාදීනං අභාවෙන අප‍්පමාණවිහාරී නාම.

දැන් ඒ යථාවෙදනීය කර්මස්වභාවය දක්වමින් ඉධ භික්‍ඛවෙ එකච්චස්ස යනාදිය පැවසූහ. එහි අප්පමතතකං යනු ස්වල්පූ, අඩුවූ, මඳවූ පහත්කර්මයයි. තාදිසංයෙව යනු ඊට සමානවූමයි. දිට්ඨධම්මවෙදනියං යනු එම කර්මයෙහි යමකින් ඉහාත්මයෙහි විපාකදියයුතු විපාකවාරය ලබන්නේ දිට්ඨධම්මවෙදනීය වෙයි. නාණුම්පි ඛායති යනු දෙවැනි ආත්මභාවයෙහි ස්වල්පමාත්‍රයක්ද නොවැටහෙයි. අණුමාත්‍රයකුදු දෙවැනි අත්බැව්හි විපාක නොදෙයි යන අර්ථයි. බහුදෙව යනු බොහෝවූ විපාක කුමට දක්වයිද යන අදහසයි. අභාවිතකායො යනාදියෙන් කායභාවනාරහිත සංසාරගාමී පෘථග්ජනයා දක්වනලද්දේය. පරිත්තො යනු ස්වල්පවූ ගුණයයි. අප්පාතුමො යනු ආත්මභාවය ආතුමයයි කියනුලැබේ. එය මහත් කල්හිද ගුණය ස්වල්ප බැවින් අල්පආත්මභාවයක් ඇත්තේම වෙයි. අප්පදුක්‍ඛවිහාරී යනු සුළුවූද පවින් දුකසේ වෙසෙන්නායි. භාවතකායො යනාදියෙහි ක්‍ෂීණාශ්‍රවයා දක්වනලදී. හෙතෙම වනාහි කායානුපස්සනා සංඛයාත කායභාවනාවේන භාවිතකාය නම්වෙයි. කය වැඩූබැවින් හෝ භාවිතකාය නම්වෙයි. භාවතසීලො යනු වැඩූසිල් ඇත්තේයි. සෙසු පදදෙකෙහිද මේ ක්‍රමයමයි. පංචද්වාරභාවනාවෙන් හෝ භාවිතකාය යනු වැඩූසිල් ඇත්තේයි. සෙසු පදදෙකෙහිද මේ ක්‍රමයමයි. පංචද්වාරභාවනාවෙන් හෝ භාවිතකාය වූයේවෙයි. මෙයින් ඉන්‍ද්‍රියසංවරශීලය කියනලදී. භාවිතසීලො යන මෙයින් ඉතිරි සිල් තුනය. අපරිත්තො යනු ස්වල්පගුණ ඇත්තේ නොවෙයි. මහත්තා යනු ආත්මභාවය සුළුවූ කල්හිද ගුණමහත්වයෙන් මහත්ය අප්පමාණවිහාරී යනු මෙය ක්‍ෂීණාශ්‍රවයාට නමෙකි. හෙතෙම ප්‍රමාණ කරන්නාවූ රාගාදීන්ගේ අභාවයෙන් අප්පමාණවිහාරී නමි.

පරිත‍්තෙති ඛුද‍්දකෙ. උදකමල‍්ලකෙති උදකසරාවෙ. ඔරබ‍්භිකොති උරබ‍්භසාමිකො. උරබ‍්භඝාතකොති සූනකාරො. ජාපෙතුං වාති ධනජානියා ජාපෙතුං. ඣාපෙතුන‍්තිපි පාඨො, අයමෙවත්‍ථො. යථාපච‍්චයං වා කාතුන‍්ති යථා ඉච‍්ඡති, තථා කාතුං. උරබ‍්භධනන‍්ති එළකඅග‍්ඝනකමූලං. සො පනස‍්ස සචෙ ඉච‍්ඡති, දෙති. නො චෙ ඉච‍්ඡති, ගීවායං ගහෙත්‍වා නික‍්කඩ‍්ඪාපෙති. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉමස‍්මිං පන සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතන‍්ති.

පරිතේත යනු කුඩාවූවෙහිය. උදකමල්‍ලකෙ යනු දියබඳුනෙහිය. ඔරබ්භිකො යනු බැටළු හිමියායි. උරබභඝාතකො යනු බැටළුවන් මරන්නායි. ඡාපෙතුං වා යනු ධනහානියෙන් දැවීමටයි. ක්‍ධාපෙතුං යනුද පාඨයි. මේ අර්ථයමය. යථා පච්චයං වා කාතුං යනු යම්සේ කැමතිවේද එසේ කිරීමටයි. උරබභධනං යනු එළුවකු අගනා මුදලයි. හෙතෙම වනාහි මොහුට ඉදින් කැමති වේනම් දෙයි. නොකැමති වේනම් ගෙලෙන් ගෙන ඇදදම්මවයි. සෙස්ස කියනලද ක්‍රමයෙන් දතයුතුය. මේ සූත්‍රයෙහි වට්ට විවට්ටය කියනලදී.

10. පංසුධොවකසුත‍්තවණ‍්ණනා

3. 2. 5. 10

දසමෙ ධොවතීති වික‍්ඛාලෙති. සන්‍ධොවතීති සුට‍්ඨු ධොවති, පුනප‍්පුනං ධොවති. නිද‍්ධොවතීති නිග‍්ගණ‍්හිත්‍වා ධොවති. අනිද‍්ධන‍්තකසාවන‍්ති අනීහතදොසං අනපනීතකසාවං. පභඞ‍්ගූති පභිජ‍්ජනසභාවං, අධිකරණීයං ඨපෙත්‍වා මුට‍්ඨිකාය පහටමත‍්තං භිජ‍්ජති. පට‍්ටිකායාති සුවණ‍්ණපට‍්ටකාය. ගීවෙය්‍යකෙති ගීවාලඞ‍්කාරෙ.

දසවැන්නෙහි, ධොවති යනු සෝදයි. සන්‍ධොවති යනු මොනවට සෝදයි. යළියළිත් සෝදයි. නිදේධාවති යනු නිග්‍රහකොට (පෙළමින්) සෝදයි. අනිද්ධන්තං යනු නිග්‍රහකොට නොපිඹිනලදයි. අනික්‍ඛිත්තකසාවං යනු ඉවත් නොකළ කසාවතයි. පහඞ්ගු යනු බිඳෙන ස්වභාවය ඇත්තේයි. කිණිහිරෙහි තබා මිටියෙන් පහරදුන් සැණින් බිඳෙයි. පට්ටකාය යනු රන්පටක් සඳහායි. ගීවෙය්‍යකෙ යනු ගෙලඅබරණෙහිය.

අධිචිත‍්තන‍්ති සමථවිපස‍්සනාචිත‍්තං. අනුයුත‍්තස‍්සාති භාවෙන‍්තස‍්ස. සචෙතසොති චිත‍්තසම‍්පන‍්නො. දබ‍්බජාතිකොති පණ‍්ඩිතජාතිකො. කාමවිතක‍්කාදීසු කාමෙ ආරබ‍්භ උප‍්පන‍්නො විතක‍්කො කාමවිතක‍්කො. බ්‍යාපාදවිහිංසසම‍්පයුත‍්තා විතක‍්කා බ්‍යාපාදවිහිංසවිතක‍්කා නාම. ඤාතිවිතක‍්කාදීසු “අම‍්හාකං ඤාතකා බහූ පුඤ‍්ඤවන‍්තා”තිආදිනා නයෙන ඤාතකෙ ආරබ‍්භ උප‍්පන‍්නො විතක‍්කො ඤාතිවිතක‍්කො. “අසුකො ජනපදො ඛෙමො සුභික‍්ඛො”තිආදිනා නයෙන ජනපදමාරබ‍්භ උප‍්පන‍්නො විතක‍්කො ජනපදවිතක‍්කො. “අහො වත මං පරෙ න අවජානෙය්‍යු”න‍්ති එවං උප‍්පන‍්නො විතක‍්කො අනවඤ‍්ඤත‍්තිපටිසංයුත‍්තො විතක‍්කො නාම. ධම‍්මවිතක‍්කාවසිස‍්සන‍්තීති ධම‍්මවිතක‍්කා නාම දසවිපස‍්සනුපක‍්කිලෙසවිතක‍්කා. සො හොති සමාධි න චෙව සන‍්තොති සො අවසිට‍්ඨධම‍්මවිතක‍්කො විපස‍්සනාසමාධි අවූපසන‍්තකිලෙසත‍්තා සන‍්තො න හොති. න පණීතොති න අතප‍්පකො. නප‍්පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධොති න කිලෙසපටිප‍්පස‍්සද‍්ධියා ලද‍්ධො. න එකොදිභාවාධිගතොති න එකග‍්ගභාවප‍්පත‍්තො. සසඞ‍්ඛාරනිග‍්ගය‍්හවාරිතගතොති සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන කිලෙසෙ නිග‍්ගණ‍්හිත්‍වා වාරෙත්‍වා වාරිතො, න කිලෙසානං ඡින‍්නන‍්තෙ උප‍්පන‍්නො, කිලෙසෙ පන වාරෙත්‍වා උප‍්පන‍්නො.

අධිචිත්තං යනු සමථවිදර්‍ශනා සිතයි. අනුයුත්තස්ස යනු වඩන්නාගේයි. සචෙතසො යනු සිතින් යුක්තවූයේයි. දබ්බජාතිකො යනු පන්ඩිතයෙකි. කාමවිතර්‍කාදීන්හි කාමයන් අරභයා උපන්නාවූ විතර්කය කාමවිතර්කයයි. ව්‍යාපාදවිහිංසාවන්ගෙන් යුක්ත විතර්කයෝ ව්‍යපාදවිහිංසා විතර්කයෝ නමි. ඤාතිවිතක්කාදියෙහි අපගේ ඤාතීහු බොහෝ පින්වන්තයෝය ආදී ක්‍රමයෙන් ඥාතීන් අරභයා උපන්නාවූ විතර්කය ඤාතිවිතක්කයයි. අසුවල් ජනපදය නිර්භයය, සුභික්‍ෂද වේයයි ආදී ක්‍රමයෙන් ජනපදය අරභයා උපන් විතර්කය ජනපදවිතක්කයයි. අන්‍යයෝ මට අවමන් නොකෙරෙත් නම් මැනවැයි මෙසේ උපන් විතර්කය අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක නමි. ධම්මවිතකකා අවසිස්සන්ති යනු ධම්මවිතක්ක නම් දශවිදර්ශනා උපකේලශ විතර්කයෝයි. සො හොති සමාධි න චෙච සන්තො යනු ඒ ඉතිරිවූ ධර්ම විතර්කය විදර්‍ශනාසමාධියෙන් නොසංසිඳුණු කෙලෙස් ඇති බැවින් සංසිඳුණේ නොවෙයි. න පණීතො යනු සතුටු කරන්නේ නොවෙයි. නපටිප්පස්සද්ධලදේධා යනු කෙලෙස් සංසිඳීමෙන් නොලැබූයි. න එකොධිභාවාධිගතො යනු එකඟබවට නොපත්වුයේයි. සසඞ්ඛාරනිග්ගයහවාරිතවතො යනු මෙහෙයවීමෙන්, සප්‍රයෝගයෙන් කෙලෙසුන් නිග්‍රහකොට වළක්වා වළක්වන ලද්දේයි. කෙලෙස් සිඳීමෙන් කෙළවර නොඋපන්නාවූයි. කෙලෙස් නවත්ව නවත්වා උපන්නාවූයි

හොති සො, භික‍්ඛවෙ, සමයොති එත්‍ථ සමයො නාම උතුසප‍්පායං ආහාරසප‍්පායං සෙනාසනසප‍්පායං පුග‍්ගලසප‍්පායං ධම‍්මස‍්සවනසප‍්පායන‍්ති ඉමෙසං පඤ‍්චන‍්නං සප‍්පායානං පටිලාභකාලො. යං තං චිත‍්තන‍්ති යස‍්මිං සමයෙ තං විපස‍්සනාචිත‍්තං. අජ‍්ඣත‍්තංයෙව සන‍්තිට‍්ඨතීති අත‍්තනියෙව තිට‍්ඨති. නියකජ‍්ඣත‍්තඤ‍්හි ඉධ අජ‍්ඣත‍්තං නාම. ගොචරජ‍්ඣත‍්තම‍්පි වට‍්ටති. පුථුත‍්තාරම‍්මණං පහාය එකස‍්මිං නිබ‍්බානගොචරෙයෙව තිට‍්ඨතීති වුත‍්තං හොති. සන‍්නිසීදතීති සුට‍්ඨු නිසීදති. එකොදි හොතීති එකග‍්ගං හොති. සමාධියතීති සම‍්මා ආධියති. සන‍්තොතිආදීසු පච‍්චනීකකිලෙසවූපසමෙන සන‍්තො. අතප‍්පකට‍්ඨෙන පණීතො. කිලෙසපටිප‍්පස‍්සද‍්ධියා ලද‍්ධත‍්තා පටිප‍්පස‍්සද‍්ධලද‍්ධො. එකග‍්ගභාවං ගතත‍්තා එකොදිභාවාධිගතො. කිලෙසානං ඡින‍්නන‍්තෙ උප‍්පන‍්නත‍්තා න සප‍්පයොගෙන කිලෙසෙ නිග‍්ගණ‍්හිත්‍වා වාරෙත්‍වා වාරිතොති න සසඞ‍්ඛාරනිග‍්ගය‍්හවාරිතගතො. එත‍්තාවතා අයං භික‍්ඛු විවට‍්ටෙත්‍වා අරහත‍්තං පත‍්තො නාම හොති.

හොති සො භික්‍ඛවෙ සමයො යන මෙහි සමය යනු උතුසප්පාය ආහාරසප්පාය, සෙනාසනසප්පාය, පුග්ගලසප්පාය, ධම්මසප්පාය, යන මේ සප්පාය පස ලබන කාලයයි. යන්තං චිත්තං යනු යම් කලෙක ඒ විදර්‍ශනා සිතයි. අජක්‍ධත්තංයෙච සන්තිට්ඨති යනු තමා කෙරෙහිම පිහිටයි. තමාගේ අධ්‍යාත්මයම මෙහි අජක්‍ධත්ත නමි. ගොචර අධයාත්මයද වටියි. වෙන්වෙන්වූ අරමුණ හැර එක් නිර්‍වාණගොචරයෙක්හිම සිටියේයි කියනලදී. සංනිසීදති යනු මනාව හිඳියි. එකොදි හොති යනු එකඟවෙයි. සමාධියති යනු මනාව තැන්පත් වෙයි. සනේතා යනාදියෙහි විරුද්ධ කෙලෙස් සංසිඳීමෙන් ශාන්තවූයි. තෘප්තනොවීම් අර්ථයෙන් ප්‍රණීතවූයි. කෙලෙස් සංසිඳීමෙන් ලබනලද බැවින් සංසිඳීමෙන් ලැබුවාවුයි. එකඟබවට ගියබැවින් එකඟතාවට එළඹියේයි. කෙලසුන් සිදීමෙන් අවසන්හි උපන්බැවින් මෙහෙයවීම් සහිතව කෙලෙසුන් නිග්‍රහ කොට වළක්වා වළහනලද්දේයි න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො නමි. මෙපමණකින් මේ භික්‍ෂුව විවර්තනය කොට රහත්බවට පැමිණියේ නම්වෙයි.

ඉදානි ඛීණාසවස‍්ස සතො අභිඤ‍්ඤාපටිපදං දස‍්සෙන‍්තො යස‍්ස යස‍්ස චාතිආදිමාහ. තත්‍ථ අභිඤ‍්ඤා සච‍්ඡිකරණීයස‍්සාති අභිජානිත්‍වා පච‍්චක‍්ඛං කාතබ‍්බස‍්ස. සති සතිආයතනෙති පුබ‍්බහෙතුසඞ‍්ඛාතෙ චෙව ඉදානි ච පටිලද‍්ධබ‍්බෙ අභිඤ‍්ඤාපාදකජ‍්ඣානාදිභෙදෙ ච සති සතිකාරණෙ. විත්‍ථාරතො පන අයං අභිඤ‍්ඤාකථා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.365 ආදයො) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. ආසවානං ඛයාතිආදි චෙත්‍ථ ඵලසමාපත‍්තිවසෙන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

දැන් මේ සිහිනුවණ ඇති ක්‍ෂීණාශ්‍රවයාගේ අභිඥාප්‍රතිපදාව දක්වමින් ‘යස්ස යස්ස ච’ යනාදිය පැවසූහ. එහි අභිඤ්ඤාසච්ඡිකරණීයස්ස යනු මනාව දැන ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාගේයි. සති සති ආයතනෙ යනු පුර්වහෙතු සංඛ්‍යාතවුද දැන් ලබාගතයුතුවුද අභිඥාපාදකවූ ධ්‍යානාදී භේදයන් ඇති කල්හිය. ප්‍රතයය ඇතිකල්හිය. විස්තර වශයෙන් මෙම අභිඥාකථාව විසුද්ධිමග්ගයෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය. ආසවානං ඛයා යනාදිය මෙහි ඵලසමාපත්ති වශයෙන් කියනලදැයි දතයුතුය.

11. නිමිත‍්තසුත‍්තවණ‍්ණනා

3. 2. 5. 11

එකාදසමෙපි අධිචිත‍්තං සමථවිපස‍්සනාචිත‍්තමෙව. තීණි නිමිත‍්තානීති තීණි කාරණානි. කාලෙන කාලන‍්ති කාලෙ කාලෙ, යුත‍්තකාලෙති අත්‍ථො. කාලෙන කාලං සමාධිනිමිත‍්තං මනසිකාතබ‍්බන‍්තිආදීසු තං තං කාලං සල‍්ලක‍්ඛෙත්‍වා එකග‍්ගතාය යුත‍්තකාලෙ එකග‍්ගතා මනසිකාතබ‍්බා. එකග‍්ගතා හි ඉධ සමාධිනිමිත‍්තන‍්ති වුත‍්තා. තත්‍ර වචනත්‍ථො – සමාධියෙව නිමිත‍්තං සමාධිනිමිත‍්තං. සෙසපදද‍්වයෙපි එසෙව නයො. පග‍්ගහොති පන වීරියස‍්ස නාමං, උපෙක‍්ඛාති මජ‍්ඣත‍්තභාවස‍්ස. තස‍්මා වීරියස‍්ස යුත‍්තකාලෙ වීරියං මනසිකාතබ‍්බං, මජ‍්ඣත‍්තභාවස‍්ස යුත‍්තකාලෙ මජ‍්ඣත‍්තභාවෙ ඨාතබ‍්බන‍්ති. ඨානං තං චිත‍්තං කොසජ‍්ජාය සංවත‍්තෙය්‍යාති කාරණං විජ‍්ජති යෙන තං චිත‍්තං කොසජ‍්ජභාවෙ තිට‍්ඨෙය්‍ය. ඉතරෙසුපි එසෙව නයො. උපෙක‍්ඛානිමිත‍්තංයෙව මනසි කරෙය්‍යාති එත්‍ථ ච ඤාණජවං උපෙක‍්ඛෙය්‍යාති අයමත්‍ථො. ආසවානං ඛයායාති අරහත‍්තඵලත්‍ථාය.

එකොළොස්වැන්නෙහිද අධිචිත්තං යනු සමථවිදර්‍ශනා සිතමය. තීණි නිමිත්තානි යනු කරුණු තුනය. කාලෙන කාලං යනු කලින් කලටය. යෙදුණු කල්හි යනාර්ථයි. කාලෙන කාලං සමාධිනිමිත්තං මනසිකාතබ්බං යනාදියෙහි ඒ ඒ කාලය සලකා එකඟතාවෙන් යුක්තකාලයෙහි එකඟබව මෙනෙහි කළයුතුය. මෙහි එකඟතාව යනු සමාධිනිමිත්තයයි කියන ලදී. එහි වචනාර්ථය වන්නේ සමාධියම නිමිත්තවූයේය. සමාධිනිමිත්තං නමි යනුයි. සෙසුපාද දෙකෙහිද මෙම ක්‍රමයමයි. පග්ගභො යනු වීර්යයට නමෙකි. උපෙඛා යනු මධ්‍යස්ථ භාවයට නමෙකි. එබැවින් වීර්යයට යුතු කල්හි වීර්යය මෙනෙහි කළයුතුය. මැදහත්බවට යුතු කල්හි මැදහත්බවෙහි සිටියයුතුය. ඨානං තං චිත්තං කොසජ්ජාය සංවතේතය්‍ය යනු යමකින් ඒ සිත කුසීතබවෙයි පිහිටන්නේ නමි. එබඳු කරුණක් විද්‍යාමානවෙයි. සෙස්සෙහිද මේ ක්‍රමයමැයි. උපෙඛානිමිත්තංයෙච මනසිකරෙය්‍ය යන මෙහිද ඤාණජවය මැදහත් කරවන්නේය යන මෙම අර්ථයයි. ආසවානං ඛයාය යනු අරහත්ඵලය සඳහාය.

උක‍්කං බන්‍ධෙය්‍යාති අඞ‍්ගාරකපල‍්ලං සජ‍්ජෙය්‍ය. ආලිම‍්පෙය්‍යාති තත්‍ථ අඞ‍්ගාරෙ පක‍්ඛිපිත්‍වා අග‍්ගිං දත්‍වා නාළිකාය ධමන‍්තො අග‍්ගිං ගාහාපෙය්‍ය. උක‍්කාමුඛෙ පක‍්ඛිපෙය්‍යාති අඞ‍්ගාරෙ වියූහිත්‍වා අඞ‍්ගාරමත්‍ථකෙ වා ඨපෙය්‍ය, මූසාය වා පක‍්ඛිපෙය්‍ය. අජ‍්ඣුපෙක‍්ඛතීති පක‍්කාපක‍්කභාවං උපධාරෙති.

උක්තං බන්‍ධෙය්‍ය යනු අඟුරු කබලක් පිළියෙළ කරන්නේය. ආලිමේපය්‍ය යනු එහි අඟුරු බහා ගිනි දල්වා නළයෙන් පිඹිමින් ගිනි අවුලුවන්නේය. උක්කාමුඛෙ පක්‍ඛිපෙය්‍ය යනු අඟුරු ඉවත් කොට මත්තෙහි හෝ තබන්නේය. කෝවෙහි හෝ හෙලන්නේය. අජක්‍ධුපෙක්‍ඛති යනු පැසුණු හෝ තබන්නේය. කෝවෙහි හෝ හෙලන්නේය. අජක්‍ධුපෙක්‍ඛති යනු පැසුණු නොපැසුණු බව සලකයි.

සම‍්මා සමාධියති ආසවානං ඛයායාති අරහත‍්තඵලත්‍ථාය සම‍්මා ඨපීයති. එත‍්තාවතා හි විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තප‍්පත‍්තො භික‍්ඛු දස‍්සිතො. ඉදානි තස‍්ස ඛීණාසවස‍්ස අභිඤ‍්ඤාය පටිපදං දස‍්සෙන‍්තො යස‍්ස යස‍්ස චාතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

සම්මාසමාධියති ආසවානං ඛයාය යනු අරහත්ඵලය සඳහා මනාව තැන්පත් කෙරෙයි (එකඟ කෙරෙයි) මෙපමණකින් විදසුන් වඩා රහත්බවට පත් භික්‍ෂුව දක්වනලදී. දැන් ඒ ක්‍ෂීණාශ්‍රවයාගේ අභිඥාප්‍රතිපදාව දක්වමින් යස්ස යස්ස ච යනාදිය පැවසූහ. එය යට කියනලද පරිද්දෙන්ම දතයුතුය.

ලොණකපල‍්ලවග‍්ගො පඤ‍්චමො.

පස්වෙනි වූ ලොණඵලවර්ගයයි

දුතියපණ‍්ණාසකං නිට‍්ඨිතං.

දෙවෙනි පණ්ණාසකය නිමියේයි.