3. 2. 5. 1
3. 2. 5. 1.
3. 2. 5. 1.
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
42. තීණිමානි භික‍්ඛවෙ, කස‍්සකස‍්ස ගහපතිස‍්ස අච‍්චායිකානි කරණීයානි.
42. මහණෙනි, සීසානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනෙකි.
කතමානි තීණි :
කවර තුන් දෙනෙක යත්:
ඉධ භික‍්ඛවෙ, කස‍්සකො ගහපති සීඝසීඝං ඛෙත‍්තං සුකට‍්ඨං කරොති සුමතිකතං. සීඝසීඝං ඛෙත‍්තං සුකට‍්ඨං කරිත්‍වා සුමතිකතං සීඝසීඝං බීජානි පතිට‍්ඨාපෙති. සීඝසීඝං බීජානි පතිට‍්ඨාපෙත්‍වා සීඝසීඝං උදකං අභිනෙතිපි අපනෙතිපි. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි කස‍්සකස‍්ස ගහපතිස‍්ස අච‍්චායිකානි කරණීයානි.
මහණෙනි, මෙලොව සීසානා ගැහැවි වහ වහා කෙත මොනොවට සානා ලද්දක් පුවරු ගා සම කරණ ලද්දක් කෙරෙයි. වහ වහා කෙත මොනොවට සාට තැනක් මොනොවට පුවරු ගා සම කළ තැනැක් කොට වහ වහා බිජු පිහිටුවයි. වහ වහා බිජු පිහිටුවා වහ වහා දිය එළවීමුදු නෙරීමුදු කෙරෙයි. මහණෙනි, සානා ගැහැවිහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනහ.
තස‍්ස ඛො තං භික‍්ඛවෙ, කස‍්සකස‍්ස ගහපතිස‍්ස නත්‍ථි සා ඉද‍්ධි වා ආනුභාවො වා, අජ‍්ජෙව මෙ ධඤ‍්ඤානි ජායන‍්තු ස‍්වෙව ගබ‍්භීනි හොන‍්තු, උත‍්තරස‍්වෙව පච‍්චන‍්තූති. අථ ඛො භික‍්ඛවෙ, හොති සො සමයො. යං තස‍්ස කස‍්සකස‍්ස ගහපතිස‍්ස තානි ධඤ‍්ඤානි උතුපරිණාමීනි ජායන‍්තිපි ගබ‍්භීනිපි හොන‍්ති පච‍්චන‍්තිපි.
මහණෙනි, ඒ සානා ගෙහෙවිහුගේ “අද ම මාගේ ධාන්‍යයෝ නැඟෙත්වා, සෙට ම ගර්භිත වෙත්වා, අනෙක් (තෙවන) දා ම පැසෙත්වා” යි එබඳු ඍද්ධියෙක් වේ ව යි අනුභාවයෙක් වේව යි නැත. වැලිදු මහණෙනි, යම් හෙයෙකින් ඒ සානා ගෙහෙවිහුගේ ඍතුපරිණාමයට පත් ඒ ධාන්‍යයෝ නැගෙත් ද, ගර්භිතත් වෙද්ද, පැසෙද්ද, එබඳු කලෙක් වෙයි.
එවමෙව ඛො භික‍්ඛවෙ, තීණිමානි භික‍්ඛුස‍්ස අච‍්චායිකානි කරණීයානි.
මහණෙනි, එපරිදි ම මහණහුගේ මේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ තුන් දෙනෙකි.
කතමානි තීණි :
කවර තුන් දෙනෙක යත්:
අධිසීලසික‍්ඛාසමාදානං, අධිචිත‍්තසික‍්ඛාසමාදානං, අධිපඤ‍්ඤාසික‍්ඛාසමාදානං. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි භික‍්ඛුස‍්ස අච‍්චායිකානි කරණීයානි.
අධිශීලශික්‍ෂා සමාදානය අධිචිත්තශික්‍ෂා සමාදානය අධිප්‍රඥාශික්‍ෂා සමාදාන යි. මහණෙනි, මොහු තුන් දෙනා මහණහුගේ අතික් ආවශ්‍යක කෘත්‍යයෝ යි.
තස‍්ස ඛො තං භික‍්ඛවෙ, භික‍්ඛුනො නත්‍ථි සා ඉද‍්ධි වා ආනුභාවො වා, අජ‍්ජෙව මෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චතු ස‍්වෙ වා උත‍්තරස‍්වෙ වාති. අථ ඛො භික‍්ඛවෙ, හොති සො සමයො, යං තස‍්ස භික‍්ඛුනො අධිසීලම‍්පි සික‍්ඛතො අධිචිත‍්තම‍්පි සික‍්ඛතො අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛතො අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චති.
මහණෙනි, ඒ මහණහුගේ “අද ම මාගේ සිත උපාදා විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදේව යි හෝ සෙට හෝ අනෙක් දා හෝ මිදේව යි කියා හෝ එබඳු ඍද්ධියෙක් වේව යි අනුභාවයෙක් වේව” යි නැත. වැලිදු මහණෙනි, යම් හෙයෙකින් අධිශීලයෙහි හික්මෙන අධිචිත්තයෙහි හික්මෙන අධිප්‍රඥායෙහි හික්මෙන ඒ මහණහුගේ සිත උපාදා විසින් නො ගෙණ මිදේ නම් එබඳු කලෙක් වෙයි.
තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං, තිබ‍්බො නො ඡන්‍දො භවිස‍්සති අධිසීලසික‍්ඛාසමාදානෙ, තිබ‍්බො ඡන්‍දො භවිස‍්සති අධිචිත‍්තසික‍්ඛාසමාදානෙ. තිබ‍්බො ඡන්‍දො භවිස‍්සති අධිපඤ‍්ඤාසික‍්ඛාසමාදානෙති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය: “අපගේ තීව්‍ර ඡන්‍දයෙක් අධිශීලශික්‍ෂා සමාදානයෙහි වෙයි. තීව්‍ර ඡන්‍දයෙක් අධිචිත්ත ශික්‍ෂා සමාදානයෙහි වෙයි. තීව්‍ර ඡන්‍දයෙක් අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි වෙයි”. මහණෙනි, මෙසේ ම තොප හික්මෙන්නේ ය.