යෙදුමෙන් කියවන්න

3. 2. 4. 11

3. 2. 4. 11.

3. 2. 4. 11.

[කොසලනිදානං]

[කොසොල්නිදාන යි]

41. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං යෙන පඞ‍්කධා නාම කොසලානං නිගමො තදවසරි. තත්‍ර සුදං භගවා පඞ‍්කධායං විහරති. පඞ‍්කධා නාම කොසලානං නිගමො.

41. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි මහත් බික්සඟුන් සමග සැරි සරණ සේක් කෝශලයන්ගේ පඞ්කධා නම් නියම්ගමට වැඩි සේක. එහි කෝශලයන්ගේ ‘පඞ්කධා’ නම් නියම් ගමෙක් වේ ද ඒ ‘පඞ්කධා’ යෙහි වැඩ වෙසෙති.

තෙන ඛො පන සමයෙන කස‍්සපගොත‍්තො නාම භික‍්ඛු පඞ‍්කධායං ආවාසිකො හොති. තත්‍ර සුදං භගවා සික‍්ඛාපදපටිසඤ‍්ඤුත‍්තාය ධම‍්මියා කථාය භික‍්ඛූ සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති.

එසමයෙහි කුසුබුගොතු නම් මහණ පඞ්කධායෙහි ආවාසික වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් සඟුන් දක්වත්. කරුණු බැණ සමාදන් කරවත්. උත්සාහ දනවත්. පහදවත්.

අථ ඛො කස‍්සපගොත‍්තස‍්ස භික‍්ඛුනො භගවති සික‍්ඛාපදපටිසඤ‍්ඤුත‍්තාය ධම‍්මියා කථාය භික‍්ඛූ සන්‍දස‍්සෙන‍්තෙ සමාදපෙන‍්තෙ සමුත‍්තෙජෙන‍්තෙ සම‍්පහංසෙන‍්තෙ අහුදෙව අක‍්ඛන‍්ති, අහු අප‍්පච‍්චයො, ‘අධිසල‍්ලිඛතෙවායං සමණො’ති.

ඉක්බිති කසුබුගොතු මහණහට භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ දනවත් ම පහදවත් ම අක්‍ෂාන්තිය වී මැ ය. නො සතුටෙක් වී ම ය. ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් සියුම් සියුම් කොට බෙණේය’ යි.

අථ ඛො භගවා පඞ‍්කධායං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන රාජගහං තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්‍ර සුදං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. අථ ඛො කස‍්සපගොත‍්තස‍්ස භික‍්ඛුනො අචිරපක‍්කන‍්තස‍්ස භගවතො අහුදෙව කුක‍්කුච‍්චං, අහු විප‍්පටිසාරො “අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල‍්ලද‍්ධං වත මෙ, න වත මෙ සුලද‍්ධං, යස‍්ස මෙ භගවති සික‍්ඛාපදපටිසඤ‍්ඤුත‍්තාය ධම‍්මියාකථාය භික‍්ඛූ සන්‍දස‍්සෙන‍්තෙ සමාදපෙන‍්තෙ සමුත‍්තෙජෙන‍්තෙ සම‍්පහංසෙන‍්තෙ අහුදෙව අක‍්ඛන‍්ති, අහූ අප‍්පච‍්චයො, අධිසල‍්ලිඛතෙවායං සමණො”ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඞ්කධායෙහි කැමැති තාක් වැස රජගහනුවර කරා චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙළින් සැරිසරණ සේක් රජගහනුවරට වැඩි සේක. එකල භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජිකුළු පවියෙහි වැඩ වසන සේක. ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ නික්ම වඩුත් ම කසුබුගොතු මහණහට කුකුස් වී ම ය. විපිළිසර වී ම ය. “යම් බඳු මට භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම, උත්සාහ කරවත් ම පහදවත් ම මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති යි අක්‍ෂාන්තියෙක් වී ද, නො සතුටෙක් වී ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නොවේ. ඒ මට ඒකාන්තයෙන් අභාග්‍යයෙකි. ඒ මට ඒකාන්තයෙන් මනා භාග්‍යයෙක් නො වේ ය” යි.

යන‍්නූනාහං යෙන භගවා තෙනුපසඞ‍්කමෙය්‍යං, උපසඞ‍්කමිත්‍වා භගවතො සන‍්තිකෙ අච‍්චයං අච‍්චයතො දෙසෙය්‍යන‍්ති.

“මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම් එළඹ භාග්‍යවතුන් වහන්සේ වෙත වරද වරද විසින් දෙසන්නෙම් නම් මනා මැ නු” යි.

අථ ඛො කස‍්සපගොත‍්තො භික‍්ඛු සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන රාජගහං තෙන පක‍්කාමි. අනුපුබ‍්බෙන යෙන රාජගහං යෙන ගිජ‍්ඣකූටො පබ‍්බතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො කස‍්සපගොත‍්තො භික‍්ඛු භගවන‍්තං එතදවොච :

ඉක්බිති කසුබුගොතු මහණ සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙණ රජගහනුවර කරා එළඹියේ ය. පිළිවෙළින් රජගහනුවර ගිජුකුළු පවියෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කසුබු ගොතු මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:

එකමිදං, භන‍්තෙ, සමයං භගවා පඞ‍්කධායං විහරති, පඞ‍්කධා නාම කොසලානං නිගමො. තත්‍ර සුදං භගවා සික‍්ඛාපදපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය භික‍්ඛූ සන්‍දස‍්සෙසි, සමාදපෙසි, සමුත‍්තෙජෙසි, සම‍්පහංසෙසි. තස‍්ස මය‍්හං භන‍්තෙ භගවති සික‍්ඛාපදපටිසඤ‍්ඤුත‍්තාය ධම‍්මියා කථාය භික‍්ඛූ සන්‍දස‍්සෙන‍්තෙ, සමාදපෙන‍්තෙ, සමුත‍්තෙජෙන‍්තෙ, සම‍්පහංසෙන‍්තෙ අහුදෙව අක‍්ඛන‍්ති, අහු අප‍්පච‍්චයො, “අධිසල‍්ලිඛතෙවායං සමණො”ති. අථ ඛො භන‍්තෙ භගවා පඞ‍්කධායං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන රාජගහං තෙන චාරිකං පක‍්කාමි. තස‍්ස මය‍්හං, භන‍්තෙ, අචිරපක‍්කන‍්තස‍්ස භගවතො අහුදෙව කුක‍්කුච‍්චං, අහු විප‍්පටිසාරො, “අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල‍්ලද‍්ධං වත මෙ, න වත මෙ සුලද‍්ධං, යස‍්ස මෙ භගවති සික‍්ඛාපදපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය භික‍්ඛූ සන්‍දස‍්සෙන‍්තෙ, සමාදපෙන‍්තෙ, සමුත‍්තෙජෙන‍්තෙ, සම‍්පහංසෙන‍්තෙ අහුදෙව අක‍්ඛන‍්ති, අහු අප‍්පච‍්චයො, අධිසල‍්ලිඛතෙවායං සමණොති. යන‍්නූනාහං යෙන භගවා තෙනුපසඞ‍්කමෙය්‍යං, උපසඞ‍්කමිත්‍වා භගවතො සන‍්තිකෙ අච‍්චයං අච‍්චයතො දෙසෙය්‍යන‍්ති.

වහන්ස, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝශලයන්ගේ පඞ්කධා නම් නියම්ගමෙක් වේ ද, එ ගම වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් මොනොවට දැක්වූ සේක, සමාදන් කරවූ සේක. උත්සාහවත් කරවූ සේක. පහදවා ලූ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම “මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියත් ම ය” යි ඒ මට අක්‍ෂාන්තියෙක් නො සතුටෙක් වී ම ය. වහන්ස, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඞ්කධායෙහි කැමැති තාක් වැස රජගහ නුවරට චාරිකායෙහි වැඩි සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම වඩුත් ම “භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති’ යි යම් බඳු මට අක්‍ෂාන්තියෙක් නොසතුටෙක් වී ද, ඒ මට කුකුසෙක් වී ම ය. විප්‍රතීසාරයෙක් වී ම ය. මට ඒකාන්තයෙන් අලාභයෙක, මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. මට ඒකාන්තයෙන් අභාග්‍යයෙක, මට ඒකාන්තයෙන් මනා භාග්‍යයෙක් නො වේ. මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම්, එළඹ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි වරද වරද විසින් දෙසන්නෙම් නම් මනා මැ නු!” යි.

අච‍්චයො මං භන‍්තෙ, අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං යස‍්ස මෙ භගවති සික‍්ඛාපදපටිසඤ‍්ඤුත‍්තාය ධම‍්මියා කථාය භික‍්ඛූ සන්‍දස‍්සෙන‍්තෙ සමාදපෙන‍්තෙ සමුත‍්තෙජෙන‍්තෙ සම‍්පහංසෙන‍්තෙ අහුදෙව අක‍්ඛන‍්ති, අහු අප‍්පච‍්චයො, අධිසල‍්ලිඛතෙවායං සමණොති. තස‍්ස මෙ භන‍්තෙ, භගවා අච‍්චයං අච‍්චයතො පතිගණ‍්හාතු ආයතිං සංවරායාති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් මහණුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහවත් කරවත් ම පහදවත් ම “මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ කියති” යි යම්බඳු මට අක්‍ෂාන්තියෙක් නො සතුටෙක් වී ද, ඒ අපරාධය බාල බවට අනුරිවින් මූඪ බවට අනුරිවින් අකුශලයට අනුරිවින් මා අධිභවා ගියේ ය. වහන්ස, ඒ මාගේ වරද භාග්‍යවතුන් වහන්සේ ආයති සංවරය සඳහා වරද විසින් පිළිගන්නා සේක්වා.

තග‍්ඝ ත්‍වං කස‍්සප, අච‍්චයො අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං, යස‍්ස තෙ මයි සික‍්ඛාපදපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය භික‍්ඛූ සන්‍දස‍්සෙන‍්තෙ සමාදපෙන‍්තෙ සමුත‍්තෙජෙන‍්තෙ සම‍්පහංසෙන‍්තෙ අහුදෙව අක‍්ඛන‍්ති අහු අප‍්පච‍්චයො, අධිසල‍්ලිඛතෙවායං සමණො’ති.

කස්බ, මා ශික්‍ෂාපද ප්‍රතිසංයුක්ත දැහැමි කථායෙන් සඟුන් දක්වත් ම සමාදන් කරවත් ම උත්සාහ කරවත් ම පහදවත් ම ‘මේ මහණ අත්‍යර්‍ත්‍ථයෙන් කරුණු බැණ සියුම් සියුම් කොට කියත් මැ ය’යි යම්බඳු තට අක්‍ෂාන්තියෙක් නො සතුටෙක් වී ද, ඒකාන්තයෙන් ඒ වරද යම් පරිදි බාල වී නම් යම් පරිදි මූඪ වී නම් යම් පරිදි අකුශල වී නම් එපරිදි ම තා අධිභවා ගියේ ය.

යතො ච ඛො ත්‍වං කස‍්සප, අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ‍්හාම. වුද‍්ධි හෙසා කස‍්සප, අරියස‍්ස විනයෙ යො අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ‍්ජති.

කස්බ, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක ධර්‍මානුරූප පරිදි ප්‍රතිකර්‍ම කෙරෙහි ද, තාගේ ඒ වරද අපි පිළිගණුම්හ. කස්බ, යමෙක් වරද වරද විසින් දැක ධර්‍මානුරූප පරිදි ප්‍රතිකර්‍ම කෙරේ නම්, ආයති සංවරයට පැමිණේ නම්, තෙල ප්‍රතිපත්තිය, ආර්‍ය විනයෙහි අභිවෘද්ධියෙක් ම ය.

ථෙරො චෙපි කස‍්සප, භික‍්ඛු හොති න සික‍්ඛාකාමො සික‍්ඛාසමාදානස‍්ස න වණ‍්ණවාදී, යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ න සික‍්ඛාකාමා තෙ ච පන සික‍්ඛාය න සමාදපෙති, යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ සික‍්ඛාකාමා තෙසඤ‍්ච න වණ‍්ණං භණති, භූතං තච‍්ඡං කාලෙන, එවරූපස‍්සාහං කස‍්සප ථෙරස‍්ස භික‍්ඛුනො න වණ‍්ණං භණාමි.

කස්බ, ස්ථවිර භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම නො වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ නො වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් නො කරවා ද, ශික්‍ෂාකාම වූ යම් අන්කිසි සඟහු වෙත් නම්, ඔවුන්ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි නො කියා නම්, කස්බ, මෙබඳු වූ ඒ ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ මම නො කියමි.

තං කිස‍්ස හෙතු :

ඒ කවර හෙයින යත්:

සත්‍ථා හිස‍්ස වණ‍්ණං භණතීති අඤ‍්ඤෙ නං භික‍්ඛූ භජෙය්‍යුං, යෙ නං භජෙය්‍යුං, ත්‍යාස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍යුං, ය්‍යාස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍යුං, තෙසං තං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. තස‍්මාහං කස‍්සප, එවරූපස‍්ස ථෙරස‍්ස භික‍්ඛුනො න වණ‍්ණං භණාමි.

“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි සෙස්සෝ ඒ මහණ සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඒ මහණ සෙවුනාහු ද, ඒ මහණහු ඔහු පිළිබඳ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහුය. යම් මහණ කෙනෙක් ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ නො කියමි.

මජ‍්ඣිමො චෙපි කස‍්සප, භික‍්ඛු හොති -පෙ- නවො චෙපි කස‍්සප, භික‍්ඛු හොති න සික‍්ඛාකාමො සික‍්ඛාසමාදානස‍්ස න වණ‍්ණවාදී, යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ න සික‍්ඛාකාමා තෙ ච පන සික‍්ඛාය න සමාදපෙති, යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ සික‍්ඛාකාමා, තෙසඤ‍්ච න වණ‍්ණං භණති භූතං තච‍්ඡං කාලෙන, එවරූපස‍්සාහං කස‍්සප, නවස‍්ස භික‍්ඛුනො න වණ‍්ණං භණාමි.

කස්බ, ඉදින් මධ්‍යම භික්‍ෂුවෙක් වේ ද ... කස්බ, ඉදින් නවක භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම නො වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ නො වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් නො කරවා ද, ශික්‍ෂාකාම වන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුන්ගේ ත් විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි නො කියා ද, කස්බ, මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ නො කියමි.

තං කිස‍්ස හෙතු :

ඒ කවර හෙයින යත්:

සත්‍ථා හිස‍්ස වණ‍්ණං භණතීති අඤ‍්ඤෙ නං භික‍්ඛූ භජෙය්‍යුං, යෙ නං භජෙය්‍යුං, ත්‍යාස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍යුං, ය්‍යාස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍යුං, තෙසං තං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. තස‍්මාහං කස‍්සප, එවරූපස‍්ස නවස‍්ස භික‍්ඛුනො න වණ‍්ණං භණාමි.

“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති”යි අන් මහණහු ඔහු සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඔහු සෙවුනාහු ද, ඒ මහණහු ඔහු පිළිබඳ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහුය. යම් මහණ කෙනෙක් ඔහු පිළිබඳ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ නො කියමි.

ථෙරො චෙපි කස‍්සප, භික‍්ඛු හොති සික‍්ඛාකාමො සික‍්ඛාසමාදානස‍්ස වණ‍්ණවාදී, යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ න සික‍්ඛාකාමා, තෙ ච සික‍්ඛාය සමාදපෙති, යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ සික‍්ඛාකාමා තෙසඤ‍්ච වණ‍්ණං භණති භූතං තච‍්ඡං කාලෙන, එවරූපස‍්සාහං කස‍්සප, ථෙරස‍්ස භික‍්ඛුනො වණ‍්ණං භණාමි.

කස්බ, ස්ථවිර භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුත් ශික්‍ෂායෙහි සමාදන් කරවා ද, ශික්‍ෂාකාම වන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි බෙණේ ද, කස්බ, මම මෙබඳු ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ කියමි.

තං කිස‍්ස හෙතු :

ඒ කවර හෙයින යත්:

සත්‍ථා හිස‍්ස වණ‍්ණං භණතීති අඤ‍්ඤෙ නං භික‍්ඛූ භජෙය්‍යුං, යෙ නං භජෙය්‍යුං, ත්‍යාස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍යුං, ය්‍යාස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍යුං තෙසං තං අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායාති. තස‍්මාහං කස‍්සප, එවරූපස‍්ස ථෙරස‍්ස භික‍්ඛුනො වණ‍්ණං භණාමි.

“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි අන් මහණහු ඔහු සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඔහු සෙවුනාහු ද, ඒ මහණහු ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහුය: යම් මහණ කෙනෙක් ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු ස්ථවිර භික්‍ෂුහුගේ ගුණ කියමි.

මජ‍්ඣිමො චෙපි කස‍්සප, භික‍්ඛු හොති -පෙ- නවො චෙපි කස‍්සප, භික‍්ඛු හොති සික‍්ඛාකාමො සික‍්ඛාසමාදානස‍්ස වණ‍්ණවාදී, යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ න සික‍්ඛාකාමා, තෙ ච සික‍්ඛාය සමාදපෙති, යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ සික‍්ඛාකාමා, තෙසඤ‍්ච වණ‍්ණං භණති භූතං තච‍්ඡං කාලෙන, එවරූපස‍්සාහං කස‍්සප, නවස‍්ස භික‍්ඛුනො වණ‍්ණං භණාමි.

කස්බ, මධ්‍යම භික්‍ෂුවෙක් වේ ද ... කස්බ, නවක භික්‍ෂුවෙක් වේ ද, හේ ශික්‍ෂාකාම වේ ද, ශික්‍ෂාසමාදානය පිළිබඳ ගුණ කියන්නේ වේ ද, ශික්‍ෂාකාම නොවන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ශික්‍ෂායෙහි සමාදන් කරවා ද, ශික්‍ෂාකාම වන යම් අන්කිසි සඟහු ඇත් ද, ඔවුනුදු ගේ විද්‍යමාන වූ සැබෑ වූ ගුණ නිසි කල්හි බෙණේ ද, කස්බ, මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ කියමි.

තං කිස‍්ස හෙතු :

ඒ කවර හෙයින යත්:

සත්‍ථා හිස‍්ස වණ‍්ණං භණතීති අඤ‍්ඤෙ නං භික‍්ඛූ භජෙය්‍යුං, යෙ නං භජෙය්‍යුං, ත්‍යාස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍යුං, ය්‍යාස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍යුං, තෙසං තං අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛායාති. තස‍්මාහං කස‍්සප, එවරූපස‍්ස නවස‍්ස භික‍්ඛුනො වණ‍්ණං භණාමීති.

“ශාස්තෲන් වහන්සේ වනාහි ඔහුගේ ගුණ වදාරති” යි අන් මහණහු ඔහු සෙවුනාහුය. යම් මහණ කෙනෙක් ඔහු සෙවුනාහු ද, ඒ මහණහු ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ය. යම් මහණ කෙනෙක් ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. කස්බ, එහෙයින් මම මෙබඳු නවක භික්‍ෂුහුගේ ගුණ කියමි.

සමණවග‍්ගො චතුත්‍ථො.

සතරවන ශ්‍රමණ වර්‍ගය යි.