යෙදුමෙන් කියවන්න

3. 2. 4. 10

3. 2. 4. 10.

3. 2. 4. 10.

40. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, සික‍්ඛා. කතමා තිස‍්සො : අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා, අධිපඤ‍්ඤාසික‍්ඛා.

40. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි.

කතමා ච භික‍්ඛවෙ, අධිසීලසික‍්ඛා : ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. අයං වුච‍්චති භික‍්ඛවෙ, අධිසීලසික‍්ඛා.

මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට ශික්‍ෂා පදයෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, අධිචිත‍්තසික‍්ඛා : ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අධිචිත‍්තසික‍්ඛා.

මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්තශික්‍ෂා යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, අධිපඤ‍්ඤාසික‍්ඛා : ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අධිපඤ‍්ඤාසික‍්ඛා.

මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිප්‍රඥාශික්‍ෂා යි (අර්‍හත්ත්‍වමාර්‍ග යි) කියනු ලැබේ.

ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො සික‍්ඛාති.

මහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.

39. අධිසීලං අධිචිත‍්තං ච අධිපඤ‍්ඤඤ‍්ච විරියවා, ථාමවා ධිතිමා ඣායී සතො ගුත‍්තින්‍ද්‍රියො චරෙ.

39. (චෛතසිකවීර්‍ය්‍යයෙන්) වීර්‍ය්‍යවත් වූ (කායිකවීර්‍ය්‍යයෙන්) ස්ථාමවත් වූ ධෛර්‍ය්‍යවත් වූ ධ්‍යාන කරණ සුලු ස්මෘතිමත් වූ සංයත ඉඳුරන් ඇති මහණ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ය.

40. යථා පුරෙ තථා පච‍්ඡා යථා පච‍්ඡා තථා පුරෙ, යථා අධො තථා උද‍්ධං යථා උද‍්ධං තථා අධො.

40. යම් පරිදි පළමු දවස් ත්‍රිවිධ ශික්‍ෂාවන් පිරී ද පසු දවසුදු එසේ ම පුරන්නේ ය. පසු දවස් යම්සේ පුරන්නේ ද පළමු දවස්හිදු එසේ ම වෙයි. යම් පරිදි යට කය අශුභවශයෙන් දක්නේ ද එපරිදි උඩුකය ද දක්නේ ය. යම් පරිදි උඩුකය දක්නේ ද එපරිදි යටිකය ද දක්නේ ය.

41. යථා දිවා තථා රත‍්තිං යථා රත‍්තිං තථා දිවා, අභිභුය්‍ය දිසා සබ‍්බා අප‍්පමාණසමාධිනා.

41. යම් පරිදි දාවල ත්‍රිවිධ ශික්‍ෂාවන් පුරන්නේ ද, රැය ද එසේ ම පුරන්නේය. යම් පරිදි රැයෙහි පුරන්නේ ද දාවල ද එසේ ම පුරන්නේ ය. අර්‍හත්ත්‍වමාර්‍ගසමාධියෙන් හැම දික් (=අරමුණු) මැඩ ගෙණ සිටුනේ ය.

42. තමාහු සෙක‍්ඛං පටිපදං අථො සංසුද‍්ධචාරණං, තමාහු ලොකෙ සම‍්බුද‍්ධං වීරං පටිදපන‍්තගුං.

42. සකරණීය වූ ඔහු පිළිපන්නකු කොට කියත්. වැලිත් පිරිසිදු සිල් ඇති ඔහු ලෝකයෙහි චතුස්සත්‍යාවබෝධය කළ පිළිවෙත්හි කෙළවරට ගිය වීර වූ ධිතිසම්පන්නයකු කොට කියත්.

43. විඤ‍්ඤාණස‍්ස නිරොධෙන තණ‍්හාක‍්ඛයවිමුත‍්තිනො, පජ‍්ජොතස‍්සෙව නිබ‍්බානං විමොක‍්ඛො හොති චෙතසොති.

43. තෘෂ්ණාක්‍ෂය විමුක්ති සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වඵලවිමුක්තියෙන් සමන්‍වාගත ඒ ආර්‍ය්‍යපුද්ගලයාගේ චරමවිඥානයාගේ නිරෝධයෙන් ප්‍රදීපනිර්‍වාණයක් මෙන් චිත්තයාගේ විමුක්තිය වේ.