යෙදුමෙන් කියවන්න

3. 2. 4. 9

3. 2. 4. 9.

3. 2. 4. 9.

39. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, සික‍්ඛා. කතමා තිස‍්සො? අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා, අධිපඤ‍්ඤාසික‍්ඛා.

39. මහණෙනි, මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥා ශික්‍ෂා යි.

කතමා ච භික‍්ඛවෙ, අධිසීලසික‍්ඛා : ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. අයං වුච‍්චති භික‍්ඛවෙ, අධිසීලසික‍්ඛා.

මහණෙනි, අධිශීලශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදාන කොට සිකපෙදෙහි හික්මෙයි. මහණෙනි, මේ අධිශීලශික්‍ෂා යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, අධිචිත‍්තසික‍්ඛා. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අධිචිත‍්තසික‍්ඛා.

මහණෙනි, අධිචිත්තශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ අධිචිත්ත ශික්‍ෂා යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, අධිපඤ‍්ඤාසික‍්ඛා : ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අධිපඤ‍්ඤාසික‍්ඛා.

මහණෙනි, අධිප්‍රඥාශික්‍ෂා නම් කවර: මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ය” යි යථාභූතය දනී. මහණෙනි, මේ අධිප්‍රඥා ශික්‍ෂා යි කියනු ලැබේ.

ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො සික‍්ඛාති.

මහණෙනි, මේ ත්‍රිවිධ ශික්‍ෂාවෝ යි.