3. 2. 4. 8
3. 2. 4. 8.
3. 2. 4. 8.
38. සාධිකමිදං භික්ඛවෙ, දියඩ්ඪසික්ඛාපදසතං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති, යත්ථ අත්ථකාමා කුලපුත්තා සික්ඛන්ති. තිස්සො ඉමා භික්ඛවෙ, සික්ඛා, යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති. කතමා තිස්සො : අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො සික්ඛා, යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡති.
38. මහණෙනි තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙකැ හික්මෙත් නම් මේ එබඳු සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේනම් මේ එබඳු ශික්ෂාවෝ තුන්දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්රඥාශික්ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සඞ්ග්‍රහයට යේ නම් මේ එබඳු ත්‍රිවිධ ශික්ෂාවෝ යි.
ඉධ භික්ඛවෙ, භික්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස්මිං පරිපූරකාරී, පඤ්ඤාය පරිපූරකාරී. සො යානි තානි ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි. තං කිස්ස හෙතු? න හි මෙත්ථ භික්ඛවෙ, අභබ්බතා වුත්තා. යානි ච ඛො තානි සික්ඛාපදානි ආදිබ්රහ්මචරියිකානි බ්රහ්මචරියසාරුප්පානි, තත්ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පරිපූරකාරී වෙයි, ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට එළඹ වෙසෙයි.
තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති.
ඒ අර්‍හත්ත්‍වය හෝ නො විදුනේ නො පිළිවිදුනේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ‘අන්තරාපරිනිබ්බායී’ වෙයි.
තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා උපහච්චපරිනිබ්බායී හොති. -පෙ-
ඒ අන්තරාපරිනිබ්බායී භාවය හෝ නො විදුනේ නො පිළිවිදුනේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් “උපහච්චපරිනිබ්බායී” වෙයි ...
අසංඛාරපරිනිබ්බායී හොති. -පෙ- සසංඛාරපරිනිබ්බායී හොති. -පෙ- උද්ධංසොතො හොති, අකනිට්ඨගාමී.
අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. ... සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. ... අකනිට්ඨගාමීඋද්ධංසෝත වෙයි. ...
තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා, රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති.
ඒ උද්ධංසෝත අකනිට්ඨභාවය හෝ නො විදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු කිරීමෙන් සෙදගැමි වෙයි. වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.
තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා එකබීජී හොති, එකඤ්ඤෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්තං කරොති.
ඒ සෙද ගැමි බව හෝ නො විදුනේ නො පිළිවිඳුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඒකබීජී වෙයි, එක් ම මිනිස්බවක් නිපයා දුක් කෙළවර කෙරෙයි.
තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා කොලඞ්කොලො හොති, ද්වෙ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති.
ඒ මිනිස්බව හෝ නොවිදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් කොලංකොල වෙයි, භව දෙකක් හෝ තුණක් දිවැ ඇවිද දුක් කෙළවර කෙරෙයි.
තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣං තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සත්තක්ඛත්තුපරමො හොති. සත්තක්ඛත්තුපරමං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති.
ඒ කොලංකොල බව හෝ නො විදුනේ නො පිළිවිදුනේ ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත්වරක් පරම කොට දෙව්ලොව ද මිනිස්ලොව ද දිවැ ඇවිදැ දුක් කෙළවර කෙරෙයි.
ඉති ඛො භික්ඛවෙ, පරිපූරං පරිපූරකාරී ආරාධෙති. පදෙසං පදෙසකාරී.
මහණෙනි, මෙසේ පරිපූරකාරී පුද්ගල පරිපූර්ණාර්ත්ථය සපයයි. ප්රදේශකාරී පුද්ගල ප්රදේශාර්ත්ථය සපයයි.
අවඤ්ඣානිත්වෙවාහං, භික්ඛවෙ, සික්ඛාපදානි වදාමීති.
මහණෙනි, මම “සිකපදහු නො වඳ හ” යි වදාරමි යි.