යෙදුමෙන් කියවන්න

3. 2. 4. 7

3. 2. 4. 7.

3. 2. 4. 7.

37. සාධිකමිදං භික‍්ඛවෙ, දියඩ‍්ඪ සික‍්ඛාපදසතං අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡති, යත්‍ථ අත්‍ථකාමා කුලපුත‍්තා සික‍්ඛන‍්ති. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, සික‍්ඛා, යත්‍ථෙතං සබ‍්බං සමොධානං ගච‍්ඡති. කතමා තිස‍්සො? අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා, අධිපඤ‍්ඤාසික‍්ඛා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො සික‍්ඛා, යත්‍ථෙතං සබ‍්බං සමොධානං ගච‍්ඡති.

37. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් මේ එබඳු සාධිකයෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, මේ හැම සිකපද යමෙක සංග්‍රහයට යේ නම් එබඳු මේ ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ.

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං මත‍්තසොකාරී පඤ‍්ඤාය මත‍්තසොකාරී. සො යානි තානි ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි, තානි ආපජ‍්ජතිපි වුට‍්ඨාතිපි. තං කිස‍්ස හෙතු? න හි මෙත්‍ථ භික‍්ඛවෙ, අභබ‍්බතා වුත‍්තා. යානි ච ඛො තානි සික‍්ඛාපදානි ආදිබ්‍රහ‍්මචරියිකානි බ්‍රහ‍්මචරියසාරුප‍්පානි තත්‍ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් වෙයි. පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි.

සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සත‍්තක‍්ඛත‍්තුපරමො හොති. සත‍්තක‍්ඛත‍්තුපරමං දෙවෙ ච මනුස‍්සෙ ච සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති.

හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්‍ෂයහේතුයෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත් වටක් පරම කොට දෙවියන් කෙරෙහි ද මිනිසුන් කෙරෙහි ද දිවැ සැරිසරා දුක් කෙළවර කෙරෙයි.

සො තිණ‍්ණං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා කොලඞ‍්කොලො හොති : ද‍්වෙ වා තීණි වා කුලානි සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති.

හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් කොලංකොල (=භවයෙන් භවයට යනුවෙක්) වෙයි. භවයන් දෙකක් හෝ තුණක් හෝ දිවැ සැරැ දුක් කෙළවර කෙරෙයි.

සො තිණ‍්ණං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා එකබීජී හොති : එකඤ‍්ඤෙව මානුසකං භවං නිබ‍්බත‍්තෙත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති.

හේ තුන් වැදෑරුම් වූ සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් ඒකබීජී (=එක් භවයකට ම බීජ ඇතියේ) වෙයි. එක් ම මනුෂ්‍යභවයක් නිපයා දුක් කෙළවර කෙරෙයි.

සො තිණ‍්ණං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා රාගදොසමොහානං තනුත‍්තා සකදාගාමී හොති : සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති.

හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් රාග ද්වේෂ මෝහයන්ගේ තානවයෙන් (තුනී බැවින්) සෙදගැමි වෙයි. වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං පරිපූරකාරී, පඤ‍්ඤාය මත‍්තසොකාරී. සො යානි තානි ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි, තානි ආපජ‍්ජතිපි වුට‍්ඨාතිපි. තං කිස‍්ස හෙතු? න හි මෙත්‍ථ භික‍්ඛවෙ, අභබ‍්බතා වුත‍්තා. යානි ච ඛො තානි සික‍්ඛාපදානි ආදිබ්‍රහ‍්මචරියිකානි බ්‍රහ‍්මචරියසාරුප‍්පානි, තත්‍ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැඟී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්? මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි.

සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී.

හේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි.

සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

හේ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් සංසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.

සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

හේ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් අසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.

සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා උපහච‍්චපරිනිබ‍්බායී හොති.

හේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.

සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරාපරිනිබ‍්බායී හොති.

හේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං පරිපූරකාරී, පඤ‍්ඤාය පරිපූරකාරී. සො යානි තානි ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි, තානි ආපජ‍්ජතිපි වුට‍්ඨාතිපි. තං කිස‍්ස හෙතු? න හි මෙත්‍ථ භික‍්ඛවෙ, අභබ‍්බතා වුත‍්තා. යානි ච ඛො තානි සික‍්ඛාපදානි ආදිබ්‍රහ‍්මචරියිකානි බ්‍රහ‍්මචරියසාරුප‍්පානි, තත්‍ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්? මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වෙසෙයි.

ඉති ඛො භික‍්ඛවෙ, පදෙසං පදෙසකාරී ආරාධෙති, පරිපූරං පරිපූරකාරී, අවඤ‍්ඣානිත්‍වෙවාහං, භික‍්ඛවෙ, සික‍්ඛාපදානි වදාමීති.

මහණෙනි, මෙසේ ප්‍රදේශකාරී පුද්ගල ප්‍රදේශය සපයයි. පරිපූරකාරී පුද්ගල පරිපූර්‍ණාර්‍ත්‍ථය සපයයි. මහණෙනි, මම “සිකපදහු නොවඳහ” යි වදාරමි යි.