යෙදුමෙන් කියවන්න

3. 2. 4. 6

3. 2. 4. 6.

3. 2. 4. 6.

36. සාධිකමිදං භික‍්ඛවෙ, දියඩ‍්ඪසික‍්ඛාපදසතං අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡති, යත්‍ථ අත්‍ථකාමා කුලපුත‍්තා සික‍්ඛන‍්ති. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, සික‍්ඛා, යත්‍ථෙතං සබ‍්බං සමොධානං ගච‍්ඡති. කතමා තිස‍්සො : අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා අධිපඤ‍්ඤාසික‍්ඛා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො සික‍්ඛා, යත්‍ථෙතං සබ‍්බං සමොධානං ගච‍්ඡති.

36. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් එබඳු මේ සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මේ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ.

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං මත‍්තසොකාරී. පඤ‍්ඤාය මත‍්තසොකාරී. සො යානි තානි ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි තානි ආපජ‍්ජතිපි වුට‍්ඨාතිපි. තං කිස‍්ස හෙතු? න හි මෙත්‍ථ භික‍්ඛවෙ, අභබ‍්බතා වුත‍්තා. යානි ච ඛො තානි සික‍්ඛාපදානි ආදිබ්‍රහ‍්මචරියිකානි බ්‍රහ‍්මචරියසාරුප‍්පානි, තත්‍ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච. සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සොතාපන‍්නො හොති අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො.

මහණෙනි, මෙ සස්නෙහි මහණ, ශීලයෙහි පරිපූරකාරී වෙයි, සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි, හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ සිකපද අවදනේත් ඇවැතින් නැඟ සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ වෙත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ ක්‍ෂයහේතුයෙන් අපායට නොහෙන සැහැවි ඇතියේ මාර්‍ගනියාමයෙන් නියත වූයේ උපරිමාර්‍ගත්‍රය සඞ්ඛ්‍යාත සම්බෝධිය පරායණ කොට ඇතියේ සෝවන් වෙයි.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු පරිපූරකාරී හොති සමාධිස‍්මිං මත‍්තසොකාරී, පඤ‍්ඤාය මත‍්තසොකාරී. සො යානි තානි ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි තානි ආපජ‍්ජතිපි වුට‍්ඨාතිපි. තං කිස‍්ස හෙතු? න හි මෙත්‍ථ භික‍්ඛවෙ, අභබ‍්බතා වුත‍්තා. යානි ච ඛො තානි සික‍්ඛාපදානි ආදිබ්‍රහ‍්මචරියිකානි බ්‍රහ‍්මචරියසාරුප‍්පානි, තත්‍ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච. සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා රාගදොසමොහානං තනුත‍්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති.

මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පමණින් කරණ සුලු වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැඟී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදි බ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපෙදෙහි හික්මෙයි. හේ තුන් වැදෑරුම් සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් රාගද්වේෂ මෝහයන්ගේ තානවයෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු පරිපූරකාරී හොති සමාධිස‍්මිං පරිපූරකාරී පඤ‍්ඤාය මත‍්තසොකාරී. සො යානි තානි ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි තානි ආපජ‍්ජතිපි වුට‍්ඨාතිපි. තං කිස‍්ස හෙතු : න හි මෙත්‍ථ භික‍්ඛවෙ, අභබ‍්බතා වුත‍්තා. යානි ච ඛො තානි සික‍්ඛාපදානි ආදිබ්‍රහ‍්මචරියිකානි බ්‍රහ‍්මචරියසාරුප‍්පානි තත්‍ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා.

මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පමණින් කරණ සුලු වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැග සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි නිබඳ සිල් ඇතියේත්. පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂය හේතුයෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නොඑන සැහැවි ඇත්තේ එහි ම පිරිනිවන් පානේය.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං පරිපූරකාරී. පඤ‍්ඤාය පරිපූරකාරී. සො යානි තානි ඛුද‍්දානුඛුද‍්දකානි සික‍්ඛාපදානි, තානි ආපජ‍්ජතිපි වුට‍්ඨාතිපි. තං කිස‍්ස හෙතු? න හි මෙත්‍ථ භික‍්ඛවෙ, අභබ‍්බතා වුත‍්තා. යානි ච ඛො තානි සික‍්ඛාපදානි ආදිබ්‍රහ‍්මචරියිකානි බ්‍රහ‍්මචරියසාරුප‍්පානි, තත්‍ථ ධුවසීලී ච හොති ඨිතසීලී ච සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මෙසස්නෙහි මහණ ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි පරිපූරකාරී වෙයි. හේ යම් ඒ කුදන්කුදු සිකපද ඇත් ද, ඒ අවදනේත් ඇවැතින් නැගී සිටුනේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ලා මා විසින් අභව්‍යභාවයෙක් නොකියන ලදී. බ්‍රහ්මචර්‍ය්‍යයට නිසි වූ යම් ඒ ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ශික්‍ෂාපදයෝ ඇත් ද, එහි ලා නිබඳ සිල් ඇතියේත් පිහිටි සිල් ඇතියේත් වෙයි. මොනොවට සමාදන්ව සිකපදයෙහි හික්මෙයි. හේ ආස්‍රවයන්ගේ ක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වෙසෙයි.

ඉති ඛො භික‍්ඛවෙ, පදෙසං පදෙසකාරී ආරාධෙති. පරිපූරං පරිපූරකාරී. අවඤ‍්ඣානි ත්‍වෙවාහං භික‍්ඛවෙ, සික‍්ඛාපදානි වදාමීති.

මහණෙනි, මෙසේ ප්‍රදේශකාරී ආර්‍ය පුද්ගල (=සෝවන් සෙදගැමි, අනගැමි පුඟුල්) ප්‍රදේශයක් සපයයි. පරිපූරකාරී පුද්ගල (=රහත් තෙමේ) පරිපූර්‍ණාර්‍ත්‍ථය (=රහත්ඵලය) සපයයි. මහණෙනි, මම සිකපදහු නොවඳහ යි කියමියි.