3. 2. 4. 5
3. 2. 4. 5.
3. 2. 4. 5.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
35. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : සෙඛො සෙඛොති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සෙඛො හොතීති?
35. එකල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, ‘ශෛක්‍ෂය, ශෛක්‍ෂය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ශෛක්ෂ වේ හො යි?
සික්ඛතීති ඛො භික්ඛු, තස්මා සෙඛොති වුච්චති. කිඤ්ච සික්ඛති : අධිසීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති. සික්ඛතීති ඛො භික්ඛු, තස්මා සෙඛොති වුච්චතීති.
මහණ, හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ. කුමක් හික්මේ ද? අධිශීලයත් හික්මෙයි. අධිචිත්තයත් හික්මෙයි. අධිප්‍රඥාවත් හික්මෙයි. මහණ හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ.
37. සෙඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො, ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා.
37 අරීමග පිළිපදනා සුලු හික්මෙන ශෛක්ෂයාහට පළමුව ලා (ක්ලේශක්ෂය කරණ හෙයින්) ක්ෂය නම් ලද මාර්ගයෙහි ඥානය උපදනේ ය, ඒ චතුර්ත්ථමාර්ගඥානයෙන් අනතුරුව අර්‍හත්ත්‍වඵලය උපදනේ ය.
38. තතො අඤ්ඤාවිමුත්තස්ස ඤාණං වෙ හොති තාදිනො, අකුප්පා මෙ විමුත්තීති භවසඤ්ඤොජනක්ඛයෙති.
38 එක්බිති අර්‍හත්ත්‍වඵලවිමුක්තියෙන් විමුක්ත වූ ඒ තාදීහට ඒකාන්තයෙන් ප්‍රත්‍යවේක්‍ෂණඥානය පහළ වෙයි. “භවසංයෝජනක්ෂයයෙහි දී මාගේ විමුක්තිය අකෝප්‍ය විය” කියා යි.