යෙදුමෙන් කියවන්න

3. 2. 4. 4

3. 2. 4. 4.

3. 2. 4. 4.

[වෙසාලීනිදානං]

[වේසාලිනිදාන යි]

34. එවං මෙ සුතං : එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො අඤ‍්ඤතරො වජ‍්ජිපුත‍්තකො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො වජ‍්ජිපුත‍්තකො භික‍්ඛු භගවන‍්තං එතදවොච :

34. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල එක්තරා වැදෑ රජකුලපුත් මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ ... එකත්පස්ව හුන් ඒ වැදෑපුත් මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:

සාධිකමිදං භන‍්තෙ, දියඩ‍්ඪසික‍්ඛාපදසතං අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡති. නාහං භන‍්තෙ, එත්‍ථ සක‍්කොමි සික‍්ඛිතුන‍්ති.

වහන්ස, “සාධික යෙළ සියක් මේ සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. වහන්ස, මම මෙහි හික්මෙන්නට නො පොහොසත්මි” යි.

සක‍්කසි පන ත්‍වං භික‍්ඛු, තීසු සික‍්ඛාසු සික‍්ඛිතුං අධිසීලසික‍්ඛාය, අධිචිත‍්තසික‍්ඛාය, අධිපඤ‍්ඤාසික‍්ඛායාති?

මහණ, අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට තෝ පොහොසත්හි?

සක‍්කොමහං භන‍්තෙ, තීසු සික‍්ඛාසු සික‍්ඛිතුං අධිසීලසික‍්ඛාය, අධිචිත‍්තසික‍්ඛාය, අධිපඤ‍්ඤාසික‍්ඛායාති.

වහන්ස, මම අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට පොහොසත්මි.

තස‍්මාතිහ ත්‍වං භික‍්ඛු, තීසු සික‍්ඛාසු සික‍්ඛස‍්සු අධිසීලසික‍්ඛාය, අධිචිත‍්තසික‍්ඛාය, අධිපඤ‍්ඤාසික‍්ඛාය. යතො ඛො ත්‍වං භික‍්ඛු අධිසීලම‍්පි සික‍්ඛිස‍්සසි, අධිචිත‍්තම‍්පි සික‍්ඛිස‍්සසි, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛිස‍්සසි, තස‍්ස තුය‍්හං භික‍්ඛු අධිසීලම‍්පි සික‍්ඛතො අධිචිත‍්තම‍්පි සික‍්ඛතො අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛතො රාගො පහීයිස‍්සති, දොසො පහීයිස‍්සති, මොහො පහීයිස‍්සති. සො ත්‍වං රාගස‍්ස පහාණා, දොසස‍්ස පහාණා, මොහස‍්ස පහාණා යං අකුසලං න තං කරිස‍්සසි, යං පාපං න තං සෙවිස‍්සසීති.

මහණ, එහෙයින් තෝ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකෙහි හික්මෙව. මහණ, යම් හෙයෙකින් තෝ අධිශීලයෙහි හික්මෙහි ද, අධිචිත්තයෙහි හික්මෙහි ද, අධිප්‍රඥායෙහිත් හික්මෙහි ද, මහණ, අධිශීලයෙහි හික්මෙන, අධිචිත්තයෙහිත් හික්මෙන, අධිප්‍රඥායෙහිත් හික්මෙන ඒ තට රාගය ප්‍රහත වෙයි. ද්වේෂය ප්‍රහත වෙයි. මෝහය ප්‍රහත වෙයි. ඒ තෝ, රාගප්‍රහාණයෙන් ද්වේෂප්‍රහාණයෙන් මෝහප්‍රහාණයෙන් - යම් අකුශලයෙක් වේ නම් එය නො කෙරෙහි, යම් පාපයෙක් වේ නම්, ඒ නො සෙවුනෙහිය.

අථ ඛො සො භික‍්ඛු අපරෙන සමයෙන අධිසීලම‍්පි සික‍්ඛි, අධිචිත‍්තම‍්පි සික‍්ඛි, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛි. තස‍්ස අධිසීලම‍්පි සික‍්ඛතො අධිචිත‍්තම‍්පි සික‍්ඛතො අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛතො රාගො පහීයි, දොසො පහීයි, මොහො පහීයි. සො රාගස‍්ස පහාණා දොසස‍්ස පහාණා මොහස‍්ස පහාණා යං අකුසලං තං නාකාසි, යං පාපං තං න සෙවීති.

එක්බිති ඒ මහණ, පසු කලෙක අධිශීලයෙහිත් හික්මින. අධිචිත්තයෙහිත් හික්මින. අධිප්‍රඥායෙහිත් හික්මින. අධිශීලයෙහිත් අධිචිත්තයෙහිත් අධිප්‍රඥායෙහිත් හික්මෙන ඔහුට රාගය ප්‍රහත විය. ද්වේෂය ප්‍රහත විය. මෝහය ප්‍රහත විය. රාගයාගේ ප්‍රහාණයෙන් ද්වේෂයාගේ ප්‍රහාණයෙන් මෝහයාගේ ප්‍රහාණයෙන් පසු යම් අකුශලයෙක් ඇත් ද ඒ නො කෙළේය. යම් පාපයෙක් ඇත් ද එය නො සෙව්නේ වීය.