3. 2. 4. 3
3. 2. 4. 3.
3. 2. 4. 3.
33. තීණිමානි භික‍්ඛවෙ, කස‍්සකස‍්ස ගහපතිස‍්ස පුබ‍්බෙ කරණීයානි. කතමානි තීණි : ඉධ භික‍්ඛවෙ, කස‍්සකො ගහපති පටිගච‍්චෙව ඛෙත‍්තං සුකට‍්ඨං කරොති සුමතිකතං. පටිගච‍්චෙව ඛෙත‍්තං සුකට‍්ඨං කරිත්‍වා සුමතිකතං කාලෙන බීජානි පතිට‍්ඨාපෙති. කාලෙන බීජානි පතිට‍්ඨාපෙත්‍වා සමයෙන උදකං අභිනෙතිපි අපනෙතිපි. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි කස‍්සකස‍්ස ගහපතිස‍්ස පුබ‍්බෙ කරණීයානි.
33. මහණෙනි, සීසානා ගෙහෙවියා විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙක. කවර තුණෙක යත්: මහණෙනි, මෙලොව සීසානා ගෙහෙවි කැල ම ක්‍ෂේත්‍රය මොනොවට සානා ලද්දක් පුවරුවෙන් සම කරණ ලද්දක් කෙරේ ද, ක්‍ෂේත්‍රය මොනොවට සාට තැනක් පුවරු ගා සම කරණ ලද්දක් කොට නිසි කල බිජු පිහිටුවයි. නිසි කල්හි බිජු පිහිටුවා නිසි සමාහි දිය වද්දනුයේත් නෙරනුයේත් වෙයි. මහණෙනි, සානා ගෙහෙවියා විසින් කැල ම මේ කළයුතු දෑ තුණයි.
එවමෙව ඛො භික‍්ඛවෙ, තීණිමානි භික‍්ඛුස‍්ස පුබ‍්බෙ කරණීයානි. කතමානි තීණි : අධිසීලසික‍්ඛාසමාදානං, අධිචිත‍්තසික‍්ඛාසමාදානං, අධිපඤ‍්ඤාසික‍්ඛාසමාදානං. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි භික‍්ඛුස‍්ස පුබ‍්බෙ කරණීයානි.
මහණෙනි, එපරිදි ම මහණහු විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙකි. කවර තුණෙක යත්: අධිශීලශික්‍ෂාසමාදානය, අධිචිත්තශික්‍ෂාසමාදානය, අධිප්‍රඥාශික්‍ෂාසමාදාන යි. මහණෙනි, මහණහු විසින් කැල ම මේ කළයුතු දෑ තුණය.
තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං : තිබ‍්බො නො ඡන්‍දො භවිස‍්සති අධිසීලසික‍්ඛාසමාදානෙ, තිබ‍්බො නො ඡන්‍දො භවිස‍්සති අධිචිත‍්තසික‍්ඛාසමාදානෙ, තිබ‍්බො නො ඡන්‍දො භවිස‍්සති අධිපඤ‍්ඤාසික‍්ඛාසමාදානෙති. එවංහි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය: අධිශීලශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දය වෙයි. අධිචිත්තශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දය වෙයි. අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දය වේයයි. මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතුය.