4. සමණවග්ගො අට්ඨකථා
4. ශ්‍රමණ වර්ගය
1. සමණසුත්තවණ්ණනා
3. 2. 4. 1
චතුත්ථස්ස පඨමෙ සමණියානීති සමණසන්තකානි. සමණකරණීයානීති සමණෙන කත්තබ්බකිච්චානි. අධිසීලසික්ඛාසමාදානන්තිආදීසු සමාදානං වුච්චති ගහණං, අධිසීලසික්ඛාය සමාදානං ගහණං පූරණං අධිසීලසික්ඛාසමාදානං. සෙසපදද්වයෙපි එසෙව නයො. එත්ථ ච සීලං අධිසීලං, චිත්තං අධිචිත්තං, පඤ්ඤා අධිපඤ්ඤාති අයං විභාගො වෙදිතබ්බො. තත්ථ පඤ්චසීලං සීලං නාම, තං උපාදාය දසසීලං අධිසීලං නාම, තම්පි උපාදාය චතුපාරිසුද්ධිසීලං අධිසීලං නාම. අපිච සබ්බම්පි ලොකියසීලං සීලං නාම, ලොකුත්තරසීලං අධිසීලං, තදෙව සික්ඛිතබ්බතො සික්ඛාති වුච්චති. කාමාවචරචිත්තං පන චිත්තං නාම, තං උපාදාය රූපාවචරං අධිචිත්තං නාම, තම්පි උපාදාය අරූපාවචරං අධිචිත්තං නාම. අපිච සබ්බම්පි ලොකියචිත්තං චිත්තමෙව, ලොකුත්තරං අධිචිත්තං. පඤ්ඤායපි එසෙව නයො. තස්මාති යස්මා ඉමානි තීණි සමණකරණීයානි, තස්මා. තිබ්බොති බහලො. ඡන්දොති කත්තුකම්යතාකුසලච්ඡන්දො. ඉති ඉමස්මිං සුත්තන්තෙ තිස්සො සික්ඛා ලොකියලොකුත්තරා කථිතාති.
සිවුවෙනි වර්ගයෙහි පළමුසූත්‍රයෙහි සමණස්ස යනු ශ්‍රමණයාට අයත් දෙයයි. සමණකරණීයානි යනු ශ්‍රමණයා විසින් කළයුතු වැඩයි. අධිසීලසික්ඛා සමාදානං යනාදියෙහි ගැනීම සමාදානයයි කියනුලැබේ. අධිසීල ශික්ෂාව සමාදන්වීම ගැනීම පිරීම අධිසීල සික්ඛාසමාදානය නමි. සෙසු පද දෙකෙහිද මේ ක්‍රමයමැයි. මෙහිද සීල අධිසීල, චිත්ත, අධිචිත්ත, පඤ්ඤා, අධිපඤ්ඤා යන මේ කොටස් කිරීම දතයුතුය. එහි පන්සිල් සීල නමි. එය ඇසුරුකොට දශශීලය අධිසීල නමි. එයද ඇසුරුකොට චතුපාරිසුද්ධිසීලය අධිසීල නමි. තවද සියලුම ලෞකික ශීලය සීලයම වේ. ලෝකෝත්තර ශීලය අධිසීලයයි. එයම හික්මියයුතු බැවින් සික්ඛායයි කියනුලැබේ. කාමාවචර සිත චිත්ත නමි. එයද ඇසුරුකොට රූපාවචර සිත අධිචිත්ත නමි. එයද ඇසුරුකොට අරූපාවචර සිත අධිචිත්ත නමි. තවද සියලුම ලෞකික සිත චිත්ත නම් වෙයි. ලොකොත්තර සිත අධිචිත්ත නමි. ප්‍රඥාවෙහිද එම ක්‍රමයමයි. තස්මා යනු යම්හෙයකින් මේ ශ්‍රමණ කටයුතු තුනවේද එහෙයිනි. තිබ්බො යනු බහුලවූයි. ඡන්දො යනු කරනුකැමති කුසලකැමැත්තයි. මෙසේ මේ සූත්‍රාන්තයෙහි ලෞකික ලොකොත්තරවූ ත්‍රිවිධ ශික්ෂාව කියනලදී.
2. ගද්රභසුත්තවණ්ණනා
3. 2. 4. 2
දුතියෙ පිට්ඨිතො පිට්ඨිතොති පච්ඡතො පච්ඡතො. අහම්පි දම්මො අහම්පි දම්මොති අහම්පි “දම්මො දම්මමානො”ති වදමානො ගාවීති. සෙය්යථාපි ගුන්නන්ති යථා ගාවීනං. ගාවො හි කාළාපි රත්තාපි සෙතාදිවණ්ණාපි හොන්ති, ගද්රභස්ස පන තාදිසො වණ්ණො නාම නත්ථි. යථා ච වණ්ණො, එවං සරොපි පදම්පි අඤ්ඤාදිසමෙව. සෙසං උත්තානත්ථමෙව. ඉමස්මිම්පි සුත්තෙ තිස්සො සික්ඛා මිස්සිකාව කථිතාති.
දෙවැන්නෙහි පිටඨිතො පිට්ඨිතො යනු පසුපසිනි. අහම්පි අම්භා අභම්පි අම්භා යනු අභම්පි අම්භා යනු අහම්පි අම්භා යන හඬ නඟන දෙනයි. මමද දෙනකියි. සෙය්යථාපි ගුන්නං යනු යම්සේ දෙනුන්ගේ යනුයි. ගවයෝ වනාහි වර්ණයෙන් කළුවූවෝද රත්පැහැවූවෝද සුදුආදී පැහැඇත්තෝද වෙත්. කොටළුවාගේ එබඳු පැහැයක් නම් නැත. පැහැය යම්සේද හඬද එසේමය. යාමද වෙන අයුරක්මය. සෙස්ස පැහැදිලිය. මේ සූත්‍රයෙහිද ත්රිවිධශික්ෂාව මිශ්‍රකවම කියනලදී.
3. ඛෙත්තසුත්තවණ්ණනා
3. 2. 4. 3
තතියෙ පටිකච්චෙවාති පඨමමෙව. සුකට්ඨං කරොතීති නඞ්ගලෙන සුකට්ඨං කරොති. සුමතිකතන්ති මතියා සුට්ඨු සමීකතං. කාලෙනාති වපිතබ්බයුත්තකාලෙන. සෙසං උත්තානමෙව. ඉධාපි තිස්සො සික්ඛා මිස්සිකාව කථිතා.
තෙවැන්නෙහි, පටිගචේචව යනු පළමුවමය. සුකට්ඨං කරොති යනු නඟුලින් මනාව සීසෑම කෙරෙයි. සුමතිකතං යනු නුවණින් මනාව සමකරනලද්දාවූයි. කාලෙන යනු වැපිරියයුතු කාලයෙනි. සෙස්ස කියනලද ක්‍රමය ඇත්තේමය. මෙහිද ත්රිවිධශික්ෂාව මිශ්‍රකවම කියනලදී.
4. වජ්ජිපුත්තසුත්තවණ්ණනා
3. 2. 4. 4
චතුත්ථෙ වජ්ජිපුත්තකොති වජ්ජිරාජකුලස්ස පුත්තො. දියඩ්ඪසික්ඛාපදසතන්ති පණ්ණාසාධිකං සික්ඛාපදසතං. තස්මිං සමයෙ පඤ්ඤත්තානි සික්ඛාපදානෙව සන්ධායෙතං වුත්තං. සො කිර භික්ඛු අජ්ජවසම්පන්නො උජුජාතිකො අවඞ්කො අකුටිලො, තස්මා “අහං එත්තකානි සික්ඛාපදානි රක්ඛිතුං සක්කුණෙය්යං වා න වා”ති චින්තෙත්වා සත්ථු ආරොචෙසි. සක්කොමහන්ති සක්කොමි අහං. සො කිර “එත්තකෙසු සික්ඛාපදෙසු සික්ඛන්තස්ස අගරු තීසු සික්ඛාසු සික්ඛිතු”න්ති මඤ්ඤමානො එවමාහ. අථ භගවා යථා නාම පඤ්ඤාස තිණකලාපියො උක්ඛිපිතුං අසක්කොන්තස්ස කලාපියසතං බන්ධිත්වා සීසෙ ඨපෙය්ය, එවමෙව එකිස්සාපි සික්ඛාය සික්ඛිතුං අසක්කොන්තස්ස අපරා ද්වෙපි සික්ඛා උපරි පක්ඛිපන්තො තස්මාතිහ ත්වං භික්ඛූතිආදිමාහ. සුඛුමාලො කිර උත්තරො නාම ජානපදමනුස්සො ලොහපාසාදවිහාරෙ වසති. අථ නං දහරභික්ඛූ ආහංසු – “උත්තර, අග්ගිසාලා ඔවස්සති, තිණං කප්පියං කත්වා දෙහී”ති. තං ආදාය අටවිං ගන්ත්වා තෙන ලායිතං තිණංයෙව කරළෙ බන්ධිත්වා “පඤ්ඤාස කරළෙ ගහෙතුං සක්ඛිස්සසි උත්තරා”ති ආහංසු. සො “න සක්ඛිස්සාමී”ති ආහ. අසීතිං පන සක්ඛිස්සසීති? න සක්ඛිස්සාමි, භන්තෙති. එකං කරළසතං සක්ඛිස්සසීති? ආම, භන්තෙ, ගණ්හිස්සාමීති. දහරභික්ඛූ කරළසතං බන්ධිත්වා තස්ස සීසෙ ඨපයිංසු. සො උක්ඛිපිත්වා නිත්ථුනන්තො ගන්ත්වා අග්ගිසාලාය සමීපෙ පාතෙසි. අථ නං භික්ඛූ “කිලන්තරූපොසි උත්තරා”ති ආහංසු. ආම, භන්තෙ, දහරා භික්ඛූ මං වඤ්චෙසුං, ඉමං එකම්පි කරළසතං උක්ඛිපිතුං අසක්කොන්තං මං “පණ්ණාස කරළෙ උක්ඛිපාහී”ති වදිංසු. ආම, උත්තර, වඤ්චයිංසු තන්ති. එවං සම්පදමිදං වෙදිතබ්බං. ඉධාපි තිස්සො සික්ඛා මිස්සිකාව කථිතා.
සිවුවැන්නෙහි වජ්ජිපුත්තකො යනු වජ්ජිරාජ කුලයට අයත් ප්‍රත්‍රයෙකි. දියඩ්ඪසික්ඛාපදසතං යනු පණහක් අධිකකොට ඇති සිකපද සියයකි. එසමයෙහි පනවලද ශික්ෂාපදයන් සඳහා මෙය කියනලදී. ඒ භික්ෂුව වනාහි අවංක බවින් යුක්ත වූයේ සෘජු ස්වභාවය ඇත්තේ නොවක්වුයේ අකුටිල වුයේවිය. එබැවින් මම මෙතෙක් සිකපද රැකීමට හැකිවනනේම්ද නොවන්නේම්දැයි සිතා ශාස්තෘන්වහන්සේට සැළකළේය. සික්ඛාමහං යනු මම හික්මෙමියි. හෙතෙම වනාහි මෙපමණ සික පදයන්හි හික්මෙන්නාට ත්‍රිවිධ ශික්ෂාවන්හි හැසිරීමට අමාරු නැතැයි හඟින්නේ මෙසේ කීවේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ තණපිඬු පනසක් එසවීමට නොහැක්කාට පිඬුසියයක් බැඳ හිසෙහි තබන්නේ යම්සේද? එසේම එක ශික්ෂාවකුදු හික්මීමට නොහැක්කාට වෙනත් ශික්ෂා දෙකක් (ද) මත්තෙහි බහාලමින් තස්මාතිභ ත්වං භික්ඛු යනාදිය පැවසූසේක. රුහුණෙහි උත්තර නම්වූ දනවුවැසි මිනිසෙක් භෙරපාසාණ විහාරයෙහි වෙසෙයි. ඉක්බිති ඔහුට කුඩා භික්ෂූහු ‘උත්තර, ගිනිහල් ගෙය තෙමෙයි. තණ කැපකොට දෙව’යි කීහ. මෙසේ පවසා ඔහු රැගෙන කැලයට ගොස් ඔහු විසින් කපනලද තණම මිටිබැඳ ‘උත්තරය” මිටිපනහක් ගැනීමට හැකිවෙහිදැ’යි ඇසූහ. හෙතෙම නොහැකි වෙමියි කීවේය. ‘අසූවක් හැකිවෙහිද?’ ‘නොහැකිවෙමි’ ‘මිටි එක්සියයක් හැකිවෙහිද?’ ‘එසේය ස්වාමීනි ගන්නේමැ’යි කීවේය. කුඩා භික්ෂුහු මිටිසියයක් බැඳ ඔහුගේ හිසෙහි තැබුවාහුය. හෙතෙම ඔසවා කෙඳිරිගාමින්, කෙඳිරිගාමින් ගොස් ගිනිගල් ගෙය සමීපයෙහි හෙළීය. ඉක්බිති භික්ෂුහු ඔහුගෙන් ‘උත්තරය. මහන්සි ඇත්තෙහිදැයි ඇසූහ. ‘එසේය ස්වාමීනි, කුඩා භික්ෂුහු මං රවටති මේ මිටි සියයක් එසවීමට නොහකි මට මිටිපනහක් ඔසවවයි කීයාහුය.” ‘එසේය උත්තරය, ඔබව රැවටුවා හුය’යි (කීවෝය). මෙයද එබඳුයයි දතයුතුය. මෙහිද ත්‍රිවිධ ශික්ෂාව මිශ්‍රකවම කියනලදී.
5. සෙක්ඛසුත්තවණ්ණනා
3. 2. 4. 5
පඤ්චමෙ උජුමග්ගානුසාරිනොති උජුමග්ගො වුච්චති අරියමග්ගො, තං අනුස්සරන්තස්ස පටිපන්නකස්සාති අත්ථො. ඛයස්මිං පඨමං ඤාණන්ති පඨමමෙව මග්ගඤාණං උප්පජ්ජති. මග්ගො හි කිලෙසානං ඛෙපනතො ඛයො නාම, තංසම්පයුත්තං ඤාණං ඛයස්මිං ඤාණං නාම. තතො අඤ්ඤා අනන්තරාති තතො චතුත්ථමග්ගඤාණතො අනන්තරා අඤ්ඤා උප්පජ්ජති, අරහත්තඵලං උප්පජ්ජතීති අත්ථො. අඤ්ඤාවිමුත්තස්සාති අරහත්තඵලවිමුත්තියා විමුත්තස්ස. ඤාණං වෙ හොතීති පච්චවෙක්ඛණඤාණං හොති. ඉති සුත්තෙපි ගාථාසුපි සත්ත සෙඛා කථිතා. අවසානෙ පන ඛීණාසවො දස්සිතොති.
පස්වැන්නෙහි උජුම්ග්ගානුසාරිනො යනු ආර්යමාර්ගය සෘජුමාර්ගයයි කියනුලැබේ. එය අනුව හැසිරෙන්නාට, ඊට පිළිපන් තැනැත්තාට යන අර්ථයයි. ඛයස්මිං පඨමං ඤාණං යනු පළමුවම මාර්ගඤාණය උපදියි. මාර්ගය වනාහි කෙලෙසුන් ගෙවාදමන බැවින් ඛය නමි. එය සමඟ පැවති නුවණ ඛයස්මිංඤාණ නමි. තතො අඤ්ඤ අනන්තරා යනු එය සිවුවැනි මාර්ගඥානයෙන් අනතුරුවම රහත්ඵලය උපදියි. අරහත්ඵලය උපදීයයි අර්‍ත්‍ථයි. අඤ්ඤා විමුත්තස්ස යනු අරහත්ඵල විමුක්තියෙන් මිදුනහුටයි. ඤාණං චෙ හොති යනු ප්රත්යවෙක්ෂණ ඥානය වෙයි. මෙසේ සූත්‍රයෙහිද ගාථාවන්හිද ස්පත ශෛක්ෂයෝ කියනලද්දාහුය. අවසානයෙහි ක්ෂීණාශ්රවයන්වහන්සේ දක්වනලදහ.
6. පඨමසික්ඛාසුත්තවණ්ණනා
3. 2. 4. 6
ඡට්ඨෙ අත්තකාමාති අත්තනො හිතකාමා. යත්ථෙතං සබ්බං සමොධානං ගච්ඡතීති යාසු සික්ඛාසු සබ්බමෙතං දියඩ්ඪසික්ඛාපදසතං සඞ්ගහං ගච්ඡති. පරිපූරකාරී හොතීති සමත්තකාරී හොති. මත්තසො කාරීති පමාණෙන කාරකො, සබ්බෙන සබ්බං කාතුං න සක්කොතීති අත්ථො. ඛුද්දානුඛුද්දකානීති චත්තාරි පාරාජිකානි ඨපෙත්වා සෙසසික්ඛාපදානි. තත්රාපි සඞ්ඝාදිසෙසං ඛුද්දකං, ථුල්ලච්චයං අනුඛුද්දකං නාම. ථුල්ලච්චයඤ්ච ඛුද්දකං, පාචිත්තියං අනුඛුද්දකං නාම, පාචිත්තියඤ්ච ඛුද්දකං, පාටිදෙසනියදුක්කටදුබ්භාසිතානි අනුඛුද්දකානි නාම. ඉමෙ පන අඞ්ගුත්තරමහානිකායවළඤ්ජනකආචරියා “චත්තාරි පාරාජිකානි ඨපෙත්වා සෙසානි සබ්බානිපි ඛුද්දානුඛුද්දකානී”ති වදන්ති. තානි ආපජ්ජතිපි වුට්ඨාතිපීති එත්ථ පන ඛීණාසවො තාව ලොකවජ්ජං නාපජ්ජති, පණ්ණත්තිවජ්ජමෙව ආපජ්ජති. ආපජ්ජන්තො ච කායෙනපි වාචායපි චිත්තෙනපි ආපජ්ජති. කායෙන ආපජ්ජන්තො කුටිකාරසහසෙය්යාදීනි ආපජ්ජති, වාචාය ආපජ්ජන්තො සඤ්චරිත්තපදසොධම්මාදීනි, චිත්තෙන ආපජ්ජන්තො රූපියපටිග්ගහණං ආපජ්ජති. සෙක්ඛෙසුපි එසෙව නයො. න හි මෙත්ථ, භික්ඛවෙ, අභබ්බතා වුත්තාති, භික්ඛවෙ, න හි මයා එත්ථ එවරූපං ආපත්තිං ආපජ්ජනෙ ච වුට්ඨානෙ ච අරියපුග්ගලස්ස අභබ්බතා කථිතා. ආදිබ්රහ්මචරියකානීති මග්ගබ්රහ්මචරියස්ස ආදිභූතානි චත්තාරි මහාසීලසික්ඛාපදානි. බ්රහ්මචරියසාරුප්පානීති තානියෙව චතුමග්ගබ්රහ්මචරියස්ස සාරුප්පානි අනුච්ඡවිකානි. තත්ථාති තෙසු සික්ඛාපදෙසු. ධුවසීලොති නිබද්ධසීලො. ඨිතසීලොති පතිට්ඨිතසීලො. සොතාපන්නොති සොතසඞ්ඛාතෙන මග්ගෙන ඵලං ආපන්නො. අවිනිපාතධම්මොති චතූසු අපායෙසු අපතනසභාවො. නියතොති සොතාපත්තිමග්ගනියාමෙන නියතො. සම්බොධිපරායණොති උපරිමග්ගත්තයසම්බොධිපරායණො.
සයවැන්නෙහි අත්තකාමා යනු තමන්ට හිත කැමැත්තෝයි. යත්ථොතං සබ්බං සමොධානං ගච්ඡති යනු යම් ශික්ෂාවන්හි මේ සියලු එකසිය පණහක් ශික්ෂාපාද සංග්‍රහයට යයිද පරිපූරකාරීහොති යනු සපුරන්නේ වෙයි. මත්තසො කාරී යනු පමණ දැන කරන්නායි. සියල්ලෙන් සියල්ල කිරීමට නොහැකි වෙයි යන අර්‍ත්‍ථයි. ඛුද්දානුඛද්දකානි යනු සතර පරිජි හැර සෙසු සිකපදයි. එහිද සඟවෙසෙස කුඩාය, තුලසිය අනුකුඩාය. තුලසියද කුඩාය, පචිතිය අනුකුඩා නමි. පචිතියද කුඩාය, පාටිදෙසනීය දුක්කටදුබ්භාසිත අනුකුඩා නමි. මේ අඞ්ගුත්තර මහානිකාය භාවිත කරන ආචාර්යවරු සතර පරිජිහැර සෙසු සියලු සිකපද කුඩාඅනුකුඩායි පවසති. තානි ආපජ්ජතිපි වුට්ඨාතිපි යනු මෙහි වනාහි ක්ෂිණාශ්රව තෙමේ ලොකවද්යයට නොපැමිණෙයි. ප්රඥප්තිවද්යයටම පැමිණෙයි. පැමිණෙන්නේද කයෙන්ද වචනයෙන්ද සිතෙන්ද පැමිණෙයි. කයින් (වරදට) පැමිණෙන්නේ කුටිකාරසහසෙය්ය ආදී වරදට පැමිණෙයි. වචනයෙන් පැමිණෙන්නේ සඤ්චරිත්ත පදසොධම්ම ආදියටද සිතින් පැමිණෙන්නේ රූපියපටිග්ගහණ ඇවතට පැමිණෙයි, ශෛක්ෂයන් කෙරෙහිද මේ ක්‍රමයමයි. න භි මෙත්ථ භික්ඛවෙ අභබ්බතා වුත්තා යනු මහණෙනි, මවිසින් මෙහි මෙබඳු ඇවතට පැමිණීමෙහිද ඇවතින් නැඟීසිටීමෙහිද ආර්‍ය්‍ය පුද්ගලයාගේ නොහැකිබව නොකියනලදී. ආදිබ්‍රහ්මචරියකානි යනු මාර්ග බ්‍රහ්මචර්යයට මුල්වූ මහාසීලශක්ෂාපද සතරයි. බ්රහ්මචරියසාරුප්පානි යනු ඒ සතර මාර්ග බ්රහ්මචර්යයටම ගැලපෙන්නාවූ සුදුසුවුයි. තත්ථ යනු ඒ හික්ෂාපදයන්හිය. ධුවසීලී යනු නිති සිල් ඇත්තේයි. ඨීතසීලි යනු ශීලයෙහි පිහිටියේයි. සොතාපනේනා යනු ශ්‍රොතස් සංඛ්‍යාත මාර්ගයෙන් ඵලයට පැමිණියේයි. අවිනිපාතධමේමා යනු සතර අපායන්හි නොවැටෙන ස්වභාවය ඇත්තේයි. නියතො යනු සෝවාන් මගනියමයෙන් නියමිත වූයේයි. සම්බොධිපරායනො යනු මතු මාර්ගතුන පිළිබඳ අවබෝධය පිහිටකොට ඇත්තේයි.
තනුත්තාති තනුභාවො. සකදාගාමිනො හි රාගාදයො අබ්භපටලං විය මච්ඡිකාපත්තං විය ච තනුකා හොන්ති, න බහලා. ඔරම්භාගියානන්ති හෙට්ඨාභාගියානං. සංයොජනානන්ති බන්ධනානං. පරික්ඛයාති පරික්ඛයෙන. ඔපපාතිකො හොතීති උප්පන්නකො හොති. තත්ථ පරිනිබ්බායීති හෙට්ඨා අනොතරිත්වා උපරියෙව පරිනිබ්බානධම්මො. අනාවත්තිධම්මොති යොනිගතිවසෙන අනාගමනධම්මො.
තනුත්තා යනු තුනී (අඩු) බවිනි. සකෘදාගාමිවූවන්ගේ රාගාදිය වළාකුළක් මෙන්ද මැසි පියාපතක්මෙන්ද තුනී වෙයි. බහුලනොවෙයි. ඔරම්භාගියානං යනු යට කොටසට අයත්වූයි. සංයොජනානං යනු බැඳුම්වලයි. පරීක්ඛායා යනු ක්ෂයවීමෙනි. ඔපපාතිකො හොති යනු (ඉබේ) හටගත්තේ වෙයි. තත්ථ පරිනිබ්බායී යනු යටට නොබස මත්තෙහිම පිරිනිවීම ස්වභාව කොට ඇත්තේයි. අනාවතත්ධමේමා යනු යෝනිගතිවශයෙන් නොඑන ස්වභාවය ඇත්තේයි.
පදෙසං පදෙසකාරීතිආදීසු පදෙසකාරී පුග්ගලො නාම සොතාපන්නො ච සකදාගාමී ච අනාගාමී ච, සො පදෙසමෙව සම්පාදෙති. පරිපූරකාරී නාම අරහා, සො පරිපූරමෙව සම්පාදෙති. අවඤ්ඣානීති අතුච්ඡානි සඵලානි සඋද්රයානීති අත්ථො. ඉධාපි තිස්සො සික්ඛා මිස්සකාව කථිතා.
පදෙසං පදෙසකාරී යනාදියෙහි පදෙසකාරී පුද්ගලයා නම් සෝවාන්වූයේද සකෘදාගාමීවූයේද අනාගාමීවූයේද වෙයි. හෙතෙම ප්රදේශයක්ම (කොටසක්ම) සම්පාදනය කරයි. පරිපූරකාරී නම් රහතන්වහන්සේයි. උන්වහන්සේ සපිරුණුබවම සපයනසෙක්. අවඤ්ක්ධායනී යනු නොසිස්වූ, සඵලවූ පලදෙන්නාවූයි යන අර්ථයි. මෙහිද ත්‍රිවිධ ශික්ෂාව මිශ්‍රකවම කියනලදී.
7. දුතියසික්ඛාසුත්තවණ්ණනා
3. 2. 4. 7
සත්තමෙ කොලංකොලොති කුලා කුලං ගමනකො. කුලන්ති චෙත්ථ භවො අධිප්පෙතො, තස්මා “ද්වෙ වා තීණි වා කුලානී”ති එත්ථපි ද්වෙ වා තයො වා භවෙති අත්ථො වෙදිතබ්බො. අයඤ්හි ද්වෙ වා භවෙ සන්ධාවති තයො වා, උත්තමකොටියා ඡ වා. තස්මා ද්වෙ වා තීණි වා චත්තාරි වා පඤ්ච වා ඡ වාති එවමෙත්ථ විකප්පො දට්ඨබ්බො. එකබීජීති එකස්සෙව භවස්ස බීජං එතස්ස අත්ථීති එකබීජී. උද්ධංසොතොතිආදීසු අත්ථි උද්ධංසොතො අකනිට්ඨගාමී, අත්ථි උද්ධංසොතො න අකනිට්ඨගාමී, අත්ථි න උද්ධංසොතො අකනිට්ඨගාමී, අත්ථි න උද්ධංසොතො න අකනිට්ඨගාමී. තත්ථ යො ඉධ අනාගාමිඵලං පත්වා අවිහාදීසු නිබ්බත්තො තත්ථ යාවතායුකං ඨත්වා උපරූපරි නිබ්බත්තිත්වා අකනිට්ඨං පාපුණාති, අයං උද්ධංසොතො අකනිට්ඨගාමී නාම. යො පන අවිහාදීසු නිබ්බත්තො තත්ථෙව අපරිනිබ්බායිත්වා අකනිට්ඨම්පි අප්පත්වා උපරිමබ්රහ්මලොකෙ පරිනිබ්බායති, අයං උද්ධංසොතො න අකනිට්ඨගාමී නාම. යො ඉතො චවිත්වා අකනිට්ඨෙයෙව නිබ්බත්තති, අයං න උද්ධංසොතො අකනිට්ඨගාමී නාම. යො පන අවිහාදීසු චතූසු අඤ්ඤතරස්මිං නිබ්බත්තිත්වා තත්ථෙව පරිනිබ්බායති, අයං න උද්ධංසොතො න අකනිට්ඨගාමී නාම.
සත්වැන්නෙහි කොලංකොලො යනු කුලයෙන් කුලයට යන තැනැත්තේයි. මෙහි කුල යන්නෙන් භවය අදහස්කරනු ලැබේ. එහෙයින් කුල දෙකක් හෝ තුනක් යන මෙහිද භව දෙකක හෝ තුනකැයි අර්ථය දතයුතුය. මෙතෙම වනාහි භව දෙකක හෝ හැසිරෙයි. තුනක හෝ උඩත් පිරිසෙයින් සයෙක හෝ හැසිරෙයි. මෙසේ මෙහි විකල්පය දතයුතුය. එකබීජි යනු එකම භවයක බීජය මොහුට ඇත්තේනුයි එකබීජි නමි. උද්ධං සොතො යනාදියෙහි උද්ධංසොත අකන්ට්ඨගාමියෙක් ඇත. උද්ධංසොත න අකනිට්ඨගාමියෙක් ඇත. එහි යමෙක් මෙහි අනාගාමිඵලයට පැමිණ අවිහ ආදියෙහි උපන්නේ එහි දිවි ඇති තෙක් සිට මතුමත්තෙහි ඉපිද අකනිටාවට පැමිණෙයි. මෙතෙම උද්ධංසොත අකනිට්ඨාගාමි නමි. යමෙක් අවිහ ආදියෙහි උපන්නේ එහි දිවි ඇති තෙක් සිට මතුමත්තෙහි ඉපිද අකනිටාවට පැමිණෙයි. මෙතෙම උද්ධංසොත අකනිට්ඨගාමි නමි. යමෙක් අවිහ ආදියෙහි උපන්නේ එහිම පිරිනවන් නොපා අකනිටාවටද නොපැමිණ මතු මත්තෙහිවූ බඹලොවක පිරිනිවන් පායි. මෙතෙමේ උදධංසොත න අකනිට්ඨගාමි නමි. යමෙක් මෙයින් සැව අකනිටාවෙහිම උපදියිද මෙතෙම න උද්ධංසොත අකනිට්ඨගාමි නමි. යමෙක් වනාහි අවිහාදී සතරින් එකෙක ඉපදී එහිම පිරිනිවන් පායිද මෙතෙම න උද්ධංසොත න අකනිට්ඨාගාමී නම් වෙයි.
යත්ථ කත්ථචි උප්පන්නො පන සසඞ්ඛාරෙන සප්පයොගෙන අරහත්තං පත්තො සසඞ්ඛාරපරිනිබ්බායී නාම. අසඞ්ඛාරෙන අප්පයොගෙන පත්තො අසඞ්ඛාරපරිනිබ්බායී නාම. යො පන කප්පසහස්සායුකෙසු අවිහෙසු නිබ්බත්තිත්වා පඤ්චමං කප්පසතං අතික්කමිත්වා අරහත්තං පත්තො, අයං උපහච්චපරිනිබ්බායී නාම. අතප්පාදීසුපි එසෙව නයො. අන්තරාපරිනිබ්බායීති යො ආයුවෙමජ්ඣං අනතික්කමිත්වා පරිනිබ්බායති, සො තිවිධො හොති. කප්පසහස්සායුකෙසු තාව අවිහෙසු නිබ්බත්තිත්වා එකො නිබ්බත්තදිවසෙයෙව අරහත්තං පාපුණාති. නො චෙ නිබ්බත්තදිවසෙ පාපුණාති, පඨමස්ස පන කප්පසතස්ස මත්ථකෙ පාපුණාති, අයං පඨමො අන්තරාපරිනිබ්බායී. අපරො එවං අසක්කොන්තො ද්වින්නං කප්පසතානං මත්ථකෙ පාපුණාති, අයං දුතියො. අපරො එවම්පි අසක්කොන්තො චතුන්නං කප්පසතානං මත්ථකෙ පාපුණාති, අයං තතියො අන්තරාපරිනිබ්බායී. සෙසං වුත්තනයමෙව.
යම්කිසි තැනක උපන්නේ මෙහෙයවීම් ඇතිව පෙළඹවීම් ඇති ව රහත්බවට පැමිණියේ සසඞ්ඛාරපරිනිබ්බායි නම් වෙයි. හෙයෙවීම් නැතිව පෙළඹවීම් නැතිව රහත්බවට පැමිණියේ අසඞ්ඛාරපරිනිබ්බායි නම්වෙයි. යමෙක් කප්දහසක් ආයු ඇති අවිහයෙහි ඉපිද පස්වැනි කප් සියය ඉක්මවා රහත් බවට පැමිණියේ වෙයිද මෙතෙම උපභච්චපරිනිබ්බායි නමි අතප්පාදියෙහිද මෙම ක්‍රමයමැයි. අන්තරාපරිනිබ්බායී යනු යමෙක් ආයුෂයෙහි මැදිබව නොඉක්මවා පිරිනිවන් පායිද හෙතෙම තුන් ආකාර වෙයි. කප් දහසක් ආයු ඇති අවිහයෙහිම ඉපිද කෙනෙක් උපන්දිනයෙහි රහත්බවට පැමිණෙති. මේ දෙවැන්නායි. අනෙකෙක් මෙසේද නොහැක්කෝ කප්සාරසියයක් මත්තෙහි රහත්බවට පැමිණෙති. මේ තෙවැනි අන්තරාපරිනිබ්බායී පුද්ගලයායි. සෙස්ස කියනලද ක්‍රමය ඇත්තේමය.
ඉමස්මිං පන ඨානෙ ඨත්වා චතුවීසති සොතාපන්නා, ද්වාදස සකදාගාමිනො, අට්ඨචත්තාලීස අනාගාමිනො, ද්වාදස ච අරහන්තො කථෙතබ්බා. ඉමස්මිං හි සාසනෙ සද්ධාධුරං පඤ්ඤාධුරන්ති ද්වෙ ධුරානි, දුක්ඛපටිපදාදන්ධාභිඤ්ඤාදයො චතස්සො පටිපදා. තත්ථෙකො සද්ධාධුරෙන අභිනිවිසිත්වා සොතාපත්තිඵලං පත්වා එකමෙව භවං නිබ්බත්තිත්වා දුක්ඛස්සන්තං කරොති, අයමෙකො එකබීජී. සො පටිපදාවසෙන චතුබ්බිධො හොති. යථා චෙස, එවං පඤ්ඤාධුරෙන අභිනිවිට්ඨොපීති අට්ඨ එකබීජිනො. තථා කොලංකොලා සත්තක්ඛත්තුපරමා චාති ඉමෙ චතුවීසති සොතාපන්නා නාම. තීසු පන විමොක්ඛෙසු සුඤ්ඤතවිමොක්ඛෙන සකදාගාමිභූමිං පත්තා චතුන්නං පටිපදානං වසෙන චත්තාරො සකදාගාමිනො, තථා අනිමිත්තවිමොක්ඛෙන පත්තා චත්තාරො, අප්පණිහිතවිමොක්ඛෙන පත්තා චත්තාරොති ඉමෙ ද්වාදස සකදාගාමිනො. අවිහෙසු පන තයො අන්තරාපරිනිබ්බායිනො, එකො උපහච්චපරිනිබ්බායී, එකො උද්ධංසොතො අකනිට්ඨගාමීති පඤ්ච අනාගාමිනො, තෙ අසඞ්ඛාරපරිනිබ්බායිනො පඤ්ච, සසඞ්ඛාරපරිනිබ්බායිනො පඤ්චාති දස හොන්ති, තථා අතප්පාදීසු. අකනිට්ඨෙසු පන උද්ධංසොතො නත්ථි, තස්මා තත්ථ චත්තාරො සසඞ්ඛාරපරිනිබ්බායී, චත්තාරො අසඞ්ඛාරපරිනිබ්බායීති අට්ඨ, ඉමෙ අට්ඨචත්තාලීස අනාගාමිනො. යථා පන සකදාගාමිනො, තථෙව අරහන්තොපි ද්වාදස වෙදිතබ්බා. ඉධාපි තිස්සො සික්ඛා මිස්සිකාව කථිතා.
මෙතැන් සිට සූවිසි සොතාපන්නයෝද දොළොස් සකෘදාගාමීහුද අට සාළිස් අනාගාමීහු ද දොළොස් රහත්හුද කිවයුත්තාහ. මේ සසුනෙහි සද්ධාධුරය පඤ්ඤාධුරයයි ධුර දෙකෙකි. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාදීවූ පටිපදා සතරෙකි. එහි කෙනෙක් සද්ධාධුරයෙන් ඇතුළුවී සෝවාන්පලයට පැමිණ එකම භවයක ඉපිද දුක් කෙළවර කරත්. මේ එක් එකබීජියෙකි. හෙතෙම ප්‍රතිපදාවන්ගේ වශනේ සතරාකාර වෙයි. යම්සේ මෙතෙම මෙසේ පඤ්ඤාධුරයෙන් ඇතුළත්වූයේයිද එකබිජීහු අට දෙනෙකි. එසේ කොලංකොලය, සත්තක්ඛතතුපරම යන මේ සූවිසිදෙනා සොතාපන්නයෝ නම්වෙති. ත්‍රිවිධ විමොක්ෂයන් අතුරෙන් සුඤ්ඤතා විමොක්ෂයෙන් සකෘදාගාමි භූමියට පැමිණියාහු සතර ප්‍රතිපදාවන්ගේ වශයෙන් සකෘදාගාමීහු සතර දෙනාද අනිමිත්ත විමොක්ෂයෙන් සකෘදාගාමී භූමියට පත් සතර දෙනාදැයි යන මේ දොළොස් සකාදාගාමීහුයි. අවිහබඹලොවෙහි අන්තරාපරිනිබ්බායි තිදෙනාද උපහච්චපරිනිබ්බායී එක් කෙනෙක්ද උද්ධංසොත අකනිට්ඨගාමී එක්කෙනෙක්දැයි අනාගාමීහු පස් දෙනෙකි. ඔවුහු අසංඛාර පරිනිබ්බායි පස්දෙනාද සසඞ්ඛාර පරිනිබ්බායී පස්දෙනාදැයි දසදෙනෙක් වෙත්. අතප්පාදියෙහිද එසේය. අකනිටාවන්හි උද්ධංසොතයෙක් නැත. එහෙයින් එහි සසඞ්ඛාර පරිනිබ්බායි සතරය, අසඞ්ඛාරපරිනිබ්බායී සතරයයි අටදෙනෙකි. මේ අටසාළිස් දෙන අනාගාමීහුය. සකෘදාගාමීහු යම්සේද රහත්හුද දොළසකැයි දතයුත්තාහ. මෙහිද ත්රිවිධශික්ෂාව මිශ්‍රකව කියනලදී.
8. තතියසික්ඛාසුත්තවණ්ණනා
3. 2. 4. 8
අට්ඨමෙ තං වා පන අනභිසම්භවං අප්පටිවිජ්ඣන්ති තං අරහත්තං අපාපුණන්තො අප්පටිවිජ්ඣන්තො. ඉමිනා නයෙන සබ්බට්ඨානෙසු අත්ථො වෙදිතබ්බො. ඉධාපි තිස්සො සික්ඛා මිස්සිකාව කථිතා. නවමං උත්තානත්ථමෙව. ඉධාපි තිස්සො සික්ඛා මිස්සිකාව කථිතා.
අටවැන්නෙහි තං වා පන අනභිසමභවං අප්පටිවිජක්ධං යනු ඒ රහත්බවට නොපැමිණෙන්නේ අවබෝධ නොකරන්නේයි. මේ ක්‍රමයෙන් සියලුවාරයන්හි අර්ථය දතයුතුය. මෙහිද ත්‍රිවිධ ශික්ෂාව මිශ්‍රකවම කියනලදී. නවවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය. මෙහිද මිශ්‍රකවම කියනලදී.
10. දුතියසික්ඛත්තයසුත්තවණ්ණනා
3. 2. 4. 10
දසමෙ ආසවානං ඛයාති එත්ථ අරහත්තමග්ගො අධිපඤ්ඤාසික්ඛා නාම. ඵලං පන සික්ඛිතසික්ඛස්ස උප්පජ්ජනතො සික්ඛාති න වත්තබ්බං.
දසවැන්නෙහි ආසවනං ඛයා යන මෙහි අරහත් මාර්ගය අධිපඤ්ඤාසික්ඛා නමි. ඵලය වනාහි හික්මුණු ශික්ෂා ඇත්තහුට උපදනා හෙයින් ‘සික්ඛා’යි නොකිවයුතුය.
යථා පුරෙ තථා පච්ඡාති යථා පඨමං තීසු සික්ඛාසු සික්ඛති, පච්ඡා තථෙව සික්ඛතීති අත්ථො. දුතියපදෙපි එසෙව නයො. යථා අධො තථා උද්ධන්ති යථා හෙට්ඨිමකායං අසුභවසෙන පස්සති, උපරිමකායම්පි තථෙව ඵරති. දුතියපදෙපි එසෙව නයො. යථා දිවා තථා රත්තින්ති යථා දිවා තිස්සො සික්ඛා සික්ඛති, රත්තිම්පි තථෙව සික්ඛතීති අත්ථො. අභිභුය්ය දිසා සබ්බාති සබ්බා දිසා ආරම්මණවසෙන අභිභවිත්වා. අප්පමාණසමාධිනාති අරහත්තමග්ගසමාධිනා.
යථා පුරෙ තථා පච්ඡා යනු යම්සේ පළමුව ත්රිශික්ෂාවෙහි හික්මෙයිද පසුව (ද) එසේම හික්මෙයි යනාර්ථයි. දෙවැනි පදයෙහිද මෙම ක්‍රමයමැයි. යථා අධො තථා උද්ධං යම්සේ යටිකය අසුභවශයෙන් බලයිද උඩුකයද එසේම පතුරයි (බලයි). දෙවැනි පදයෙහිද එම ක්‍රමයමැයි. යථා දිවා තථාං රත්තිං යනු යම්සේ දහවල ත්රිශික්ෂාවෙහි හික්මෙයිද රැයෙහිද එසේම හික්මෙයි යනාර්ථයි. අභිභුය්ය දිසා සබ්බා යනු සියලු දිශාවන් අරමුණෙහි යටපත් කොටයි. අප්පමාණසමාධිනා යනු අරහත්මාර්ග සමාධියෙනි.
සෙක්ඛන්ති සික්ඛමානං සකරණීයං. පටිපදන්ති පටිපන්නකං. සංසුද්ධචාරියන්ති සංසුද්ධචරණං පරිසුද්ධසීලං. සම්බුද්ධන්ති චතුසච්චබුද්ධං. ධීරං පටිපදන්තගුන්ති ඛන්ධධීරආයතනධීරවසෙන ධීරං ධිතිසම්පන්නං පටිපත්තියා අන්තං ගතං. විඤ්ඤාණස්සාති චරිමකවිඤ්ඤාණස්ස. තණ්හාක්ඛයවිමුත්තිනොති තණ්හාක්ඛයවිමුත්තිසඞ්ඛාතාය අරහත්තඵලවිමුත්තියා සමන්නාගතස්ස. පජ්ජොතස්සෙව නිබ්බානන්ති පදීපනිබ්බානං විය. විමොක්ඛො හොති චෙතසොති චිත්තස්ස විමුත්ති විමුච්චනා අප්පවත්තිභාවො හොති. තණ්හාක්ඛයවිමුත්තිනො හි ඛීණාසවස්ස චරිමකවිඤ්ඤාණනිරොධෙන පරිනිබ්බානං විය චෙතසො විමොක්ඛො හොති, න ගතට්ඨානං පඤ්ඤායති, අපණ්ණත්තිකභාවූපගමොයෙව හොතීති අත්ථො.
සෙක්ඛං යනු හික්මෙනුලබන කටයුතුසහිතවූයි. පටිපදං යනු පිළිපදනාවූයි. සංසුද්ධවාරණං යනු පිරිසුදු හැසිරීමයි, පිරිසුදු ශීලයයි. සම්බුද්ධං යනු චතුරාර්යසත්ය බුද්ධය. වීරං පටිපදන්තගුං යනු ස්කන්ධවීර ධාතුවීර ආයතනවීර වශයෙන් විර්යය ඇති ධෛර්යවත්, ප්රතිපත්තයෙන් කෙළවරට ගියාවුයි. විඤ්ඤාණස්ස යනු අන්තිමෙහිවූ විඥානයාගේයි. තණ්හාක්ඛයවිමුත්තිනො යනු තෘෂ්ණාක්ෂය විමුක්ති සංඛයාත අරහත්ඵලවිමුකිතියෙන් යුක්තවූවහුගේයි. පජ්ජොතසේසව නිබ්බානං යනු පහනක නිවීම මෙනි. විමොඛො හොති චෙතසො යනු සිතේ විමුක්තිය, මිදීම, නොපවත්නාබව වෙයි. තණ්හාක්ඛයවිමුත්තිනො යනු ක්ෂීණාශ්රවයාගේ අන්තිම විඤ්ඤාණයාගේ නිරොධයෙන් පහනක නිවීමක් මෙන් සිතේ විමොක්ෂය (මීදීම) වෙයි. ගියතැන නොපැනෙයි. පැනවීම් නැතිබවට එළඹීමම වෙයි යනාර්ථයි.
11. සඞ්කවාසුත්තවණ්ණනා
3. 2. 4. 11
එකාදසමෙ සඞ්කවා නාම කොසලානං නිගමොති සඞ්කවාති එවංනාමකො කොසලරට්ඨෙ නිගමො. ආවාසිකොති භාරහාරො නවෙ ආවාසෙ සමුට්ඨාපෙති, පුරාණෙ පටිජග්ගති. සික්ඛාපදපටිසංයුත්තායාති සික්ඛාසඞ්ඛාතෙහි පදෙහි පටිසංයුත්තාය, තීහි සික්ඛාහි සමන්නාගතායාති අත්ථො. සන්දස්සෙතීති සම්මුඛෙ විය කත්වා දස්සෙති. සමාදපෙතීති ගණ්හාපෙති. සමුත්තෙජෙතීති සමුස්සාහෙති. සම්පහංසෙතීති පටිලද්ධගුණෙහි වණ්ණං කථෙන්තො වොදාපෙති. අධිසල්ලිඛතෙති අතිවිය සල්ලිඛති, අතිවිය සල්ලිඛිතං කත්වා සණ්හං සණ්හං කථෙතීති අත්ථො.
එකළොස්වැන්නෙහි පඞ්කධානාම කොසලානං නිගමො යනු පඞ්කථා යන මෙබඳු නම් ඇති කොසොල් රටේ නියම්ගමයි. ආවාසිකො යනු බරගෙනයන්නායි. අලුත් ආවාස ගොඩනඟයි. පැරණි ආවාස පිළිදැගුම්කරයි. සික්ඛාපද පටිසංයුත්තාය යනු ශික්ෂා සංඛ්‍යාත පදයන්ගෙන් යුක්තවූයි. ත්රිශික්ෂාවන්ගෙන් යුක්තවූ යනාර්ථයි. සන්දසේසති යනු ඉදිරියෙහි මෙන් කොට දක්වයි. සමාදපෙති යනු ගන්වයි. සමුතේතජෙති යනු උත්සාහ කරවයි. සම්පහංසෙති යනු ලැබූ ගුණයන්ගෙන් වැණුම් කරමින් පිරිසුදු කරවයි. අධිසල්ලිඛතෙ යනු බෙහෙවින් සිහින් කොට කපයි. බෙහෙවින් සිහින් තීරු කොට සියුම් සියුම්ව කියයි යනාර්ථයි.
අච්චයොති අපරාධො. මං අච්චගමාති මං අතික්කම්ම අධිභවිත්වා පවත්තො. අහුදෙව අක්ඛන්තීති අහොසියෙව අනධිවාසනා. අහු අප්පච්චයොති අහොසි අතුට්ඨාකාරො. පටිග්ගණ්හාතූති ඛමතු. ආයතිං සංවරායාති අනාගතෙ සංවරත්ථාය, පුන එවරූපස්ස අපරාධස්ස දොසස්ස ඛලිතස්ස වා අකරණත්ථායාති අත්ථො. තග්ඝාති එකංසෙන. යථාධම්මං පටිකරොසීති යථා ධම්මො ඨිතො, තථා කරොසි, ඛමාපෙසීති වුත්තං හොති. තං තෙ මයං පටිග්ගණ්හාමාති තං තව අපරාධං මයං ඛමාම. වුද්ධිහෙසා, කස්සප, අරියස්ස විනයෙති එසා කස්සප බුද්ධස්ස භගවතො සාසනෙ වුද්ධි නාම. කතමා? යායං අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරිත්වා ආයතිං සංවරාපජ්ජනා. දෙසනං පන පුග්ගලාධිට්ඨානං කරොන්තො “යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජතී”ති ආහ. න සික්ඛාකාමොති තිස්සො සික්ඛා න කාමෙති න පත්ථෙති න පිහෙති. සික්ඛාසමාදානස්සාති සික්ඛාපරිපූරණස්ස. න වණ්ණවාදීති ගුණං න කථෙති. කාලෙනාති යුත්තප්පයුත්තකාලෙන. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
අච්චයො යනු අපරාධයයි. මං අච්චගමා යනු මා ඉක්මවා යටපත්කො පැවතියේයි. අහුදෙවඅක්ඛන්ති යනු නොඉවසීමක් වූයේමය. අහු අප්පච්චයො යනු නොසතුටු අයුරක් වූයේයි. පතිගණ්හාතු යනු ක්ෂමා කෙරේවායි. ආයතිං සංවරාය යනු අනාගතයෙහි සංවරණය සඳහා, නැවත මෙබඳු අපරාධයක් දොෂයක්, වරදක් නොකිරීම සඳහාය යන අර්ථයි. තග්ඝ යනු ඒකාන්තයෙනි. යථා ධම්මං පටිකරොසි යනු ධර්මයෙහි සිටියේ යම්සේද එසේ කරව. ක්ෂමා කෙරේවායි කියනලද්දේවෙයි. තං තෙ මයං පතිගණ්හාම යනු ඒ ඔබේ අපරාධය අපි ක්ෂමා කරමු. වුද්ධිහෙසා කස්සප අරියස්ස විනයෙ යනු කාශ්‍යපය, මෙය භාග්‍යවත් බුදුන්ගේ සසුනෙහි වෘද්ධිය නමි. කවරේදයත්? වරද වරද වශයෙන් දැක ධර්මයට අනුව පිළියම් කොට අනාගත සංවරයට පැමිණීමයි. දේශනය පුද්ගලයා ස්ථිර වශයෙන් නිශ්චය කොට කරනසේක් යමෙක් වරද වරද ලෙසදැක ධර්මයට අනුව පිළියම් කරයිද ආයතිසංවරයට පැමිණේයයි පැවසූසේක. න සික්ඛාකාමො යනු ත්රිශික්ෂා නොකැමති වෙයි. නොපතයි ආශා නොකරයි. සික්ඛා සමාදානස්ස යනු ශික්ෂාව සම්පූර්ණ කිරීමටයි. න වණ්ණවාදී යනු ගුණය නොකියයි. කාලෙන යනු යෙදුණු කාලයෙනි. මෙහි සෙස්ස පැහැදිලිමය.
සමණවග්ගො චතුත්ථො.
සිවුවෙනි ශ්‍රමණ වර්ගයයි.