යෙදුමෙන් කියවන්න

3. 2. 4. 1

3. 2. 4. 1.

3. 2. 4. 1.

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

31. තීණිමානි භික‍්ඛවෙ, සමණස‍්ස සමණකරණීයානි. කතමානි තීණි : අධිසීලසික‍්ඛාසමාදානං, අධිචිත‍්තසික‍්ඛාසමාදානං, අධිපඤ‍්ඤාසික‍්ඛාසමාදානං. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි සමණස‍්ස සමණකරණීයානි. තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං : තිබ‍්බො නො ඡන්‍දො භවිස‍්සති අධිසීලසික‍්ඛාසමාදානෙ, තිබ‍්බො නො ඡන්‍දො භවිස‍්සති අධිචිත‍්තසික‍්ඛාසමාදානෙ, තිබ‍්බො නො ඡන්‍දො භවිස‍්සති අධිපඤ‍්ඤාසික‍්ඛාසමාදානෙති. එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

31. මහණෙනි, ශ්‍රමණසන්තකවූ මේ ශ්‍රමණකරණියයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාසමාදානය, අධිචිත්තශික්‍ෂාසමාදානය, අධිප්‍රඥා ශික්‍ෂාසමාදාන යි. මහණෙනි, ශ්‍රමණ සන්තක වූ මේ තුන් ශ්‍රමණ කරණීයයෝ යි. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුය: “අධිශීලශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි. අධිචිත්තශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි. අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි” කියා යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.