3. 2. 4. 2
3. 2. 4. 2.
3. 2. 4. 2.
32. සෙය්යථාපි භික්ඛවෙ, ගද්රභො ගොගණං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො හොති, “අහම්පම්හා අහම්පම්හා”. තස්ස න තාදිසො වණ්ණො හොති සෙය්යථාපි ගුන්නං. න තාදිසො සරො හොති සෙය්යථාපි ගුන්නං. න තාදිසං පදං හොති සෙය්යථාපි ගුන්නං. සො ගොගණඤ්ඤෙව පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො හොති, “අහම්පම්හා අහම්පම්හාති”
32. මහණෙනි, යම් පිරිදි ගද්‍රභයෙක් “අහම්පම්හා අහම්පම්හා (මම ද ගවයෙමි, මම ද ගවයෙමි යි” යන අනුකරණයෙන් හඬමින්) ගොගණයා පස් පස් ලුහු බඳනේ වේ ද, ගවයන්ට වන පරිද්දෙන් ඔහුට එබඳු පැහැසටහනෙක් නොවෙයි. ගවයන්ට වන පරිද්දෙන් එබඳු හඬෙකුදු නොවෙයි. ගවයන්ට වන පරිදි එබඳු පිය සටහනෙක් ද නොවෙයි. හේ “අහම්පම්හා, අහම්පම්හා” යි ගවමුළු ම පස් පස් ලුහු බැඳ යන්නේ වෙයි.
එවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු භික්ඛුසඞ්ඝං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො හොති, “අහම්පි භික්ඛු, අහම්පි භික්ඛූති”. තස්ස න තාදිසො ඡන්දො හොති අධිසීලසික්ඛාසමාදානෙ, සෙය්යථාපි අඤ්ඤෙසං භික්ඛූනං, න තාදිසො ඡන්දො හොති අධිචිත්තසික්ඛාසමාදානෙ. සෙය්යථාපි අඤ්ඤෙසං භික්ඛූනං. න තාදිසො ඡන්දො හොති අධිපඤ්ඤාසික්ඛාසමාදානෙ, සෙය්යථාපි අඤ්ඤෙසං භික්ඛූනං. සො භික්ඛුසඞ්ඝඤ්ඤෙව පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො හොති, “අහම්පි භික්ඛු අහම්පි භික්ඛූති.”
මහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් “මම ද මහණයෙමි, මම ද මහණයෙමි” යි (බෙණෙමින්) බික් සඟුන් පස් පස් ලුහු බැඳ යන්නේ වේ ද, සෙසු මහණුන්ට වන පරිදි අධිශීලශික්‍ෂාසමාදානයෙහි ලා ඔහුට එබඳු ඡන්දයෙක් නො වෙයි. සෙසු මහණුන්ට වන පරිදි අධිචිත්ත ශික්‍ෂාසමාදානයෙහි ලා එබඳු ඡන්දයෙක් නො වෙයි. සෙසු මහණුන්ට වන පරිදි අධිප්‍රඥා ශික්ෂා සමාදානයෙහි ලා එබඳු ඡන්දයෙක් නො වෙයි. හේ “මම ද මහණයෙමි, මම ද මහණයෙමි” යි බික් සඟුන් ම පස් පස් ලුහු බඳනේ වෙයි.
තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං : තිබ්බො නො ඡන්දො භවිස්සති අධිසීලසික්ඛාසමාදානෙ, තිබ්බො නො ඡන්දො භවිස්සති අධිචිත්තසික්ඛාසමාදානෙ, තිබ්බො නො ඡන්දො භවිස්සති අධිපඤ්ඤාසික්ඛාසමාදානෙ’ති. එවංහි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය: අධිශීලශික්‍ෂාසමාදානයෙහි ලා අපගේ තීව්ර ඡන්දයෙක් වෙයි. අධිචිත්තශික්ෂාසමාදානයෙහි ලා අපගේ තීව්ර ඡන්දයෙක් වෙයි. අධිප්රඥාශික්ෂාසමාදානයෙහි ලා අපගේ තීව්ර ඡන්දයෙක් වෙයි, කියා යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතුයි.