3. 2. 3. 10
3. 2. 3. 10.
3. 2. 3. 10.
30. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : සම්මුඛාමෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං : “භගවතො ආනන්ද, සිඛිස්ස අභිභූ නාම සාවකො බ්රහ්මලොකෙ ඨිතො සහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙසී”ති. භගවා පන භන්තෙ, අරහං සම්මාසම්බුද්ධො කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතුන්ති.
30. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල අසන ලදී: හමුයෙහි පිළිගන්නා ලදී: “ආනන්දය, සිඛී සම්මා සම්බුදුන්ගේ අභිභූ නම් ශ්‍රාවක බඹලොව සිටියේ සහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ” යි. වහන්ස, අර්හත් සම්යක්ම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ස්වරයෙන් විඥාපනය කරන්නට සමර්ත්ථ වෙති හෝ යි?
සාවකො සො ආනන්ද, අප්පමෙය්යා තථාගතාති.
ආනන්දය, හේ ශ්‍රාවකයෙක; තථාගතයෝ වනාහි අපරිමේය වෙති.
දුතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : සම්මුඛා මෙතං භන්තෙ, -පෙ- සාවකො සො, ආනන්ද, අප්පමෙය්යා තථාගතාති.
දෙවනවටත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි තෙල … ආනන්දය, හේ ශ්‍රාවකයෙක; තථාගතයෝ වනාහි අපරිමේය වෙති.
තතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : සම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං : “භගවතො ආනන්ද, සිඛිස්ස අභිභූ නාම සාවකො බ්රහ්මලොකෙ ඨිතො සහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙසී”ති. භගවා පන භන්තෙ, අරහං සම්මාසම්බුද්ධො කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතුන්ති.
තෙවනවටත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි තෙල අසන ලද: හමුයෙහි පිළිගන්නා ලද: “ආනන්දය, සිඛී සම්මා සම්බුදුන්ගේ අභිභූ නම් ශ්‍රාවක බඹලොව සිටියේ සහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේයයි”. වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ කෙතෙක් තැන් ස්වරයෙන් විඥාපනය කරන්නට සමර්ත්ථ වෙති හෝ යි?
සුතා තෙ ආනන්ද, සහස්සී චූළනිකා ලොකධාතූති :
ආනන්දය, තා විසින් දහසක් සක්වළ ඇති චූලනීය ලෝකධාතුව අසන ලද නු යි?
එතස්ස භගවා කාලො. එතස්ස සුගත, කාලො. යං භගවා භාසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක් ද, භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්ෂූහු ධරත් ද, භාග්‍යවතුන් වහන්ස, තෙල සිංහනාදයට මේ කාලය යි. සුගතයන් වහන්ස, තෙල සිංහනාදයට මේ කාලය යි.
තෙන හානන්ද, සුණාහි -පෙ- යාවතා ආනන්ද, චන්දිමසුරියා පරිහරන්ති, දිසා භන්ති විරොචනා, තාව සහස්සධා ලොකො. තස්මිං සහස්සධා ලොකෙ සහස්සං චන්දානං, සහස්සං සුරියානං, සහස්සං සිනෙරුපබ්බතරාජානං, සහස්සං ජම්බුදීපානං, සහස්සං අපරගොයානානං, සහස්සං උත්තරකුරූනං, සහස්සං පුබ්බවිදෙහානං, චත්තාරි මහාසමුද්දසහස්සානි, චත්තාරි මහාරාජසහස්සානි, සහස්සං චාතුම්මහාරාජිකානං, සහස්සං තාවතිංසානං, සහස්සං යාමානං, සහස්සං තුසිතානං, සහස්සං නිම්මාණරතීනං, සහස්සං පරනිම්මිතවසවත්තීනං, සහස්සං බ්රහ්මලොකානං. අයං වුච්චතානන්ද, සහස්සී චූළනිකා ලොකධාතු.
ආනන්දය, එසේ වී නම් අසව … ආනන්දය, සඳහිරුහු බබළමින් යම්තාක් තැන් ඇවිදුනාහු ද, දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් සහස්‍රීලෝකධාතුයි. ඒ සහස්‍රධාලෝකයෙහි සඳ දහසෙක් ඇත. හිරු දහසෙක් ඇත. සුනෙරු පවුරද දහසෙක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්වවිදේහ දහසෙක් ඇත. මහාසමුද්‍ර සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්‍රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. ත්‍රයත්‍රිංශත් දේවලෝක සහස්‍රයෙක් ඇත. යාම දේවලෝක සහස්‍රයෙක් ඇත. තුෂිත දේවලෝක සහස්‍රයෙක් ඇත. නිර්මාණරතී දේවලෝක සහස්‍රයෙක් ඇත. පරනිම්මිත වශවර්ති දේවලෝක සහස්‍රයෙක් ඇත. බ්‍රහ්මලෝක සහස්‍රයෙක් ඇත. ආනන්දය, මේ සහස්‍රීචූලනීය ලෝකධාතුය යි කියනු ලැබේ.
යාවතානන්ද සහස්සී චූළනිකා ලොකධාතු, තාව සහස්සධා ලොකො. අයං වුච්චතානන්ද, ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතු.
ආනන්දය, යම්තාක් තැන් සහස්‍රීචූලනීය ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්‍රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්දය, මේ ද්විසහස්‍රී මාධ්‍යමික ලෝකධාතුය යි කියනු ලැබේ.
යාවතා ආනන්ද, ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතු, තාව සහස්සධා ලොකො. අයං වුච්චතානන්ද තිසහස්සී මහාසහස්සී ලොකධාතු.
ආනන්දය, යම්තාක් තැන් ද්විසහස්‍රී මාධ්‍යමික ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්‍රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්දය, මේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතු ය යි කියනු ලැබේ.
ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති?
ආනන්දය, තථාගතයන් වහන්සේ කැමැතිවන සේක් ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම්, ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක.
යථා කථම්පන භන්තෙ, භගවා තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙසේ නම් ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක ද? ඉන් පිටත් යම් තාක් කැමැති වන සේක් නම් ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක ද?
ඉධානන්ද තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං ඔභාසෙන ඵරෙය්ය. යදා තෙ සත්තා තං ආලොකං සඤ්ජානෙය්යුං, අථ තථාගතො ඝොසං කරෙය්ය සද්දමනුස්සාවෙය්ය. එවං ඛො ආනන්ද, තථාගතො තිසහස්සීමහාසහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්යාති.
ආනන්දය, මෙහි තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ශරීරාවභාසයෙන් පතුරුවන සේක. යම් වරෙක ඒ සත්හු ඒ ආලෝකය හඳුනත් ද, එවරැ තථාගතයන් වහන්සේ බඹගොස් කරණ සේක. හඬ අස්වන සේක. ආනන්දය, මෙසේ තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම් ඒ තාක් ස්වරයෙන් විඥාපනය කරණ සේක.
එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ සත්ථා එවං මහිද්ධිකො එවං මහානුභාවොති.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “යම් බඳු මාගේ ශාස්තෘන් වහන්සේ මෙබඳු මහත් ඍද්ධි ඇති සේක් ද, මෙබඳු මහත් ආනුභාව ඇති සේක් ද, ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙකැ” යි තෙල ප්‍රසාදය සැළ කළහ.
එවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං ආනන්දං එතදවොච : කිං තුම්හෙත්ථ, ආවුසො ආනන්ද, යදි තෙ සත්ථා එවං මහිද්ධිකො එවං මහානුභාවොති?
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීහ. “කියඟ ආනන්දය, ඉදින් තාගේ ශාස්තෘන් වහන්සේ මෙබඳු මහත් ඍද්ධි ඇති සේක් ද, මෙබඳු මහත් ආනුභාව ඇති සේක් ද, මෙහිලා තෙපි කිමෙකැ” යි.
එවං වුත්තෙ භගවා ආයස්මන්තං උදායිං එතදවොච : මා හෙවං උදායි, මා හෙවං උදායි. සචෙ උදායි, ආනන්දො අවීතරාගො කාලං කරෙය්ය, තෙන චිත්තප්පසාදෙන සත්තක්ඛත්තුං දෙවෙසු දෙවරජ්ජං කරෙය්ය, සත්තක්ඛත්තුං ඉමස්මිඤ්ඤෙව ජම්බුදීපෙ මහාරජ්ජං කරෙය්ය. අපි උදායි, ආනන්දො දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායිස්සතීති.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරණුවනට තෙල බස් වදාළහ: උදායී, නහමක් මෙසේ කියව. උදායිය, නහමක් මෙසේ කියව. උදායිය, ඉදින් අනඳ තෙර අවීතරාග ව කලුරිය කෙරේ නම්, ඒ චිත්තප්රසාදයෙන් සත් වටක් දෙවියන් කෙරෙහි දෙව්රජය කෙරෙයි. සත් වටක් මේ දඹදිව ම මහරජය කෙරෙයි. වැලිත් උදායිය, අනඳ ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේය.
ආනන්දවග්ගො තතියො.
ආනන්දවර්ගය තෙවෙනි යි.