3. 2. 3. 9
3. 2. 3. 9.
3. 2. 3. 9.
29. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච :
29. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ තෙල සැළ කළහ:
තීණිමානි භන්තෙ, ගන්ධජාතානි, යෙසං අනුවාතඤ්ඤෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං.
වහන්ස, යම් ගන්‍ධජාතයන්ගේ ගඳෙක් අනුවාතයට ම හමා ද, පටිවාතයට නො හමා ද, එබඳු මේ ගන්‍ධජාතයෝ තුන් දෙනෙකි.
කතමානි තීණි : මූලගන්ධො, සාරගන්ධො, පුප්ඵගන්ධො. ඉමානි ඛො භන්තෙ, තීණි ගන්ධජාතානි, යෙසං අනුවාතඤ්ඤෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං.
කවර තුන් දෙනෙක යත්: මූලගන්‍ධය, සාරගන්‍ධය, පුෂ්පගන්‍ධයි. වහන්ස, යම් ගන්‍ධජාතයන්ගේ ගඳෙක් අනුවාතයට ම හමා ද, පටිවාතයට නො හමා ද, මේ ඒ ගන්‍ධජාතයෝ තුන් දෙනයහ.
අත්ථි නු ඛො භන්තෙ, කිඤ්චි ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතීති?
වහන්ස, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාත පටිවාතයටත් හමා ද එබඳු කිසි ගන්‍ධජාතයෙක් ඇත් ද?
අත්ථානන්ද ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතීති.
ආනන්දය, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාතපටිවාතයටත් හමා ද, එබඳු ගන්‍ධජාතයෙක් ඇත.
කතමඤ්ච පන භන්තෙ, ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතීති?
වහන්ස, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාතපටිවාතයටත් හමා ද, එබඳු ගන්‍ධජාතය කවරේ ය?
ඉධානන්ද යස්මිං ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති. පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, සීලවා හොති, කල්යාණධම්මො. විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. තස්ස දිසාසු සමණබ්රාහ්මණා වණ්ණං භාසන්ති : අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, සීලවා හොති, කල්යාණධම්මො, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතොති.
ආනන්දය, මෙලොව යම් ගමෙක වේවයි, නියම් ගමෙක වේවයි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, පණිවායෙන් දුරුවූයේ වේ ද, අයිනාදනින් දුරුවූයේ වේ ද, කාමයෙහි මිස හසරින් දුරුවූයේ වේ ද, මුසවායෙන් දුරුවූයේ වේ ද, පමාවරදට කරුණු වූ රහමෙරමදින් දුරුවූයේ වේ ද, සිල්වත් වේ ද, කලණදහම් ඇතියේ වේ ද, පැහු මලමසුරු ඇති සිතින් ගිහිගෙහි වෙසේ ද, මුදා දෙන ත්‍යාග ඇතියේ ද, දෙනුවට දෙවි අත් ඇතියේ වේ ද, දීමෙහි ඇලුනේ වේ ද, යදනට නිසිවූයේ වේ ද, දන් හා සංවිභාගයෙහි ඇලුනේ වේ ද, ඔහුගේ ගුණ ඒ ඒ දික්හි මහණබමුණෝ බෙණෙත්. “අසෝ ගම හෝ නියම්ගම හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බුදුන් සරණ ගියේ වෙයි. දහම් සරණ ගියේ වෙයි. සඟුන් සරණ ගියේ වෙයි. පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිස හසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පමාවරදට කරුණු වූ රහමෙරමදින් දුරුවූයේ වෙයි. සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. පැහු මලමසුරු ඇති සිතින් ගිහිගෙහි වෙසෙයි. මුදාදෙන ත්‍යාග ඇතියේ වෙයි. දෙනුවට දෙවි අත් ඇතියේ වෙයි. පීමෙහි ඇලුනේ වෙයි. යැදිවත් දීමෙන් යාචයෝග වෙයි. දීමෙහි හා සංවිභාගයෙහි ඇලුනේ වෙයි” කියායි.
දෙවතාපිස්ස අමනුස්සා වණ්ණං භාසන්ති : අසුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං -පෙ- ධම්මං සරණං -පෙ- සඞ්ඝං සරණං ගතො හොති, පාණාතිපාතා පටිවිරතො -පෙ- දානසංවිභාගරතොති.
මනුෂ්‍ය නොවන දෙවියෝත් පවා ඔහුගේ ගුණ කියත්: “අසුවල් ගම හෝ නියම්ගම් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ... දහම් සරණ ... සඟුන් සරණ ගියේ වෙයි, පණිවායෙන් දුරුවූයේ වෙයි, ... දීමෙහි හා සංවිභාගයෙහි ඇලුනේත් වෙයි” කියායි.
ඉදං ඛො තං ආනන්ද, ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතීති.
ආනන්දය, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්ධය අනුවාතයටත් හමා ද පටිවාතයටත් හමා ද අනුවාතපටිවාතයටත් හමා ද, මේ ඒ ගන්‍ධජාතයයි.
36. න පුප්ඵගන්ධො පටිවාතමෙති න චන්දනං තගරමල්ලිකා වා, සතඤ්ච ගන්ධො පටිවාතමෙති සබ්බා දිසා සප්පුරිසො පවාතීති.
36. පුෂ්පගන්‍ධය උඩුසුළඟට නොහමයි. සඳුන් තුවරලා, සමන්සුවඳ හෝ උඩුසුළඟට නොහමයි. සත්පුරුෂයන්ගේ ගුණගන්‍ධය උඩුසුළඟට හමා සත්පුරුෂ තෙමේ හැම දික්හි ම වැතිරෙයි. (ගුණ සුවඳින් හැමේ.)