යෙදුමෙන් කියවන්න

3. 2. 3. 8

3. 2. 3. 8.

3. 2. 3. 8.

28. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං ආනන්‍දං භගවා එතදවොච :

28. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

සබ‍්බං නු ඛො ආනන්‍ද, සීලබ‍්බතං ජීවිතං බ්‍රහ‍්මචරියං උපට‍්ඨානසාරං සඵලන‍්ති.

ආනන්‍දය, හැම ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වූයේ බඹසර වූයේ වටනහර වූයේ සඵල වේ දැ යි?

න ඛ‍්වෙත්‍ථ භන‍්තෙ, එකංසෙනාති.

වහන්ස, මෙහිලා ඒකාන්තවශයෙන් එසේමය යි නොකියැ හෙයි.

තෙන හානන්‍ද, විභජස‍්සූති.

ආනන්‍දය, එසේ වී නම් බෙදාලවයි.

යං හිස‍්ස භන‍්තෙ, සීලබ‍්බතං ජීවිතං බ්‍රහ‍්මචරියං උපට‍්ඨානසාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපං සීලබ‍්බතං ජීවිතං බ්‍රහ‍්මචරියං උපට‍්ඨානසාරං අඵලං.

වහන්ස, යම් ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වේ ද, බඹසර වේ ද, මේ සාරයයි වැටහුනේ වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු වැඩෙත් නම්, කුසල් දහම්හු පිරිහෙත් නම්, මෙබඳු වූ ශීලව්‍රතය ජීවිත වූයේ බ්‍රහමචර්‍ය වූයේ උපස්ථාන සාර වූයේ අඵල වෙයි.

යඤ‍්ච ඛ‍්වාස‍්ස භන‍්තෙ, සීලබ‍්බතං ජීවිතං බ්‍රහ‍්මචරියං උපට‍්ඨානසාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපං සීලබ‍්බතං ජීවිතං බ්‍රහ‍්මචරියං උපට‍්ඨානසාරං සඵලන‍්ති.

වහන්ස, යම් ශීලව්‍රතයෙක් ජීවිත වේ ද, බ්‍රහ්මචර්‍ය්‍යය වේ ද, උපස්ථානසාර වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු පිරිහෙත් නම්, කුසල්දහම්හු වැඩෙත් නම්, මෙබඳු ශීලව්‍රතය ජීවිත වූයේ, බ්‍රහමචර්‍ය වූයේ උපස්ථානසාර වූයේ සඵල වෙයි.

ඉදමවොච ආයස‍්මා ආනන්‍දො. සමනුඤ‍්ඤො සත්‍ථා අහොසි. අථ ඛො ආයස‍්මා ආනන්‍දො “සමනුඤ‍්ඤො මෙ සත්‍ථා”ති, උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල සැළ කළහ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ මබස අනුදත් සේකැ යි හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ.

අථ ඛො භගවා අචිරපක‍්කන‍්තෙ ආයස‍්මන‍්තෙ ආනන්‍දෙ භික‍්ඛූ ආමන‍්තෙසි :

එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවන් වඩනා හා ම භික්‍ෂූන් ඇමතූ සේක:

සෙඛො භික‍්ඛවෙ ආනන්‍දො, න ච පනස‍්ස සුලභරූපො සමසමො පඤ‍්ඤායාති.

මහණෙනි, අනඳ තෙරණුවෝ ශෛක්‍ෂයහ. ඔහුට ප්‍රඥායෙන් සමසමයෙක් සුලභ නො ද වේ.