1. ඡන්නසුත්තවණ්ණනා අට්ඨකථා
1. ඡන්නසුත්තවණ්ණනා
3. 2. 3. 1
තතියස්ස පඨමෙ ඡන්නොති එවංනාමකො ඡන්නපරිබ්බාජකො. තුම්හෙපි, ආවුසොති, ආවුසො, යථා මයං රාගාදීනං පහානං පඤ්ඤාපෙම, කිං එවං තුම්හෙපි පඤ්ඤාපෙථාති පුච්ඡති. තතො ථෙරො “අයං පරිබ්බාජකො අම්හෙ රාගාදීනං පහානං පඤ්ඤාපෙමාති වදති, නත්ථි පනෙතං බාහිරසමයෙ”ති තං පටික්ඛිපන්තො මයං ඛො, ආවුසොතිආදිමාහ. තත්ථ ඛොති අවධාරණත්ථෙ නිපාතො, මයමෙව පඤ්ඤාපෙමාති අත්ථො. තතො පරිබ්බාජකො චින්තෙසි “අයං ථෙරො බාහිරසමයං ලුඤ්චිත්වා හරන්තො ‘මයමෙවා’ති ආහ. කිං නු ඛො ආදීනවං දිස්වා එතෙ එතෙසං පහානං පඤ්ඤාපෙන්තී”ති. අථ ථෙරං පුච්ඡන්තො කිං පන තුම්හෙතිආදිමාහ. ථෙරො තස්ස බ්යාකරොන්තො රත්තො ඛොතිආදිමාහ. තත්ථ අත්තත්ථන්ති දිට්ඨධම්මිකසම්පරායිකං ලොකියලොකුත්තරං අත්තනො අත්ථං. පරත්ථඋභයත්ථෙසුපි එසෙව නයො.
තෙවෙනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ඡනේනා යනු මෙබඳු නම් ඇති පිළිසන් පිරිවැජියායි. තුමේහ ආවුසො යනු ඇවැත්නි, යම්සේ අපි රාගාදීන් දුරුකිරීම පනවමුද කිම මෙසේ නුඹවහන්සේලාද පනවන්නහුදැයි විමසයි. ඉක්බිති තෙරුන්වහන්සේ, මේ පිරිවැජියා අපි රාගාදීය දුරුකිරීම පනවමුද කිම මෙසේ නුඹවහන්සේලාද පනවන්නහුදැයි විමසයි. ඉක්බිති තෙරුන්වහන්සේ, මේ පිරිවැඩියා අපි රාගාදීය දුරුකිරීම පනවමු’යි කියයි. මෙය වනාහි බාහිර සමයක නැතැයි එය ප්රතික්ෂෙප කරන්නාහු මයං ඛො ආවුසො යනාදිය පැවසූහ. එහි ඛො යනු අවධාරණර්ථයෙහි නිපාතයෙකි. ‘අපිම පනවමු’ යන අර්ථයි.’ අනතුරුව පිරිවැජි තෙමේ මෙසේ සිතීය: මේ තෙරණුවෝ බාහිරවූ සමය උගුළුවාලමින් අපිම (පනවමු) යි කීහ.’ ඉක්බිති තෙරණුවන් විමසමින් කිං පන තුමෙහ යනාදිය පැවසීය. තෙරණුවෝ ඔහුට පැහැදිලි කරමින් රතේතා ඛො ආවුසො යනාදිය කීහ. එහි අත්තත්ථං යනු තමන්ගේ මෙලොව පරලොවවූත් ලෞකික ලෝකෝතතරවූත් අර්ථයයි (ප්‍රයෝජනයයි.) පරාර්ථය උභයාර්ථය යන්නෙහිද මේ ක්‍රමයමැයි.
අන්ධකරණොතිආදීසු යස්ස රාගො උප්පජ්ජති, තං යථාභූතදස්සනනිවාරණෙන අන්ධං කරොතීති අන්ධකරණො. පඤ්ඤාචක්ඛුං න කරොතීති අචක්ඛුකරණො. ඤාණං න කරොතීති අඤ්ඤාණකරණො. කම්මස්සකතපඤ්ඤා ඣානපඤ්ඤා විපස්සනාපඤ්ඤාති ඉමා තිස්සො පඤ්ඤා අප්පවත්තිකරණෙන නිරොධෙතීති පඤ්ඤානිරොධිකො. අනිට්ඨඵලදායකත්තා දුක්ඛසඞ්ඛාතස්ස විඝාතස්සෙව පක්ඛෙ වත්තතීති විඝාතපක්ඛිකො. කිලෙසනිබ්බානං න සංවත්තෙතීති අනිබ්බානසංවත්තනිකො. අලඤ්ච පනාවුසො ආනන්ද, අප්පමාදායාති, ආවුසො ආනන්ද, සචෙ එවරූපා පටිපදා අත්ථි, අලං තුම්හාකං අප්පමාදාය යුත්තං අනුච්ඡවිකං, අප්පමාදං කරොථ, ආවුසොති ථෙරස්ස වචනං අනුමොදිත්වා පක්කාමි. ඉමස්මිං සුත්තෙ අරියමග්ගො ලොකුත්තරමිස්සකො කථිතො. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
අන්ධකරණා යනාදියෙහි යමෙකුට රාගය උපදියිද එය යථාභූතදර්ශනය දුරුකිරීමෙන් නොපෙනීම ඇති කරයි යන්නෙන් අන්ධකරණයි. පැනස නොකෙරේයයි අච්ක්ඛුකරණො නමි. කම්මස්සක ප්‍රඥාව, ධ්යානප්රඥාව විදර්ශනා ප්‍රඥාව යන මේ ත්‍රිවිධ ප්‍රඥාව නොපැවැත්මට පත්කිරීමෙන් නිරෝධ කෙරේනුයි පඤ්ඤානිරොධිකො නමි. අනිටුපල දෙන බැවින් දුක්ඛසංඛ්යාත විනාශ පක්ෂයෙහි පවතීනුයි විඝාතපක්ඛිකො නමි. කෙලෙස් නිවන නොපවත්නේනුයි අනිබ්බානසංවත්තනිකො නමි. අලඤච්පන ආවුසො ආනන්ද අප්පමාදාය යනු ඇවැත් ආනන්දයිනි, ඉදින් මෙබඳු පිළිවෙතක් ඇත්ද? (එය) නුමවහන්සේලාගේ අප්‍රමාදය සඳහා ප්රමාණවත්ය, සුදුසු අනුකූලවූ අප්‍රමාදයෙහි හැසිරෙනු මැනව ඇවැත්නියි, තෙරුන්ගේ වචනය අනුමෝදන්ව ගියේය. මේ සූත්‍රයෙහි ආර්ය මාර්ගය ලෝකෝත්තර මිශ්‍රකව කියනලදී. මෙහි සෙස්ස පැහැදිලිය.
2. ආජීවකසුත්තවණ්ණනා
3. 2. 3. 2
දුතියෙ තෙන හි ගහපතීති ථෙරො කිර චින්තෙසි – “අයං ඉධ ආගච්ඡන්තො න අඤ්ඤාතුකාමො හුත්වා ආගමි, පරිග්ගණ්හනත්ථං පන ආගතො. ඉමිනා පුච්ඡිතපඤ්හං ඉමිනාව කථාපෙස්සාමී”ති. ඉති තංයෙව කථං කථාපෙතුකාමො තෙන හීතිආදිමාහ. තත්ථ තෙන හීති කාරණාපදෙසො. යස්මා ත්වං එවං පුච්ඡසි, තස්මා තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡාමීති. කෙසං නොති කතමෙසං නු. සධම්මුක්කංසනාති අත්තනො ලද්ධියා උක්ඛිපිත්වා ඨපනා. පරධම්මාපසාදනාති පරෙසං ලද්ධියා ඝට්ටනා වම්භනා අවක්ඛිපනා. ආයතනෙව ධම්මදෙසනාති කාරණස්මිංයෙව ධම්මදෙසනා. අත්ථො ච වුත්තොති මයා පුච්ඡිතපඤ්හාය අත්ථො ච පකාසිතො. අත්තා ච අනුපනීතොති අම්හෙ එවරූපාති එවං අත්තා ච න උපනීතො. නුපනීතොතිපි පාඨො.
දෙවෙනි සූත්‍රයෙහි තෙන හි ගහපති යනු තෙරුන්වහන්සේ මෙසේ සිතූසේක. ‘මෙතෙම මෙහි එන්නේ දැනගනු කැමැත්තේ වී නොපැමිණියේය. පරීක්ෂා කරනු සඳහා පැමිණියේය. මොහු විසින් අසනලද ප්රශ්නය මොහුලවාම කියවන්නෙමි’ මෙසේ ඔහුලවාම කියවනු කැමති සේක ‘තෙන හි’ ආදිය පැවසූසේක. එහි තෙන හි යනු කරුණු දැක්වීමයි. යම් හෙයකින් නුඹ මෙසේ විමසහිද එහෙයින් මෙහි එයම පිළිවිසමි. කෙසං නො යනු කවරක්ද යත්? යි. සධම්මුක්කංසනා යනු තමන්ගේ ලබ්ධියෙන් ඔසවා තැබීමයි. පරධම්මාපසාදනා යනු අනුන්ගේ ලබ්ධියෙන් ගැටීමයි, පහත්කිරීමයි, පහතහෙළීමයි. ආයතනෙ ච ධම්මදෙසනා යනු කරුණෙහිම දහම් දෙසීමයි. අත්ථො ච චුත්තො යනු මවිසින් අසනලද ප්රහ්නයාගේ අර්ථයද ප්‍රකාශ කරනලදී. අත්තා ච අනුපනීතො යනු අපි මෙබඳු වෙමුයි මෙසේ තමන්ද නො එළවන ලද්දේයි. නූපනීතො යනුද පාඨයි.
3. මහානාමසක්කසුත්තවණ්ණනා
3. 2. 3. 3
තතියෙ ගිලානා වුට්ඨිතොති ගිලානො හුත්වා වුට්ඨිතො. ගෙලඤ්ඤාති ගිලානභාවතො. උපසඞ්කමීති භුත්තපාතරාසො මාලාගන්ධාදීනි ආදාය මහාපරිවාරපරිවුතො උපසඞ්කමි. බාහායං ගහෙත්වාති න බාහායං ගහෙත්වා ආකඩ්ඪි, නිසින්නාසනතො වුට්ඨාය තස්ස සන්තිකං ගන්ත්වා දක්ඛිණබාහායං අඞ්ගුට්ඨකෙන සඤ්ඤං දත්වා එකමන්තං අපනෙසීති වෙදිතබ්බො. අථස්ස “සෙඛම්පි ඛො, මහානාම, සීල”න්තිආදිනා නයෙන සත්තන්නං සෙඛානං සීලඤ්ච සමාධිඤ්ච පඤ්ඤඤ්ච කථෙත්වා උපරි අරහත්තඵලවසෙන අසෙඛා සීලසමාධිපඤ්ඤායො කථෙන්තො – “සෙඛසමාධිතො සෙඛං විපස්සනාඤාණං අසෙඛඤ්ච ඵලඤාණං පච්ඡා, සෙඛවිපස්සනාඤාණතො ච අසෙඛඵලසමාධි පච්ඡා උප්පජ්ජතී”ති දීපෙසි. යානි පන සම්පයුත්තානි සමාධිඤාණානි, තෙසං අපච්ඡා අපුරෙ උප්පත්ති වෙදිතබ්බාති.
තුන්වැනෙහි ගිලානා වුට්ඨිතො යනු ගිලනෙක්වී ඉන් නැගී සිටියේයි. ගෙලඤ්ඤ යනු ගිලන්බවිනි. උපසඞ්කමි යනු වැළඳූ උදේ අහර ඇත්තේ මල්ගඳ ආදිය රැගෙන මහපිරිවරින් පිරිවරනලද්දේ, එළමියේය. බාහායං ගහෙත්වා යනු බාහුවෙන් අල්ලා නොඇද්දේය. හුන් අසුනින් නැඟිට ඔහුගේ සමීපයට ගොස් දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් සංඥාවක් දී එකත් පසෙකට ඉවත්කළේයයි දතයුතුය. ඉක්බිති ඔහුට සෙඛම්පි ඛො මහානාම සීලං යනාදී ක්‍රමයෙන් ශෛක්ෂයන් සත්දෙනාගේ සීලයද සමාධියද ප්‍රඥාවද කියා මත්තෙහි අරහත්ඵල වශයෙන් අශෛක්ෂවූ සීලසමාධිප්රඥාවන් පවසන්නේ ශෛක්ෂසමාධියෙන් ශෛක්ෂවූ විදර්ශනාඥානයද අශෛක්ෂවූ ඵලඥානයද පසුව ශෛක්ෂ විදර්ශනාඥානයෙන් අශෛක්ෂ ඵල සමාධිය පසුව උපදීයයි දැක්වූයේය. යම් සම්ප්‍රයුක්තවූ සමාධිඥානයෝ වෙත්ද ඔවුන්ගේ නොපසුව නොපෙරටුව උපත දතයුතුය.
4. නිගණ්ඨසුත්තවණ්ණනා
3. 2. 3. 4
චතුත්ථෙ කූටාගාරසාලායන්ති ද්වෙ කණ්ණිකා ගහෙත්වා හංසවට්ටකච්ඡන්නෙන කතාය ගන්ධකුටියා. අපරිසෙසං ඤාණදස්සනං පටිජානාතීති අප්පමත්තකම්පි අසෙසෙත්වා සබ්බං ඤාණදස්සනං පටිජානාති. සතතං සමිතන්ති සබ්බකාලං නිරන්තරං. ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති සබ්බඤ්ඤුතඤ්ඤාණං මය්හං උපට්ඨිතමෙවාති දස්සෙති. පුරාණානං කම්මානන්ති ආයූහිතකම්මානං. තපසා බ්යන්තීභාවන්ති දුක්කරතපෙන විගතන්තකරණං. නවානං කම්මානන්ති ඉදානි ආයූහිතබ්බකම්මානං. අකරණාති අනායූහනෙන. සෙතුඝාතන්ති පදඝාතං පච්චයඝාතං කථෙති. කම්මක්ඛයා දුක්ඛක්ඛයොති කම්මවට්ටක්ඛයෙන දුක්ඛක්ඛයො. දුක්ඛක්ඛයා වෙදනාක්ඛයොති දුක්ඛවට්ටක්ඛයෙන වෙදනාක්ඛයො. දුක්ඛවට්ටස්මිඤ්හි ඛීණෙ වෙදනාවට්ටම්පි ඛීණමෙව හොති. වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතීති වෙදනාක්ඛයෙන පන සකලවට්ටදුක්ඛං නිජ්ජිණ්ණමෙව භවිස්සති. සන්දිට්ඨිකායාති සාමං පස්සිතබ්බාය පච්චක්ඛාය. නිජ්ජරාය විසුද්ධියාති කිලෙසජීරණකපටිපදාය කිලෙසෙ වා නිජ්ජීරණතො නිජ්ජරාය සත්තානං විසුද්ධියා. සමතික්කමො හොතීති සකලස්ස වට්ටදුක්ඛස්ස අතික්කමො හොති. ඉධ, භන්තෙ, භගවා කිමාහාති, භන්තෙ, භගවා ඉමාය පටිපත්තියා කිමාහ, කිං එතංයෙව කිලෙසනිජ්ජීරණකපටිපදං පඤ්ඤපෙති, උදාහු අඤ්ඤන්ති පුච්ඡති.
සිවුවැන්නෙහි කූටාගාරසාලායං යනු මුදුන් කොත් දෙකක් ගෙන හංසවට්ටක පියස්සෙන් තනලද ගඟකිළියෙහියි. අපරිසෙසං ඤණ්දස්සනං පටිජානාති යනු ස්වල්පයකුදු ඉතිරි නොකොට සියලු ඥානදර්ශනය දැනගනියි. සත්තං සමිතං යනු සියලුකල්හි, නිරතුරුවයි. ඤාණදස්සං පච්චුප්ට්ඨිතං යනු මට සර්වඥතාඥානය එළඹ සිටියේයි දක්වයි. පුරාණානං කම්මානං යනු රැස්කළ කර්මයන්ගේයි. තපසා ව්‍යනතීභාවං යනු දුෂ්කර තපසින් අවසන් කිරීමයි. නවානං කම්මානං යනු දැන් රැස් කළයුතු කර්මයන්ගේයි. අකරණා යනු රැස් නොකිරීමෙනි. සෙතුඝාතං යනු කාරණ විනාශයයි. (මෙයින්) ප්‍රත්‍යය විනාශය කියයි. කම්මක්ඛා දුක්ඛක්ඛයො යනු කර්මචක්රය විනාශවීමෙන් දුක්‍ඛචක්‍රය විනාශවීමයි. දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො යනු දුක්‍ඛචක්‍රය විනාශයෙන් වේදනා විනාශයයි. දුක්‍ඛචක්‍රය ක්ෂයවූ කල්හි වේදනා චක්‍රයද ගෙවුනේම වෙයි. වෙදනාක්ඛයා සබ්බංදුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සති යනු වේදනාව ක්ෂයවීමෙන් සියලු සසර දුක් දිරාපත් වූයේම වෙයි. සන්දිට්ඨිකාය යනු තමන් දැකියයුතු ප්රත්යක්ෂයෙනි. නිජ්ජරාවිසුද්ධියා යනු කෙලෙස් දිරවන ප්‍රතිපදාවයි. කෙලෙසුන් විනාශවන බැවින් නිජ්ජරා නමි. සත්වයන් විසුද්ධියට පත්කරවන බැවින් විසුද්ධි නමි. ඒ නිජ්ජරා විසුද්ධියෙනි. සමතික්කමො හොති යනු සියලු සසර දුක් ඉක්මීම වෙයි. ඉධ භනෙත භගවා කිමාහ යනු ස්වාමීනි භාග්‍යවතුන්වහන්සේ මේ ප්‍රතිපත්තිය ගැන කුමක් ප්‍රකාශ කළ සේක් ද? කිම, මේ කෙලෙස් විනාශකරවන ප්රතිපදාවම පනවනසේක්ද නැතහොත් වෙනකක්දැයි විමසයි.
ජානතාති අනාවරණඤාණෙන ජානන්තෙන. පස්සතාති සමන්තචක්ඛුනා පස්සන්තෙන. විසුද්ධියාති විසුද්ධිසම්පාපනත්ථාය. සමතික්කමායාති සමතික්කමනත්ථාය. අත්ථඞ්ගමායාති අත්ථං ගමනත්ථාය. ඤායස්ස අධිගමායාති සහ විපස්සනාය මග්ගස්ස අධිගමනත්ථාය. නිබ්බානස්ස සච්ඡිකිරියායාති අපච්චයනිබ්බානස්ස සච්ඡිකරණත්ථාය. නවඤ්ච කම්මං න කරොතීති නවං කම්මං නායූහති. පුරාණඤ්ච කම්මන්ති පුබ්බෙ ආයූහිතකම්මං. ඵුස්ස ඵුස්ස බ්යන්තී කරොතීති ඵුසිත්වා ඵුසිත්වා විගතන්තං කරොති, විපාකඵස්සං ඵුසිත්වා ඵුසිත්වා තං කම්මං ඛෙපෙතීති අත්ථො. සන්දිට්ඨිකාති සාමං පස්සිතබ්බා. අකාලිකාති න කාලන්තරෙ කිච්චකාරිකා. එහිපස්සිකාති “එහි පස්සා”ති එවං දස්සෙතුං යුත්තා. ඔපනෙය්යිකාති උපනයෙ යුත්තා අල්ලීයිතබ්බයුත්තා. පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති පණ්ඩිතෙහි අත්තනො අත්තනො සන්තානෙයෙව ජානිතබ්බා, බාලෙහි පන දුජ්ජානා. ඉති සීලවසෙන ද්වෙ මග්ගා, ද්වෙ ච ඵලානි කථිතානි. සොතාපන්නසකදාගාමිනො හි සීලෙසු පරිපූරකාරිනොති. විවිච්චෙව කාමෙහීතිආදිකාය පන සමාධිසම්පදාය තයො මග්ගා, තීණි ච ඵලානි කථිතානි. අනාගාමී අරියසාවකො හි සමාධිම්හි පරිපූරකාරීති වුත්තො. ආසවානං ඛයාතිආදීහි අරහත්තඵලං කථිතං. කෙචි පන සීලසමාධයොපි අරහත්තඵලසම්පයුත්තාව ඉධ අධිප්පෙතා. එකෙකස්ස පන වසෙන පටිපත්තිදස්සනත්ථං විසුං විසුං තන්ති ආරොපිතාති.
ජානතා යනු අනාවරණ ඥානයෙන් දන්නහු විසිනි. පස්සතා යනු සමතැසින් දකින්නහු විසිනි. විසුද්ධියා යනු විශුද්ධියට පැමිණවීම සඳහායි. සමතික්කමාය යනු මනාව ඉක්මවීම සඳහාය. අත්ථගමාය. අසතයට යැවීම සඳහාය. ඤායස්ස අධිගමාය යනු විදර්ශනාව සමඟ මාර්ගය අවබෝධ කිරීම සඳහාය. නිබ්බානස්ස සච්ජිකිරියාය යනු ප්‍රත්‍යය රහිත නිර්වාණය ප්රත්යක්ෂ කරනු සඳහාය. නවං ච කම්මං න කරොති යනු අලුත් කර්ම රැස් නොකරයි. පුරාණඤ්ච කම්මං යනු පෙර රැස්කළ කර්මයි. ඵුස්ස ඵුස්සව්යනනීකරොති යනු ස්පර්ශකොට ස්පර්ශකොට අවසන්කරයි. විපාක ස්පර්ශය විඳ විඳ ඒ කර්මය ගෙවා දැමේය යන අර්ථයයි. සන්දිට්ඨිකා යනු තමන් විසින් දැකියයුතු දෙයයි. අකාලිකා යනු කාලයෙන් අතරක් නැතිව කළයුතු කාර්යයි. එහි පස්සිකා යනු එව බලවයි මෙසේ දැක්වීමට සුදුසුවූ දෙයයි. ඔපනයිකා යනු ළඟට එළවියයුතු දෙයයි. ඇලවිය යුතුදෙයයි. පච්චත්තං වෙදිතබ්බො විඤඤූහි යනු පණ්ඩිතයන් විසින් තම තමන්ගේ සන්තානයෙහිම දැනගතයුතේයි මෝඩයනවිසින් දැනීමට අපහසු වූයේයි. මෙසේ ශීලවශයෙන් මාර්ග දෙකක්ද ඵල දෙකක්ද කියනලදී. සෝවාන් හා සකෘදාගාමී පුද්ගලයෝ සිල් සම්පූර්ණ කරන්නෝයි. විවිචේචච කාමෙහි යනාදිය මගින් සමාධි සම්පත්තියෙන් මාර්ගතුනද ඵලතුනද කියනලදී. අනාගාමී ආර්යශ්රාවකයා වනාහි සමාධිය සම්පූර්න කරන්නායයි කියනලදී. ආසවානං ඛයා යනාදියෙන් අරහත් ඵලය කියනලදී. ඇතැම් සීලසමාධීහු අරහත් මාර්ගයෙන් යුක්තයහයි මෙහි අදහස්කරන ලදී. එකිනෙකාගේ වශයෙන් ප්‍රතිපත්ති දැක්වීම සඳහා වෙන්වෙන්ව පෙළ නංවනලදී.
5. නිවෙසකසුත්තවණ්ණනා
3. 2. 3. 5
පඤ්චමෙ අමච්චාති සුහජ්ජා. ඤාතීති සස්සුසසුරපක්ඛිකා. සාලොහිතාති සමානලොහිතා භාතිභගිනිආදයො. අවෙච්චප්පසාදෙති ගුණෙ අවෙච්ච ජානිත්වා උප්පන්නෙ අචලප්පසාදෙ. අඤ්ඤථත්තන්ති භාවඤ්ඤථත්තං. පථවීධාතුයාතිආදීසු වීසතියා කොට්ඨාසෙසු ථද්ධාකාරභූතාය පථවීධාතුයා, ද්වාදසසු කොට්ඨාසෙසු යූසගතාය ආබන්ධනභූතාය ආපොධාතුයා, චතූසු කොට්ඨාසෙසු පරිපාචනභූතාය තෙජොධාතුයා, ඡසු කොට්ඨාසෙසු විත්ථම්භනභූතාය වායොධාතුයා සියා අඤ්ඤථත්තං. න ත්වෙවාති ඉමෙසං හි චතුන්නං මහාභූතානං අඤ්ඤමඤ්ඤභාවූපගමනෙන සියා අඤ්ඤථත්තං, අරියසාවකස්ස පන න ත්වෙව සියාති දස්සෙති. එත්ථ ච අඤ්ඤථත්තන්ති පසාදඤ්ඤථත්තඤ්ච ගතිඅඤ්ඤථත්තඤ්ච. තඤ්හි තස්ස න හොති, භාවඤ්ඤථත්තං පන හොති. අරියසාවකො හි මනුස්සො හුත්වා දෙවොපි හොති බ්රහ්මාපි. පසාදො පනස්ස භවන්තරෙපි න විගච්ඡති, න ච අපායගතිසඞ්ඛාතං ගතිඅඤ්ඤථත්තං පාපුණාති. සත්ථාපි තදෙව දස්සෙන්තො තත්රිදං අඤ්ඤථත්තන්තිආදිමාහ. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
පස්වැන්නෙහි අමච්චා යනු සුහදයෝ (මිත්‍රයෝ)යි. ඤාතී යනු නැදිමයිලන්ගේ පැත්තෙහි වූවෝයි. සාලොහිතා යනු සමාන ලේ ඇති සොයුරු සොහොයුරිආදීහුය. අවෙච්චප්පසාදෙ යනු ගුණයන් මනාව දැනගෙන උපන් නොසැලෙන ප්රසාදයෙහියි. අඤ්ඤථත්තං යනු ස්වභාවයේ වෙනස් ආකාරයයි. පඨවිධාතුයා යනාදිය අතුරින්, කොටස් විස්සෙක තද ආකාර ඇති පඨවි ධාතුවෙන්ද කොටස් දොළොසෙක යුෂ ගතිය ඇති එකට බඳනාසුලුවූ ආපොධාතුවෙන්ද කොටස් සතරෙක පැසවන ගතියඇති තෙජොධාතුවෙන්ද කොටස් සයෙක පැතිරීම් ගතිය ඇති වායෝධාතුවෙන්ද වේ. සියා අඤ්ඤථත්තං නත්චෙච යනු සතර මහා භූතයන්ගේ අන්‍යොන්‍ය ස්වභාවයට එළඹීමෙන් වෙනස්බවක් වේද? එය ආර්යශ්‍රාවකයාට වනාහි නොවනනේයයි දක්වයි. මෙහිද අඤ්ඤථත්තං යනු ප්‍රසාදයේ වෙනස්බවද ගතියේ වෙනස්බවද නොවෙයි. ස්වභාවයේ වෙනස්බව වෙයි. ආර්යශ්‍රාවක තෙමේ මිනිසෙක් වී දෙවියෙක්ද වෙයි. බ්‍රහ්මයෙක්ද වෙයි. ඔහුගේ පැහැදීම භවාන්තරයෙන්ද ඉවත් නොවෙයි. අපායගති සංඛ්‍යාතවූ ගති වෙනසකට නොපැමිණෙයි. ශාස්තෘන්වහන්සේද එයම දක්වනසේක් තත්රිදං අඤ්ඤථත්තං යනාදිය පැවසූසේක. මෙහි සෙස්ස පැහැදිලිය.
6. පඨමභවසුත්තවණ්ණනා
3. 2. 3. 6
ඡට්ඨෙ කාමධාතුවෙපක්කන්ති කාමධාතුයා විපච්චනකං. කාමභවොති කාමධාතුයං උපපත්තිභවො. කම්මං ඛෙත්තන්ති කුසලාකුසලකම්මං විරුහනට්ඨානට්ඨෙන ඛෙත්තං. විඤ්ඤාණං බීජන්ති සහජාතං අභිසඞ්ඛාරවිඤ්ඤාණං විරුහනට්ඨෙන බීජං. තණ්හා ස්නෙහොති පග්ගණ්හනානුබ්රූහනවසෙන තණ්හා උදකං නාම. අවිජ්ජානීවරණානන්ති අවිජ්ජාය ආවරිතානං. තණ්හාසංයොජනානන්ති තණ්හාබන්ධනෙන බද්ධානං. හීනාය ධාතුයාති කාමධාතුයා. විඤ්ඤාණං පතිට්ඨිතන්ති අභිසඞ්ඛාරවිඤ්ඤාණං පතිට්ඨිතං. මජ්ඣිමාය ධාතුයාති රූපධාතුයා. පණීතාය ධාතුයාති අරූපධාතුයා. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
සයවැන්නෙහි කාමධාතුවෙපක්කං යනු කාමධාතුවෙහි විපාක දෙන්නාවූයි. කාමභවො යනු කාමධාතුවෙහි උත්පත්ති භවයයි. කම්මං ඛෙත්තං යනු කුසලාකුසල කර්මය වැඩෙන තැන යන අර්ථයෙන් ක්ෂෙත්රයයි. විඤ්ඤාණං බීජං යනු එකට උපන් අහිසංස්කාර විඥානය වැඩෙන අරුතින් බීජයයි. තණ්හාසෙනභො යනු එක් කිරීම් වැඩීම් වශයෙන් තෘෂ්ණාව ජලය නමි. අවිජ්ජා නීවරණානං යනු අවිද්‍යාවෙන් වසන ලද්දාවූයි. තණ්හාසංයොජනානං යනු තෘෂ්ණා බන්ධනයෙන් බැඳුනාවූයි. හීනාය ධාතුයා යනු කාම ධාතුවෙහියි. විඤ්ඤාණං පතිට්ඨිතං යනු අභිසංස්කාර විඥානය පිහිටියේයි. මජ්ක්‍ධිමාය ධාතුයා යනු රූපධාතුවෙහියි. පණීතාය ධාතුයා යනු අරූප ධාතුවෙහියි මෙහි සෙස්ස පැහැදිලිමය.
7. දුතියභවසුත්තවණ්ණනා
3. 2. 3. 7
සත්තමෙ චෙතනාති කම්මචෙතනා. පත්ථනාපි කම්මපත්ථනාව. සෙසං පුරිමසදිසමෙවාති.
සත්වැන්නෙහි චෙතනා යනු කර්මචෙතනාවයි. පත්ථනා යනු කර්ම ප්‍රාර්ථනයයි සෙස්ස මුල් සූත්‍රයට සමානය.
8. සීලබ්බතසුත්තවණ්ණනා
3. 2. 3. 8
අට්ඨමෙ සීලබ්බතන්ති සීලඤ්චෙව වතඤ්ච. ජීවිතන්ති දුක්කරකාරිකානුයොගො. බ්රහ්මචරියන්ති බ්රහ්මචරියවාසො. උපට්ඨානසාරන්ති උපට්ඨානෙන සාරං, “ඉදං වරං ඉදං නිට්ඨා”ති එවං උපට්ඨිතන්ති අත්ථො. සඵලන්ති සඋද්රයං සවඩ්ඪිකං හොතීති පුච්ඡති. න ඛ්වෙත්ථ, භන්තෙ, එකංසෙනාති, භන්තෙ, න ඛො එත්ථ එකංසෙන බ්යාකාතබ්බන්ති අත්ථො. උපට්ඨානසාරං සෙවතොති ඉදං සාරං වරං නිට්ඨාති එවං උපට්ඨිතං සෙවමානස්ස. අඵලන්ති ඉට්ඨඵලෙන අඵලං. එත්තාවතා කම්මවාදිකිරියවාදීනං පබ්බජ්ජං ඨපෙත්වා සෙසො සබ්බොපි බාහිරකසමයො ගහිතො හොති. සඵලන්ති ඉට්ඨඵලෙන සඵලං සඋද්රයං. එත්තාවතා ඉමං සාසනං ආදිං කත්වා සබ්බාපි කම්මවාදිකිරියවාදීනං පබ්බජ්ජා ගහිතා. න ච පනස්ස සුලභරූපො සමසමො පඤ්ඤායාති එවං සෙක්ඛභූමියං ඨත්වා පඤ්හං කථෙන්තො අස්ස ආනන්දස්ස පඤ්ඤාය සමසමො න සුලභොති දස්සෙති. ඉමස්මිං සුත්තෙ සෙක්ඛභූමි නාම කථිතාති.
අටවැන්නෙහි සීලබ්බතං යනු ශීලය හා ව්‍රතයයි. ජීවිතං යනු දුෂ්කරක්රියාවෙහි යෙදීමයි. බ්රහ්මචරියං යනු බ්‍රහ්මචරිය වාසයයි. උපට්ඨානසාරං යනු වැටහීමෙන් හරවත්වූයි. මෙය සාරවත්ය. මෙය උතුම්ය. මෙය නිෂ්ටාවයයි මෙසේ වැටහිණැයි අරුත්ය. සඵලං යනු ප්‍රතිඵල සහිත, වැඩීම් සහිතදැයි විමසයි. න ඛොත්ථ භනේත එකංසෙන යනු ස්වාමීනි මෙහි ඒකාංශික වශයෙන් පිළිතුරු නොදිය යුතුයයි අර්‍ත්‍ථයි. උපට්ඨානසාරං සෙවතො යනු මෙය හරයය, මෙය උතුම්ය. නිෂ්ටාවයයි මෙසේ වැටහුණුදෙය සෙවුනාලබන්නාටයි. අඵලං යනු ඉෂ්ට ඵලයෙන් ඵලරහිතය. මෙපමණකින් කර්මවාදීන්ගේ ක්රියාවාදීන්ගේ පැවිද්ද හැර සෙසු සියලු බාහිරක සමය ගන්නාලදී. සඵලං යනු ඉෂ්ට ඵලයෙන් ඵලසහිතය. ප්රතිඵලසහිතය. මෙපමණකින් මෙම සසුන මුල්කොට සියලුම කර්මවාදී ක්‍රියාවාදී පැවිද්ද ගන්නාලදී. න ච පනස්ස සුලභරූපො සමසමො පඤ්ඤාය යන මෙසේ ශෛක්ෂ භූමියෙහි සිට පවසන්නේ මේ ආනන්දගේ ප්‍රඥාවට සමානවන්නෙක් සුළභ නොවේයයි දක්වයි. මේ සූත්‍රයෙහි ශෛක්ෂභූමිය කියනලදී.
9. ගන්ධජාතසුත්තවණ්ණනා
3. 2. 3. 9
නවමෙ එතදවොචාති පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො දසබලස්ස වත්තං දස්සෙත්වා අත්තනො දිවාවිහාරට්ඨානං ගන්ත්වා “ඉමස්මිං ලොකෙ මූලගන්ධො නාම අත්ථි, සාරගන්ධො නාම අත්ථි, පුප්ඵගන්ධො නාම අත්ථි. ඉමෙ පන තයොපි ගන්ධා අනුවාතංයෙව ගච්ඡන්ති, න පටිවාතං. අත්ථි නු ඛො කිඤ්චි, යස්ස පටිවාතම්පි ගන්ධො ගච්ඡතී”ති චින්තෙත්වා අට්ඨන්නං වරානං ගහණකාලෙයෙව කඞ්ඛුප්පත්තිසමයෙ උපසඞ්කමනවරස්ස ගහිතත්තා තක්ඛණංයෙව දිවාට්ඨානතො වුට්ඨාය සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා එකමන්තං නිසින්නො උප්පන්නාය කඞ්ඛාය විනොදනත්ථං එතං “තීණිමානි, භන්තෙ”තිආදිවචනං අවොච. තත්ථ ගන්ධජාතානීති ගන්ධජාතියො. මූලගන්ධොති මූලවත්ථුකො ගන්ධො, ගන්ධසම්පන්නං වා මූලමෙව මූලගන්ධො. තස්ස හි ගන්ධො අනුවාතං ගච්ඡති. ගන්ධස්ස පන ගන්ධො නාම නත්ථි. සාරගන්ධපුප්ඵගන්ධෙසුපි එසෙව නයො. අත්ථානන්ද, කිඤ්චි ගන්ධජාතන්ති එත්ථ සරණගමනාදයො ගුණවණ්ණභාසනවසෙන දිසාගාමිතාය ගන්ධසදිසත්තා ගන්ධා, තෙසං වත්ථුභූතො පුග්ගලො ගන්ධජාතං නාම. ගන්ධො ගච්ඡතීති වණ්ණභාසනවසෙන ගච්ඡති. සීලවාති පඤ්චසීලෙන වා දසසීලෙන වා සීලවා. කල්යාණධම්මොති තෙනෙව සීලධම්මෙන කල්යාණධම්මො සුන්දරධම්මො. විගතමලමච්ඡෙරෙනාතිආදීනං අත්ථො විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.160) විත්ථාරිතොව. දිසාසූති චතූසු දිසාසු චතූසු අනුදිසාසු. සමණබ්රාහ්මණාති සමිතපාපබාහිතපාපා සමණබ්රාහ්මණා.
නවවැන්නෙහි එතදවොච යනු පසුබත පිණ්ඩපාතයේ ඉකුත්වූයේ බුදුන්වහන්සේට වත් දක්වා තමන්ගේ දිවාවිහරණස්ථානයට ගොස් ‘මෙලොව මුල් සුවඳක් ඇත. හර සුවඳක් ඇත. මල් සුවඳක් ඇත. මේ සුවඳ තුනම සුළඟ අනුව (යටි සුළඟට)ම හමයි. උඩු සුළඟට නොහමයි. යමක සුවඳ උඩුසුළඟටද හමයිද එබඳුවූ සුවඳක් ඇත්දැ’යි සිතා වර අට ගන්නා කල්හිම සැකයක් ඇතිවූවිට (සමීපයට) එළඹෙන වරය ගත්බැවින් එකෙණෙහිම දිවාස්ථානයෙන් නැඟිට ශාස්තෘන්වහන්සේ වෙතට ගොස් වැඳ එකත්පසෙක හුන්නේ උපන් සැකය දුරුකරගනු සඳහා මේ තීණිමානි භනේත යනාදී වචනය පැවසීය. එහි ගන්ධජාතානි යනු සුවඳජාතියි. මූලගන්ධො යනු මුල ඇසුරු කොට ඇති සුවඳයි සුවඳින් යුත් මුලම මූලගන්ධයයි. එහි සුවඳ යටිසුළඟට යයි. සුවඳේ සුවඳක් නම් නැත. සාරගන්ධ පුප්ඵගන්ධයන්හිද මේ ක්‍රමයමැයි. අත්ථානන්ද ගන්ධජාතං යනු මෙහි සරණාගමනාදිය ගුණවැනීම් වශයෙන් (නොයෙක්) දිශාවන්ට යන බැවින් සුවඳට සමාන වූයෙන් සුවඳයි. ඒවාට වස්තුවූ පුද්ගලයා ගන්ධජාති නමි. ගන්ධො ගච්ඡ්ති යනු ගුණ වැණීම් වශයෙන් යයි. සීලවා යනු පඤ්චශීලයෙන් හෝ දශශීලයෙන් හෝ සිල්වත් වූයේයි. කල්යාණධමේමා යනු ඒ ශිලධර්මයෙන්ම කලණදම් ඇත්තේ, සොඳුරුදම් ඇත්තේයි. විගමලමචේඡරෙන යනාදීන්ගේ අර්ථය විසුද්ධිමග්ගයෙහි විස්තර කරනලද්දේමය. දිසාසු යනු සිවු දිසාවන්හි හා සිවු අනුදිසාවන්හියි. සමණබ්රාහ්මණා යනු සංසිඳවූ පවුඇති බහාතැබූ පවු ඇති ශ්රමණබ්රාහ්මණයෝයි.
න පුප්ඵගන්ධො පටිවාතමෙතීති වස්සිකපුප්ඵාදීනං ගන්ධො පටිවාතං න ගච්ඡති. න චන්දනං තගරමල්ලිකා වාති චන්දනතගරමල්ලිකානම්පි ගන්ධො පටිවාතං න ගච්ඡතීති අත්ථො. දෙවලොකෙපි ඵුටසුමනා නාම හොති, තස්සා පුප්ඵිතදිවසෙ ගන්ධො යොජනසතං අජ්ඣොත්ථරති. සොපි පටිවාතං විදත්ථිමත්තම්පි රතනමත්තම්පි ගන්තුං න සක්කොතීති වදන්ති. සතඤ්ච ගන්ධො පටිවාතමෙතීති සතඤ්ච පණ්ඩිතානං බුද්ධපච්චෙකබුද්ධබුද්ධපුත්තානං සීලාදිගුණගන්ධො පටිවාතං ගච්ඡති. සබ්බා දිසා සප්පුරිසො පවායතීති සප්පුරිසො පණ්ඩිතො සීලාදිගුණගන්ධෙන සබ්බා දිසා පවායති, සබ්බා දිසා ගන්ධෙන අවත්ථරතීති අත්ථො.
න පුප්ඵගන්ධො පටිවාතමෙති යනු ඉද්දමල් ආදියේ සුවඳ උඩුසුළඟට නොයයි. න චන්දනං තගරමල්ලිකා වා යනු සඳුන් තුවරලා දසමන්වල සුවඳද උඩුසුළඟට නොයයි යි අරුත්ය. දෙව්ලොවෙහිද ඵුටසුමනා නම් වුවක්ඇත. පිපුණු දිනයෙහි එහි සුවඳ යොදුන් සියයක් පැතිර යයි. එයද උඩුසුළඟෙහි වියතක් පමණදු රියනක් පමණදු නොහැකි වේයයි කියත්. සතඤ්ච ගන්ධො පටිවාතමෙති යනු අත්පුරුෂයන්ගේද පණ්ඩිතයන්ගේ බුදු පසේබුදු බුදුසව්වන්ගේද සීලාදී ගුණසුවඳ උඩුසුළඟට යයි. සබ්බාදිසා සප්පුරිසො පවාති යනු සත්පුරුෂවූ පණ්ඩිත තෙමේ සීලාදී ගුණසුවඳින් සියලු දිසාවන්හි හමයි. සියලු දිසාවන් ගුනසුවඳින් පතුරාලයි යන අරුත්ය.