3. 2. 3. 5
3. 2. 3. 5.
3. 2. 3. 5.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
25. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච :
25. එක්කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
යෙ ආනන්ද, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා, තෙ වො ආනන්ද, තීසු ඨානෙසු සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා.
ආනන්දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද මිත්‍රයෝ වෙත්ව යි, සුහෘදයෝ වෙත්ව යි, නැදිමයිල් දෙපස නෑයෝ වෙත්වයි, භ්‍රාතෘභගින්‍යාදී සාලේ නෑයෝ වෙත්ව යි ඒ යම් කෙනෙක් (තොපගේ බස) ඇසියයුතු කොට හඟිත් ද, ආනන්දය, තොප විසින් ඔහු තුන් තැනෙක්හි ලා සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ.
කතමෙසු තීසු : බුද්ධෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- සත්ථා දෙවමනුස්සානං, බුද්ධො භගවා”ති.
කවර තුන් තැනෙක යත්: බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවා ලිය යුතුවහ. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණිනුදු අර්හත්හ. සම්‍යක්සම්බුද්ධයහ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ. චතුස්සත්‍යය අවබෝධ කළහ. භාග්‍යවත්හ කියා යි.
ධම්මෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා : “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති.
ධර්මයෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත්කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මොනොවට වදාරණ ලද්දේය. සාන්දෘෂ්ටිකය. ... නුවණැතියන් විසින් සියසතන්හි ලා දතයුතුය’ කියා යි.
සඞ්ඝෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා : “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
සඟුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන ... ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්රය’ කියා යි.
සියා ආනන්ද, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. නත්වෙව බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං. තත්රිදං අඤ්ඤථත්තං: සො වතානන්ද බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
ආනන්දය, පෘථිවීධාතු, අබ්ධාතු, තේජෝධාතු, වායෝධාතු යන සතර මහාභූතයන්ගේ අන්යථාත්වය වෙයි. බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අන්‍යථාත්‍වයෙක් නො ම වෙයි. එහි මේ වෙනසයි: ආනන්දය, බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්වාගත ආර්‍ය්‍යශ්‍රාවක නිරයට හෝ තිරිසන් ගතියට හෝ ප්‍රේතවිෂයට හෝ එළඹෙන්නේය යන තෙල කරුණ සිදු නොවේ.
සියා ආනන්ද, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. නත්වෙව ධම්මෙ -පෙ- නත්වෙව සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං තත්රිදං අඤ්ඤථත්තං : සො වතානන්ද, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
ආනන්දය, පෘථිවීධාතු, අබ්ධාතු, තේජෝ ධාතු, වායෝධාතු යන සතර මහාභූතයන්ගේ අන්යථාත්වය වෙයි. ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අන්‍යථාත්‍වයෙක් නො ම වෙයි. එහි මේ වෙනසයි: ආනන්දය, සඟුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්වාගත ඒ ආර්‍ය්‍යශ්‍රාවක ඒකාන්තයෙන් නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ එළඹෙන්නේය යන තෙල කරුණ සිදු නොවෙයි.
යෙ ආනන්ද, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා, තෙ වො ආනන්ද, ඉමෙසු තීසු ඨානෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බාති.
ආනන්දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද, මිත්‍රයෝ හෝ සුහෘදයෝ හෝ නෑයෝ හෝ සාලේ නෑයෝ හෝ යම් කෙනෙක් (තොපගේ බස) ඇසිය යුතු කොට සිතත් ද, ආනන්දය, තොප විසින් ඔහු මේ තුන් තන්හි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවිය යුතුවහ.