යෙදුමෙන් කියවන්න

3. 2. 3. 6

3. 2. 3. 6.

3. 2. 3. 6.

26. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා -පෙ- භගවන‍්තං එතදවොච : ‘භවො, භවො’ති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, භවො හොතීති?

26. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ ද?

කාමධාතුවෙපක‍්කඤ‍්ච ආනන්‍ද, කම‍්මං නාභවිස‍්ස, අපි නු ඛො කාමභවො පඤ‍්ඤායෙථාති?

ආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවයෙක් කිම, පැණේ ද?

නො හෙතං, භන‍්තෙ.

වහන්ස, තෙල එසේ නො පැණෙයි.

ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ‍්ඤාණං පතිට‍්ඨිතං. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති.

ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාර විඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි විඥානය පිහිටියේ ය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.

රූපධාතුවෙපක‍්කඤ‍්ච ආනන්‍ද, කම‍්මං නාභවිස‍්ස, අපි නු ඛො රූපභවො පඤ‍්ඤායෙථා?ති.

ආනන්‍දය, රූපධාතුයෙහි විවස්නා කර්‍මය නො වී නම් රූපභවය කිම, පැණේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල එසේ නොවේ මැයි.

ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං මජ‍්ඣිමාය ධාතුයා විඤ‍්ඤාණං පතිට‍්ඨිතං. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති.

ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ රූපධාතුයෙහි විඥානය පිහිටියේ වෙයි. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.

අරූපධාතුවෙපක‍්කඤ‍්ච ආනන්‍ද, කම‍්මං නා භවිස‍්ස, අපි නු ඛො අරූපභවො පඤ‍්ඤායෙථා?ති.

ආනන්‍දය, අරූපධාතුයෙහි විවස්නා කර්‍මය නො වී නම් අරූපභවයෙක් කිම, පැණේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල එසේ නොවේ මැයි.

ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං පණීතාය ධාතුයා විඤ‍්ඤාණං පතිට‍්ඨිතං. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති. එවං ඛො ආනන්‍ද, භවො හොතීති.

ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ අරූපධාතුයෙහි විඥානය පිහිටියේ වෙයි. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි. ආනන්‍දය, මෙසේ භවය වෙයි.