යෙදුමෙන් කියවන්න

3. 2. 3. 3

3. 2. 3. 3.

3. 2. 3. 3.

[කපිලවත්‍ථුනිදානං]

[කිඹුල්වත්නිදාන යි:]

23. එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා ගිලානා වුට‍්ඨිතො හොති අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා. අථ ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහානාමො සක‍්කො භගවන‍්තං එතදවොච : දීඝරත‍්තාහං භන‍්තෙ, භගවතා එවං ධම‍්මං දෙසිතං ආජානාමි : සමාහිතස‍්ස ඤාණං, නො අසමාහිතස‍්සාති. සමාධි නු ඛො භන‍්තෙ, පුබ‍්බෙ, පච‍්ඡා ඤාණං. උදාහු ඤාණං පුබ‍්බෙ, පච‍්ඡා සමාධීති?

23. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ගිලන් ව නැගි සිටි සේක් ගිලන් සෙයින් නැගිසිටි නොබෝකල් ඇති සේක. එක්බිති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇදුරු කොට වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. වහන්ස, ‘එකඟ සිතැතියාහට ඥානය ඇත. එකඟ සිත් නැතියාහට ඥානය නැතැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දෙසූ දහම මම දීර්‍ඝ-රාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, කැල ම සමාධිය වේ ද? පසු ව ඥානය වේ ද? නොහොත් කැල ම ඥානය වේ ද? පසු ව ලා සමාධිය වේ දැ යි?

අථ ඛො ආයස‍්මතො ආනන්‍දස‍්ස එතදහොසි. භගවා ඛො ගිලානා වුට‍්ඨිතො අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා. අයඤ‍්ච මහානාමො සක‍්කො භගවන‍්තං අතිගම‍්භීරං පඤ‍්හං පුච‍්ඡති. යන‍්නූනාහං මහානාමං සක‍්කං එකමන‍්තං අපනෙත්‍වා ධම‍්මං දෙසෙය්‍යන‍්ති.

එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙබඳු සිතෙක් වී. භාග්‍යවතුන් වහන්සේ ගිලන්ව නැගිසිටි සේක් ගිලන් බැවින් නැගිසිටි නොබෝකල් ඇත සේක. වැලිදු මේ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ අතින් ඉගැඹුරු පැනක් පුළුවුස්නේය. මම මහානාම සැහැරජ එකත්පසෙකට ගෙණ ගොස් දහම් දෙසම් නම් මනා මැ නුයි.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො මහානාමං සක‍්කං බාහාය ගහෙත්‍වා එකමන‍්තං අපනෙත්‍වා මහානාමං සක‍්කං එතදවොච : සෙඛම‍්පි ඛො මහානාම, සීලං වුත‍්තං භගවතා, අසෙඛම‍්පි සීලං වුත‍්තං භගවතා, සෙඛොපි සමාධි වුත‍්තො භගවතා, අසෙඛොපි සමාධි වුත‍්තො භගවතා, සෙඛාපි පඤ‍්ඤා වුත‍්තා භගවතා, අසෙඛාපි පඤ‍්ඤා වුත‍්තා භගවතා.

එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී.

කතමඤ‍්ච මහානාම, සෙඛං සීලං: ඉධ මහානාම, භික‍්ඛු සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. ඉදං වුච‍්චති මහානාම, සෙඛං සීලං. කතමො ච මහානාම, සෙඛො සමාධි : ඉධ මහානාම, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති මහානාම, සෙඛො සමාධි. කතමා ච මහානාම, සෙඛා පඤ‍්ඤා : ඉධ මහානාම, භික‍්ඛු ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. අයං වුච‍්චති මහානාම, සෙඛා පඤ‍්ඤා.

මහානාමයෙනි, ශෛක්‍ෂශීලය නම් කවරේ ය? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරසංවෘතව ... මොනොවට ගෙණ ශික්‍ෂාපද විෂයෙහි හික්මෙයි. මහානාමයෙනි, මේ ශෛක්‍ෂශීලය යි කියනු ලැබේ. මහානාමයෙනි, ශෛක්‍ෂසමාධිය කවරේ ය? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. මහානාමයෙනි, මේ ශෛක්‍ෂසමාධිය යි කියනු ලැබේ. මහානාමයෙනි, ශෛක්‍ෂප්‍රඥාව කවර? මහානාමයෙනි, මෙසස්නෙහි මහණ මේ දුකැයි යථාභූතය ප්‍රකාරයෙන් දන්නේය. ... මේ දුඃඛනිරෝධගාමිනී වූ ප්‍රතිපත්තිය යි යථාභූතය ප්‍රකාරයෙන් දන්නේය. මහානාමයෙනි, මේ ශෛක්‍ෂප්‍රඥා යි කියනු ලැබේ.

ස ඛො සො මහානාම, අරියසාවකො එවං සීලසම‍්පන‍්නො එවං සමාධිසම‍්පන‍්නො එවං පඤ‍්ඤාසම‍්පන‍්නො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

මහානාමනි, ඒ අරිසවු මෙබඳු සිල් ඇතියේ, මෙබඳු සමාධි ඇතියේ මෙ බඳු පැණ ඇතියේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ රහත්ඵල සපියුතු සමාධි හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන වෙසෙයි.

එවං ඛො මහානාම, සෙඛම‍්පි සීලං වුත‍්තං භගවතා, අසෙඛම‍්පි සීලං වුත‍්තං භගවතා, සෙඛොපි සමාධි වුත‍්තො භගවතා, අසෙඛොපි සමාධි වුත‍්තො භගවතා, සෙඛාපි පඤ‍්ඤා වුත‍්තා භගවතා, අසෙඛාපි පඤ‍්ඤා වුත‍්තා භගවතාති.

මහානාමයෙනි, මෙ පරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂ ශීලය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධිය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂ සමාධිය ද වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥාව ද වදාරණ ලදු. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂ ප්‍රඥාව ද වදාරණ ලදු.