යෙදුමෙන් කියවන්න

3. 2. 3. 2

3. 2. 3. 2.

3. 2. 3. 2.

[කොසම‍්බිනිදානං]

[කොසඹෑනිදාන යි:]

22. එකං සමයං ආයස‍්මා ආනන්‍දො කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො අඤ‍්ඤතරො ආජීවකසාවකො ගහපති යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො ආජීවකසාවකො ගහපති ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච : කෙසං නො භන‍්තෙ ආනන්‍ද, ධම‍්මො ස‍්වාක‍්ඛාතො, කෙ ලොකෙ සුපටිපන‍්නා, කෙ ලොකෙ සුගතාති?

22. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල එක්තරා ආජීවක ශ්‍රාවක වූ ගැහැවියෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇදුරු කොට වැඳ, එකත්පස්හි හින. එකත්පස්හි හුන් ඒ ආජීවක ශ්‍රාවක වූ ගැහැවි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේය. වහන්ස, ආනන්‍දයෙනි, කවර කෙනකුන්ගේ දහම් මොනොවට දෙසන ලද්දේ වේ ද? ලෝකයෙහි කවර කෙනෙක් සුපිළිපන් වෙත් ද? ලෝකයෙහි කවර කෙනෙක් මනා ගති ඇති වෙත් දැ යි?

තෙන හි ගහපති, තඤ‍්ඤෙවෙත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි, යථා තෙ ඛමෙය්‍ය තථා නං ව්‍යාකරෙය්‍යාසි. තං කිං මඤ‍්ඤසි ගහපති, යෙ රාගස‍්ස පහාණාය ධම‍්මං දෙසෙන‍්ති, දොසස‍්ස පහාණාය ධම‍්මං දෙසෙන‍්ති, මොහස‍්ස පහාණාය ධම‍්මං දෙසෙන‍්ති, තෙසං ධම‍්මො ස‍්වාක‍්ඛාතො නො වා, කථං වා තෙ එත්‍ථ හොතීති? යෙ භන‍්තෙ, රාගස‍්ස පහාණාය ධම‍්මං දෙසෙන‍්ති, දොසස‍්ස -පෙ- මොහස‍්ස පහානාය ධම‍්මං දෙසෙන‍්ති, තෙසං ධම‍්මො ස‍්වාක‍්ඛාතො. එවං මෙ එත්‍ථ හොතීති.

ගැහැවියෙනි, එයින් තා ම මෙහි ලා පුළුවුස්නෙමි. යම් පරිදි තට රිසියේ නම් එපරිදි එය ප්‍රකාශ කරව. ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වේෂප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වේ ද, නොහොත් නො වේ ද? තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේ දැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද? ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වෙයි. මෙහි ලා මට මෙසේ සිත් වෙයි.

තං කිං මඤ‍්ඤසි ගහපති, යෙ රාගස‍්ස පහාණාය පටිපන‍්නා, දොසස‍්ස -පෙ- මොහස‍්ස පහාණාය පටිපන‍්නා, තෙ ලොකෙ සුපටිපන‍්නා නො වා කථං වා තෙ එත්‍ථ හොතීති? යෙ භන‍්තෙ, රාගස‍්ස පහාණාය පටිපන‍්නා, දොසස‍්ස -පෙ- මොහස‍්ස පහාණාය පටිපන‍්නා, තෙ ලොකෙ සුපටිපන‍්නා. එවං මෙ එත්‍ථ හොතීති.

ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද, ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ඔහු ලෝකයෙහි සුපිළිපන්හු වෙත් ද, නොහොත් නො වෙත් ද, තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේදැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු ලෝකයෙහි සුපිළිපන් වෙති. මෙහි ලා මට මෙසේ අදහස් වෙයි.

තං කිංමඤ‍්ඤසි ගහපති, යෙසං රාගො පහීණො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, යෙසං දොසො පහීණො -පෙ- යෙසං මොහො පහීණො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, තෙ ලොකෙ සුගතා, නො වා කථං වා තෙ එත්‍ථ හොතීති? යෙසං භන‍්තෙ, රාගො පහීණො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, යෙසං දොසො පහීණො -පෙ- යෙසං මොහො පහීණො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, තෙ ලොකෙ සුගතා. එවං මෙ එත්‍ථ හොතීති.

ගැහැවියෙනි, ඒ කිසෙයින් සිතවු ද? යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ ද, මුලසුන් වේ ද, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ ද, අනභාව කරණ ලද්දේ වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ ද, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ ද, ... යම් කෙනකුන්ගේ මෝහය ප්‍රහත වේ ද, මුලුසුන් වේ ද, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ ද, අනභාව කරණ ලද්දේ වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ ද, ඔහු ලෝකයෙහි මනා ගති ඇති වෙත් ද? නොසේ වෙත් ද? මෙහි ලා තට කෙසේ හෝ අදහස් වේ දැ යි? වහන්ස, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ නම් ... මෝහය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාවය කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, ඔහු ලෝකයෙහි මනා ගති ඇති වෙති. මෙහි ලා මට මෙසේ අදහස් වෙයි.

ඉති ඛො ගහපති, තයා වෙතං ව්‍යාකතං යෙ භන‍්තෙ, රාගස‍්ස පහාණාය ධම‍්මං දෙසෙන‍්ති, දොසස‍්ස -පෙ- මොහස‍්ස පහාණාය ධම‍්මං දෙසෙන‍්ති, තෙසං ධම‍්මො ස‍්වාක‍්ඛාතොති. තයා වෙතං ව්‍යාකතං. යෙ භන‍්තෙ, රාගස‍්ස පහාණාය පටිපන‍්නා, දොසස‍්ස -පෙ- මොහස‍්ස පහාණාය පටිපන‍්නා, තෙ ලොකෙ සුපටිපන‍්නාති. තයා වෙතං ව්‍යාකතං. යෙසං භන‍්තෙ, රාගො පහීණො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, යෙසං දොසො පහීණො -පෙ- මොහො පහීණො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, තෙ ලොකෙ සුගතාති.

ගැහැවියෙනි, “වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වේෂප්‍රහාණය සඳහා ... මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ ය” යි මෙසේ තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී. ‘වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු ලෝකයෙහි සුපිළිපන්හ’ යි තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී. ‘වහන්ස, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ නම් ... මෝහය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, ඔහු ලෝකයෙහි මනාගති ඇති වෙති’යි තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී.

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, න චෙව නාම සධම‍්මුක‍්කංසනා භවිස‍්සති, න ච පරධම‍්මාපසාදනා, ආයතනෙව ධම‍්මදෙසනා, අත්‍ථො ච වුත‍්තො, අත‍්තා ච අනුපනීතො.

වහන්ස, ඇඟිලි පොළන්නට නිසිය. වහන්ස, නොවූවිරියෙක, තමා ලද හුවා නො දක්වනු වෙයි. මෙරමා ලද හෙළනුදු නොවෙයි. නිසි කරුණෙහි ම දහම් දෙසුම් වෙයි. පුළුවුත් පැනට අර්‍ත්‍ථය ම පැවසින. තෙමේත් (අපි මෙබන්දම්හ යි) එළවා නො දැක්වින.

තුම‍්හෙ භන‍්තෙ ආනන්‍ද, රාගස‍්ස පහාණාය ධම‍්මං දෙසෙථ, දොසස‍්ස පහාණාය ධම‍්මං දෙසෙථ, මොහස‍්ස පහාණාය ධම‍්මං දෙසෙථ. තුම‍්හාකං භන‍්තෙ ආනන්‍ද, ධම‍්මො ස‍්වාක‍්ඛාතො. තුම‍්හෙ භන‍්තෙ ආනන්‍ද, රාගස‍්ස පහාණාය පටිපන‍්නා, දොසස‍්ස -පෙ- මොහස‍්ස පහාණාය පටිපන‍්නා. තුම‍්හෙ ලොකෙ සුපටිපන‍්නා. තුම‍්හාකං භන‍්තෙ ආනන්‍ද, රාගො පහීණො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, තුම‍්හාකං දොසො -පෙ- තුම‍්හාකං මොහො පහීණො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. තුම‍්හෙ ලොකෙ සුගතා.

වහන්ස, ආනන්‍දයෙනි, තෙපි රාගප්‍රහාණය සඳහා දහම් දෙසව. ද්වේෂප්‍රහාණය සඳහා දහම් දෙසව. මෝහප්‍රහාණය සඳහා දහම් දෙසව. වහන්ස, ආනන්‍දයෙනි, තොපගේ දහම මොනොවට පවසන ලදී. වහන්ස, ආනන්‍දයෙනි, තෙපි රාගප්‍රහාණය සඳහා පිළිපන්නාව. ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා පිළිපන්නාව. තෙපි ලෝකයෙහි සුපිළිපන්නාව. වහන්ස, ආනන්‍දයෙනි, තොපගේ රාගය ප්‍රහත වෙයි. මුලුසුන් වෙයි මුදුන් සුන් තලක් සෙයින් අවස්තුකභාවය කරණ ලද්දේ වෙයි. අනභාව කරණ ලද්දේ වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. තොපගේ ද්වේෂය ... තොපගේ මෝහය ප්‍රහත වෙයි. මුලුසුන් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුකභාවය කරණ ලද්දේ වෙයි. අනභාව කරණ ලද්දේ වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. තෙපි ලෝකයෙහි මනාගති ඇත්තාව.

අභික‍්කන‍්තං භන‍්තෙ, අභික‍්කන‍්තං භන‍්තෙ, සෙය්‍යථාපි භන‍්තෙ, නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති. එවමෙවං අය්‍යෙන ආනන්‍දෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො.

වහන්ස, ඉතා මැනව, වහන්ස, ඉතා මැනව. වහන්ස, යටිහුරු කරණ ලද්දක් හෝ යම්සේ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් හෝ යම්සේ විවට කරන්නේ වේ ද, මං මුළාවූවක්හට හෝ යම්සේ මග කියන්නේ වේ ද, ‘ඇස් ඇතියෝ රූපායතනයන් දක්නාහ’ යි අඳුරෙහි හෝ යම්සේ තෙල් පහනක් දල්වන්නේ වේ ද, එපරිදි ම ආර්‍ය ආනන්‍ද තෙරණුවන් විසින් අනේකපර්‍ය්‍යායයෙන් (තුන් අයුරින්) දහම් දෙසන ලදී.

එසාහං භන‍්තෙ ආනන්‍ද, තං භගවන‍්තං සරණං ගච‍්ඡාමි, ධම‍්මං ච භික‍්ඛුසඞ‍්ඝං ච. උපාසකං මං අය්‍යො ආනන්‍දො ධාරෙතු, අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

වහන්ස, ආනන්‍දයෙනි, තෙල මම එ භගවත්හු ද දහම ද බික්සඟුන් ද සරණ යෙමි. ආර්‍ය ආනන්‍ද තෙරණුවෝ අද පටන් කොට මා දිවියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරත්වා.