යෙදුමෙන් කියවන්න

10. උපොසථසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. උපොසථසුත‍්තවණ‍්ණනා

3. 2. 2. 10

දසමෙ තදහුපොසථෙති තස‍්මිං අහු උපොසථෙ තං දිවසං උපොසථෙ, පන‍්නරසිකඋපොසථදිවසෙති වුත‍්තං හොති. උපසඞ‍්කමීති උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය ගන්‍ධමාලාදිහත්‍ථා උපසඞ‍්කමි. හන්‍දාති වවස‍්සග‍්ගත්‍ථෙ නිපාතො. දිවා දිවස‍්සාති දිවසස‍්ස දිවා නාම මජ‍්ඣන‍්හො, ඉමස‍්මිං ඨිතෙ මජ‍්ඣන‍්හිකෙ කාලෙති අත්‍ථො. කුතො නු ත්‍වං ආගච‍්ඡසීති කිං කරොන‍්තී විචරසීති පුච‍්ඡති. ගොපාලකුපොසථොති ගොපාලකෙහි සද‍්ධිං උපවසනඋපොසථො. නිගණ‍්ඨුපොසථොති නිගණ‍්ඨානං උපවසනඋපොසථො. අරියුපොසථොති අරියානං උපවසනඋපොසථො. සෙය්‍යථාපි විසාඛෙති යථා නාම, විසාඛෙ. සායන‍්හසමයෙ සාමිකානං ගාවො නිය්‍යාතෙත්‍වාති ගොපාලකා හි දෙවසිකවෙතනෙන වා පඤ‍්චාහදසාහඅද‍්ධමාසමාසඡමාසසංවච‍්ඡරපරිච‍්ඡෙදෙන වා ගාවො ගහෙත්‍වා රක‍්ඛන‍්ති. ඉධ පන දෙවසිකවෙතනෙන රක‍්ඛන‍්තං සන්‍ධායෙතං වුත‍්තං – නිය්‍යාතෙත්‍වාති පටිච‍්ඡාපෙත්‍වා “එතා වො ගාවො”ති දත්‍වා. ඉති පටිසඤ‍්චික‍්ඛතීති අත‍්තනො ගෙහං ගන‍්ත්‍වා භුඤ‍්ජිත්‍වා මඤ‍්චෙ නිපන‍්නො එවං පච‍්චවෙක‍්ඛති. අභිජ‍්ඣාසහගතෙනාති තණ‍්හාය සම‍්පයුත‍්තෙන. එවං ඛො, විසාඛෙ, ගොපාලකුපොසථො හොතීති අරියුපොසථොව අයං, අපරිසුද‍්ධවිතක‍්කතාය පන ගොපාලකඋපොසථට‍්ඨානෙ ඨිතො. න මහප‍්ඵලොති විපාකඵලෙන න මහප‍්ඵලො. න මහානිසංසොති විපාකානිසංසෙන න මහානිසංසො. න මහාජුතිකොති විපාකොභාසෙන න මහාඔභාසො. න මහාවිප‍්ඵාරොති විපාකවිප‍්ඵාරස‍්ස අමහන‍්තතාය න මහාවිප‍්ඵාරො.

දසවැන්නෙහි, තදහුපොසථෙ යනු එදවස පොහොයෙහියි, උපොෂථයෙහිවූ එදවසයි. පසළොස්වක් පොහෝදිනයෙහියි කියනලද්දේ වෙයි. උපසඞ්කමි යනු උපොෂථාංගයන් අදිටන් කොට ගඳමල් ආදිය අතැතිව එළමියේයි. හන්‍ද යනු දැඩිව ගැනීම් අර්‍ත්‍ථයෙහි නිපාතයෙකි. දිවාදිවස්ස යනු දවසෙහි දහවල නම් මධ්‍යාහ්නයයි. මෙහි පිහිටි මද්දහන් කාලයයි. කුතොනු ත්‍වං ආගච්ඡසි යනු කුමක් කරන්නී හැසිරෙහිදැයි අසයි. ගොපාලකුපොසථො යනු ගොපල්ලන් සමඟ සමාන කළ පොහොයයි. නිගණ්ඨුපොසථො යනු නුවටුන් රකින පොහොයයි. අරියුපොසථො යනු ආර්යයන් රකින පොහොයයි. සෙය්‍යථාපි විසාඛෙ යනු විසාඛයෙනි, යම්සේ යනුයි. සායණභසමයං සාමිකානං ගාවො නිය්‍යාතෙත්‍වා යනු ගොපල්ලෝ වනාහි දිනපතා වැටුපෙන් හෝ පස්දින දසදින අඩමස සයමස අවුරුද්ද යනාදී කාලපරිච්ඡේදයෙන් හෝ ගවයන් ගෙන රකිත්. මෙහි වනාහි දිනපතා වැටුපෙන් රකින්නකු සඳහා මෙය කියනලදී. නිය්‍යාතෙත්‍වා යනු භාරදීයි, මොවුහු ඔබගේ ගවයෝයිදී යනුයි. ඉති පටිසඤචික්‍ඛති යනු තමන්ගේ ගෙදර ගොස් අනුභව කොට ඇඳෙහි හොත්තේ මෙසේ සලකයි. අභිජක්‍ධා සහගතෙන යනු තෘෂ්ණාවෙන් යුක්ත වීමෙන්ය. එවං ඛො විසාඛෙ ගොපාලුකුපොසථො හොති යනු මේ ආර්ය උපොෂථයද අපිරිසිදු විතර්‍ක ඇති බැවින් ගොපාලක උපොෂථයට අයත් තැන්හි සිටියේයි. න මහප්ඵලො යනු විපාකඵලයෙන් මහත්ඵල නොවුයේයි. න මහානිසංසො යනු විපාක ආනිසංසයෙන් මහානිසංස නොවූයේයි. න මහාජූතිකො යනු විපාකාලෝකයෙන් මහත් බැබලීමක් නොවූයේයි. න මහාවිපඵාරො යනු විපාක පැතිරීම නොමහත් බැවින් මහත් පැතිරීමක් නොමැත්තේයි.

සමණජාතිකාති සමණායෙව. පරං යොජනසතන‍්ති යොජනසතං අතික‍්කමිත්‍වා තතො පරං. තෙසු දණ‍්ඩං නික‍්ඛිපාහීති තෙසු යොජනසතතො පරභාගෙසු ඨිතෙසු සත‍්තෙසු දණ‍්ඩං නික‍්ඛිප, නික‍්ඛිත‍්තදණ‍්ඩො හොහි. නාහං ක්‍වචනි කස‍්සචි කිඤ‍්චනතස‍්මින‍්ති අහං කත්‍ථචි කස‍්සචි පරස‍්ස කිඤ‍්චනතස‍්මිං න හොමි. කිඤ‍්චනං වුච‍්චති පලිබොධො, පලිබොධො න හොමීති වුත‍්තං හොති. න ච මම ක්‍වචනි කත්‍ථචි කිඤ‍්චනතත්‍ථීති මමාපි ක්‍වචනි අන‍්තො වා බහිද‍්ධා වා කත්‍ථචි එකපරික‍්ඛාරෙපි කිඤ‍්චනතා නත්‍ථි, පලිබොධො නත්‍ථි, ඡින‍්නපලිබොධොහමස‍්මීති වුත‍්තං හොති. භොගෙති මඤ‍්චපීඨයාගුභත‍්තාදයො. අදින‍්නංයෙව පරිභුඤ‍්ජතීති පුනදිවසෙ මඤ‍්චෙ නිපජ‍්ජන‍්තොපි පීඨෙ නිසීදන‍්තොපි යාගුං පිවන‍්තොපි භත‍්තං භුඤ‍්ජන‍්තොපි තෙ භොගෙ අදින‍්නෙයෙව පරිභුඤ‍්ජති. න මහප‍්ඵලොති නිප‍්ඵලො. බ්‍යඤ‍්ජනමෙව හි එත්‍ථ සාවසෙසං, අත්‍ථො පන නිරවසෙසො. එවං උපවුත්‍ථස‍්ස හි උපොසථස‍්ස අප‍්පමත‍්තකම‍්පි විපාකඵලං ඉට‍්ඨං කන‍්තං මනාපං නාම නත්‍ථි. තස‍්මා නිප‍්ඵලොත්‍වෙව වෙදිතබ‍්බො. සෙසපදෙසුපි එසෙව නයො.

සමණජාති යනු ශ්‍රමණයෝමයි. පරං යොජනසතං යනු යොදුන් සියයක් ඉක්මවා ඉන් මත්තෙහියි. තෙසු දණ්ඩං නික්‍ඛිපාහි යනු ඒ යොදුන් සියයකින් එපිට සිටි සත්වයන් කෙරෙහි දඬු බහාතබව. බහා තැබූ දඩු මුගුරු ඇත්තේ වෙහි. නාහං ක්‍වචිනි කස්සචි කිඤ්ඤනතස්මිං යනු මම කොහි හෝ අන්කිසිවකුට බාධාවෙහි (කරදයෙහි) නොවෙමි (නොසිටිමි) පළිබෝධය (බාධාව) කිඤ්චනයයි කියනු ලැබේ. පළිබෝධයක් නොවෙමැයි කියනලද්දේ වෙයි. න ච මම ක්‍වචිනි කත්‍ථචි කිඤ්චන තත්‍ථි යනු මගේ කොහිහො ඇතුළත හෝ පිටත හෝ කිසිතැනක එක් පිරිකරකද බාධාවක් නැත. පළිබෝධයක් නැත. මම සිඳුණු පළිබෝධ ඇත්තේමැයි කියන ලද්දේ වෙයි. භොගෙ යනු ඇඳ පුටු කැඳබත් ආදියයි. අදින්නං යෙච පරිභූඤ්ජති යනු දෙවැනි දිනයෙහි ඇඳෙහි හොවින්නේද පුටුවෙහි හිඳින්නේද, කදැඳ බොන්නේද බත් වළඳන්නේද භොගයන් නොදුන් කල්හිම පරිභොග කරයි. න මහපළුලො යනු නිෂ්ඵලය. මෙහි ව්‍යංනයම සාවශෙෂය, අර්‍ත්‍ථය වනාහි නිරවශෙෂය. මෙසේ වසනලද උපොෂථයේ සුළුවූද යහපත්, හොඳ, මනා විපාකඵලයක් නම් නැත. එබැවින් නිෂ්ඵලයයි දතයුතුය. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි.

උපක‍්කිලිට‍්ඨස‍්ස චිත‍්තස‍්සාති ඉදං කස‍්මා ආහ? සංකිලිට‍්ඨෙන හි චිත‍්තෙන උපවුත්‍ථො උපොසථො න මහප‍්ඵලො හොතීති දස‍්සිතත‍්තා විසුද‍්ධෙන චිත‍්තෙන උපවුත්‍ථස‍්ස මහප‍්ඵලතා අනුඤ‍්ඤාතා හොති. තස‍්මා යෙන කම‍්මට‍්ඨානෙන චිත‍්තං විසුජ‍්ඣති, තං චිත‍්තවිසොධනකම‍්මට‍්ඨානං දස‍්සෙතුං ඉදමාහ. තත්‍ථ උපක‍්කමෙනාති පච‍්චත‍්තපුරිසකාරෙන, උපායෙන වා. තථාගතං අනුස‍්සරතීති අට‍්ඨහි කාරණෙහි තථාගතගුණෙ අනුස‍්සරති. එත්‍ථ හි ඉතිපි සො භගවාති සො භගවා ඉතිපි සීලෙන, ඉතිපි සමාධිනාති සබ‍්බෙ ලොකියලොකුත‍්තරා බුද‍්ධගුණා සඞ‍්ගහිතා. අරහන‍්තිආදීහි පාටියෙක‍්කගුණාව නිද‍්දිට‍්ඨා. තථාගතං අනුස‍්සරතො චිත‍්තං පසීදතීති ලොකියලොකුත‍්තරෙ තථාගතගුණෙ අනුස‍්සරන‍්තස‍්ස චිත‍්තුප‍්පාදො පසන‍්නො හොති.

උපක්කිලිට්ඨස්ස චිත්තස්ස යන මෙය කුමක් සඳහා පැවසීද යත්? කිළිටිවූ සිතින් විසූ උපොෂථය මහත්ඵල නොවේයයි දක්වනලද බැවින් පිරිසුදු සිතින් පෙහෙවස් වසනලද්දහුට මහත්ඵල බව අනුදන්නා ලද්දේ වෙයි. එහෙයින් යම් කමටහනකින් සිත පිරිසුදුවේද? ඒ සිත පිරිසුදු කරන කමටහන දැක්වීමට මෙය පැවසීය. එහි උපක්කමෙන යනු වෙන් වෙන්වූ (පෞද්ගලික) පෞරුෂයෙන් හෝ උපායෙනි. තථාගතං අනුස්සරති යනු කරුණු අටකින් තථාගතයන්වහන්සේගේ ගුණයන් සිහිකරයි. මෙහි වනාහි ඉතිපි සො භගවා යන්නෙන් ඒ භාග්‍යවතුන්වහන්සේ මෙසේත් සීලයෙන්ද මෙසේත් සමාධියෙන්දැයි සියලු ලෞකික ලෝකෝත්තර බුද්ධගුණයෝ සංග්‍රහ කරනලදහ. අරහං යන ආදියෙන් වෙන්වෙන් වූ ගුණයෝම නිර්දේශ කරනලදහ. තථාගතං අනුස්සරතො චිත්තං පසීදති යනු ලෞකික ලෝකෝත්තර බුද්ධගුණයන් සිහි කරන්නාගේ සිත් ඉපදීම ප්‍රසන්න වෙයි.

චිත‍්තස‍්ස උපක‍්කිලෙසාති පඤ‍්ච නීවරණා. කක‍්කන‍්ති ආමලකකක‍්කං. තජ‍්ජං වායාමන‍්ති තජ‍්ජාතිකං තදනුච‍්ඡවිකං කක‍්කෙන මක‍්ඛනඝංසනධොවනවායාමං. පරියොදපනා හොතීති සුද‍්ධභාවකරණං හොති. කිලිට‍්ඨස‍්මිං හි සීසෙ පසාධනං පසාධෙත්‍වා නක‍්ඛත‍්තං කීළමානො න සොභති, පරිසුද‍්ධෙ පන තස‍්මිං පසාධනං පසාධෙත්‍වා නක‍්ඛත‍්තං කීළමානො සොභති, එවමෙව කිලිට‍්ඨචිත‍්තෙන උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය උපොසථො උපවුත්‍ථො න මහප‍්ඵලො හොති, පරිසුද‍්ධෙන පන චිත‍්තෙන උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය උපවුත්‍ථො උපොසථො මහප‍්ඵලො හොතීති අධිප‍්පායෙන එවමාහ. බ්‍රහ‍්මුපොසථං උපවසතීති බ්‍රහ‍්මා වුච‍්චති සම‍්මාසම‍්බුද‍්ධො, තස‍්ස ගුණානුස‍්සරණවසෙන අයං උපොසථො බ්‍රහ‍්මුපොසථො නාම, තං උපවසති. බ්‍රහ‍්මුනා සද‍්ධිං සංවසතීති සම‍්මාසම‍්බුද‍්ධෙන සද‍්ධිං සංවසති. බ්‍රහ‍්මඤ‍්චස‍්ස ආරබ‍්භාති සම‍්මාසම‍්බුද‍්ධං ආරබ‍්භ.

චිත්තස්ස උපක්කිලෙසා යනු පංචනීවරණයෝයි. කක්කං යනු නෙල්ලි කල්කයයි. තජ්ජං වායාමං යනු එම ජාතියට අයත්, ඊට සුදුසු, කල්කයෙන් තැවරීම, ඉලීම, සේදීම යන මේවා කිරීමේ උත්සාහයයි. පරියොදපනා හොති යනු පිරිසුදු බව කිරීම වෙයි. කිළිටි හිසෙහි පළඳනාව පැලඳ නැකත් කෙළි කෙළින්නාහු නොහොබිත්. පිරිසුදුවූ හිසෙහි පළඳනාව පැලඳ නැකත් කෙළි කෙළින්නාහු හොබිත්, එසේම කිළිටි සිතින් උපොෂථ අංශයන් අදිටන් කොට සමාදන්වූ උපොෂථය මහත්ඵල නොවෙයි. පිරිසිදු සිතින් උපොෂථාංගයන් අදිටන් කොට සමාදන්වූ උපොෂථය මහත්ඵල වේය යන අදහසින් මෙය පැවසීය. බ්‍රහ්මූපොසථං උපවසති යනු සම්මා සම්බුදුන්වහන්සේ බ්‍රහ්මයයි කියනුලැබෙත්. උන්වහන්සේගේ ගුණ සිහි කිරීම් වශයෙන් මේ උපොෂථය බ්‍රහ්මූපොසථය නම්වෙයි. එය සමාදන්ව වෙසෙයි. බ්‍රහ්මුනා සද්ධිං උපවසති යනු සම්මා සම්බුදුන්වහන්සේ සමඟ එක්ව වාසය කරයි. බ්‍රහ්මඤ්චස්ස ආරබ්භ යනු සම්මා සම්බුදුන්වහන්සේ අරබයායි.

ධම‍්මං අනුස‍්සරතීති සහතන‍්තිකං ලොකුත‍්තරධම‍්මං අනුස‍්සරති. සොත‍්තින‍්ති කුරුවින්‍දකසොත‍්තිං. කුරුවින්‍දකපාසාණචුණ‍්ණෙන හි සද‍්ධිං ලාඛං යොජෙත්‍වා මණිකෙ කත්‍වා විජ‍්ඣිත්‍වා සුත‍්තෙන ආවුණිත්‍වා තං මණි කලාපපන‍්තිං උභතො ගහෙත්‍වා පිට‍්ඨිං ඝංසෙන‍්ති, තං සන්‍ධාය වුත‍්තං – “සොත‍්තිඤ‍්ච පටිච‍්චා”ති. චුණ‍්ණන‍්ති න‍්හානීයචුණ‍්ණං. තජ‍්ජං වායාමන‍්ති උබ‍්බට‍්ටනඝංසනධොවනාදිකං තදනුරූපවායාමං. ධම‍්මුපොසථන‍්ති සහතන‍්තිකං නවලොකුත‍්තරධම‍්මං ආරබ‍්භ උපවුත්‍ථත‍්තා අයං උපොසථො “ධම‍්මුපොසථො”ති වුත‍්තො. ඉධාපි පරියොදපනාති පදෙ ඨත්‍වා පුරිමනයෙනෙව යොජනා කාතබ‍්බා.

[missing sentence] සොතතිං යනු කුරුවින්‍ද පබළු වැලයි. කුරුවින්‍දක ගල්කුඩු සමඟ ලාකඩ යොදා පබළු තනා විද හුයෙක අවුණා ඒ පබළුවැල දෙපසින් ගෙන පිට උළයි. ඒ සඳහා ‘සොත්තිංච පටිච්ච’යි කියනලදී. චුණ්ණං යනු නෑමේදී භාවිත කරනසුණුයි. තජ්ජං වායාමං යනු ඇඟ ඉලීම, ඇතිල්ලීම සේදීම ආදීවු සුදුසු ව්‍යායාමයයි. ධම්මූපොසථං යනු පෙළ සහිත නවලෝකෝත්තර ධර්‍මය අරභයා සමාදන්වූ බැවින් මේ උපොෂථය ධම්මූපොසථයයි කියනලදී. මෙහිද පරියොදපනා පදයෙහි සිට පෙරපරිද්දෙන්ම යෝජනා කළයුතුය.

සඞ‍්ඝං අනුස‍්සරතීති අට‍්ඨන‍්නං අරියපුග‍්ගලානං ගුණෙ අනුස‍්සරති. උස‍්මඤ‍්ච පටිච‍්චාති ද‍්වෙ තයො වාරෙ ගාහාපිතං උසුමං පටිච‍්ච. උසඤ‍්චාතිපි පාඨො, අයමෙවත්‍ථො. ඛාරන‍්ති ඡාරිකං. ගොමයන‍්ති ගොමුත‍්තං වා අජලණ‍්ඩිකා වා. පරියොදපනාති ඉධාපි පුරිමනයෙනෙව යොජනා කාතබ‍්බා. සඞ‍්ඝුපොසථන‍්ති අට‍්ඨන‍්නං අරියපුග‍්ගලානං ගුණෙ ආරබ‍්භ උපවුත්‍ථත‍්තා අයං උපොසථො “සඞ‍්ඝුපොසථො”ති වුත‍්තො.

සඞ්ඝං අනුස්සරති යනු ආර්ය පුද්ගලයන් අටදෙනාගේ ගුණයන් සිහිකරයි. උසුමඤ්ච පටිච්ච යනු දෙතුන්වරෙක ගන්වනලද උෂ්ණය සඳහායි. ඌසඤ්ච යනුද පාඨයි. මේ අර්ථයමය. ඛාරං යනු ගිනි අඟුරුය. ගොමයං යනු ගවමුත්‍ර හෝ එළුබෙටියි. පරියොදපනා යන මෙහිද මුල් ක්‍රමයෙන්ම යෙදියයුතුය. සඞ්ඝුපොසථං යනු ආර්ය පුද්ගලයන් අටදෙනාගේ ගුණයන් අරභයා සමාදන්වූ බැවින් මේ උපොෂථය සඞ්ඝුපොථයයි කියනලදී.

සීලානීති ගහට‍්ඨො ගහට‍්ඨසීලානි, පබ‍්බජිතො පබ‍්බජිතසීලානි. අඛණ‍්ඩානීතිආදීනං අත්‍ථො විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.21) විත්‍ථාරිතොව. වාලණ‍්ඩුපකන‍්ති අස‍්සවාලෙහි වා මකචිවාලාදීහි වා කතං අණ‍්ඩුපකං. තජ‍්ජං වායාමන‍්ති තෙලෙන තෙමෙත්‍වා මලස‍්ස තින‍්තභාවං ඤත්‍වා ඡාරිකං පක‍්ඛිපිත්‍වා වාලණ‍්ඩුපකෙන ඝංසනවායාමො. ඉධ පරියොදපනාති පදෙ ඨත්‍වා එවං යොජනා කාතබ‍්බා කිලිට‍්ඨස‍්මිඤ‍්හි ආදාසෙ මණ‍්ඩිතපසාධිතොපි අත‍්තභාවො ඔලොකියමානො න සොභති, පරිසුද‍්ධෙ සොභති. එවමෙව කිලිට‍්ඨෙන චිත‍්තෙන උපවුත්‍ථො උපොසථො න මහප‍්ඵලො හොති, පරිසුද‍්ධෙන පන මහප‍්ඵලො හොතීති. සීලුපොසථන‍්ති අත‍්තනො සීලානුස‍්සරණවසෙන උපවුත්‍ථො උපොසථො සීලුපොසථො නාම. සීලෙන සද‍්ධින‍්ති අත‍්තනො පඤ‍්චසීලදසසීලෙන සද‍්ධිං. සීලඤ‍්චස‍්ස ආරබ‍්භාති පඤ‍්චසීලං දසසීලඤ‍්ච ආරබ‍්භ.

සීලානි යනු ගිහියා ගිහි සිල්ද පැවිද්දා පැවිදි සිල්ද වේ. අඛණ්ඩානි යනාදියෙහි අර්ථය විසුද්ධිමග්ගයෙහිදී විස්තර කරනලදී. වාලණ්ඩුකං යනු අස්ලොමින් හෝ නියඳ කෙඳි වලින් හෝ කරනලද ලණ්ඩුකයයි (කොස්සයි) තජ්ජංවායාමං යනු තෙලෙන් තෙමා මලකඩ තෙත්වූ බව දැන අඟුරෙහි බහා කොස්සෙන් අතුල්ලන වෑයමයි. මෙහි ‘පරියොදපනා’ පදයෙහි සිට මෙසේ යෝජනා කළයුතුය. කිළිටි කැඩපතෙහි මනාව සරසා පැහැපත්කළ ආත්මභාවය වුවද බලනු ලබන්නේ නොහොබියි. (මනාව නොපෙනෙයි) පිරිසුදු කැඩපතෙහි හොබියි. මෙසේම කිළිටි සිත ඇතිකළ සමාදන්වූ උපොෂථය මහත්ඵල නොවෙයි. පිරිසුදු සිත ඇති කල්හි මහත්ඵලවෙයි. සීලුපොසථං යනු තමාගේ සීලය සිහිකිරීම් වශයෙන් සමාදන්වූ උපොෂථය සීලුපොසථය නමි. සීලෙන සද්ධිං යනු තමන්ගේ පන්සිල් දසසිල් සමගිනි. සීලං ආරබ්භ යනු පන්සිල් දසසිල්ම අරභයායි.

දෙවතා අනුස‍්සරතීති දෙවතා සක‍්ඛිට‍්ඨානෙ ඨපෙත්‍වා අත‍්තනො සද‍්ධාදිගුණෙ අනුස‍්සරති. උක‍්කන‍්ති උද‍්ධනං. ලොණන‍්ති ලොණමත‍්තිකා. ගෙරුකන‍්ති ගෙරුකචුණ‍්ණං. නාළිකසණ‍්ඩාසන‍්ති ධමනනාළිකඤ‍්චෙව පරිවත‍්තනසණ‍්ඩාසඤ‍්ච. තජ‍්ජං වායාමන‍්ති උද‍්ධනෙ පක‍්ඛිපනධමනපරිවත‍්තනාදිකං අනුරූපං වායාමං. ඉධ පරියොදපනාති පදෙ ඨත්‍වා එවං යොජනා වෙදිතබ‍්බා – සංකිලිට‍්ඨසුවණ‍්ණමයෙන හි පසාධනභණ‍්ඩෙන පසාධිතා නක‍්ඛත‍්තං කීළමානා න සොභන‍්ති, පරිසුද‍්ධසුවණ‍්ණමයෙන සොභන‍්ති. එවමෙව සංකිලිට‍්ඨචිත‍්තස‍්ස උපොසථො න මහප‍්ඵලො හොති, පරිසුද‍්ධචිත‍්තස‍්ස මහප‍්ඵලො. දෙවතුපොසථන‍්ති දෙවතා සක‍්ඛිට‍්ඨානෙ ඨපෙත්‍වා අත‍්තනො ගුණෙ අනුස‍්සරන‍්තෙන උපවුත්‍ථඋපොසථො දෙවතුපොසථො නාම. සෙසං ඉමෙසු බුද‍්ධානුස‍්සතිආදීසු කම‍්මට‍්ඨානෙසු යං වත‍්තබ‍්බං සියා, තං සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.123 ආදයො) වුත‍්තමෙව.

දෙවතාඅනුස්සරති යනු දෙවියන් සාක්‍ෂ්‍ය කොට තමන්ගේ ශ්‍රද්ධාදී ගුණයන් සිහිකරයි. උක්කං යනු උදුනයි. ලොණං යනු ලුණු මැටියි. ගෙරුකං යනු ගෙරුක (මැටි) සුණුයි. නාලිසණ්ඩාසං යනු පිඹින නාලිකාවමෙන්ම පෙරළන අඩුවදවේ. තජ්ජං වායාමං යනු උදුනෙහි බහන පිඹින පෙරළන ආදීවූ සුදුසු වෑයමයි. මෙහි පරියොදපනා පදයෙහි මෙසේ යෝජනාව කළයුතුය. කිළිටිවූ රනින් කරනලද පළඳනා අබරණින් අලංකාර වූවෝ නැකත්කෙළි කෙළන්නාහු නොහොබිත්, පිරිසුදුවූ රනින් කළ අබරණ පැළන්දාහු හොබිත්, මෙසේම කිළිටි සිතැත්තහුගේ උපොෂථය මහත්ඵල නොවෙයි. පිරිසුදු සිතැත්තහුගේ මහත්ඵල වෙයි. දෙවතුපොසථො යනු දෙවියන් සාක්‍ෂ්‍ය ස්ථානයෙහි තබා තමන්ගේ ගුණයන් සිහිකරන්නහු විසින් සමාදන්වූ උපොෂථය දෙවතූපොසථය නමි. සෙස්ස මේ බුද්ධානුස්සති ආදී කමටහන්හි යමක් කිවයුතු වන්නේද ඒ සියල්ල විසුද්ධිමග්ගයෙහි කියනලද්දේමය.

පාණාතිපාතන‍්ති පාණවධං. පහායාති තං පාණාතිපාතචෙතනාසඞ‍්ඛාතං දුස‍්සීල්‍යං පජහිත්‍වා. පටිවිරතාති පහීනකාලතො පට‍්ඨාය තතො දුස‍්සීල්‍යතො ඔරතා විරතාව. නිහිතදණ‍්ඩා නිහිතසත්‍ථාති පරූපඝාතත්‍ථාය දණ‍්ඩං වා සත්‍ථං වා ආදාය අවත‍්තනතො නික‍්ඛිත‍්තදණ‍්ඩා චෙව නික‍්ඛිත‍්තසත්‍ථා චාති අත්‍ථො. එත්‍ථ ච ඨපෙත්‍වා දණ‍්ඩං සබ‍්බම‍්පි අවසෙසං උපකරණං සත‍්තානං විහිංසනභාවතො සත්‍ථන‍්ති වෙදිතබ‍්බං. යං පන භික‍්ඛූ කත‍්තරදණ‍්ඩං වා දන‍්තකට‍්ඨවාසිං වා පිප‍්ඵලකං වා ගහෙත්‍වා විචරන‍්ති, න තං පරූපඝාතත්‍ථාය. තස‍්මා නිහිතදණ‍්ඩා නිහිතසත්‍ථාත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. ලජ‍්ජීති පාපජිගුච‍්ඡනලක‍්ඛණාය ලජ‍්ජාය සමන‍්නාගතා. දයාපන‍්නාති දයං මෙත‍්තචිත‍්තතං ආපන‍්නා. සබ‍්බපාණභූතහිතානුකම‍්පීති සබ‍්බෙ පාණභූතෙ හිතෙන අනුකම‍්පකා, තාය එව දයාපන‍්නතාය සබ‍්බෙසං පාණභූතානං හිතචිත‍්තකාති අත්‍ථො. අහම‍්පජ‍්ජාති අහම‍්පි අජ‍්ජ. ඉමිනාපි අඞ‍්ගෙනාති ඉමිනාපි ගුණඞ‍්ගෙන. අරහතං අනුකරොමීති යථා පුරතො ගච‍්ඡන‍්තං පච‍්ඡතො ගච‍්ඡන‍්තො අනුගච‍්ඡති නාම, එවං අහම‍්පි අරහන‍්තෙහි පඨමං කතං ඉමං ගුණං පච‍්ඡා කරොන‍්තො තෙසං අරහන‍්තානං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්‍ථො භවිස‍්සතීති එවං කරොන‍්තෙන මයා අරහතඤ‍්ච අනුකතං භවිස‍්සති, උපොසථො ච උපවුත්‍ථො භවිස‍්සති.

පාණාතිපාතං යනු ප්‍රාණඝාතයයි. පහාය යනු ඒ පරපණ නැසීමේ චේතනා සංඛ්‍යාත දුසිල්බව අත්හැරයි. පටිචිරතා යනු ප්‍රහීන කාලයෙහි පටන් ඒ දුසිල්වත්බවින් වෙන්වූවෝයි, දුරුවුවෝයි. නිහිතදණ්ඩා නිහිතසත්‍ථා යනු අනුන් නැසීම සඳහා දඬුවක් හෝ සැතක් හෝ රැගෙන නොපැවතීමෙන් බහා තැබූ දඬු ඇත්තෝ මෙන්ම අවි ඇත්තෝද යන අර්ථයයි. මෙහිද දණ්ඩ හැර ඉතිරි සියලු උපකරණම සත්වයන්ට හිංසා කරන බැවින් සැතයයි දතයුතුය. භික්‍ෂුහු යම් සැරයටියක් හෝ දැහැටිදඬුකපන කුඩා පිහියක් හෝ කතුරක් හෝ රැගෙන හැසිරෙත්ද එය අනුන් නසනු සඳහා නොවේ. එබැවින් බහාතැබූ දඬු ඇත්තෝය, බහාතැබූ අවි ඇත්තෝයයි නම්වෙත්. ලජ්ජි යනු පව පිළිකුල් කරන ලක්‍ෂණය ඇති ලජ්ජාවෙන් යුක්තවූවෝයි. දයාපන්නා යනු දයාවට, මෛත්‍රීසිතට පැමිණියෝයි. සබ්බපානභූතහිතානුකම්පී යනු සියලු ප්‍රාණිභූතයන් කෙරහි හිතවත් බවින් අනුකම්පා ඇත්තෝයි. ඒ දයාවෙන් යුක්ත බැවින් සියලු ප්‍රාණීභූතයන්ට හිතසිත් ඇත්තෝය යන අර්ථයි. අභම්පජ්ජ යනු මමද අද යනුයි. ඉමිනාපි අඞ්ගෙන යනු මෙම ගුණාංගයෙන්ද යනුයි. අරහතං අනුකරොමි යනු යම්සේ පසුව යන්නා පෙරටුව යන්නහු අනුගමනය කරයි නම් වේද එසේ මමද රහතුන්විසින් පළමුව කරනලද මේ ගුණය පසුව කරන්නේ ඒ රහතුන් අනුකරණය කරමි. උපොසථො ච මෙ උපවුත්‍ථො භවිස්සති යනු මෙසේ කරන මවිසින් රහතන්වහන්සේද අනුකරණය කරනලද්දෝ වෙති. උපොෂථයද සමාදන්වූයේ වෙයි.

අදින‍්නාදානන‍්ති අදින‍්නස‍්ස පරපරිග‍්ගහිතස‍්ස ආදානං, ථෙය්‍යං චොරිකන‍්ති අත්‍ථො. දින‍්නමෙව ආදියන‍්තීති දින‍්නාදායී. චිත‍්තෙනපි දින‍්නමෙව පටිකඞ‍්ඛන‍්තීති දින‍්නපාටිකඞ‍්ඛී. ථෙනෙතීති ථෙනො, න ථෙනෙන අථෙනෙන. අථෙනත‍්තායෙව සුචිභූතෙන. අත‍්තනාති අත‍්තභාවෙන, අථෙනං සුචිභූතං අත‍්තභාවං කත්‍වා විහරන‍්තීති වුත‍්තං හොති.

අදින්නාදානං යනු නොදෙනලද අනුන් අයත් දෙය ගැනීමය, සොරකමය යන අර්‍ත්‍ථයි. දුන් දෙයම ගනිත්නුයි දින්නාදායී නම් වෙයි. සිතෙනුදු දුන්දෙයම කැමති වෙත්නුයි දින්නාපාටකඩ්ඛී නමි. සොරකම් කරයිනුයි ථෙනො නමි. ඒ නොසොරකමෙනියි අථෙනෙන නමි. සුචිභූතෙන යනු ඒ නොසොරකමෙන්ම වූ පිරිසුදු බැවිනි. අත්තනා යනු ආත්මභාවයෙනි. නොසොරකම නම්වූ පිරිසුදු බව ආත්මභාවය කොට වෙසෙත්යයි කියන ලද්දේ වෙයි

අබ්‍රහ‍්මචරියන‍්ති අසෙට‍්ඨචරියං. බ්‍රහ‍්මං සෙට‍්ඨං ආචාරං චරන‍්තීති බ්‍රහ‍්මචාරී. ආරාචාරීති අබ්‍රහ‍්මචරියතො දූරාචාරී. මෙථුනාති රාගපරියුට‍්ඨානවසෙන සදිසත‍්තා මෙථුනකාති ලද‍්ධවොහාරෙහි පටිසෙවිතබ‍්බතො මෙථුනොති සඞ‍්ඛං ගතා අසද‍්ධම‍්මා. ගාමධම‍්මාති ගාමවාසීනං ධම‍්මා.

අබ්‍රහ්මචරියං යනු උතුම් නොවූ හැසිරීමයි. උතුම්වූ ශ්‍රේෂ්ඨවූ චර්යාවක හැසිරෙත්නුයි බ්‍රහ්මචාරී නම් වෙත්. ආරාචාරී යනු අබ්‍රහ්මර්යාවෙන් දුරුව හැසිරෙන්නෝයි. මෙථුනා යනු රාගය නැගී සිටීම් වශයෙන් සමානබව ඇති මෙවුන්දම ඇත්තෝයි ලබනලද ව්‍යවහාරයෙන් සේවනය කළයුතු මෙථුනය නම්වූ අසත්ධර්‍මයෝයි. ගාමධම්මා යනු ගම්වැසියන්ගේ ධර්මයෝයි.

මුසාවාදාති අලිකවචනා තුච‍්ඡවචනා. සච‍්චං වදන‍්තීති සච‍්චවාදී. සච‍්චෙන සච‍්චං සංදහන‍්ති ඝට‍්ටෙන‍්තීති සච‍්චසන්‍ධා, න අන‍්තරන‍්තරා මුසා වදන‍්තීති අත්‍ථො. යො හි පුරිසො කදාචි මුසාවාදං වදති, කදාචි සච‍්චං. තස‍්ස මුසාවාදෙන අන‍්තරිතත‍්තා සච‍්චං සච‍්චෙන න ඝටීයති. තස‍්මා න සො සච‍්චසන්‍ධො. ඉමෙ පන න තාදිසා, ජීවිතහෙතුපි මුසා අවත්‍වා සච‍්චෙන සච‍්චං සංදහන‍්තියෙවාති සච‍්චසන්‍ධා. ථෙතාති ථිරා, ඨිතකථාති අත්‍ථො. එකො පුග‍්ගලො හලිද‍්දිරාගො විය ථුසරාසිම‍්හි නිඛාතඛාණු විය අස‍්සපිට‍්ඨෙ ඨපිතකුම‍්භණ‍්ඩමිව ච න ඨිතකථො හොති. එකො පාසාණලෙඛා විය ඉන්‍දඛීලො විය ච ඨිතකථො හොති, අසිනා සීසං ඡින්‍දන‍්තෙපි ද‍්වෙ කථා න කථෙති. අයං වුච‍්චති ථෙතො. පච‍්චයිකාති පත‍්තියායිතබ‍්බකා, සද‍්ධායිකාති අත්‍ථො. එකච‍්චො හි පුග‍්ගලො න පච‍්චයිකො හොති, “ඉදං කෙන වුත‍්තං, අසුකෙන නාමා”ති වුත‍්තෙ “මා තස‍්ස වචනං සද‍්දහථා”ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති. එකො පච‍්චයිකො හොති, “ඉදං කෙන වුත‍්තං, අසුකෙනා”ති වුත‍්තෙ “යදි තෙන වුත‍්තං, ඉදමෙව පමාණං, ඉදානි පටික‍්ඛිපිතබ‍්බං නත්‍ථි, එවමෙවං ඉද”න‍්ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති. අයං වුච‍්චති පච‍්චයිකො. අවිසංවාදකා ලොකස‍්සාති තාය සච‍්චවාදිතාය ලොකං න විසංවාදෙන‍්තීති අත්‍ථො.

මුසාවාදා යනු බොරුවචනයි, හිස්වචනයි. සත්‍යය කියත්නුයි සච්ච්වාදී නමි. සත්‍යයෙන් සත්‍යය ගලපත් ගටත්නුයි සච්චසන්‍ධා නමි. අතරතුර බොරු නොකියතියි අරුත්ය. යම් පුරුෂයෙක් කිසියම් දිනක බොරු කියයිද කිසියම් දිනෙක ඇත්ත කියයිද ඔහුගේ බොරුවෙන් අතරක් ඇති බැවින් ඇත්තෙන් ඇත්ත නොගැටෙයි. එබැවින් හෙතෙම සච්චසන්‍ධ නොවෙයි. මොවුහු වනාහි එබන්දෝ නොවෙති. ජීවිත හේතුවෙනුදු බොරු නොකියා සත්‍යයෙන් සත්‍යය ගලපත්නුයි සච්චසන්‍ධා නම් වෙත්. ථෙතා යනු ස්ථිරවූ තහවුරුවූ කථාය යන අර්ථයි. එක් පුද්ගලයෙක් කහපැහැය මෙන්ද දහයියා ගොඩක සෑරූ හුලක් මෙන්ද අශ්වයකුගේ පිටෙහි තැබූ පුසුලක් මෙන්ද ස්ථිර කථා නැත්තේ වෙයි. එක් පුද්ගලයෙක් ගලේ ඇඳි රේඛාවක් මෙන්ද ඉන්‍ද්‍රඛීලයක් මෙන්ද ස්ථිරකථා ඇත්තේ වෙයි. කඩුවකින් හිස සිඳිනා කල්හිද කථා දෙකක් නොකියයි. මෙතෙම ථෙයයි කියනුලැබේ. පච්චයිකා යනු ඇදහිය යුත්තෝයි. සැදැහැ ඇත්තෝය යන අරුත්ය. ඇතැම් පුද්ගලයෙක් විශ්වාස කළහැක්කේ නොවෙයි. ‘මෙය කවරකුවිසින් කියනලද්දේද? අසුවලා විසිනැ’යි කියනලද කල්හි ඔහුගේ වචනය නොඅදහවුයයි කියයුතු බවට පැමිණෙයි. එකෙක් විශ්වාසකටයුතු වුයේ වෙයි. ‘මෙය කවරකු විසින් කියනලද්දේද? අසුවලා විසිනැ’යි කීකල්හි ඉදින් ඔහු විසින් කියන ලද්දක් නම් මෙයම ප්‍රමාණය. දැන් ප්‍රතික්‍ෂෙප කළ යුත්තක් නැත. මෙසේම මෙයයයි කිවයුතු බවට පැමිණෙයි. මෙතෙම පච්චයිකයයි කියනු ලැබේ. අවිසංවාදකා ලොකස්ස යනු ඒ සත්‍යවාදීබවින් ලෝකය මුළා නොකරතියි අරුත්ය.

සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානන‍්ති සුරාමෙරයමජ‍්ජානං පානචෙතනාසඞ‍්ඛාතං පමාදකාරණං. එකභත‍්තිකාති පාතරාසභත‍්තං සායමාසභත‍්තන‍්ති ද‍්වෙ භත‍්තානි. තෙසු පාතරාසභත‍්තං අන‍්තොමජ‍්ඣන‍්හිකෙන පරිච‍්ඡින‍්නං, ඉතරං මජ‍්ඣන‍්හිකතො උද‍්ධං අන‍්තොඅරුණෙන. තස‍්මා අන‍්තොමජ‍්ඣන‍්හිකෙ දසක‍්ඛත‍්තුං භුඤ‍්ජමානාපි එකභත‍්තිකාව හොන‍්ති. තං සන්‍ධාය වුත‍්තං – “එකභත‍්තිකා”ති. රත‍්තිභොජනං රත‍්ති, තතො උපරතාති රත‍්තූපරතා. අතික‍්කන‍්තෙ මජ‍්ඣන‍්හිකෙ යාව සූරියත්‍ථඞ‍්ගමනා භොජනං විකාලභොජනං නාම, තතො විරතත‍්තා විරතා විකාලභොජනා.

සුරාමෙරයමජ්ජපමාදට්ඨානං යනු පෙරූසුරා හා පැසවූසුරා යන මත්පැන් බීමේ අදහස නම්වූ ප්‍රමාදයට කාරණයයි. එකභත්තිකා යනු උදේ බතය සවසතබයයි බත් දෙකෙකි. මේ දෙක අතුරින් උදේ බත මද්දහන ඇතුළත (හිරු උදාවේ සිට මද්දහන දක්වා) කාලයට සීමාවෙයි. සෙස්ස මද්දහනින් මත්තෙහි හිරුඋදාව ඇතුළත (මද්දහනේ සිට හිරු උදාව දක්වා) කාලයට සීමාවෙයි. එබැවින් මද්දහන ඇතුළත දසවරක් අනුභව කරන්නෝ වුවද එක් බතක් ඇත්තෝම වෙති. ඒ සඳහා ‘එකභත්තිකා’යි කියනලදී. රාත්‍රි භොජනය රත්ති නමි. එයින් වෙන්වූවාහු ‘රත්තූපරතා’යි මද්දහන ඉකුත්වූ කල හිරුබැසයාම තෙක් භෝජනය විකාලභොජනයයි. එයින් වෙන්වූ බැවින් විරතා විකාලභොජනායි.

සාසනස‍්ස අනනුලොමත‍්තා විසූකං පටාණිභූතං දස‍්සනන‍්ති විසූකදස‍්සනං, අත‍්තනා නච‍්චනනච‍්චාපනාදිවසෙන නච‍්චඤ‍්ච ගීතඤ‍්ච වාදිතඤ‍්ච, අන‍්තමසො මයූරනච‍්චනාදිවසෙනාපි පවත‍්තානං නච‍්චාදීනං විසූකභූතං දස‍්සනඤ‍්චාති නච‍්චගීතවාදිතවිසූකදස‍්සනං. නච‍්චාදීනි හි අත‍්තනා පයොජෙතුං වා පරෙහි පයොජාපෙතුං වා පයුත‍්තානි පස‍්සිතුං වා නෙව භික‍්ඛූනං, න භික‍්ඛුනීනං වට‍්ටන‍්ති.

සසුනට අනුලොම් නොවන බැවින් දැගලීම් සහිත විසුළු දැක්ම විසුකදස්සනයි. තමා නැටීම නැටවීම ආදිවශයෙන් නැටීමද, ගැයීමද, වැයීමද යටත්පිරිසෙයින් මොනර නැටුම් වශයෙන්ද පවත්නා නෘත්‍යාදීන්ගේ දැඟලීමක්වූ දැක්මද නච්චගීතවාදිත විසූකදස්සනං නමි. නෘත්‍යාදියවනාහි තමා එහි යෙදවීමට හෝ අනුන් විසින් යොදවනු ලැබීමට හෝ (අනුන්) යෙදුණු නාටයාදිය නැරඹීමට හෝ භික්‍ෂූන්ට මෙන්ම භික්‍ෂුණීන්ටද නොවටියි.

මාලාදීසු මාලාති යංකිඤ‍්චි පුප‍්ඵං. ගන්‍ධන‍්ති යංකිඤ‍්චි ගන්‍ධජාතං. විලෙපනන‍්ති ඡවිරාගකරණං. තත්‍ථ පිළන්‍ධන‍්තො ධාරෙති නාම, ඌනට‍්ඨානං පූරෙන‍්තො මණ‍්ඩෙති නාම, ගන්‍ධවසෙන ඡවිරාගවසෙන ච සාදියන‍්තො විභූසෙති නාම. ඨානං වුච‍්චති කාරණං, තස‍්මා යාය දුස‍්සීල්‍යචෙතනාය තානි මාලාධාරණාදීනි මහාජනො කරොති, තතො පටිවිරතාති අත්‍ථො. උච‍්චාසයනං වුච‍්චති පමාණාතික‍්කන‍්තං, මහාසයනං අකප‍්පියත්‍ථරණං, තතො පටිවිරතාති අත්‍ථො.

මල් ආදීන් අතුරෙන් මාලා යනු කිසියම් මලෙකි. ගන්‍ධං යනු කියියම් සුවඳ ජාතියකි. විලෙපනං යනු ඇඟ ගැල්වීමකි. එහි (අබරණ) පළදින්නේ දරයි නමි. අඩුතැන් පුරවන්නේ මණඩලය කරයි (සරසයි) නමි. සුවඳ වශයෙන්ද සම පැහැපත් කිරීම් වශයෙන්ද ඉවසන්නේ විභූසනය කරයි නමි. හේතව ඨානයි කියනු ලැබේ. එබැවින් යම් දුසිල් සිතුවිල්ලකින් ඒ මල්දැරීම් ආදිය මහජනයා කරයිද එයින් දුරුවූවෝය යන අර්ථයි.

කීවමහප‍්ඵලොති කිත‍්තකං මහප‍්ඵලො. සෙසපදෙසුපි එසෙව නයො. පහූතරත‍්තරතනානන‍්ති පහූතෙන රත‍්තසඞ‍්ඛාතෙන රතනෙන සමන‍්නාගතානං, සකලජම‍්බුදීපතලං භෙරිතලසදිසං කත්‍වා කටිප‍්පමාණෙහි සත‍්තහි රතනෙහි පූරිතානන‍්ති අත්‍ථො. ඉස‍්සරියාධිපච‍්චන‍්ති ඉස‍්සරභාවෙන වා ඉස‍්සරියමෙව වා ආධිපච‍්චං, න එත්‍ථ සාහසිකකම‍්මන‍්තිපි ඉස‍්සරියාධිපච‍්චං. රජ‍්ජං කාරෙය්‍යාති එවරූපං චක‍්කවත‍්තිරජ‍්ජං කාරෙය්‍ය. අඞ‍්ගානන‍්තිආදීනි තෙසං ජනපදානං නාමානි. කලං නාග‍්ඝති සොළසින‍්ති එකං අහොරත‍්තං උපවුත්‍ථඋපොසථෙ පුඤ‍්ඤං සොළසභාගෙ කත්‍වා තතො එකං භාගඤ‍්ච න අග‍්ඝති. එකරත‍්තුපොසථස‍්ස සොළසියා කලාය යං විපාකඵලං, තංයෙව තතො බහුතරං හොතීති අත්‍ථො. කපණන‍්ති පරිත‍්තකං.

කීව මහප්ඵලො යනු කොපමණ මහත්ඵලද? සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. පහූතරත්තරතනානං යනු බොහෝවූ රත්න සංඛ්‍යාත රත්නයන්ගෙන් යුක්තවූවන්ගේයි. සියලු දඹදිව්තලය බෙරතලයක් මෙන් කොට ඉඟ පමණවූ සත්රුවනින් පුරවනු ලද්දවුන්ගේ යන අර්ථයයි. ඉස්සරියාධිප්පච්චං යනු ඊශ්වර භාවයෙන්ද අධිපතිභාවයෙන්ද යටත්රජකමින් නොව ඓශ්වර්ය භාවය මෙන්ම අධිපතිභාවයයි. මෙහි නපුරුකමක් නැත යන්නෙන්ද ඓශ්වර්යාධිපත්‍යයි. රජ්ජංකරෙය්‍ය යනු මෙබඳුවූ සක්විතිරජකම කරවන්නේය. අඩ්ගානං යනු ඒ ආදී ජනපදයන්ගේ නම්ය. කලං නාගඝති සොළසිං යනු එක් රෑදාවලක් සමාදන්ව විසූ උපොෂථයෙහි පින සොළොස් කොටසක් කොට එයින් එක් භාගයක් (පමණකුදු) නොවටියි. එක්දිනක පෙහෙවසක සොළොස් කලාවෙන් එකක යම් විපාකඵලයක් වේද? එයම ඊටවඩා වැඩිවේ යන අර්ථයයි. කපණං යනු ස්වල්පයයි.

අබ්‍රහ‍්මචරියාති අසෙට‍්ඨචරියතො. රත‍්තිං න භුඤ‍්ජෙය්‍ය විකාලභොජනන‍්ති උපොසථං උපවසන‍්තො රත‍්තිභොජනඤ‍්ච දිවාවිකාලභොජනඤ‍්ච න භුඤ‍්ජෙය්‍ය. මඤ‍්චෙ ඡමායංව සයෙථ සන්‍ථතෙති මුට‍්ඨිහත්‍ථපාදකෙ කප‍්පියමඤ‍්චෙ වා සුධාදිපරිකම‍්මකතාය භූමියං වා තිණපණ‍්ණපලාලාදීනි සන්‍ථරිත්‍වා කතෙ සන්‍ථතෙ වා සයෙථාති අත්‍ථො. එතං හි අට‍්ඨඞ‍්ගිකමාහුපොසථන‍්ති එවං පාණාතිපාතාදීනි අසමාචරන‍්තෙන උපවුත්‍ථං උපොසථං අට‍්ඨහි අඞ‍්ගෙහි සමන‍්නාගතත‍්තා අට‍්ඨඞ‍්ගිකන‍්ති වදන‍්ති. තං පන උපවසන‍්තෙන “ස‍්වෙ උපොසථිකො භවිස‍්සාමී”ති අජ‍්ජෙව “ඉදඤ‍්ච ඉදඤ‍්ච කරෙය්‍යාථා”ති ආහාරාදිවිධානං විචාරෙතබ‍්බං. උපොසථදිවසෙ පාතොව භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා දසසීලලක‍්ඛණඤ‍්ඤුනො උපාසකස‍්ස වා උපාසිකාය වා සන‍්තිකෙ වාචං භින්‍දිත්‍වා උපොසථඞ‍්ගානි සමාදාතබ‍්බානි. පාළිං අජානන‍්තෙන පන “බුද‍්ධපඤ‍්ඤත‍්තං උපොසථං අධිට‍්ඨාමී”ති අධිට‍්ඨාතබ‍්බං. අඤ‍්ඤං අලභන‍්තෙන අත‍්තනාපි අධිට‍්ඨාතබ‍්බං, වචීභෙදො පන කාතබ‍්බොයෙව. උපොසථං උපවසන‍්තෙන පරූපරොධපටිසංයුත‍්තා කම‍්මන‍්තා න විචාරෙතබ‍්බා, ආයවයගණනං කරොන‍්තෙන න වීතිනාමෙතබ‍්බං, ගෙහෙ පන ආහාරං ලභිත්‍වා නිච‍්චභත‍්තිකභික‍්ඛුනා විය පරිභුඤ‍්ජිත්‍වා විහාරං ගන‍්ත්‍වා ධම‍්මො වා සොතබ‍්බො, අට‍්ඨතිංසාය ආරම‍්මණෙසු අඤ‍්ඤතරං වා මනසිකාතබ‍්බං.

අබ්‍රහ්මචරියා යනු උතුම් නොවන හැසිරීමෙනි. රත්තිං න භුඤේය්‍ය විකාලභොජනං යනු පෙහෙවසෙහි යෙදෙන තැනැත්තේ රාත්‍රි භොජනයද දහවල විකාලභෙජනයද නොවළදන්නේය. මඤේච ඡමායං ච සයෙථ සන්‍ථතෙ යනු මිටිරියන්වූ පා ඇති කැප අඳෙහි හො හුණු පිරියම් කළබිම හෝ තණ. කොල, පිදුරු ආදිය අතුරා කළ ඇතිරිල්ලක හෝ නිදන්නාහුය යනු අර්ථයයි. එතං හි අට්ඨඞ්ගිකමාහුපොසථං යනු මෙසේ පරපණනැසීම් ආදියෙහි නොහැසිරෙන්නහු විසින් විසූ පෙහෙවස අංග අටකින් යුක්තවන බැවින් අෂ්ටාංගිකයයි කියති. එය සමාදන්ව වෙසෙන්නහු විසින් හෙට පෙහෙවස් ඇත්තේ වන්නෙමැයි අදම මෙයද මෙයද කරවුයයි ආහාර සැපයීම් ආදී කටයුතු විධානයෙහි හැසිරිය යුතුය. පෙහෙවස් දිනයෙහි උදෑසනම භික්‍ෂුවකගේ හෝ භික්‍ෂුණියකගේ හෝ දසසිල් සලකුණු දන්නාවූ උවසුවකුගේ හෝ උවැසියකගේ සමීපයෙහි හඬනඟා උපොෂථාංග සමාදන් වියයුතුය. පෙළ නොදන්නහු විසින් බුදුන් වහන්සේ විසින් පනවා වදාළ උපොෂථය අදිටමියි ඉටියයුතුය. අනඅයකු නොලබන්නහු විසින් තමා විසින්ම අදිටන් කළයුතුය. හඬනඟා කීම කළයුත්තේමය. පෙහෙවස් වසන්නාහු විසින් අනුන්ට හිරිහැර වන්නාවූ කටයුතු නොවිචාල යුතුය. අයවැය ගණිමින් කල්නොගෙවිය යුතුය. ගෙහි අහර ලැබ නිතිබත් ඇති භික්‍ෂුවක් මෙන් වළඳා වෙහෙරට ගොස ධර්‍මය හෝ ඇසියයුතුය. අටතිස් අරමුණුවලින් එකක් හෝ මෙනෙහි කළයුතුය.

සුදස‍්සනාති සුන්‍දරදස‍්සනා. ඔභාසයන‍්ති ඔභාසයමානා. අනුපරියන‍්තීති විචරන‍්ති. යාවතාති යත‍්තකං ඨානං. අන‍්තලික‍්ඛගාති ආකාසඞ‍්ගමා. පභාසන‍්තීති ජොතන‍්ති පභා මුඤ‍්චන‍්ති. දිසාවිරොචනාති සබ‍්බදිසාසු විරොචමානා. අථ වා පභාසන‍්තීති දිසාහි දිසා ඔභාසන‍්ති. විරොචනාති විරොචමානා. වෙළුරියන‍්ති මණීති වත්‍වාපි ඉමිනා ජාතිමණිභාවං දස‍්සෙති. එකවස‍්සිකවෙළුවණ‍්ණඤ‍්හි වෙළුරියං ජාතිමණි නාම. තං සන්‍ධායෙවමාහ. භද‍්දකන‍්ති ලද‍්ධකං. සිඞ‍්ගීසුවණ‍්ණන‍්ති ගොසිඞ‍්ගසදිසං හුත්‍වා උප‍්පන‍්නත‍්තා එවං නාමකං සුවණ‍්ණං. කඤ‍්චනන‍්ති පබ‍්බතෙය්‍යං පබ‍්බතෙ ජාතසුවණ‍්ණං. ජාතරූපන‍්ති සත්‍ථුවණ‍්ණසුවණ‍්ණං. හටකන‍්ති කිපිල‍්ලිකාහි නීහටසුවණ‍්ණං. නානුභවන‍්තීති න පාපුණන‍්ති. චන්‍දප‍්පභාති සාමිඅත්‍ථෙ පච‍්චත‍්තං, චන්‍දප‍්පභායාති අත්‍ථො. උපවස‍්සුපොසථන‍්ති උපවසිත්‍වා උපොසථං. සුඛුද්‍රයානීති සුඛඵලානි සුඛවෙදනීයානි. සග‍්ගමුපෙන‍්ති ඨානන‍්ති සග‍්ගසඞ‍්ඛාතං ඨානං උපගච‍්ඡන‍්ති, කෙනචි අනින්‍දිතා හුත්‍වා දෙවලොකෙ උප‍්පජ‍්ජන‍්තීති අත්‍ථො. සෙසමෙත්‍ථ යං අන‍්තරන‍්තරා න වුත‍්තං, තං වුත‍්තානුසාරෙනෙව වෙදිතබ‍්බන‍්ති.

සුදස්සනා යනු සොඳුරු දැක්මයි. ඔභාසයං යනු බබළමිනි. අනුපරියන්ති යනු හැසිරෙත්, යාවතා යන යම් පමණ තැනකි. අන්තලික්‍ඛගා යනු අහසින් යන්නාවූයි. පහාසන්ති යනු දීප්තිමත් වෙත්. ප්‍රභාව මුදත්. දිසාවිරොචනා යනු සියලු දිසාවන්හි බබළන්නාවූයි. නැතහොත්, පැහැවිහිදුවත්. දිසාවිදිසාවන් බබළවති. දීප්තිමත් වෙතැයි යනුවෙන්ද විරොචමානා නම්වේ. වෙළුරියං යනු මණි (මැණික්යයි) කියාද මෙයින් දෑමිණි බව දක්වයි. එක්වස්හුණපැහැය ඇති වෛදූර්‍ය්‍යමැණික ජාතිමණි නමි. එය සඳහා මෙය පැවසීය. භද්දකං යනු සිත්කලු දෙයයි. සිඞ්ගීසුවණ්ණං යනු ගව අඟක් සමානව හටගත් බැවින් මෙබඳු නම් ඇති ස්වර්ණයයි. කඤ්චනං යනු පර්‍වතයට අයත් දෙයයි. පර්‍වතයෙන් හටගත් ස්වර්‍ණයයි. ජාතරූපං යනු රත්රන් (පැහැති) ස්වර්‍ණයයි. හටකං යනු කුහුඹුවන් ආදීන් විසින් ගෙනෙනලද ස්වර්‍ණයයි. නානුභවන්ති යනු නොපැමිණෙත්. චන්‍දප්පගා යනු සාම්‍යර්ථයෙහි කර්මවිභක්තියි. චන්‍ද්‍රප්‍රභාවේ යන අර්ථයි. උපවස්සුපොසථං යනු පෙහෙවස් වැස යනුයි. සුඛුද්‍රයානි සුඛඵල ඇති, සුඛවේදනා ඇත්තාවූයි. සග්ගමුපෙන්ති ඨානං යනු ස්වර්‍ග සංඛ්‍යාත ස්ථානයට එළඹෙති, කවරකුගෙන් හෝ නින්දා නොලබන්නාහුවී දෙව්ලොව උපදිති යන අර්ථයි. මෙහි අතරතුර යමක් නොකියනලද්දේ ඒ සෙස්ස කියනලද දෙය අනුසාරයෙන් දතයුත්තේය.

මහාවග‍්ගො දුතියො.

දෙවෙනි වූ මහාවර්‍ගයයි.