8. අඤ්ඤතිත්ථියසුත්තවණ්ණනා අට්ඨකථා
8. අඤ්ඤතිත්ථියසුත්තවණ්ණනා
3. 2. 2. 8
අට්ඨමෙ භගවංමූලකාති භගවා මූලං එතෙසන්ති භගවංමූලකා. ඉදං වුත්තං හොති – ඉමෙ, භන්තෙ, අම්හාකං ධම්මා පුබ්බෙ කස්සපසම්මාසම්බුද්ධෙන උප්පාදිතා, තස්මිං පරිනිබ්බුතෙ එකං බුද්ධන්තරං අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා ඉමෙ ධම්මෙ උප්පාදෙතුං සමත්ථො නාම නාහොසි, භගවතො පන නො ඉමෙ ධම්මා උප්පාදිතා. භගවන්තඤ්හි නිස්සාය මයං ඉමෙ ධම්මෙ ආජානාම පටිවිජ්ඣාමාති එවං භගවංමූලකා නො, භන්තෙ, ධම්මාති. භගවංනෙත්තිකාති භගවා ධම්මානං නෙතා විනෙතා අනුනෙතා යථාසභාවතො පාටියෙක්කං පාටියෙක්කං නාමං ගහෙත්වාව දස්සෙතාති ධම්මා භගවංනෙත්තිකා නාම හොන්ති. භගවංපටිසරණාති චතුභූමකධම්මා සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස ආපාථං ආගච්ඡමානා භගවති පටිසරන්ති නාමාති භගවංපටිසරණා. පටිසරන්තීති ඔසරන්ති සමොසරන්ති. අපිච මහාබොධිමණ්ඩෙ නිසින්නස්ස භගවතො පටිවෙධවසෙන ඵස්සො ආගච්ඡති – “අහං භගවා කින්නාමො”ති. ත්වං ඵුසනට්ඨෙන ඵස්සො නාම. වෙදනා, සඤ්ඤා, සඞ්ඛාරා, විඤ්ඤාණං ආගච්ඡති – “අහං භගවා කින්නාම”න්ති. ත්වං විජානනට්ඨෙන විඤ්ඤාණං නාමාති. එවං චතුභූමකධම්මානං යථාසභාවතො පාටියෙක්කං පාටියෙක්කං නාමං ගණ්හන්තො භගවා ධම්මෙ පටිසරතීති භගවංපටිසරණා. භගවන්තංයෙව පටිභාතූති භගවතොව එතස්ස භාසිතස්ස අත්ථො උපට්ඨාතු, තුම්හෙයෙව නො කථෙත්වා දෙථාති අත්ථො.
අටවැන්නෙහි භගවං මූලකා යනු භාග්‍යවතුන්වහන්සේ මොවුනට මූලය යන්නෙන් භගවංමූලකා නම්වෙයි. මෙය කියනලද්දේ වෙයි: ‘ස්වාමීනි, අපගේ මේ ධර්මයෝ පෙර කාශ්‍යප සම්මාසම්බුදුන්වහන්සේ විසින් උපදවන ලද්දාහුය. උන්වහන්සේ පිරිනිවන් පෑකල්හි එක් බුද්ධාන්තරයක් අනය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් ඉපදීමට සමර්ථයෙක් නම් නොවූයේය. අපගේ මේ ධර්මයෝ භාගයවතුන් වහන්සේගෙන් හටගන්නාලද්දාහුය. භාග්‍යවතුන් වහන්සේ නිසා අපි මේ ධර්මයන් දනිමු. අවබෝද කරමුයි මෙසේ ‘ස්වාමීනි අපගේ ධර්මයෝ භාග්‍යවතුන්වහන්සේ මුල්කොට ඇත්තාහු’යි භගවං නෙත්තිකා යනු භාග්‍යවතුන්වහන්සේ ධර්මයන්ගේ නායකයාය, හික්මවන්නාය, මෙහෙයවන්නාය. ස්වභාවයට අනුව වෙන වෙනම නම් ගෙන දක්වන්නායයි ධර්මයෝ භගවං නෙතතිකා’ නම් වෙත්. භගවං පටිසරණා යනු චාතුර්භූමික ධර්මයෝ සර්වඥතාඥානයේ අපාථයට එමින් භාග්‍යවතුන් වහන්සේ පටිසරණය වෙතැයි භගවංපටිසරණා නම්වෙයි. පටිසරණය වෙත් යනු රැස්වෙත්. එක්තැන් වෙත්. තවද, මහබෝමැඩ හුන්නාවූ භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධ කිරීම් වශයෙන් ස්පර්ශය පැමිණෙයි, ‘ස්වාමීනි, මම කුමන නම ඇත්තේම්ද?’ නුඹ ස්පර්ශ කිරීම් අර්ථයෙන් ඵස්ස නම් වෙහි’ වෙදනාව, සංඥාව සංස්කාරය, විඥානය එයි. ‘ස්වාමීනි, මම කුමන නම් ඇත්තේම්ද? ‘නුම දැනීම් අරුතින් විඥානය නම් වෙහි’යි මෙසේ චාතුර්භූමක ධර්මයන්ගේ ස්වභාවය අනුව වෙන් වෙන්ව නම් ගන්වමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් රැස්කරන සේක යන්නෙන්ද භගවං පටිසරණා නම් වෙත්. භගවන්තං යෙව පටිභාතු යනු භාග්යවතුන්වහන්සේටම මේ කියනලද්දෙහි අර්ත්ථය එළඹේවා! නුඹවහන්සේම අපට කියාදෙන සේක්වා යන අර්ථයි.
රාගො ඛොති රජ්ජනවසෙන පවත්තරාගො. අප්පසාවජ්ජොති ලොකවජ්ජවසෙනපි විපාකවජ්ජවසෙනපීති ද්වීහිපි වජ්ජෙහි අප්පසාවජ්ජො, අප්පදොසොති අත්ථො. කථං? මාතාපිතරො හි භාතිභගිනිආදයො ච පුත්තභාතිකානං ආවාහවිවාහමඞ්ගලං නාම කාරෙන්ති. එවං තාවෙසො ලොකවජ්ජවසෙන අප්පසාවජ්ජො. සදාරසන්තොසමූලිකා පන අපායෙ පටිසන්ධි නාම න හොතීති එවං විපාකවජ්ජවසෙන අප්පසාවජ්ජො. දන්ධවිරාගීති විරජ්ජමානො පනෙස සණිකං විරජ්ජති, න සීඝං මුච්චති. තෙලමසිරාගො විය චිරං අනුබන්ධති, ද්වෙ තීණි භවන්තරානි ගන්ත්වාපි නාපගච්ඡතීති දන්ධවිරාගී.
රාගො ඛො යනු රැඳීම් වශයෙන් පැවති රාගයයි. අප්පසාවජේජා යනු ලොකවද්යවශයෙන් හෝ විපාකවද්‍ය වශයෙන් හෝ යන වැරදි දෙකෙන්ම අඩු (කුඩා) වැරද්දයි. කුඩා දොෂයයි යන අර්ථයි. කෙසේදයත්? මවුපියෝද සහෝදර සහෝදරියන් ආදීහුද දරුවන්ගේ සහෝදරයන්ගේ ආවාහවිවාහ මංගල්‍යයන් කරත්, මෙපරිද්දෙන් ලොකවද්‍ය වශයෙන් පැවති මේ රාගය අල්පසාවද්‍යයි. අඹුදරුවන් සතුටු කිරීම මුල්කොට ඇති මේ රගායට අපායෙහි ප්‍රතිසන්ධියක් නම් නොවෙයි. මෙසේ විපාකවද්‍ය වශයෙන් අල්ප සාවද්‍යය. දන්ධවිරාගී යනු දුරුවනු ලබන මෙය සෙමෙන් දුරුවෙයි. ඉක්මණින් නොමිදෙයි. තෙල් දැලි කහට මෙන් බොහෝ කලක් ලුහුබඳියි. භවාන්තර දෙකක් තුනක් ගියද ඉවත් නොවෙතැයි දන්ධවිරාගී නම් වෙයි.
තත්රිදං වත්ථු – එකො කිර පුරිසො භාතු ජායාය මිච්ඡාචාරං චරති. තස්සාපි ඉත්ථියා අත්තනො සාමිකතො සොයෙව පියතරො අහොසි. සා තමාහ – “ඉමස්මිං කාරණෙ පාකටෙ ජාතෙ මහතී ගරහා භවිස්සති, තව භාතිකං ඝාතෙහී”ති. සො “නස්ස, වසලි, මා එවං පුන අවචා”ති අපසාදෙසි. සා තුණ්හී හුත්වා කතිපාහච්චයෙන පුන කථෙසි, තස්ස චිත්තං ද්වජ්ඣභාවං අගමාසි. තතො තතියවාරං කථිතො “කින්ති කත්වා ඔකාසං ලභිස්සාමී”ති ආහ. අථස්ස සා උපායං කථෙන්තී “ත්වං මයා වුත්තමෙව කරොහි, අසුකට්ඨානෙ මහාකකුධසමීපෙ තිත්ථං අත්ථි, තත්ථ තිඛිණං දණ්ඩකවාසිං ගහෙත්වා තිට්ඨාහී”ති. සො තථා අකාසි. ජෙට්ඨභාතාපිස්ස අරඤ්ඤෙ කම්මං කත්වා ඝරං ආගතො. සා තස්මිං මුදුචිත්තා විය හුත්වා “එහි සාමි, සීසෙ තෙ ඔලිඛිස්සාමී”ති ඔලිඛන්තී “උපක්කිලිට්ඨං තෙ සීස”න්ති ආමලකපිණ්ඩං දත්වා “ගච්ඡ අසුකට්ඨානෙ සීසං ධොවිත්වා ආගච්ඡාහී”ති පෙසෙසි. සො තාය වුත්තතිත්ථමෙව ගන්ත්වා ආමලකකක්කෙන සීසං මක්ඛෙත්වා උදකං ඔරුය්හ ඔනමිත්වා සීසං ධොවි. අථ නං ඉතරො රුක්ඛන්තරතො නික්ඛමිත්වා ඛන්ධට්ඨිකෙ පහරිත්වා ජීවිතා වොරොපෙත්වා ගෙහං අගමාසි.
එහිලා මේ කථාවස්තුවයි- එක් පුරුෂයෙක් සහෝදරයාගේ බිරිය සමඟ අපචාරයෙහි හැසිරෙයි. ඒ ස්ත්රියටද තම සැමියාට වඩා හෙතෙමේම ප්‍රියතර වූයේය. ඕතොමෝ ඔහුට මෙසේ කීවාය: ‘මෙකරුන හෙළි වූවිට මහත් නින්දාවක් වන්නේය. ඔබේ සොහොයුරා නසව’. හෙතෙම ඇයට ‘වසලිය, තී නැසෙව. නැවත මෙසේ නොකියව’යි කියා පන්නා දැමුවේය. ඒ නිහඬව දින කිහිපයකින් යළි කීවාය. ඔහුගේ සිත දැදුරු වූයේය. ඉක්බිති තෙවැනිවර කී කල්හි ‘කුමක් කොට ඉඩක් ලබම්දැ’යි ඇසුවේය. අනතුරුව ඕ ඔහුට උපායක් කියන්නී ‘නුඹ මවිසින් කියනලද්දම කරව. අසුවල් තැන මහ කුඹුක් ගස ලඟ තොටක් ඇත. එහි තියුණු පොරවක් ගෙන සිටුව’යි පැවසුවාය. හෙතෙම එසේ කළේය. ඔහුගේ දෙටු සොහොයුරා වනයෙහි වැඩකොට ගෙට පැමිණියේය. ඕතොමෝ ඔහු කෙරෙහි මෘදු සිත් ඇත්තී මෙන් වී, ‘එන්න, ‘හිමියනි, ඔබගේ හිස බලන්නෙමැ’යි බලන්නී ‘ඔබගේ හිස කිළිටිය’යි පවසා නෙල්ලි පිඬක් දී ‘යන්න, අසුවල් තැන නහා එන්නැයි කීවාය. හෙතෙම ඇය කියනලද තොටට ගොස් නෙල්ලි කල්කයෙන් හිස ගල්වා දියට බැස නැමී හිස සේදුවේය. ඉක්බිති සෙසු තැනැත්තා ගස් අතුරින් නික්ම උරිස් ඇටයට පහරදී ඔහු මරා ගෙදර ගියේය.
ඉතරො භරියාය සිනෙහං පරිච්චජිතුමසක්කොන්තො තස්මිංයෙව ගෙහෙ මහාධම්මනි හුත්වා නිබ්බත්ති. සො තස්සා ඨිතායපි නිසින්නායපි ගන්ත්වා සරීරෙ පතති. අථ නං සා “සොයෙව අයං භවිස්සතී”ති ඝාතාපෙසි. සො පුන තස්සා සිනෙහෙන තස්මිංයෙව ගෙහෙ කුක්කුරො හුත්වා නිබ්බත්ති. සො පදසා ගමනකාලතො පට්ඨාය තස්සා පච්ඡතො පච්ඡතො චරති. අරඤ්ඤං ගච්ඡන්තියාපි සද්ධිංයෙව ගච්ඡති. තං දිස්වා මනුස්සා “නික්ඛන්තො සුනඛලුද්දකො, කතරට්ඨානං ගමිස්සතී”ති උප්පණ්ඩෙන්ති. සා පුන තං ඝාතාපෙසි.
මියගිය තැනැත්තා බිරිය කෙරෙහිවූ සෙනෙහස අත්හැරීමට නොහැක්කේ ඒ ගෙහිම ගැරඬියෙක්වී උපන්නේය. හෙතෙම ගොස් හුන්නාවූද හිඳින්නාවූද ඇයගේ සිරුරෙහි වැටෙයි. ඉක්බිති ඕ තෙමෝ ඔහු තම සැමියාම වන්නේයයි (සිතා) මැරවීය. හෙතෙම යළි ඇය කෙරෙහි සෙනහසින් ඒ ගෙහිම බල්ලෙක්වී උපන්නේය. හෙතෙම පයින් යාහැකි කල පටන්ම ඇයගේ පසුපසින් හැසිරෙයි. ඇය අරණට යන විටද ඇය සමඟම යයි. එය දැක මිනිස්සු ‘බලුවැද්දා නික්මුණේය. කවර තැනකට යන්නේදැ’යි විහිළු කරත්. ඕතොමෝ යළි ඒ බල්ලා මැරවූවාය.
සොපි පුන තස්මිංයෙව ගෙහෙ වච්ඡකො හුත්වා නිබ්බත්ති. තථෙව තස්සා පච්ඡතො පච්ඡතො චරති. තදාපි නං මනුස්සා දිස්වා “නික්ඛන්තො ගොපාලකො, කත්ථ ගාවියො චරිස්සන්තී”ති උප්පණ්ඩෙන්ති. සා තස්මිම්පි ඨානෙ තං ඝාතාපෙසි. සො තදාපි තස්සා උපරි සිනෙහං ඡින්දිතුං අසක්කොන්තො චතුත්ථෙ වාරෙ තස්සායෙව කුච්ඡියං ජාතිස්සරො හුත්වා නිබ්බත්ති. සො පටිපාටියා චතූසු අත්තභාවෙසු තාය ඝාතිතභාවං දිස්වා “එවරූපාය නාම පච්චත්ථිකාය කුච්ඡිස්මිං නිබ්බත්තොස්මී”ති තතො පට්ඨාය තස්සා හත්ථෙන අත්තානං ඵුසිතුං න දෙති. සචෙ නං සා ඵුසති, කන්දති රොදති. අථ නං අය්යකොව පටිජග්ගති. තං අපරභාගෙ වුද්ධිප්පත්තං අය්යකො ආහ – “තාත, කස්මා ත්වං මාතු හත්ථෙන අත්තානං ඵුසිතුං න දෙසි. සචෙපි තං ඵුසති, මහාසද්දෙන රොදසි කන්දසී”ති. අය්යකෙන පුට්ඨො “න එසා මය්හං මාතා, පච්චාමිත්තා එසා”ති තං පවත්තිං සබ්බං ආරොචෙසි. සො තං ආලිඞ්ගිත්වා රොදිත්වා “එහි, තාත, කිං අම්හාකං ඊදිසෙ ඨානෙ නිවාසකිච්ච”න්ති තං ආදාය නික්ඛමිත්වා එකං විහාරං ගන්ත්වා පබ්බජිත්වා උභොපි තත්ථ වසන්තා අරහත්තං පාපුණිංසු.
හෙතෙමේත් යළි ඒ ගෙහිම වසුපැටවෙක්වී උපන්නේ එසේම ඇයගේ පසුපසින් හැසිරෙයි. එකල්හිද මිනිස්සු ඇය දැක ‘ගොපල්ලා නික්මුණේය. දෙන්නු කොහි හැසිරෙත්දැ’යි විහිළු කරත්. ඕතොමෝ එතැන්හිම ඒ වසු පැටවා මැරවූවාය. හෙතෙම එකල්හිද ඇය කෙරෙහිවූ සෙනෙහස සිඳින්නට නොහැක්කේ සිවුවෙනිවර ඇයගේම කුසෙහි පෙරදා සිහිකරන්නෙක් (පූර්වජාති සිහිකළහැක්කේක්) වී උපන්නේය. හෙතෙම පිළිවෙළින් ආත්මභාව සතරක ඇය විසින් මරවනලද බව දැක ‘මෙබඳුවූ සැතිරියකගේ කුසෙහි උපන්නෙමැයි (සිතා) එතැන් පටන් ඇයගේ අතින් තමන් පැහැසීමට නොදෙයි. ඉදින් ඇය ඔහු අතගායි නම් හඬයි. වැළපෙයි. එබැවින් සීයාම ඔහු පිළිඳැගුම් කරයි. පසු කලෙක වැඩිවිය පත් ඔහුගෙන් ‘දරුව, කුමක්හෙයින් නුඹ මවගේ අතින් ස්පර්ශකිරීමට නෙදෙහිද? ඉදින් ස්පර්ශ කරයි නම් කුමක් නිසා මහහඬින් හඬහිද, වැළපෙහිදැයි සීයා ඇසුවේය. ‘මම සීයා විසින් පෝෂණය කරනලද්දේ වෙමි. මෝ තොමෝ මගේ මව නොවෙයි. මෝ සැතිරියකැ’යි ඒ සියලු තොරතුරු කීවේය. හෙතෙම ඔහු වැළද හඬා ‘දරුව එන්න, අපට මෙබඳු තැනක කවර විසීමක්ද’යි පවසා ඔහු රැගෙන එක් විහාරයකට ගොස් පැවිදිව දෙදෙනාම එහි වසන්නාහු රහත් බවට පැමිණියාහුය.
මහාසාවජ්ජොති ලොකවජ්ජවසෙනපි විපාකවජ්ජවසෙනපීති ද්වීහිපි කාරණෙහි මහාසාවජ්ජො. කථං? දොසෙන හි දුට්ඨො හුත්වා මාතරිපි අපරජ්ඣති, පිතරිපි භාතිභගිනිආදීසුපි පබ්බජිතෙසුපි. සො ගතගතට්ඨානෙසු “අයං පුග්ගලො මාතාපිතූසුපි අපරජ්ඣති, භාතිභගිනිආදීසුපි, පබ්බජිතෙසුපී”ති මහතිං ගරහං ලභති. එවං තාව ලොකවජ්ජවසෙන මහාසාවජ්ජො. දොසවසෙන පන කතෙන ආනන්තරියකම්මෙන කප්පං නිරයෙ පච්චති. එවං විපාකවජ්ජවසෙන මහාසාවජ්ජො. ඛිප්පවිරාගීති ඛිප්පං විරජ්ජති. දොසෙන හි දුට්ඨො මාතාපිතූසුපි චෙතියෙපි බොධිම්හිපි පබ්බජිතෙසුපි අපරජ්ඣිත්වා “මය්හං ඛමථා”ති. අච්චයං දෙසෙති. තස්ස සහ ඛමාපනෙන තං කම්මං පාකතිකමෙව හොති.
මහාසාවජේජා යනු ලොකවද්‍ය වශයෙන්ද විපාකවද්‍ය වශයෙන්ද යන කරුණු දෙකින්ම මහාසාවද්‍යය. කෙසේදයත්? දේවෂයෙන් දුෂිතවූයේ මව කෙරෙහිද කිපෙයි. පියා කෙරෙහිද සොයුරු සොයුරුයන් ආදීන් කෙරෙහිද පැවිද්දන් කෙරෙහිද වැරදි කරයි. හෙතෙම ගියගිය තන්හි, ‘මේ පුද්ගලයා මාපියන් කෙරෙහිද කිපෙයි. සොයුරු සොයුරියන් කෙරෙහිද පැවිද්දන් කෙරෙහිද කිපේ’ යයි නින්දාවක් ලබයි. මෙසේ ලෝකවද්යවශයෙන් මහාසාවද්‍යය. දේවෂවශයෙන් කරනලද ආනන්තර්ය කර්මයෙන් කල්පයක් නිරයෙහි පැසෙයි. මෙසේ විපාකවද්යවශයෙන් මහාසාවද්‍යය. ඛිප්පවිරාගී යනු ඉක්මණින් මිදෙයි (දුරුවෙයි). දේවෂයෙන් දූෂිතවූ තැනැත්තේ මාපියන් කෙරෙහිද චෛත්‍යයෙහිද බෝධියෙහිද පැවිද්දන් කෙරෙහිද වැරදි කොට මට ක්ෂාමා කෙරෙත්වායි වරද දෙසයි. ක්ෂමා කරවීමත් සමඟ ඔහුගේ ඒ කර්මය යථාතත්වයට (පිරිසිදු බවට) පැමිණෙයි.
මොහොපි ද්වීහෙව කාරණෙහි මහාසාවජ්ජො. මොහෙන හි මූළ්හො හුත්වා මාතාපිතූසුපි චෙතියෙපි බොධිම්හිපි පබ්බජිතෙසුපි අපරජ්ඣිත්වා ගතගතට්ඨානෙ ගරහං ලභති. එවං තාව ලොකවජ්ජවසෙන මහාසාවජ්ජො. මොහවසෙන පන කතෙන ආනන්තරියකම්මෙන කප්පං නිරයෙ පච්චති. එවං විපාකවජ්ජවසෙනපි මහාසාවජ්ජො. දන්ධවිරාගීති සණිකං විරජ්ජති. මොහෙන මූළ්හෙන හි කතකම්මං සණිකං මුච්චති. යථා හි අච්ඡචම්මං සතක්ඛත්තුම්පි ධොවියමානං න පණ්ඩරං හොති, එවමෙව මොහෙන මූළ්හෙන කතකම්මං සීඝං න මුච්චති, සණිකමෙව මුච්චතීති. සෙසමෙත්ථ උත්තානමෙවාති.
මෝහයද කරුණු දෙකකින් මහාසාවද්‍ය වෙයි. මෝහයෙන් මුළා වූවෙක්වී මවුපියන් කෙරෙහිද චෛත්‍යයෙහිද බෝධියෙහිද පැවිද්දන් කෙරෙහිද වැරදි කොට ගියගිය තන්හි නින්දාලබයි. මෙසේ ලොකවද්යවශයෙන් මහාසාවද්‍යය. මෝහවශයෙන් කරනලද ආනන්තර්ය කර්මයෙන් කල්පයක් නිරයෙහි පැසේයයි මෙසේ විපාකවද්‍ය වශයෙන් මහාසාවද්‍යය. දන්ධවිරාගී යනු සෙමෙන් දුරුවෙයි. මෝහයෙන් මුළාවූවකු විසන් කරනලද කර්මය සෙමෙන් මිදෙයි. යම්සේ වලස්සම සත්වරක් සෝදනුලබන්නේ වුවද සුදුනොවේද එසේම මෝහයෙන් මුළාවූවකු විසින් කරනලද කර්මය ඉක්මණින් නොමිදෙයි. සෙමෙන්ම මිදෙයි. මෙහි සෙස්ස පැහැදිලිය.
9. අකුසලමූලසුත්තවණ්ණනා
3. 2. 2. 9
නවමෙ අකුසලමූලානීති අකුසලානං මූලානි, අකුසලානි ච තානි මූලානි චාති වා අකුසලමූලානි. යදපි, භික්ඛවෙ, ලොභොති යොපි, භික්ඛවෙ, ලොභො. තදපි අකුසලමූලන්ති සොපි අකුසලමූලං. අකුසලමූලං වා සන්ධාය ඉධ තම්පීති අත්ථො වට්ටතියෙව. එතෙනුපායෙන සබ්බත්ථ නයො නෙතබ්බො. අභිසඞ්ඛරොතීති ආයූහති සම්පිණ්ඩෙති රාසිං කරොති. අසතා දුක්ඛං උප්පාදයතීති අභූතෙන අවිජ්ජමානෙන යංකිඤ්චි තස්ස අභූතං දොසං වත්වා දුක්ඛං උප්පාදෙති. වධෙන වාතිආදි යෙනාකාරෙන දුක්ඛං උප්පාදෙති, තං දස්සෙතුං වුත්තං. තත්ථ ජානියාති ධනජානියා. පබ්බාජනායාති ගාමතො වා රට්ඨතො වා පබ්බාජනීයකම්මෙන. බලවම්හීති අහමස්මි බලවා. බලත්ථො ඉතිපීති බලෙන මෙ අත්ථො ඉතිපි, බලෙ වා ඨිතොම්හීතිපි වදති.
නවවැන්නෙහි අකුසලමූලානි යනු අකුසලයන්ගේ මූලයෝයි. අකුසලවූයේත් ඒවාමය මූලයන් වූයේත් ඒවාමයයි අකුසලමූලයෝ නමි. යදපි භික්ඛවෙ ලොභො යනු මහණෙනි, යම් ලෝභයක් වේද යනුයි. තදපි අකුසලං යනු එයද අකුසල මූලයකි. අකුසලමූලය සඳහා මෙහි එය වේය යන අර්ථයද ගැලපේමය. මේ ක්‍රමයෙන් සියලු තන්හි පිළිවෙළ දතයුතුයි. අභිසංඛරොති යනු රැස්කරයි. හකුළයි. එක්කරයි. අසතා දුක්ඛං උපදහති යනු නොවූ නොදක්නාලැබෙන දෙයින් ඔහුගේ යම් කිසි දොසක් කියා දුක් උපදවයි. වධෙන වා යනු වධයෙන් හෝ යනාදී යම් ආකාරයකින් දුකක් උපදවයිද එය දැක්වීමට කියනලදී. එහි ජානියා යනු ධනහානියයි. පබ්බාජනාය යනු ගමින් හෝ රටින් හෝ පළවාහැරීමේ කර්මයෙනි. බලවම්හි යනු මම බලවතෙක් වෙමියි. බලිත්ථො ඉතිපි යනු බලයෙන් මට ප්‍රයෝජනයයි මෙසේද බලයෙහි හෝ සිටියේ වෙමියි.
අකාලවාදීති කාලස්මිං න වදති, අකාලස්මිං වදති නාම. අභූතවාදීති භූතං න වදති, අභූතං වදති නාම. අනත්ථවාදීති අත්ථං න වදති, අනත්ථං වදති නාම. අධම්මවාදීති ධම්මං න වදති, අධම්මං වදති නාම. අවිනයවාදීති විනයං න වදති, අවිනයං වදති නාම.
අකාලවාදී යනු කාලයෙහි නොකියයි. අකාලයෙහි කියයි. අභූතවාදී යනු වූ දෙය නොකියයි. අකාලයෙහි කියයි. අභූතවාදී යනු වූ දෙය නොකියයි. නොවූදෙය කියයි. අනත්ථවාදී යනු අර්ථය (ප්‍රයෝජනවත් දෙය) නොකියයි, අනර්ථය කියයිනමි. අධම්මවාදී යනු ධර්මය නොකියයි. අධර්මය කියයි නමි. අවිනයවාදී යනු විනය නොකියයි. අවිනය කියයි නමි.
තථා හායන්ති තථා හි අයං. න ආතප්පං කරොති තස්ස නිබ්බෙඨනායාති තස්ස අභූතස්ස නිබ්බෙඨනත්ථාය වීරියං න කරොති. ඉතිපෙතං අතච්ඡන්ති ඉමිනාපි කාරණෙන එතං අතච්ඡං. ඉතරං තස්සෙව වෙවචනං.
තථාභයං යනු යම්සේ නම් මෙයයි. න ආතප්පං කරොති තස්ස නිබ්බොධනාය යනු ඒ නොවූදෙය (අසත්‍යය) නිරවුල් කරනු සඳහා වීර්ය නොකරයි. ඉතිපෙතං අතච්ඡං යනු මේ කරුණින්ද මෙය අසත්‍යය. සෙස්ස එහිම පර්යාය වචනයයි.
දුග්ගති පාටිකඞ්ඛාති නිරයාදිකා දුග්ගති ඉච්ඡිතබ්බා, සා අස්ස අවස්සභාවිනී, තත්ථානෙන නිබ්බත්තිතබ්බන්ති අත්ථො. උද්ධස්තොති උපරි ධංසිතො. පරියොනද්ධොති සමන්තා ඔනද්ධො. අනයං ආපජ්ජතීති අවුඩ්ඪිං ආපජ්ජති. බ්යසනං ආපජ්ජතීති විනාසං ආපජ්ජති. ගිම්හකාලස්මිඤ්හි මාලුවාසිපාටිකාය ඵලිතාය බීජානි උප්පතිත්වා වටරුක්ඛාදීනං මූලෙ පතන්ති. තත්ථ යස්ස රුක්ඛස්ස මූලෙ තීසු දිසාසු තීණි බීජානි පතිතානි හොන්ති, තස්මිං රුක්ඛෙ පාවුස්සකෙන මෙඝෙන අභිවට්ඨෙ තීහි බීජෙහි තයො අඞ්කුරා උට්ඨහිත්වා තං රුක්ඛං අල්ලීයන්ති. තතො පට්ඨාය රුක්ඛදෙවතායො සකභාවෙන සණ්ඨාතුං න සක්කොන්ති. තෙපි අඞ්කුරා වඩ්ඪමානා ලතාභාවං ආපජ්ජිත්වා තං රුක්ඛං අභිරුහිත්වා සබ්බවිටපසාඛාපසාඛා සංසිබ්බිත්වා තං රුක්ඛං උපරි පරියොනන්ධන්ති. සො මාලුවාලතාහි සංසිබ්බිතො ඝනෙහි මහන්තෙහි මාලුවාපත්තෙහි සඤ්ඡන්නො දෙවෙ වා වස්සන්තෙ වාතෙ වා වායන්තෙ තත්ථ තත්ථ පලුජ්ජිත්වා ඛාණුමත්තමෙව අවසිස්සති. තං සන්ධායෙතං වුත්තං.
දුග්ගතිපාටිකඞ්ඛා යනු නිරය ආදී භේද ඇති දුගතිය බලපොරොත්තු වියයුතුය. එය ඔහුට අවශ්‍යයෙන්ම සිදුවන්නකි. ඔහු එහි ඉපදියයුතුය යන අර්ථයි. උද්ධසේතා යනු මත්තෙහි විනාශකරනු ලද්දේයි. පරියොනදේධා යනු හාත්පසින් වෙළනලද්දේයි. අනයං ආපජ්ජති යනු අවැඩට පැමිණෙයි. ව්යසනං ආපජ්ජති යනු විනාශයට පැමිණෙයි. ග්‍රීෂ්මකාලයෙහි මාලුවා මල්කොපුව පැළුණු කල්හි ඇට විසිරීගොස් නුගගස් ආදියෙහි මුල වැටෙයි. එහි යම්ගසක මුල තුන්පැත්තක ඇට තුනක් වැටුනේ වෙයි. ඒ ගස වැසිවළාවකින් තෙමුණු කල්හි ඇටතුනෙන් පැලතුනක් නැඟී ඒ ගසෙහි ඇලෙයි. එතැන් පටන් රුකදෙවිවරු ස්වකීය ස්වභාවයෙන් සිටීමට නොහැකිවෙත්. ඒ පැල වැඩෙමින් වැල්බවට පැමිණ ඒ ගසට නැඟී සියලු අතුපතර වැළඳගෙන ඒගස මත්තෙහි වෙළාගනියි. මාලුවා වැල්වලින් මසනලද්දාවූත් ඝනවූත් මහත්වූත් මාලුවා කොලවලින් ගැවසීගන්නා ලද්දාවූත් ඒ ගස වැසි වස්නාවිට හෝ සුළඟ හමන විට හෝ ඒ ඒ තැනින් විනාශ වී වැටෙයි. හුදු කණුවක් පමණක්ම ඉතිරිවෙයි. ඒ කරුණ සඳහා
එවමෙව ඛොති එත්ථ පන ඉදං ඔපම්මසංසන්දනං – සාලාදීසු අඤ්ඤතරරුක්ඛො විය හි අයං සත්තො දට්ඨබ්බො, තිස්සො මාලුවාලතා විය තීණි අකුසලමූලානි, යාව රුක්ඛසාඛා අසම්පත්තා, තාව තාසං ලතානං උජුකං රුක්ඛාරොහනං විය ලොභාදීනං ද්වාරං අසම්පත්තකාලො, සාඛානුසාරෙන ගමනකාලො විය ද්වාරවසෙන ගමනකාලො, පරියොනද්ධකාලො විය ලොභාදීහි පරියුට්ඨිතකාලො, ඛුද්දකසාඛානං පලුජ්ජනකාලො විය ද්වාරප්පත්තානං කිලෙසානං වසෙන ඛුද්දානුඛුද්දකා ආපත්තියො ආපන්නකාලො, මහාසාඛානං පලුජ්ජනකාලො විය ගරුකාපත්තිං ආපන්නකාලො, ලතානුසාරෙන ඔතිණ්ණෙන උදකෙන මූලෙසු තින්තෙසු රුක්ඛස්ස භූමියං පතනකාලො විය කමෙන චත්තාරි පාරාජිකානි ආපජ්ජිත්වා චතූසු අපායෙසු නිබ්බත්තනකාලො දට්ඨබ්බො.
එවමෙවඛො යන මෙය කියනලදී. මෙහි වනාහි උපමාගැලපීමයි. සල්ගස් ආදියෙහි කිසියම් ගසක් මෙන් මේ පුද්ගලයා දැක්විය යුතුය. අකුසල්මුල් තුන මාලුවා වැල්තුන මෙන් දැක්විය යුතුය. ගසෙහි අතු වෙතට නොපැමිණෙනතාක් වැල් කෙලින් ගසට නැඟීම මෙන් ලෝභාදින්ගේ දොරටුවට නොපැමිණි කාලයද අතුඅනුව යාමෙන් දොරටු වශයෙන් යන කලායද හාත්පසින් වෙළනලද කාලයමෙන් ලෝබාදියෙන් මඬනාලද කාලයද කුඩා අතු විනාශ වන කාලය මෙන් ද්වාරයට පත් කෙලෙසුන්ගේ වශයෙන් කුඩා අනුකුඩා ඇවත්වලට පැමිණි කාලයද මහ අතු විනාශවන කාලය මෙන් ගරු ඇවැත්වලට පැමිණි කාලයද වැල් අනුසාරයෙන් බැසගත් ජලයෙන් මුල් තෙමුණු කල්හි ගස බිමට වැටෙන කාලය මෙන් ක්‍රමයෙන් සතර පරිජිවලට පැමිණ සතර අපායන්හි උපදින කාලයද දැක්විය යුතුය.
සුක්කපක්ඛො වුත්තවිපල්ලාසෙන වෙදිතබ්බො. එවමෙව ඛොති එත්ථ පන ඉදං ඔපම්මසංසන්දනං – සාලාදීසු අඤ්ඤතරරුක්ඛො විය අයං සත්තො දට්ඨබ්බො, තිස්සො මාලුවාලතා විය තීණි අකුසලමූලානි, තාසං අප්පවත්තිං කාතුං ආගතපුරිසො විය යොගාවචරො, කුද්දාලො විය පඤ්ඤා, කුද්දාලපිටකං විය සද්ධාපිටකං, පලිඛනනඛණිත්ති විය විපස්සනාපඤ්ඤා, ඛණිත්තියා මූලච්ඡෙදනං විය විපස්සනාඤාණෙන අවිජ්ජාමූලස්ස ඡින්දනකාලො, ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දනකාලො විය ඛන්ධවසෙන දිට්ඨකාලො, ඵාලනකාලො විය මග්ගඤාණෙන කිලෙසානං සමුග්ඝාතිතකාලො, මසිකරණකාලො විය ධරමානකපඤ්චක්ඛන්ධකාලො, මහාවාතෙ ඔපුණිත්වා අප්පවත්තනකාලො විය උපාදින්නකක්ඛන්ධානං අප්පටිසන්ධිකනිරොධෙන නිරුජ්ඣිත්වා පුනබ්භවෙ පටිසන්ධිඅග්ගහණකාලො දට්ඨබ්බොති. ඉමස්මිං සුත්තෙ වට්ටවිවට්ටං කථිතං.
යහපත් අංශය (පුණ්‍ය පක්ෂය) කියන ලද්දට විරුද්ධ වශයෙන් දතයුතුය. එවමෙව ඛො යන මෙහි මෙය උපමා ගැලපීමයි. අකුසලමුල් තුන මාලුවා වැල්තුන මෙනි. යෝගාවචරයා ඒවා නැති කිරීමට ආ පුරුෂයා මෙනි. ප්‍රඥාව උදැල්ල මෙනි. සැදැහැපැස උදලු පැස මෙනි. විදර්ශනාව කණින මුල්ලුව මෙනි. විදර්ශනා ඥානයෙන් අවිද්යාමූලය සිඳුණු කාලය මුල්ලුවෙන් මුල්සිඳීම මෙනි. කඩවශයෙන් දුටුකාලය කඩකඩව සිදුණු කාලය මෙනි. මාර්ගඥානයෙන් කෙලෙසුන් විනාශ කළ කාලය පැලෙන කාලය මෙනි. දරනුලබන (ජීවත්වන) පඤ්චස්කන්ධය ඇතිකාලය අලුබවට පත්කරන කාලය මෙනි. උපාදින්නස්කන්ධයන් ප්‍රතිසන්ධිරහිත නිරෝධයෙන් නවත්වා පුනර්භවයෙහි ප්රතිසන්ධිය නොගන්නා කාලය මහ සුළඟෙහි පොළා නොපැවැත්ම කරන කාලය මෙනැයි දැක්විය යුතුය. මෙම සුත්‍රයෙහි වර්තය හා විවර්තය කියනලදී.