යෙදුමෙන් කියවන්න

7. කථාවත්‍ථුසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

7. කථාවත්‍ථුසුත‍්තවණ‍්ණනා

3. 2. 2. 7

සත‍්තමෙ කථාවත්‍ථූනීති කථාකාරණානි, කථාය භූමියො පතිට‍්ඨායොති අත්‍ථො. අතීතං වා, භික‍්ඛවෙ, අද‍්ධානන‍්ති අතීතමද‍්ධානං නාම කාලොපි වට‍්ටති ඛන්‍ධාපි. අනාගතපච‍්චුප‍්පන‍්නෙසුපි එසෙව නයො. තත්‍ථ අතීතෙ කස‍්සපො නාම සම‍්මාසම‍්බුද‍්ධො අහොසි, තස‍්ස කිකී නාම කාසිකරාජා අග‍්ගුපට‍්ඨාකො අහොසි, වීසති වස‍්සසහස‍්සානි ආයු අහොසීති ඉමිනා නයෙන කථෙන‍්තො අතීතං ආරබ‍්භ කථං කථෙති නාම. අනාගතෙ මෙත‍්තෙය්‍යො නාම බුද‍්ධො භවිස‍්සති, තස‍්ස සඞ‍්ඛො නාම රාජා අග‍්ගුපට‍්ඨාකො භවිස‍්සති, අසීති වස‍්සසහස‍්සානි ආයු භවිස‍්සතීති ඉමිනා නයෙන කථෙන‍්තො අනාගතං ආරබ‍්භ කථං කථෙති නාම. එතරහි අසුකො නාම රාජා ධම‍්මිකොති ඉමිනා නයෙන කථෙන‍්තො පච‍්චුප‍්පන‍්නං ආරබ‍්භ කථං කථෙති නාම.

සත්වැන්නෙහි කථාවත්‍ථුනි යනු කථාවට කරුණුය. කථාවට පදනමය, ප්‍රතිෂ්ඨාවය යන අරුත්ය. අතීතං වා භික්‍ඛවෙ අද්ධානං යනු අතීතඅදධානය නම්, කාලය මෙන්ම සංසාරයද වේ. අනාගතවර්‍තමානයන්හිද මේ ක්‍රමයමැයි. එහි අතීත කාලයෙහි කාශ්‍යප නම්වූ සම්මාසම්බුදු කෙනෙක්වූ සේක. උන්වහන්සේට කිකීනම්වූ කසීරජ අග්‍රොපස්ථායක වූයේය. විසිදහසක් අවුරුදු ආයුෂ වූයේයයි මේ ක්‍රමයෙන් කියන්නේ අතීතය අරභයා කථා කියන්නේ නමි. අනාගතයෙහි මෙතේතයය නම්වූ බුදුවරයෙක් වන්නාහුය. උන්වහන්සේට සංඛ නම්වූ රජතෙමේ අග්‍රොපස්ථායක වන්නේය. අසූදහසක් අවුරුදු ආයුෂ වන්නේයයි මේ ක්‍රමයෙන් කියන්නේ අනාගතය අරභයා කතා කියන්නේ නමි. දැන් අසුවල් නම් රජ දැහැමිය, අසුවලා දැහැමිය මේ ආදී ක්‍රමයෙන් කියන්නේ වර්‍තමානය අරභය කථා කියන්නේ නම්වෙයි.

කථාසම‍්පයොගෙනාති කථාසමාගමෙන. කච‍්ඡොති කථෙතුං යුත‍්තො. අකච‍්ඡොති කථෙතුං න යුත‍්තො. එකංසබ්‍යාකරණීයං පඤ‍්හන‍්තිආදීසු, “චක‍්ඛු, අනිච‍්ච”න‍්ති පුට‍්ඨෙන, “ආම, අනිච‍්ච”න‍්ති එකංසෙනෙව බ්‍යාකාතබ‍්බං. එසෙව නයො සොතාදීසු. අයං එකංසබ්‍යාකරණීයො පඤ‍්හො. “අනිච‍්චං නාම චක‍්ඛූ”ති පුට‍්ඨෙන පන “න චක‍්ඛුමෙව, සොතම‍්පි අනිච‍්චං, ඝානම‍්පි අනිච‍්ච”න‍්ති එවං විභජිත්‍වා බ්‍යාකාතබ‍්බං. අයං විභජ‍්ජබ්‍යාකරණීයො පඤ‍්හො. “යථා චක‍්ඛු, තථා සොතං. යථා සොතං, තථා චක‍්ඛූ”ති පුට‍්ඨෙන “කෙනට‍්ඨෙන පුච‍්ඡසී”ති පටිපුච‍්ඡිත්‍වා “දස‍්සනට‍්ඨෙන පුච‍්ඡාමී”ති වුත‍්තෙ “න හී”ති බ්‍යාකාතබ‍්බං. “අනිච‍්චට‍්ඨෙන පුච‍්ඡාමී”ති වුත‍්තෙ, “ආමා”ති බ්‍යාකාතබ‍්බං. අයං පටිපුච‍්ඡාබ්‍යාකරණීයො පඤ‍්හො. “තං ජීවං තං සරීර”න‍්තිආදීනි පුට‍්ඨෙන පන “අබ්‍යාකතමෙතං භගවතා”ති ඨපෙතබ‍්බො, එස පඤ‍්හො න බ්‍යාකාතබ‍්බො. අයං ඨපනීයො පඤ‍්හො.

කථා සම්පයොගෙන යනු කථාසමාගමයෙනි. කචේඡා යනු කීමට සුදුස්සායි. අකචේඡා යනු කීමට නොසුදුස්සායි. එකංසව්‍යාකරණීයං පඤහං යනාදියෙහි ඇස අනිත්‍යදැයි අසනලද්දාහු විසින් එසේය අනිත්‍යයයි ඒකාන්තයෙන්ම පිළිතරු දියුතුය. මෙය විභජ්ජව්‍යාකරණීය පැනයයි. ඇස යම්සේද කණද එසේද? කණ යම්සේද ඇසද එසේදැයි අසනලද්දාහු විසින් කවර අරුතින් අසන්නෙහිදැයි පිළිවිස දැකීම් අරුතින් අසමැයි කීකල්හි නැතැයි පිළිතුරු දියයුතුය. අනිත්‍යාර්ථයෙන් අසමැයි කීකල්හි එසේයයි පිළිතුරු දිය යුතුය. මෙය පටිපුච්ඡාව්‍යාකරණීය ප්‍රශ්නයයයි. ජීවයම ශරීරයදැයි ආදිය අසනලද්දාහු විසින් භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය පිළිතුරු නොදෙනලද්දේකිසි පිළිතුරු නොදී තැබිය යුතුය. මේ ප්‍රශ්නය පිළිතුරු නොදිය යුත්තකි. මේ ඨපනීය ප්‍රශ්නයයි.

ඨානාඨානෙ න සණ‍්ඨාතීති කාරණාකාරණෙ න සණ‍්ඨාති. තත්‍රායං නයො – සස‍්සතවාදී යුත‍්තෙන කාරණෙන පහොති උච‍්ඡෙදවාදිං නිග‍්ගහෙතුං, උච‍්ඡෙදවාදී තෙන නිග‍්ගය‍්හමානො “කිං පනාහං උච‍්ඡෙදං වදාමී”ති සස‍්සතවාදිභාවමෙව දීපෙති, අත‍්තනො වාදෙ පතිට‍්ඨාතුං න සක‍්කොති. එවං උච‍්ඡෙදවාදිම‍්හි පහොන‍්තෙ සස‍්සතවාදී, පුග‍්ගලවාදිම‍්හි පහොන‍්තෙ සුඤ‍්ඤතවාදී, සුඤ‍්ඤතවාදිම‍්හි පහොන‍්තෙ පුග‍්ගලවාදීති එවං ඨානාඨානෙ න සණ‍්ඨාති නාම.

ඨානාඨානෙ න සණ්ඨාති යනු කරුණු නොකරුණෙහි නොපිහිටයි. මේ එහි පිළිවෙළයි. ශාශ්වතවාදියා සුදුසු කරුණින් උචේඡදවාදියාට නිග්‍රහකිරීමට සමත්වෙයි. ඔහුවිසින් නිග්‍රහකරනලද උචේඡදවාදියා කිමෙක්ද මම උචේඡදය ප්‍රකාශ කරම්දැයි ශාශ්වතවාදීභාවයම ප්‍රකට කරයි. තමන්ගේ වාදයෙහි පිහිටීමට නොහැකිවෙයි. මෙසේ උචේඡදවාදියා සමත්වන කල්හි ශාශ්වතවාදියාද පුද්ගලවාදියා සමත්වන කල්හි ශුන්‍යවාදියාද ශ්‍රන්‍යවාදියා සමත්වන කල්හි පුද්ගලවාදියාදැයි මෙසේ තැනනොතැන්හි නොපිහිටයි නමි.

පරිකප‍්පෙ න සණ‍්ඨාතීති ඉදං පඤ‍්හපුච‍්ඡනෙපි පඤ‍්හකථනෙපි ලබ‍්භති. කථං? එකච‍්චො හි “පඤ‍්හං පුච‍්ඡිස‍්සාමී”ති කණ‍්ඨං සොධෙති, සො ඉතරෙන “ඉදං නාම ත්‍වං පුච‍්ඡිස‍්සසී”ති වුත‍්තො ඤාතභාවං ඤත්‍වා “න එතං, අඤ‍්ඤං පුච‍්ඡිස‍්සාමී”ති වදති. පඤ‍්හං පුට‍්ඨොපි “පඤ‍්හං කථෙස‍්සාමී”ති හනුං සංසොධෙති, සො ඉතරෙන “ඉදං නාම කථෙස‍්සසී”ති වුත‍්තො ඤාතභාවං ඤත්‍වා “න එතං, අඤ‍්ඤං කථෙස‍්සාමී”ති වදති. එවං පරිකප‍්පෙ න සණ‍්ඨාති නාම.

පරීකපේප න සණඨාති යන මෙය ප්‍රශ්න ඇසීමෙහිද ප්‍රහ්නවලට පිළිතුරු කීමෙහිදීද ලැබෙයි. කෙසේදයත්? ඇතමෙක් ප්‍රහ්නයක් අසමැයි උගුර සකසයි. (රැල්බුරුල්හරියි). හෙතෙම අන්‍යයාවිසින් එබ මෙය අසන්නෙහිදැයි අසනලද්දේ දත්බව දැන මෙය නොවේ, වෙනෙකක් අසමැයි කියයි. ප්‍රශ්නයක් අසන ලද්දේද ප්‍රශ්නයට පිළිතුරු කියමැයි හක්ක සකසයි. හෙතෙම අන්‍යයා විසින් මෙනම් දෙයක් කියන්නෙහිදැයි කියනලද්දේ දත්බව දැන මෙය නොවේ. වෙනෙකක් කියන්නෙමියි පවසයි. මෙසේ සිතුවිල්ලෙහි නොපිහිටයි නමි.

අඤ‍්ඤාතවාදෙ න සණ‍්ඨාතීති අඤ‍්ඤාතවාදෙ ජානිතවාදෙ න සණ‍්ඨාති. කථං? එකච‍්චො පඤ‍්හං පුච‍්ඡති, තං ඉතරො “මනාපො තයා පඤ‍්හො පුච‍්ඡිතො, කහං තෙ එස උග‍්ගහිතො”ති වදති. ඉතරො පුච‍්ඡිතබ‍්බනියාමෙනෙව පඤ‍්හං පුච‍්ඡිත්‍වාපි තස‍්ස කථාය “අපඤ‍්හං නු ඛො පුච‍්ඡිත”න‍්ති විමතිං කරොති. අපරො පඤ‍්හං පුට‍්ඨො කථෙති, තමඤ‍්ඤො “සුට‍්ඨු තෙ පඤ‍්හො කථිතො, කත්‍ථ තෙ උග‍්ගහිතො, පඤ‍්හං කථෙන‍්තෙන නාම එවං කථෙතබ‍්බො”ති වදති. ඉතරො කථෙතබ‍්බනියාමෙනෙව පඤ‍්හං කථෙත්‍වාපි තස‍්ස කථාය “අපඤ‍්හො නු ඛො මයා කථිතො”ති විමතිං කරොති.

අඤ්ඤවාදෙ න සණ්ඨාති යනු දත්වාදයෙහි, දන්වනලද වාදයෙහි නොපිහිටයි. කෙසේදයත්? එකෙක් ප්‍රශ්නයක් අසයි. අන්‍යයා, ‘ඔබවිසින් අසනලද ප්‍රශ්නය මනාය, ඔබ විසින් මෙය කොහින් උගන්නා ලද්දේදැ’යි අසයි. අනෙක් තැනැත්තා ඇසියයුතු අයුරින් ප්‍රශ්නය අසාත් ඔහුගේ කථාවෙන් නොමනා ප්‍රශ්නයක් අසනලද්දේදැයි සැකකරයි. අනෙකෙක් ප්‍රශ්නය අසනලද්දේ (පිළිතුරු) කියයි. අන්‍යයා ‘ඔබවිසින් මනාව පිළිතුරු දෙනලදී. ඔබවිසින් කොහිත් උගන්නාලද්දේද? පිළිතුරු දෙන්නාහු විසින් මෙසේ පිළිතුරු දියයුත්තේය’යි කියයි. අන්‍යයා පිළිතුරු දියයුතු අයුරින්ම පිළිතුරු දීත් ඔහුගේ කථාවෙන්, මවිසින් නොමනා පිළිතුරක් කියනලද්දේයි සැකකරයි.

පටිපදාය න සණ‍්ඨාතීති පටිපත‍්තියං න තිට‍්ඨති, වත‍්තං අජානිත්‍වා අපුච‍්ඡිතබ‍්බට‍්ඨානෙ පුච‍්ඡතීති අත්‍ථො. අයං පඤ‍්හො නාම චෙතියඞ‍්ගණෙ පුච‍්ඡිතෙන න කථෙතබ‍්බො, තථා භික‍්ඛාචාරමග‍්ගෙ ගාමං පිණ‍්ඩාය චරණකාලෙ. ආසනසාලාය නිසින‍්නකාලෙ යාගුං වා භත‍්තං වා ගහෙත්‍වා නිසින‍්නකාලෙ පරිභුඤ‍්ජිත්‍වා නිසින‍්නකාලෙ දිවාවිහාරට‍්ඨානගමනකාලෙපි. දිවාට‍්ඨානෙ නිසින‍්නකාලෙ පන ඔකාසං කාරෙත්‍වාව පුච‍්ඡන‍්තස‍්ස කථෙතබ‍්බො, අකාරෙත්‍වා පුච‍්ඡන‍්තස‍්ස න කථෙතබ‍්බො. ඉදං වත‍්තං අජානිත්‍වා පුච‍්ඡන‍්තො පටිපදාය න සණ‍්ඨාති නාම. එවං සන‍්තායං, භික‍්ඛවෙ, පුග‍්ගලො අකච‍්ඡො හොතීති, භික‍්ඛවෙ, එතං ඉමස‍්මිං ච කාරණෙ සති අයං පුග‍්ගලො න කථෙතුං යුත‍්තො නාම හොති.

පටිපදාය න සණ්ඨාති යනු පිළිවෙතෙහි නොපිහිටයි. වත (පිළිවෙත) නොදැන නොවිමසිය යුතු තන්හි විමසයි යන අරුත්ය. මේ ප්‍රශ්නය නම් සෑමලුවෙහි අසනලද්දහු විසින් නොකිය යුතුය. එසේම පිඬු හැසිරෙන මගෙහි, ගමට පිඬු පිණිස යන කල්හි, අසුන්හලෙහි හුන්කල්හි, කැඳ හෝ බත් හෝ නොගෙන (නොවළඳා) හුන්කල්හිද, වළඳා හුන්කල්හිද, දිවා විහරණතැනට යන කල්හිද (නොකිවයුතුය). දිවාස්ථානයෙහි හුන්කල්හි වනාහි ඉඩ ලබාගෙනම අසන්නහුට කිවයුතුය. මෙය වත් නොදැන අසන්නේ පිළිවෙතෙහි නොපිහිටයි නමි. එවං සන්තායං භික්‍ඛවෙ පුග්ගලො අකචේඡා හොති යනු මහණෙනි, මෙකරුන ඇති කල්හි මේ පුද්ගලයා කීමට නොසුදුස්සේ නම් වෙයි.

ඨානාඨානෙ සණ‍්ඨාතීති සස‍්සතවාදී යුත‍්තෙන කාරණෙන පහොති උච‍්ඡෙදවාදිං නිග‍්ගහෙතුං, උච‍්ඡෙදවාදී තෙන නිග‍්ගය‍්හමානොපි “අහං තයා සතක‍්ඛත‍්තුං නිග‍්ගය‍්හමානොපි උච‍්ඡෙදවාදීයෙවා”ති වදති. ඉමිනා නයෙන සස‍්සතපුග‍්ගලසුඤ‍්ඤතවාදාදීසුපි නයො නෙතබ‍්බො. එවං ඨානාඨානෙ සණ‍්ඨාති නාම. පරිකප‍්පෙ සණ‍්ඨාතීති “පඤ‍්හං පුච‍්ඡිස‍්සාමී”ති කණ‍්ඨං සොධෙන‍්තො “ත්‍වං ඉමං නාම පුච‍්ඡිස‍්සසී”ති වුත‍්තෙ, “ආම, එතංයෙව පුච‍්ඡිස‍්සාමී”ති වදති. පඤ‍්හං කථෙස‍්සාමීති හනුං සංසොධෙන‍්තොපි “ත්‍වං ඉමං නාම කථෙස‍්සසී”ති වුත‍්තෙ, “ආම, එතංයෙව කථෙස‍්සාමී”ති වදති. එවං පරිකප‍්පෙ සණ‍්ඨාති නාම.

ඨානාඨානෙ සණ්ඨාති යනු ශාශ්වතවාදියා සුදුසු කරුණින් උචේඡදවාදියා නිගැනීමට සමත්වෙයි. ඔහු විසින් නින්දාකරනු ලබන්නාවූද උචේඡදවාදියා නිගැනීමට සමත්වෙයි. ඔහු විසින් නින්දාකරනු ලබන්නේවූද උචේඡදවාදියා මම ඔහුවිසින් සියවරක් නින්දා කරනු ලබන්නේ වුවද උචේඡදවාදියෙක්මියි කියයි. මේ ක්‍රමයෙන් ශාශ්වත පුද්ගල ශුන්‍යවාදයන්හිද පිළිවෙළ ඉදිරිපත් කළයුතුය. මෙසේ තැන නොතැනෙහි පිහිටයි නමි. පරීකපේප සණ්ඨාති යනු පැනයක් අසන්නෙමැයි උගුර සකසන්නේ නුඹ මෙනම් පැනයක් අසන්නෙහිදැයි කීකල්හි එසේය. අසමැයි කියයි. ප්‍රශ්නයට පිළිතුරු දෙමැයි හක්ක සකසන්නේද නුඹ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේහිදැයි ඇසු කල්හි එසේමය. මෙයටම පිළිතුරු දෙන්නෙමැයි කියයි. මෙසේ සිතුවිල්ලෙහි පිහිටයි නමි.

අඤ‍්ඤාතවාදෙ සණ‍්ඨාතීති ඉමං පඤ‍්හං පුච‍්ඡිත්‍වා “සුට‍්ඨු තෙ පඤ‍්හො පුච‍්ඡිතො, පුච‍්ඡන‍්තෙන නාම එවං පුච‍්ඡිතබ‍්බ”න‍්ති වුත‍්තෙ සම‍්පටිච‍්ඡති, විමතිං න උප‍්පාදෙති. පඤ‍්හං කථෙත්‍වාපි “සුට‍්ඨු තෙ පඤ‍්හො කථිතො, කථෙන‍්තෙන නාම එවං කථෙතබ‍්බ”න‍්ති වුත‍්තෙ සම‍්පටිච‍්ඡති, විමතිං න උප‍්පාදෙති. පටිපදාය සණ‍්ඨාතීති ගෙහෙ නිසීදාපෙත්‍වා යාගුඛජ‍්ජකාදීනි දත්‍වා යාව භත‍්තං නිට‍්ඨාති, තස‍්මිං අන‍්තරෙ නිසින‍්නො පඤ‍්හං පුච‍්ඡති. සප‍්පිආදීනි භෙසජ‍්ජානි අට‍්ඨවිධානි පානකානි වත්‍ථච‍්ඡාදනමාලාගන්‍ධාදීනි වා ආදාය විහාරං ගන‍්ත්‍වා තානි දත්‍වා දිවාට‍්ඨානං පවිසිත්‍වා ඔකාසං කාරෙත්‍වා පඤ‍්හං පුච‍්ඡති. එවඤ‍්හි වත‍්තං ඤත්‍වා පුච‍්ඡන‍්තො පටිපදාය සණ‍්ඨාති නාම. තස‍්ස පඤ‍්හං කථෙතුං වට‍්ටති.

අඤ්ඤවාදෙ සණ්ඨාති යනු මේ ප්‍රශුනය අසා ඔබ විසින් මනා ප්‍රශ්නයක් විමසන ලදී. විමසන්නාහු විසින් මෙසේ ඔබ විසින් මනා ප්‍රශ්නයක් විමසන ලදී. විමසන්නහු විසින් මෙසේ විමසිය යුතුයයි කී කල්හි පිළිගනියි. සැකයක් නොඋපදවයි. ප්‍රශ්‍නයට පිළිතුරු දීද ඔබ විසින් මනාව පිළිතුරු දෙනලදී. පිළිතුරු දෙන්නාහු විසින් මෙසේ පිළිතුරු දියයුතුයයි කියනලද කල්හි පිළිගනියි. සැකයක් නොඋපදවයි. පටිපදාය සණ්ඨාති යනු ගෙහි හිඳුවා කැඳ කැවිලිආදිය දී යම්තාක් කලෙකින් වැළඳීම නවතයිද ඒ අතරෙහි හුන්කල්හි ප්‍රශ්නය විමසයි. ගිතෙල් ආදී බෙහෙත්, අෂ්ටවිධ පානවර්‍ග වස්ත්‍ර ඇඳුම් මල් ගඳ ආදිය හෝ රැගෙන විහාරයට ගොස් ඒවා පිළිගන්වා දිවාස්ථානයට පිවිස ඉඩ ලබාදෙන ප්‍රශ්නය අසයි. මෙසේ වත් දැන විමසන්නේ පිළිවෙතෙහි පිහිටයි නමි. ඔහුට ප්‍රශ්නයට පිළිතුරු දීමට වටියි.

අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරතීති අඤ‍්ඤෙන වචනෙන අඤ‍්ඤං පටිච‍්ඡාදෙති, අඤ‍්ඤං වා පුච‍්ඡිතො අඤ‍්ඤං කථෙති. බහිද‍්ධා කථං අපනාමෙතීති ආගන‍්තුකකථං ඔතාරෙන‍්තො පුරිමකථං බහිද‍්ධා අපනාමෙති. තත්‍රිදං වත්‍ථු – භික‍්ඛූ කිර සන‍්නිපතිත්‍වා එකං දහරං, “ආවුසො, ත්‍වං ඉමඤ‍්චිමඤ‍්ච ආපත‍්තිං ආපන‍්නො”ති ආහංසු. සො ආහ – “භන‍්තෙ, නාගදීපං ගතොම‍්හී”ති. ආවුසො, න මයං තව නාගදීපගමනෙන අත්‍ථිකා, ආපත‍්තිං පන ආපන‍්නොති පුච‍්ඡාමාති. භන‍්තෙ, නාගදීපං ගන‍්ත්‍වා මච‍්ඡෙ ඛාදින‍්ති. ආවුසො, තව මච‍්ඡඛාදනෙන කම‍්මං නත්‍ථි, ආපත‍්තිං කිරසි ආපන‍්නොති. සො “නාතිසුපක‍්කො මච‍්ඡො මය‍්හං අඵාසුකමකාසි, භන‍්තෙ”ති. ආවුසො, තුය‍්හං ඵාසුකෙන වා අඵාසුකෙන වා කම‍්මං නත්‍ථි, ආපත‍්තිං ආපන‍්නොසීති. භන‍්තෙ, යාව තත්‍ථ වසිං, තාව මෙ අඵාසුකමෙව ජාතන‍්ති. එවං ආගන‍්තුකකථාවසෙන බහිද‍්ධා කථං අපනාමෙතීති වෙදිතබ‍්බං.

අඤෙඤනඤ්ඤං පටිචරති යනු අන්‍ය වචනයකින් අන්‍යවචනයක් වසයි. අනෙකක් විමසනලද්දේ අනෙකක් කියයි. බහිද්ධා කථං අපනාමෙති යනු ආගන්තුක කථාවකට බසින්නේ මුල් කථාව බාහිරදෙයින් ඉවත් කරයි. මේ එහි කථාවස්තුවයි: භික්‍ෂූහු රැස්ව එක් තරුණ භික්‍ෂුවකට ඇවැත්නි, නුඹ මේ මේ ඇවැත්වලට පැමිණියෙහියි කීවාහුය. හෙතෙම ස්වාමීනි, නාගදීපයට ගියේ වෙමැයි කීවේය. ‘ඇවැත්නි අපි නුඹගේ නාගදීපයට යාමෙන් ප්‍රයෝජනයක් ඇත්තෝ නෙවෙමු. ඇවැතට පැමිණියෙහිදැයි ඇසුවෙමු’යි භික්‍ෂුහු කීහ. ‘ස්වාමීනි නාගදීපයට ගොස් මසුන් කෑවෙමි.’ ‘ඇවැත්නි, නුඹගේ මසුන් කෑමෙන් වැඩක් නැත. ඇවතකට පැමිණියෙහිද? ‘ස්වාමීනි, මත්ස්‍යයා මනාව පිසනලද්දේ නොවෙයි. මට අපහසුවක් වුයේය’යි හෙතෙම කීවේය. ‘ඇවැත්නි, නුඹගේ පහසුවෙන් හෝ අපහසුවෙන් වැඩක් නැත. ඇවතකට පැමිණියෙහිද?’ ‘ස්වාමීනි යම්තාක් එහි විසුයෙම්ද ඒතාක් මට අපහසුවක්ම විය’ මෙසේ ආගන්තුක කථාවශයෙන් බාහිර දෙයින් කථාව බැහැරකරන්නේයයි දතයුතුය.

අභිහරතීති ඉතො චිතො ච සුත‍්තං ආහරිත්‍වා අවත්‍ථරති. තෙපිටකතිස‍්සත්‍ථෙරො විය. පුබ‍්බෙ කිර භික‍්ඛූ මහාචෙතියඞ‍්ගණෙ සන‍්නිපතිත්‍වා සඞ‍්ඝකිච‍්චං කත්‍වා භික‍්ඛූනං ඔවාදං දත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං පඤ‍්හසාකච‍්ඡං කරොන‍්ති. තත්‍ථායං ථෙරො තීහි පිටකෙහි තතො තතො සුත‍්තං ආහරිත්‍වා දිවසභාගෙ එකම‍්පි පඤ‍්හං නිට‍්ඨාපෙතුං න දෙති. අභිමද‍්දතීති කාරණං ආහරිත්‍වා මද‍්දති. අනුපජග‍්ඝතීති පරෙන පඤ‍්හෙ පුච‍්ඡිතෙපි කථිතෙපි පාණිං පහරිත්‍වා මහාහසිතං හසති, යෙන පරස‍්ස “අපුච‍්ඡිතබ‍්බං නු ඛො පුච‍්ඡිං, අකථෙතබ‍්බං නු ඛො කථෙසි”න‍්ති විමති උප‍්පජ‍්ජති. ඛලිතං ගණ‍්හාතීති අප‍්පමත‍්තකං මුඛදොසමත‍්තං ගණ‍්හාති, අක‍්ඛරෙ වා පදෙ වා බ්‍යඤ‍්ජනෙ වා දුරුත‍්තෙ “එවං නාමෙතං වත‍්තබ‍්බ”න‍්ති උජ‍්ඣායමානො විචරති. සඋපනිසොති සඋපනිස‍්සයො සපච‍්චයො.

අභිහරති යනු ඔබිනොබින් (කොහින්හෝ) සූත්‍රයක් ගෙනහැර දක්වා වසාලයි. තෙපිටක තිස්ස තෙරුන්මෙනි. අතීතයෙහි භික්‍ෂූහු මහසෑමළුවට රැස්ව සංඝකෘත්‍යකොට භික්‍ෂූන්ට අවවාදදී ඔවුනොවුන් ප්‍රශ්න සාකච්ඡා කරති. එහිදී මේ තෙරුන්වහන්සේ තුන් පිටකයෙහි ඒ ඒ තැනින් සූත්‍රයක් ගෙනහැර දක්වා දහවල් කාලයෙහි එක් ප්‍රහ්නයකුදු නිමවීමට නොදෙති. අභිමද්දති යනු කරුණක් ගෙනහැර දක්වා මඬියි. අනුපජග්ඝති යනු අනෙකෙකු විසින් ප්‍රශ්නයක් විමසූ කල්හිද පිළිතුරු කියනලද කල්හිද අත පොළා මහහඬින් සිනාසෙයි. එයින් අන් තැනැත්තාට නොඇසිය යුත්තක් ඇසූයෙම්ද නොකියුත්තක් කීවෙම්දැයි සැකයක් උපදියි. ඛලිතං ගණභාති යනු සුළුවූ මුඛදොෂමාත්‍රයක් ගනියි. අක්‍ෂරයක් හෝ පදයක් හෝ ව්‍යංජනයක් හෝ නොමනාව කීකල්හි එය මෙසේ නම් කිවයුතුය. මෙසේ නම් කිවයුතුයයි දොස් නගමින් හැසිරෙයි. සඋපනිසො යනු හේතු සහිත වූයේ, ප්‍රතයසහිතවූයේයි.

ඔහිතසොතොති ඨපිතසොතො. අභිජානාති එකං ධම‍්මන‍්ති එකං කුසලධම‍්මං අභිජානාති අරියමග‍්ගං. පරිජානාති එකං ධම‍්මන‍්ති එකං දුක‍්ඛසච‍්චධම‍්මං තීරණපරිඤ‍්ඤාය පරිජානාති. පජහති එකං ධම‍්මන‍්ති එකං සබ‍්බාකුසලධම‍්මං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති. සච‍්ඡිකරොති එකං ධම‍්මන‍්ති එකං අරහත‍්තඵලධම‍්මං නිරොධමෙව වා පච‍්චක‍්ඛං කරොති. සම‍්මාවිමුත‍්තිං ඵුසතීති සම‍්මා හෙතුනා නයෙන කාරණෙන අරහත‍්තඵලවිමොක‍්ඛං ඤාණඵස‍්සෙන ඵුසති.

ඔහිතසොතො යනු යොමු කළ කන් ඇත්තේයි. අභිජානාති එකං ධම්මං යනු එක් කුශලධර්‍මයක්, එක් ආර්යමාර්ගයක් දනියි. පරිජානාති එකං ධම්මං යනු එක් දුක්‍ඛසත්‍ය ධර්‍මයක් තීරණ ප්‍රඥාවෙන් මනාව දනියි. පජහති එකං ධම්මං යනු එක් සබ්බාකුසලධර්‍මයක් අත්හරියි, දුරුකරයි. බැහැරකරයි. සච්ඡකරොති එකං ධම්මං යනු එක් අරහත්ඵලධර්මයක් හෝ නිරොධ ධර්මයක් ප්‍රත්‍යක්‍ෂ කරයි. සම්මාවිමුත්තං ඵුසති යනු මනා හේතුවෙන්, න්‍යායයෙන්, කාරණයෙන් අරහත් ඵලවිමොක්‍ෂයක් ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කරයි.

එතදත්‍ථා, භික‍්ඛවෙ, කථාති, භික‍්ඛවෙ, යා එසා කථාසම‍්පයොගෙනාති කථා දස‍්සිතා, සා එතදත්‍ථා, අයං තස‍්සා කථාය භූමි පතිට‍්ඨා. ඉදං වත්‍ථු යදිදං අනුපාදා චිත‍්තස‍්ස විමොක‍්ඛොති එවං සබ‍්බපදෙසු යොජනා වෙදිතබ‍්බා. එතදත්‍ථා මන‍්තනාති යා අයං කච‍්ඡාකච‍්ඡෙසු පුග‍්ගලෙසු කච‍්ඡෙන සද‍්ධිං මන‍්තනා, සාපි එතදත්‍ථායෙව. එතදත්‍ථා උපනිසාති ඔහිතසොතො සඋපනිසොති එවං වුත‍්තා උපනිසාපි එතදත්‍ථායෙව. එතදත්‍ථං සොතාවධානන‍්ති තස‍්සා උපනිසාය සොතාවධානං, තම‍්පි එතදත්‍ථමෙව. අනුපාදාති චතූහි උපාදානෙහි අග‍්ගහෙත්‍වා. චිත‍්තස‍්ස විමොක‍්ඛොති අරහත‍්තඵලවිමොක‍්ඛො. අරහත‍්තඵලත්‍ථාය හි සබ‍්බමෙතන‍්ති සුත‍්තන‍්තං විනිවත‍්තෙත්‍වා උපරි ගාථාහි කූටං ගණ‍්හන‍්තො යෙ විරුද‍්ධාතිආදිමාහ.

එතදත්‍ථා භික්‍ඛවෙ කථා යනු මහණෙනි කථාසම්ප්‍රයෝගයෙන් යම් මේ කථාවක් දක්වනලද්දේද එය මෙය ප්‍රයෝජන කොට ඇත්තේය. එනම්: යම් මේ සිතේ අනුපදා විමෝක්‍ෂයක් වේද? එය ඒ කථාවට භූමියයි, ප්‍රතිෂ්ඨාවයි. මේ වස්තුවයි යනුවෙන් මෙසේ සියලු පදයන්හි යෙදීම දතයුතුය. එතදත්‍ථා මන්තණා යනු කථාකිරීමට සුදුසු නුසුදුසු පුද්ගලයන් අතුරින් සුදුසු පුද්ගලයා සමඟ සාකච්ඡා කිරීම යන යමක් වේද එයද මෙයම ප්‍රයෝජන කොට ඇත්තේය. එතදත්‍ථා උපනිසා යනු නතුකළ කන් ඇත්තේ හේතු සහිතවූයේයි. මෙසේ කියනලද හේතුවද මෙයම ප්‍රයෝජන කොට ඇත්තේමය. එතදත්‍ථං සොතාවධානං යනු එයට උපනිශ්‍රය සහිතවූ කන් යොමුකිරීමක් වේද එයද එම දෙයම ප්‍රයෝජන කොට ඇත්තේයි. අනුපාදා යනු සතර උපාදානයන්ගෙන් අල්වා නොගෙනයි. චිත්තස්ස විමොකක්‍ඛො යනු අරහත්ඵල විමොක්‍ෂයයි. මේ සියල්ල අරහත්ඵලය සඳහායයි සූත්‍රාන්තය ඉවත්කොට මත්තෙහි ගාථාවන්ගෙන් කුළුගන්වමින්. යෙ විරුද්ධා යනාදිය පැවසූහ.

තත්‍ථ විරුද‍්ධාති විරොධසඞ‍්ඛාතෙන කොපෙන විරුද‍්ධා. සල‍්ලපන‍්තීති සල‍්ලාපං කරොන‍්ති. විනිවිට‍්ඨාති අභිනිවිට‍්ඨා හුත්‍වා. සමුස‍්සිතාති මානුස‍්සයෙන සුට‍්ඨු උස‍්සිතා. අනරියගුණමාසජ‍්ජාති අනරියගුණකථං ගුණමාසජ‍්ජ කථෙන‍්ති. ගුණං ඝට‍්ටෙත්‍වා කථා හි අනරියකථා නාම, න අරියකථා, තං කථෙන‍්තීති අත්‍ථො. අඤ‍්ඤොඤ‍්ඤවිවරෙසිනොති අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ඡිද‍්දං අපරාධං ගවෙසමානා. දුබ‍්භාසිතන‍්ති දුක‍්කථිතං. වික‍්ඛලිතන‍්ති අප‍්පමත‍්තකං මුඛදොසඛලිතං. සම‍්පමොහං පරාජයන‍්ති අඤ‍්ඤමඤ‍්ඤස‍්ස අප‍්පමත‍්තෙන මුඛදොසෙන සම‍්පමොහඤ‍්ච පරාජයඤ‍්ච. අභිනන්‍දන‍්තීති තුස‍්සන‍්ති. නාචරෙති න චරති න කථෙති. ධම‍්මට‍්ඨපටිසංයුත‍්තාති යා ච ධම‍්මෙ ඨිතෙන කථිතකථා, සා ධම‍්මට‍්ඨා චෙව හොති තෙන ච ධම‍්මෙන පටිසංයුත‍්තාති ධම‍්මට‍්ඨපටිසංයුත‍්තා. අනුන‍්නතෙන මනසාති අනුද‍්ධතෙන චෙතසා. අපළාසොති යුගග‍්ගාහපළාසවසෙන අපළාසො හුත්‍වා. අසාහසොති රාගදොසමොහසාහසානං වසෙන අසාහසො හුත්‍වා.

එහි විරුද්ධා යනු විරුද්ධ සංඛ්‍යාතවූ කොපයෙන් විරුද්ධවූයි. සල්ලපන්ති යනු අල්ලාපසල්ලාප කරත්. විනිවිට්ඨා යනු ඇතුළට බැසගත්තෝ වීයි. සමුස්සිතා යනු මානය නැංවීමෙන් මනාව ඔසවන ලද්දේයි. අනරියගුණමාසජ්ජ යනු ගුණයට පහරදී අනාර්ය ගුණ කථාව කරත්. ගුණය ගටා (කරන) කථාව අනාර්‍ය්‍ය කථාව නමි. ආර්යකථාව නොවේ. එය කරත්ය යන අර්ථයි. ඔවුහු අඤ්ඤමඤ්ඤවිවරෙසිනො යනු ඔවුනොවුන්ගේ සිදුරක්, වරදක් සොයන්නාවූයි. දුබභාසිතං යනු නොමනාව කියනලද්දයි. වික්‍ඛලිතං යන සුළුවූ කථනදොෂයයි. සම්පමොහං පරාජයං යනු ඔවුනොවුන්ගේ සුළුවූ කථන දොෂයෙන් මුළාවීමද පරාජයවීමද වේ. අභිනන්‍දං යනු සතුටුවෙත්. නාචරෙ යනු නොහැසිරෙයි, නොකියයි. ධම්මට්ඨපටිසංයුත්තා යනු ධර්‍මයෙහි සිටියහු විසින් කියනලද කථාව ධම්මට්ඨවුයේද වෙයි, ඒ ධර්‍මයෙන් යුක්තවූයේයි ධම්මටඨපටිසංයුත්තා නම්ද වේ. අනුපාදිණේණන මනසා යනු උඩඟු නොවූ සිතිනි. අපළාසො යනු තරඟයට (යුද්ධයට) ඉදිරිපත්වීමේ දුෂ්ටකම වශයෙන් නපුරුවුවෙක් නොවීයි. අසාහසො යනු රාග, දේවෂ මොහ වශයෙන් සහාසිකයෙක් නොවීයි.

අනුසූයායමානොති න උසූයමානො. දුබ‍්භට‍්ඨෙ නාපසාදයෙති දුක‍්කථිතස‍්මිං න අපසාදෙය්‍ය. උපාරම‍්භං න සික‍්ඛෙය්‍යාති කාරණුත‍්තරියලක‍්ඛණං උපාරම‍්භං න සික‍්ඛෙය්‍ය. ඛලිතඤ‍්ච න ගාහයෙති අප‍්පමත‍්තකං මුඛඛලිතං “අයං තෙ දොසො”ති න ගාහයෙය්‍ය. නාභිහරෙති නාවත්‍ථරෙය්‍ය. නාභිමද‍්දෙති එකං කාරණං ආහරිත්‍වා න මද‍්දෙය්‍ය. න වාචං පයුතං භණෙති සච‍්චාලිකපටිසංයුත‍්තං වාචං න භණෙය්‍ය. අඤ‍්ඤාතත්‍ථන‍්ති ජානනත්‍ථං. පසාදත්‍ථන‍්ති පසාදජනනත්‍ථං. න සමුස‍්සෙය්‍ය මන‍්තයෙති න මානුස‍්සයෙන සමුස‍්සිතො භවෙය්‍ය. න හි මානුස‍්සිතා හුත්‍වා පණ‍්ඩිතා කථයන‍්ති, මානෙන පන අනුස‍්සිතොව හුත්‍වා මන‍්තයෙ කථෙය්‍ය භාසෙය්‍යාති.

අනුසූය්‍යායමානො යනු ඊර්ෂ්‍යා නොකරනු ලබන්නේයි. දුබ්භටෙඨ නාවසාදයෙ යනු නොමනාව කියනලද්දේහි නොගැලෙන්නේයි. උපාරම්භං න සික්‍ඛෙය්‍ය යනු කාරණුත්තිරිය ලක්‍ෂණය කොට ඇති දොෂාරොපනයෙහි නොහික්මෙයි. ඛලිතං ච න ගාහයෙ යනු සුළුවූ කථනදොෂය මේ ඔබේ දෙසකැයි නොගන්නේය. නාභිහරෙ යනු වසා නොසිටින්නේය. නාභිමදේද යනු එක් කරුණක් ඉදිරිපත් කොට නොමඬියි. න වාචං පයුතං භණෙ යනු ඇත්තෙන් සහ බොරුවෙන් යුතු වචන නොකියන්නේය. අඤ්ඤාතත්‍ථං යනු දැනීම සඳහායි. න සමුසේසය්‍ය මනතයෙ යනු මානයෙන් උඩඟු නොවන්නේය, මානයෙන් උස්ව පණ්ඩිතයෝ කථා නොකරති. මානයෙන් උඩඟු නොවී කථා කරන්නේය. පවසන්නේය.