3. 2. 2. 7
3. 2. 2. 7.
3. 2. 2. 7.
17. තීණිමානි භික‍්ඛවෙ, කථාවත්‍ථූනි. කතමානි තීණි : අතීතං වා භික‍්ඛවෙ, අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය එවං අහොසි අතීතමද‍්ධානන‍්ති. අනාගතං වා භික‍්ඛවෙ, අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය එවං භවිස‍්සති අනාගතමද‍්ධානන‍්ති. එතරහි වා භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං ආරබ‍්භ කථං කථෙය්‍ය එවං එතරහි පච‍්චුප‍්පන‍්නන‍්ති.
17. මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: මහණෙනි, ‘අතීතකාලය මෙසේ වීය’යි අතීත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘අනාගත කාලය මෙසේ වේය’යි අනාගත අද්ධානය අරභයා කථා කියන්නේය. මහණෙනි, ‘දැන් ප්‍රත්‍යුත්පන්නය මෙසේය’යි දැන් ප්‍රත්‍යුත්පන්නය හෝ අරභයා කථා කියන්නේ ය.
කථාසම‍්පයොගෙන භික‍්ඛවෙ, පුග‍්ගලො වෙදිතබ‍්බො, යදි වා කච‍්ඡො, යදි වා අකච‍්ඡොති. සචායං භික‍්ඛවෙ, පුග‍්ගලො පඤ‍්හං පුට‍්ඨො සමානො එකංසව්‍යාකරණීයං පඤ‍්හං න එකංසෙන ව්‍යාකරොති, විභජ‍්ජ ව්‍යාකරණීයං පඤ‍්හං න විභජ‍්ජ ව්‍යාකරොති, පටිපුච‍්ඡා ව්‍යාකරණීයං පඤ‍්හං න පටිපුච‍්ඡා ව්‍යාකරොති, ඨපනීයං පඤ‍්හං න ඨපෙති, එවං සන‍්තායං භික‍්ඛවෙ, පුග‍්ගලො අකච‍්ඡො හොති.
මහණෙනි, පුග්ගලයා “කථායෙහි යෝග්‍ය වේ ද, නොහොත් කථායෙහි අයෝග්‍ය වේ දැ”යි කථාසම්ප්‍රයෝගයෙන් දතයුතුය. මහණෙනි, ඉදින් ප්‍රශ්න කරණ ලද මේ පුද්ගලයා ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් නො විසඳා ද, විභාග කොට විසඳිය යුතු ප්‍රශ්නය විභාග කොට නො විසඳා ද, පිළිවිසීමෙන් විසඳිය යුතු ප්‍රශ්නය පිළිවිසීමෙන් නො විසඳා ද, තුබුවමනා ප්‍රශ්නය නො තබා ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නොවේ.
සචෙ පනායං භික‍්ඛවෙ, පුග‍්ගලො පඤ‍්හං පුට‍්ඨො සමානො එකංසව්‍යාකරණීයං පඤ‍්හං එකංසෙන ව්‍යාකරොති, විභජ‍්ජ ව්‍යාකරණීයං පඤ‍්හං විභජ‍්ජ ව්‍යාකරොති, පටිපුච‍්ඡා ව්‍යාකරණීයං පඤ‍්හං පටිපුච‍්ඡා ව්‍යාකරොති , ඨපනීයං පඤ‍්හං ඨපෙති, එවං සන‍්තායං භික‍්ඛවෙ, පුග‍්ගලො කච‍්ඡො හොති.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් විසඳා ද, විභාග කොට විසඳිය යුතු ප්‍රශ්නය විභාග කොට විසඳා ද, පිළිවිසීමෙන් විසඳිය යුතු ප්‍රශ්නය පිළිවිසීමෙන් විසඳා ද, තුබුවමනා ප්‍රශ්නය තබා ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වෙයි.
කථාසම‍්පයොගෙන භික‍්ඛවෙ, පුග‍්ගලො වෙදිතබ‍්බො යදි වා කච‍්ඡො, යදි වා අකච‍්ඡොති. සචායං භික‍්ඛවෙ, පුග‍්ගලො පඤ‍්හං පුට‍්ඨො සමානො ඨානාඨානෙ න සණ‍්ඨාති, පරිකප‍්පෙ න සණ‍්ඨාති, අඤ‍්ඤවාදෙ න සණ‍්ඨාති, පටිපදාය න සණ‍්ඨාති, එවං සන‍්තායං භික‍්ඛවෙ, පුග‍්ගලො අකච‍්ඡො හොති.
මහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, නොහොත් කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුයි. මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ කාරණාකාරණයෙහි නො සිටුනේ ද, පරිකල්පනා කොට ගත් කරුණෙහි නො සිටුනේ ද, දැන සිටි වාදයෙහි නො සිටුනේ ද, ප්‍රතිපත්තියෙහි නො සිටුනේ ද, මෙසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි,
සචෙ පනායං භික‍්ඛවෙ, පුග‍්ගලො පඤ‍්හං පුට‍්ඨො සමානො ඨානාඨානෙ සණ‍්ඨාති, පරිකප‍්පෙ සණ‍්ඨාති, අඤ‍්ඤවාදෙ සණ‍්ඨාති, පටිපදාය සණ‍්ඨාති, එවං සන‍්තායං භික‍්ඛවෙ, පුග‍්ගලො කච‍්ඡො හොති.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ කාරණාකාරණයෙහි සිටුනේ ද, පරිකල්පනා කොට ගත් කරුණෙහි සිටුනේ ද, දැන සිටි වාදයෙහි සිටුනේ ද, ප්‍රතිපත්තියෙහි සිටුනේ ද, එසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වේ.
කථාසම‍්පයොගෙන භික‍්ඛවෙ, පුග‍්ගලො වෙදිතබ‍්බො යදි වා කච‍්ඡො යදි වා අකච‍්ඡොති. සචායං භික‍්ඛවෙ, පුග‍්ගලො පඤ‍්හං පුට‍්ඨො සමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති, බහිද‍්ධා කථං අපනාමෙති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති, එවං සන‍්තායං භික‍්ඛවෙ, පුග‍්ගලො අකච‍්ඡො හොති.
මහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවකින් අන්‍යකථාව වසාලයි ද, එයින් ම බැහැරට කථාව නෙරාලයි ද, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වෙයි.
සචෙ පනායං භික‍්ඛවෙ, පුග‍්ගලො පඤ‍්හං පුට‍්ඨො සමානො නාඤ‍්ඤෙනාඤ‍්ඤං පටිචරති. න බහිද‍්ධා කථං අපනාමෙති, න කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති, එවං සන‍්තායං භික‍්ඛවෙ, පුග‍්ගලො කච‍්ඡො හොති.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ අන්‍යකථාවෙකින් අන්‍යකථාව නො වසාලයි ද, එයින් ම බැහැරට කථාව නො නෙරයි ද, කෝපය හා ද්වේෂය හා නොසතුට හා පහළ නොකෙරේ ද, එසේවත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වෙයි.
කථාසම‍්පයොගෙන භික‍්ඛවෙ, පුග‍්ගලො වෙදිතබ‍්බො යදි වා කච‍්ඡො, යදි වා අකච‍්ඡොති.
මහණෙනි, පුද්ගලයා “කථා යෝග්‍ය වේ ද, කථා යෝග්‍ය නො වේ දැ”යි කථා සම්ප්‍රයෝගයෙන් දත යුතුය.
සචායං භික‍්ඛවෙ, පුග‍්ගලො පඤ‍්හං පුට‍්ඨො සමානො අභිහරති, අභිමද‍්දති, අනුපජග‍්ඝති ඛලිතං ගණ‍්හාති, එවං සන‍්තායං භික‍්ඛවෙ, පුග‍්ගලො අකච‍්ඡො හොති.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඔබිනොබින් කරුණු එළවා බාධා කෙරේ ද, කරුණු එළවා කථාව මැඩ පියා ද, අත් පැහැර මහා හාස්‍ය කෙරේ ද, සංඛලිතය ඇද ගණී ද, එසේ වත් ම, මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය නො වේ.
සචෙ පනායං භික‍්ඛවෙ, පුග‍්ගලො පඤ‍්හං පුට‍්ඨො සමානො න අභිහරති, න අභිමද‍්දති, න අනුපජග‍්ඝති, න ඛලිතං ගණ‍්හාති, එවං සන‍්තායං භික‍්ඛවෙ, පුග‍්ගලො කච‍්ඡො හොති.
මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න කරණ ලදුයේ ඔබිනොබින් කරුණු එළවා බාධා නො කෙරේ ද, කරුණු එළවා කථා ව නො මැඩපියා ද, අත් පැහැර මහා හාස්‍ය නො කෙරේ ද, සංඛලිතය නො ගණී ද, එසේ වත් ම මහණෙනි, මේ පුද්ගලයා කථා යෝග්‍ය වේ.
කථාසම‍්පයොගෙන භික‍්ඛවෙ, පුග‍්ගලො වෙදිතබ‍්බො යදි වා සඋපනිසො යදි වා අනුපනිසොති.
මහණෙනි, පුද්ගල තෙමේ “උපනිඃශ්‍රය සහිත වේ ද, උපනිඃශ්‍රය රහිත වේ දැ”යි කථාසම්ප්‍රයෝගයෙන් දතයුතුය.
අනොහිතසොතො භික‍්ඛවෙ, අනුපනිසො හොති, ඔහිතසොතො සඋපනිසො හොති. සො සඋපනිසො සමානො අභිජානාති එකං ධම‍්මං, පරිජානාති එකං ධම‍්මං, පජහති එකං ධම‍්මං, සච‍්ඡිකරොති එකං ධම‍්මං. සො අභිජානන‍්තො එකං ධම‍්මං, පරිජානන‍්තො එකං ධම‍්මං, පජහන‍්තො එකං ධම‍්මං, සච‍්ඡිකරොන‍්තො එකං ධම‍්මං, සම‍්මාවිමුත‍්තිං ඵුසති.
මහණෙනි, යොමු නො කළ කන් ඇතියෙ උපනිඃශ්‍රය නැතියෙ නම් වෙයි. යොමු කළ කන් ඇතියේ උපනිඃශ්‍රය ඇතියේ නම් වෙයි. හේ උපනිඃශ්‍රය ඇතියේ එක් කුසල් දහමක් වූ අරීමග දනී. එක් දහමක් වූ දුඃඛසත්‍ය තීරණය කොට දනී. එක් දහමක් වූ සර්‍වාකුශලය දුරු කෙරෙයි. එක් දහමක් වූ අර්‍හත්ත්‍වඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරෙ යි. හේ එක් දහමක් වූ අරීමග දන්නේ, එක් දහමක් වූ දුඃඛසත්‍යය තීරණය කොට දන්නේ, එක් දහමක් වූ සර්‍වාකුශලය හරනේ, එක දහමක් වූ අර්‍හත්ත්‍වඵලය ප්‍රත්‍යක්‍ෂ කරණුයේ සම්‍යක් විමුක්ති සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වඵල විමෝක්‍ෂය ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කෙරෙයි.
එතදත්‍ථා භික‍්ඛවෙ, කථා, එතදත්‍ථා මන‍්තනා, එතදත්‍ථා උපනිසා, එතදත්‍ථං සොතාවධානං, යදිදං අනුපාදා චිත‍්තස‍්ස විමොක‍්ඛොති.
මහණෙනි, යම් මේ චිත්තයාගේ අනුපාදාවිමෝක්‍ෂයෙක් වේ ද, කථාව මෙ අර්‍ත්‍ථ කොට ඇත. මන්ත්‍රණාව මේ අර්‍ත්‍ථ කොට ඇත. උපනිසාව මේ අර්‍ත්‍ථ කොට ඇත, කන් නතු කිරීම මේ අර්‍ත්‍ථ කොට ඇත.
23. යෙ විරුද‍්ධා සල‍්ලපන‍්ති විනිවිට‍්ඨා සමුස‍්සිතා, අනරියගුණමාසජ‍්ජ අඤ‍්ඤමඤ‍්ඤ විවරෙසිනො.
23. යම් කෙනෙක් කෝපයෙන් විරුද්ධ වූවාහු එහි බැසගත්තාහු මානයෙන් නගන ලද්දාහු උනුන් සිදුරු සොයන්නාහු ගුණ ඝටා අනාර්‍ය්‍ය කථාව අල්ලාප සල්ලාප විසින් කෙරෙත් ද,
24. දුබ‍්භාසිතං වික‍්ඛලිතං සම‍්පමොහං පරාජයං, අඤ‍්ඤමඤ‍්ඤස‍්සාභිනන්‍දන‍්ති තදරියො කථනාචරෙ.
24. ඔහු උනුන්ගේ දුර්‍භාෂිතය මුඛදෝෂ ආදි අල්පසඛලිතය මුළාව පරාජය ගෙණ සතුටු වෙත්. ආර්‍ය්‍ය තෙමේ එබඳු කථාව නො කරන්නේ ය.
25. සචෙ චස‍්ස කථාකාමො කාලමඤ‍්ඤාය පණ‍්ඩිතො, ධම‍්මට‍්ඨපටිසංයුත‍්තා යා අරියාචරිතා කථා.
25-26. ඉදින් කථාවට කැමති වන්නේ වී නම් නිසි කල් දැන ධීර වූ අවිරුද්ධ වූ මානයෙන් නො හුවන ලද ඒ පණ්ඩිත තෙමේ අනුද්ධත සිතින් යුගග්‍රාහ රහිත ව ලාහෙළාකම් නැතිව ධර්‍මස්ථ වූත් ධර්‍මප්‍රතිසංයුක්ත වූත් යම් ආර්‍ය්‍යකථායෙක් ඇද්ද, ඒ කථාව කියන්නේ ය.
26. තං කථං කථයෙ ධීරො අවිරුද‍්ධො අනුස‍්සිතො, අනුපාදින‍්නෙන මනසා අපලාසො අසාහසො.
27. අනුසුය්‍යායමානො සො සම‍්මදඤ‍්ඤාය භාසති, සුභාසිතං අනුමොදෙය්‍ය දුබ‍්භට‍්ඨෙනාවසාදයෙ.
27. ඒ පණ්ඩිත තෙමේ ඊර්‍ෂ්‍යා රහිත සිතැත්තේ මොනොවට දැන බෙණේ. සුභාෂිතය අනුමෙව්නේය. දුර්‍භාෂිතයෙහි ලා නො බස්නේ ය.
28. උපාරම‍්භං න සික‍්ඛෙය්‍ය ඛලිතඤ‍්ච න ගාහයෙ, නාභිහරෙ නාභිමද‍්දෙ න වාචං පයුතං භණෙ.
28. කරණොත්තරකරණ ලක්‍ෂණ උපාරම්භය ශික්‍ෂණ විසින් නො ගන්නේය. පමාදොස නො ගන්නේ ය. (මෙරමා කථාව වළහා) කරුණු නො එළවන්නේ ය. (මෙරමා කථාව) නො මඬනේ ය. සත්‍යාසත්‍යප්‍රතිසංයුක්ත තෙපුල නො බණන්නේය.
29. අඤ‍්ඤාතත්‍ථං පසාදත්‍ථං සතං වෙ හොති මන‍්තනා, එවං ඛො අරියා මන‍්තෙන‍්ති එසා අරියාන මන‍්තනා, එතදඤ‍්ඤාය මෙධාවී න සමුස‍්සෙය්‍ය මන‍්තයෙති.
29. පණ්ඩිතයන්ගේ මන්ත්‍රණාව දැනුම් පිණිස ද ප්‍රසාදය පිණිස ද එකැතින් වෙයි. ආර්‍ය්‍යයෝ මෙසේ මන්ත්‍රණය කෙරෙති, මේ ආර්‍ය්‍යයන්ගේ මන්ත්‍රණාව යි. ප්‍රශස්තබුද්ධි ඇති පණ්ඩිත තෙම මෙපවත් දැන මානයෙන් හුවා නො ගන්නේ ය. මානනිඃශ්‍රිත නො වී මන්ත්‍රණය කරන්නේ ය.