3. 2. 2. 6
3. 2. 2. 6.
3. 2. 2. 6.
16. එවං මෙ සුතං : එකං සමයං ආයස්මා නන්දකො සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො සාළ්හො ච මිගාරනත්තා රොහණො ච පෙඛුනියනත්තා යෙනායස්මා නන්දකො තෙනුපසඞ්කමිත්වා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො සාළ්හං මිගාරනත්තාරං ආයස්මා නන්දකො එතදවොච :
16. එක් සමයෙක්හි ආයුෂ්මත් නන්දක මහතෙරහු සැවැත් නුවර මුවරමාපහය නම් ලද පූර්වාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි මුවර මහසිටුහු මුනුපුරු සාළ්හ සිටු හා පේඛුනිය සිටුහු මුනුපුරු රෝහණ සිටු නන්දක මහතෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් නන්දක මහතෙරුන් සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් මුවර මහසිටු මුනුපුරු සාළ්හයනට ආයුෂ්මත් නන්දක මහතෙරහු තෙල පැවසූහ.
එථ තුම්හෙ සාළ්හා මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ සාළ්හා අත්තනාව ජානෙය්යාථ : ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤූගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ සාළ්හා පජහෙය්යාථ.
සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නො ගණුව, (තෙල මෙසේ වේ ල යන මේ) ඉතිකිරා කථායෙනුදු නො ගණුව, (අපගේ පෙළ හා සැසඳෙතී යන) පිටක සම්පදානයෙනුදු නො ගණුව, තර්කග්රාහයෙනුදු නො ගණුව, නයග්‍රාහයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, (අප ඉවසූ දෘෂ්ටිය හා සැසඳෙතී යන) දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්යරූපභාවයෙනුදු නො ගණුව, මේ මහණහු අප ගුරුහ යන හේතුයෙනුදු නො ගණුව, සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු අකුසල්හ, මේ දහම්හු සාවද්‍යයහ, මේ දහම්හු විඥගර්හිතයහ, මේ දහම්හු පරිපූර්ණ වූවාහු පරාමර්‍ෂ වශයෙන් ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති” යි තුමූ ම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි හැරපියව්.
තං කිං මඤ්ඤථ සාළ්හා, අත්ථි ලොභොති? එවං භන්තෙ, අභිජ්ඣාති ඛො අහං සාළ්හා එතමත්ථං වදාමි.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, ලෝභය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම තෙල අර්ත්ථය ‘අභිධ්‍යා’ යි කියමි.
ලුද්ධො ඛො අයං සාළ්හා, අභිජ්ඣාලු පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති? එවං භන්තෙ.
සාළ්හයෙනි, ලුබ්ධ වූ අභිධ්‍යා බහුල නො වූ මේ පුරුෂ, යම් කර්මයෙක් ඔහුට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්ම වූ ප්‍රාණයන් නස්නේ ය, අයිනාදනුත් ගන්නේ ය, පරදාරයන් කරාත් යන්නේ ය, මුසවාත් බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
තං කිම්මඤ්ඤථ සාළ්හා, අත්ථි දොසොති? එවං භන්තෙ. බ්යාපාදොති ඛො අහං සාළ්හා, එතමත්ථං වදාමි.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, ද්වේෂය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘ව්‍යාපාද’ය යි තෙල අර්ත්ථය කියමි.
දුට්ඨො ඛො අයං සාළ්හා, බ්යාපන්නචිත්තො පාණම්පි හන්ති -පෙ- මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. එවං භන්තෙ.
සාළ්හයෙනි, ද්විෂ්ට වූ ව්‍යාපාදයට පත් සිතැති මේ පුද්ගල, යම් කර්මයෙක් ඔහුට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්ම වූ ප්‍රාණත් නස්නේ ය, ... මුසවා බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
තං කිම්මඤ්ඤථ සාළ්හා, අත්ථි මොහොති? එවම්භන්තෙ. අවිජ්ජාති ඛො අහං සාළ්හා, එතමත්ථං වදාමි.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, මෝහය ඇද්ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අවිද්‍යා’යී තෙල අර්ත්ථය කියමි.
මූළ්හො ඛො අයං සාළ්හා, අවිජ්ජාගතො පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායාති. එවම්භන්තෙ.
සාළ්හයෙනි, මූඪ වූ අවිද්‍යායෙන් යුක්ත මේ පුරුෂ, යම් කර්මයෙක් ඔහුට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්ම වූ ප්‍රාණත් නස්නේ ය, අයිනාදනුත් ගන්නේ ය, පරදාරයන් කරාත් යන්නේ ය, මුසවාත් බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
තං කිං මඤ්ඤථ සාළ්හා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? අකුසලා භන්තෙ. සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා භන්තෙ. විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුගරහිතා භන්තෙ. සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති නො වා කථං වා හෙත්ථ හොතීති? සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. එවං නො හෙත්ථ හොතීති.
සාළ්හයෙනි, ඒ කිමැයි හඟිව් ද? මේ දහම්හු කුසල් හෝ අකුසල් හෝ වෙද් ද? වහන්ස, අකුසල්හ. සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙත් ද? වහන්ස, සාවද්‍යයහ. විඥගර්හිත හෝ විඥප්‍රශස්ත හෝ වෙද්ද? වහන්ස, විඥගර්හිතයහ. සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු අහිතයට දුඃඛයට වැටෙත් ද? නොහොත් නො වැටෙද් ද? මෙහිලා කෙසේ හෝ අදහස් වේ ද? වහන්ස, පරිපූර්ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති. මෙහිලා අපට මෙසේ අදහස් වෙයි.
ඉති ඛො සාළ්හා, යන්තං අවොචුම්හ : එථ තුම්හෙ සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ සාළ්හා, අත්තනාව ජානෙය්යාථ, ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ සාළ්හා, පජහෙය්යාථාති, ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
“සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, ඉතිකිරා කථායෙනුදු නො ගණුව, පිටකසම්දානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපතායෙනුදු නො ගණුව, අපගේ ගුරු ශ්‍රමණයහ යන හේතුයෙනුදු නො ගණුව” යි මෙසේ යම් ඒ බසක් කිමෝ ද, සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු කුසල්හ, මේ දහම්හු සාවද්‍යයහ, මේ දහම්හු විඥයන් විසින් ගර්හිතයහ, මේ දහම්හු පරිපූර්ණ වූවාහු සමාදාන වශයෙන් ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති යි තුමූම දනිව් ද? සාළ්හයෙනි, එකල තෙපි හැරපියව”යි මෙසේ යම් ඒ බසක් කියන ලද ද, මෙය තෙල කරුණ පිණිස කියන ලදී.
එථ තුම්හෙ සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ සාළ්හා, අත්තනාව ජානෙය්යාථ, ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ සාළ්හා, උපසම්පජ්ජ විහරෙය්යාථ.
සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරා කථායෙනුදු නො ගණුව, ඉතිකිරා කථායෙනුදු නො ගණුව, පිටකසම්දානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපතායෙනුදු නො ගණුව, අපගේ ගුරු ශ්‍රමණයහ යන හේතුයෙනුදු නො ගණුව. සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු කුසල්හ, මේ දහම්හු අනවද්‍යයහ, මේ දහම්හු විඥප්‍රශස්තයහ, මේ දහම්හු සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙත්”යි තුමූ ම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි එයට එළඹ වසව.
තං කිං මඤ්ඤථ සාළ්හා, අත්ථි අලොභොති? එවම්භන්තෙ. අනභිජ්ඣාති ඛො අහං සාළ්හා එතමත්ථං වදාමි.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, අලෝභය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අනභිධ්‍යා’ය යි තෙල අර්ත්ථය කියමි.
අලුද්ධො ඛො අයං සාළ්හා, අනභිජ්ඣාලු නෙව පාණං හන්ති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති? එවම්භන්තෙ.
සාළ්හයෙනි, අලුබ්ධ වූ අභිධ්‍යා බහුල නො වූ මේ පුරුෂ, යම් කර්මයෙක් ඔහුට දීර්ඝරාත්රයෙහි හිතයට සුඛයට වැටේ ද, එබඳු කර්ම වූ ප්‍රාණයන් නො ම නසයි, අයිනාදන් නො ගණී, පරදාරයට නො යෙයි, මුසවා නො කියයි, මෙරමා එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
තං කිං මඤ්ඤථ සාළ්හා, අත්ථි අදොසොති? එවම්භන්තෙ. අබ්යාපාදොති ඛො අහං සාළ්හා, එතමත්ථං වදාමි.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, අදෝෂය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අව්‍යාපාද’ය යි තෙල අර්ත්ථය කියමි.
අලුද්ධො ඛො අයං සාළ්හා, අබ්යාපන්නචිත්තො නෙව පාණං හන්ති, -පෙ- න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති? එවම්භන්තෙ.
සාළ්හයෙනි, අද්විෂ්ට වූ ව්‍යාපාදයට නොපත් සිතැති, මේ පුද්ගල යම් කර්මයෙක් ඔහුට හිතයට සුඛයට වැටේ ද, එබඳු කර්ම වූ ප්‍රාණය නො ම නස්නේ ය, ... මුසවා නො බෙණේ, මෙරමාත් එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.
තං කිම්මඤ්ඤථ සාළ්හා, අත්ථි අමොහොති? එවම්භන්තෙ. විජ්ජාති ඛො අහං සාළ්හා, එතමත්ථං වදාමි.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, අමෝහය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘විද්‍යා’ය යි තෙල අර්ත්ථය කියමි.
අමූළ්හො ඛො අයං සාළ්හා, විජ්ජාගතො නෙව පාණං හන්ති, -පෙ- න මුසා භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං හිතාය සුඛායාති. එවම්භන්තෙ.
සාළ්හයෙනි, අමූඪ වූ විද්‍යාව ලත් මේ පුරුෂ, යම් කර්මයෙක් ඔහුට දීර්ඝරාත්රයෙහි හිතයට සුඛයට වැටේ ද, එබඳු කර්ම වූ ප්‍රාණය නො ම නස්නේය, … මුසවා නො බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
තං කිම්මඤ්ඤථ සාළ්හා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? කුසලා භන්තෙ. සාවජ්ජා වා අනවජ්ජා වාති? අනවජ්ජා භන්තෙ. විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වාති? විඤ්ඤුප්පසත්ථා භන්තෙ.
සාළ්හයෙනි ඒ කිමැ යි හඟිව් ද? මේ දහම්හු කුසල් හෝ අකුසල් හෝ වෙද්ද? වහන්ස, කුසල්හ. සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙද්ද! වහන්ස, අනවද්‍යයහ. විඥගර්හිත හෝ විඥප්‍රශස්ත හෝ වෙද්ද? වහන්ස, විඥප්‍රශස්තයහ.
සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති, නො වා කථං වා හෙත්ථ හොතීති? සමත්තා භන්තෙ, සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති. එවං නො හෙත්ථ හොතීති.
සමාත්ත වූවාහු සාමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙද්ද? නොහොත් නොවැටෙද්ද? මෙහි ලා කෙසේ අදහස් වේ ද! වහන්ස, සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙති. මෙහිලා අපට මෙසේ අදහස් වෙයි.
ඉති ඛො සාළ්හා, යං තං අවොචුම්හ : එථ තුම්හෙ සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ සාළ්හා, අත්තනාව ජානෙය්යාථ, ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ සාළ්හා, උපසම්පජ්ජ විහරෙය්යාථාති, ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
“සාළ්හයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නො ගණුව, පරම්පරා කථායෙනුදු නො ගණුව, ඉතිකිරා කථායෙනුදු නො ගණුව, පිටකසම්දානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, අපගේ ගුරුශ්රමණයහ යන හේතුයෙනුදු නොගණුව යි මෙසේ යම් ඒ බසක් කිමෝ ද, “සාළ්හයෙනි, යම් කලෙක තෙපි මේ දහම්හු කුසල්හ, මේ දහම්හු අනවද්‍යයහ, මේ දහම්හු විඥප්‍රශස්තයහ, මේ දහම්හු පුරණ ලද්දාහු සමාදාන වශයෙන් ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති යි තුමූම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි එයට පැමිණ වසව”යි මෙසේ යම් ඒ බසක් කියන ලද ද, මෙය තෙල අර්ත්ථය පිණිස කියන ලදී.
ස ඛො සො සාළ්හා, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො මෙත්තාසහගතෙන චෙතසා -පෙ- කරුණා - මුදිතා - උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
සාළ්හයෙනි,ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ පහව ගිය අභිධ්‍යා ඇත්තේ පහව ගිය ව්‍යාපාද ඇත්තේ පහව ගිය මුළා ඇත්තේ නුවණින් දන්නේ එළඹි සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් ... කුලුණු සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්ෂා සහගිය සිතින් එක් දිගක් පැතිර ගෙණ වෙසෙයි. එසැටි ම දෙවන දිග ද, එසැටි ම තෙවන දිග ද, එසැටි ම සතරනව දිගදැ යි මෙසේ උඩ - යට - සරස හැමතැන සර්‍වාත්මභාවයෙන් හැමලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්ෂාසහගත සිතින් පැතිර ගෙණ වෙසෙයි.
සො එවං පජානාති, අත්ථි ඉදං, අත්ථි හීනං, අත්ථි පණීතං, අත්ථි ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණන්ති.
“මේ ඇත. හීනයෙක් ඇත. ප්රණීතයෙක් ඇත, මේ සංඥාගතයාගේ මතු නිශ්ශරණයෙක් ඇතැ”යි හේ මෙසේ දනී.
තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
මෙසේ දන්නා මෙසේ දක්නා ඔහට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදෙත් ම, විමුක්තය යි නුවණෙක් වෙයි. ජාතිය ක්ෂීණ විය. මගබඹසර වැස නිම විය. සතර මග කිස කරණලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස කළයුතු අන් දැයෙක් නැති යි දන්නේය.
සො එවං පජානාති. අහු පුබ්බෙ ලොභො, තදහු අකුසලං, සො එතරහි නත්ථි, ඉච්චෙතං කුසලං. අහු පුබ්බෙ දොසො -පෙ- අහු පුබ්බෙ මොහො, තදහු අකුසලං, සො එතරහි නත්ථි, ඉච්චෙතං කුසලන්ති.
“පෙර ලෝභයෙක් විය. එය අකුසල් විය. එ දැන් නැත. මෙසේ මේ මැනව. පෙර ද්වේෂයෙක් විය ... පෙර මෝහයෙක් විය. එය අකුසල් විය. එ දැන් නැත. මෙසේ මේ මැනවැ” යි හේ මෙසේ දැනගනී.
ඉති සො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති.
මෙසේ හෙයින් මෙලොව්හි ම නිස්තෘෂ්ණ වූයේ නිර්වෘත වූයේ ශීතිභූත වූයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් වෙසෙයි.