5. කෙසමුත්තිසුත්තවණ්ණනා අට්ඨකථා
5. කෙසමුත්තිසුත්තවණ්ණනා
3. 2. 2. 5
පඤ්චමෙ කාලාමානං නිගමොති කාලාමා නාම ඛත්තියා, තෙසං නිගමො. කෙසමුත්තියාති කෙසමුත්තනිගමවාසිනො. උපසඞ්කමිංසූති සප්පිනවනීතාදිභෙසජ්ජානි චෙව අට්ඨවිධපානකානි ච ගාහාපෙත්වා උපසඞ්කමිංසු. සකංයෙව වාදං දීපෙන්තීති අත්තනොයෙව ලද්ධිං කථෙන්ති. ජොතෙන්තීති පකාසෙන්ති. ඛුංසෙන්තීති ඝට්ටෙන්ති. වම්භෙන්තීති අවජානන්ති. පරිභවන්තීති ලාමකං කරොන්ති. ඔමක්ඛිං කරොන්තීති උක්ඛිත්තකං කරොන්ති, උක්ඛිපිත්වා ඡඩ්ඩෙන්ති. අපරෙපි, භන්තෙති සො කිර අටවිමුඛෙ ගාමො, තස්මා තත්ථ අටවිං අතික්කන්තා ච අතික්කමිතුකාමා ච වාසං කප්පෙන්ති. තෙසුපි පඨමං ආගතා අත්තනො ලද්ධිං දීපෙත්වා පක්කමිංසු, පච්ඡා ආගතා “කිං තෙ ජානන්ති, අම්හාකං අන්තෙවාසිකා තෙ, අම්හාකං සන්තිකෙ කිඤ්චි කිඤ්චි සිප්පං උග්ගණ්හිංසූ”ති අත්තනො ලද්ධිං දීපෙත්වා පක්කමිංසු. කාලාමා එකලද්ධියම්පි සණ්ඨහිතුං න සක්ඛිංසු. තෙ එතමත්ථං දීපෙත්වා භගවතො එවමාරොචෙත්වා තෙසං නො, භන්තෙතිආදිමාහංසු. තත්ථ හොතෙව කඞ්ඛාති හොතියෙව කඞ්ඛා. විචිකිච්ඡාති තස්සෙව වෙවචනං. අලන්ති යුත්තං.
පස්වැන්නෙහි කාලාමානං නිගමො යනු කාලාමයෝ නම් ක්ෂත්රියයෝයි, ඔවුන්ගේ නියම්ගමයි. කෙසපුත්තියා යනු කෙසුපත්තනියම්ගම් වැසියෝයි. උපසංකමිංසු යනු ගිතෙල් වෙඩරු ආදී බෙහෙත් මෙන්ම අෂ්ටවිධ පානයන්ද ගෙන්වාගෙන එළැඹියාහුයි. සකංයෙව වාදං දීපෙන්ති යනු තමන්ගේම ලබ්ධිය කියත්. ජොතෙන්ති යනු ප්‍රකට කරත්. ඛුංසෙන්ති යනු ගටත් වමෙහනති යනු අවමන් කරත්. පරිභව කරත්. පහත් දෙයක් කරත්. ඔපපක්ඛිං කරොන්ති යනු බෙලහීන කරත්, ඔසවා විසිකරත්, අපරෙපි භනේත යනු එය කැලෑබද ගමකි. එබැවින් එහි කැලය ඉක්මවන්නෝද ඉක්මවනු කැමැත්තෝද වාසය කරති. ඔවුනතුරින් පළමුව ආවාහු තමන්ගේ ලබ්ධිය ප්‍රකට කොට ගියාහුය. පසුව ආවාහු ‘ඔවුහු කුමක් දනිත්ද ඔවුහු අපගේ අතවැසියෝය. ඔවුහු අප සමීපයෙන් යම් යම් ශිල්පයක් උගත්තාහුය’යි තමන්ගේ ලබ්ධිය ප්‍රකාශ කොට ගියාහුය. කාලාමයෝ එක ලබ්ධියකද පිහිටන්නට නොහැකි වූවාහුය. ඔවුහු මෙකරුණ දක්වා භාග්‍යවතුන් වහන්සේ මෙසේ සැළකොට තෙසං නො භනෙත යනාදිය කීවාහුය. එහි භොතෙව කඞ්ඛා යනු සැකයක් වේමැයි. විචිකිච්ඡා යනු ඊටම පර්යාය වචනයි. අලං යනු සුදුසුයි.
මා අනුස්සවෙනාති අනුස්සවකථායපි මා ගණ්හිත්ථ. මා පරම්පරායාති පරම්පරකථායපි මා ගණ්හිත්ථ. මා ඉතිකිරායාති එවං කිර එතන්ති මා ගණ්හිත්ථ. මා පිටකසම්පදානෙනාති අම්හාකං පිටකතන්තියා සද්ධිං සමෙතීති මා ගණ්හිත්ථ. මා තක්කහෙතූති තක්කග්ගාහෙනපි මා ගණ්හිත්ථ. මා නයහෙතූති නයග්ගාහෙනපි මා ගණ්හිත්ථ. මා ආකාරපරිවිතක්කෙනාති සුන්දරමිදං කාරණන්ති එවං කාරණපරිවිතක්කෙනපි මා ගණ්හිත්ථ. මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියාති අම්හාකං නිජ්ඣායිත්වා ඛමිත්වා ගහිතදිට්ඨියා සද්ධිං සමෙතීතිපි මා ගණ්හිත්ථ. මා භබ්බරූපතායාති අයං භික්ඛු භබ්බරූපො, ඉමස්ස කථං ගහෙතුං යුත්තන්තිපි මා ගණ්හිත්ථ. මා සමණො නො ගරූති අයං සමණො අම්හාකං ගරු, ඉමස්ස කථං ගහෙතුං යුත්තන්තිපි මා ගණ්හිත්ථ. සමත්තාති පරිපුණ්ණා. සමාදින්නාති ගහිතා පරාමට්ඨා. යංස හොතීති යං කාරණං තස්ස පුග්ගලස්ස හොති. අලොභාදයො ලොභාදිපටිපක්ඛවසෙන වෙදිතබ්බා. විගතාභිජ්ඣොතිආදීහි මෙත්තාය පුබ්බභාගො කථිතො.
මා අනුස්සවෙන යනු ශ්රැති පරම්පරාවෙන් නොගනුවයි. මා පරම්පරාය යනු පරපුරෙන් පැවත එන කථාවෙන් නොගනුවයි. මා ඉතිකිරාය යනු මෙය මෙසේයයි නොගනුවයි. මා පිටකසම්පදානේන යනු අපගේ (ආගමික) මූලග්‍රන්ථ සමඟ ගැලපේයයි නොගනුවයි. මා තක්කහේතු යනු තර්කයට බැසගැනීමෙන් නොගනුවයි. මා නයහෙතු යනු න්යායයයට අනුකූලයයි නොගනුවයි. මා ආකාරපරිවිතකේකන යනු මෙකරුන සොඳුරුයයි මෙසේ කරුණු සැලකීමෙන්ද නොගනුවයි. මා දිට්ඨිනිජක්ධානක්ඛන්තියා යනු කල්පනා කොට ඉවසා ගන්නාලද අපගේ දෘෂ්ටියට ගැලපේයයි නොගනුවයි. මා භබ්බරූපතාය යනු මේ භික්ෂුව සමර්ථයෙකි. මොහුගේ කථාව පිළිගැනීමට සුදුසුයයි නොගනුවයි. මා සමණො නො ගරූ යනු මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුවරයාය.’ මොහුගේ කථාව පිළිගැනීමට සුදුසුයයිද නොගනුවයි. සමත්තා යනු පිරිපුන් වූයි. සමාදිණ්ණා යනු ගන්නා ලද්දාවූයි. පරාර්ශනය කරන ලද්දාවූයි. යංස හොති යනු යම් කරුණක් ඒ පුද්ගලයාට වේද යනුයි. අලොභාදිය ලොභාදියට ප්රතිපක්ෂවශයෙන් දතයුතුය. විගතාභිජෙක්ධා යනාදියෙන් මෛත්‍රියෙහි පූර්වභාගය කියනලදී.
ඉදානි මෙත්තාදිකං කම්මට්ඨානං කථෙන්තො මෙත්තාසහගතෙනාතිආදිමාහ. තත්ථ කම්මට්ඨානකථාය වා භාවනානයෙ වා පාළිවණ්ණනාය වා යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.240) වුත්තමෙව. එවං අවෙරචිත්තොති එවං අකුසලවෙරස්ස ච පුග්ගලවෙරිනො ච නත්ථිතාය අවෙරචිත්තො. අබ්යාබජ්ඣචිත්තොති කොධචිත්තස්ස අභාවෙන නිද්දුක්ඛචිත්තො. අසංකිලිට්ඨචිත්තොති කිලෙසස්ස නත්ථිතාය අසංකිලිට්ඨචිත්තො. විසුද්ධචිත්තොති කිලෙසමලාභාවෙන විසුද්ධචිත්තො හොතීති අත්ථො. තස්සාති තස්ස එවරූපස්ස අරියසාවකස්ස. අස්සාසාති අවස්සයා පතිට්ඨා. සචෙ ඛො පන අත්ථි පරො ලොකොති යදි ඉමම්හා ලොකා පරලොකො නාම අත්ථි. අථාහං කායස්ස භෙදා පරම්මරණා…පෙ… උපපජ්ජිස්සාමීති අත්ථෙතං කාරණං, යෙනාහං කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති එවං සබ්බත්ථ නයො වෙදිතබ්බො. අනීඝන්ති නිද්දුක්ඛං. සුඛින්ති සුඛිතං. උභයෙනෙව විසුද්ධං අත්තානං සමනුපස්සාමීති යඤ්ච පාපං න කරොමි, යඤ්ච කරොතොපි න කරීයති, ඉමිනා උභයෙනාපි විසුද්ධං අත්තානං සමනුපස්සාමි. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
දැන් මෛත්‍රී ආදී කර්මස්ථානය ප්‍රකාශකරන සේක් මෙත්තාසහගතෙන යි කීසෙක්. එහි කර්මස්ථාන කථාවෙහි හෝ භවානාක්රමයෙහි හෝ පෙළවැණුමෙහි හෝ යමක් කිවයුතු වන්නේද ඒ සියල්ලම විසුද්ධිමග්ගයෙහි කියනලද්දේමය. එවං අවෙරචිත්තො යනු මෙසේ අකුශල වෛරයද පුද්ගල වෛරීන්ද නොමැති බැවින් වෛරනැති සිතැත්තේයි. අව්යාපජක්ධචිත්තො යනු ක්රොධසිත නොමැති කමින් නිදුක් සිතැත්තේයි. අසඞ්කිලිටඨචිත්තො යනු කෙලෙසන්නාවූ කෙලෙස් නැති බැවින් නොකිලිටිවූ සිතැත්තේයි. විසුද්ධිචිත්තො යනු කෙලෙස් මල නොමැති බැවින් පිරිසුදු සිතැත්තේ වේයයි අරුත්ය. තස්ස යනු මෙබඳුවූ ඒ ආර්ය්යපුද්ගලයාගේයි. අස්සාසා යනු අවශ්‍ය උපකාරයයි. සචෙ ඛො පන අත්ථි පරලොකො යනු ඉදින් මෙලොවින් පරලොවක් නම් ඇත්ද යනුයි. ඨානමහං කායස්සභෙදා -පෙ- උප්පජ්ජිස්සාමි යනු යම් හෙයකින් මම කයේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ගයෙහි උපදින්නෙම් යන මෙකරුන ඇත. මෙසේ සියලු තන්හි ක්‍රමය දතයුතුය. අනීඝං යනු නිදුක්වුයි. සුඛං යනු සුවපත්වූයි. උභයෙනෙව සුද්ධමත්තානං සමනුප්ස්සාමි යනු කිසියම් පවක් නොකරමියිද කරන්නාටද යම් පවක් නොකෙරේද යන මේ කරුණු දෙකින්මපිරිසුදුවූ තමන් දකින්නෙමි. සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.
6. සාළ්හසුත්තවණ්ණනා
3. 2. 2. 6
ඡට්ඨෙ මිගාරනත්තාති මිගාරසෙට්ඨිනො නත්තා. සෙඛුනියනත්තාති සෙඛුනියසෙට්ඨිනො නත්තා. උපසඞ්කමිංසූති භුත්තපාතරාසා දාසකම්මකරපරිවුතා උපසඞ්කමිංසු. තෙසං කිර පුරෙභත්තෙ පුබ්බණ්හසමයෙයෙව ගෙහෙ එකො පඤ්හො සමුට්ඨිතො, තං පන කථෙතුං ඔකාසො නාහොසි. තෙ “තං පඤ්හං සොස්සාමා”ති ථෙරස්ස සන්තිකං ගන්ත්වා වන්දිත්වා තුණ්හී නිසීදිංසු. ථෙරො “ගාමෙ තං සමුට්ඨිතං පඤ්හං සොතුං ආගතා භවිස්සන්තී”ති තෙසං මනං ඤත්වා තමෙව පඤ්හං ආරභන්තො එථ තුම්හෙ සාළ්හාතිආදිමාහ. තත්ථ අත්ථි ලොභොති ලුබ්භනසභාවො ලොභො නාම අත්ථීති පුච්ඡති. අභිජ්ඣාති ඛො අහං සාළ්හා එතමත්ථං වදාමීති එතං ලොභසඞ්ඛාතං අත්ථං අහං “අභිජ්ඣා”ති වදාමි, “තණ්හා”ති වදාමීති සමුට්ඨිතපඤ්හස්ස අත්ථං දීපෙන්තො ආහ. එවං සබ්බවාරෙසු නයො නෙතබ්බො.
සවැන්නෙහි මිගාරනත්තා යනු මිගාර සිටුගේ මුණුබුරායි. පෙඛුණියනත්තා යනු පෙඛුණිය සිටුගේ මුණුබුරායි. උපසංකමිංසු යනු වැළඳූ උදාඅහර ඇත්තෝ දස් දම්කරුවන් පිරිවරණලද්දෝ පැමිණියාහුය. ඔවුනට වනාහි පෙරබතෙහි පූර්වාහ්ණයෙහිම එක් ප්‍රශ්නයක් පැන නැංගේය. එය (ගැන) කථා කිරීමට ඉඩක් නොවීය. ඔවුහු එම ප්රශ්නය අසන්නෙමුයි තෙරුන් ළඟට ගොස් වැඳ නිහඬව හුන්නාහුය. තෙරණුවෝ ගමෙහි හටගත් එම ප්රශ්නය අසන්නට පැමිණියාහු වෙතැයි ඔවුන්ගේ සිත දැන එම ප්‍රශ්නයම අරන්නාහු එථ තුමේහ සාළහා යනාදිය පැවසූහ. එහි අත්ථි ලොභො යනු ආශා කිරීම් ස්වභාවය ඇති ලෝභයක් ඇත්දැයි අසයි. අභිජක්ධාති ඛො අහං සාළ්හා එතමත්ථං වදාමි යනු මේ ලෝභ සංඛ්‍යාත අර්ත්ථය මම අභිධ්යාවයයි කියමි. තෘෂ්ණාවයයි කියමියි හටගත් ප්රශ්නයේ අර්ත්ථය දක්වමින් පැවසූහ. මෙසේ සියලු වාරයන්හි ක්‍රමය ඉදිරිපත් කළයුතුය.
සො එවං පජානාතීති සො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා ඨිතො අරියසාවකො සමාපත්තිතො වුට්ඨාය විපස්සනං ආරභන්තො එවං පජානාති. අත්ථි ඉදන්ති අත්ථි දුක්ඛසච්චසඞ්ඛාතං ඛන්ධපඤ්චකං නාමරූපවසෙන පරිච්ඡින්දිත්වා පජානන්තො එස “එවං පජානාති අත්ථි ඉද”න්ති වුත්තො. හීනන්ති සමුදයසච්චං. පණීතන්ති මග්ගසච්චං. ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරි නිස්සරණන්ති ඉමස්ස විපස්සනාසඤ්ඤාසඞ්ඛාතස්ස සඤ්ඤාගතස්ස උත්තරි නිස්සරණං නාම නිබ්බානං, තමත්ථීති ඉමිනා නිරොධසච්චං දස්සෙති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණන්ති එකූනවීසතිවිධං පච්චවෙක්ඛණඤාණං කථිතං. අහු පුබ්බෙ ලොභොති පුබ්බෙ මෙ ලොභො අහොසි. තදහු අකුසලන්ති තං අකුසලං නාම අහොසි, තදා වා අකුසලං නාම අහොසි. ඉච්චෙතං කුසලන්ති ඉති එතං කුසලං, තස්සෙව අකුසලස්ස නත්ථිභාවං කුසලං ඛෙමන්ති සන්ධාය වදති. නිච්ඡාතොති නිත්තණ්හො. නිබ්බුතොති අබ්භන්තරෙ සන්තාපකරානං කිලෙසානං අභාවෙන නිබ්බුතො. සීතිභූතොති සීතලීභූතො. සුඛප්පටිසංවෙදීති කායිකචෙතසිකස්ස සුඛස්ස පටිසංවෙදිතා. බ්රහ්මභූතෙනාති සෙට්ඨභූතෙන. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
සො එවං පජානාති යනු සතර බඹවිහරණ වඩා සිටියාවූ ඒ ආර්යශ්‍රාවක තෙමේ සමවතින් නැගිට විදසුන් අරඹමින් මෙසේ දනියි. අත්ථි ඉදං යනු දුක්ඛසත්‍ය සංඛ්‍යාතවූ ස්කන්ධ පංචකයක් ඇත්ද එය නාමරූප වශයෙන් පිරිසිඳ දන්නාවු මෙතෙම මෙසේ දනියි යන්න අත්ථි ඉදංසි කියනලද්දේ වෙයි. හීනං යනු සමුදය සත්‍යයි. පණීතං යනු මාර්ග සත්‍යයයි. ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණං යන විදර්ශනාසංඥා සංඛ්‍යාතවූ සංඥාවට පැමිණි මොහුට මත්තෙහි නිශ්ශරණ නම්වූ නිවනය එය ඇත යන මෙයින් නිරොධසත්‍යය දක්වයි. විමුත්තමිතිඤාණං යන්නෙන් එකුන්විසි ආකාර ප්‍රත්‍යවෙක්ෂාඥානය කියනලදී. අහු පුබේබ ලොභො යනු පෙර මට ලෝභය වූයේයි. තදහු අකුසලං යනු එය අකුසලය නම් වූයේය. එකල්හි හෝ අකුසලය වූයේයි. ඉවේවතං කුසලං යනු මෙසේ මේ කුසලයයි. ඒ අකුසලයේ නොමැති බව කුසලයය. ක්ෂෙමය යන කරුණ සඳහා කියයි. නිච්ඡාතො යනු තාෂ්ණා නැත්තේයි. නිබ්බුතො යනු අභයන්තරයෙහි තැවුල් ඇති කරන්නාවූ කෙලෙසුන් නොමැති බැවින් නිවුනේයි. සීතිභූතො යනු සිසිල් වුයේයි. සුඛපටිසංවෙදි යනු කායික චෛතසික සුවය විදීමයි. බ්රහ්මභූතෙන යනු ශ්‍රේෂ්ඨවූ තැනැත්තහු විසිනි. සෙස්ස සියලුතන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.