යෙදුමෙන් කියවන්න

4. සරභසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

4. සරභසුත‍්තවණ‍්ණනා

3. 2. 2. 4

චතුත්‍ථෙ රාජගහෙති එවංනාමකෙ නගරෙ. ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙති ගිජ‍්ඣසදිසානිස‍්ස කූටානි, ගිජ‍්ඣා වා තස‍්ස කූටෙසු වසන‍්තීති ගිජ‍්ඣකූටො, තස‍්මිං ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. එතෙනස‍්ස රාජගහං ගොචරගාමං කත්‍වා විහරන‍්තස‍්ස වසනට‍්ඨානං දස‍්සිතං. ගිජ‍්ඣකූටස‍්මිඤ‍්හි තථාගතං උද‍්දිස‍්ස විහාරො කාරිතො, ගිජ‍්ඣකූටවිහාරොත්‍වෙවස‍්ස නාමං. තත්‍ථායං තස‍්මිං සමයෙ විහරතීති. සරභො නාම පරිබ‍්බාජකො අචිරපක‍්කන‍්තො හොතීති සරභොති එවංනාමකො පරිබ‍්බාජකො ඉමස‍්මිං සාසනෙ පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව පක‍්කන‍්තො හොති, අධුනා විබ‍්භන‍්තොති අත්‍ථො. සම‍්මාසම‍්බුද‍්ධෙ හි ලොකෙ උප‍්පන‍්නෙ තිත්‍ථියා නට‍්ඨලාභසක‍්කාරා අහෙසුං, තිණ‍්ණං රතනානං මහාලාභසක‍්කාරො උප‍්පජ‍්ජි. යථාහ –

සිවුවැන්නෙහි, රාජගහෙ යනු මෙබඳු නම් ඇති නගරයෙහියි. ගිජක්‍ධකූටෙ පබ්බතෙ යනු මෙහි කුළු (මුදුන්) ගිජුලිහිණියන්ට සමානය හෝ එහි කුළුවල ගිජුලිහිණියෝ වසත් යන්නෙන් හෝ ගිජක්‍ධකූට නම් වෙයි, ඒ ගිජුකුළු පව්වෙහිය. එයින් රජගහනුවර ගොදුරුගම කොට වසන්නාවූ බුදුරදුන් වෙසෙන තැන දක්වනලදී. ගිජුකුළු පව්වෙහි තථාගතයන්වහන්සේ උදෙසා විහාරයක් කරවනලදී. ගිජුකුළුවිහාරය යනු එහි නමයි. එහි භාග්‍යවතුන්වහන්සේ එසමයෙහි වාසය කරනසේක. සරභො නාම පරිබ්බාජකො අචිරපක්කනේතා හොති යනු සරභ යන මෙබඳු නමක් ඇති පිරිවැජි තෙමේ මේ සසුනෙහි පැවිදිව නොබෝකලකින් ඉවත්ව ගියේය වෙයි. මෑතදී සිවුරු හළේය යන අරුත්ය. සම්මාසම්බුදුන් වහන්සේ ලොව පහළවූ කල්හි තීර්ථකයෝ නටුවාවූ ලාභසත්කාර ඇත්තෝ වූහ. තෙරුවනට මහත්ලාභසත්කාරයක් උපන්නේය. මෙසේ කියනලද්දේ වෙයි:

“තෙන ඛො පන සමයෙන භගවා සක‍්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. අඤ‍්ඤතිත්‍ථියා පන පරිබ‍්බාජකා අසක‍්කතා හොන‍්ති අගරුකතා අමානිතා අපූජිතා න ලාභිනො චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරාන”න‍්ති (උදා·14; සං·නි·1.2.70).

‘එකල්හි භාග්‍යවතුන්වහන්සේ සත්කාර කරනලද්දෝ ගරුකරනලද්දෝ වඳනාලද්දෝ පුදන ලද්දෝ, චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය බෙහෙත් පිරිකර ලබන්නෝ වූසේක. අන්තොටු පිරිවැජියෝ සත්කාර නොකරලද්දාහුය. ගරුනොකරන ලද්දාහුය. නොපුදනලද්දාහුය. චීවර පිණ්ඩපාතසේනාසන ගිලාන ප්‍රත්‍යය බෙහෙත් පිරිකර නොලබන්නෝ වූහ.’

තෙ එවං පරිහීනලාභසක‍්කාරා පඤ‍්චසතමත‍්තා එකස‍්මිං පරිබ‍්බාජකාරාමෙ සන‍්නිපතිත්‍වා සම‍්මන‍්තයිංසු – “භො, මයං සමණස‍්ස ගොතමස‍්ස උප‍්පන‍්නකාලතො පට‍්ඨාය හතලාභසක‍්කාරා ජාතා, සමණස‍්ස ගොතමස‍්ස සාවකානඤ‍්චස‍්ස එකං අවණ‍්ණං උපධාරෙථ, අවණ‍්ණං පත්‍ථරිත්‍වා එතස‍්ස සාසනං ගරහිත්‍වා අම‍්හාකං ලාභසක‍්කාරං උප‍්පාදෙස‍්සාමා”ති. තෙ වජ‍්ජං ඔලොකෙන‍්තා – “තීසු ද‍්වාරෙසු ආජීවෙ චාති චතූසුපි ඨානෙසු සමණස‍්ස ගොතමස‍්ස වජ‍්ජං පස‍්සිතුං න සක‍්කා, ඉමානි චත‍්තාරි ඨානානි මුඤ‍්චිත්‍වා අඤ‍්ඤත්‍ථ ඔලොකෙථා”ති ආහංසු. අථ නෙසං අන‍්තරෙ එකො එවමාහ – “අහං අඤ‍්ඤං න පස‍්සාමි, ඉමෙ අන්‍වඩ‍්ඪමාසං සන‍්නිපතිත්‍වා ද‍්වාරවාතපානානි පිධාය සාමණෙරානම‍්පි පවෙසනං න දෙන‍්ති. ජීවිතසදිසාපි උපට‍්ඨාකා දට‍්ඨුං න ලභන‍්ති, ආවට‍්ටනිමායං ඔසාරෙත්‍වා ඔසාරෙත්‍වා ජනං ආවට‍්ටෙත්‍වා ආවට‍්ටෙත්‍වා ඛාදන‍්ති. සචෙ තං මයං ආහරිතුං සක‍්ඛිස‍්සාම, එවං නො ලාභසක‍්කාරඋළාරො භවිස‍්සතී”ති. අපරොපි එවමෙව වදන‍්තො උට‍්ඨාසි. සබ‍්බෙ එකවාදා අහෙසුං. තතො ආහංසු – “යො තං ආහරිතුං සක‍්ඛිස‍්සති, තං මයං අම‍්හාකං සමයෙ ජෙට‍්ඨකං කරිස‍්සාමා”ති.

ඔවුහු මෙසේ පිරිහුණු ලාභසත්කාර ඇත්තෝ පන්සියයක් පමණ එක් පරිබ්බාජකාරාමයකට රැස්ව සාකච්ඡා කළාහුය. ‘පින්වත්නි, අපි ශ්‍රමණ භවත් ගෞතමයන් පහළවූ කල පටන් නටුවාවූ ලාභසත්කාර ඇත්තෝ වෙමු. ශ්‍රමණභවත් ගෞතමයන්ගේද ශ්‍රාවකයන්ගේද එක් අගුණයක් සලකවු. නුගුණ පතුරා ඔහුගේ සසුන ගරහා අපට ලාභසත්කාර උපදවන්නෙමු’ යනුවෙනි. ඔවුහු වරදක් සොයමින් තිදොරෙහිද ආජීවයෙහිද යන සිවුතන්හිද ශ්‍රමණභවත් ගෞතමයන්ගේ වරදක් දැක්මට නොහැක්කාහු ‘මේ සිවුතැන් හැර අන්තැනක (වරදක්) සොයවු’යි කීවාහුය. ඉක්බිති ඔවුනතුරෙන් එකෙක් මෙසේ කීය. ‘මම අනෙකක් නොදකිමි. මොවුහු අඩමසක් පාසා රැස්වදොර කවුළුවසා හෙරණුන්ටද පිවිසීමට නොදෙති. ජීවිතසමාන උපස්ථායකයෝද (එය) දැකීමක් නොලබති. ආවට්ටනී (මිනිසුන් ඇද බැද තබා ගන්නා) මායාවක් මතු කොට දක්වමින් ජනතාව මුළාකරගෙන කති. ඉදින් මායාව ගෙන ඒමට හැකිවන්නමෝ නම් මෙසේ අපගේ ලාභ සත්කාර මහත් වන්නේය.’ තවකෙක් තවකෙක්ද මෙසේම කියමින් නැඟී සිටියහ. සියල්ලෝ එකම මතයක පිහිටියහ. ඉක්බිති, ‘යමෙක් එය ගෙන ඒමට හැකි වන්නේද ඔහු අපගේ සමයෙහි ජ්‍යෙෂ්ඨයකු කරනනෙමැයි කීවාහුය.

තතො කොටිතො පට‍්ඨාය “ත්‍වං සක‍්ඛිස‍්සසි, ත්‍වං සක‍්ඛිස‍්සසී”ති පුච‍්ඡිත්‍වා “අහං න සක‍්ඛිස‍්සාමි, අහං න සක‍්ඛිස‍්සාමී”ති බහූහි වුත‍්තෙ සරභං පුච‍්ඡිංසු – “ත්‍වං සක‍්ඛිස‍්සසි ආචරියා”ති. සො ආහ – “අගරු එතං ආහරිතුං, සචෙ තුම‍්හෙ අත‍්තනො කථාය ඨත්‍වා මං ජෙට‍්ඨකං කරිස‍්සථා”ති. අගරු එතමාචරිය ආහර, ත්‍වං කතොයෙවාසි අම‍්හෙහි ජෙට‍්ඨකොති. සො ආහ – “තං ආහරන‍්තෙන ථෙනෙත්‍වා වා විලුම‍්පිත්‍වා වා ආහරිතුං න සක‍්කා, සමණස‍්ස පන ගොතමස‍්ස සාවකසදිසෙන හුත්‍වා තස‍්ස සාවකෙ වන්‍දිත්‍වා වත‍්තපටිවත‍්තං කත්‍වා තෙසං පත‍්තෙ භත‍්තං භුඤ‍්ජිත්‍වා ආහරිතුං සක‍්කා. රුච‍්චති වො එතස‍්ස එත‍්තකස‍්ස කිරියා”ති. යංකිඤ‍්චි කත්‍වා ආහරිත්‍වා ච නො දෙහීති. තෙන හි මං දිස‍්වා අපස‍්සන‍්තා විය භවෙය්‍යාථාති පරිබ‍්බාජකානං සඤ‍්ඤං දත්‍වා දුතියදිවසෙ පාතොව උට‍්ඨාය ගිජ‍්ඣකූටමහාවිහාරං ගන‍්ත්‍වා දිට‍්ඨදිට‍්ඨානං භික‍්ඛූනං පඤ‍්චපතිට‍්ඨිතෙන පාදෙ වන්‍දි. භික‍්ඛූ ආහංසු – “අඤ‍්ඤෙ පරිබ‍්බාජකා චණ‍්ඩා ඵරුසා, අයං පන සද‍්ධො භවිස‍්සති පසන‍්නො”ති. භන‍්තෙ, තුම‍්හෙ ඤත්‍වා යුත‍්තට‍්ඨානස‍්මිංයෙව පබ‍්බජිතා, මයං පන අනුපධාරෙත්‍වා අතිත්‍ථෙනෙව පක‍්ඛන‍්තා අනිය්‍යානිකමග‍්ගෙ විචරාමාති. සො එවං වත්‍වා දිට‍්ඨෙ දිට‍්ඨෙ භික‍්ඛූ පුනප‍්පුනං වන්‍දති, න‍්හානොදකාදීනි පටියාදෙති, දන‍්තකට‍්ඨං කප‍්පියං කරොති, පාදෙ ධොවති මක‍්ඛෙති, අතිරෙකභත‍්තං ලභිත්‍වා භුඤ‍්ජති.

අනතුරුව කෙළවරෙහි පටන් නුමට හැකිද නුඹට හැකිදැයි අසා මට නොහැක, මට නොහැකැයි බොහෝ දෙනකු කීකල්හි ‘ඇදුරුතුමනි, නුඹට හැකිදැ’යි සරභ පරිවැජියාගෙන් ඇසුහ. නුඹවහන්සේලා තම කථාවෙහි පිහිටා මා ජ්‍යෙෂ්ඨයකු කරන්නහු නම් මෙය අපහසුවක් නොවේයයි හෙතෙම කීවේය. ‘ආචාරීනි, මෙය අපහසුනොවේ. ගෙනෙන්න, අපවිසින් ඔබ ජ්‍යෙෂ්ඨයෙක් කරනලද්දේම වෙහි’යයි (අන්‍යයෝ කීහ.) ‘එය ගෙනෙන්නහු විසින් සොරාගෙන හෝ පැහැරගෙන හෝ ගෙනඒමට නොහැක්කේය. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ සව්වකු මෙන්වී ඔහුගේ සව්වන් වැඳ වත්පිළිවෙත් කොට ඔවුන්ගේ පාත්‍රයෙහි බත් වළඳා ගෙන ඒමට හැකිය. ඔහුගේ මෙබඳු ක්‍රියාවන්ට ඔබලා කැමැත්තහුදැ’යි හෙතෙම ඇසීය. ‘යම් කිසිවක් කොට එය ගෙනවුත් අපට දෙන්නැ’යි ඔවුහු කීහ. ‘එසේ වීනම් මාදැක නොපසන් වූවන් මෙන් වන්නහු’යයි පිරිවැජියන්ට සංඥාවක් දී දෙවැනි දිනයෙහි උදයෙන්ම නැඟිට ගිජුකුළු මහ වෙහෙරට ගොස් දුටුදුටු භික්‍ෂූන්ට පසඟ පිහිටුවා පාවැන්දේය. ‘අන් පිරිවැජියෝ සැඩ පරුසය. මෙතෙම වනාහි පසන්වූයේ සැදැහැවතෙක් වන්නේය’යි භික්‍ෂූහු පැවසූහ. ‘ස්වාමීනි, නුඹවහන්සේලා දැන සුදුසු තන්හිම පැවිදිවූවාහුය. අපි වනාහි සලකා නොබලමින් නොතොටින් ඇතුළුවුවාහු අනෛර්යානික මාර්ගයෙහි හැසිරෙමු’යි හෙතෙම මෙසේද කියා දුටුදුටු භික්‍ෂුන් යළියළිත් වඳියි. නහන පැන් ආදිය පිළියෙළ කර දෙයි. දැහැටි දඬු කැප කර දෙයි. පා දොවයි. අතුල්ලයි. ඉතිරි බත් ලැබ වළඳයි.

තං ඉමිනා නීහාරෙන වසන‍්තං එකො මහාථෙරො දිස‍්වා, “පරිබ‍්බාජක, ත්‍වං සද‍්ධො පසන‍්නො, කිං න පබ‍්බජසී”ති. කො මං, භන‍්තෙ, පබ‍්බාජෙස‍්සති. මයඤ‍්හි චිරකාලං භදන‍්තානං පච‍්චත්‍ථිකා හුත්‍වා විචරිම‍්හාති. ථෙරො “සචෙ ත්‍වං පබ‍්බජිතුකාමො, අහං තං පබ‍්බාජෙස‍්සාමී”ති වත්‍වා පබ‍්බාජෙසි. සො පබ‍්බජිතකාලතො පට‍්ඨාය නිරන‍්තරං වත‍්තපටිවත‍්තමකාසි. අථ නං ථෙරො වත‍්තෙ පසීදිත්‍වා නචිරස‍්සෙව උපසම‍්පාදෙසි. සො උපොසථදිවසෙ භික‍්ඛූහි සද‍්ධිං උපොසථග‍්ගං පවිසිත්‍වා භික‍්ඛූ මහන‍්තෙන උස‍්සාහෙන පාතිමොක‍්ඛං පග‍්ගණ‍්හන‍්තෙ දිස‍්වා “ඉමිනා නීහාරෙන ඔසාරෙත්‍වා ඔසාරෙත්‍වා ලොකං ඛාදන‍්ති, කතිපාහෙන හරිස‍්සාමී”ති චින‍්තෙසි. සො පරිවෙණං ගන‍්ත්‍වා උපජ‍්ඣායං වන්‍දිත්‍වා, “භන‍්තෙ, කො නාමො අයං ධම‍්මො”ති පුච‍්ඡි. පාතිමොක‍්ඛො නාම, ආවුසොති. උත‍්තමධම‍්මො එස, භන‍්තෙ, භවිස‍්සතීති. ආම, ආවුසො, සකලසාසනධාරණී අයං සික‍්ඛාති. භන‍්තෙ, සචෙ එස සික‍්ඛාධම‍්මො උත‍්තමො, ඉමමෙව පඨමං ගණ‍්හාමීති. ගණ‍්හාවුසොති ථෙරො සම‍්පටිච‍්ඡි. සො ගණ‍්හන‍්තො පරිබ‍්බාජකෙ පස‍්සිත්‍වා “කීදිසං ආචරියා”ති පුච‍්ඡිතො, “ආවුසො, මා චින‍්තයිත්‍ථ, කතිපාහෙන ආහරිස‍්සාමී”ති වත්‍වා නචිරස‍්සෙව උග‍්ගණ‍්හිත්‍වා උපජ‍්ඣායං ආහ – “එත‍්තකමෙව, භන‍්තෙ, උදාහු අඤ‍්ඤම‍්පි අත්‍ථී”ති. එත‍්තකමෙව, ආවුසොති.

එක් මහතෙර නමක් මේ අයුරින් වසන මොහු දැක ‘පිරිවැජිය, නුඹ සැදැහැවත්ය, පසන්ය, කුමක්නිසා පැවිදි නොවන්නෙහිදැයි ඇසූහ. ‘ස්වාමීනි, කවරෙක් මා පැවිදි කරන්නේද? අපි බොහෝකලක් ස්වාමීන්වහන්සේලාට සතුරෝ වී හැසුරුනෙමු’යි හෙතෙම කීවේය. තෙරණුවෝ ඉදින් නුඹ පැවිදිවනු කැමැත්තෙහි නම් මම නුඹ පැවිදි කරන්නෙමියි කියා පැවිදිකරවූහ. හෙතෙම පැවිදිවූ කලපටන් නිබඳව වත්පිළිවෙත් කළේය. ඉක්බිති තෙරණුවෝ මොහුගේ වත්පිළිවෙත්හි පැහැද නොබෝ කලකින්ම උපසපන් කරවූහ. හෙතෙම පොහොය දිනයෙහි භික්‍ෂූන් සමඟ පොහොයගෙට පිවිස භික්‍ෂූන් මහත් උත්සාහයෙන් පාමොක් දැඩිසේ ගනු දැක මොවුහු මේ අයුරින් විස්තර කරමින් ලොව රවටාගෙන කති. කිහිපදිනකින්ම (මෙය) ගන්නෙමි’යි සිතුවේය. හෙතෙම පිරිවෙණට ගොස් උපාධ්‍යායයන්වහන්සේ වැඳ ‘ස්වාමීනි, මේ ධර්‍මය කවර නම් ඇත්තේදැ’යි ඇසීය, ඇවැත්නි, පාමොක් නම් වූයේය’යි තෙරණුවෝ පැවසූහ. ‘මෙය උතුම් දහමක් වන්නේය. (වියහැකිය)යි හෙතෙම පැවසීය. ‘ඇවැත්නි, එසේය: මේ හික්‍ෂාව සියලුසසුන දරන්නේය’යි තෙරණුවෝ පැවසූහ. ‘එසේනම් ස්වාමීනි, මේ හික්‍ෂාධර්මය උතුම්. මෙයම පළමුව ගනිමි’යි හෙතෙම කීය. ‘ඇවැත්නි, ගනුවයි. තෙරණුවෝ පිළිගත්හ. හෙතෙම එය ගන්නේ පිරිවැජියන් දැක (හමුව) ආචාරීනි, කෙබඳුදැයි අසනලද්දේ ‘ඇවැත්නි නොසිතවු. කිහිප දිනකින් ගෙන එන්නෙමැයි කියා නොබෝ දිනකින්ම උගෙන උපාධ්‍යායයන්ගෙන් ‘ස්වාමීනි, මෙපමණක්මද නැතහොත් අන්දෙයකුත් ඇත්දැ’යි විමසීය. ඇවැත්නි, මෙපමණක්මයයි පැවසූහ.

සො පුනදිවසෙ යථානිවත්‍ථපාරුතොව ගහිතනීහාරෙනෙව පත‍්තං ගහෙත්‍වා ගිජ‍්ඣකූටා නික‍්ඛම‍්ම පරිබ‍්බාජකාරාමං අගමාසි. පරිබ‍්බාජකා දිස‍්වා “කීදිසං, ආචරිය, නාසක‍්ඛිත්‍ථ මඤ‍්ඤෙ ආවට‍්ටනිමායං ආහරිතු”න‍්ති තං පරිවාරයිංසු. මා චින‍්තයිත්‍ථ, ආවුසො, ආහටා මෙ ආවට‍්ටනිමායා, ඉතො පට‍්ඨාය අම‍්හාකං ලාභසක‍්කාරො මහා භවිස‍්සති. තුම‍්හෙ අඤ‍්ඤමඤ‍්ඤං සමග‍්ගා හොථ, මා විවාදං අකත්‍ථාති. සචෙ තෙ, ආචරිය, සුග‍්ගහිතා, අම‍්හෙපි නං වාචෙහීති. සො ආදිතො පට‍්ඨාය පාතිමොක‍්ඛං ඔසාරෙසි. අථ තෙ සබ‍්බෙපි – “එථ, භො, නගරෙ විචරන‍්තා සමණස‍්ස ගොතමස‍්ස අවණ‍්ණං කථෙස‍්සාමා”ති අනුග‍්ඝාටිතෙසුයෙව නගරද‍්වාරෙසු ද‍්වාරසමීපං ගන‍්ත්‍වා විවටෙන ද‍්වාරෙන සබ‍්බපඨමං පවිසිංසු. එවං සලිඞ‍්ගෙනෙව අපක‍්කන‍්තං තං පරිබ‍්බාජකං සන්‍ධාය – “සරභො නාම පරිබ‍්බාජකො අචිරපක‍්කන‍්තො හොතී”ති වුත‍්තං.

හෙතෙම දෙවැනි දිනයෙහි හැඳ පෙරවූ අයුරින්ම (කලින්) ගත් අයුරින්ම පාත්‍රය ගෙන ගිජුකුළුපව්වෙන් නික්ම පිරිවැජි අරමට පිවිසියේය. පිරිවැජියෝ ඔහු දැක ‘කෙබඳුද, ඇදුරුතුමනි, ආවට්ටනී මායාව ගෙන ඒමට නොහැකි වුවහුදැ’යි (අසමින්) ඔහු පිරිවරා ගත්හ. ‘නහමක් නොසිතවු ඇවැත්නි, මවිසින් ආවට්ටනී මායාව ගෙනෙනලදී. මෙතැන්පටන් අපට ලාභසත්කාර බහුල වෙයි. නුඹලා ඔවුනොවුන් සමගිවවු. විවාද නොකරව’යි පැවසීය. ‘ඉදින් ආචාර්යතුමනි, ඔබ විසින් මනාව ගන්නාලද්දේ නම් අපලවාද ය කියවුවමැනවැයි ඔවුහු කීහ. හෙතෙම මුල පටන් පාමොක් විස්තර කොට දැක්වීය. ඉක්බිති ඒ සියල්ලෝම, ‘පින්වත්නි, එවු. නුවර හැසිරෙමින් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ නුගුණ කියමු’යි නුවර දොරටු නොඇර තිබියදීම දොරටුව සමීපයට ගොස් විවෘතවූ දොරටුවෙනු සියල්ලන්ට පළමුව (නුවරට) පිවිසියහ. මෙසේ ශ්‍රමණලක්‍ෂණය සහිතව පිටව යන්නාවූ ඒ සරභ පිරිවැජියා සඳහා. ‘සරභො නාම පරිබ්බාජකො අචිරපක්කනේතා හොති’යි කියනලදී.

තං දිවසං පන භගවා පච‍්චූසසමයෙ ලොකං ඔලොකෙන‍්තො ඉදං අද‍්දස – “අජ‍්ජ සරභො පරිබ‍්බාජකො නගරෙ විචරිත්‍වා පකාසනීයකම‍්මං කරිස‍්සති, තිණ‍්ණං රතනානං අවණ‍්ණං කථෙන‍්තො විසං සිඤ‍්චිත්‍වා පරිබ‍්බාජකාරාමං ගමිස‍්සති, අහම‍්පි තත්‍ථෙව ගමිස‍්සාමි, චතස‍්සොපි පරිසා තත්‍ථෙව ඔසරිස‍්සන‍්ති. තස‍්මිං සමාගමෙ චතුරාසීති පාණසහස‍්සානි අමතපානං පිවිස‍්සන‍්තී”ති. තතො “තස‍්ස ඔකාසො හොතු, යථාරුචියා අවණ‍්ණං පත්‍ථරතූ”ති චින‍්තෙත්‍වා ආනන්‍දත්‍ථෙරං ආමන‍්තෙසි – “ආනන්‍ද, අට‍්ඨාරසසු මහාවිහාරෙසු භික‍්ඛුසඞ‍්ඝස‍්ස මයා සද‍්ධිංයෙව පිණ‍්ඩාය චරිතුං ආරොචෙහී”ති. ථෙරො තථා අකාසි. භික‍්ඛූ පත‍්තචීවරමාදාය සත්‍ථාරමෙව පරිවාරයිංසු. සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝං ආදාය ද‍්වාරගාමසමීපෙයෙව පිණ‍්ඩාය චරි. සරභොපි පරිබ‍්බාජකෙහි සද‍්ධිං නගරං පවිට‍්ඨො තත්‍ථ තත්‍ථ පරිසමජ‍්ඣෙ රාජද‍්වාරවීථිචතුක‍්කාදීසු ච ගන‍්ත්‍වා “අඤ‍්ඤාතො මයා සමණානං සක්‍යපුත‍්තියානං ධම‍්මො”තිආදීනි අභාසි. තං සන්‍ධාය සො රාජගහෙ පරිසති එවං වාචං භාසතීතිආදි වුත‍්තං. තත්‍ථ අඤ‍්ඤාතොති ඤාතො අවබුද‍්ධො, පාකටං කත්‍වා උග‍්ගහිතොති දීපෙති. අඤ‍්ඤායාති ජානිත්‍වා. අපක‍්කන‍්තොති සලිඞ‍්ගෙනෙව අපක‍්කන‍්තො. සචෙ හි සමණස‍්ස ගොතමස‍්ස සාසනෙ කොචි සාරො අභවිස‍්ස, නාහං අපක‍්කමිස‍්සං. තස‍්ස පන සාසනං අසාරං නිස‍්සාරං, ආවට‍්ටනිමායං ඔසාරෙත්‍වා සමණා ලොකං ඛාදන‍්තීති එවමත්‍ථං දීපෙන‍්තො එවමාහ.

එදවස ශාස්තෘන්වහන්සේ උදෑසන ලොව බලන සේක් ‘අද සරභ පිරිවැජියා නුවර හැසිර පකාසනිය කර්මය කරයි. තෙරුවනේ නුගුණ කියමින් විස පතුරුවා පිරිවැජි අරමට යන්නේය. මම ද එහිම යන්නෙමි. සිවුපිරිසම එහි රැස්වෙයි. එම රැස්වීමෙහි අසූසාරදහසක් ප්‍රාණීහු අමා පැන් බොන්නාහුය. යන මෙකරුණ දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ, ඔහුට ඉඩ ලැබේවා! කැමති පරිද්දෙන් නුගුණ පවසාවායි සිතා ‘ආනන්ද, අටළොස් මහ වෙහෙරෙහි බික්සඟනට මා සමඟම පිඬු හැසිරීමට සැළ කරව’යි අනඳ තෙරුනට පැවසූ සේක. තෙරණුවෝ එසේ කළහ. භික්‍ෂූහු පාසිවුරු රැගෙන ශාස්තෘන්වහන්සේ පිරිවරාගත්හ. ශාස්තෘන්වහන්සේ භික්‍ෂුසංඝයා රැගෙන දොරටුගම සමීපයෙහිම පිඬු පිණිස හැසුරුණුසේක. සරභ පිරිවැජියාද පිරිවැජියන් සමඟ නුවරට පිවිසියේ ඒ ඒ තන්හි පිරිස්මැද සමූහයා මැද, රජගෙවල, ඇමතිගෙවනල වීදි’ සිවුමංසල ආදි තන්හි සිට, අප විසින් ශ්‍රමණශාක්‍යපුත්‍රයන්ගේ ධර්‍මය දන්නාලදැයි ආදිය පැවසීය. එය සඳහා ‘සො රාජගහෙ පරිසතිං එවං වාචං භාසති’ යනාදිය කියනලදී. එහි අඤ්ඤාතො යනු දන්නාලද්දේ, අවබෝධකරන ලද්දේ, පැහැදිලි කොට ඉගෙනගන්නාලද්දේයි දක්වයි. අඤ්ඤාය යනු දැනයි. අපක්කනේතා යනු ශ්‍රමණලිංගය සහිතවම පිටත්වූයේයි. ඉදින් ශ්‍රමන භවත් ගෞතමයන්ගේ සසුනෙහි හරයක් වුයේ නම් මම එයින් බැහැර නොයන්නෙමි. ඔහුගේ සසුන නිසරුය. ආවර්තනීමායාව ගෙනහැර දක්වමින් ශ්‍රමණයෝ ලොව කති යන මෙකරුන ප්‍රකට කරමින් මෙසේ කීය.

අථ ඛො සම‍්බහුලා භික‍්ඛූති අථ එවං තස‍්මිං පරිබ‍්බාජකෙ භාසමානෙ අරඤ‍්ඤවාසිනො පඤ‍්චසතා භික‍්ඛූ “අසුකට‍්ඨානං නාම සත්‍ථා පිණ‍්ඩාය චරිතුං ගතො”ති අජානන‍්තා භික‍්ඛාචාරවෙලායං රාජගහං පිණ‍්ඩාය පවිසිංසු. තෙ සන්‍ධායෙතං වුත‍්තං. අස‍්සොසුන‍්ති සුණිංසු. යෙන භගවා තෙනුපසඞ‍්කමිංසූති “ඉමං කාරණං දසබලස‍්ස ආරොචෙස‍්සාමා”ති උපසඞ‍්කමිංසු.

අථ ඛො සම්බහුලා භික්‍ඛු යනු ඉක්බිති මෙසේ ඒ පිරිවැජියා කියන කල්හි අරණවැසි පන්සියයක් භික්‍ෂූහු හාස්තෘන් වහන්සේ අසුවල්තැනට පිඬුපිණිස හැසිරීමට ගිය සේක්දැයි නොදන්නාහු පිඬු පිණිස හැසිරෙන වේලෙහි රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. ඔවුන් සඳහා මෙය කියනලදී. අස්සොසුං යනු ඇසූහයි. යෙන භගවා තෙනුපසංකමිංසු යනු මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හයි එළඹියහ.

සිප‍්පිනිකාතීරන‍්ති සිප‍්පිනිකාති එවංනාමිකාය නදියා තීරං. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙනාති කායඞ‍්ගවාචඞ‍්ගානි අචොපෙත්‍වා අබ‍්භන‍්තරෙ ඛන‍්තිං ධාරෙත්‍වා චිත‍්තෙනෙව අධිවාසෙසීති අත්‍ථො. එවං අධිවාසෙත්‍වා පුන චින‍්තෙසි – “කිං නු ඛො අජ‍්ජ මයා සරභස‍්ස වාදං මද‍්දිතුං ගච‍්ඡන‍්තෙන එකකෙන ගන‍්තබ‍්බං, උදාහු භික‍්ඛුසඞ‍්ඝපරිවුතෙනා”ති. අථස‍්ස එතදහොසි – සචාහං භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ගමිස‍්සාමි, මහාජනො එවං චින‍්තෙස‍්සති – “සමණො ගොතමො වාදුප‍්පත‍්තිට‍්ඨානං ගච‍්ඡන‍්තො පක‍්ඛං උක‍්ඛිපිත්‍වා ගන‍්ත්‍වා පරිසබලෙන උප‍්පන‍්නං වාදං මද‍්දති, පරවාදීනං සීසං උක‍්ඛිපිතුං න දෙතී”ති. න ඛො පන මය‍්හං උප‍්පන‍්නෙ වාදෙ පරං ගහෙත්‍වා මද‍්දනකිච‍්චං අත්‍ථි, අහමෙව ගන‍්ත්‍වා මද‍්දිස‍්සාමි. අනච‍්ඡරියං චෙතං ය‍්වාහං ඉදානි බුද‍්ධභූතො අත‍්තනො උප‍්පන‍්නං වාදං මද‍්දෙය්‍යං, චරියං චරණකාලෙ අහෙතුකපටිසන්‍ධියං නිබ‍්බත‍්තෙනාපි හි මයා වහිතබ‍්බං ධුරං අඤ‍්ඤො වහිතුං සමත්‍ථො නාම නාහොසි. ඉමස‍්ස පනත්‍ථස‍්ස සාධනත්‍ථං –

සප්පිනකා තීරං යනු එබඳු නම්ඇති නදියෙහි තෙරයි. අධිවාසෙසි භගවා තුනභිභාවෙන යනු ශරීරාංගයන් හා වචී අංගයන් නොමෙහෙයවා අභ්‍යන්තරයෙහි ක්‍ෂාන්තිය හසුරුවා සිතෙන්ම ඉවසූසේකැයි අර්‍ත්‍ථයි. මෙසේ ඉවසා ‘අද සරභ පිරිවැජියාගේ වාදය මැඩීමට යන මා හුදෙකළාව යායුතුද නැතහොත් බිකසඟන පිරිවැරීමෙන් යායුතුදැ’යි සිතූසේක. ඉක්බිති උන්වහන්සේට මෙසේ අදහස්විය. ඉදින් මම බික්සඟන පිරිවරන ලදුව යන්නෙම් නම් මහජනයා ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ වාදොත්පත්තිස්ථානයට යන්නාහු (ස්වකීය) පක්‍ෂය නඟාගෙන ගොස් පිරිස් බලයෙන් හටගත් වාදය මඩිති. පරවාදීන්ට හිස එසවීමට නොදෙති’යි සිතන්නේය. වාදයක් උපන්කල අනුන් ගෙනගොස් එය මැඩීමේ කාර්යයක් මගේ නැත. ඒ මම දැන් බුදුව තමන්ට උපන් වාදය මැඬ ලන්නෙම් නම් එය ආහ්චර්යයක් නොවේ. (බෝධිසත්ව) චර්යාවෙහි හැසිරෙන කල්හි අහේතුක ප්‍රතිසන්‍ධියෙහි උපන්නාවූ මවිසින් ඉසිලියයුතු බර ඉසිලීමට සමත් අනෙකෙක් නම් නොවීය. මෙකරුණ සාධනය කරනු සඳහා!

“යතො යතො ගරු ධුරං, යතො ගම‍්භීරවත‍්තනී; තදාස‍්සු කණ‍්හං යුඤ‍්ජෙන‍්ති, ස‍්වාස‍්සු තං වහතෙ ධුර”න‍්ති. (ජා· 1.1.29) –

‘යම් යම් තැනක දැඩි බරක්වේද යම් තැනක ගැඹුරු (දුෂ්කර) මාර්ගයක් වේද එකල්හි කණ්හ නමැති ගොනු යොදත්. හෙතෙම ඒ බර උසුලන්නේය’ මේ කණ්හජාතකය ගෙනහැර දැක්විය යුතුය.

ඉදං කණ‍්හජාතකං ආහරිතබ‍්බං. අතීතෙ කිර එකො සත්‍ථවාහො එකිස‍්සා මහල‍්ලිකාය ගෙහෙ නිවාසං ගණ‍්හි. අථස‍්ස එකිස‍්සා ධෙනුයා රත‍්තිභාගසමනන‍්තරෙ ගබ‍්භවුට‍්ඨානං අහොසි. සා එකං වච‍්ඡකං විජායි. මහල‍්ලිකාය වච‍්ඡකං දිට‍්ඨකාලතො පට‍්ඨාය පුත‍්තසිනෙහො උදපාදි. පුනදිවසෙ සත්‍ථවාහපුත‍්තො – “තව ගෙහවෙතනං ගණ‍්හාහී”ති ආහ. මහල‍්ලිකා “මය‍්හං අඤ‍්ඤෙන කිච‍්චං න අත්‍ථි, ඉමමෙව වච‍්ඡකං දෙහී”ති ආහ. ගණ‍්හ, අම‍්මාති. සා තං ගණ‍්හිත්‍වා ඛීරං පායෙත්‍වා යාගුභත‍්තතිණාදීනි දදමානා පොසෙසි. සො වුද‍්ධිමන්‍වාය පරිපුණ‍්ණරූපො බලවීරියසම‍්පන‍්නො අහොසි සම‍්පන‍්නාචාරො, කාළකො නාම නාමෙන. අථෙකස‍්ස සත්‍ථවාහස‍්ස පඤ‍්චහි සකටසතෙහි ආගච‍්ඡන‍්තස‍්ස උදකභින‍්නට‍්ඨානෙ සකටචක‍්කං ලග‍්ගි. සො දසපි වීසම‍්පි තිංසම‍්පි යොජෙත්‍වා නීහරාපෙතුං අසක‍්කොන‍්තො කාළකං උපසඞ‍්කමිත්‍වා ආහ – “තාත, තව වෙතනං දස‍්සාමි, සකටං මෙ උක‍්ඛිපිත්‍වා දෙහී”ති. එවඤ‍්ච පන වත්‍වා තං ආදාය – “අඤ‍්ඤො ඉමිනා සද‍්ධිං ධුරං වහිතුං සමත්‍ථො නත්‍ථී”ති ධුරසකටෙ යොත‍්තං බන්‍ධිත්‍වා තං එකකංයෙව යොජෙසි. සො තං සකටං උක‍්ඛිපිත්‍වා ථලෙ පතිට‍්ඨාපෙත්‍වා එතෙනෙව නිහාරෙන පඤ‍්ච සකටසතානි නීහරි. සො සබ‍්බපච‍්ඡිමසකටං නීහරිත්‍වා මොචියමානො “සු”න‍්ති කත්‍වා සීසං උක‍්ඛිපි.

අතීතයෙහි එක් සාත්තුනායකයෙක් එක් මැහැල්ලකගේ ගෙහි නවාතැන් ගත්තේය. ඉක්බිති ඔහුගේ එක් දෙනකට රාත්‍රි කාලයෙහි පැටවකු බිහි වීමක් විය. ඒ දෙන එක් වසුපැටවකු වැදුවාය. වසුපැටවා දුටුකල පටන් මැහැල්ලට දරුසෙනෙහසක් උපන්නේය. දෙවැනි දිනයෙහි සාත්තුනායකයා, ‘ඔබේ ගෙහි වැටුප (කුලිය) ගන්නැ’යි මැහැල්ලට කීවේය. මැහැල්ල ‘මට අන් දෙයකින් වැඩක් නැත. මේ වසුපැටවා පමණක් දෙන්නැ’යි කීවාය. ‘මෑණියනි, ගන්නැ’යි සාත්තුනායකයා කීවේය. ඕ වසුපැටවා ගෙන කිරි පොවා කැඳබත් තණ ආදිය දෙමින් වැඩුවාය. ඒ වසුපටවා ලොකුවී පිරිපුන් රුව ඇත්තේ ශක්තිසම්පන්න වූයේය. මනා පැවතුම් ඇති ඒ වස්සා නමින් කාළක නම් විය. ඉක්බිති ගැල් පන්සියයක් සමඟ පැමිණෙන්නාවූ එක් සාත්තුනායකයකුගේ ගැල්සක දියෙන් බුන් තැනක ගැලිණ. හෙතෙම දසදෙනෙකුද විසිදෙනකුද යොදවාත් එය ඉවත්කරවීමට නොහැකි වන්නේ කාළක වෙත එළඹ ‘දරුව නුඹට වැටුප දෙමි. මගේ ගැල ඔසවා දෙව’යි පැවසීය. මෙසේද කියා ඔහු රැගෙන මොහු සමග බර ඉසිලීමට අන් සමතෙක් නැතැයි ගැල් වියගසෙහි යොත බැඳ තනි ඔහු පමණක් දෙයවීය. ඒ වස්සා එම ගැල ඔසවා ගොඩබිමෙහි පිහිටුවා මේ අයුරින්ම ගැල් පන්සියයම ඉවත් කළේය. ඔහු සියල්ලට පසුවවූ ගැල ඉවත් කොට මුදන්නේ හුස්මක් ගෙන හිස එසවීය.

සත්‍ථවාහො “අයං එත‍්තකානි සකටානි උක‍්ඛිපන‍්තො එවං න අකාසි, වෙතනත්‍ථං මඤ‍්ඤෙ කරොතී”ති සකටගණනාය කහාපණෙ ගහෙත්‍වා පඤ‍්චසතභණ‍්ඩිකං තස‍්ස ගීවාය බන්‍ධාපෙසි. සො අඤ‍්ඤෙසං අත‍්තනො සන‍්තිකං අල‍්ලීයිතුං අදෙන‍්තො උජුකං ගෙහමෙව අගමාසි. මහල‍්ලිකා දිස‍්වා මොචෙත්‍වා කහාපණභාවං ඤත්‍වා “කස‍්මා, පුත‍්ත, එවමකාසි, මා ත්‍වං ‘මයා කම‍්මං කත්‍වා ආභතෙන අයං ජීවිස‍්සතී’ති සඤ‍්ඤමකාසී”ති වත්‍වා ගොණං උණ‍්හොදකෙන න‍්හාපෙත්‍වා තෙලෙන අබ‍්භඤ‍්ජිත්‍වා “ඉතො පට‍්ඨාය පුන මා එවමකාසී”ති ඔවදි. එවං සත්‍ථා “චරියං චරණකාලෙ අහෙතුකපටිසන්‍ධියං නිබ‍්බත‍්තෙනාපි හි මයා වහිතබ‍්බධුරං අඤ‍්ඤො වහිතුං සමත්‍ථො නාම නාහොසී”ති චින‍්තෙත්‍වා එකකොව අගමාසි. තං දස‍්සෙතුං අථ ඛො භගවා සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතොතිආදි වුත‍්තං.

සාත්තුනායක තෙමේ, ‘මෙතෙම මෙපමණ ගැල් ඔසවමින් මෙසේ නොකළේය. වැටුප සඳහා මෙසේ කරන්නේ වනැ’යි සිතා ගැල් ගණනට කහවණු ගෙන පන්සියයක පොදියක් ඔහුගේ ගෙලෙහි බැන්දෙව්වේය. ඒ ගොනු අනෙකුන්ට තමන් සමීපයට ගැටීමට (ළංවීමට) නොදෙන්නේ කෙළින්ම ගෙදරට ගියේය. මැහැල්ල මෙය දැක (පොදිය) මුදා කහවණු බව දැන, ‘දරුව කුමක් නිසා මෙසේ කෙලෙහිද? නුඹ මා වැඩ කොට ගෙනෙන ලද වැටුපෙන් මෝ ජීවත්වන්නීයයි හැඟීමක් ඇති නොකරව’යි පවසා ගොනු උණුදියෙන් නහවා තෙල් ගල්වා මෙතැන් පටන් නැවත මෙසේ නොකරවයි අවවාද කළාය. මෙකරුන සඳහා ‘චරියං චරණකාලෙ අහෙතුකපටිසන්‍ධියං නිබ්බතේතනාපි හා මයා වහිතබ්බං ධුරං අඤෙඤා වහිතුං සමෙත්‍ථා නාම නාහොසි’ යනු සිතා හුදෙකලාවම වැඩිසෙක්. එය දැක්වීමට ‘අථ ඛො භගවා සායණ්භසමයං පතිසල්ලීණා වුටඨිතො යනාදිය කියනලදී.

තත්‍ථ පටිසල‍්ලානාති පුථුත‍්තාරම‍්මණෙහි චිත‍්තං පටිසංහරිත්‍වා සල‍්ලානතො, ඵලසමාපත‍්තිතොති අත්‍ථො. තෙනුපසඞ‍්කමීති පරිබ‍්බාජකෙසු සකලනගරෙ පකාසනීයකම‍්මං කත්‍වා නගරා නික‍්ඛම‍්ම පරිබ‍්බාජකාරාමෙ සන‍්නිපතිත්‍වා “සචෙ, ආවුසො සරභ, සමණො ගොතමො ආගමිස‍්සති, කිං කරිස‍්සසී”ති. සමණෙ ගොතමෙ එකං කරොන‍්තෙ අහං ද‍්වෙ කරිස‍්සාමි, ද‍්වෙ කරොන‍්තෙ චත‍්තාරි, චත‍්තාරි කරොන‍්තෙ පඤ‍්ච, පඤ‍්ච කරොන‍්තෙ දස, දස කරොන‍්තෙ වීසති, වීසති කරොන‍්තෙ තිංසං, තිංසං කරොන‍්තෙ චත‍්තාලීසං, චත‍්තාලීසං කරොන‍්තෙ පඤ‍්ඤාසං, පඤ‍්ඤාසං කරොන‍්තෙ සතං, සතං කරොන‍්තෙ සහස‍්සං කරිස‍්සාමීති එවං අඤ‍්ඤමඤ‍්ඤං සීහනාදකථං සමුට‍්ඨාපෙත්‍වා නිසින‍්නෙසු උපසඞ‍්කමි.

එහි පතිසල්ලාණා යනු ඵලසමාපත්ති වලින් මිදීමෙන් පැතිරපැවති (වෙන් වෙන්වූ) අරමුණුවලින් සිත හකුළාගෙන යන අර්ථයි. තෙනුපසංකමි යනු පරිවැජියන් සියලු නුවරෙහි පකාසනීය කර්‍මය කොට නුවරින් නික්ම පිරිවැජි අරමෙහි රැස්ව ‘ඉදින් ඇවැත්නි, සරභ, ශ්‍රමණ භවත් ගෞතමයෝ පැමිණෙති නුඹ කුමක් කරහිදැ’යි (අසා) ‘ශ්‍රමණ භවත් ගෞතමයන් එකක් කරනවිට මම දෙකක් කරමි. දෙකක් කරනවිට සතරක්ද පසක් කරනවිට දහයක්ද දහයක් කරනවිට විස්සක්ද විස්සක් කරනවිට සතළිසක්ද සතළිසක් කරනවිට පණසක්ද පණසක් කරනවිට සියයක්ද සියයක් කරනවිට දහසක්ද කරන්නෙමියි මෙසේ ඔවුනොවුනට සිංහනාද කථා නංවා හුන්කලිහි එළඹි සේක.

උපසඞ‍්කමන‍්තො පන යස‍්මා පරිබ‍්බාජකාරාමස‍්ස නගරමජ‍්ඣෙනෙව මග‍්ගො, තස‍්මා සුරත‍්තදුපට‍්ටං නිවාසෙත්‍වා සුගතමහාචීවරං පාරුපිත්‍වා විස‍්සට‍්ඨබලො රාජා විය එකකොව නගරමජ‍්ඣෙන අගමාසි. මිච‍්ඡාදිට‍්ඨිකා දිස‍්වා “පරිබ‍්බාජකා සමණස‍්ස ගොතමස‍්ස පකාසනීයකම‍්මං කරොන‍්තා අවණ‍්ණං පත්‍ථරිංසු, සො එතෙ අනුවත‍්තිත්‍වා සඤ‍්ඤාපෙතුං ගච‍්ඡති මඤ‍්ඤෙ”ති අනුබන්‍ධිංසු. සම‍්මාදිට‍්ඨිකාපි “සම‍්මාසම‍්බුද‍්ධො පත‍්තචීවරං ආදාය එකකොව නික‍්ඛන‍්තො, අජ‍්ජ සරභෙන සද‍්ධිං මහාධම‍්මසඞ‍්ගාමො භවිස‍්සති. මයම‍්පි තස‍්මිං සමාගමෙ කායසක‍්ඛිනො භවිස‍්සාමා”ති අනුබන්‍ධිංසු. සත්‍ථා පස‍්සන‍්තස‍්සෙව මහාජනස‍්ස පරිබ‍්බාජකාරාමං උපසඞ‍්කමි.

එළඹෙන කල්හි පිරිවැජි අරමට මග නුවර මැදින් වූ බැවින් රත් දෙපට සිවුර හැඳ සුගත් මහ සිවුර පොරවා විසුරුවා හළ බළසෙනග ඇතිරජකු මෙන් එකළාව නුවර මැදිනි වැඩිසේක. මිසදිටුගත්තෝ (බුදුන්වහන්සේ වඩිනු) දැක, ‘පිරිවැජියෝ ශ්‍රමණ ගෞතමයන්ට පකාසනිය කර්‍මය කරන්නහු නුගුණ පැතුරූහ. උන්වහන්සේ ඔවුනට එකඟවී සැඟවීමට යනසේක් වනැ’යි ළුහුබැන්දාහුය. සම්‍යක්දෘෂ්ටිකයෝ, සම්මාසම්බුදුන්වහන්සේ පාසිවුරු රැගෙන එකළාව නික්මුණු සේක. අද සරභ සමඟ මහාධර්‍මයුද්ධයක් වන්නේය. අපිදු ඒ සමාගමෙහි කායසාක්‍ෂ්‍යය වන්නෙමු’යි ළුහුබැන්දාහුය. ශාස්තෘන්වහන්සේ මහජනයා බලාසිටියදීම පිරිවැජි අරමට එළඹුණුසේක.

පරිබ‍්බාජකා රුක‍්ඛානං ඛන්‍ධවිටපසාඛන‍්තරෙහි සමුග‍්ගච‍්ඡන‍්තා ඡබ‍්බණ‍්ණඝනබුද‍්ධරස‍්මියො දිස‍්වා “අඤ‍්ඤදා එවරූපො ඔභාසො නාම නත්‍ථි, කිං නු ඛො එත”න‍්ති උල‍්ලොකෙත්‍වා “සමණො ගොතමො ආගච‍්ඡතී”ති ආහංසු. තං සුත්‍වාව සරභො ජාණුකන‍්තරෙ සීසං ඨපෙත්‍වා අධොමුඛො නිසීදි. එවං තස‍්මිං සමයෙ භගවා තං ආරාමං උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. තථාගතො හි ජම‍්බුදීපතලෙ අග‍්ගකුලෙ ජාතත‍්තා අග‍්ගාසනාරහොතිස‍්ස සබ‍්බත්‍ථ ආසනං පඤ‍්ඤත‍්තමෙව හොති. එවං පඤ‍්ඤත‍්තෙ මහාරහෙ බුද‍්ධාසනෙ නිසීදි.

පිරිවැජියෝ ගස්ලැහැබ් අතු අතරෙහි නැගෙමින් සවණක් ඝන බුදුරුස් දැක ‘අන් දිනයන්හි මෙබඳු බැබලීමක් නැත. මේ කිමෙක්දැයි බලා ශ්‍රමණ භවත් ගෞතමයෝ පැමිණති’යි පැවසූහ. එය අසමින්ම සරභ පිරිවැජියා දන අතුරෙහි හිස ගසාගෙන යටිකුරුව හුන්නේය. මෙසේ එකල්හි භාග්‍යවතුන්වහන්සේ ඒ අරමට එළඹ පනවලද අසුනෙහි හුන්සේක. තථාගයන් වහන්සේ වනාහි දඹදිව් තෙලෙහි අග්‍රකුලයෙහි උපන් බැවින් ශ්‍රෙෂ්ඨ ආසනයට සුදුස්සෙකැයි සියලු තන්හි අසුන පනවනලද්දේම වෙයි. මෙසේ පනවනලද මාහැඟිවූ බුද්ධාසනයෙහි වැඩහුන් සේක.

තෙ පරිබ‍්බාජකා සරභං පරිබ‍්බාජකං එතදවොචුන‍්ති සම‍්මාසම‍්බුද‍්ධෙ කිර සරභෙන සද‍්ධිං එත‍්තකං කථෙන‍්තෙයෙව භික‍්ඛුසඞ‍්ඝො සත්‍ථු පදානුපදිකො හුත්‍වා පරිබ‍්බාජකාරාමං සම‍්පාපුණි, චතස‍්සොපි පරිසා පරිබ‍්බාජකාරාමෙයෙව ඔසරිංසු. තතො තෙ පරිබ‍්බාජකා “අච‍්ඡරියං සමණස‍්ස ගොතමස‍්ස කම‍්මං, සකලනගරං විචරිත්‍වා අවණ‍්ණං පත්‍ථරිත්‍වා පකාසනීයකම‍්මං කත්‍වා ආගතානං වෙරීනං පටිසත‍්තූනං පච‍්චාමිත‍්තානං සන‍්තිකං ආගන‍්ත්‍වා ථොකම‍්පි විග‍්ගාහිකකථං න කථෙසි, ආගතකාලතො පට‍්ඨාය සතපාකතෙලෙන මක‍්ඛෙන‍්තො විය අමතපානං පායෙන‍්තො විය මධුරකථං කථෙතී”ති සබ‍්බෙපි සම‍්මාසම‍්බුද‍්ධං අනුවත‍්තන‍්තා එතදවොචුං.

තෙ පරිබ්බාජකා සරහං පරිබ්බාජකං එතදවොචුං යනු සම්මාසම්බුදුන්වහන්සේ සරභ පිරිවැජියා සමඟ මෙපමණක් පවසත්දීම භික්ෂූ සංඝයා ශාස්තෘන්වහන්සේගේ පා අනුගමනය කරන්නෝ වී පිරිවැඩි අරමට පැමිණියාහුය. සිවුපිරිසම පිරිවැජි අරමට රැස්වූහ. ඉක්බිති ඒ පිරිවැජියෝ, ‘ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ක්‍රයාව ආහ්චර්යයකි. සියලු නුවර හැසිර නුගුණ පතුරා පකාසනිය කර්‍මය කොට ආවාවූ වෛරී, පසමිතුරු සතුරන්ගේ සමීපයට පැමිණ මඳක් හෝ කලහයට හේතුවන කථාවක් නොකළාහුය. පැමිණි වේලෙහි පටන් සියවරක් පැසවූ තෙලෙන් තවරන්නාක්හු මෙන් අමා පැන් පොවන්නාක්හු මෙන් මිහිරි කථා පැවැත්වූහ’යි සියල්ලෝම සම්මා සම්බුදුන්වහන්සේට අනුව පවතින්නාහු මෙසේ කීහ.

යාචෙය්‍යාසීති ආයාචෙය්‍යාසි පත්‍ථෙය්‍යාසි පිහෙය්‍යාසි. තුණ‍්හීභූතොති තුණ‍්හීභාවං උපගතො. මඞ‍්කුභූතොති නිත‍්තෙජතං ආපන‍්නො. පත‍්තක‍්ඛන්‍ධොති ඔනතගීවො. අධොමුඛොති හෙට‍්ඨාමුඛො. සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙ පටිජානතොති “අහං සම‍්මාසම‍්බුද‍්ධො, සබ‍්බෙ ධම‍්මා මයා අභිසම‍්බුද‍්ධා”ති එවං පටිජානතො තව. අනභිසම‍්බුද‍්ධාති ඉමෙ නාම ධම‍්මා තයා අනභිසම‍්බුද‍්ධා. තත්‍ථාති තෙසු අනභිසම‍්බුද‍්ධාති එවං දස‍්සිතධම‍්මෙසු. අඤ‍්ඤෙන වා අඤ‍්ඤං පටිචරිස‍්සතීති අඤ‍්ඤෙන වා වචනෙන අඤ‍්ඤං වචනං පටිච‍්ඡාදෙස‍්සති, අඤ‍්ඤං පුච‍්ඡිතො අඤ‍්ඤං කථෙස‍්සතීති අධිප‍්පායො. බහිද‍්ධා කථං අපනාමෙස‍්සතීති බහිද‍්ධා අඤ‍්ඤං ආගන‍්තුකකථං ආහරන‍්තො පුරිමකථං අපනාමෙස‍්සති. අප‍්පච‍්චයන‍්ති අනභිරද‍්ධිං අතුට‍්ඨාකාරං පාතුකරිස‍්සතීති පාකටං කරිස‍්සති. එත්‍ථ ච අප‍්පච‍්චයෙන දොමනස‍්සං වුත‍්තං, පුරිමෙහි ද‍්වීහි මන්‍දබලවභෙදො කොධොයෙව.

යාචෙය්‍යාසි යනු ඉල්වන්නෙහිය, පතන්නෙහිය, කැමතිවන්නෙහියි. තුණභීභූතො යනු නිහඬබවට එළඹියේයි. මඞ්කුභූතො යනු තෙදවත් නොවන බවට පැමිණියේයි. පත්තක්‍ඛන්‍ධො යනු නැවුණු ගෙල ඇත්තේයි. අධොමුඛො යනු යටිකුරුවූ මුව ඇත්තේයි. සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො යනු ‘මම සම්මාසම්බුද්ධ වෙමි. මවිසින් සියලු ධර්‍මයෝ අවබෝධකරනලද්දේය’යි මෙසේ දන්නාවූ ඔබවහන්සේගේයි. අනභිසම්බුද්ධො යනු ඔබ වහන්සේ විසින් මේ ධර්‍මයෝ අවබෝධ නොකරන ලද්දාහුයි. තත්‍ර යනු අවබෝධ නොකරන ලදැයි මෙසේ දක්වනලද ඒ ධර්‍මයන්හියි. අඤේඤන වා අඤ්ඤං පටිචරිස්සති යනු වෙනත් වචනයකින් වෙනත් වචනයක් සඟවන්නේය, වෙනකක් අසනලද්දේ වෙනකක් කියන්නේය යන අර්‍ත්‍ථයි. බහිද්ධා කථං අපනාමෙස්සති යනු පිටතින් අන්‍යවූ ආගන්තුක කථාවක් ගෙනහැර දක්වන්නේ පළමුකථාව ඉවත් කරන්නේයි අප්පච්චයං යනු අතෘප්තියයි, නොසතුටයි. පාතුකරිස්සති යනු ප්‍රකට කරන්නේයි. මෙහිද අප්‍රත්‍යයෙන් දොම්නස කියනලදී. මුලින් කියනලද දෙකින් අඩුවැඩි භේද ඇති ක්‍රෝධයම සඳහන් කරනලදී.

එවං භගවා පඨමවෙසාරජ‍්ජෙන සීහනාදං නදිත්‍වා පුන දුතියාදීහි නදන‍්තො යො ඛො මං පරිබ‍්බාජකාතිආදිමාහ. තත්‍ථ යස‍්ස ඛො පන තෙ අත්‍ථාය ධම‍්මො දෙසිතොති යස‍්ස මග‍්ගස‍්ස වා ඵලස‍්ස වා අත්‍ථාය තයා චතුසච‍්චධම‍්මො දෙසිතො. සො න නිය්‍යාතීති සො ධම‍්මො න නිය්‍යාති න නිග‍්ගච‍්ඡති, න තං අත්‍ථං සාධෙතීති වුත‍්තං හොති. තක‍්කරස‍්සාති යො නං කරොති, තස‍්ස පටිපත‍්තිපූරකස‍්ස පුග‍්ගලස‍්සාති අත්‍ථො. සම‍්මා දුක‍්ඛක‍්ඛයායාති හෙතුනා නයෙන කාරණෙන සකලස‍්ස වට‍්ටදුක‍්ඛස‍්ස ඛයාය. අථ වා යස‍්ස ඛො පන තෙ අත්‍ථාය ධම‍්මො දෙසිතොති යස‍්ස තෙ අත්‍ථාය ධම‍්මො දෙසිතො. සෙය්‍යථිදං – රාගපටිඝාතත්‍ථාය අසුභකම‍්මට‍්ඨානං, දොසපටිඝාතත්‍ථාය මෙත‍්තාභාවනා, මොහපටිඝාතත්‍ථාය පඤ‍්ච ධම‍්මා, විතක‍්කුපච‍්ඡෙදාය ආනාපානස‍්සති. සො න නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායාති සො ධම‍්මො යො නං යථාදෙසිතං කරොති, තස‍්ස තක‍්කරස‍්ස සම‍්මා හෙතුනා නයෙන කාරණෙන වට‍්ටදුක‍්ඛක‍්ඛයාය න නිය්‍යාති න නිග‍්ගච‍්ඡති, තං අත්‍ථං න සාධෙතීති අයමෙත්‍ථ අත්‍ථො. සෙය්‍යථාපි සරභො පරිබ‍්බාජකොති යථා අයං සරභො පරිබ‍්බාජකො පජ‍්ඣායන‍්තො අප‍්පටිභානො නිසින‍්නො, එවං නිසීදිස‍්සතීති.

මෙසේ භාග්‍යවතුන්වහන්සේ පළමුවිසාරද බවින් සිංහනාද කොට යළි දෙවැන්න ආදියෙන් සිංහනාද කරනසේක් යො ඛො මං පරිබ්බාජකා යනාදිය පැවසූසේක. එහි යස්ස ඛො පන තෙ අත්‍ථාය ධම්මො දෙසිතො යනු යම් මාර්‍ගයක් හෝ ඵලයක් සඳහා ඔබ වහන්සේ විසින් චතුරාර්ය සතය ධර්‍මය දෙසනලද්දේද යනුයි. සො න නිය්‍යාති යනු ඒ ධර්‍මය (අරමුණවෙත) යොමු නොකරන්නේය. (අරමුණට) නොයන්නේයි. ඒ අර්‍ත්‍ථය ඉටු නොකරන්නේයි කියනලද්දේ වෙයි. තක්කරස්ස යනු යමෙක් එය කරයිද ප්‍රතිපත්ති පුරන්නාවූ ඒ පුද්ගලයාට යන අර්‍ත්‍ථයි. සම්මා දුක්‍ඛක්‍ඛයාය යනු හේතුවෙන්, නයින්, කරුණින්, සසර දුක් නැතිවීම සඳහායි. නැතහොත්, යස්ස ඛො ප තෙ අත්‍ථාය ධම්මෝ දෙසිතො යනු නුඹවහන්සේ විසින් යම් කරුණක් සඳහා ධර්‍මය දෙසනලද්දේද ඒ කෙසේදයත්? රාගය නැසීම සඳහා අසුභ කර්‍මස්ථානයත් දේවෂය නැසීම සඳහා මෛත්‍රී භාවනාවත්, මෝහය නැසීම සඳහා ධර්‍මපසත් විතර්කය නැසීම සඳහා ආනාපාන සතියත්ය. සො න නිය්‍යාති තක්කරස්ස සම්මාදුක්‍ඛක්‍ඛයාය යනු යමෙක් යම් දහමක් දෙසනලද අයුරින් අනුගමනය කරයිද ඒ දහම එසේ කරන්නාවූ ඔහුට මනා හේතුවෙන් නයින් කරුණින් සසර දුක් කෙළවර කිරීම සඳහා යොමු නොකරයි. නොයයි, ඒ කරුණ ඉටු නොකෙරෙයි යනු මෙහි අරුතයි. සෙය්‍යථාපි සරභො පරිබ්බාජකො යනු යම්සේ මේ සරභ පරිවැජිතෙමේ සොවින් සිතුවිල්ලෙන් යෙදෙමින් වැටහීම් රහිතව හුන්නේද එසේ හිඳින්නේයි

එවං තීහි පදෙහි සීහනාදං නදිත්‍වා දෙසනං නිවත‍්තෙන‍්තස‍්සෙව තථාගතස‍්ස තස‍්මිං ඨානෙ සන‍්නිපතිතා චතුරාසීතිපාණසහස‍්සපරිමාණා පරිසා අමතපානං පිවි, සත්‍ථා පරිසාය අමතපානස‍්ස පීතභාවං ඤත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පක‍්කාමි. තමත්‍ථං දස‍්සෙතුං අථ ඛො භගවාතිආදි වුත‍්තං. තත්‍ථ සීහනාදන‍්ති සෙට‍්ඨනාදං අභීතනාදං අප‍්පටිනාදං. වෙහාසං පක‍්කාමීති අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය අධිට‍්ඨාය සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන ආකාසං පක‍්ඛන්‍දි. එවං පක‍්ඛන්‍දො ච පන තංඛණඤ‍්ඤෙව ගිජ‍්ඣකූටමහාවිහාරෙ පතිට‍්ඨාසි.

මෙසේ තුන් පදයන්ගෙන් සිංහනාද පවත්වා තථාගතයන් වහන්සේ දෙසුම කුළුගන්වත්දී එතැන්හි රැස්වූ අසූසාරදහසක් පමණවූ ප්‍රාණීන්ගෙන් යුත් පිරිස අමාපැන් බීවේය. ශාස්තෘන්වහන්සේ පිරිස අමාපැන් පානය කළබව දැන අහසට පැනනැඟී වැඩිසේක. එකරුණ දැක්වීමට, අථඛො භගවා යනාදිය කියනලදී. එහි සීහනාදං යනු ශ්‍රේෂ්ඨනාදයයි. නිර්භය නාදයයි. අසහාය නාදයයි. වෙහාසං පක්කාමි යනු අභිඥාපාදකවූ චතුර්ථධ්‍යානයට සමවැද (ඉන්) නැඟිට අදිටන් කොට භික්‍ෂුසංඝයා සමඟ අහසට පැනනැඟී සේක. මෙසේ අහසට නැගී සේක් එකෙණෙහිම ගිජුකුළු මහවෙහෙරෙහි පිහිටිසේක.

වාචාය සන‍්නිතොදකෙනාති වචනපතොදෙන. සඤ‍්ජම‍්භරිමකංසූති සම‍්භරිතං නිරන‍්තරඵුටං අකංසු, උපරි විජ‍්ඣිංසූති වුත‍්තං හොති. බ්‍රහාරඤ‍්ඤෙති මහාරඤ‍්ඤෙ. සීහනාදං නදිස‍්සාමීති සීහස‍්ස නදතො ආකාරං දිස‍්වා “අයම‍්පි තිරච‍්ඡානගතො, අහම‍්පි, ඉමස‍්ස චත‍්තාරො පාදා, මය‍්හම‍්පි, අහම‍්පි එවමෙව සීහනාදං නදිස‍්සාමී”ති චින‍්තෙසි. සො සීහස‍්ස සම‍්මුඛා නදිතුං අසක‍්කොන‍්තො තස‍්මිං ගොචරාය පක‍්කන‍්තෙ එකකො නදිතුං ආරභි. අථස‍්ස සිඞ‍්ගාලසද‍්දොයෙව නිච‍්ඡරි. තෙන වුත‍්තං – සිඞ‍්ගාලකංයෙව නදතීති. භෙරණ‍්ඩකන‍්ති තස‍්සෙව වෙවචනං. අපිච භින‍්නස‍්සරං අමනාපසද‍්දං නදතීති වුත‍්තං හොති. එවමෙව ඛො ත්‍වන‍්ති ඉමිනා ඔපම‍්මෙන පරිබ‍්බාජකා තථාගතං සීහසදිසං කත්‍වා සරභං සිඞ‍්ගාලසදිසං අකංසු. අම‍්බුකසඤ‍්චරීති ඛුද‍්දකකුක‍්කුටිකා. පුරිසකරවිතං රවිස‍්සාමීති මහාකුක‍්කුටං රවන‍්තං දිස‍්වා “ඉමස‍්සපි ද‍්වෙ පාදා ද‍්වෙ පක‍්ඛා, මය‍්හම‍්පි තථෙව, අහම‍්පි එවරූපං රවිතං රවිස‍්සාමී”ති සා තස‍්ස සම‍්මුඛා රවිතුං අසක‍්කොන‍්තී තස‍්මිං පක‍්කන‍්තෙ රවමානා කුක‍්කුටිකාරවංයෙව රවි. තෙන වුත‍්තං – අම‍්බුකසඤ‍්චරිරවිතංයෙව රවතීති. උසභොති ගොණො. සුඤ‍්ඤායාති තුච‍්ඡාය ජෙට‍්ඨකවසභෙහි විරහිතාය. ගම‍්භීරං නදිතබ‍්බං මඤ‍්ඤතීති ජෙට‍්ඨකවසභස‍්ස නාදසදිසං ගම‍්භීරනාදං නදිතබ‍්බං මඤ‍්ඤති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

වාචාය සන්නිතොදකෙන යනු වචන නැමති කෙවිටෙති. සඤ්ජම්හරිං අකංසු යනු බරැති නිරතුරු පැහැසීමක් කළහ, මතුමත්තෙහි විද්දාහුයයි කියනලද්දේ වෙයි. බ්‍රහාරඤෙඤ යනු මහ වනයෙහියි. සීහනාදං නදිස්සාමි යනු නද දෙන සිංහයාගේ ආකාරය දැක මෙතෙමේත් තිරිසනෙකි, මමද එසේමය, මොහුගේත් මගේත් පාසතරෙකි. මමත් එසේම සිංහනාද කරමැයි සිතුවේය. හෙතෙම සිංහයා ඉදිරියෙහි නදදීමට නොහැකිවන්නේ සිංහයා ගොදුරු සඳහා ගිය කල්හි තනිව නාදකිරීමට ඇරඹීය. ඉක්බිති ඔහුගෙන් සිවල් හඬම නික්මුණේය. එහෙයින් ‘සිගාලකංයෙච නදති’යි කියනලදී. භෙරණ්ඩකං යනු ඒ හිවල්හඬටම පර්යාය වචනයකි. තවද බිඳුණු ස්වර ඇති නොමනා හඬක් නඟතැයි කියනලද්දේ වෙයි. එවමෙව ඛො ත්‍වං යනු මේ උපමාවෙන් පිරිවැජියෝ තථාගතයන්වහන්සේ සිංහයකුට සමාන කොට සරභ පිරිවැජියා සිවලකුට සමාන කළහ. අම්බකමද්දරී යනු කුඩා කිකිළියයි. ඵුස්සකරචිතං රවිස්සාමි යනු හඬලන මහකුකුළා දැක මොහුටද කකුල් දෙකකි. පියාපත් දෙකෙකි. මටද එසේමය. මමත් මෙසේ හඬ නඟමැයි ඇය ඔහුගේ ඉදිරියෙහි හඬලීමට නොහැකිවන්නී ඔහු ගියකල්හි හඬලමින් කිකිළියකගේ හඬින්ම නාද කළාය. එහෙයින් අම්බකමද්දරී රවිතංයෙව රවතියි කියනලදී. උසභො යනු ගොනායි. සුඤ්ඤාය යනු හිස්බවට, දෙටු ගොනුන්ගෙන් වෙන්වූ බවටයි. ගම්භීරං නදිතබ්බං මඤ්ඤති යනු දෙටු ගොනුන්ගේ හඬට සමානවූ ගැඹුරු හඬක් නැඟිය යුතුයයි හඟියි. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.