3. 2. 2. 4
3. 2. 2. 4.
3. 2. 2. 4.
14. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සරභො නාම පරිබ්බාජකො අචිරපක්කන්තො හොති ඉමස්මා ධම්මවිනයා. සො රාජගහෙ පරිසතිං එවං වාචං භාසති : අඤ්ඤාතො මයා සමණානං සක්‍යපුත්තිකානං ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්‍යපුත්තිකානං ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තොති.
14. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එසමයෙහි සරභ නම් පිරිවැජි මෙසස්නෙන් බැහැරගිය නොබොහෝකලැ. රජගහනුවර පිරිසෙහි “මා විසින් ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගන්නා ලද්දේය. මම ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගෙන ම මෙසේ ඒ සස්නෙන් බැහැර නික්ම සිටියෙමි” යි. මෙසේ තෙපුල් බෙණෙයි.
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පවිසිංසු. අස්සොසුං ඛො තෙ භික්ඛූ සරභස්ස පරිබ්බාජකස්ස රාජගහෙ පරිසතිං එවං වාචං භාසමානස්ස : අඤ්ඤාතො මයා සමණානං සක්යපුත්තියානං ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්යපුත්තියානං ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තොති.
එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. ඒ භික්ෂූහු රජගහනුවර පිරිස්මැද “මා විසින් ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගන්නා ලද්දේය. ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගෙන ම මෙසේ මම ඒ සස්නෙන් බැහැර නික්ම සිටියෙමි” මෙසේ තෙපුල් තෙපලන සරභ පිරිවැජියාගේ වචනය ඇසූහ.
අථ ඛො තෙ භික්ඛූ රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං :
ඉක්බිති ඒ භික්ෂූහු රජගහනුවර පිඬු පිණිස හැසිර පැසුළු බත්හි පිණ්ඩපාතයෙන් වැළැකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
සරභො නාම භන්තෙ පරිබ්බාජකො අචිරපක්කන්තො ඉමස්මා ධම්මවිනයා. සො රාජගහෙ පරිසතිං එවං වාචං භාසති. අඤ්ඤාතො මයා සමණානං සක්යපුත්තියානං ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්යපුත්තියානං ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තොති. සාධු භන්තෙ භගවා යෙන සිප්පිනිකාතිරං යෙන පරිබ්බාජකාරාමො, යෙන සරභො පරිබ්බාජකො, තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
වහන්ස, සරභ පිරිවැජි මේ ශාසනයෙන් බැහැර ගිය නොබෝ කල් ඇති වෙයි. හේ රජගහනුවර පිරිස්මැද “ම විසින් ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගන්නා ලද. ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගෙන ම මෙසේ ඒ සස්නෙන් පහව සිටියෙමි” මෙසේ තෙපුල් තෙපලයි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සප්පිනිකාතීරයෙහි පරිව්‍රාජකාරාමයෙහි සරභ පිරිවැජියා කරා අනුකම්පා සඳහා වඩනාසේක් නම් මනා මැ නු” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන සප්පිනිකාතීරං යෙන පරිබ්බාජකාරාමො යෙන සරභො පරිබ්බාජකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා සරභං පරිබ්බාජකං එතදවොච : සච්චං කිර ත්වං සරභ එවං වදෙසි : අඤ්ඤාතො මයා සමණානං සක්යපුත්තියානං ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්යපුත්තියානං ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තොති? එවං වුත්තෙ සරභො පරිබ්බාජකො තුණ්හී අහොසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්කල්හි පිළිසලනින් නැගී සිටි සේක් සප්පිනිකා හෝතෙර පිරිවැජි අරම කරා සරභ පිරිවැජියා වෙත එළඹි සේක. එළැඹ, පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ම “සැබව, සරභය? තෝ මා විසින් ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගන්නා ලද්දේය. ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය දැනගෙන ම මෙසේ මම ඒ සස්නෙන් පහව සිටිමි” මෙසේ කියයි දැයි වදාළ සේක. එසේ වදාළ කල්හි සරභ පිරිවැජි තුෂ්ණීම්භූත වීය.
දුතියම්පි ඛො භගවා සරභං පරිබ්බාජකං එතදවොච : වදෙහි සරභ, කින්ති තෙ අඤ්ඤාතො සමණානං සක්යපුත්තියානං ධම්මො; සචෙ තෙ අපරිපූරං භවිස්සති, අහං පරිපූරෙස්සාමි. සචෙ පන තෙ පරිපූරං භවිස්සති, අහං අනුමොදිස්සාමීති. දුතියම්පි ඛො සරභො පරිබ්බාජකො තුණ්හී අහොසි.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියාට “කිය සරභය, ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය තා විසින් කිසේ දැනගන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්ණ වේ නම් මම එය පරිපූර්ණ කරමි. ඉදින් තාගේ දැනුම පරිපූර්ණ වේ නම් මම අනුමෙව්නෙමි” යී තෙල වදාළ සේක. දෙවනවටත් සරභ පරිව්‍රාජක තුෂ්ණීම්භූත වීය.
තතියම්පි ඛො භගවා සරභං පරිබ්බාජකං එතදවොච : වදෙහි සරභ, කින්ති තෙ අඤ්ඤාතො සමණානං සක්යපුත්තියානං ධම්මො, සචෙ තෙ අපරිපූරං භවිස්සති, අහං පරිපූරෙස්සාමි. සචෙ පන තෙ පරිපූරං භවිස්සති, අහං අනුමොදිස්සාමීති. තතියම්පි ඛො සරභො පරිබ්බාජකො තුණ්හී අහොසි.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියාට “කිය සරභය, ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය තා විසින් කිසේ දැනගන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්ණ වේ නම් මම එය පරිපූර්ණ කරමි. ඉදින් තාගේ දැනුම පරිපූර්ණ වේ නම් මම අනුමෙව්නෙමි” යී තෙල වදාළ සේක. තෙවනවටත් සරභ පරිව්‍රාජක තුෂ්ණීම්භූත වීය.
අථ ඛො තෙ පරිබ්බාජකා සරභං පරිබ්බාජකං එතදවොචුං : “යදෙව ඛො ත්වං ආවුසො සරභ, සමණං ගොතමං යාචෙය්යාසි. තදෙව තෙ සමණො ගොතමො පවාරෙති. වදෙහාවුසො සරභ, කින්ති තෙ අඤ්ඤාතො සමණානං සක්යපුත්තියානං ධම්මො, සචෙ තෙ අපරිපූරං භවිස්සති, සමණො ගොතමො පරිපූරෙස්සති. සචෙ පන තෙ පරිපූරං භවිස්සති, සමණො ගොතමො අනුමොදිස්සතීති. එවං වුත්තෙ සරභො පරිබ්බාජකො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
ඉක්බිති ඒ පිරිවැජියෝ සරභ පිරිවැජියාහට “ඇවැත සරභය, තෝ යමක් ම මහණගොයුම්හු (අතින්) යදනෙහි නම් එය ම මහණගොයුම්හු තට පවරති. කිය ඇවැත සරභය, ශාක්යපුත්රීයශ්රමණයන්ගේ ධර්මය තා විසින් කිසේ දන්නා ලද ද? ඉදින් තාගේ දැනුම අපරිපූර්ණ වේ නම්, මහණ ගොයුම්හු එය පරිපූර්ණ කරන්නාහ. ඉදින් තාගේ දැනුම පරිපූර්ණ වේ නම්, එය මහණ ගොයුම්හු අනුමෝ වන්නාහ” යි තෙල කීහ. මෙසේ කී කල්හි සරභ පිරිවැජි තුෂ්ණීම්භූත වූයේ නිතෙද වූයේ කරබාගත්තේ යට බලාලූ මුව ඇතියේ සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හුන්නේය.
අථ ඛො භගවා සරභං පරිබ්බාජකං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා තෙ පරිබ්බාජකෙ එතදවොච :
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සරභ පිරිවැජියා තුෂ්ණීම්භූත වූවහු තෙද නැතියහු කරබාගත්තහු යටට හෙළූ මුව ඇත්තහු සිතුවිලි සිතන්නහු වැටහෙන නුවණ නැත්තහු දැන ඒ පිරිවැජියනට තෙල වදාළ සේක:
යො ඛො මං පරිබ්බාජකා එවං වදෙය්ය. සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධාති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්‍යං, සමනුගාහෙය්‍යං, සමනුභාසෙය්‍යං. සො වත මයා සාධුකං සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො අට්ඨානමෙතං අනවකාසො, යං සො තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්ය අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සති, තුණ්හීභූතො වා මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදිස්සති, සෙය්යථාපි සරභො පරිබ්බාජකො.
පිරිවැජියෙනි, “සම්‍යක් සම්බුද්ධයෙමියි පිළිණ කරණ තොප විසින් මේ ධර්මයෝ අනභිසම්බුද්ධයහ”යී යමෙක් මට මෙසේ කියන්නේ නම්, එහි ලා මම ඔහු අතින් ප්‍රශ්න විචාරන්නෙමි. කරුණු ගන්වන්නෙමි. කරුණු කියන්නෙමි. හෙ මා විසින් මොනොවට විචාරනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ, මොනොවට කියනු ලබන්නේ යම් හෙයෙකින් හෙ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථාවක් ලා ප්රස්තුත කථාව බැහැර කරන්නේ හෝ වෙයි. කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූත වූයේ හෝ තෙද රහිත වූයේ කරබාගත්තේ යටිකුරු කළ මුව ඇත්තේ සිතිවිලි සිතන්නේ (වැටහෙන) නුවණ නැත්තේ හිඳුනේ හෝ වෙයි යන මේ තුන් කරුණෙන් එක්තරා කරුණකට නොපැමිණෙන්නේය යන තෙල නොකරුණෙකි. නොවිය හැක්කෙකැ යි වදාළ සේක.
යො ඛො මං පරිබ්බාජකා එවං වදෙය්ය : ඛීණාසවස්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික්ඛීණාති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්‍යං සමනුගාහෙය්‍යං සමනුභාසෙය්‍යං. සො වත මයා සාධුකං සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො අට්ඨානමෙතං අනවකාසො යං සො තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්ය, අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සති, තුණ්හීභූතො වා මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදිස්සති, සෙය්යථාපි සරභො පරිබ්බාජකො.
පිරිවැජියෙනි, “ක්ෂීණාස්රවයෙමි යි පිළිණ කරණ තොපගේ මේ ආස්‍රවයෝ අපරික්ෂීණයහ” යි යමෙක් මට මෙසේ කියන්නේ නම්, එහි ලා මම ඔහු අතින් එය මොනොවට විචාරන්නෙමි. කරුණු ගන්වන්නෙමි. කරුණු කියන්නෙමි. මා විසින් හෙ ඒකාන්තයෙන් විචාරනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ, කරුණු කියනු ලබන්නේ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථායෙකින් ප්රස්තුත කථාව බැහැරලන්නේ හෝ වෙයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූතව හෝ තෙද රහිතව කරබාගෙණ යටට හෙලූ මුව ඇතිව සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හිඳුනේ හෝ වෙයි යන තුන් කරුණෙන් යම් එක්තරා කරුණකට නොයන්නේ ය යන තෙල නොකරුණෙක, නොවිය හැක්කෙක.
යො ඛො මං පරිබ්බාජකා එවං වදෙය්ය : යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො, සො න නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්‍යං සමනුගාහෙය්‍යං, සමනුභාසෙය්‍යං. සො වත මයා සාධුකං සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො අට්ඨානමෙතං අනවකාසො යං සො තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්ය අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සති, තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදිස්සති, සෙය්යථාපි සරභො පරිබ්බාජකොති.
පිරිවැජියෙනි, “යම් මාර්ගඵලයක් පිණිස තොප විසින් ධර්මය දෙසන ලද නම්, එය ඒ ධර්මය පිළිපදනහුට මොනොවට වටදුක් නසනු පිණිස නොසාහා” යි යමෙක් මෙසේ මට කියන්නේ නම්, මා විසින් හේ මොනොවට විචාරනු ලබන්නේ මොනොවට කරුණු ගන්වනු ලබන්නේ මොනොවට කියනු ලබන්නේ සරභ පිරිවැජියා මෙන් අනෙකෙකින් අනෙකක් වසාලන්නේ හෝ වෙයි. බැහැරි කථායෙකින් ප්රස්තුත කථාව බැහැර කරන්නේ හෝ වෙයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරන්නේ හෝ වෙයි. තුෂ්ණීම්භූත වූයේ හෝ තෙද නැතියේ කර බහා ගත්තේ යටට හෙළූ මුව ඇත්තේ සිතිවිලි සිතන්නේ වැටහෙන නුවණ නැත්තේ හෝ හිඳුනේය යන තුන් කරුණු අතුරෙන් යම් එක්තරා කරුණකට නොපැමිණෙන්නේය යන තෙල නොකරුණෙක, නොවිය හැක්කෙකැ යි වදාළ සේක.
අථ ඛො භගවා සප්පිනිකාතීරෙ පරිබ්බාජකාරාමෙ තික්ඛත්තුං සීහනාදං නදිත්වා වෙහාසං පක්කාමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සප්පිනිකා නදීතීරයෙහි පිරිවැජිඅරමෙහි තෙවරක් සිංහනාද කොට අහසට නැගි සේක.
අථ ඛො තෙ පරිබ්බාජකා අචිරපක්කන්තස්ස භගවතො සරභං පරිබ්බාජකං සමන්තතො වාචාසත්තිතොදකෙන සඤ්ජම්භරිං අකංසු : සෙය්යථාපි ආවුසො සරභ බ්රහාරඤ්ඤෙ ජරසිගාලො සීහනාදං නදිස්සාමීති සෙගාලකඤ්ඤෙව නදති, භෙරණ්ඩකඤ්ඤෙව නදති. එවමෙව ඛො ත්වං ආවුසො සරභ, අඤ්ඤත්රෙව සමණෙන ගොතමෙන සීහනාදං නදිස්සාමීති සෙගාලකඤ්ඤෙව නදසි, භෙරණ්ඩකඤ්ඤෙව නදසි. සෙය්යථාපි ආවුසො සරභ අම්බකමද්දරී ඵුස්සකරවිතං රවිස්සාමීති අම්බකමද්දරිරවිතඤ්ඤෙව රවති. එවමෙව ඛො ත්වං ආවුසො සරභ අඤ්ඤත්රෙව සමණෙන ගොතමෙන ඵුස්සකරවිතං රවිස්සාමීති අම්බකමද්දරිරවිතඤ්ඤෙව රවසි. සෙය්යථාපි ආවුසො සරභ උසභො සුඤ්ඤාය ගොසාලාය ගම්භීරං නදිතබ්බං මඤ්ඤති. එවමෙව ඛො ත්වං ආවුසො සරභ, අඤ්ඤත්රෙව සමණෙන ගොතමෙන ගම්භීරං නදිතබ්බං මඤ්ඤසීති. අථ ඛො තෙ පරිබ්බාජකා සරභං පරිබ්බාභාජකං සමන්තතො වාචායසත්තිතොදකෙන සඤ්ජම්භරිං අකංසූති.
ඉක්බිති ඒ පිරිවැජියෝ භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ කල්හි “ඇවැත සරභය, මහවෙනෙහි ජරසිවලෙක් සිහනද කරන්නෙමී, සිවල්හඬ ම නඟා ද, බුන් හඬ ම නඟා ද, ඇවැත සරභය, එසේ ම තෝ ශ්‍රමණ ගෞතමයන් තබා සිංහනාද කරන්නෙමී සිවල්හඬ ම නඟව, බුන් හඬම නඟව. ඇවැත, සරභය, යම්සේ කුඩා කිකිළියක් මහකුකුළු හඬ නඟන්නෙමී කුඩා කිකිළියකගේ හඬ ම කෙරේ ද, ඇවැත සරභය, තෝ එපරිද්දෙන් ම මහණ ගොයුමාණන් හැරපියා ම මහකුකුළුහඬ නඟන්නේමී කියා කුඩා කිකිළියක හඬ ම නඟව, ඇවැත සරභය, යම්සේ ගොනෙක් හිස්වූ ගාළෙක දෙටු ගොනකුසේ ගැඹුරුහඬ නැගිය යුතු කොට සිතන්නේ ද, ඇවැත සරභය, තෝ එසේ ම මහණ ගොයුමාණන් පියා ම ගැඹුරුසේ හඬ නැගිය යුතු කොට සිතව් ය යි වචන නමැති අඩයටියෙන් නරතුරු ව වැදගන්නා ලද්දකු කළහ.