යෙදුමෙන් කියවන්න

3. 2. 2. 5

3. 2. 2. 5.

3. 2. 2. 5.

15. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං යෙන කෙසපුත‍්තං නාම කාලාමානං නිගමො තදවසරි. අස‍්සොසුං ඛො කෙසපුත‍්තියා කාලාමා සමණො ඛලු භො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො කෙසපුත‍්තං අනුප‍්පත‍්තො. තං ඛො පන භවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො : ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො -පෙ- සාධු ඛො පන තථාරූපානං අරහතං දස‍්සනං හොතීති.

15. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත්වූ බික්සඟන හා කොසොල් රට සැරිසරා වඩනා සේක් කාලාම ක්‍ෂත්‍රියයන්ගේ කේසපුත්ත නම් නියම්ගමට වැඩි සේක. කේසපුත්ත නියම්ගම් වැසි කාලාමක්‍ෂත්‍රියයෝ “පින්වත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ වනාහි කේසපුත්ත නියම්ගමට වැඩියහ. එ භවත් ගෞතමයන් වහන්සේ ලකුණු කොට මෙසේ මෙසේත් ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ ... මෙසේ උතුම් වූ කීර්තිශබ්දය ඉතා උස්ව නැංගේය. එබඳු වූ රහතුන්ගේ දර්‍ශනය මනා මැ නු” යි ඇසුවාහුය.

අථ ඛො කෙසපුත‍්තියා කාලාමා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා අප‍්පෙකච‍්චෙ භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ භගවතා සද‍්ධිං සම‍්මොදිංසු, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු, අප‍්පෙකච‍්චෙ යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා එකමන‍්තං නිසීදිංසු, අප‍්පෙකච‍්චෙ නාමගොත‍්තං සාවෙත්‍වා එකමන‍්තං නිසීදිංසු, අප‍්පෙකච‍්චෙ තුණ‍්හීභූතා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො කෙසපුත‍්තියා කාලාමා භගවන‍්තං එතදවොචුං : සන‍්ති භන‍්තෙ, එකෙ සමණබ්‍රාහ‍්මණා කෙසපුත‍්තං ආගච‍්ඡන‍්ති. තෙ සකඤ‍්ඤෙව වාදං දීපෙන‍්ති, ජොතෙන‍්ති, පරවාදං පන ඛුංසෙන‍්ති, වම‍්භෙන‍්ති, ඔපපක‍්ඛිං කරොන‍්ති, පරිභවන‍්ති. අපරෙපි භන‍්තෙ එකෙ සමණබ්‍රාහ‍්මණා කෙසපුත‍්තං ආගච‍්ඡන‍්ති. තෙපි සකඤ‍්ඤෙව වාදං දීපෙන‍්ති, ජොතෙන‍්ති, පරවාදං පන ඛුංසෙන‍්ති, වම‍්භෙන‍්ති, ඔපපක‍්ඛිං කරොන‍්ති, පරිභවන‍්ති. තෙසං නො භන‍්තෙ, අම‍්හාකං හොතෙව කඞ‍්ඛා, හොති විචිකිච‍්ඡා : කො සු නාම ඉමෙසං භවන‍්තානං සමණබ්‍රාහ‍්මණානං සච‍්චං ආහ, කො මුසාති.

ඉක්බිති කේසපුත්ත නියම්ගම්වැසි කාලාමක්‍ෂත්‍රියයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරනුවට නිසි තෙපුල් කොට නිමවා එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම්ගොත් අස්වා එකත්පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූතව එකත්පසෙක හුන්හ. එකත්පස්ව හුන් කේසපුත්ත නියම්ගම්වැසි කාලාම ක්‍ෂත්‍රියයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ. “වහන්ස, කේසපුත්තයට එන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු ස්වකීය ලබ්ධිය ම කියති, පවසති. මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, අන්‍යවූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් කේසපුත්තයට එති. ඔහු ද ස්වකීය ලබ්ධිය ම කියති, පවසති, මෙරමාගේ ලබ්ධිය ඝටා බෙණෙති. හෙළා දකිති, බැහැර කෙරෙත්. වහන්ස, එ අපට “මේ භවත් මහණ බමුණන් අතුරෙන් කවරෙක් නම්, සත්‍ය කියා ද! කවරෙක් මුසවා බෙණේදැ යි සැක ඇති වේ ම ය, විචිකිත්සා ඇතිවේ ම ය” යි.

අලංහි වො කාලාමා, කඞ‍්ඛිතුං අලං විචිකිච‍්ඡිතුං. කඞ‍්ඛනීයෙ ව පන වො ඨානෙ විචිකිච‍්ඡා උප‍්පන‍්නා. එථ තුම‍්හෙ කාලාමා, මා අනුස‍්සවෙන, මා පරම‍්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම‍්පදානෙන, මා තක‍්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක‍්කෙන, මා දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා, මා භබ‍්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම‍්හෙ කාලාමා, අත‍්තනාව ජානෙය්‍යාථ : ඉමෙ ධම‍්මා අකුසලා, ඉමෙ ධම‍්මා සාවජ‍්ජා, ඉමෙ ධම‍්මා විඤ‍්ඤුගරහිතා, ඉමෙ ධම‍්මා සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්තීති : අථ තුම‍්හෙ කාලාමා, පජහෙය්‍යාථ.

කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැ යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.

තං කිම‍්මඤ‍්ඤථ කාලාමා ලොභො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති ? අහිතාය, භන‍්තෙ.

කාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? ලෝභය පුරුෂයාගේ සිතතුළ උපදනුයේ ඔහුට වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ දැයි ඇසූ සේක. වහන්ස, අහිත පිණිස වේ යයි කීහ.

ලුද‍්ධො පනායං කාලාමා පුරිසපුග‍්ගලො ලොභෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො පාණම‍්පි හන‍්ති අදින‍්නම‍්පි ආදියති. පරදාරම‍්පි ගච‍්ඡති, මුසාපි භණති, පරම‍්පි තථත‍්තාය සමාදපෙති, යං ස හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. එවං භන‍්තෙ.

කාලාමයෙනි, ලෝභී වූ මේ පුරුෂපුද්ගල ලෝභයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරේ, අයිනාදන් ද ගණී, පරඹුවන් කරා ද යේ. මුසවා ද බෙණේ. මෙරමාත් එබව පිණිස සමාදන් කරවයි. එසේය, වහන්ස.

තං කිම‍්මඤ‍්ඤථ කාලාමා, දොසො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති. අහිතාය භන‍්තෙ.

කාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? ද්වේෂය පුරුෂයාගේ සිතෙහි උපදනුයේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේ ද? වහන්ස, අහිත පිණිස උපදනේය.

දුට‍්ඨො පනායං කාලාමා, පුරිසපුග‍්ගලො දොසෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො පාණම‍්පි හන‍්ති -පෙ- පරම‍්පි තථත‍්තාය සමාදපෙති, යං ස හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. එවං භන‍්තෙ.

කාලාමයෙනි, මේ ද්විෂ්ට වූ පුරුෂපුද්ගල ද්වේෂයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම් එබඳු වූ පණිවාත් කෙරේ ... මෙරමා ද එසෙයට සමාදන් කරවයි. එසේය, වහන්ස.

තං කිම‍්මඤ‍්ඤථ කාලාමා, මොහො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති. අහිතාය භන‍්තෙ.

කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මෝහය පුරුෂයාගේ සිතෙහි උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ වේද? වහන්ස, අහිත පිණිස උපදනේය.

මූළ‍්හො පනායං කාලාමා, පුරිසපුග‍්ගලො මොහෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො පාණම‍්පි හන‍්ති, අදින‍්නම‍්පි ආදියති, පරදාරම‍්පි ගච‍්ඡති, මුසාපි භණති, පරම‍්පි තථත‍්තාය සමාදපෙති, යං ස හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. එවං භන‍්තෙ.

කාලාමයෙනි, මූඪ වූ මේ පුරුෂපුද්ගල මෝහයෙන් මඩනා ලදුයේ ගන්නා ලද සිත් ඇතියේ යමක් ඔහුට බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස වේ නම්, එබඳු වූ පණිවාත් කෙරේ. අයිනාදනුත් ගණී, පරඹුවන් කරාත් යේ. මුසවාත් බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. එසේය, වහන්ස.

තං කිම‍්මඤ‍්ඤථ කාලාමා, ඉමෙ ධම‍්මා කුසලා වා අකුසලා වාති. අකුසලා භන‍්තෙ.

කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මේ දහම්හු කුසල් හෝ වෙත් ද? අකුසල් හෝ වෙත් ද? වහන්ස, අකුසල්හ.

සාවජ‍්ජා වා අනවජ‍්ජා වාති. සාවජ‍්ජා භන‍්තෙ.

සාවද්‍ය හෝ වෙත් ද? අනවද්‍ය හෝ වෙත් ද? වහන්ස, සාවද්‍යයහ.

විඤ‍්ඤූගරහිතා වා විඤ‍්ඤූප‍්පසත්‍ථා වාති. විඤ‍්ඤූගරහිතා, භන‍්තෙ.

නුවණැත්තන් විසින් ගරහන ලද්දාහු ද? නොහොත් නොගරහන ලද්දාහු ද? වහන්ස, නුවණැත්තන් විසින් ගරහන ලද්දාහ.

සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති නො වා කථං වා හෙත්‍ථ හොතීති. සමත‍්තා භන‍්තෙ, සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. එවං නො හෙත්‍ථ හොතීති.

පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද? වහන්ස, ‘පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි මෙහිලා අපට මෙසේ අදහස් වේ.

ඉති ඛො කාලාමා, යන‍්තං අවොචුම‍්හ. එථ තුම‍්හෙ කාලාමා, මා අනුස‍්සවෙන, මා පරම‍්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම‍්පදානෙන, මා තක‍්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක‍්කෙන, මා දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා, මා භබ‍්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම‍්හෙ කාලාමා අත‍්තනාව ජානෙය්‍යාථ : ඉමෙ ධම‍්මා අකුසලා, ඉමෙ ධම‍්මා සාවජ‍්ජා, ඉමෙ ධම‍්මා විඤ‍්ඤූගරහිතා, ඉමෙ ධම‍්මා සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්තීති, අථ තුම‍්හෙ කාලාමා, පජහෙය්‍යාථාති, ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

කාලාමයෙනි, මෙසේ යම් එ බසක් කීමෝ ද: ‘තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, ‘තෙල මෙසේ වී ලැ’යි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, ‘අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැ’යි) භව්‍යරූපතායෙනුදු නොගණුව, ‘මේ මහණ අපට ගුරුහ’යි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි යම් කලෙක තෙපි තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව’යි මෙසේ යමක් කියන ලද නම්, තෙල මේ සඳහා කියන ලදී.

එථ තුම‍්හෙ කාලාමා, මා අනුස‍්සවෙන, මා පරම‍්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම‍්පදානෙන, මා තක‍්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක‍්කෙන, මා දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා, මා භබ‍්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම‍්හෙ කාලාමා, අත‍්තනාව ජානෙය්‍යාථ, ඉමෙ ධම‍්මා කුසලා, ඉමෙ ධම‍්මා අනවජ‍්ජා, ඉමෙ ධම‍්මා විඤ‍්ඤූප‍්පසත්‍ථා, ඉමෙ ධම‍්මා සමත‍්තා සමාදින‍්නා හිතාය සුඛාය සංවත‍්තන‍්තීති, අථ තුම‍්හෙ කාලාමා, උපසම‍්පජ‍්ජ විහරෙය්‍යාථ.

කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, තෙල මෙසේ වීලැයි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, ‘මේ මහණ අපට ගුරුහ’යි ද නොගණුව, කාලාමයෙනි, යම් කලෙක තෙපි මේ දහම්හු කුසල්හ, මේ දහම්හු අනවද්‍යයහ, මේ දහම්හු විඥප්‍රශස්තයහ, මේ දහම්හු සම්පූර්‍ණ කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු වැඩ පිණිස සුව පිණිස පවත්නාහ’යි තුමූ ම දන්නහු නම්, එකල කාලාමයෙනි, තෙපි එය උපයාගෙන වසව.

තං කිම‍්මඤ‍්ඤථ කාලාමා, අලොභො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති. හිතාය භන‍්තෙ.

කාලාමයෙනි, ඒ කිමැයි සිතවු ද? පුරුෂයාගේ සිත තුළ අලෝභය උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස උපදනේ ද? වහන්ස, හිත පිණිස උපදනේය.

අලුද‍්ධො පනායං කාලාමා, පුරිසපුග‍්ගලො ලොභෙන අනභිභූතො අපරියාදින‍්නචිත‍්තො නෙව පාණං හන‍්ති, න අදින‍්නං ආදියති, න පරදාරං ගච‍්ඡති, න මුසා භණති, පරම‍්පි තථත‍්තාය සමාදපෙති, යං ස හොති දීඝරත‍්තං හිතාය සුඛායාති. එවං භන‍්තෙ.

කාලාමයෙනි, අලුබ්ධ වූ මේ පුරුෂ පුද්ගල ලෝභයෙන් නොමඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එබඳු පණිවා නොමැ කෙරේ, අයිනාදන් නො ගණී, පරදාරයන් කරා නො යේ. මුසවා නො බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.

තං කිම‍්මඤ‍්ඤථ කාලාමා, අදොසො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති; හිතාය භන‍්තෙ.

කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? පුරුෂයාගේ සිත තුළ අද්වේෂය උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස උපදනේ ද? වහන්ස, වැඩ පිණිස උපදනේය.

අදුට‍්ඨො පනායං කාලාමා, පුරිසපුග‍්ගලො දොසෙන අනභිභූතො අපරියාදින‍්නචිත‍්තො නෙව පාණං හන‍්ති -පෙ- න මුසා භණති, පරම‍්පි තථත‍්තාය සමාදපෙති. යං ස හොති දීඝරත‍්තං හිතාය සුඛායාති. එවං භන‍්තෙ.

කාලාමයෙනි, අද්විෂ්ට වූ මේ පුරුෂ පුද්ගල ද්වේෂයෙන් නො මඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ යම් කරුණෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එබඳු වූ පණිවා නො ම කෙරේ ... මුසවා නො බෙණේ. මෙරමාත් එසෙයට සමාදන් කරවයි. වහන්ස, එසේය.

තං කිම‍්මඤ‍්ඤථ කාලාමා, අමොහො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති? හිතාය භන‍්තෙ.

කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? අමෝහය පුරුෂයා තුළ උපදනේ වැඩ පිණිස හෝ අවැඩ පිණිස හෝ උපදනේ ද? වහන්ස, වැඩ පිණිස උපදනේ ය.

අමූළ‍්හො පනායං කාලාමා පුරිසපුග‍්ගලො මොහෙන අනභිභූතො අපරියාදින‍්නචිත‍්තො නෙව පාණං හන‍්ති, න අදින‍්නං ආදියති, න පරදාරං ගච‍්ඡති, න මුසා භණති, පරම‍්පි තථත‍්තාය සමාදපෙති, යං ස හොති දීඝරත‍්තං හිතාය සුඛායාති. එවං භන‍්තෙ .

කාලාමයෙනි, අමූඪ වූ මේ පුරුෂ පුද්ගල මෝහයෙන් නොමඩනා ලදුයේ නොගන්නා ලද සිත් ඇතියේ, යම් කරුණෙක් ඔහුට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එබඳු වූ පණිවා නොම කෙරේ, අයිනාදන් නො ගණී, පරදාරයට නොයේ, මුසවා නො බෙණේ, මෙරමාත් එසෙයට සමාදන් කරව යි. එසේය, වහන්ස.

තං කිම‍්මඤ‍්ඤථ කාලාමා, ඉමෙ ධම‍්මා කුසලා වා අකුසලා වාති? කුසලා භන‍්තෙ.

කාලාමයෙනි, ඒ කිමැයි හඟිවු ද? මේ ධර්‍මයෝ කුසල් හෝ අකුසල් හෝ වෙත් ද? වහන්ස, කුසල්හු වෙති.

සාවජ‍්ජා වා අනවජ‍්ජා වාති? අනවජ‍්ජා භන‍්තෙ.

සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙත් ද? වහන්ස, අනවද්‍ය වෙති.

විඤ‍්ඤූගරහිතා වා විඤ‍්ඤූප‍්පසත්‍ථා වාති? විඤ‍්ඤූප‍්පසත්‍ථා භන‍්තෙ.

විඥයන් විසින් ගර්හිත හෝ ප්‍රශස්ත හෝ වෙත් ද? වහන්ස, විඥයන් විසින් ප්‍රශස්තයහ.

සමත‍්තා සමාදින‍්නා හිතාය සුඛාය සංවත‍්තන‍්ති නො වා කථං වා හෙත්‍ථ හොතීති? සමත‍්තා භන‍්තෙ, සමාදින‍්නා හිතාය සුඛාය සංවත‍්තන‍්ති. එවං නො හෙත්‍ථ හොතීති.

පරිපූර්‍ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙත් ද? නොහොත් නො වැටෙත් ද? මෙහිලා කෙසේ හෝ අදහස් වන්නේ ද? වහන්ස, පරිපූර්‍ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙත්. මෙහි ලා අපට මෙබඳු අදහස් වෙයි.

ඉති ඛො කාලාමා, යන‍්තං අවොචුම‍්හ : එථ තුම‍්හෙ කාලාමා, මා අනුස‍්සවෙන, මා පරම‍්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම‍්පදානෙන, මා තක‍්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක‍්කෙන, මා දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා, මා භබ‍්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම‍්හෙ කාලාමා, අත‍්තනාව ජානෙය්‍යාථ : ඉමෙ ධම‍්මා කුසලා, ඉමෙ ධම‍්මා අනවජ‍්ජා, ඉමෙ ධම‍්මා විඤ‍්ඤූප‍්පසත්‍ථා, ඉමෙ ධම‍්මා සමත‍්තා සමාදින‍්නා හිතාය සුඛාය සංවත‍්තන‍්තීති, අථ තුම‍්හෙ කාලාමා, උපසම‍්පජ‍්ජ විහරෙය්‍යාථාති, ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව, පරම්පරා කථායෙනුදු නො ගණුව, (තෙල මෙසේ වීල යන) ඉතිකිරාකථායෙනුදු නො ගණුව. (පෙළ හා සැසඳෙයි යන) පිටක සම්පදානයෙනුදු නො ගණුව, තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නො ගණුව, දෘෂ්ටිනිර්‍ධ්‍යානක්‍ෂාන්තියෙනුදු නො ගණුව, භව්‍යරූපභාවයෙනුදු නො ගණුව. මේ මහණහු අපට ගුරුහ යන හේතුයෙනුදු නො ගණුව. කාලාමයෙනි, තෙපි යම් කලෙක මේ ධර්‍මයෝ කුසලයහ, මේ ධර්‍මයෝ අනවද්‍යයහ, මේ ධර්‍මයෝ විඥප්‍රශස්තයහ. මේ ධර්‍මයෝ සමාත්ත වූවාහු, සමාදත්ත වූවාහු හිතයට සුඛයට වැටෙති’යි තුමූ ම දනිවු නම්, කාලාමයෙනි, එකල තෙපි එය ලැබගෙණ වසව’යි මෙසේ යම් එබඳු බසක් කියනලදනම්, මෙය තෙල කරුණ පිණිස කියන ලදී.

ස ඛො සො කාලාමා, අරියසාවකො එවං විගතාභිජ‍්ඣො විගතබ්‍යාපාදො අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො මෙත‍්තාසහගතෙන චෙතසා -පෙ- කරුණාසහගතෙන චෙතසා - මුදිතාසහගතෙන චෙතසා - උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං - තථා තතියං - තථා චතුත්‍ථිං - ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති.

කාලාමයෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක වනාහි මෙසේ පහව ගිය අභිධ්‍යා ඇත්තේ, පහව ගිය ව්‍යාපාද ඇත්තේ අසම්මූඪ වූයේ නුවණින් දන්නේ එළඹසිටි සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් ... කරුණා සහගත සිතින් ... මාර්‍දව සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පැතිර ගෙණ වෙසේ. එසැටි ම දෙවන දිග, එසැටි ම තුන්වන දිග, එසැටි ම සතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මභාවයෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ එයින් ම නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් පැතිර ගෙණ වෙසෙයි.

ස ඛො සො කාලාමා, අරියසාවකො එවං අවෙරචිත‍්තො එවං අබ්‍යාපජ‍්ඣචිත‍්තො එවං අසංකිලිට‍්ඨචිත‍්තො එවං විසුද‍්ධචිත‍්තො. තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ චත‍්තාරො අස‍්සාසා අධිගතා හොන‍්ති :

කාලාමයෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක වනාහි මෙසේ අවෛර සිත් ඇතියේ මෙසේ නිදුක් සිත් ඇතියේ මෙසේ නොකිලිටි සිත් ඇතියේ මෙසේ පිරිසිදු සිත් ඇතියේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම සතර ආශ්වාස කෙනෙක් අධිගත වෙත්.

සචෙ ඛො පන අත්‍ථි පරො ලොකො, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, ඨානමහං කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති, අයමස‍්ස පඨමො අස‍්සාසො අධිගතො හොති.

ඉදින් පරලොව වේ නම් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් වේ නම් මම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙමි යි මේ පළමුවන ආශ්වාසය අධිගත වෙයි.

සචෙ ඛො පන නත්‍ථි පරො ලොකො, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො ඉදාහං දිට‍්ඨෙව ධම‍්මෙ අවෙරං අබ්‍යාපජ‍්ඣං අනීඝං සුඛං අත‍්තානං පරිහරාමීති, අයමස‍්ස දුතියො අස‍්සාසො අධිගතො හොති.

ඉදින් පරලොව නො වේ නම් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නො වේ නම් මම මෙලොව ම අවෛර වූත් ව්‍යාබාධරහිත වූත් සුඛ වූත් ආත්මයක් පරිහරණය කෙරෙමි යි මේ දෙවන ආශ්වාසය අධිගත වෙයි.

සචෙ ඛො පන කරොතො කරිය්‍යති පාපං, න ඛො පනාහං කස‍්සචි පාපං චෙතෙමි. අකරොන‍්තං ඛො පන මං පාපං කම‍්මං කුතො දුක‍්ඛං ඵුසිස‍්සතීති අයමස‍්ස තතියො අස‍්සාසො අධිගතො හොති.

ඉදින් කරණුවහට පව් කැරේ ද, මම වැලිත් කිසිවක්හට පවක් නො සිතමි. පව්කම් නො කරණ මා කොයින් දුක් වදනේ දැ යි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි.

සචෙ ඛො පන කරොතො න කරිය්‍යති පාපං, ඉදාහං උභයෙනෙව විසුද‍්ධං අත‍්තානං සමනුපස‍්සාමීති, අයමස‍්ස චතුත්‍ථො අස‍්සාසො අධිගතො හොති.

ඉදින් කරණුවහට පව් නො කැරේ ද, මම වැලිත් දෙපසින් ම විශුද්ධ වූ ආත්මයක් දක්මි යි ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි.

ස ඛො සො කාලාමා, අරියසාවකො එවං අවෙරචිත‍්තො එවං අබ්‍යාපජ‍්ඣචිත‍්තො එවං අසඞ‍්කිලිට‍්ඨචිත‍්තො, එවං විසුද‍්ධචිත‍්තො. තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ ඉමෙ චත‍්තාරො අස‍්සාසා අධිගතා හොන‍්තීති?

කාලාමයෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක වනාහි මෙසේ අවෛර සිත් ඇත්තේ, මෙසේ අබ්‍යාබාධ සිත් ඇත්තේ, මෙසේ නොකිලිටි සිත් ඇත්තේ, මෙසේ විශුද්ධ සිත් ඇත්තේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම මේ සතර ආශ්වාසයෝ අධිගත වෙත් දැයි වදාළහ.

එවමෙතං භගවා, එවමෙතං සුගත, ස ඛො සො භන‍්තෙ, අරියසාවකො එවං අවෙරචිත‍්තො එවං අබ්‍යාපජ‍්ඣචිත‍්තො එවං අසඞ‍්කිලිට‍්ඨචිත‍්තො එවං විසුද‍්ධචිත‍්තො. තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ චත‍්තාරො අස‍්සාසා අධිගතා හොන‍්ති.

භාග්‍යවතුන් වහන්ස, තෙල මෙසේ මැයැ. සුගතයන් වහන්ස, තෙල මෙසේ මැයැ. වහන්ස, ඒ අරිසවු මෙසේ අවෛර සිත් ඇතියේ, මෙසේ ව්‍යාබාධ රහිත සිත් ඇතියේ - මෙසේ නො කිලිටි සිත් ඇතියේ - මෙසේ පිරිසිදු සිත් ඇතියේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම සතර ආශ්වාසයෝ අධිගත වෙත්. (කෙසේ ද?)

සචෙ ඛො පන අත්‍ථි පරො ලොකො, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, ඨානමහං කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමීති, අයමස‍්ස පඨමො අස‍්සාසො අධිගතො හොති.

ඉදින් පරලොව වේ ද, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් වේ ද, ඒකාන්තයෙන් මම කාබුන් මරණින් මතුයෙහි ශුභගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙමි යි ඔහු විසින් මේ පළමුවන ආශ්වාසය අධිගත වෙයි.

සචෙ ඛො පන නත්‍ථි පරො ලොකො, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, ඉදාහං දිට‍්ඨෙව ධම‍්මෙ අවෙරං අබ්‍යාපජ‍්ඣං අනීඝං සුඛං අත‍්තානං පරිහරාමීති, අයමස‍්ස දුතියො අස‍්සාසො අධිගතො හොති.

ඉදින් පරලොව නො වේ ද, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නො වේ ද, මම වැලිත් ඉහාත්මයෙහි ම අවෛර වූත් ව්‍යාබාධ රහිත වූ ව්‍යසන රහිත වූ සුඛ වූ ආත්මයක් පරිහරණය කෙරෙමි යි ඔහු විසින් මේ දෙවන ආශ්වාසය අධිගත වෙයි.

සචෙ ඛො පන කරොතො කරිය්‍යති පාපං, න ඛො පනාහං කස‍්සචි පාපං චෙතෙමි, අකරොන‍්තං ඛො පන මං පාපකම‍්මං කුතො දුක‍්ඛං ඵුසිස‍්සතීති, අයමස‍්ස තතියො අස‍්සාසො අධිගතො හොති.

ඉදින් කරණුවහට පව් කැරේ ද, මම වැලිත් කිසිවක්හට පවක් නො සිතමි. පව්කම් නො කරණ මා කොයින් දුක් වදනේ දැ යි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි.

සචෙ ඛො පන කරොතො න කරිය්‍යති පාපං, ඉදාහං උභයෙනෙව විසුද‍්ධං අත‍්තානං සමනුපස‍්සාමීති, අයමස‍්ස චතුත්‍ථො අස‍්සාසො අධිගතො හොති.

ඉදින් කරණුවහට පව් නො කැරේ ද, මම එයින් දෙපසින් ම විශුද්ධ වූ ආත්මයක් දක්මි යි ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි.

ස ඛො සො භන‍්තෙ, අරියසාවකො එවං අවෙරචිත‍්තො එවං අබ්‍යාපජ‍්ඣචිත‍්තො එවං අසඞ‍්කිලිට‍්ඨචිත‍්තො එවං විසුද‍්ධචිත‍්තො. තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ ඉමෙ චත‍්තාරො අස‍්සාසා අධිගතා හොන‍්තීති.

වහන්ස, ඒ අරිසවු මෙසේ අවෛර සිත් ඇත්තේ, මෙසේ නිර්ව්‍යාබාධ සිත් ඇත්තේ, මෙසේ නොකිලිටි සිත් ඇත්තේ, මෙසේ පිරිසිදු සිත් ඇතියේ වේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම මේ සතර ආශ්වාසයෝ අධිගත වෙත්.

අභික‍්කන‍්තං භන‍්තෙ -පෙ- එතෙ මයං භන‍්තෙ, භගවන‍්තං සරණං ගච‍්ඡාම ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකෙ නො භන‍්තෙ, භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතෙ සරණංගතෙති.

වහන්ස, ඉතා මැනව, ... වහන්ස, තෙල අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යම්හ. දහම ද බික්සඟුන් ද සරණ යම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අප අද පටන් කොට දිවියෙන් ගත් සරණ ගිය උපාසකයන් කොට ධරණ සේක් වා.