3. 2. 2. 3
3. 2. 2. 3.
3. 2. 2. 3.
13. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙනාගපුරං නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො වෙනාගපුරිකා බ්රාහ්මණගහපතිකා : සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො වෙනාගපුරං අනුප්පත්තො. “තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො : ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතීති.
13. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා සමග කොසොල්දනවුහි සැරිසරණ සේක් කොසොල්දනවුයෙහි වේනාගපුර නමැති බමුණුගමට වැඩි සේක. වේනාගපුර වැසි බමුණුගැහැවියෝ “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ වනාහි වේනාගපුරයට වැඩියහ. එ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව “මෙසේ මෙසේත් ඒ භගවත්හු අර්හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරයහ. පුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. බුද්ධයහ. භාග්‍යවත්හ. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සියො දෙවිමිනිසුන් සියො සත්ත්ව ප්‍රජාව ද තුමූ ම අධිකඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදී කල්‍යාණ කොට මධ්‍ය කල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට අර්ත්ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට සර්වප්රකාරයෙන් පරිපූර්ණ කොට පිරිසුදු කොට දහම් දෙසති. බඹසර පවසති. මෙබඳු උතුම් වූ කීර්තිශබ්දයෙක් ඉතා උස්ව නැංගේය. එබඳු වූ රහතුන්ගේ දර්ශනය මනා මැ නු!” යි ඇසුවාහු ම ය.
අථ ඛො වෙනාගපුරිකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො වෙනාගපුරිකො වච්ඡගොත්තො බ්රාහ්මණො භගවන්තං එතදවොච :
ඉක්බිති වේනාගපුර වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. තුස්නට නිසි සිහි කරණුවට නිසි කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි බැඳ එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එකත් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණිම්භූත ව එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් වේනාගපුර වැසි වච්ඡගොත්ත බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යාවඤ්චිදං භොතො ගොතමස්ස විප්පසන්නානි ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො.
“භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙක. භවත් ගෞතමයෙනි, අද්භූතයෙක. භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්රියයෝ ඉමහත් සේ පහන් වූවාහු වෙති. ඡවිවර්ණය මහත් සේ පිරිසිදුය. ඉතා ප්‍රභාස්වරය.
සෙය්යථාපි භො ගොතම සාරදං බදරපණ්ඩු පරිසුද්ධං හොති පරියොදාතං. එවමෙව භොතො ගොතමස්ස විප්පසන්නානි ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. සෙය්යථාපි භො ගොතම තාලපක්කං සම්පති බන්ධනා පවුත්තං පරිසුද්ධං හොති පරියොදාතං. එවමෙව භොතො ගොතමස්ස විප්පසන්නානි ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො.”
භවත් ගෞතමයන් වහන්ස, යම්සේ සරත් කල්හි හටගත් විලිකුන් නොවූ ඩෙබරපක් පිරිසිදු වේ ද, ප්‍රභාස්වර වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්රියයෝ වෙසෙසින් පහන් වෙති. ඡවිවර්ණය පිරිසිදුය. ප්‍රභාස්වර ය. භවත් ගෞතමයෙනි, යම්සේ එකෙණෙහි නටුයෙන් ගිළිහුන විලිකුන් තල්පක් පිරිසිදු වේ ද, ප්‍රභාස්වර වේ ද, එලෙසින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්රියයෝ වෙසෙසින් පහන්හ. ඡවිවර්ණය පිරිසිදු ය. ප්‍රභාස්වර ය”.
“සෙය්යථාපි භො ගොතම, නෙක්ඛං ජම්බොනදං දක්ඛකම්මාරපුත්තසුපරිකම්මකතං උක්කාමුඛෙ සුකුසලසම්පහට්ඨං පණ්ඩුකම්බලෙ නික්ඛිත්තං භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙව භොතො ගොතමස්ස විප්පසන්නානි ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො.
“භවත් ගෞතමයෙනි, නිපුණ වූ කඹුරූදරුවක්හු විසින් මොනොවට පිරියම් කළ, කෝවෙහි පිස දක්ෂ රන්කරුවකු විසින් මොනොවට කොළන ලද දඹරන් නිකෙක් රත්පලසෙක්හි තබන ලද්දේ යම්සේ බබළා ද, දිලිසේ ද, රස් විහිදුවා ද, එලෙසින් ම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්රියයෝ වෙසෙසින් පහන්හ. ඡවිවර්ණය පිරිසිදු ය. ප්‍රභාස්වර ය.
යානි නූන තානි භො ගොතම උච්චාසයනමහාසයනානි. සෙය්යථිදං : ආසන්දි පල්ලඞ්කො ගොනකො චිත්තකා පටිකා පටලිකා තූලිකා විකතිකා උද්දලොමී එකන්තලොමී කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං, එවරූපානං නූන භවං ගොතමො උච්චාසයනමහාසයනානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී“ති.
භවත් ගෞතමයෙනි, දික් පා ඇති හැඳිය, පලඟය, සතරඟුලෙන් දික් ලොම් ඇති මහකොඳු පලසය, වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් මුවා සුදුපුප් ඇතිරිය, එළුලොම්මුවා ඝනපුප් ඇතිරිය, පුළුන් ඔත් තිලිය, සිහරූ වගරූ නගා වියන ලද එළුලොම්මුවා ඇතිරිය, (දෙපස දාවළු ඇති) දෙදා ඇතිරිය, (එක්පස දාවළු ඇති) එක්දා ඇතිරිය, රන්කොසුකම් කළ තිහිරිමුවා පසතුරුණ, රන් හා මුසු කොට කැටි තිහිරිහුයින් වියූ පසතුරුණ, සොළොස් නළුවනට නැටිය හැකි අවන් මහඇතිරිය, ඇත් පිට අතුරණ ඇතිරිය, අස් පිට අතුරණ ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ පසතරණ, ඉස්දොර පාමුල රන්කන්වයින් (කොට්ට) ඇති උඩ රත්වියන් බැඳි අස්න, යන යම් මැ උසසුන් මහසුන් කෙනෙක් වෙත් නම්, භවත් ගෞතමයෝ මෙබඳු උසසුන් මහඅසුන් රිසිසේ ලබන සුල්ලහ. නිදුකින් ලබන සුල්ලහ. මහත්සේ ලබන සුල්ලහ”.
[භගවා:]
[භගවත්හු:]
යානි ඛො පන තානි බ්‍රාහ්මණ, උච්චාසයනමහාසයනානි. සෙය්යථිදං : ආසන්දි පල්ලඞ්කො ගොනකො චිත්තකා පටිකා පටලිකා තූලිකා විකතිකා උද්දලොමි එකන්තලොමි කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතො ලොහිතකූපධානං. දුල්ලභානි තානි පබ්බජිතානං, ලද්ධා ච න කප්පන්ති.
බමුණ, දික් පා ඇති හැඳිය, පයැ වළරූ ගැන්වූ පලඟය, දික් ලොම් ඇති කොඳු පලසය, වීමෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුපුප් ඇතිරිය, ඝනපුප් එළුලොම් ඇතිරිය, පුළුන් ඔත් තිලිය, සිහරූ වගරූ නගා වියන ලද එළුලොම්මුවා ඇතිරිය, (දෙපස දා ඇති) දෙදා ඇතිරිය, (එක්පස දා ඇති) එක් දා ඇතිරිය, රන්කොසුකම් කළ තිහිරිමුවා පසතරණය, රන් හා මුසු කොට කැටි තිහිරිහුයින් වියූ පසතරණය, සොළොස් නළුවනට නැටිය හැකි අවන්මහ ඇතිරිය, ඇත් පිට අතුරණ ඇතිරිය, අස්පිට අතුරණ ඇතිරිය, රියෙහි අතුරණ ඇතිරිය, අඳුන්දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ ඇතිරිය, ඉස්දොර පාමුල රන්කන්වයින් ඇති උඩ රත්වියන් බැඳි අස්න, යන යම් ම උසසුන් මහසුන් කෙනෙක් වෙත් නම්, පැවිද්දනට ඒ අසුන්හු දුර්ලභයහ. ලැබ ද නො කැප වෙති.
තීණි ඛො ඉමානි බ්‍රාහ්මණ, උච්චාසයනමහාසයනානි, යෙසාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. කතමානි තීණි : දිබ්බං උච්චාසයනමහාසයනං, බ්රහ්මං උච්චාසයනමහාසයනං, අරියං උච්චාසයනමහාසයනං. ඉමානි ඛො බ්‍රාහ්මණ, තීණි උච්චාසයනමහාසයනානි, යෙසාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.
බමුණ, මම දැන් යම් උසසුන් මහසුන් කෙනකුන් රිසිසේ ලබන සුල්ලෙම් ද, නිදුකින් ලබන සුල්ලෙම් ද, මහත්සේ ලබන සුල්ලෙම් ද, මේ උසසුන් මහඅසුන් තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙක යත්: දිව්‍ය උසසුන් මහසුනැ, බ්‍රාහ්ම උසසුන් මහසුනැ, ආර්‍ය්‍ය උසසුන් මහසුනැ. බමුණ, දැන් යම් බඳු වූ උසසුන් මහසුන් කෙනකුන් මම රිසිසේ ලබන සුල්ලෙම් නම්, නිදුකින් ලබන සුල්ලෙම් නම්, මහත් සේ ලබන සුල්ලෙම් නම්, මේ එ උසසුන් මහසුන් තුන් දෙන වෙත්.
[බ්රාහ්මණො:]
[බමුණු:]
කතමං පන භො ගොතම, දිබ්බං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගොතමො එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී?ති.
භවත් ගෞතමයෙනි, මෙකල භවත් ගෞතමයන් වහන්සේ යමක් රිසිසේ ලබන සුළු වෙත් නම්, නිදුකින් ලබන සුළු වෙත් නම්, මහත්සේ ලබන සුළු වෙත් නම්, එ දිව්‍ය උසසුන් මහස්න කවරේ ය?
[භගවා:]
[භගවත්හු:]
ඉදාහං බ්‍රාහ්මණ යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො වනන්තඤ්ඤෙව පචාරයාමි, සො යදෙව තත්ථ හොන්ති තිණානි වා පණ්ණානි වා තානි එකජ්ඣං සංහරිත්වා නිසීදාමි, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
බමුණ, මෙහි මම යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙම් ද, ඒ මම පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙණ එම ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙමි. ඒ මම පස් බත්හි පිඬුයෙන් වැළකුනෙම් වනයට ම පිවිසෙමි. ඒ මම එහි යම් ම තණ හෝ පරණලා හෝ වේ නම්, ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොට තබා භවුන්විධියට හමු කොට සිහි එළවා තබා හිඳිමි.
සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරාමි සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙමි, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි.
එ මම කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙමි. විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම වූ චිත්තයාගේ එකඟබව වූ විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙමි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් උපේක්ෂා ද ඇත්තෙම් සිහි ඇත්තෙම් සම්‍යක් ප්‍රඥා ඇත්තෙම් වෙසෙමි. සුඛය ද කයින් විඳිමි. යමකු ඇරැබ උපේක්ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සුඛ විහරණ ඇත්තේ ය යි, ආර්‍ය්‍යයෝ කියත් නම්, එ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙමි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් හා කැල ම සොම්නස් දොම්නසුන් හතයට යෑමෙන් දුක් නැති සුව නැති උපේක්ෂාස්මෘති දෙකින් වූ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙමි.
සො චෙ අහං බ්‍රාහ්මණ, එවම්භූතො චඞ්කමාමි, දිබ්බො මෙ එසො තස්මිං සමයෙ චඞ්කමො හොති. සො චෙ අහං බ්‍රාහ්මණ, එවං භූතො තිට්ඨාමි, දිබ්බං මෙ එතං තස්මිං සමයෙ ඨානං හොති. සො චෙ අහං බ්‍රාහ්මණ, එවම්භූතො නිසීදාමි, දිබ්බං මෙ එතං තස්මිං සමයෙ ආසනං හොති. සො චෙ අහං බ්‍රාහ්මණ, එවම්භූතො සෙය්යං කප්පෙමි, දිබ්බං මෙ එතං තස්මිං සමයෙ උච්චාසයනමහාසයනං හොති. ඉදං ඛො තං බ්‍රාහ්මණ, දිබ්බං උච්චාසයනමහාසයනං, යස්සාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.
බමුණ, ඒ මම ඉදින් මෙබඳු වූයෙම්, සක්මන් කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ දිව්‍ය සක්මණ වෙයි. බමුණ, ඉදින් ඒ මම මෙබඳු වූයෙම් සිටීම් නම්, එසමයෙහි තෙල මගේ දිව්‍ය වූ සිටීම වෙයි. බමුණ, ඒ මම ඉදින් මෙබඳු වූයෙම් හිඳීම් නම්, එසමයෙහි තෙල මාගේ දිව්‍ය වූ හිඳුම වේ. බමුණ, ඉදින් ඒ මම මෙබඳු වූයෙම්, ශයනය කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ දිව්‍ය උසසුන් මහසුන් වෙයි. බමුණ, මෙකල යමක් මම රිසිසේ ලබම් ද, නිදුකින් ලබම් ද, මහත්සේ ලබම් ද, මේ ඒ දිව්‍ය උසසුන් මහස්න වේ.
[බ්රාහ්මණො:]
[බමුණු:]
අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, කො චඤ්ඤො එවරූපස්ස දිබ්බස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී, අඤ්ඤත්ර භොතා ගොතමෙන.
භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙකි. භවත් ගෞතමයෙනි, අද්භූතයෙකි. භවත් ගෞතමයන් වහන්සේ තබා අන් කවරෙක් නම් මෙබඳු දිව්‍ය උසසුන් මහස්නක් රිසිසේ ලබන්නේ වේ ද, නිදුකින් ලබන්නේ වේ ද! මහත්සේ ලබන්නේ වේ ද -
කතමං පන තං භො ගොතම, බ්රහ්මං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගොතමො එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති?
භවත් ගෞතමයෝ දැන් යමක් රිසිසේ ලබන සුල්ලෝ ද, නිදුකින් ලබන සුල්ලෝ ද, මහත් සේ ලබන සුල්ලෝ ද, ඒ බ්‍රාහ්ම වූ උසසුන් මහස්න කවරේ ය?
[භගවා:]
[භගවත්හු:]
ඉදාහං බ්‍රාහ්මණ, යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො වනන්තඤ්ඤෙව පවාරයාමි.
බමුණ, මම යම් ගමක් හෝ නියම් ගමක් ඇසුරු කොට වෙසෙම් ද, ඒ මම පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ ඒ ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස පිවිසෙමි. ඒ මම පස්බත්හි පිඬුයෙන් වැළකුනෙම් වනයට ම පිවිසෙමි.
සො යදෙව තත්ථ හොන්ති තිණානි වා, පණ්ණානි වා තානි එකජ්ඣං සංහරිත්වා නිසීදාමි, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරාමි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරාමි. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරාමි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරාමි.
ඒ මම එහි යම් ම තණ හෝ පරණලා හෝ වේ නම් ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කමහටන් අරමුණට අභිමුඛ කොට තබා හිඳිමි. ඒ මම මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙමි. එසේ ම දෙවන දිග ද, එසේ ම තෙවන දිග ද, එසේ ම සිවුවන දිග ද, මෙසේ උඩ - යට සරස ද, හැම තන්හි සර්වාත්මතායෙන් මුළු මහත් ලොව විපුල වූ මහද්ගත වූ අපමණ වූ වෙර නැති ව්‍යාපාද රහිත මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙමි. කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් ... උපේක්ෂා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙමි. එසේ ම දෙවන දිග ද, එසේ ම තෙවන දිග ද, එසේ ම සිවුවන දිග ද, මෙසේ උඩයට සරස ද, සියලු තන්හි සර්වාත්මතායෙන් මුළු මහත් ලොව විපුල වූ මහද්ගත වූ අපමණ වූ වෙර නැති ව්‍යාපාද නැති උපේක්ෂා සහගත සිතින් පතුරුවා වෙසෙමි.
සො චෙ අහං බ්‍රාහ්මණ, එවං භූතො චඞ්කමාමි, බ්රහ්මා මෙ එසො තස්මිං සමයෙ චඞ්කමො හොති. සො චෙ අහං බ්‍රාහ්මණ, එවම්භූතො තිට්ඨාමි - නිසීදාමි - සෙය්යං කප්පෙමි, බ්රහ්මං මෙ එතං තස්මිං සමයෙ උච්චාසයනමහාසයනං හොති. ඉදං ඛො තං බ්‍රාහ්මණ, බ්රහ්මං උච්චාසයනමහාසයනං, යස්සාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.
බමුණ, ඉදින් ඒ මම මෙබඳු වූයෙම් සක්මන් කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ බ්‍රාහ්ම වූ සක්මණ වෙයි. බමුණ, ඒ මම මෙසේ වූයෙම් ඉදින් සිටීම් නම්, ... හිඳීම් නම් ... ශයනය කෙරෙම් නම්, එසමයෙහි තෙල ඒ මාගේ බ්‍රාහ්ම වූ උසසුන් මහස්න වේ. බමුණ, මම මෙකල යමක් රිසිසේ ලබන සුලුයෙම් නම්, නිදුකින් ලබන සුලුයෙම් නම්, මහත්සේ ලබන සුලුයෙම් නම්, මේ වනාහි ඒ බ්‍රාහ්ම වූ උසසුන් මහස්න වේ.
[බ්රාහ්මණො:]
[බමුණු:]
අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, කො චඤ්ඤො එවරූපස්ස බ්රහ්මස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී, අඤ්ඤත්ර භොතා ගොතමෙන.
භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යයෙකි. භවත් ගෞතමයෙනි, අද්භූතයෙකි. භවත් ගෞතමයන් තබා අන් කවරෙක් මෙබඳු වූ බ්‍රාහ්ම වූ උසසුන් මහස්නක් රිසිසේ ලබනසුලු වන්නේ ද, නිදුකින් ලබනසුලු වන්නේ ද, මහත්සේ ලබනසුලු වන්නේ ද!
කතමං පන තං භො ගොතම, අරියං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගොතමො එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති ?
භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ දැන් යමක් රිසිසේ ලබන සුල්ලෝ නම්, නිදුකින් ලබන සුල්ලෝ නම්, මහත් සේ ලබන සුල්ලෝ නම්, ඒ ආර්‍ය්‍ය උසසුන් මහසුන් කවරේ ය?
[භගවා:]
[භගවත්හු:]
ඉධාහං බ්‍රාහ්මණ, යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො වනන්තඤ්ඤෙව පවාරයාමි. සො යදෙව තත්ථ හොන්ති තිණානි වා පණ්ණානි වා, තානි එකජ්ඣං සංහරිත්වා නිසීදාමි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
බමුණ, මම යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙම් නම්, ඒ මම පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ එම ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙමි. ඒ මම පැසුළු බත්හි පිඬුයෙන් වැළකුනෙම් වනයට ම පිවිසෙමි. ඒ මම එහි යම් ම තණ හෝ පරණලා ඇත් නම් ඒ එකතු කොට පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිහිය කමහටන් අරමුණට නතු කොට එළවා හිඳිමි.
සො එවං පජානාමි. රාගො මෙ පහීනො; උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. දොසො මෙ පහීණො -පෙ- මොහො මෙ පහීණො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො.
ඒ මම මාගේ රාගය ප්‍රහත ය. සිඳ ලූ මුල් ඇත්තේ ය. මුදුන සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ ය. නැවත නො හටගන්නක් කරණ ලද්දේ ය. මතුයෙහි නූපදනා ස්වභාව ඇත්තක් කරණ ලද්දේ ය. මාගේ ද්වේෂය ප්රහතය ... මාගේ මෝහය ප්රහතය. සිඳලූ මුල් ඇත්තේ ය. මුදුන් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දේ ය. නැවත නොහටගන්නක් කරණ ලද්දේ ය. මතුයෙහි නූපදනා සැහැවි ඇත්තක් කරණ ලද්දේය යි මෙසේ දනිමි.
සො චෙ අහං බ්‍රාහ්මණ, එවම්භූතො චඞ්කමාමි, අරියො මෙ එසො තස්මිං සමයෙ චඞ්කමො හොති. සො චෙ අහං බ්‍රාහ්මණ එවම්භූතො තිට්ඨාමි -පෙ- නිසීදාමි - සෙය්යං කප්පෙමි. අරියං මෙ එතං තස්මිං සමයෙ උච්චාසයනමහාසයනං හොති. ඉදං ඛො තං බ්‍රාහ්මණ අරියං උච්චාසයනමහාසයනං. යස්සාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභීති.
බ්‍රාහ්මණය, ඒ මම මෙබඳු වූයෙම් ඉදින් සක්මන් කෙරෙම් නම්, එසමයෙහි තෙල මාගේ ආර්‍ය්‍ය වූ සක්මණ වෙයි. බමුණ, ඒ මම මෙබඳු වූයෙම් ඉදින් සිටීම් නම් ... හිඳිම් නම් ... ශයනය කෙරෙම් නම් එසමයෙහි තෙල මාගේ ආර්‍ය්‍ය වූ උසසුන් මහසුන් වේ. බමුණ, දැන් මම යමක් රිසිසේ ලබන සුලුයෙම් නම්, නිදුකින් ලබන සුලුයෙම් නම්, මහත්සේ ලබන සුලුයෙම් නම්, මේ වනාහි ඒ ආර්‍ය්‍ය වූ උසසුන් මහස්න වේ.
[බ්රාහ්මණො:]
[බමුණු:]
අච්ඡරියං භො ගොතම, අබ්භුතං, භො ගොතම, කො චඤ්ඤො එවරූපස්ස අරියස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාමී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී අඤ්ඤත්ර භොතා ගොතමෙන.
භවත් ගෞතමයෙනි, ආශ්චර්‍ය්‍යය. භවත් ගෞතමයෙනි, අද්භූතය. භවත් ගෞතමයන් තබා අන් කවරෙක් නම් මෙබඳු ආර්‍ය්‍ය වූ උසසුන් මහසුන් රිසිසේ ලබන සුලු වන්නේ ද! නිදුකින් ලබන සුලු වන්නේ ද! මහත්සේ ලබන සුලු වන්නේ ද!
අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණංගතෙති.
භවත් ගෞතමයෙනි, ඉතා මැනවි. භවත් ගෞතමයෙනි, ඉතා මැනවි. භවත් ගෞතමයෙනි, යටිකුරු කොට තබන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ යම්සේ විවර කරන්නේ ද, මංමුළාවූවකුට යම්සේ මඟ කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහයි අඳුරෙහි තෙල් පහනක් හෝ යම්සේ දරන්නේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් විසින් නන්නියරින් ධර්මය දේශනා කරණ ලද්දේය. වහන්ස, තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද, ධර්මය ද, භික්ෂුසඞ්ඝයා ද සරණ යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අප අද පටන් කොට දිවිහිම් සරණගිය උවසුවන් කොට දරණ සේක්වා යි.