යෙදුමෙන් කියවන්න

3. වෙනාගපුරසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. වෙනාගපුරසුත‍්තවණ‍්ණනා

3. 2. 2. 3

තතියෙ කොසලෙසූති එවංනාමකෙ ජනපදෙ. චාරිකං චරමානොති අද‍්ධානගමනං ගච‍්ඡන‍්තො. චාරිකා ච නාමෙසා භගවතො දුවිධා හොති තුරිතචාරිකා ච අතුරිතචාරිකා චාති. තත්‍ථ දූරෙපි බොධනෙය්‍යපුග‍්ගලං දිස‍්වා තස‍්ස බොධනත්‍ථාය සහසා ගමනං තුරිතචාරිකා නාම. සා මහාකස‍්සපපච‍්චුග‍්ගමනාදීසු දට‍්ඨබ‍්බා. යං පන ගාමනිගමපටිපාටියා දෙවසිකං යොජනඅද‍්ධයොජනවසෙන පිණ‍්ඩපාතචරියාදීහි ලොකං අනුග‍්ගණ‍්හන‍්තස‍්ස ගමනං, අයං අතුරිතචාරිකා නාම. ඉමං සන්‍ධායෙතං වුත‍්තං – “චාරිකං චරමානො”ති. විත්‍ථාරෙන පන චාරිකාකථා සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය අම‍්බට‍්ඨසුත‍්තවණ‍්ණනායං (දී· නි· අට‍්ඨ· 1.254) වුත‍්තා. බ්‍රාහ‍්මණගාමොති බ්‍රාහ‍්මණානං සමොසරණගාමොපි බ්‍රාහ‍්මණගාමොති වුච‍්චති, බ්‍රාහ‍්මණානං භොගගාමොපි. ඉධ සමොසරණගාමො බ්‍රාහ‍්මණවසනගාමොති අධිප‍්පෙතො. තදවසරීති තත්‍ථ අවසරි, සම‍්පත‍්තොති අත්‍ථො. විහාරො පනෙත්‍ථ අනියාමිතො. තස‍්මා තස‍්ස අවිදූරෙ බුද‍්ධානං අනුච‍්ඡවිකො එකො වනසණ‍්ඩො අත්‍ථි, සත්‍ථා තං වනසණ‍්ඩං ගතොති වෙදිතබ‍්බො.

තෙවැන්නෙහි කොසලෙ යනු මෙබඳු නම් ඇති දනව්වෙහිය. චාරිකං චරමානො යනු දිගුගමනක් වඩින්නේයි. භාග්‍යවතුන් වහන්සේගේ චාරිකාව ද්විවිධ වෙයි. තුරිතචාරිකා, අතුරින චාරිකා යනුවෙනි. එහි දුරෙහි වුවද අවබෝධකරවිය යුතු පුද්ගලයකු දැක ඔහුට අවබෝධ කරවනු සඳහා ඉක්මන් ගමන තුරිතචාරිකා නමි. එය මහාකාශ්‍යපයන් සඳහා පෙරගමන් කිරීම් ආදියෙන් දැක්විය යුතුය. ගම්නියම් පිළිවෙළින් දිනපතා යොදුනක් අඩයොදුනක් වශයෙන් පිඩුපිණිස හැසිරීම් ආදියෙන් ලෝකයට අනුග්‍රහ කරන්නාවූ බුදුන්වහන්සේගේ ගමනක් වේද මෙය අතුරිතචාරිකා නමි. මේ සඳහා චාරිකං චරමානොයි’ කියනලදී. විස්තර වශයෙන් චාරිකාකථාව සුමඞ්ගලවිලාසනී දීඝනිකාය අටුවාවෙහි අම්බට්ඨ සූත්‍රවර්‍ණනාවෙහි කියනලදි. බ්‍රාහ්මණගාමො යනු බමුණන් එක්රුස්වන ගමද බමුණන් අයබදු ගෙවන ගමද බ්‍රාහ්මණගාම නම් වෙයි. මෙහි එක් රැස්වන ගම, වසනගම අදහස්කරනලදී. තදවසරි යනු එහි පැමිණිසේක. සපැමිණිසේකැයි අර්‍ත්‍ථයි. මෙහි විහාරය නියම නොකරන ලද්දේය. එබැවින් ඒ ගමට නුදුරෙහි බුදුවරුන්ට සුදුසුවූ එක් වනලැහැබක් ඇත. ශාස්තෘන්වහන්සේ ඒ වන ලැහැබට වැඩිසේකැයි දතයුතුය.

අස‍්සොසුන‍්ති සුණිංසු උපලභිංසු, සොතද‍්වාරසම‍්පත‍්තවචනනිග‍්ඝොසානුසාරෙන ජානිංසු. ඛොති අවධාරණත්‍ථෙ, පදපූරණමත‍්තෙ වා නිපාතො. තත්‍ථ අවධාරණත්‍ථෙන “අස‍්සොසුං එව, න තෙසං කොචි සවනන‍්තරායො අහොසී”ති අයමත්‍ථො වෙදිතබ‍්බො. පදපූරණෙන බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතාමත‍්තමෙව.

අස්සොසුං යනු ඇසුවාහුය: දැනගත්තාහුය: කණට වැටුණු වචන අනුසරින් දැනගත්තාහුය. ඛො යනු පදපුරණාර්‍ත්‍ථයෙහි හෝ අවධාරණාර්‍ත්‍ථයෙහි නිපාතයෙකි. එහි අවධාරණාර්ථයෙන් ඇසූහුමය. ඔවුනට කිසිදු ඇසීමට අනතුරක් නොවීය යන මේ අර්‍ත්‍ථය දතයුතුය. පදපූරණයෙහිලා ව්‍යංජනශ්ලිෂ්ටතාව පමණි.

ඉදානි යමත්‍ථං අස‍්සොසුං, තං පකාසෙතුං සමණො ඛලු, භො, ගොතමොතිආදි වුත‍්තං. තත්‍ථ සමිතපාපත‍්තා සමණොති වෙදිතබ‍්බො. ඛලූති අනුස‍්සවත්‍ථෙ නිපාතො. භොති තෙසං අඤ‍්ඤමඤ‍්ඤං ආලපනමත‍්තං. ගොතමොති භගවතො ගොත‍්තවසෙන පරිදීපනං, තස‍්මා “සමණො ඛලු, භො, ගොතමො”ති එත්‍ථ සමණො කිර, භො, ගොතමගොත‍්තොති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. සක්‍යපුත‍්තොති ඉදං පන භගවතො උච‍්චාකුලපරිදීපනං. සක්‍යකුලා පබ‍්බජිතොති සද‍්ධාපබ‍්බජිතභාවපරිදීපනං, කෙනචි පාරිජුඤ‍්ඤෙන අනභිභූතො අපරික‍්ඛීණංයෙව තං කුලං පහාය සද‍්ධාය පබ‍්බජිතොති වුත‍්තං හොති. තං ඛො පනාති ඉත්‍ථම‍්භූතාඛ්‍යානත්‍ථෙ උපයොගවචනං, තස‍්ස ඛො පන භොතො ගොතමස‍්සාති අත්‍ථො. කල්‍යාණොති කල්‍යාණගුණසමන‍්නාගතො, සෙට‍්ඨොති වුත‍්තං හොති. කිත‍්තිසද‍්දොති කිත‍්තියෙව, ථුතිඝොසො වා. අබ‍්භුග‍්ගතොති සදෙවකං ලොකං අජ‍්ඣොත්‍ථරිත්‍වා උග‍්ගතො. කින‍්ති? ඉතිපි සො භගවා…පෙ… බුද‍්ධො භගවාති. තත්‍රායං පදසම‍්බන්‍ධො – සො භගවා ඉතිපි අරහං, ඉතිපි සම‍්මාසම‍්බුද‍්ධො…පෙ… ඉතිපි භගවාති. ඉමිනා ච ඉමිනා ච කාරණෙනාති වුත‍්තං හොති.

දැන් යම් අර්ථයක් ඇසුවාහුද එය පැවසීමට සමණො ඛලු භො ගොතමො යනාදිය කියනලදී. එහි දුරුකළ පවු ඇති බැවින් සමණො යයි දතයුතුය. ඛලූ යනු අනුස්සව (ශ්‍රැතිසූචන) අර්ථයෙහි නිපාතයෙකි. භො යනු ඔවුන්ගේ ඔවුනොවුන්ට ඇමතීමක් පමණි. ගොතමො යනු භාග්‍යවතුන්වහන්සේගේ ගොත්‍රවශයෙන්, ප්‍රකට කිරීමකි. එබැවින් සමණො ඛලු භො ගොතමො’ යන මෙහි ගෞතම ගොත්‍රයෙහිවු භවත් ශ්‍රමණයෝ යන මෙබඳු අර්‍ත්‍ථය දැක්විය යුතුය. සක්‍යපුත්තො යන මෙය භාග්‍යවතුන්වහන්සේගේ උසස් කුලය ප්‍රකට කිරීමකි. කිසියම් දිළිදුබවකින් නොමඬනාලද්දේ ධනවිනාශයක් නොමැතිවූම ඒ කුලය අතැර සැදැහැයෙන් පැවිදිවූසේකැයි කියනලද්දේ වෙයි. තං ඛො පන යනු ඉත්‍ථමභූත ආඛ්‍යානාර්ථයෙහි කර්‍මවිභක්තිවචනයි. ඒ භවත් ගෞතමයන්ගේ යන අර්ථයි. කල්‍යාණො යනු කලණගුණයෙහි පිහිටියේයි. ශ්‍රෙෂ්ඨයෙකියි කියනලද්දේ වෙයි. කිතතිසදේදො යනු කීර්තියමය, ස්තුතිඝොෂාව හෝ වෙයි. අබ්භූග්ගතො යනු දෙවියන් සහිත ලෝකය පතුරුවා මතුවූයේයි. කෙසේදයත්? ඉතිපි සො භගවා -පෙ- බුද්ධො භගවා යනුවෙනි. මේ එහි පදසම්බන්‍ධයයි. සො භගවා ඉතිපි අරහං ඉතිපි සම්මාසම්බුද්ධො -පෙ- ඉතිපි සො භගවා යනුවෙන් මේ මේ කාරණයන්ගෙන්දැයි කියනලද්දේ වෙයි.

තත්‍ථ “ආරකත‍්තා, අරීනං අරානඤ‍්ච හතත‍්තා, පච‍්චයාදීනං අරහත‍්තා, පාපකරණෙ රහාභාවාති ඉමෙහි කාරණෙහි සො භගවා අරහන‍්ති වෙදිතබ‍්බො”තිආදිනා නයෙන මාතිකං නික‍්ඛිපිත්‍වා සබ‍්බානෙව එතානි පදානි විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.125-127) බුද‍්ධානුස‍්සතිනිද‍්දෙසෙ විත්‍ථාරිතානීති තතො නෙසං විත්‍ථාරො ගහෙතබ‍්බො.

මෙයින් සතුරන් දුරුකළ හෙයින්ද භවචක්‍රයෙහි ගරාදි නැසූ හෙයින්ද ප්‍රත්‍යයාදීන්ට සුදුසුබැවින්ද රහසිනුදු පවු කිරීමක් නොමැති බැවින්දැයි මේ කරුණුවලින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්යයි දතයුතුයයි. මේ ක්‍රමයෙන් මාතෘකාව බා සියලුම මේ පද විසුද්ධිමග්ගයෙහි බුද්ධානුස්සති නිර්දේශයෙහි විස්තර කරනලදී. එයින් මේ පදවල විස්තරය ගතයුතුය.

සො ඉමං ලොකන‍්ති සො භවං ගොතමො ඉමං ලොකං, ඉදානි වත‍්තබ‍්බං නිදස‍්සෙති. සදෙවකන‍්ති සහ දෙවෙහි සදෙවකං. එවං සහ මාරෙන සමාරකං. සහ බ්‍රහ‍්මුනා සබ්‍රහ‍්මකං. සහ සමණබ්‍රාහ‍්මණෙහි සස‍්සමණබ්‍රාහ‍්මණිං. පජාතත‍්තා පජා, තං පජං. සහ දෙවමනුස‍්සෙහි සදෙවමනුස‍්සං. තත්‍ථ සදෙවකවචනෙන පඤ‍්චකාමාවචරදෙවග‍්ගහණං වෙදිතබ‍්බං, සමාරකවචනෙන ඡට‍්ඨකාමාවචරදෙවග‍්ගහණං, සබ්‍රහ‍්මකවචනෙන බ්‍රහ‍්මකායිකාදිබ්‍රහ‍්මග‍්ගහණං, සස‍්සමණබ්‍රාහ‍්මණිවචනෙන සාසනස‍්ස පච‍්චත්‍ථිකපච‍්චාමිත‍්තසමණබ්‍රාහ‍්මණග‍්ගහණං, සමිතපාපබාහිතපාපසමණබ්‍රාහ‍්මණග‍්ගහණඤ‍්ච, පජාවචනෙන සත‍්තලොකග‍්ගහණං, සදෙවමනුස‍්සවචනෙන සම‍්මුතිදෙවඅවසෙසමනුස‍්සග‍්ගහණං. එවමෙත්‍ථ තීහි පදෙහි ඔකාසලොකෙන සද‍්ධිං සත‍්තලොකො, ද‍්වීහි පජාවසෙන සත‍්තලොකොව ගහිතොති වෙදිතබ‍්බො.

සො ඉමං ලොකං යනු ඒ භාග්‍යවත් ගෞතමයන්වහන්සේ මෙලොවට දැන් කිවයුතු දේ දක්වනසේක. සදෙවකං යනු දෙවියන් සහිතවූයේ සදෙවකං නමි. මෙසේ මාරයා සහිතවූයේ සමාරකං නමි. බ්‍රහ්මයා සහිතවූයේ සබ්‍රහ්මකං නමි. ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිතවූයේ සස්සමණබ්‍රාහමණිං නමි. ප්‍රජනනයවූ බැවින් සත්ව ප්‍රජාව පජා නමි. පජං යනු ඒ ප්‍රජාවයි. දෙවිමිනිසුන් සහිතවූයේ සදෙවමනුස්සං නමි. එහි සදෙවක වචනයෙන් පස්වැදැරුම් කාමාවචර දේවසමූහයා දතයුතුය. සමාරක වචනයෙන් සවැනිවූ කාමාවචර දේවසමූහයා ගැනෙයි. සබ්‍රහ්මක වචනයෙන් බ්‍රහ්මකායිකාදී බ්‍රහ්මසමූහයා ගැනෙයි. සස්සමණබ්‍රාහ්මණි වචනයෙන් සසුනට පසමිතුරු විරුද්ධ ශ්‍රමණබ්‍රාහ්මණ සමුහයා ගැනෙයි. නැසූ පවු ඇති, යටපත් කළ පවුඇති ශ්‍රමණබ්‍රාහ්මණ සමූහයාද ගැනෙයි. පජාවචනයෙන් සත්වලෝකය ගැනෙයි. සදෙවමනුස්සවචනයෙන් සම්මුති දෙවියන් සහ සෙසු මිනිස්සු ගැනෙති. මෙසේ මෙහි තුන්පදයන්ගෙන් අවකාශ ලෝකය සමඟ සත්වලෝකයද දෙපදයකින් ප්‍රජාව වශයෙන් සත්වලෝකයද ගන්නාලදැයි දතුයුතුය.

අපරො නයො – සදෙවකග‍්ගහණෙන අරූපාවචරලොකො ගහිතො, සමාරකග‍්ගහණෙන ඡකාමාවචරදෙවලොකො, සබ්‍රහ‍්මකග‍්ගහණෙන රූපීබ්‍රහ‍්මලොකො, සස‍්සමණබ්‍රාහ‍්මණාදිග‍්ගහණෙන චතුපරිසවසෙන, සම‍්මුතිදෙවෙහි වා සහ මනුස‍්සලොකො, අවසෙසසබ‍්බසත‍්තලොකො වා. පොරාණා පනාහු – සදෙවකන‍්ති දෙවතාහි සද‍්ධිං අවසෙසලොකං. සමාරකන‍්ති මාරෙන සද‍්ධිං අවසෙසලොකං. සබ්‍රහ‍්මකන‍්ති බ්‍රහ‍්මෙහි සද‍්ධිං අවසෙසලොකං. එවං සබ‍්බෙපි තිභවූපගෙ සත‍්තෙ තීහාකාරෙහි තීසු පදෙසු පක‍්ඛිපිත්‍වා පුන ද‍්වීහි පදෙහි පරියාදාතුං සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සන‍්ති වුත‍්තං. එවං පඤ‍්චහි පදෙහි තෙන තෙනාකාරෙන තෙධාතුකමෙව පරියාදින‍්නන‍්ති.

(මේ සඳහා) වෙනත් ක්‍රමයක්ද වෙයි. සදෙවක (වචනය) ගැනීමෙන් අරූපාවචර ලෝකය ගන්නාලදී. සමාරක (වචනය) ගැනීමෙන් සයවැදැරුම් කාමාවචර දිව්‍යලෝකය ගන්නාලදී. සබ්‍රහ්මක (වචනය) ගැනීමෙන් රූපී බ්‍රහ්මලෝකය ගන්නාලදී. සස්සමණබ්‍රාහ්මණාදී (වචන) ගැනීමෙන් සිවුපිරිස් වශයෙන් සම්මුති දෙවියන් සහිත මිනිස් ලොව හෝ සෙසු සියලු සත්වලෝකය හෝ ගන්නාලදී. පෞරාණිකයෝ වනාහි (මෙසේ) කීහ: ‘සදෙවකං යන දෙවියන් සහිත අවශේෂ ලෝකයයි. සමාරකං යනු මාරයා සමඟ අවශේෂ ලෝකයයි. සබ්‍රහ්මකං යනු බ්‍රහ්මයන සමඟ අවශේෂ ලෝකයයි. මෙසේ සියලු භවත්‍රයට ඇතුළත්වූ සත්වයන් තුන් ආකාරයකින් පද තුනෙහි බහා යළි දෙපදයෙන් සියල්ල එක්කොට ගැනීම සඳහා ‘සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙව මනුස්සං’යි කියනලදී. මෙසේ පද පසින් ඒ ඒ ආකාරයෙන් ත්‍රෛධාතුක ලෝකයම එක් කොට ගන්නාලදී.

සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙතීති සයන‍්ති සාමං, අපරනෙය්‍යො හුත්‍වා. අභිඤ‍්ඤාති අභිඤ‍්ඤාය, අධිකෙන ඤාණෙන ඤත්‍වාති අත්‍ථො. සච‍්ඡිකත්‍වාති පච‍්චක‍්ඛං කත්‍වා, එතෙන අනුමානාදිපටික‍්ඛෙපො කතො. පවෙදෙතීති බොධෙති ඤාපෙති පකාසෙති.

‘සයං අභිඤ්ඤා සච්චිකත්‍වා පචෙදෙති යන්නෙහි සයං යනු තෙමේයි. අනුන්විසින් මෙහෙයවන්නකු නොවීයි. අභිඤ්ඤා යනු මනාව දැනගෙනයි අධික ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට යන අර්‍ත්‍ථයි. සච්ඡිකත්‍වා යනු ප්‍රත්‍යක්‍ෂ කොටයි. මෙයින් අනුමානාදිය ප්‍රතික්‍ෂෙප කරනලදී. පවෙදෙති යනු අවබෝධ කරවයි. වටහා දෙයි. ප්‍රකාශ කරයි.

සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං…පෙ… පරියොසානකල්‍යාණන‍්ති සො භගවා සත‍්තෙසු කාරුඤ‍්ඤතං පටිච‍්ච හිත්‍වාපි අනුත‍්තරං විවෙකසුඛං ධම‍්මං දෙසෙති. තඤ‍්ච ඛො අප‍්පං වා බහුං වා දෙසෙන‍්තො ආදිකල්‍යාණාදිප‍්පකාරමෙව දෙසෙති, ආදිම‍්හිපි කල්‍යාණං භද‍්දකං අනවජ‍්ජමෙව කත්‍වා දෙසෙති, මජ‍්ඣෙපි, පරියොසානෙපි කල්‍යාණං භද‍්දකං අනවජ‍්ජමෙව කත්‍වා දෙසෙතීති වුත‍්තං හොති.

සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං -පෙ- පරියොසාන කල්‍යාණං යනු ඒ භාග්‍යවතුන් වහන්සේ සත්වයන් කෙරෙහි කරුණාව නිසා අනුත්තරවූ විවෙක සුවයද අතහැර දහම් දෙසනසේක. එයද ටිකක් හෝ බොහෝවක් දෙසන සේක් ආදිකල්‍යාණාදීවූ ආකාරයටම පවසනසේක. ආදියෙහි (පටන් ගැන්මෙහි) ද කලණවූ සොදුරුවු නිවැරදිවූ දෙයක්ම කොට දෙසනසේකැයි කියනලද්දේ වෙයි.

තත්‍ථ අත්‍ථි දෙසනාය ආදිමජ‍්ඣපරියොසානං, අත්‍ථි සාසනස‍්ස. දෙසනාය තාව චතුප‍්පදිකායපි ගාථාය පඨමපාදො ආදි නාම, තතො ද‍්වෙ මජ‍්ඣං නාම, අන‍්තෙ එකො පරියොසානං නාම. එකානුසන්‍ධිකස‍්ස සුත‍්තස‍්ස නිදානං ආදි, ඉදමවොචාති පරියොසානං, උභින‍්නං අන‍්තරා මජ‍්ඣං. අනෙකානුසන්‍ධිකස‍්ස සුත‍්තස‍්ස පඨමානුසන්‍ධි ආදි, අන‍්තෙ අනුසන්‍ධි පරියොසානං, මජ‍්ඣෙ එකො වා ද‍්වෙ වා බහූ වා මජ‍්ඣමෙව.

එහි දෙසුමට මුලමැද සහ අගක් ඇත. සසුනටද ඇත. දෙසුමෙහි වනාහි සිවුපදැති ගාථාවක වුවද පළමුවැනි පාදය මුල නමි. එයින් මතු පාද දෙක මැද නමි. අවසානයෙහි එක් පාදයක් කෙළවර නමි. අනුසන්‍ධි එකක් ඇති සූත්‍රයාගේ නිදානය මුලයි. ඉදමවොච යනු කෙළවරයි. මේ දෙක අතරත මැදයි. නොයෙක් අනුසන්ධි ඇති සූත්‍රයාගේ පළමු අනුසන්ධිය මුලයි. අවසානයෙහි අනුසන්‍ධිය කෙළවරයි. මැද එකක් හෝ බොහෝවක් හෝ අනුසන්ධි මැදයි.

සාසනස‍්ස සීලසමාධිවිපස‍්සනා ආදි නාම. වුත‍්තම‍්පි චෙතං – “කො චාදි කුසලානං ධම‍්මානං, සීලඤ‍්ච සුවිසුද‍්ධං දිට‍්ඨි ච උජුකා”ති (සං· නි· 5.369). “අත්‍ථි, භික‍්ඛවෙ, මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා”ති එවං වුත‍්තො පන අරියමග‍්ගො මජ‍්ඣං නාම. ඵලඤ‍්චෙව නිබ‍්බානඤ‍්ච පරියොසානං නාම. “තස‍්මාතිහ ත්‍වං, බ්‍රාහ‍්මණ, බ්‍රහ‍්මචරියං එතංපාරං එතංපරියොසාන”න‍්ති එත්‍ථ ඵලං පරියොසනන‍්ති වුත‍්තං. “නිබ‍්බානොගධඤ‍්හි, ආවුසො විසාඛ, බ්‍රහ‍්මචරියං වුස‍්සති නිබ‍්බානපරායණං නිබ‍්බානපරියොසාන”න‍්ති (ම· නි· 1.466) එත්‍ථ නිබ‍්බානං පරියොසානන‍්ති වුත‍්තං. ඉධ පන දෙසනාය ආදිමජ‍්ඣපරියොසානං අධිප‍්පෙතං. භගවා හි ධම‍්මං දෙසෙන‍්තො ආදිම‍්හි සීලං දස‍්සෙත්‍වා මජ‍්ඣෙ මග‍්ගං පරියොසානෙ නිබ‍්බානං දස‍්සෙති. තෙන වුත‍්තං – “සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණ”න‍්ති. තස‍්මා අඤ‍්ඤොපි ධම‍්මකථිකො ධම‍්මං කථෙන‍්තො –

ශාසනයාගේ ශීලසමාධි විදර්‍ශනා මුලයි. ‘කො චාදි කුසලානං ධම්මානං සීලඤ්ච සුවිසුද්ධං දිට්ඨි ච උජුකා’ යන්නෙන් මෙය කියනලද්දේමය. ‘අර්‍ත්‍ථ භික්‍ඛවෙ මජක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා’ මෙසේ කියනලද ආර්‍ය්‍යමාර්‍ගය මැද නමි. ඵලයද නිවනද කෙළවර නමි. ‘තස්මාතිහ ත්වං බ්‍රාහ්මණ බ්‍රහ්මචරියං එතං පාරං එතං පරියොසානං’ යන මෙහි ඵලය අවසානය (කෙළවර)යි කියනලදී. නිබ්බාණොගධංහි ආවුසො විසාඛ බ්‍රහ්මචරියං වුස්සති නිබ්බානපරායනං නිබ්බානපරියොසානං’ යන මෙහි නිවන කෙළවරයයි කියනලදී. මෙහි දෙසුමේ මුලමැද අග අදහස් කරනලදී. භාග්‍යවතුන්වහන්සේ දහම් දෙසන සේක් පටන් ගැන්මෙහි ශීලය දක්වා මැද මාර්‍ගයද අවසානයෙහි නිවනද දක්වනසේක. එහෙයින්, ‘සො ධම්මං දෙසෙති ආදි කල්‍යාණං -පෙ- පරියොසානකල්‍යාණං’යි කියනලදී. එහෙයින් අන්‍යධර්‍මකථිකයෙක් වුවද ධර්‍මය දෙසන්නේ

“ආදිම‍්හි සීලං දස‍්සෙය්‍ය, මජ‍්ඣෙ මග‍්ගං විභාවයෙ; පරියොසානම‍්හි නිබ‍්බානං, එසා කථිකසණ‍්ඨිතී”ති.

ආදියෙහි ශිලය දක්වන්නේය. මැද මග පළට කරන්නේය, අවසානයෙහි නිවන (පැහැදැලි කරන්නේය) මෙය කථිකකතිකාවකි

සාත්‍ථං සබ්‍යඤ‍්ජනන‍්ති යස‍්ස හි යාගුභත‍්තඉත්‍ථිපුරිසාදිවණ‍්ණනානිස‍්සිතා දෙසනා හොති, න සො සාත්‍ථං දෙසෙති. භගවා පන තථාරූපං දෙසනං පහාය චතුසතිපට‍්ඨානාදිනිස‍්සිතං දෙසනං දෙසෙති. තස‍්මා “සාත්‍ථං දෙසෙතී”ති වුච‍්චති. යස‍්ස පන දෙසනා එකබ්‍යඤ‍්ජනාදියුත‍්තා වා සබ‍්බනිරොට‍්ඨබ්‍යඤ‍්ජනා වා සබ‍්බවිස‍්සට‍්ඨබ්‍යඤ‍්ජනා වා සබ‍්බනිග‍්ගහිතබ්‍යඤ‍්ජනා වා, තස‍්ස දමිළකිරාතයවනාදිමිලක‍්ඛානං භාසා විය බ්‍යඤ‍්ජනපාරිපූරියා අභාවතො අබ්‍යඤ‍්ජනා නාම දෙසනා හොති. භගවා පන –

සාත්‍ථං සබ්‍යඤ්චනං යනු යමෙකුගේ කැඳබත් ස්ත්‍රීපුරුෂාදීන් ඇසුරුකොට ඇති දේශනාවක් වෙයිද හෙතෙම අරුත්සහිතවූවක් නොදෙසයි. භාග්‍යවතුන්වහන්සේ වනාහි එබඳුවූ දේශනාව අතහැර සතර සතිපට්ඨානාදිය ඇසුරු කොට ඇති දෙසුමක් දෙසනසේක. එහෙයින් අර්ථසහිතව දේශනාකෙරේයයි කියනුලැබේ. යමෙකුගේ දේශනාව එකබ්‍යංජනාදියෙන් යුක්ත වූයේ හෝ තොලෙන් නූපදින බ්‍යංජන ඇත්තේ හෝ සියල්ල විසිරිගිය සියල්ල නිග්ගහීත බ්‍යංජන ඇත්තේ හෝ වේද ඔහුට දමිළ කිරාත යවනාදී ආනාර්යයන්ගේ භාෂා මෙන් ව්‍යංජන පුර්ණත්වයක් නොමැති බැවින් අබ්‍යංජන නම්වූ දේශනාව වෙයි. භාග්‍යවතුන්වහන්සේ වනාහි

“සිථිලං ධනිතඤ‍්ච දීඝරස‍්සං, ලහුකං ගරුකඤ‍්ච නිග‍්ගහීතං; සම‍්බන්‍ධං වවත්‍ථිතං විමුත‍්තං, දසධා බ්‍යඤ‍්ජනබුද‍්ධියා පභෙදො”ති. –

‘සිථිල ධනිත දීඝ රස්ස, ලහුක ගරුක නිග්ගහීත සම්බන්ධ වවත්‍ථිත විමුත්ත යනුවෙන් ව්‍යංජන බුද්ධියෙහි ප්‍රභේදය දශාකාරය.

එවං වුත‍්තං දසවිධං බ්‍යඤ‍්ජනං අමක‍්ඛෙත්‍වා පරිපුණ‍්ණබ්‍යඤ‍්ජනමෙව කත්‍වා ධම‍්මං දෙසෙති. තස‍්මා “සබ්‍යඤ‍්ජනං කත්‍වා දෙසෙතී”ති වුච‍්චති. කෙවලපරිපුණ‍්ණන‍්ති එත්‍ථ කෙවලන‍්ති සකලාධිවචනං. පරිපුණ‍්ණන‍්ති අනූනාධිකවචනං. ඉදං වුත‍්තං හොති – සකලපරිපුණ‍්ණමෙව දෙසෙති, එකදෙසනාපි අපරිපුණ‍්ණා නත්‍ථීති. පරිසුද‍්ධන‍්ති නිරුපක‍්කිලෙසං. යො හි “ඉමං ධම‍්මදෙසනං නිස‍්සාය ලාභං වා සක‍්කාරං වා ලභිස‍්සාමී”ති දෙසෙති, තස‍්ස අපරිසුද‍්ධා දෙසනා නාම හොති. භගවා පන ලොකාමිසනිරපෙක‍්ඛො හිතඵරණෙනෙව මෙත‍්තාභාවනාය මුදුහදයො උල‍්ලුම‍්පනසභාවසණ‍්ඨිතෙන චිත‍්තෙන දෙසෙති. තස‍්මා පරිසුද‍්ධං දෙසෙතීති වුච‍්චති. බ්‍රහ‍්මචරියං පකාසෙතීති එත්‍ථ බ්‍රහ‍්මචරියන‍්ති සික‍්ඛත‍්තයසඞ‍්ගහිතං සකලං සාසනං. තස‍්මා බ්‍රහ‍්මචරියං පකාසෙතීති සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං…පෙ… පරිසුද‍්ධං, එවං දෙසෙන‍්තො ච සික‍්ඛත‍්තයසඞ‍්ගහිතං සකලසාසනබ්‍රහ‍්මචරියං පකාසෙතීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. බ්‍රහ‍්මචරියන‍්ති සෙට‍්ඨට‍්ඨෙන බ්‍රහ‍්මභූතං චරියං, බ්‍රහ‍්මභූතානං වා බුද‍්ධාදීනං චරියන‍්ති වුත‍්තං හොති.

මෙසේ කියනලද දශවිධ ව්‍යාංජනය (අක්‍ෂරය) නොමකා පිරිපුන් අකුරු ඇත්තක්ම කොට දහම් දෙසන සේක. එබැවින් බ්‍යංජනසහිත කොට දෙසතියි කියනු ලැබේ. කෙවලපරිපුණණං යන මෙහි කෙවලං යනු සියල්ල යන්නට සමානාර්ථවාචීය. පරිපුණ්ණං යනු නොඅඩුනොවැඩි යන්නට සමානාර්ථවාචීය. ‘සියල්ලෙන් පිරිපුන්වම දෙසනසේක. නොපිරිපුන්වු එක් දෙසුමකුදු නැත’ යන මෙය කියන ලද්දේවෙයි. පරිසුද්ධං යනු උපකෙලශ රහිත වූයේයි. යමෙක් මේ දම් දෙසුම නිසා ලාභයක් හෝ සත්කාරයක් හෝ ලබමැයි දෙසයිද ඔහුගේ අපිරිසුදුවූ දෙසූමක් වෙයි. භාග්‍යවතුන්වහන්සේවනාහි ලෝකාමිෂය අපේක්‍ෂාරහිතවූ සේක් හිතවත්බව පැතිරෙන මෛත්‍රීභාවනාවෙන් මොළොක්වූ හදවත ඇතිසේක් අනුග්‍රහ දැක්වීමේ ස්වභාවයෙන් යුක්තවූ සිතින් දෙසනසේක. එබවැන් පිරිසුදුව දෙසතියි කියනුලැබේ. බ්‍රහ්මචරියං පකාසෙති යන මෙහි බ්‍රහ්මචරිය යනු ශික්‍ෂාත්‍රයට ඇතුළත් වූ සියලු සසුනයි. එබැවින් බ්‍රහ්මචර්යය ප්‍රකාශ කෙරෙතැයි කියනු ලැබේ. ආදිකල්‍යාණවූ -පෙ- පිරිසිදුවූ ධර්‍මය උන්වහන්සේ දෙසනාකරනසේක යන්නෙන් මෙසේ දෙසනසේක්ද ශික්‍ෂාත්‍රයට ඇතුළත්වූ සියලු ශාසනබ්‍රහ්මචර්යාව ප්‍රකාශකරන සේකැයි මෙසේ මෙහි අර්‍ත්‍ථය දතයුතුය. බ්‍රහ්මචරියං යනු ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්මවූ හැසිරීමයි. බ්‍රහ්මභූතවූ බ්‍රද්ධාදීන්ගේ හෝ චර්යාවයයි කියනලද්දේ වෙයි.

සාධු ඛො පනාති සුන්‍දරං ඛො පන, අත්‍ථාවහං සුඛාවහන‍්ති වුත‍්තං හොති. තථාරූපානං අරහතන‍්ති යථාරූපො සො භවං ගොතමො, එවරූපානං අනෙකෙහිපි කප‍්පකොටිසතසහස‍්සෙහි දුල‍්ලභදස‍්සනානං බ්‍යාමප‍්පභාපරික‍්ඛිත‍්තෙහි අසීතිඅනුබ්‍යඤ‍්ජනපටිමණ‍්ඩිතෙහි ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණවරෙහි සමාකිණ‍්ණමනොරමසරීරානං අනප‍්පකදස‍්සනානං අතිමධුරධම‍්මනිග‍්ඝොසානං යථාභූතගුණාධිගමෙන ලොකෙ අරහන‍්තොති ලද‍්ධසද‍්දානං අරහතං. දස‍්සනං හොතීති පසාදසොම‍්මානි අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා දස‍්සනමත‍්තම‍්පි සාධු හොති. සචෙ පන අට‍්ඨඞ‍්ගසමන‍්නාගතෙන බ්‍රහ‍්මස‍්සරෙන ධම‍්මං දෙසෙන‍්තස‍්ස එකපදම‍්පි සොතුං ලභිස‍්සාම, සාධුතරංයෙව භවිස‍්සතීති එවං අජ‍්ඣාසයං කත්‍වා. යෙන භගවා තෙනුපසඞ‍්කමිංසූති සබ‍්බකිච‍්චානි පහාය තුට‍්ඨමානසා අගමංසු. අඤ‍්ජලිං පණාමෙත්‍වාති එතෙ උභතොපක‍්ඛිකා, තෙ එවං චින‍්තෙසුං – “සචෙ නො මිච‍්ඡාදිට‍්ඨිකා චොදෙස‍්සන‍්ති ‘කස‍්මා තුම‍්හෙ සමණං ගොතමං වන්‍දිත්‍ථා’ති, තෙසං ‘කිං අඤ‍්ජලිකරණමත‍්තෙනාපි වන්‍දිතං හොතී’ති වක‍්ඛාම. සචෙ නො සම‍්මාදිට‍්ඨිකා චොදෙස‍්සන‍්ති ‘කස‍්මා භගවන‍්තං න වන්‍දිත්‍ථා’ති, ‘කිං සීසෙන භූමිං පහරන‍්තෙනෙව වන්‍දිතං හොති. නනු අඤ‍්ජලිකම‍්මම‍්පි වන්‍දනා එවා’ති වක‍්ඛාමා”ති.

සාධු ඛො පන යනු මොනඥවූයේයි. අරුත් එළවන්නේ සුවඑළවන්නේයයි කියනලද්දේ වෙයි. තථාරූපානං අරහතං යනු ඒ භාග්‍යවතුන් වහන්සේ යම්බඳුවූ සේක්ද එබඳුවූ නොයෙක් කල්‍පකොටි ශතසහස්‍රයන්ගෙන්ද දුර්ලභවූ දැකුම්ඇති බ්‍යාමප්‍රහාවෙන් වටකරනලද අසූඅනූ ව්‍යංජනයනගෙන් යුක්තවූ දෙතිස්මහා පුරුස ලක්‍ෂණයන්ගෙන් ගැවසීගත් මනරම් සිරුරුඇති ශ්‍රෙෂ්ඨදර්‍ශන ඇති, ඉතා මියුරුදහම් හඬ ඇති තත්වූ පරිද්දෙනුවූ ගුණයන්ට පැමිණීමෙන් ලොව රහතුනැයි ලබනලද නම්ඇති රහතන් වහන්සේගේයි. දස්සනං හොති යනු පැහැදීමෙන් සෞම්‍යවූ ඇස් අර දැකීම් පමණකුදු යහපත්වෙයි. ඉදින් අංග අටකින් සමන්විතවූ බ්‍රහ්මස්වරයෙන් දහම් දෙසන්නාවූ බුදුන්වහන්සේගේ එක් පදයකුදු අසන්නට ලබන්නමෝ නම් යහපතක්ම වන්නේයයි මෙසේ අදහස් කොටයි. යෙන භගවා තෙනුපසංකමිංසු යනු සියලු කටයතු අතහැර සතුටුසිතින් ගියාහුය. අඤජලීං පණාමෙත්‍වා යනු ඒ දෙපසෙහි වූවෝ මෙසේ සිතූහ: යනු ඒ දෙපපෙසහි වූවෝ මෙසේ සිතූහ: ‘නුඹලා කුමක් නිසා ශ්‍රමණ ගෞතමයන්ට වැන්දාහුදැයි ඉදින් මිත්‍යාදෘෂ්ටිකයෝ අපට චෝදනා කරත් නම් ඔවුනට කිම ඇඳිලි බැඳීම් පමණකින් වඳනා ලද්දේ වේදැයි කියමු. ‘කුමක්හෙයින් භාග්‍යවතුන්වහන්සේට නොවැන්දහුදැ’යි සම්‍යග්දෘෂ්ටිකයෝ චෝදනා කරත් නම් කිම? හිසින් බිම පහරන්නාහු විසින් පමණක්ම වඳනාලද්දේ වේද? ඇඳිලිබැඳීමම වැඳීමක් නොවේදැයි කියමු.’

නාමගොත‍්තන‍්ති, “භො ගොතම, අහං අසුකස‍්ස පුත‍්තො දත‍්තො නාම මිත‍්තො නාම ඉධාගතො”ති වදන‍්තා නාමං සාවෙන‍්ති නාම. “භො ගොතම, අහං වාසෙට‍්ඨො නාම කච‍්චානො නාම ඉධාගතො”ති වදන‍්තා ගොත‍්තං සාවෙන‍්ති නාම. එතෙ කිර දලිද‍්දා ජිණ‍්ණකුලපුත‍්තා “පරිසමජ‍්ඣෙ නාමගොත‍්තවසෙන පාකටා භවිස‍්සාමා”ති එවං අකංසු. යෙ පන තුණ‍්හීභූතා නිසීදිංසු, තෙ කෙරාටිකා චෙව අන්‍ධබාලා ච. තත්‍ථ කෙරාටිකා “එකං ද‍්වෙ කථාසල‍්ලාපෙ කරොන‍්තෙ විස‍්සාසිකො හොති, අථ විස‍්සාසෙ සති එකං ද‍්වෙ භික‍්ඛා අදාතුං න යුත‍්ත”න‍්ති තතො අත‍්තානං මොචෙන‍්තා තුණ‍්හීභූතා නිසීදන‍්ති. අන්‍ධබාලා අඤ‍්ඤාණතායෙව අවක‍්ඛිත‍්තමත‍්තිකාපිණ‍්ඩා විය යත්‍ථ කත්‍ථචි තුණ‍්හීභූතා නිසීදන‍්ති.

නාමගොත්තං යනු භවත් ගෞතමයිනි, මම අසුවලාගේ පුත්වූ දත්ත නම් වූයෙමි. මිත්ත නම්වූයේ මෙහි පැමිණියෙමියි කියන්නානහු නම අස්වත් නමි. භවත් ගෞතමයිනි, මම වාසෙට්ඨ නම් වූයෙමි. කච්චායන නම් වූයෙම් මෙහි පැමිණියෙමැයි කියන්නාහු ගෝත්‍රය අස්වත් නම්වෙයි. දිළිඳු මහළු කුලපුත්‍රයෝවූ මොහුහු පිරිසමැද නම්ගොත් වශයෙන් පළට වන්නමෝයි මෙසේ කළාහුය. යමෙක් වනාහි තුණ්භීභූතා නිහඬව හුන්නාහුද ඔවුහු කෛරාටිකයෝ මෙන්ම අන්‍ධබාලයෝද වූහ. එහි කෛරාටිකයෝ ‘කථාසල්ලාප එකක් දෙකක් කරන කල්හි විශ්වාස ඇත්තේවෙයි. විශ්වාසය ඇතිකල්හි භික්‍ෂා එකක් දෙකක් නොදීම නොයුතුය’යි එයින් තමන් මිදෙන්නාහු නිහඬව හිඳිත්, අන්‍ධබාලයෝ නොදැනීමෙන්ම පහත හෙළූ මැටිපිඬු මෙන් ඒ ඒ තැන නිහඬව හිඳිත්.

වෙනාගපුරිකොති වෙනාගපුරවාසී. එතදවොචාති පාදන‍්තතො පට‍්ඨාය යාව කෙසග‍්ගා තථාගතස‍්ස සරීරං ඔලොකෙන‍්තො අසීතිඅනුබ්‍යඤ‍්ජනසමුජ‍්ජලෙහි ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණෙහි පටිමණ‍්ඩිතං සරීරා නික‍්ඛමිත්‍වා සමන‍්තතො අසීතිහත්‍ථප‍්පදෙසං අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතාහි ඡබ‍්බණ‍්ණාහි ඝනබුද‍්ධරංසීහි සම‍්පරිවාරිතං තථාගතස‍්ස සරීරං දිස‍්වා සඤ‍්ජාතවිම‍්හයො වණ‍්ණං භණන‍්තො එතං “අච‍්ඡරියං, භො ගොතමා”තිආදිවචනං අවොච.

වෙනාගපූරිකො යනු වෙනාගපූරවැසි වූයේයි. එතදවොච යනු පාකෙළවර පටන් කෙස් අග දක්වා තථාගතයන් වහන්සේගේ සිරුර බලමින් අසූ අනුව්‍යංජනයන්ගෙන් බබළන දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෙන් සැරසුණු, සිරුරෙන් නික්ම හාත්පසින් අසූරියන් පෙදෙස පැතිර සිටි සවණක් ඝන බුද්ධරශ්මියෙන් වටවූ තථාගතයන්වහන්සේගේ සිරුර දැක හටගත් විස්මය ඇත්තේ ගුණ කියමින් භවත් ගෞතමයිනි, මේ ආශ්චර්යයි ආදි වචන පැවසීය.

තත්‍ථ යාවඤ‍්චිදන‍්ති අධිමත‍්තප‍්පමාණපරිච‍්ඡෙදවචනමෙතං. තස‍්ස විප‍්පසන‍්නපදෙන සද‍්ධිං සම‍්බන්‍ධො. යාවඤ‍්ච විප‍්පසන‍්නානි අධිමත‍්තවිප‍්පසන‍්නානීති අත්‍ථො. ඉන්‍ද්‍රියානීති චක‍්ඛාදීනි ඡ ඉන්‍ද්‍රියානි. තස‍්ස හි පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං පතිට‍්ඨිතොකාසස‍්ස විප‍්පසන‍්නතං දිස‍්වා තෙසං විප‍්පසන‍්නතා පාකටා අහොසි. යස‍්මා පන සා මනෙ විප‍්පසන‍්නෙයෙව හොති, අවිප‍්පසන‍්නචිත‍්තානඤ‍්හි ඉන්‍ද්‍රියප‍්පසාදො නාම නත්‍ථි, තස‍්මාස‍්ස මනින්‍ද්‍රියප‍්පසාදොපි පාකටො අහොසි. තං එස විප‍්පසන‍්නතං ගහෙත්‍වා “විප‍්පසන‍්නානි ඉන්‍ද්‍රියානී”ති ආහ. පරිසුද‍්ධොති නිම‍්මලො. පරියොදාතොති පභස‍්සරො. සාරදං බදරපණ‍්ඩුන‍්ති සරදකාලෙ ජාතං නාතිසුපරිපක‍්කං බදරං. තඤ‍්හි පරිසුද‍්ධඤ‍්චෙව හොති පරියොදාතඤ‍්ච. තාලපක‍්කන‍්ති සුපරිපක‍්කතාලඵලං. සම‍්පති බන්‍ධනා පමුත‍්තන‍්ති තංඛණඤ‍්ඤෙව බන්‍ධනා පමුත‍්තං. තස‍්ස හි බන්‍ධනමූලං අපනෙත්‍වා පරමුඛං කත්‍වා ඵලකෙ ඨපිතස‍්ස චතුරඞ‍්ගුලමත‍්තං ඨානං ඔලොකෙන‍්තානං පරිසුද‍්ධං පරියොදාතං හුත්‍වා ඛායති. තං සන්‍ධායෙවමාහ. නෙක‍්ඛං ජම‍්බොනදන‍්ති සුරත‍්තවණ‍්ණස‍්ස ජම‍්බොනදසුවණ‍්ණස‍්ස ඝටිකා. දක‍්ඛකම‍්මාරපුත‍්තසුපරිකම‍්මකතන‍්ති දක‍්ඛෙන සුවණ‍්ණකාරපුත‍්තෙන සුට‍්ඨු කතපරිකම‍්මං. උක‍්කාමුඛෙ සුකුසලසම‍්පහට‍්ඨන‍්ති සුවණ‍්ණකාරඋද‍්ධනෙ පචිත්‍වා සුකුසලෙන සුවණ‍්ණකාරෙන ඝට‍්ටනපරිමජ‍්ජනහංසනෙන සුට‍්ඨු පහට‍්ඨං සුපරිමද‍්දිතන‍්ති අත්‍ථො. පණ‍්ඩුකම‍්බලෙ නික‍්ඛිත‍්තන‍්ති අග‍්ගිනා පචිත්‍වා දීපිදාඨාය ඝංසිත්‍වා ගෙරුකපරිකම‍්මං කත්‍වා රත‍්තකම‍්බලෙ ඨපිතං. භාසතෙති සඤ‍්ජාතඔභාසතාය භාසතෙ. තපතෙති අන්‍ධකාරවිද‍්ධංසනතාය තපතෙ. විරොචතීති විජ‍්ජොතමානං හුත්‍වා විරොචති, සොභතීති අත්‍ථො.

එහි යාවං චිදං යන මෙය අධික ප්‍රමාණය පිරිසිඳින්නාවූ වචනයකි. එයට විප්පසන්න පදය සමඟ සම්බන්‍ධය ඇත්තේය. බෙහෙවින් පැහැපත්වූ අතිශයින් විප්‍රපසන්නවූ යන අරුත්ය. ඉන්‍ද්‍රියානි යනු ඇස් ආදී සයයි. උන්වහන්සේගේ වනාහි ඉඳුරන් පස පිහිටි තන්හි පැහැපත් බව දැක ඒවායේ පසන් බව ප්‍රකට වූයේය. යම් හෙයකින් එය මනස පහන් කල්හිම වේද? නොපහන් සිත් ඇත්තන්ගේ ඉඳුරන්ගේ පසන්බවක් නැත්ද? එබැවින් උන්වහන්සේගේ මනොඉන්‍ද්‍රියයේ පසන්බවද ප්‍රකට වූයේය. මෙතෙම ඒ පසන් බව ගෙන පහන් ඉඳුරන්යයි කීවේය. පරිසුද්ධෝ යනු නිර්මලවූයේයි. පරියොදාතො යනු පබසර වූයේයි. සාරදා ඛදරපණ්ඩුං සරත් කල්හි හටගත් වඩා නොඉඳුණු ඩෙවර (මසන්) ඵලයයි. එය පිරිසුදු වූයේත් පැහැසර වූයේත් වෙයි. තාලපක්කං යනු මනාව පැසුණු කල්ගෙඩියයි. සම්පති බන්‍ධනා මුත්තං යනු එකෙණෙහිමබැඳුමෙන් මිදුනේයි. බැඳුම්කට ඉවත් කොට යටිකුරු කොට ඵලකයක තබනලද එහි සතරඟුලක් පමණ තැන බලන්නවුන්ට පිරිසුදුවූයේ පබසර වූයේවී හැඟෙයි. එය උදෙසා කියනලදී. නෙක්‍ඛං ජම්බොනදං යනු රත්තස්වරර්‍ණ හෙවත් ජම්බොනද රන් ගුළියයි. දක්‍ඛකම්මකාරපුත්තසුපරිකම්මකතං යනු දක්‍ෂ රන්කරුවකු විසින් මනාව කරනලද පිරියම් ඇත්තේයි. උක්කමුඛෙ සුකුසලසම්පහට්ඨං යනු රන්කරු උදුනෙහි පැසවා මනා හැකියාව ඇති රන්කරුවකු විසින් ගැටීම් පිරිමැදීම් පිරිසිදුකිරීම්වලින් මනාව ශුද්ධකළ මනාව මඳිනලද යන අර්ථයි. පණ්ඩුකම්බලෙ නික්‍ඛිත්තං යනු ගින්නෙන් පිස කොටිදතින් ගටා ගෛරුක මැටියෙන් ඔපදමා රත්කම්බිලියක තැබුයි. භාසතෙ යනු හටගත් පැහැපත් බවින් බබළයි. තපෙන යනු අඳුර නසාලීමෙන් දවයි. විරෙචති යනු දිදුලන්නක්වී බබලයි, හොබීයන අරුත්ය.

උච‍්චාසයනමහාසයනානීති එත්‍ථ අතික‍්කන‍්තප‍්පමාණං උච‍්චාසයනං නාම, ආයතවිත්‍ථතං අකප‍්පියභණ‍්ඩං මහාසයනං නාම. ඉදානි තානි දස‍්සෙන‍්තො සෙය්‍යථිදං, ආසන්‍දීතිආදිමාහ. තත්‍ථ ආසන්‍දීති අතික‍්කන‍්තප‍්පමාණං ආසනං. පල‍්ලඞ‍්කොති පාදෙසු වාළරූපානි ඨපෙත්‍වා කතො. ගොනකොති දීඝලොමකො මහාකොජවො. චතුරඞ‍්ගුලාධිකානි කිර තස‍්ස ලොමානි. චිත‍්තකොති වානචිත‍්තං උණ‍්ණාමයත්‍ථරණං. පටිකාති උණ‍්ණාමයො සෙතත්‍ථරකො. පටලිකාති ඝනපුප‍්ඵො උණ‍්ණාමයත්‍ථරකො, යො ආමලකපට‍්ටොතිපි වුච‍්චති. තූලිකාති තිණ‍්ණං තූලානං අඤ‍්ඤතරපුණ‍්ණා තූලිකා. විකතිකාති සීහබ්‍යග‍්ඝාදිරූපවිචිත්‍රො උණ‍්ණාමයත්‍ථරකො. උද‍්දලොමීති උභතොදසං උණ‍්ණාමයත්‍ථරණං. කෙචි එකතො උග‍්ගතපුප‍්ඵන‍්ති වදන‍්ති. එකන‍්තලොමීති එකතොදසං උණ‍්ණාමයත්‍ථරණං. කෙචි උභතො උග‍්ගතපුප‍්ඵන‍්ති වදන‍්ති. කට‍්ටිස‍්සන‍්ති රතනපරිසිබ‍්බිතං කොසෙය්‍යකට‍්ටිස‍්සමයං පච‍්චත්‍ථරණං. කොසෙය්‍යන‍්ති රතනපරිසිබ‍්බිතමෙව කොසියසුත‍්තමයං පච‍්චත්‍ථරණං. කුත‍්තකන‍්ති සොළසන‍්නං නාටකිත්‍ථීනං ඨත්‍වා නච‍්චනයොග‍්ගං උණ‍්ණාමයත්‍ථරණං. හත්‍ථත්‍ථරාදයො හත්‍ථිපිට‍්ඨාදීසු අත්‍ථරණකඅත්‍ථරකා චෙව හත්‍ථිරූපාදීනි දස‍්සෙත්‍වා කතඅත්‍ථරකා ච. අජිනප‍්පවෙණීති අජිනචම‍්මෙහි මඤ‍්චප‍්පමාණෙන සිබ‍්බිත්‍වා කතප‍්පවෙණී. සෙසං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව.

උච්චාසයනමහාසයනානි යනු මෙහි පමණ ඉක්මවූයේ උච්චාසයන නමි. දිගු පළලැති අකැප භාණ්ඩය මහාසයන නමි. දැන ඒවා දක්වමින් සෙය්‍යථිදං ආසන්‍දි’ යනාදිය පැවසීය. එහි ආසන්‍දි යනු පමණ ඉක්මවූ අසුනයි. පල්ලඩෙකා යනු පාදයන්හි සත්‍වරූප තබා කරන ලද්දේයි. ගොනකො නු දිගුලොම් ඇති පලසයි. එහි ලොම් අඟල් සතරකට වැඩිය. චිත්තිකා යනු නොයෙක් සිතුවම් ඇති සිහින් ලොමින් කළ ආස්තරණයයි. පටිකා යනු සිහින් ලොමින් කළ සුදුපැහැති ආස්තරණයයි. පටලිකා යනු මල්වැඩ දමා සිහින් ලොමින් කළ ආස්තරණයයි. මෙය ආමලකපට්ටයයිද කියනුලැබේ. තුලිකා යනු තෙවදැරුම් පුළුනින් එකකින් පිරුණු මෙට්ටයයි. විකතිකා යනු සිංහව්‍යාඝ්‍රාදී රූපවලින් විසිතුරුවූ සිහින්ලොමින් කළ ආස්තරණයයි. උද්දලොමි යනු දෙපසින් දහවලු ඇති සිහින් ලොමින් කළ ආස්තරණයයි. ඇතමෙක් එක්පසකින් මතුවූ මල් ඇත්තකැයි කියති. එකන්තලොමි යනු එක් පසකින් දහවලු ඇති සිහින් ලොමින් කළ ආස්තරණයයි. ඇතමෙක් දෙපසින් මතුවූ මල් ඇත්තකැයි කියති. කට්ඨිස්සං යනු මැණික් එබ්බූ කොසෙය්‍ය පටසළුවෙන් කරනලද ඇතිරිල්ලයි. කොසෙය්‍යං යනු මැණික් එබ්බූ කොසියහුයෙන් කරනලද ඇතිරිල්ලයි. කුත්තකං යනු නළඟනන් සොළසක් සිට නැටීමට යෝග්‍ය සිහින් ලොමින් කරනලද ඇතිරිල්ලයි. හත්‍ථත්‍ථරාදයො යනු ඇතුන්ගේ පිට ආදියෙහි අතුරන ඇතිරිලි මෙන්ම ඇත් රූපාදිය දක්වා කරනලද ඇතිරිලියි. අජිනප්පවෙනි යනු අඳුන් දිවිසමින් ඇඳක ප්‍රමාණයට මසා කළ ඇතිරියයි. සෙස්ස යට කියනලද අරුත් ඇත්තේමය.

නිකාමලාභීති අතිකාමලාභී ඉච‍්ඡිතිච‍්ඡිතලාභී. අකිච‍්ඡලාභීති අදුක‍්ඛලාභී. අකසිරලාභීති විපුලලාභී මහන‍්තලාභී, උළාරුළාරානෙව ලභති මඤ‍්ඤෙති සන්‍ධාය වදති. අයං කිර බ්‍රාහ‍්මණො සයනගරුකො, සො භගවතො විප‍්පසන‍්නින්‍ද්‍රියාදිතං දිස‍්වා “අද‍්ධා එස එවරූපෙසු උච‍්චාසයනමහාසයනෙසු නිසීදති චෙව නිපජ‍්ජති ච. තෙනස‍්ස විප‍්පසන‍්නානි ඉන්‍ද්‍රියානි, පරිසුද‍්ධො ඡවිවණ‍්ණො පරියොදාතො”ති මඤ‍්ඤමානො ඉමං සෙනාසනවණ‍්ණං කථෙසි.

නිකාමලාභී යනු කැමති දේ ලබන්නාවූ, කැමති කැමතිදේ ලබන්නාවුයි. අකිච්ඡලාභී යනු දුක් රහිතව ලබන්නාවූයි. අකසිරලාභී යනු බොහෝසේ ලබන්නාවූ මහත්සේ ලබන්නාවූයි. මහත් මහත් දේ ලබන්නේය යන හැඟීමෙන් (එසේ) කියයි. මේ බමුණා වනාහි (උසස්) අසුනෙහි වටිනාකම හඟින්නේයි. හෙතෙම භාග්‍යවතුන්වහන්සේගේ පහන් ඉඳුරන් ඇතිබව ආදිය දැක ‘ඒකාන්තයෙන්ම මෙතෙම මෙබඳු උසස් අසුන්හි හිඳින්නේ මෙන්ම හොවින්නේද වෙයි. එබැවින් මොහුගේ ඉඳුරෝ පැහැපත් වෙති. ඡවිවර්ණය පිරිසුදුය. පැහැපත්යයි හඟින්නේ මේ සේනාසන වර්‍ණනාව කීවේය.

ලද‍්ධා ච පන න කප‍්පන‍්තීති එත්‍ථ කිඤ‍්චි කිඤ‍්චි කප‍්පති. සුද‍්ධකොසෙය්‍යඤ‍්හි මඤ‍්චෙපි අත්‍ථරිතුං වට‍්ටති, ගොනකාදයො ච භූමත්‍ථරණපරිභොගෙන, ආසන්‍දියා පාදෙ ඡින්‍දිත්‍වා, පල‍්ලඞ‍්කස‍්ස වාළෙ භින්‍දිත්‍වා, තූලිකං විජටෙත්‍වා “බිම‍්බොහනඤ‍්ච කාතු”න‍්ති (චූළව· 297) වචනතො ඉමානිපි එකෙන විධානෙන කප‍්පන‍්ති. අකප‍්පියං පන උපාදාය සබ‍්බානෙව න කප‍්පන‍්තීති වුත‍්තානි.

ලද්ධා ච පන න කප්පන්ති යන මෙහි යම් යම් දෙයක් ගැලපෙයි, සුද්ධ කොසෙය්‍ය ඇතිරිය ඇදෙහි ඇතිරීමටද වටියි. ගොනකාදිය බුමුතුරුණු පරිබොගයෙන්ද, දික්පුටුපාදයන් සිඳ, පල්ලඞ්කයෙහි සත්වරූප සිඳ, තූලිකය ලිහා බිම්බොහනය (කොට්ටය)ක් තැනීමට යන වචනයෙන් මේවා එක් විධානයකින් යෝග්‍යය, අකැපදේ උදෙසා සියල්ලම කැප නොවෙතැයි කියනලදී.

වනන‍්තඤ‍්ඤෙව පවිසාමීති අරඤ‍්ඤංයෙව පවිසාමි. යදෙවාති යානියෙව. පල‍්ලඞ‍්කං ආභුජිත්‍වාති සමන‍්තතො ඌරුබද‍්ධාසනං බන්‍ධිත්‍වා. උජුං කායං පණිධායාති අට‍්ඨාරස පිට‍්ඨිකණ‍්ටකෙ කොටියා කොටිං පටිපාදෙන‍්තො උජුං කායං ඨපෙත්‍වා. පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වාති කම‍්මට‍්ඨානාභිමුඛං සතිං ඨපෙත්‍වා, පරිග‍්ගහිතනිය්‍යානං වා කත්‍වාති අත්‍ථො. වුත‍්තඤ‍්හෙතං – “පරීති පරිග‍්ගහට‍්ඨො. මුඛන‍්ති නිය්‍යානට‍්ඨො. සතීති උපට‍්ඨානට‍්ඨො. තෙන වුච‍්චති පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා”ති (පටි· ම· 1.164). උපසම‍්පජ‍්ජ විහරාමීති පටිලභිත්‍වා පච‍්චක‍්ඛං කත්‍වා විහරාමි. එවංභූතොති එවං පඨමජ‍්ඣානාදීසු අඤ‍්ඤතරසමඞ‍්ගී හුත්‍වා. දිබ‍්බො මෙ එසො තස‍්මිං සමයෙ චඞ‍්කමො හොතීති චත‍්තාරි හි රූපජ‍්ඣානානි සමාපජ‍්ජිත්‍වා චඞ‍්කමන‍්තස‍්ස චඞ‍්කමො දිබ‍්බචඞ‍්කමො නාම හොති, සමාපත‍්තිතො වුට‍්ඨාය චඞ‍්කමන‍්තස‍්සාපි චඞ‍්කමො දිබ‍්බචඞ‍්කමොයෙව. ඨානාදීසුපි එසෙව නයො. තථා ඉතරෙසු ද‍්වීසු විහාරෙසු.

වනන්තඤේඤච පචාරයාමි යනු ආරණ්‍යයටම පිවිසෙමියි. යදෙව යනු යම්දේයි. පල්ලඞ්කං ආභූජිත්‍වා යනු හාත්පසින් (වටකොට) ඌරුබද්ධාසනය (අරමිණිය) බැඳයි. උජුංකායං පණිධාය යනු අටළොස් පිටකටුවෙහි කෙළවරින් කෙළවර සපයමින් කය සෘජුව තබායි. පරිමුඛං සතං උපට්ඨපෙත්‍වා යනු කමටහන ඉදිරියේ සිහිය තබායි. නික්මයාම නවත්වා යන අරුත්ය. ‘පරි’ යනු නවත්වා ගැනීම් (දැඩිව ගැනීම්) අරුත්ය, මුඛං යනු නික්මීම් අරුත්ය. සති යනු වැටහීම් අරුත්ය. එහෙයින් ‘පරිමුඛං සතං උපට්ඨපෙත්‍වා’යි කියනු ලැබේ.’ යන මෙය කියනලදී. උපසම්පජ්ජ විහරාමි යනු ලැබ ප්‍රත්‍යක්‍ෂ කොට වාසයකරමියි. එවං භූතො යනු මෙසේ ප්‍රථමධ්‍යානාදීන් අතුරෙන් යමකින් යුක්ත වීයි. දිබ්බො මෙ එසො තස්මි සමයෙ වඞ්කමො හොති යනු සතර රූපධ්‍යානයන්ට සමවැද සක්මන් කරන්නහුගේ සක්මන දිබ්බචඞ්කම නම් වෙයි. සමවතින් නැගිට සක්මන් කරන්නහුගේ සක්මන දිව්‍යචඞ්ක්‍රමණයම වෙයි. සිටීම් ආදියෙහිද මේ ක්‍රමයමයි. සෙසු ඉරියව් දෙක්හිද එසේය.

සො එවං පජානාමි “රාගො මෙ පහීනො”ති මහාබොධිපල‍්ලඞ‍්කෙ අරහත‍්තමග‍්ගෙන පහීනරාගමෙව දස‍්සෙන‍්තො “සො එවං පජානාමි රාගො මෙ පහීනො”ති ආහ. සෙසපදෙසුපි එසෙව නයො. ඉමිනා පන කිං කථිතං හොතීති? පච‍්චවෙක‍්ඛණා කථිතා, පච‍්චවෙක‍්ඛණාය ඵලසමාපත‍්ති කථිතා. ඵලසමාපත‍්තිඤ‍්හි සමාපන‍්නස‍්සපි සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්සාපි චඞ‍්කමාදයො අරියචඞ‍්කමාදයො හොන‍්ති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සො එවං පජානාමි රාගො මෙ පහීණො යනු මහබෝ පළඟෙහි රහත් මගින් දුරුකළ රාගයම දක්වමින් සො එවං පජානාමි රාගො මෙ පහීණොයි. පැවසීය. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි. මෙයින් කුමක් කියනලද්දේද යත්: ප්‍රත්‍යවෙක්‍ෂාව කියනලදී. ප්‍රත්‍යවෙක්‍ෂාවෙන් ඵලසමාපත්තිය කියනලදී. ඵලසමවතට සමවන්නහුගේද ඵලසමවතින් නැඟීසිටියහුගේද සක්මන් ආදිය ආර්යචඞ්ක්‍රමාදිය වෙයි. මෙහි සෙස්ස පළටමය.