2. භයසුත්තවණ්ණනා අට්ඨකථා
2. භයසුත්තවණ්ණනා
3. 2. 2. 2
දුතියෙ අමාතාපුත්තිකානීති මාතා ච පුත්තො ච මාතාපුත්තං, පරිත්තාතුං සමත්ථභාවෙන නත්ථි එත්ථ මාතාපුත්තන්ති අමාතාපුත්තිකානි. යන්ති යස්මිං සමයෙ. තත්ථ මාතාපි පුත්තං නප්පටිලභතීති තස්මිං අග්ගිභයෙ උප්පන්නෙ මාතාපි පුත්තං පස්සිතුං න ලභති, පුත්තොපි මාතරං පස්සිතුං න ලභතීති අත්ථො. භයං හොතීති චිත්තුත්රාසභයං හොති. අටවිසඞ්කොපොති අටවියා සඞ්කොපො. අටවීති චෙත්ථ අටවිවාසිනො චොරා වෙදිතබ්බා. යදා හි තෙ අටවිතො ජනපදං ඔතරිත්වා ගාමනිගමරාජධානියො පහරිත්වා විලුම්පන්ති, තදා අටවිසඞ්කොපො නාම හොති, තං සන්ධායෙතං වුත්තං. චක්කසමාරූළ්හාති එත්ථ ඉරියාපථචක්කම්පි වට්ටති යානචක්කම්පි. භයස්මිං හි සම්පත්තෙ යෙසං යානකානි අත්ථි, තෙ අත්තනො පරික්ඛාරභණ්ඩං තෙසු ආරොපෙත්වා පලායන්ති. යෙසං නත්ථි, තෙ කාජෙන වා ආදාය සීසෙන වා උක්ඛිපිත්වා පලායන්තියෙව. තෙ චක්කසමාරූළ්හා නාම හොන්ති. පරියායන්තීති ඉතො චිතො ච ගච්ඡන්ති. කදාචීති කිස්මිඤ්චිදෙව කාලෙ. කරහචීති තස්සෙව වෙවචනං. මාතාපි පුත්තං පටිලභතීති ආගච්ඡන්තං වා ගච්ඡන්තං වා එකස්මිං ඨානෙ නිලීනං වා පස්සිතුං ලභති. උදකවාහකොති නදීපූරො. මාතාපි පුත්තං පටිලභතීති කුල්ලෙ වා උළුම්පෙ වා මත්තිකාභාජනෙ වා දාරුක්ඛණ්ඩෙ වා ලග්ගං වුය්හමානං පස්සිතුං පටිලභති, සොත්ථිනා වා පුන උත්තරිත්වා ගාමෙ වා අරඤ්ඤෙ වා ඨිතං පස්සිතුං ලභතීති.
දෙවැන්නෙහි, අමාතාපුත්තිකානි යනු මවද, පුතාද ‘මාතාපුත්තං’ නමි. ආරක්ෂා කිරීමට හැකි බවින් මෙහි මව හා පුතු නැතැයි ‘අමාතාපුත්තිකානි’ නමි. යං යනු යම් කලෙකයි. තත්ථ මාතාපි පුත්තං න පටිලභති යනු ඒ ගිනිබිය උපන් කල්හි මවද පුතු දැකීමට නොලබයි. පුතාද මව දැකීමට නොලබයි යන අරුත්ය. භයංහොති යනු සිත තැති ගන්නා බියක් වෙයි. අටවිසඩ්කපේපා යනු මෙහි අටවි යන්නෙන් වනවාසී සොරු දතයුත්තාහ. යම් කලෙක ඔවුහු වනයෙන් දනව්වට බැස ගම්නියම්ගම් රාජධානි පැහැර සොරා ගනිත්ද? එකල්හි අටවි සංකල්පය නම් වෙයි. එය සඳහා මෙය කියනලදී. චක්කසමාරූළභා යනු මෙහි ඉරියාපථ (ඉරියව්) චක්රයද රථචක්රයද වටියි. බියක් පැමිණි විට යමෙකුට යානවාහන ඇත්ද ඔවුහු තමන්ගේ පිරිකරබඩු ඒවායේ පටවා පළායත්. යමෙකුට (යානවාහන) නැත්ද ඔවුහු කදෙන් ගෙන හෝ හිසෙන් ඔසවා ගෙන හෝ පළායත්මයැයි ‘චක්කසමාරූළභා’ (රියට නැඟුනාහු) නම්වෙත්. පරියායන්ති යනු ඔබිමොබ යත්. කදාචි යනු කිසියම් කලෙකයි. කරහචි යනු ඊට (පෙරකියනලද්ට) ම පර්යාය වචනයි. මාතාපි පුත්තං පටිලභති යනු එන්නාවූ හෝ යන්නාවු හෝ එක්තැනක සැඟවුණාවූ හෝ තැනැත්තහු දක්නට ලබයි. උදකවාහකො යනු ගංගාවයි. මාතාපි පුත්තං පටිලභති ඔරුවක හෝ පාරුවක හෝ මැටිබඳුනක හෝ දරකඩක හෝ ලැඟි දරනු ලබන්නාහු දැකීමට හැකිවෙයි. බියරහිතව හෝ (ගඟෙන්) එතරව ගමෙහි හෝ වනයෙහි හෝ සිටියහු දක්නට හෝ ලබයි.
එවං පරියායතො අමාතාපුත්තිකානි භයානි දස්සෙත්වා ඉදානි නිප්පරියායෙන දස්සෙන්තො තීණිමානීතිආදිමාහ. තත්ථ ජරාභයන්ති ජරං පටිච්ච උප්පජ්ජනකභයං. ඉතරෙසුපි එසෙව නයො. වුත්තම්පි චෙතං – “ජරං පටිච්ච උප්පජ්ජති භයං භයානකං ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උත්රාසො. බ්යාධිං පටිච්ච, මරණං පටිච්ච උප්පජ්ජති භයං භයානකං ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උත්රාසො”ති (විභ· 921). සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
මෙසේ පර්යාය වශයෙන් මව පුතු නැත්තාවූ (අමාතාපුත්තිකවූ) බිය දක්වා දැන් නිෂ්පර්යාය වශයෙන් දක්වන සේක් තීනිමානි යනාදිය පැවසූසේක. එහි ජරාභයං යනු ජරාව නිසා උපදනා බියයි. සෙස්සෙහිද මේ ක්රමයමැයි. මෙය කියනලද්දේ වෙයි: ‘ජරං පටිච්ච උප්පජ්ජති භයං භයානකං ඡම්භිත්තතං ලොමහංසො චෙතසො උතත්රාසො ව්යාධිං පටිච්ච මරණං පටිච්ච උප්පජ්ජති හයං භයානක ඡම්භිත්තතං ලොමහංසො චෙතොස උත්ත්රාසො.’ සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේය.