යෙදුමෙන් කියවන්න

1. තිත්‍ථායතනසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. තිත්‍ථායතනසුත‍්තවණ‍්ණනා

3. 2. 2. 1

දුතියස‍්ස පඨමෙ තිත්‍ථායතනානීති තිත්‍ථභූතානි ආයතනානි, තිත්‍ථියානං වා ආයතනානි. තත්‍ථ තිත්‍ථං ජානිතබ‍්බං, තිත්‍ථකරා ජානිතබ‍්බා, තිත්‍ථියා ජානිතබ‍්බා, තිත්‍ථියසාවකා ජානිතබ‍්බා. තිත්‍ථං නාම ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො. තිත්‍ථිකරා නාම තාසං දිට‍්ඨීනං උප‍්පාදකා. තිත්‍ථියා නාම යෙසං තා දිට‍්ඨියො රුච‍්චන‍්ති ඛමන‍්ති. තිත්‍ථියසාවකා නාම තෙසං පච‍්චයදායකා. ආයතනන‍්ති “කම‍්බොජො අස‍්සානං ආයතනං, ගුන‍්නං දක‍්ඛිණාපථො ආයතන”න‍්ති එත්‍ථ සඤ‍්ජාතිට‍්ඨානං ආයතනං නාම.

දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි තිත්‍ථායතනං යනු තීර්ථභූතවූ ආයතනයෝ හෝ නීර්ථකයන්ගේ ආයතනයෝ හෝයි එහි තීර්ථය දතයුතුය. තීර්ථංකරයෝ දතයුත්තාහ. තීර්ථකයෝ දතයුත්තාහ. තීර්ථකශ්‍රාවකයෝ දතයුත්තාහ. තීර්ථය නම් දෙසැට දෘෂ්ටීහූයි. තීර්ථංකරයෝ නම් ඒ දෘෂ්ටීන් උපදවන්නෝයි. යමකු ඒ දෘෂ්ටීන් කැමතිවේද ඉවසයිද ඔවුහු තීර්ථකයෝ නම් වෙත්. ඔවුනට ප්‍රත්‍යය දෙන්නෝ තීර්ථක ශ්‍රාවකයෝ නම් වෙත්. ආයතනං යනු ‘අස්සානං කම්බොජො ආයතනං ගුන්නං දක්‍ඛිණාපථො ආයතනං’ නමි.

“මනොරමෙ ආයතනෙ, සෙවන‍්ති නං විහඞ‍්ගමා; ඡායං ඡායත්‍ථිනො යන‍්ති, ඵලත්‍ථං ඵලභොජිනො”ති. (අ· නි· 5.38) –

‘මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විහඞ්ඟමා ඡායං ඡායත්‍ථිනො යන්ති ඵලත්‍ථං ඵලභොජිනො’

එත්‍ථ සමොසරණට‍්ඨානං. “පඤ‍්චිමානි, භික‍්ඛවෙ, විමුත‍්තායතනානී”ති (අ· නි· 5.26) එත්‍ථ කාරණං. තං ඉධ සබ‍්බම‍්පි ලබ‍්භති. සබ‍්බෙපි හි දිට‍්ඨිගතිකා සඤ‍්ජායමානා ඉමෙසුයෙව තීසු ඨානෙසු සඤ‍්ජායන‍්ති, සමොසරණමානාපි එතෙසුයෙව තීසු ඨානෙසු සමොසරන‍්ති සන‍්නිපතන‍්ති, දිට‍්ඨිගතිකභාවෙ ච නෙසං එතානෙව තීණි කාරණානීති තිත්‍ථභූතානි සඤ‍්ජාතිආදිනා අත්‍ථෙන ආයතනානීතිපි තිත්‍ථායතනානි. තෙනෙවත්‍ථෙන තිත්‍ථියානං ආයතනානීතිපි තිත්‍ථායතනානි. සමනුයුඤ‍්ජියමානානීති කා නාමෙතා දිට‍්ඨියොති එවං පුච‍්ඡියමානානි. සමනුගාහියමානානීති කිංකාරණා එතා දිට‍්ඨියො උප‍්පන‍්නාති එවං සම‍්මා අනුග‍්ගාහියමානානි. සමනුභාසියමානානීති පටිනිස‍්සජ‍්ජෙථ එතානි පාපකානි දිට‍්ඨිගතානීති එවං සම‍්මා අනුසාසියමානානි. අපිච තීණිපි එතානි අනුයොගපුච‍්ඡාවෙවචනානෙව. තෙන වුත‍්තං අට‍්ඨකථායං – “සමනුයුඤ‍්ජතීති වා සමනුග‍්ගාහතීති වා සමනුභාසතීති වා එසෙසෙ එකට‍්ඨෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ තඤ‍්ඤෙවා”ති.

යන මෙහි එකතුවන තැනයි. ‘පඤචිමානි භික්‍ඛවෙ විමුත්තායතනානි’ යන මෙහි කාරණයයි. ඒ සියල්ලම මෙහි ලැබෙයි. හටගන්නාවූ සියලුම දෘෂ්ටිගතිකයෝ මේ තැන් තුනෙහිම හටගනිත්. රැස්වන්නාහුද මේ තුන්තන්හිම රැස්වෙත්. එක්වෙත්. දෘෂ්ටිගතික භාවයෙහිද ඔවුන්ගේ මේ තුන් කරුණමයයි හටගැනීම් ආදී අර්ථයෙන් ආයතනයෝද තීර්ථායතනයෝයි. ඒ අර්ථයෙන්ම තීර්ථකයන්ගේ ආයතනයෝද තීර්ථායතනයෝයි. සමනුයුඤජියමානානි යනු මේ දෘෂ්ටීහු කවරක් නම් වෙත්දැයි මෙසේ විමසනු ලබන්නාහුයි. සමනුගාහියමානානි යනු කුමන කරුණින් මේ දෘෂ්ටීහු උපන්නාහුදැයි මෙසේ මනාව විචාරනු ලබන්නාහුයි. තවද මේ (පද) තුනම යෙදීම (නියුක්තවීම) විමසීමේ පරියායවචනයි. එහෙයින් අට්ඨකථාවෙහි මෙසේ කියනලදී: ‘සමනුයුඤජතීතිවා සමනුගාහතීතිවා සමනුභාසතීති වා එසෙ එකෙ එකටේඨ සමෙ සභාගෙ තජ්ජාතෙ තඤෙඤවා’ යනුවෙනි.

පරම‍්පි ගන‍්ත්‍වාති ආචරියපරම‍්පරා ලද‍්ධිපරම‍්පරා අත‍්තභාවපරම‍්පරාති එතෙසු යංකිඤ‍්චි පරම‍්පරං ගන‍්ත්‍වාපි. අකිරියාය සණ‍්ඨහන‍්තීති අකිරියමත‍්තෙ සංතිට‍්ඨන‍්ති. “අම‍්හාකං ආචරියො පුබ‍්බෙකතවාදී, අම‍්හාකං පාචරියො පුබ‍්බෙකතවාදී, අම‍්හාකං ආචරියපාචරියො පුබ‍්බෙකතවාදී. අම‍්හාකං ආචරියො ඉස‍්සරනිම‍්මානවාදී, අම‍්හාකං පාචරියො ඉස‍්සරනිම‍්මානවාදී, අම‍්හාකං ආචරියපාචරියො ඉස‍්සරනිම‍්මානවාදී. අම‍්හාකං ආචරියො අහෙතුඅපච‍්චයවාදී, අම‍්හාකං පාචරියො අහෙතුඅපච‍්චයවාදී, අම‍්හාකං ආචරියපාචරියො අහෙතුඅපච‍්චයවාදී”ති එවං ගච‍්ඡන‍්තානි හි එතානි ආචරියපරම‍්පරං ගච‍්ඡන‍්ති නාම. “අම‍්හාකං ආචරියො පුබ‍්බෙකතලද‍්ධිකො, අම‍්හාකං පාචරියො…පෙ… අම‍්හාකං ආචරියපාචරියො අහෙතුඅපච‍්චයලද‍්ධිකො”ති එවං ගච‍්ඡන‍්තානි ලද‍්ධිපරම‍්පරං ගච‍්ඡන‍්ති නාම. “අම‍්හාකං ආචරියස‍්ස අත‍්තභාවො පුබ‍්බෙකතහෙතු, අම‍්හාකං පාචරියස‍්ස…පෙ… අම‍්හාකං ආචරියපාචරියස‍්ස අත‍්තභාවො අහෙතු අපච‍්චයො”ති එවං ගච‍්ඡන‍්තානි අත‍්තභාවපරම‍්පරං ගච‍්ඡන‍්ති නාම. එවං පන සුවිදූරම‍්පි ගච‍්ඡන‍්තානි අකිරියමත‍්තෙයෙව සණ‍්ඨහන‍්ති, එකොපි එතෙසං දිට‍්ඨිගතිකානං කත‍්තා වා කාරෙතා වා න පඤ‍්ඤායති.

පරම්පි ගන්ත්‍වා යනු ආචාර්ය පරම්පරාව ලබ්ධිපරම්පරාව ආත්මභාව පරම්පරාව යන මේවා අතුරෙන් යම්කිසි පරපුරකට ගොසින්ද යනුයි. අකිරියාය සණඨභනති යනු අකිරිය (වාද) මාත්‍රයෙන් පිහිටත්. අපගේ ආචාර්‍ය්‍යවරයා පුබ්බේකතවාදීය. අපගේ ප්‍රාචාර්යවරයා පුබ්බේකතවාදීය. අපගේ ආචාර්‍ය්‍යප්‍රාචාර්යවරයා පුබ්බේකතවාදීය. අපගේ ආචාර්‍ය්‍යවරයා ඊශ්වර නිර්‍මාණවාදීය, අපගේ ප්‍රාචාර්යවරයා ඊශ්වරනිර්‍මාණවාදීය, අපගේ ආචාර්යප්‍රාචාර්යවරයා ඊශ්වරනිර්‍මාණවාදීය. අපගේ ආචාර්යවරයා අහෙතුඅප්‍රත්‍යයවාදීය, අපගේ ප්‍රාචාර්යවරයා අහෙතූ අප්‍රත්‍යයවාදීය, අපගේ ආචාර්ය ප්‍රාචාර්යවරයා අහෙතුඅප්‍රත්‍යයවාදීයයි මෙසේ යනු ලබන්නාවූ මේවා ආචාර්ය පරම්පරාවට යතියි නමි. අපගේ ආචාර්යවරයා පුබ්බෙකත (හෙත) ලබ්ධකයෙකි. අපගේ ප්‍රාචාර්යවරයා -පෙ- අපගේ ආචාර්යප්‍රාචාර්යවරයා පුබ්බේකතලබ්ධිකයෙකිසි මෙසේ යනු ලබන්නාහු ලබ්ධිපරම්පරාවට යතියි නමි. අපගේ ආචාර්යවරයාගේ ආත්මභාවය පෙර කළ (කර්‍ම) හේතුවෙන් හටගත්තෙකි. අපගේ ප්‍රාචාර්යවරයාගේ -පෙ- අපගේ ආචාර්ය ප්‍රාචාර්යවරයාගේ ආත්මභාවය අහේතු අප්‍රත්‍යයයි මෙසේ යන්නාහු ආත්මභාව පරම්පරාවට යතියි නමි. මෙසේ ඉතා දුරට යන්නාහු අකිරියවාද මාත්‍රයෙහිම පිහිටති. මේ දෘෂ්ටිගතිකයන්ගේ කිසියම් කර්තෘ කෙනෙක් හෝ කරවන්නෙක් හෝ නොපැනෙයි.

පුරිසපුග‍්ගලොති සත‍්තො. කාමඤ‍්ච පුරිසොතිපි වුත‍්තෙ පුග‍්ගලොතිපි වුත‍්තෙ සත‍්තොයෙව වුත‍්තො හොති, අයං පන සම‍්මුතිකථා නාම යො යථා ජානාති, තස‍්ස තථා වුච‍්චති. පටිසංවෙදෙතීති අත‍්තනො සන‍්තානෙ උප‍්පන‍්නං ජානාති පටිසංවිදිතං කරොති, අනුභවති වා. පුබ‍්බෙකතහෙතූති පුබ‍්බෙකතකාරණා, පුබ‍්බෙකතකම‍්මපච‍්චයෙනෙව පටිසංවෙදෙතීති අත්‍ථො. ඉමිනා කම‍්මවෙදනඤ‍්ච කිරියවෙදනඤ‍්ච පටික‍්ඛිපිත්‍වා එකං විපාකවෙදනමෙව සම‍්පටිච‍්ඡන‍්ති. යෙ වා ඉමෙ පිත‍්තසමුට‍්ඨානා ආබාධා සෙම‍්හසමුට‍්ඨානා වාතසමුට‍්ඨානා සන‍්නිපාතිකා උතුපරිණාමජා විසමපරිහාරජා ඔපක‍්කමිකා ආබාධා කම‍්මවිපාකජා ආබාධාති අට‍්ඨ රොගා වුත‍්තා, තෙසු සත‍්ත පටික‍්ඛිපිත්‍වා එකං විපාකවෙදනංයෙව සම‍්පටිච‍්ඡන‍්ති. යෙපිමෙ දිට‍්ඨධම‍්මවෙදනීයං උපපජ‍්ජවෙදනීයං අපරපරියායවෙදනීයන‍්ති තයො කම‍්මරාසයො වුත‍්තා, තෙසුපි ද‍්වෙ පටිබාහිත්‍වා එකං අපරපරියායකම‍්මංයෙව සම‍්පටිච‍්ඡන‍්ති. යෙපිමෙ දිට‍්ඨධම‍්මවෙදනීයො විපාකො උපපජ‍්ජවෙදනීයො අපරපරියායවෙදනීයොති තයො විපාකරාසයො වුත‍්තා, තෙසුපි ද‍්වෙ පටිබාහිත්‍වා එකං අපරපරියායවිපාකමෙව සම‍්පටිච‍්ඡන‍්ති. යෙපිමෙ කුසලචෙතනා අකුසලචෙතනා විපාකචෙතනා කිරියචෙතනාති චත‍්තාරො චෙතනාරාසයො වුත‍්තා, තෙසුපි තයො පටිබාහිත්‍වා එකං විපාකචෙතනංයෙව සම‍්පටිච‍්ඡන‍්ති.

පුරිසපුග්ගලො යනු සත්වයායි. පුරුෂයායි කී කල්හිද පුද්ගලයායි කීකල්හිද සත්වයාම කියනලද්දේ වෙයි. මේ වනාහි සම්මුති කථාවයි. එහිදී යමෙක් යම්සේ දැනගනියිද එසේ කියනුලැබේ. පටිසංවෙදෙති යනු තමාගේ සිතෙහි උපන් දෙය දනියි, විඳීම කරයි. හෝ අත්දකියි. පුබ්බෙකතහෙතු යනු පෙර කරනලද හේතුවෙනි. පෙර කරනලද කර්‍ම ප්‍රත්‍යයෙන්ම විඳීය යන අරුත්ය. මෙයින් කර්‍මයෙන් හටගන්නා වේදනාවද ක්‍රියාසිතින් හටගන්නා වේදනාවද ප්‍රතික්‍ෂෙප කොට එකම විපාකවේදනාව පමණක්ම පිළිගනිත්. පිතෙන් හටගන්නා ආබාධ, සෙමෙන් හටගන්නා ආබාධ, වාතයෙන් හටගන්නා ආබාධ, සන්නිපාතිකවූ ආබාධ, සෘතු වෙනස්වීමෙන් හටගන්නා ආබාධ, විෂම පැවැත්මෙන් හටගන්නා ආබාධ, -පෙ- උපක්‍රමිකව හටගන්නා ආබාධ, කර්‍මවිපාකයෙන් හටගන්නා ආබාධ යන යම් මේ රෝගයෝ අටදෙනෙක් කියනලද්දාහුද ඒවා අතුරෙන් සතක් නොපිළිගෙන එකම විපාක වේදනාව පමණක් පිළිගනිත්. දිට්ඨධම්මවේදනීයය, උපපජ්ජවෙදනීයය, අපරාපරියවෙදනීයයි කර්‍මරාශි තුනක් කියනලද්දේද ඒවා අතුරෙන් දෙක් යටපත් කොට එකම අපරාපරිය කර්‍මයම පිළිගනිත්, දිට්ඨධම්මවේදනීය විපාකය, උපපජ්ජවෙදනීය විපාකය, අපරාපරියවෙදනීය විපාකයයි යම් මේ විපාකරාශි තුනක් කියන ලද්දේද ඒවා අතුරෙනුදු දෙකක් යටපත් කොට එකම අපරාපරිය විපාකය පමණක් පිළිගනිත්, කුසලචෙතනාවය, අකුසලචෙතනාවය, විපාකචෙතනාවය, ක්‍රියාචෙතනාවය යන යම් මේ චෙතනාරාශි සතරක් කියනලද්දේද එයිනුදු තුනක් යටපත් කොට එකම විපාකචෙතනාව පමණක්ම පිළිගනිත්

ඉස‍්සරනිම‍්මානහෙතූති ඉස‍්සරනිම‍්මානකාරණා, ඉස‍්සරෙන නිම‍්මිතත‍්තා පටිසංවෙදෙතීති අත්‍ථො. අයං හි තෙසං අධිප‍්පායො – ඉමා තිස‍්සො වෙදනා පච‍්චුප‍්පන‍්නෙ අත‍්තනා කතමූලකෙන වා ආණත‍්තිමූලකෙන වා පුබ‍්බෙකතෙන වා අහෙතුඅපච‍්චයා වා පටිසංවෙදිතුං නාම න සක‍්කා, ඉස‍්සරනිම‍්මානකාරණායෙව පන ඉමා පටිසංවෙදෙතීති. එවංවාදිනො පනෙතෙ හෙට‍්ඨා වුත‍්තෙසු අට‍්ඨසු රොගෙසු එකම‍්පි අසම‍්පටිච‍්ඡිත්‍වා සබ‍්බෙ පටිබාහන‍්ති, හෙට‍්ඨා වුත‍්තෙසු ච තීසු කම‍්මරාසීසු තීසු විපාකරාසීසු චතූසු චෙතනාරාසීසු එකම‍්පි අසම‍්පටිච‍්ඡිත්‍වා සබ‍්බෙපි පටිබාහන‍්ති.

ඉස්සරනිම්මාණහෙතු යනු ඊශ්වරනිර්‍මණ හේතුවෙනි. ඊශ්වරයකු විසින් නිමවනලද බැවින් අත්වීඳීය යන අරුත්ය. මේ වනාහි ඔහුගේ අදහසයි. මේ ත්‍රිවිධ වේදනාවෝ වර්‍තමානයෙහි තමන්විසින් කරනලද දෙය හේතු කොටගෙන හෝ ආණත්තිය මුල්කොටගෙන හෝ පෙර කරනලද කර්‍මහේතුවෙන් හෝ අහෙතු අප්‍රත්‍යයෙන් හෝ විඳීමට නම් නොහැක්කාහ. ඊශ්වර නිර්‍මාණහේතුවෙන්ම මේවා විදීය යනුයි. මෙසේ කියන්නෝ යටකියනලද රෝග අටෙන් එකක්වත් පිළිනොගෙන සියල්ල යටපත් කරත්. යට කියනලද කර්‍මරාශි තුනෙන්ද විපාකරාශි සතරින්ද චෙතනාරාශි සතරින්ද එකකුදු පිළිනොගෙන සියල්ලම යටපත් කරති.

අහෙතුඅපච‍්චයාති හෙතුඤ‍්ච පච‍්චයඤ‍්ච විනා, අකාරණෙනෙව පටිසංවෙදෙතීති අත්‍ථො. අයඤ‍්හි නෙසං අධිප‍්පායො – ඉමා තිස‍්සො වෙදනා පච‍්චුප‍්පන‍්නෙ අත‍්තනා කතමූලකෙන වා ආණත‍්තිමූලකෙන වා පුබ‍්බෙකතෙන වා ඉස‍්සරනිම‍්මානහෙතුනා වා පටිසංවෙදිතුං නාම න සක‍්කා, අහෙතුඅපච‍්චයායෙව පන ඉමා පටිසංවෙදෙතීති. එවංවාදිනො පනෙතෙ හෙට‍්ඨා වුත‍්තෙසු රොගාදීසු එකම‍්පි අසම‍්පටිච‍්ඡිත්‍වා සබ‍්බං පටිබාහන‍්ති.

අහෙතුඅප්පච්චයා යනු හේතුවද ප්‍රත්‍යයද හැර අකාරණයෙන් (කරුනක් නැතිව) ම විඳීය යන අරුත්ය. මේ වනාහි ඔවුන්ගේ අදහසය: මේ වේදනා තුන වර්‍තමානයෙහි තමන්විසින් කරනලද දෙය මුල්කොට හෝ පෙරකරනලද කර්‍මයෙන් හෝ, ඊශ්වර නිර්‍මණ හේතුවෙන් හෝ විදීමට නම් නොහැකිය. අහේතු අප්‍රත්‍යයෙන්ම මේවා විඳීය යනුයි. මෙසේ කියන්නාහු වනාහි යට කියනලද රෝගාදීන් අතුරෙන් එකකුදු පිළිනොගෙන සියල්ල යටපත් කරත්.

එවං සත්‍ථා මාතිකං නික‍්ඛිපිත්‍වා ඉදානි තං විභජිත්‍වා දස‍්සෙතුං තත්‍ර, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ එවං වදාමීති ලද‍්ධිපතිට‍්ඨාපනත්‍ථං එවං වදාමීති දස‍්සෙති. ලද‍්ධිඤ‍්හි අප‍්පතිට‍්ඨාපෙත්‍වා නිග‍්ගය‍්හමානා ලද‍්ධිතො ලද‍්ධිං සඞ‍්කමන‍්ති, භො ගොතම, න මයං පුබ‍්බෙකතවාදං වදාමාතිආදීනි වදන‍්ති. ලද‍්ධියා පන පතිට‍්ඨාපිතාය සඞ‍්කමිතුං අලභන‍්තා සුනිග‍්ගහිතා හොන‍්ති, ඉති නෙසං ලද‍්ධිපතිට‍්ඨාපනත්‍ථං එවං වදාමීති ආහ. තෙනහායස‍්මන‍්තොති තෙන හි ආයස‍්මන‍්තො. කිං වුත‍්තං හොති – යදි එතං සච‍්චං, එවං සන‍්තෙ තෙන තුම‍්හාකං වාදෙන. පාණාතිපාතිනො භවිස‍්සන‍්ති පුබ‍්බෙකතහෙතූති යෙ කෙචි ලොකෙ පාණං අතිපාතෙන‍්ති, සබ‍්බෙ තෙ පුබ‍්බෙකතහෙතු පාණාතිපාතිනො භවිස‍්සන‍්ති. කිංකාරණා? න හි පාණාතිපාතකම‍්මං අත‍්තනා කතමූලකෙන න ආණත‍්තිමූලකෙන න ඉස‍්සරනිම‍්මානහෙතුනා න අහෙතුඅපච‍්චයා සක‍්කා පටිසංවෙදෙතුං, පුබ‍්බෙකතහෙතුයෙව පටිසංවෙදෙතීති අයං වො ලද‍්ධි. යථා ච පාණාතිපාතිනො, එවං පාණාතිපාතා විරමන‍්තාපි පුබ‍්බෙකතහෙතුයෙව විරමිස‍්සන‍්තීති. ඉති භගවා තෙසංයෙව ලද‍්ධිං ගහෙත්‍වා තෙසං නිග‍්ගහං ආරොපෙති. ඉමිනා නයෙන අදින‍්නාදායිනොතිආදීසුපි යොජනා වෙදිතබ‍්බා.

මෙසේ ශාස්තෘන්වහන්සේ මාතෘකා තබා දැන් එය බෙදා දැක්වීමට තත්‍ර භික්‍ඛවෙ යනාදිය පැවසූ සේක. තත්‍ථ එවං වදාමි යනු ලබ්ධීන් ප්‍රතිෂ්ඨාපනය කරනු සඳහා මෙසේ කියමියි දක්වයි. ලබ්ධිය නොපිහිටුවා නිග්‍රහකරනු ලබන්නාහු ලබ්ධියෙන් ලබ්ධියට සංක්‍රමණය කරත්. ‘භවත් ගෞතමයන් වහන්ස, කිම අපි පුබ්බෙකත හේතුවාදය කියමුදැ’යි ආදිය කියත්, ලබ්ධියෙහි පිහිටා සංක්‍රමණය කිරීමට නොලබන්නාහු මනාව නිග්‍රහ කරනලද්දේ වෙත් මෙසේ ඔවුන්ගේ ලබ්ධිය ප්‍රතිෂ්ඨාපනය කරනු සඳහා මෙසේ කියමි’යි පැවසූසේක. තෙනහායස්මනේතා යනු එසේවී නම් ඇවැත්නි යනුයි. (මෙයින්) කුමක් කියනලද්දේද? ඉදින් එය සත්‍ය නම් මෙසේ ඇති කල්හි නුඹලාගේ ඒ වාදයෙන් පාණාතිපාතිනො භවිස්සන්ති පුබ්බෙකතහෙතු යනු යම්කිසිවෙක් ලෝකයෙහි පරපණ නසත්ද ඒ සියල්ලෝම පූර්‍වකෘත හේතුවෙන් පරපණ නසන්නෝ වෙත්. කුමක් නිසාද යත්? පරපණ නැසීමේ කර්‍මය තමන් විසින් කරනලද කරුණින් හෝ ඇණවීම් මූලිකව හෝ ඊශ්වර නිර්‍මාණහේතුවෙන් හෝ අහෙතුඅප්‍රත්‍යයෙන් හෝ විඳීමට නොහැකිය. පූර්‍වකෘතහේතුවෙන්ම විඳීයයි පරපණ නසන්නන් පිළිබඳව ඔබලාගේ මේ ලබ්ධිය යම්සේද? පරපණ නැසීමෙන් වළකින්නාහුද පූර්‍වකෘතහේතුවෙන්ම වළකති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේම ලබ්ධිය ගෙන ඔවුනට නිග්‍රහය පවරණ සේක. මේ ක්‍රමයෙන් නොදුන්දෙය ගන්නවුන් ආදීන් කෙරෙහිද යෙදීම දතයුතුය.

සාරතො පච‍්චාගච‍්ඡතන‍්ති සාරභාවෙන ගණ‍්හන‍්තානං. ඡන්‍දොති කත‍්තුකම්‍යතාඡන්‍දො. ඉදං වා කරණීයං ඉදං වා අකරණීයන‍්ති එත්‍ථ අයං අධිප‍්පායො – ඉදං වා කරණීයන‍්ති කත‍්තබ‍්බස‍්ස කරණත්‍ථාය, ඉදං වා අකරණීයන‍්ති අකත‍්තබ‍්බස‍්ස අකරණත්‍ථාය කත‍්තුකම්‍යතා වා පච‍්චත‍්තපුරිසකාරො වා න හොති. ඡන්‍දවායාමෙසු වා අසන‍්තෙසු “ඉදං කත‍්තබ‍්බ”න‍්තිපි “ඉදං න කත‍්තබ‍්බ”න‍්තිපි න හොති. ඉති කරණීයාකරණීයෙ ඛො පන සච‍්චතො ථෙතතො අනුපලබ‍්භියමානෙති එවං කත‍්තබ‍්බෙ ච අකත‍්තබ‍්බෙ ච භූතතො ථිරතො අපඤ‍්ඤායමානෙ අලබ‍්භමානෙ. යදි හි කත‍්තබ‍්බං කාතුං අකත‍්තබ‍්බතො ච විරමිතුං ලභෙය්‍ය, කරණීයාකරණීයං සච‍්චතො ථෙතතො උපලබ‍්භෙය්‍ය. යස‍්මා පන උභයම‍්පි තං එස නුපලබ‍්භති, තස‍්මා තං සච‍්චතො ථෙතතො න උපලබ‍්භති, එවං තස‍්මිං ච අනුපලබ‍්භියමානෙති අත්‍ථො. මුට‍්ඨස‍්සතීනන‍්ති නට‍්ඨස‍්සතීනං විස‍්සට‍්ඨස‍්සතීනං. අනාරක‍්ඛානං විහරතන‍්ති ඡසු ද‍්වාරෙසු නිරාරක‍්ඛානං විහරන‍්තානං. න හොති පච‍්චත‍්තං සහධම‍්මිකො සමණවාදොති එවං භූතානං තුම‍්හාකං වා අඤ‍්ඤෙසං වා මයං සමණාති පච‍්චත‍්තං සකාරණො සමණවාදො න හොති න ඉජ‍්ඣති. සමණාපි හි පුබ‍්බෙකතකාරණායෙව හොන‍්ති, අස‍්සමණාපි පුබ‍්බෙකතකාරණායෙවාති. සහධම‍්මිකොති සකාරණො. නිග‍්ගහො හොතීති මම නිග‍්ගහො හොති, තෙ පන නිග‍්ගහිතා හොන‍්තීති.

සාරතො පච්ඡාගතං යනු හරවත් බවින් ගන්නවුන්ගේයි. ඡන්‍දා යනු (කරුනු කැමති) කත්තුකම්‍යතා කැමැත්තයි. ඉදං වා කරණීයං ඉදංවා අකරණීයං යන මෙහි මේ අදහසයි. ‘ඉදං වා කරණීයං’ යනු කළයුතු දෙය කිරීමට හෝ ‘ඉදං වා අකරණීයං’ යනු නොකළයුතු දෙය නොකිරීමට කරනු කැමති ඡන්‍දය හෝ පෞද්ගලික වීර්යය හෝ නොවෙයි. ඡන්‍දවීර්‍ය්‍යයන් නොමැති කල්හි මෙය කළයුතුය. මෙය නොකළයුතුයයි යන්නක්ද නොවෙයි. කරණීයාකරණීයෙ ඛො පන සච්චතො ථෙතතො අනුපලබ්හියමානෙ මෙසේ කළයුතු දෙයෙහිද නොකළයුතු දෙයෙහිද සත්‍ය වශයෙන් ස්ථිරවශයෙන් නොපැනෙන කල්හි, නොලැබෙන කල්හියි. ඉදින් කළයුතු දෙය කිරීමටද නොකළයුතු දෙයින් වෙන්වීමටද ලැබෙන්නේ නම් කළයුතු නොකළයුතු දෙය සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ලබන්නේය. යම්හෙයකින් වනාහි ඒ දෙකම මෙතෙම නොලබයිද එහෙයින් එය සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් නොලබයි. මෙසේ එය නොලැබෙන කල්හිය යන අරුතයි. මුටඨස්සතීනං යනු නටුවා වූ සිහිය ඇත්තවුන්ගේයි, මුළාවූ සිහිය ඇත්තවුන්ගේයි. අනාරක්‍ඛානං විහරතං යනු සදොරෙහි රැකවල් නොමැතිව වසන්නවුන්ගේයි නහොති පච්චත්තං සහධම්මිකො සමණවාදො යනු මෙසේ වන්නාවූ නුඹලාට හෝ අනුන්ට හෝ අපි (ශ්‍රමණවාදයක්) සාර්ථක නොවෙයි. ශ්‍රමණයෝද පෙර කරනලද හේතු ඇත්තෝම වෙත්. අශ්‍රමණයෝද පෙර කරන ලද හේතු ඇත්තෝම වෙත්. සහධම්මිකො යනු කරුණු සහිත වූයේයි. නිග්ගභෝ හොති යනු මට නිග්‍රහයක් වෙයි, ඔවුහු වනාහි නින්දා කරනු ලැබුවෝ වෙතියි

එවං පුබ‍්බෙකතවාදිනො නිග‍්ගහෙත්‍වා ඉදානි ඉස‍්සරනිම‍්මානවාදිනො නිග‍්ගහෙතුං තත්‍ර, භික‍්ඛවෙතිආදිමාහ. තස‍්සත්‍ථො පුබ‍්බෙකතවාදෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො, තථා අහෙතුකවාදෙපි.

මෙසේ පූර්‍වකෘතහේතුවාදීන් නින්දාවට ලක්කොට දැන් ඊශ්වර නිර්‍මාණවාදීන්ට නිග්‍රහ කිරීමට ‘තත්‍ර භික්‍ඛවෙ’ යනාදිය දෙසූසේක. එහි අර්‍ත්‍ථය පූර්‍වකෘතහේතුවාදයෙහි කියනලද ක්‍රමයෙන්ම දතයුතුය. අහෙතුවාද වාරයෙහිද එසේමය:

එවං ඉමෙසං තිත්‍ථායතනානං පරම‍්පි ගන‍්ත්‍වා අකිරියාය සණ‍්ඨහනභාවෙන තුච‍්ඡභාවං අනිය්‍යානිකභාවං, අසාරභාවෙන ථුසකොට‍්ටනසදිසතං ආපජ‍්ජනභාවෙන අග‍්ගිසඤ‍්ඤාය ධමමානඛජ‍්ජුපනකසරික‍්ඛතං තංදිට‍්ඨිකානං පුරිමස‍්සපි මජ‍්ඣිමස‍්සපි පච‍්ඡිමස‍්සපි අත්‍ථදස‍්සනතාය අභාවෙන අන්‍ධවෙණූපමතං සද‍්දමත‍්තෙනෙව තානි ගහෙත්‍වා සාරදිට‍්ඨිකානං පථවියං පතිතස‍්ස බෙලුවපක‍්කස‍්ස දද‍්දභායිතසද‍්දං සුත්‍වා “පථවී සංවට‍්ටමානා ආගච‍්ඡතී”ති සඤ‍්ඤාය පලායන‍්තෙන සසකෙන සරික‍්ඛභාවඤ‍්ච දස‍්සෙත්‍වා ඉදානි අත‍්තනා දෙසිතස‍්ස ධම‍්මස‍්ස සාරභාවඤ‍්චෙව නිය්‍යානිකභාවඤ‍්ච දස‍්සෙතුං අයං ඛො පන, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ අනිග‍්ගහිතොති අඤ‍්ඤෙහි අනිග‍්ගහිතො නිග‍්ගහෙතුං අසක‍්කුණෙය්‍යො. අසංකිලිට‍්ඨොති නික‍්කිලෙසො පරිසුද‍්ධො, “සංකිලිට‍්ඨං නං කරිස‍්සාමා”ති පවත‍්තෙහිපි තථා කාතුං අසක‍්කුණෙය්‍යො. අනුපවජ‍්ජොති උපවාදවිනිමුත‍්තො. අප‍්පටිකුට‍්ඨොති “කිං ඉමිනා හරථ න”න‍්ති එවං අප‍්පටිබාහිතො, අනුපක‍්කුට‍්ඨො වා. විඤ‍්ඤූහීති පණ‍්ඩිතෙහි. අපණ‍්ඩිතානඤ‍්හි අජානිත්‍වා කථෙන‍්තානං වචනං අප‍්පමාණං. තස‍්මා විඤ‍්ඤූහීති ආහ.

මෙසේ මේ තීර්ථායතනයන්ගෙන් අන්‍යයාද ගොස් අකිරියවාදයෙහි පිහිටන බැවින් හිස්බවද අනිර්යානික බවද නිසරු බවින් දහයියා කෙටීමට සමාන බවද බසැගන්නා බවින් ගිනි යන හැඟීමෙන් පිමිනුලබන කණාමැදිරියන්ට සමාන බවද එම දෘෂ්ටිය ගත්තවුන් අතුරෙන් ප්‍රථමයාට ද මධයමයාටද අන්තිමයාටද අර්ථවත්බවක් නොමැතිබැවින් එකිනෙකාට කණවැල අල්ලා ගන්නා අන්‍ධයන් සමූහයකට සමාන බවද ශබ්දමාත්‍රයෙන්ම එම දෘෂ්ටිගෙන ඒවා සාර ලෙස දකින්නන් පොළොවෙහි වැටුණු බෙලිගෙඩිය පෙරළෙන හඬ අසා පොළොව පෙරළෙමින් එන්න්යයි හැඟීමෙන් පළා යන්නාවූ හාවාට සමාන බවද දැන් තමා විසින් දෙසනලද ධර්‍මයේ හරවත් බවද නෛර්යානික බවද දැක්වීමට ‘අයං ඛො පන භික්‍ඛවෙ’ යනාදිය පැවසූ සේක. එහි අනිග්ගභීතො යනු අනුන් විසින් නින්දා නොකරනලද්දේ, නින්දා කිරීමට නොහැකිවන්නේයි. අසඞ්කිලිටේඨා යනු නිකෙලෙස්වූයේ, පිරිසිදු වුයේයි. ඔහු කිළිටිවූවකු කරන්නෙමු යන ප්‍රවෘත්තියෙහිද එසේ කිරීමට නොහැකිවන්නේයි. අනුපච්ජ්ජො යනු උපවාදයෙන් මිඳුනේයි. අප්පතිකුටේඨා යනු මොහුගෙන් කවර වැඩෙක්ද? මොහු ඉවත් කරවයි. මෙසේ නොවළක්වන ලද්දේ, පිළිකුල් නොකරනලද්දේ හෝයි. විඤඤූහි යනු පණ්ඩිතයන් විසිනි. නොදැන කථා කරන්නාවූ නොවියතුන්ගේ වචනය ප්‍රමාණ කොට නොගෙනයි. එබැවින් වියතුන් විසිනැයි පවසනලදී.

ඉදානි තස‍්ස ධම‍්මස‍්ස දස‍්සනත්‍ථං “කතමො ච, භික‍්ඛවෙ”ති පඤ‍්හං පුච‍්ඡිත්‍වා “ඉමා ඡ ධාතුයො”තිආදිනා නයෙන මාතිකං නික‍්ඛිපිත්‍වා යථාපටිපාටියා විභජිත්‍වා දස‍්සෙන‍්තො පුන ඉමා ඡ ධාතුයොතිආදිමාහ. තත්‍ථ ධාතුයොති සභාවා. නිජ‍්ජීවනිස‍්සත‍්තභාවප‍්පකාසකො හි සභාවට‍්ඨො ධාත්‍වට‍්ඨො නාම. ඵස‍්සායතනානීති විපාකඵස‍්සානං ආකරට‍්ඨෙන ආයතනානි. මනොපවිචාරාති විතක‍්කවිචාරපාදෙහි අට‍්ඨාරසසු ඨානෙසු මනස‍්ස උපවිචාරා.

දැන් ඒ ධර්‍මය දැක්වීම සඳහා ‘කතමො ච භික්‍ඛවෙ’ යනුවෙන් ප්‍රශ්නයක් අසා මේ ධාතුසය යනාදී ක්‍රමයෙන් මාතෘකාව තබා පිළිවෙළින් බෙදා දක්වමින් යළි ‘ඉමා ඡධාතුයෝ යනාදිය පැවසූසේක. එහි ධාතුයො යනු ස්වභාවයෝයි. නිජ්ජිව නිසත්‍වභාවය ප්‍රකාහ කරන්නාවූ ස්වභාවාර්ථය ධාතුඅර්‍ත්‍ථය නම්වෙයි. ඵස්සායතනානි යනු විපාකස්පර්‍ශයන්ට ආකාරයකි යන අරුතින් ආයතනයෝයි. මනොපවිචාරා යනු විතක්කවිචාර පදයන්ගෙන් අටළොස් තැන්හි සිතේ උපවිචාරයෝයි.

පථවීධාතූති පතිට‍්ඨාධාතු. ආපොධාතූති ආබන්‍ධනධාතු. තෙජොධාතූති පරිපාචනධාතු. වායොධාතූති විත්‍ථම‍්භනධාතු. ආකාසධාතූති අසම‍්ඵුට‍්ඨධාතු. විඤ‍්ඤාණධාතූති විජානනධාතු. එවමිදං ධාතුකම‍්මට‍්ඨානං ආගතං. තං ඛො පනෙතං සඞ‍්ඛෙපතො ආගතට‍්ඨානෙ සඞ‍්ඛෙපතොපි විත්‍ථාරතොපි කථෙතුං වට‍්ටති. විත්‍ථාරතො ආගතට‍්ඨානෙ සඞ‍්ඛෙපතො කථෙතුං න වට‍්ටති, විත්‍ථාරතොව වට‍්ටති. ඉමස‍්මිං පන තිත්‍ථායතනසුත‍්තෙ ඉදං සඞ‍්ඛෙපතො ඡධාතුවසෙන කම‍්මට‍්ඨානං ආගතං. තං උභයථාපි කථෙතුං වට‍්ටති.

පථවිධාතු යනු පිහිටීම් ස්වභාවයයි. ආපොධාතු යනු එක්කිරීම් (එකට බැඳීම්) ස්වභාවයයි. තෙජොධාතු යනු පැසවීම් ස්වභාවයයි. වායොධාතු යනු ස්ථාවර කිරීමේ ස්වභාවයයි. ආකාසධාතු යනු නොපැහැසීමේ ස්වාභාවයයි. විඤ්ඤාණධාතු යනු හැඳිනීමේ ස්වභාවයයි. මෙසේ මේ ධාතුකර්‍මස්ථානය ආයේයි. එය වනාහි සැකෙවින් දක්වනලද තන්හි සැකවින්ද විස්තර වශයෙන්ද කීමට වටීයි විස්තර වශයෙන් ආතන්හි සැකෙවින් කීමට නොවටියි. විස්තර වශයෙන්ම වටියි. මේ තිත්‍ථායතන සූත්‍රයෙහි මෙය සැකෙවින් ධාතුසයක් වශයෙන් කර්‍මස්ථානය ආයේයි. එය දෙපරිද්දෙන්ම කීමට වටීයි.

සඞ‍්ඛෙපතො ඡධාතුවසෙන කම‍්මට‍්ඨානං පරිග‍්ගණ‍්හන‍්තොපි එවං පරිග‍්ගණ‍්හාති – පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති ඉමානි චත‍්තාරි මහාභූතානි, ආකාසධාතු උපාදාරූපං. එකස‍්මිං ච උපාදාරූපෙ දිට‍්ඨෙ සෙසානි තෙවීසති දිට‍්ඨානෙවාති සල‍්ලක‍්ඛෙතබ‍්බානි. විඤ‍්ඤාණධාතූති චිත‍්තං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති, තෙන සහජාතා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, ඵස‍්සො ච චෙතනා ච සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති ඉමෙ චත‍්තාරො අරූපක‍්ඛන්‍ධා නාම. චත‍්තාරි පන මහාභූතානි චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාරූපං රූපක‍්ඛන්‍ධො නාම. තත්‍ථ චත‍්තාරො අරූපක‍්ඛන්‍ධා නාමං, රූපක‍්ඛන්‍ධො රූපන‍්ති නාමඤ‍්ච රූපඤ‍්චාති ද‍්වෙයෙව ධම‍්මා හොන‍්ති, තතො උද‍්ධං සත‍්තො වා ජීවො වා නත්‍ථීති එවං එකස‍්ස භික‍්ඛුනො සඞ‍්ඛෙපතො ඡධාතුවසෙන අරහත‍්තසම‍්පාපකං කම‍්මට‍්ඨානං වෙදිතබ‍්බං.

සැකෙවින් ධාතු සයක් ලෙස කමටහන් පිරික්සන්නේද මෙසේ සලකයි. පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතරමහා භූතයෝයි. ආකාසධාතුව උපාදාරූපයයි. එක් උපාදාරූපයක් දුටු කල්හි සෙසු තෙවිස්ස දක්නාලදැයි සැලකිය යුතුයි. විඤ්ඤාණධාතු යනු සිත විඤ්ඤාණස්කන්‍ධය නම්වෙයි. එය සමඟ හටගත් වේදනාව වෙදනාස්කන්‍ධයයි. සංඥාව සංඥාස්කන්‍ධයයි. ස්පර්‍ශයද චෙතනාවද සංස්කාරස්කන්‍ධයයි යන මේ සතර අරූපස්කන්‍ධය නම්වෙයි. සතර මහා භූතයෝද සතර මහා භූතයන්ගේ උපාදාය රූපයද රූපස්කන්‍ධය නම්වෙයි. එහි සතර අරූපස්ක්‍ධයෝ නාමයයි. රූපස්කන්‍ධය රූපයයි නාමයද රූපයදැයි ධර්‍මයෝ දෙදෙනෙක්ම වෙති. එයින් මත්තෙහි සත්වයෙක් හෝ ජීවයක් හෝ නැතැයි මෙසේ ඇතැම් භික්‍ෂුවකට සැකෙවින් ධාතුසයක් වශයෙන් අරහත්වය සම්පාදනය කරන්නාවූ කර්‍මස්ථානය දතයුතුය.

විත්‍ථාරතො පරිග‍්ගණ‍්හන‍්තො පන චත‍්තාරි මහාභූතානි පරිග‍්ගණ‍්හිත්‍වා ආකාසධාතුපරිග‍්ගහානුසාරෙන තෙවීසති උපාදාරූපානි පරිග‍්ගණ‍්හාති. අථ නෙසං පච‍්චයං උපපරික‍්ඛන‍්තො පුන චත‍්තාරෙව මහාභූතානි දිස‍්වා තෙසු පථවීධාතු වීසතිකොට‍්ඨාසා, ආපොධාතු ද‍්වාදස, තෙජොධාතු චත‍්තාරො, වායොධාතු ඡකොට‍්ඨාසාති කොට‍්ඨාසවසෙන සමොධානෙත්‍වා ද‍්වාචත‍්තාලීස මහාභූතානි ච වවත්‍ථපෙත්‍වා තෙසු තෙවීසති උපාදාරූපානි පක‍්ඛිපිත්‍වා පඤ‍්චසට‍්ඨි රූපානි වවත්‍ථපෙති. තානි ච වත්‍ථුරූපෙන සද‍්ධිං ඡසට‍්ඨි හොන‍්තීති ඡසට‍්ඨි රූපානි පස‍්සති. විඤ‍්ඤාණධාතු පන ලොකියචිත‍්තවසෙන එකාසීති චිත‍්තානි. තානි සබ‍්බානිපි විඤ‍්ඤාණක‍්ඛන්‍ධො නාම හොති. තෙහි සහජාතා වෙදනාදයොපි තත‍්තකායෙවාති එකාසීති වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, එකාසීති සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, එකාසීති චෙතනා සඞ‍්ඛාරක‍්ඛන්‍ධොති ඉමෙ චත‍්තාරො අරූපක‍්ඛන්‍ධා තෙභූමකවසෙන ගය‍්හමානා චතුවීසාධිකානි තීණි ධම‍්මසතානි හොන‍්තීති ඉති ඉමෙ ච අරූපධම‍්මා ඡසට‍්ඨි ච රූපධම‍්මාති සබ‍්බෙපි සමොධානෙත්‍වා නාමඤ‍්ච රූපඤ‍්චාති ද‍්වෙව ධම‍්මා හොන‍්ති, තතො උද‍්ධං සත‍්තො වා ජීවො වා නත්‍ථීති නාමරූපවසෙන පඤ‍්චක‍්ඛන්‍ධෙ වවත්‍ථපෙත්‍වා තෙසං පච‍්චයං පරියෙසන‍්තො අවිජ‍්ජාපච‍්චයා තණ‍්හාපච‍්චයා කම‍්මපච‍්චයා ආහාරපච‍්චයාති එවං පච‍්චයං දිස‍්වා “අතීතෙපි ඉමෙහි පච‍්චයෙහි ඉදං වට‍්ටං පවත‍්තිත්‍ථ, අනාගතෙපි එතෙහි පච‍්චයෙහි පවත‍්තිස‍්සති, එතරහිපි එතෙහියෙව පවත‍්තතී”ති තීසු කාලෙසු කඞ‍්ඛං විතරිත්‍වා අනුක‍්කමෙන පටිපජ‍්ජමානො අරහත‍්තං පාපුණාති. එවං විත්‍ථාරතොපි ඡධාතුවසෙන අරහත‍්තසම‍්පාපකං කම‍්මට‍්ඨානං වෙදිතබ‍්බං.

විස්තර වශයෙන් සලකන්නේ සතර මහා භූතයන් විමසා ආකාශධාතුව සලකා බැලීම් අනුසාරයෙන් තෙවිසි උපාදාරුප විමසා බලයි. ඉක්බිති ඔවුන්ගේ ප්‍රත්‍යයන් විමසා බලන්නේ යළි සතර මහාභූතයන්ම දැක ඒවා අතුරෙන් පඨවිධාතුව කොටස් විස්සකි, ආපොධාතුව කොටස් දොළසකි. තෙජොධාතුව කොටස් සතරකි, වායොධාතුව කොටස් සයකැයි කොටස් වශයෙන් එක්කොට ගෙන දෙසාළිස් මහාභූතයන් ව්‍යවස්ථාපනය කොට ඒවා අතුරෙහි තෙවිසි උපාදාරූපයන් බහා රූප සැටපහක් ව්‍යවස්ථාපනය කොට ඒවාද වත්‍ථුරූපය සමඟ සැටහයක් වේයයි සසැටක් රුප දකියි. විඤ්ඤාණධාතුව වනාහි ලෞකික සිත් වශයෙන් අසූඑක් සිතකි. ඒ සියල්ලම විඥානස්කන්‍ධය නම් වෙයි. ඒවා සමඟ එකට උපන් වේදනාදීහුද එපමණමක්යයි අසූඑක් වේදනාවෝ වේදනාස්කන්‍ධයයි. අසූඑක් සංඥාවෝ සංඥාස්කන්‍ධයයි. අසූඑක් චෙතනාවෝ සංස්කාර ස්කන්‍ධයයි යනුවෙන් මේ සතර අරූපස්ක්‍ධයෝ ත්‍රෛභූමික වශයෙන් ගනු ලබන්නාහු ධර්‍ම තුන්සිය විසිහතරක් වෙත්. මෙසේ මේ අරූප ධර්‍මද රූපධර්‍ම සැටහයදැයි සියල්ල එකට එක්කොට ගෙන නාමයද රූපයදැයි ධර්‍ම දෙකක්ම වෙයි. එයින් මත්තෙහි සත්වයෙක් හෝ ජීවයක් හෝ නැතැයි නාමරූප වශයෙන් පංචස්කන්‍ධය ව්‍යවස්ථාපනය කොට ඔවුන්ගේ ප්‍රත්‍යයන් විමසන්නේ අවිද්‍යා ප්‍රත්‍යය, තෘෂ්ණා ප්‍රත්‍යය, කර්‍ම ප්‍රත්‍යය, ආහාර ප්‍රත්‍යයදැයි මෙසේ ප්‍රත්‍යය දැක අතීතයෙහිද මේ ප්‍රත්‍යයන්ගෙන් මේ නාමරූප වෘත්තය පැවතිණ. අනාගතයෙහිද මේ ප්‍රත්‍යයන්ගෙන් පවතින්නේය. දැන්ද මේවාගෙන්ම පවතියයි. තුන් කල්හි සැක දුරුකොට පිළිවෙළින් පිළිපදින්නේ රහත් බවට පැමිණෙයි. මෙසේ විස්තර වශයෙන්ද ධාතු සයක් වශයෙන් රහත් බව සම්පාදනය කරන්නාවූ කමටහන දතයුතුය.

චක‍්ඛු ඵස‍්සායතනන‍්ති සුවණ‍්ණාදීනං සුවණ‍්ණාදිආකරො විය ද‍්වෙ චක‍්ඛුවිඤ‍්ඤාණානි ද‍්වෙ සම‍්පටිච‍්ඡනානි තීණි සන‍්තීරණානීති ඉමෙහි සත‍්තහි විඤ‍්ඤාණෙහි සහජාතානං සත‍්තන‍්නං ඵස‍්සානං සමුට‍්ඨානට‍්ඨෙන ආකරොති ආයතනං. සොතං ඵස‍්සායතනන‍්තිආදීසුපි එසෙව නයො. මනො ඵස‍්සායතනන‍්ති එත්‍ථ පන ද‍්වාවීසති විපාකඵස‍්සා යොජෙතබ‍්බා. ඉති හිදං ඡඵස‍්සායතනානං වසෙන කම‍්මට‍්ඨානං ආගතං. තං සඞ‍්ඛෙපතොපි විත්‍ථාරතොපි කථෙතබ‍්බං. සඞ‍්ඛෙපතො තාව – එත්‍ථ හි පුරිමානි පඤ‍්ච ආයතනානි උපාදාරූපං, තෙසු දිට‍්ඨෙසු අවසෙසං උපාදාරූපං දිට‍්ඨමෙව හොති. ඡට‍්ඨං ආයතනං චිත‍්තං, තං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති, තෙන සහජාතා වෙදනාදයො සෙසා තයො අරූපක‍්ඛන්‍ධාති හෙට‍්ඨා වුත‍්තනයෙනෙව සඞ‍්ඛෙපතො ච විත්‍ථාරතො ච අරහත‍්තසම‍්පාපකං කම‍්මට‍්ඨානං වෙදිතබ‍්බං.

චක්‍ඛුං ඵස්සායතනං යනු ස්වර්ණාදීන්ට ස්වර්ණාදී ආකාරයක් මෙන් චක්‍ඛුවිඤ්ඤාණ දෙක සමපටිච්ඡාන දෙක සන්තීරණ තුනය යන මේ විඥාන සත සමඟ එකට උපන් ස්පර්‍ශසතට හටගැනීම් අරුතින් ආකාරයය යන්නෙන් ආයතනය නමි. සොතං ඵස්සායතනං යනාදියෙහිද මේ ක්‍රමයමැයි මනොඵස්සායතනං යනු මෙහි වනාහි දෙවිසි විපාකස්පර්‍ශයෝ දතයුත්තාහ. මෙසේ ස්පර්‍ශායතන සය වශයෙන් මේ කමටහන පැමිණියේයි. එය සැකෙවින්ද විස්තර වශයෙන්ද කිවයුතුය. සැකෙවින් වනාහි මෙහි පළමු ආයතන පස උපාදාරූපයයි. ඒවා දුටු කල්හි ඉතිරි උපාදාරූපය දක්නා ලද්දේම වෙයි. සවැනි ආයතනය සිතයි. එය විඤ්ඤාණස්ක්‍ඛන්‍ධය වෙයි. එය සමඟ හටගත් වේදනාදී සෙසු තුන අරූප ස්කන්‍ධයයි යට කියනලද ක්‍රමයෙන්ම සැකෙවින්ද විස්තර වහයෙනද් අරහත්වය පමුණුවන්නාවූ කමටහන දතයුතුය.

චක‍්ඛුනා රූපං දිස‍්වාති චක‍්ඛුවිඤ‍්ඤාණෙන රූපං පස‍්සිත්‍වා. සොමනස‍්සට‍්ඨානියන‍්ති සොමනස‍්සස‍්ස කාරණභූතං. උපවිචරතීති තත්‍ථ මනං චාරෙන‍්තො උපවිචරති. සෙසපදෙසුපි එසෙව නයො. එත්‍ථ ච ඉට‍්ඨං වා හොතු අනිට‍්ඨං වා, යං රූපං දිස‍්වා සොමනස‍්සං උප‍්පජ‍්ජති, තං සොමනස‍්සට‍්ඨානියං නාම. යං දිස‍්වා දොමනස‍්සං උප‍්පජ‍්ජති, තං දොමනස‍්සට‍්ඨානියං නාම. යං දිස‍්වා උපෙක‍්ඛා උප‍්පජ‍්ජති, තං උපෙක‍්ඛාට‍්ඨානියං නාමාති වෙදිතබ‍්බං. සද‍්දාදීසුපි එසෙව නයො.

චක්‍ඛුනා රූපං දිස්වා යනු චක්‍ෂුර්විඥානයෙන් රූපය දැකියි. සොමනස්සට්ඨානීයං යනු සොම්නසට හේතුවූයි. උපවිචරති යනු එහි මනස හසුරුවමින් විමසයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි, මෙහිද ඉටුවූ හෝ අනිටුවූ හෝ යම් රූපයක් දැක සොම්නස උපදියිද එය සොම්නසට හේතුවූයේ නමි. යම් රුපයක් දැක දොම්නස උපදියිද එය (දොමනස්සට්ඨානීය) දොම්නසට හේතු වුයේ නමි. යම් රූපයක් දැක උපේක්‍ෂාව උපදියිද එය (උපෙඛාට්ඨානීය) උපේක්‍ෂාවට හේතුවූයේ නමි. සද්දාදියෙහිද මේ ක්‍රමයමය.

ඉති ඉදං සඞ‍්ඛෙපතො කම‍්මට‍්ඨානං ආගතං. තං ඛො පනෙතං සඞ‍්ඛෙපතො ආගතට‍්ඨානෙ සඞ‍්ඛෙපතොපි විත්‍ථාරතොපි කථෙතුං වට‍්ටති. විත්‍ථාරතො ආගතට‍්ඨානෙ සඞ‍්ඛෙපතො කථෙතුං න වට‍්ටති. ඉමස‍්මිං පන තිත්‍ථායතනසුත‍්තෙ ඉදං සඞ‍්ඛෙපතො අට‍්ඨාරසමනොපවිචාරවසෙන කම‍්මට‍්ඨානං ආගතං. තං සඞ‍්ඛෙපතොපි විත්‍ථාරතොපි කථෙතුං වට‍්ටති.

මෙසේ මේ කමටහන සැකෙවින් ආයේයි. එය සැකෙවින් ආතන්හි සැකෙවින්ද විස්තර වශයෙන්ද කීමට වටියි.

තත්‍ථ සඞ‍්ඛෙපතො තාව – චක‍්ඛු සොතං ඝානං ජිව‍්හා කායො, රූපං සද‍්දො ගන්‍ධො රසොති ඉමානි නව උපාදාරූපානි, තෙසු දිට‍්ඨෙසු සෙසං උපාදාරූපං දිට‍්ඨමෙව හොති. ඵොට‍්ඨබ‍්බං තීණි මහාභූතානි, තෙහි දිට‍්ඨෙහි චතුත්‍ථං දිට‍්ඨමෙව හොති. මනො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තෙන සහජාතා වෙදනාදයො තයො අරූපක‍්ඛන්‍ධාති හෙට‍්ඨා වුත‍්තනයෙනෙව සඞ‍්ඛෙපතො ච විත්‍ථාරතො ච අරහත‍්තසම‍්පාපකං කම‍්මට‍්ඨානං වෙදිතබ‍්බං.

එහි සැකෙවින් වනාහි චක්‍ඛු සොත ඝාත ජීව්හා කාය රූප සද්ද ගන්‍ධ රස යන මේ නවය උපාදාරූපයි. දක්නාලද්දේම වෙයි. පොට්ඨබ්බය මහාභූත තුනයි. ඒවා දැකීමෙන් සිවුවැන්න දක්නාලද්දේම වෙයි. මනස විඥානස්කන්‍ධයයි එය සමඟ හටගත් වෙදනාදී තුන අරූපස්කන්‍ධයයි. යට කියනලද ක්‍රමයෙන්ම සැකෙවින්ද විස්තර වශයෙන්ද අර්හත්වය සම්පාදනය කරන්නාවූ කමටහන දතයුතුයි.

අරියසච‍්චානීති අරියභාවකරානි, අරියපටිවිද‍්ධානි වා සච‍්චානි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනෙතං පදං විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.529) පකාසිතං. ඡන‍්නං, භික‍්ඛවෙ, ධාතූනන‍්ති ඉදං කිමත්‍ථං ආරද‍්ධං? සුඛාවබොධනත්‍ථං. යස‍්ස හි තථාගතො ද‍්වාදසපදං පච‍්චයාවට‍්ටං කථෙතුකාමො හොති, තස‍්ස ගබ‍්භාවක‍්කන‍්ති වට‍්ටං දස‍්සෙති. ගබ‍්භාවක‍්කන‍්ති වට‍්ටස‍්මිං හි දස‍්සිතෙ කථෙතුම‍්පි සුඛං හොති පරං අවබොධෙ උතුම‍්පීති සුඛාවබොධනත්‍ථං ඉදමාරද‍්ධන‍්ති වෙදිතබ‍්බං. තත්‍ථ ඡන‍්නං ධාතූනන‍්ති හෙට‍්ඨා වුත‍්තානංයෙව පථවීධාතුආදීනං. උපාදායාති පටිච‍්ච. එතෙන පච‍්චයමත‍්තං දස‍්සෙති. ඉදං වුත‍්තං හොති “ඡධාතුපච‍්චයා ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොතී”ති. කස‍්ස ඡන‍්නං ධාතූනං පච‍්චයෙන, කිං මාතු, උදාහු පිතූති? න මාතු න පිතු, පටිසන්‍ධිග‍්ගණ‍්හනකසත‍්තස‍්සෙව පන ඡන‍්නං ධාතූනං පච‍්චයෙන ගබ‍්භස‍්සාවක‍්කන‍්ති නාම හොති. ගබ‍්භො ච නාමෙස නිරයගබ‍්භො තිරච‍්ඡානයොනිගබ‍්භො පෙත‍්තිවිසයගබ‍්භො මනුස‍්සගබ‍්භො දෙවගබ‍්භොති නානප‍්පකාරො හොති. ඉමස‍්මිං පන ඨානෙ මනුස‍්සගබ‍්භො අධිප‍්පෙතො. අවක‍්කන‍්ති හොතීති ඔක‍්කන‍්ති නිබ‍්බත‍්ති පාතුභාවො හොති, කථං හොතීති? තිණ‍්ණං සන‍්නිපාතෙන. වුත‍්තඤ‍්හෙතං –

අරියසච්චානි යනු ආර්යභාවය ඇති කරන්නාවූ හෝ ආර්යයන් විසින් අවබෝධකරන ලද්දාවූ හෝ සත්‍යයෝයි. මෙය මෙහි සංක්‍ෂෙපයයි. මේ පදය විස්තර වශයෙන් විසුද්ධිමග්ගයෙහි ප්‍රකාශ කරනලදී. ‘ඡන්නං භික්‍ඛවෙ ධාතූනං’ යන මෙ කුමක් සඳහා පටන්ගන්නාලද්දේද? සුවසේ අවබෝධ කිරීම සඳහායි. තථාගතයන් වහන්සේ යමෙකුට දොළොස් පදයක් ඇති ප්‍රත්‍යාවෘත්තිය කීමට කැමති වන සේක්ද ඔහුට ගර්‍භාවක්‍රාන්තිවෘත්ය දක්වන සේක. ගර්‍භාවක්‍රාන්තිවෘත්තය දැක්වූ කල්හි කීමටද පහසු වෙයි. අනෙකකුට අවබෝධකරවීමටද පහසුවෙතැයි සුඛාවබෝධනය සඳහා මෙය පටන්ගන්නා ලදැයි දතයුතුය. එහි ඡන්නංධාතුනං යනු යට දක්වන ලද පටවිධාතු ආදීන්ගේයි. උපාදාය යනු නිසායි. මෙයින් ප්‍රත්‍යයමාත්‍රයක් දක්වයි. ධාතුසය නිසා, ගර්‍භයාගේ අවක්‍රාන්තිය (බැසගැන්ම) වේය යන මෙ කියන ලද්දේවෙයි. කවරකුගේ ධාතුසය හේතුවෙන් කිම මව වේද නැතහොත් පියාවේද? මව නොවේ. පියා නොවේ, ප්‍රතිසන්‍ධිය ගන්නාවූ සත්වයාගේම ධාතු සය හේතුකොට ගෙන ගර්‍භයාගේ බැසගැන්ම නම් වෙයි. මේ ගර්‍භය නම් නිරය ගර්‍භයය, නිරශ්චීනයොනි ගර්‍භයය, ප්‍රෙතවිෂය ගර්‍භයය, මනුෂ්‍යගර්‍භයය, දෙවගර්‍භයයි නොයෙක් ආකාර ඇත්තේ වෙයි. මෙතැන්හි මනුෂ්‍ය ගර්‍භය අදහස් කරනලදී. අවක්කන්ති හොති යනු බැස ගැන්ම, ගැන්ම, ඉපදීම, හටගැන්ම වෙයි. කෙසේ වේදයත්?

“තිණ‍්ණං ඛො පන, භික‍්ඛවෙ, සන‍්නිපාතා ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොති. කතමෙසං තිණ‍්ණං ? ඉධ මාතාපිතරො ච සන‍්නිපතිතා හොන‍්ති, මාතා ච න උතුනී හොති, ගන්‍ධබ‍්බො ච න පච‍්චුපට‍්ඨිතො හොති. නෙව තාව ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොති. ඉධ මාතාපිතරො ච සන‍්නිපතිතා හොන‍්ති, මාතා ච උතුනී හොති, ගන්‍ධබ‍්බො ච න පච‍්චුපට‍්ඨිතො හොති, නෙව තාව ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොති. යතො ච ඛො, භික‍්ඛවෙ, මාතාපිතරො ච සන‍්නිපතිතා හොන‍්ති, මාතා ච උතුනී හොති, ගන්‍ධබ‍්බො ච පච‍්චුපට‍්ඨිතො හොති. එවං තිණ‍්ණං සන‍්නිපාතා ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොතී”ති (ම· නි· 1.408).

තුනක එකතුවෙකි. මෙය කියනලද්දේ වෙයි. ‘මහණෙනි, තුනක එකතුවෙන් ගර්‍භයේ හටගැන්මවෙයි. කවර තුනකදයත්? මෙහි මාපියෝ එක් නොවූවෝවෙත්ද? මව සෘතුනී වුවාද ගන්‍ධබ්බයාද එළඹ සිටියේ වෙයිද? මෙපමණිකින් ගර්‍භයේ හටගැන්ම නොවෙයි. මෙහි මවුපියෝ එක් වූවාහු වෙත්ද? මව සෘතුනීවූවාද වෙයිද? ගන්‍ධබ්බයා එළඹ නොසිටියේද? එපමණකින් ගර්‍භයේ හටගැනීම නොවෙයි. යම්හෙයකින් මහණෙනි, මවුපියෝ එක්වූවෝ වෙත්ද? මව සෘතුනී වූවාවේද? ගන්‍ධබ්බයා එළඹසිටියේ වේද? මෙසේ (මේ) තුනේ එකතුවෙන් ගර්‍භයාගේ හටගැන්මවෙයි.’

ඔක‍්කන‍්තියා සති නාමරූපන‍්ති “විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති වුත‍්තට‍්ඨානෙ වත්‍ථුදසකං කායදසකං භාවදසකං තයො අරූපිනො ඛන්‍ධාති තෙත‍්තිංස ධම‍්මා ගහිතා, ඉමස‍්මිං පන “ඔක‍්කන‍්තියා සති නාමරූප”න‍්ති වුත‍්තට‍්ඨානෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධම‍්පි පක‍්ඛිපිත්‍වා ගබ‍්භසෙය්‍යකානං පටිසන්‍ධික‍්ඛණෙ චතුත‍්තිංස ධම‍්මා ගහිතාති වෙදිතබ‍්බා. නාමරූපපච‍්චයා සළායතනන‍්තිආදීහි යථෙව ඔක‍්කන‍්තියා සති නාමරූපපාතුභාවො දස‍්සිතො, එවං නාමරූපෙ සති සළායතනපාතුභාවො, සළායතනෙ සති ඵස‍්සපාතුභාවො, ඵස‍්සෙ සති වෙදනාපාතුභාවො දස‍්සිතො.

ඔක්කන්තියා සති නාමරූපං යනු විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වේයයි කියනලද තන්හි වත්‍ථුදසකය, කායදසකය, භාවදසකය, අරූපසකන්‍ධ තුනය යන තෙතිස් ධර්‍මයෝ ගන්නාලද්දාහු වෙත්. මේ හට ගැනීම ඇතිකල්හි නාමරූප වේයයි කියනලද තන්හි විඥානස්කන්‍ධයද බහා ගැබ පිළිසිඳගන්නන්ගේ පිළිසිඳගන්නා කෙණෙහි සිවුතිස් ධර්මයෝ ගන්නාලදහයි දතයුත්තාහ. නාමරූප්පච්චයා සළායතනං යනාදියෙන් යම්සේ (ගැබ) හටගැන්ම ඇති කල්හි නාමරූපයන්ගේ හටගැන්ම දක්වන ලද්දේද එසේ නාමරූප ඇති කල්හි ෂඩ් ආයතනයන්ගේ හටගැනීමද ෂඩ් ආයතන ඇති කල්හි ස්පර්‍ශයේ හටගැනීමද ස්පර්‍ශය ඇති කල්හි වේදනාවේ හටගැනීමද දක්වන ලද්දේය.

වෙදියමානස‍්සාති එත්‍ථ වෙදනං අනුභවන‍්තොපි වෙදියමානොති වුච‍්චති ජානන‍්තොපි. “වෙදියාමහං, භන‍්තෙ, වෙදියතීති මං සඞ‍්ඝො ධාරෙතූ”ති (චූළව· අට‍්ඨ· 102) එත්‍ථ හි අනුභවන‍්තො වෙදියමානො නාම, “සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාතී”ති (ම· නි· 1.113; දී· නි· 2.380; විභ· 363) එත්‍ථ ජානන‍්තො. ඉධාපි ජානන‍්තොව අධිප‍්පෙතො. ඉදං දුක‍්ඛන‍්ති පඤ‍්ඤපෙමීති එවං ජානන‍්තස‍්ස සත‍්තස‍්ස “ඉදං දුක‍්ඛං එත‍්තකං දුක‍්ඛං, නත්‍ථි ඉතො උද‍්ධං දුක‍්ඛ”න‍්ති පඤ‍්ඤපෙමි බොධෙමි ජානාපෙමි. අයං දුක‍්ඛසමුදයොතිආදීසුපි එසෙව නයො.

වෙදියමානස්ස යන මෙහි වේදනාව විඳින්නේද වේදියමානයයි කියනුලැබේ. දන්නේද ‘වෙදියාමහං භනේත වෙදියතීති මං සඞ්ඝො ධාරෙතු’ යන මෙහිද විඳින්නේ වෙදියමාන නම් වෙයි. ‘සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති’ යන මෙහි දන්නේයි. මෙහිද දන්නාම අදහස් කරනලදී. ‘ඉදං දුක්‍ඛන්ති පඤ්ඤාපෙමි’ යනු මෙසේ දන්නාවූ සත්වයාට මෙය දුකය. මෙපමණක් දුකය මින් මත්තෙහි දුකක් නැතැයි හඟවමි, වටහාදෙමි, දන්වමියි. අයං දුක්‍ඛසමුදයො යනාදියෙහිද මේ ක්‍රමයමැයි.

තත්‍ථ දුක‍්ඛාදීසු අයං සන‍්නිට‍්ඨානකථා – ඨපෙත්‍වා හි තණ‍්හං තෙභූමකා පඤ‍්චක‍්ඛන්‍ධා දුක‍්ඛං නාම, තස‍්සෙව පභාවිකා පුබ‍්බතණ‍්හා දුක‍්ඛසමුදයො නාම, තෙසං ද‍්වින‍්නම‍්පි සච‍්චානං අනුප‍්පත‍්තිනිරොධො දුක‍්ඛනිරොධො නාම, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො දුක‍්ඛනිරොධගාමිනී පටිපදා නාම. ඉති භගවා ඔක‍්කන‍්තියා සති නාමරූපන‍්ති කථෙන‍්තොපි වෙදියමානස‍්ස ජානමානස‍්සෙව කථෙසි, නාමරූපපච‍්චයා සළායතනන‍්ති කථෙන‍්තොපි, සළායතනපච‍්චයා ඵස‍්සොති කථෙන‍්තොපි, ඵස‍්සපච‍්චයා වෙදනාති කථෙන‍්තොපි, වෙදියමානස‍්ස ඛො පනාහං, භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති පඤ‍්ඤපෙමීති කථෙන‍්තොපි, අයං දුක‍්ඛසමුදයොති, අයං දුක‍්ඛනිරොධොති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති පඤ‍්ඤපෙමීති කථෙන‍්තොපි වෙදියමානස‍්ස ජානමානස‍්සෙව කථෙසි.

එහි දුක් ආදියෙහි මේ නිමවීමේ කථාවයි. තෘෂ්ණාව හැර ත්‍රෛභූමිකවූ පංචස්කන්ධය දුක නමි. එය (දුක) ම පහළ කරවන්නාවූ පූර්‍වතෘෂ්ණාව දුක්‍ඛසමුදය නමි. මේ සත්‍ය දෙකේම නොඉපදීම නොපැවැත්ම දුක්‍ඛ නිරොධ නමි. ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්‍ඛනිරොධගාමිණි පටිපදාව නමි. මෙසේ භාග්‍යවතුන්වහන්සේ (ගැබට) බැසගැන්ම ඇති කල්හි නාමරූප වේයයි පවසන සේක් විඳුනු ලබන්නාට, දන්නාටම වදාළ සේක. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩ් ආයතන වේයයි පවසන සේක්ද ෂඩ්ආයතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශයයි ස්පර්‍ශයෙන් වේදනාවයයි පවසන සේක්ද, විඳුනුලබන්නාට, මහණෙනි, මම මේ දුකයයි පනවමියි පවසනසේක්ද මේ දුක්‍ඛසමුදයය, මේ දුක්‍ඛනිරොධයය, මේ දුක්‍ඛ නිරොධගාමිනී පටිපදාවයයි පනවමැයි පවසන සේක්ද විඳුනු ලබන්නාටම දන්නාටම වදාළසේක.

ඉදානි තානි පටිපාටියා ඨපිතානි සච‍්චානි විත්‍ථාරෙන‍්තො කතමඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ. තං සබ‍්බං සබ‍්බාකාරෙන විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.537) විත්‍ථාරිතමෙව. තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. අයං පන විසෙසො – තත්‍ථ “දුක‍්ඛසමුදයං අරියසච‍්චං යායං තණ‍්හා පොනොබ‍්භවිකා”ති (ම· නි· 1.133; දී· නි· 2.400; විභ· 203) ඉමාය තන‍්තියා ආගතං, ඉධ “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති පච‍්චයාකාරවසෙන. තත්‍ථ ච දුක‍්ඛනිරොධං අරියසච‍්චං “යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො”ති (ම· නි· 1.134; දී· නි· 2.401; විභ· 204) ඉමාය තන‍්තියා ආගතං, ඉධ “අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා”ති පච‍්චයාකාරනිරොධවසෙන.

දැන් ඒ පිළිවෙළින් තබනලද සත්‍යයන් විස්තර කරනසේක් කතමඤ්ච භික්‍ඛවෙ යනාදිය පැවසූසේක. ඒ සියල්ල සියලු ආකාරයෙන් විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලද්දේමය. එහි කියනලද ක්‍රමයෙන් දතයුතුය. මේ වනාහි විශේෂයයි. එහි ‘දුක්‍ඛසමුදය ආර්යසත්‍යය’ ‘යායං තණ්හා පෞනොභවිකා’ යන මේ පෙළෙහි ආයේයි. මෙහි අවිද්‍යාප්‍රතයෙන් සංස්කාර වේය යනු ප්‍රත්‍යයාකාර වශයෙනි. එහිද දුක්‍ඛ නිරොධ ආර්ය සත්‍යය, යො තස්සායෙව තණ්හාය අසේසවිරාග නිරොධො යන මේ පෙළෙහි ආයේයි. මෙහි අවිද්‍යාවගේම නොඉතිරිව විනාශවීම යනු ප්‍රත්‍යයාකාර වශයෙනි.

තත්‍ථ අසෙසවිරාගනිරොධාති අසෙසවිරාගෙන ච අසෙසනිරොධෙන ච. උභයම‍්පෙතං අඤ‍්ඤමඤ‍්ඤවෙවචනමෙව. සඞ‍්ඛාරනිරොධොති සඞ‍්ඛාරානං අනුප‍්පත‍්තිනිරොධො හොති. සෙසපදෙසුපි එසෙව නයො. ඉමෙහි පන පදෙහි යං ආගම‍්ම අවිජ‍්ජාදයො නිරුජ‍්ඣන‍්ති, අත්‍ථතො තං නිබ‍්බානං දීපිතං හොති. නිබ‍්බානඤ‍්හි අවිජ‍්ජානිරොධොතිපි සඞ‍්ඛාරනිරොධොතිපි එවං තෙසං තෙසං ධම‍්මානං නිරොධනාමෙන කථීයති. කෙවලස‍්සාති සකලස‍්ස. දුක‍්ඛක‍්ඛන්‍ධස‍්සාති වට‍්ටදුක‍්ඛරාසිස‍්ස. නිරොධො හොතීති අප‍්පවත‍්ති හොති. තත්‍ථ යස‍්මා අවිජ‍්ජාදීනං නිරොධො නාම ඛීණාකාරොපි වුච‍්චති අරහත‍්තම‍්පි නිබ‍්බානම‍්පි, තස‍්මා ඉධ ඛීණාකාරදස‍්සනවසෙන ද‍්වාදසසු ඨානෙසු අරහත‍්තං, ද‍්වාදසසුයෙව නිබ‍්බානං කථිතන‍්ති වෙදිතබ‍්බං. ඉදං වුච‍්චතීති එත්‍ථ නිබ‍්බානමෙව සන්‍ධාය ඉදන‍්ති වුත‍්තං. අට‍්ඨඞ‍්ගිකොති න අට‍්ඨහි අඞ‍්ගෙහි විනිමුත‍්තො අඤ‍්ඤො මග‍්ගො නාම අත්‍ථි. යථා පන පඤ‍්චඞ‍්ගිකං තූරියන‍්ති වුත‍්තෙ පඤ‍්චඞ‍්ගමත‍්තමෙව තූරියන‍්ති වුත‍්තං හොති, එවමිධාපි අට‍්ඨඞ‍්ගිකමත‍්තමෙව මග‍්ගො හොතීති වෙදිතබ‍්බො. අනිග‍්ගහිතොති න නිග‍්ගහිතො. නිග‍්ගණ‍්හන‍්තො හි හාපෙත්‍වා වා දස‍්සෙති වඩ‍්ඪෙත්‍වා වා තං පරිවත‍්තෙත්‍වා වා. තත්‍ථ යස‍්මා චත‍්තාරි අරියසච‍්චානි “න ඉමානි චත‍්තාරි, ද‍්වෙ වා තීණි වා”ති එවං හාපෙත්‍වාපි “පඤ‍්ච වා ඡ වා”ති එවං වඩ‍්ඪෙත්‍වාපි “න ඉමානි චත‍්තාරි අරියසච‍්චානි, අඤ‍්ඤානෙව චත‍්තාරි අරියසච‍්චානී”ති දස‍්සෙතුං න සක‍්කා. තස‍්මා අයං ධම‍්මො අනිග‍්ගහිතො නාම. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එහි අසේසවිරාගනිරොධා යනු නොඉතිරිව වෙන්වීමෙන්ද, නොඉතිරිව නැවැත්මෙන්ද යනුයි. මේ දෙකම අන්‍යොන්‍ය පර්යායවචනයි. සංඛාරනිරොධො යනු සංස්කාරයන්ගේ නොඉපදීම, නැවැත්ම වෙයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමැයි. මේ පදයන්ගෙන් යමකට පැමින අවිද්‍යාදීන් නිරුද්ධ වෙත්ද අර්‍ත්‍ථවශයෙන් එම නිවන දක්වනලද්දේ වෙයි. නිවන වනාහි අවිද්‍යාවගේ නිරොධයයිද සංස්කාරයන්ගේ නිරොධයයිද මෙසේ ඒ ඒ ධර්‍මයන්ගේ නිරොධ නාමයෙන් කියනු ලැබේ. කෙවලස්ස යනු සියල්ලේයි. දුක්‍ඛක්‍ඛන්‍ධස්ස යනු සංසාරදුක්‍ඛසමූහයේයි. නිරොධො හොති යනු නොපවත්නේ වෙයි. එහි යම්හෙයකින් අවිද්‍යාදීන්ගේ නිරොධය නම් ක්‍ෂයවූ ආකාරයයිද රහත්බවයයිද නිවනයයිද කියනුලැබේද එහෙයින් මෙහි ක්‍ෂයවූ ආකාරය දැක්වීම් වශයෙන් දොළොස් තැනක රහත් බවද දොළොස් තැනකම නිවනද කියනලදැයි දතයුතුය. ඉදං වුච්චති යන මෙහි නිවන සඳහාම ‘ඉදං’ යි කියනලදී. අට්ඨංගිකො යනු අංග අටින් වෙන්වූ වෙනත් මාර්ගයක් නම් නැත. යම් ලෙසකින් පංචාගික තූර්යයයි කීකල්හි අංග පස තූර්යයයි. කියනලද්දේ වෙයිද එසේ මෙහිද අෂ්ටාංගිකමාත්‍රයම මාර්‍ගය වේයයි දතයුතුය. අනිග්ගහීතො යනු නින්දා නොකරනලද්දේයි. නින්දා කරන්නේ අඩුකොට හෝ වැඩිකොට හෝ වෙනස් කොට හෝ දක්වයි. එහි යම්හෙයකින් ආර්‍ය්‍ය සත්‍ය සතර මේ සතර නොවෙයි. දෙකක් හෝ තුනකැයි මෙසේ අඩු කොට ද පසක් හෝ සයකැයි වැඩි කොටද මේ ආර්‍ය්‍ය සත්‍ය සතර නොවේ. අන්‍යවූම ආර්‍ය්‍යසත්‍ය සතරක් ඇතැයි හෝ යනුවෙන් දැක්වීමට නොහැකිය. එබැවින් මේ ධර්‍මය නින්දා නොකරන ලද්දේ නමි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.